“විශ්ව.. විශ්ව..“
“සංජානී...“
“හිහ්..හී.. විශ්ව ඔන්න.. හිහ්හී හි...“
මට මුහුදු වැලි අහුරකින් දමල ගහපු සංජානි මුහුද දිහාට දුවල ගියා..
“සංජී.. ඔහොම ඉන්නව හොර කෙල්ල..“
“අනේ විශ්ව.. අනෙ එපා රත්තරං.. අනෙ... අතාරින්නො මෝඩයෝ.. අර මිනිස්සුත් බලන් ඉන්නව.. විශ්ව.. හිහ්හීහික් හික්..“
සංජානි පස්සෙ එළවගෙන ගිය මං එයාවත් පෙරලගෙනම රැල්ල උඩට වැටුනා.
මට කියන්න ඕන වුණේ සංජානියි මමයි කොච්චර ආදරෙන් බැඳිල උන්නද කියල විතරයි. ඒත් එච්චර ආදරෙන් හිටපු එයා හදිස්සියෙම වෙනස් වෙන්න ගත්ත. ඒකට හේතුව මටත් හිතා ගන්න බැරි වුණා. මුලින්ම එයා මාව හම්බවෙන එක අඩු කරන්න ගත්ත. ඊලඟට එයාගෙන් මට කෝල් එන එක අඩු වුණා. අන්තිමට මට එයාගෙන් එස්.එම්.එස් එකක්වත් එන්නැතුව ගියා. එයා වෙනස් වුණේ ඇයි කියල මට තේරුණේ ඒ බීච් එකේම වැටකෙයිය පඳුරක් අස්සෙ වාහනේ නවත්තගෙන එයා වෙන කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නව දැක්ක දවසෙ.
එදායින් පස්සෙ මම ඒ පැත්තවත් බැලුවෙ නැහැ.
ඒත්... ඒත් ඊට අවුරුදු පහකට විතර පස්සෙ, එක දවසක, උදේ පාන්දර මගෙ...
“ටිං ටොං.. ටිං ටොං..“
“කවුද??? කවුද මේ උදේ පාන්දර බෙල් එක කඩන්න හදන්නෙ??“
“ටිං ටොං.. ටිං ටොං..“
ඒත් බෙල් එක වදිනව විතරයි. සද්දයක් නැහැ.
“පොඩ්ඩක් ඉන්න එනවා..“ මං ගිහින් දොර ඇරියා..
“දෙයියනේ.. සං..සංජා...නී.. සංජානී..“
“අහ්..අහ්.. අහ්. විශ්ව.. මට සමාවෙන්න විශ්ව.. මට සමාවෙන්න.. ඇක්.. ඇක්... මට සමාවෙන්න විශ්ව.. ඇක්.. ඇක්.. මගෙන් ඔයාට ගොඩක් වැරදි වුණා විශ්ව..“
“හරි හරි දැන් වුණ දේ වුණානේ.. දැන් ඉතිං අඩල දොඩල වැඩක් නැහැ.. දැන්.. ඉතිං නාඩා ඉන්න..“
“කියන්න විශ්ව.. ඔයා මට සමාව දෙනවද විශ්ව.. හික්.. අහ්.. හික්.. කියන්න..“
“සමාව කියල ඔයා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ සංජානී..“
“වෙන මොනවත් ඕනෙ නැහැ විශ්ව.. මම දන්නව මං ඔයාට දූවිල්ලක් තරම්වත් වටින්නෙ නැහැ කියල විශ්ව.. ඒත් එකම එක වතාවක් හරි මට ඔයාගෙ දෙපා ලඟ දූවිල්ලක් හරි වෙන්න විශ්ව.. ඇක්...ඈක්.. හැක්.. හැක්..“
“ඇහ්.. ඇහ්.. ඒත්.. සංජානී.. “
“නැහැ විශ්ව.. මගෙ එකම ඉල්ලීම එච්චරයි.. ඇහ්.. හැහ්.. ඇහ්.. ඇහ්..“
“මට ඔයාගෙ දෙපා ලඟ දූවිල්ලක් වෙන්න දෙන්න විශ්ව..“
“හරි හරි.. සංජානී.. එහෙනම් අඩන්නෙ නැතුව.. අර හොඳටම දූවිල්ල වැදිල තියෙන මගෙ සපත්තු දෙක පොලිශ් කරන්න බලන්න..“
“අනෙ තෑන්ක්ස් විශ්ව.. තෑන්කස්.. මම හීනෙන් වත් හිතුවෙ නැහැ.. මට ඔයාගෙ දෙපාලඟ මෙහෙම දූවිල්ලක් වත් වෙන්න ඉඩක් ලැබෙයි කියල විශ්ව..“
එහෙම කියපු සංජානි මගෙ දූවිල්ල පිරුණු සපත්තු දෙක කණ්නාඩියක් වෙනකල් පොලිශ් කරගෙන කරගෙන ගියා..
“ආහ්.. මෙන්න විශ්ව.. හික්.. හැහ්.. ඉහි.. මම සපත්තු දෙකේ දුහුවිල් පිහිදුවා..“
“තෑන්ක්ස් සංජානී.. තෑන්ක්ස්.. තව මොනවද සංජානී මට ඔයාගෙන් වෙන්න ඕනෙ...“
“වෙන මුකුත් නැහැ විශ්ව මට ඕනෙ මුළු ජීවිත කාලෙම ඔයාගෙ දෙපාලඟ දූවිල්ලක් වෙලා ඉන්න.. ප්ලීස් රත්තරං.. ප්ලීස්..“
“අනෙ ඒක නම් කරන්න බැහැ රත්තරං.. මොකද අද මගෙ වෙඩින් එක..වෙඩින් එකට යන්න සපත්තු දෙක පොලිශ් කර ගන්න විදිහක් නැතුව ඉන්නකොට තමා ඔයා ඔය දූවිල්ලක් වෙන්න අහගෙන ආවෙ.. ඒ හින්ද දැන් එක පාරක් දූවිල්ලක් වුණානේ.. ඕනෙ නම් දැන් ඔය කාමරෙත් දූවිල්ල අතුගාල දාලා.... දෙයියන්ගෙ නාමෙන්.. යන දේවාලෙක යනවද??“
මොකක්ද බොල මේ
ReplyDeleteමෙයාට මොකුත් තේරෙන්නෙ නැහැ....... බබා..
Deleteමේ අටමා දැම්මොත් කමෙන්ට් එකක් ඔය වගේ වචන දෙක තුනක් විතරයි...ඩේටා ඉතිරි කර ගන්න එකද දන්නෙ නෑ අපේ අටම් කොලුවගෙ බලාපොරොත්තුව..
Deleteපව් බං අටමා ලව් සීන් තේරෙන එකෙක්ද බං? ඌ දන්නේ දරදඬු ආදර කතා තමා ;)
Deleteඑහෙම කියන්න එපා ඈ ..http://atampahura.blogspot.co.il/2012/10/blog-post_13.html මේ වගේ කොච්චර ආදරණිය එවුවා ලියලා තියෙනවද එයා :)
Deleteඅටං ගොඩාක් ආදරණීය ටිකක් වැදුනට පස්සෙ...සෑමට මතක ඇති ගම්පහ මල්වත්තෙදි ෂමිමි කෙලීට කියපු කථාව...
Deleteකෙටි උනා වැඩිද මන්ද, අවුලක් නෑ කතාව නියමයි :D
ReplyDeleteමේක දික් වුනොත් සංජානි පව් බං
Deleteදුවිල්ලෙන් තිලක තියන්න.........
ReplyDeleteඇත්තටම මොකද්ද බොල මේ???.....
පන්ඩිත කෙල්ලෙක් වැරදි තේරුම්ගෙන කොල්ලෙකුගේ පා ලග දුහුවිල්ලක් වීම ගැන..
Deleteඑළ එළ නියම වැඩේ. සපත්‍තු දෙක හොදට පොලිෂ් කලාද? නැත්නම් මස්සිනා මෑන් කකුල් හෝදත්දි දුහුවිලි තිබ්බොත් චාටර්නෙ. ;-)
ReplyDeleteහෙහ් හේ.. අන්න දඬුවම්..
Deleteමොකද සෑමෝ උනේ... අද උබේ වෙඩිමද??
ReplyDeleteනැත්තම් හීනයක්වත් දැක්කද??
ඒක ලබන මාසේ බදින්නේ බං...
Deleteකිව්වේ නැතත් වෙඩිමට යමන් ගාල්ල.
යකෝ මොන වෙඩිමක්ද??? මුන්ට මාර දේවල් හිතෙන්නේ..
Delete@කෙන්ජි - උඹ පේන බලවද?? :)
සෑමෝ උබට පෙත්ත ගන්න අමතක උනාද?මොකක්ද මේ කොරල තියෙන්නෙ බොල.
ReplyDeleteපෙත්ත අරන් හොඳ සිහියෙන් තමා බොල ලිව්වේ...
Deleteඊයෙ රෑ මොනවහරි වැරදි දෙයක් පෙවිලද මන්ද?
ReplyDeleteපිස්සුද බං... ඒම අසිහියෙන් ලියනවද මම ?
Deleteවෙන නම් තිබුනේ නැද්ද දාන්න. කෙටි වුනත් කතාව හොඳයි.
ReplyDeleteඅහ්.. මේ ඉන්නෙ විශ්වලා..
Deleteකතාව නං මරු, සෑමෝ. තව ටිකක් දිගට ලිව්වා නං හොඳයි!
ReplyDeleteතව දිග වුණා නම් අර කෙල්ල විනාස වෙයි..
Delete...... කාලෙ ලංවෙද්දි ඔයවගේ සිතුවිලි පහල වෙනව සෑමෝ. බය නැතුව ඉඳිං.
ReplyDelete++++++++
Deleteඋඹල රහස් පරීක්ෂකයොද බං?? :))
Delete//...... කල ලවදຩ ඔයවග සතල පහල වනව සම. බය නතව ඉ// ඒක තමා නියමම කතාව
Deleteෂික් තව සතියක් පරක්කු වෙලා නෙ එන්න තිබුනෙ
ReplyDeleteඇයි බං ඇත්තටම ඒ?
Deleteඉක්මනට පාපිස්සක් ගනිං...
ReplyDeleteඋබ පාපිස්සෙන්ද බොල සපත්තු පොලිෂ් කරන්නෙ?
Deleteනෑ යකෝ අර කෙල්ල උඹේ දෙපා ලඟ දූවිල්ලක් වෙලා කකුලේ ඇලුනොත් පිහදාල දාන්න...
Deleteඅඩෝ ...එල...එල...ඔන්න කොල්ලෝ කියල කට පුරා කියන්න පුළුවන් කොල්ලෝ පට්ට....
ReplyDeleteමෙන්න මගෙන් තොට මල් මිටක්.
ජය වේවා.. !!
Deleteහි හි නියමයි ඈ ඉදගෙන හොද වැඩේ කෙල්ලට
ReplyDelete:)) පුදුමයි එහෙම කිව්වා...
Deleteමං ස්ත්‍රී වාදියෙක් හෝ පුරුෂ වාදියෙක් නොවෙමි .. මිනිසා කියන නිරුවත් සතා දෙස මේම මේම බලමි ඉදගෙන. :D ලෝකයේ සිටින්නේ මිනිස්සු වර්ග දෙකයි හොද මිනිස්සු සහ නරක මිනිස්සු ...
Deleteඔයාගේ කතාව ෂෝට් and ස්වීට්
සෑම්ගේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් දැක්කද උදේ පාන්දර... හි හි
ReplyDeleteඅනෙ හිරුවෝ පාන්දර මම දකින්නේ තේ කෝප්පෙ විතරයි බොල..
Deleteඔබේ දෙපා මුල දුහුවිල්ලක් වී ඉන්නට නොමැත වරම්... කියල කියන්නෙ ඕකට වෙන්නැති මගෙ හිතේ.
ReplyDeleteමං දාන්න ආව කමෙන්ට් එක :D කමක් නෑ ඉතිං මං වෙන එකක් දාල යන්නම් :\
Deleteකාගෙද ? මගේ දෙපා මුලද?
Deleteනෑ. විශ්වගෙ. :P
Deleteපරණ කට්ටිය ගෙදරටම ඇවිත් ද මන්දා :D :D :D
ReplyDeleteහෙහ් හේ... :))
Deleteඅඩෝ මෙච්චරයි කියන්න තියෙන්නෙ..මට බොට වගේ ලියන්න පුළුවන් නම් අම්මප....ජම්මාන්තර මිත්තරයො, අතිජාත තරහකාරයො ඔක්කොගෙම රෙදි ගලනව..
ReplyDeleteමගෙ අප්පේ.. පව් බං උන්... උන්ට පාඩුවෙ ඉන්න දියන්.. :)
Deleteමූ මේ කෙල්ල ශේප් කර ගන්න හදන්නේ. මගුල දවසට පරණ ලව් එහෙම ඇවිත් ගේම දෙන්න හැදුවොත් කියලා.
ReplyDeleteඅඩේ සුදීකයියා තේරුම් ගත්තා :) :)
Deleteපිටු ගනනකින් යමෙක් කියන්න උත්සහා කරණ දිඟ කථාවක් ඉතාමත් කෙටියෙන්. පාඨකයාට හිතන්න ගොඩක් තියලා. අඬන සද්දේ ලියලා තිබුණ විඳිහ කියවලා සිනහව නවත්වා ගන්න බැරිවුනා. උඹට ජය මලේ..
ReplyDeleteඒක ඇත්ත
Deleteස්තුති.. නියම විචාරයක් :)
Deleteහරිම නිර්මාණශීලීයි!
ReplyDeleteනියමයි බං නිර්මාණය....
කොමෙන්ටු සදහා ප්‍රධාන අනුග්ග්‍රහය කකාගේ ඇනෝ
සම අනුග්ග්‍රහය ... රාජා සහ දෙසක
දෙසක නෙවෙ බං. දේශක.. තෝව කයි උන් ඇවිත්..
Deleteපරණ සීන් කෝන් මතක් වෙලා උඹ දැන්මම වෙව්ලනවා නේද සෑමා...ඇත්ත කියහං අපි අපිනෙ...
ReplyDeleteබය වෙනව නේ බං..
Deleteකොහෙද අපේ හිත හොදයිනේ. මෙහම එලවන්න බෑ අපිට. වෙඩින් දවසේ ආවා උණත් තුරුළට අරන් සනසන්න ඉඩ තියනවා
ReplyDeleteඅම්මද බොල මූ එක ගලෙක් කුරුල්ලො දෙන්නෙක් කපා ගන්න යනවා..
Deleteහෙන බොක්කෙන් පටන් අරං තක තීරු විදියට ඉවර කලේ ඇයි .. ඇයි මිනිහො ඇයි ? :D
ReplyDeleteඅඩන්න බලං කියෙව්වෙ.. හිනා වෙලා ඇඩුනෙ :D
කෝම හරි ඇඩුන නේ බං.. :)
Deleteමොකක්????
ReplyDelete*කක් !
Deleteඋඹට කලින් කෙල්ල සෙට්වුනා නේද? ඇත්ත කියපං..
ReplyDeleteකලින් කෙල්ල තමා සැට් වෙලා ඉන්නෙ :ඩී
Deleteදූවිලි මිළ දී ගනු ලැබේ....සංජානී ස්ටෝර්ස්
ReplyDeleteදූවිලි විකිණීමට තිබේ....විශ්ව හාඩ්වෙයාර්ස්.
පට්ට පට පට..
Deleteකාගෙද ? මගේ දෙපා මුලද?
ReplyDelete@ උඩ බලන් ....
ReplyDeleteඅපෝ බය වෙන්න එපා මං එන්නේ නෑ.
ReplyDeleteහොඳ වැඩේ ඕකිට... :D
ReplyDeleteඅන්න පෙර ලිපියට මගේ අදහස් දැක්වීමක් බ්ලොගේ තියනවා ඈ.. :)
හරියටම වෙඩින් එක දවසෙම කෙල්ල දූවිල්ලක් වෙන්න ආපු එකනේ සැමෝ වැඩේ කියන්නෙ.
ReplyDeleteමේ වැඩේ කියන්නේ වෙඩිම දවසේ තනියමද මේ යකා ගෙදර ඉඳල තියෙන්නේ.
ReplyDeleteඋඹට වෙන සීන් එකක්ද මේ ????
ReplyDeleteඇත්තටම උන එකක්ද මන්ද නෙහ්...... :D
ReplyDelete