Monday, November 11, 2013

විශේෂ කාර්යය බලකායේ නන්දේ.. - STF Nande !!


ඉස්සර සෑමා ලිව්වේ කුලේ අංකල් ගැනය. පොරගේ කතා කිහිපයක් ලියා තබා පැත්තකට වී සිටියදී දැන් අපේ ගමේ හන්දියේ රඟපාන්නේ කුලේ අංකල් නොව නන්දේය. නන්දේ යනු විවාහවී සිට බිරිඳ හා දරුවන් විසින් ඈත් කර තබන ලද අයෙක්ය. දන්නා හැටියට නන්දේගේ වත් බිරිඳගේ වත් අයුතු සම්බන්ධතා නැතිය. නන්දේව නිවසින් බැහැර කරන්නට හේතු වී ඇත්තේ බීමත් කමය. දවසේ පැය විසිහතරම පාහේ බීමත්ව සිටින ඔහුව නිවැසින් බැහැර කොට ඇති බව ඔහුම කියන්නේය. නමුදු තම දියණිය සහ බිරිඳ පිළිබඳව අප්‍රමාණ සෙනෙහසකින් සිටින බවක් පෙනෙන්නට ඇත්තේය. එහෙත් ඒ සෙනෙහස නිසාම බීමත් කම අතැර නිවසට යන්නට ඔහුට නොසිතෙන්නේ මන්ද?
මෙය නන්දේට හොරෙන් ගත් ඡායාරූපයක්ය.

නන්දේ යනු විශේෂ බලකායේ සේවය කළ අයෙක්ය. ඔහු මුලදී එසේ කීවද අප විශ්වාස නොකළේ කොන්ඩය සහ රැවුල වවාගෙන වීරප්පන් වගේ පෙනුමක් සහිත බුලත් විට කන අයෙකු ලෙස සිටින නිසාය. නමුත් ඔහු ඒ කාලයේ කළ කී දෑ කියනා විට, හැසිරෙන ආකාරයට සහ ලද තොරතුරු මත ඔහු විශේෂ බලකායේ බව පැහැදිලි වූයේය. පොසොන් පොහෝ දින හදිසියේම අප මිදුලේ ගසා තිබූ බෞද්ධ කොඩිය ගලවාගෙන ගොස් අඩි ගණනාවක් උස විදුලි කණුවක ගසන්නට තරම් පිස්සුවක් ධෛර්යයක් සහිත වූ නන්දේ මෑත භාගයේ තවත් කොඩියක් ගැසුවේය. ඒ තම මිතුරෙකු වූ නිමල් මිය යැම හේතුවෙන්ය. නිමල් යනු නන්දේ සමග එක බෝතලේ බියර් බීපු අයෙක්ය. නන්දේ සැරිසරන්නේ අපේ හන්දියේ බියර් ෂොප් එක ලඟම නිසාත්, අතේ මිටේ මුදල් ගැවසෙන නිසාත් ඔහුට මිතුරන් වැඩිය. එසේම දිනකට ශරීරගත වන ඇල්කොහොල් ප්‍රමාණයද වැඩිය. 



නන්දේට පත්තර බෙදා හැරීමේ ජොබ් එක ලබාදී, අප නිවසේම පහත මාලයේ පැත්තක ඔහුට නේවාසික පහසුකම් දී, බීමෙන් මුදවා, කෑමට සිත යොමු කරවිම අපේ ගෙදර උදවියගේ අදහස වූයේය. ඒ අනුව ක්‍රියාත්මක වූ අපේ තාත්තා නන්දේ සමඟම දිනක් පුවත් පත් බෙදා හැරීමේ යෙදුනේ නන්දේට අප කස්ටර්මර්ස්ලා හඳුන්වාදීමටය. එදින තාත්තා පිටුපසින් තවත් බයිසිකලයක නැගී ගිය නන්දේ නැවත මෙහි ආවේ කෙඳිරිගාමින්ය.

“අනේ ඉස්කෝලෙ මහත්තයා මට මේ රස්සාව නම් කරන්න පුලුවන් ඒත් සර් වගේ ඉක්මනට ගෙදර එන්න බැරිවෙයි..“

“ඒ මොකද මම හයියෙන් පැද්දෙ නැහැනෙ.“

“අනේ මන්ද සර්, මගෙ කකුල් දෙකත් රිදෙනවා, හැබැයි මට සර්ට වැඩි ප්‍රමාණයක් පත්තර නම් ගෙනියන්න පුලුවන් වෙයි.. ඒත් ටිකක් වෙලායයි ගෙදර එන්න..“

“ඔය පළවෙනි දවස නිසානේ.. ටික දවසක් පුරුදු වුණාම හරියයි..“

“අනේ නෝනා මේ මහත්තයව කොහෙන්ද හොයා ගත්තේ..“

“ඇයි නන්දේ එහෙම අහන්නේ..“ අම්මාද සින් එකට ඇන්ටර් වෙයි.

“අනේ නෝනා මහත්තයා බයිසිකලේ පැදගෙන යද්දි හයේ හතරෙ කොල්ලෙක් පාර අයිනේ සර්ට වැන්ඳානේ..“

“අහ්.. ගෝලයෙක් වෙන්න ඇති..“

“මම අද තේරුම් ගත්තා සර්ට තරම් මිනිස්සු ආකර්ශණය කර ගන්න පුලුවන්කමක් කාටවත් නැහැ කියල..“

“නන්දෙත් නොබී ඉඳල බලන්නකෝ..“

නන්දේ වෙනුවෙන් ගරාජ් එක පැත්තේ ඇඳක් සූදානම් කොට තිබුණද නන්දේට ඒවා හරි යන්නෙ නැතිය. පොර කාඩ් බෝඩ් කැබලි දමාගෙන නිදාගත්තේ අපේ කඩය ඉස්සරහ පඩියේය. රෑ කෑම දුන්නද පොර කන්නෙ නැතිය. ඇල්කොහොල් පමණක්ය. නන්දේ පහුවදා උදේ තාත්තා කඩේ අරින විට පෙනේනට නොසිටියේය. නැවත මතු වූයේ දහවල් කාලයේය.

“පාන්දර කොහෙද ගියේ..??“

“නෑ සර්.. සර් කඩේ අරිනකොට මම මොකාද වගේ උදේම මුලිච්චි වෙන්න හොඳ නැහැනේ.. ඒක නිසා මම කලින්ම ගියා..“

තාත්තාගේ නිහඬතාවය නිසාම නන්දේ යලි තමා ආ කාරණාව කියා සිටියේය.

“සර් මම මේ බයිසිකලේ ඉල්ල ගන්න කියල ආවේ..“

“ඔය තියෙන්නේ අරන් යන්න..“

නන්දේ බයිසිකලය රැගෙන ගියේය. දින 3ක් යනතුරුම නන්දේ ආවේ නැත. අපේ ගෙදරින් හොයන්නට ගියේද නැත. දිනක් අපේ තාත්තා හන්දියට ගොස් ඇත්තේ නන්දේව විපරම් කළද නන්දේ සිටියේ නැත. දිනක් සෑමා හන්දියේ බුද්ධික අයියාගේ කමියුනිකේෂන් එකේ සිටියදී කමියුනිකේෂන් එකට ආ අයෙක් කියා සිටියේ අන්න සර්ගේ බයිසිකලේ නන්දේ උකස් තියලා කියාය. එවිට මට හකස් ගා හිනා ගියේ මීට පෙර නන්දේ සිදු කළ දෙයක් මතක් වූ නිසාය. 

දවල් කාලයේ නන්දේ වැඩිපුරම සැරිසරන්නේ හන්දියේ බුලත් කඩේ අවටය. එහි සිටින මාර්ටින් අංකල් නන්දේ අත රුපියල් තුන්දහස් ගණනක් යවා තම විදුලි බිල් ගෙවා එන ලෙස ඉල්ලා ඇත. නන්දේ මුදල් රැගෙන අපේ හන්දියෙන් බස් එකක නැගී හෝල්ට් කිහිපයක් ඉදිරියෙන් ඇති බාර් එකකින් බැස, කන පැලෙන්න බී නැවත පැමිණ ඇත්තේය. දින කිහිපයක් කුලී වැඩ කොට එම මුදල පියවන්නට තරම් නන්දේ අවංක වී ඇත්තේය. ඒ ගැන ඇසූ දිනක මට නන්දේ කීවේ “අනේ මහත්තයා මම යන බස් එකෙන් පැනල ගිහින් බිව්වේ..“ කියාය. ඒ සිද්ධිය සිහිවෙද්දී, අපේ තාත්තාගේ බයිසිකලය උකස් තබා නන්දේ බිව්වා යැයි කියද්දී මට සිනා පහළ නොවීම පුදුම සහගත නොවන්නේය.

දින කිහිපයකට පසු නන්දේ නැවත මෙහි ආවේය. රැවුල ඒ මේ අත කරකවමින් සහ අතගාමින් නන්දේ බයිසිකලය තල්ලුකරගෙන ආවේය. තාත්තා සහ අම්මා පහළට බැස්සේ නඩුව විසඳීමටය. එහෙත් නන්දේ යනු අහන දේට උත්තර නොදෙන, විකාර කියන ඩයල් එකක් නිසා එය අසාර්ථක වන බව මම කලින්ම දත්තේය. අවසන නන්දේ කීවේ මට පොඩි ප්‍රශ්න වගයක් ආව නෝන මහත්තයා, ඒකයි ආවෙ නැත්තේ.

ඒ පිළිතුරින් සහ බයිසිකලය ලැබීමෙන් පසු සියළු ප්‍රශ්න අහවර වූවද නන්දේ මා ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නේය.

“ඇත්තට මොකද අප්පා වුණේ..“

“මහත්තයා කොල්ලෙක්.. කවදාවත් කොල්ලෙක්ට බොරු කරන එකෙක්ට හරි යන්නෙ නැහැ.. ඇත්තම කතාව මේකයි.. මම දැක්ක දවසක් ඉස්කෝලෙ මහත්තයා මාව හොයන්නත් එනවා..“

“හරි ඉතිං බයිසිකලේට මොකද වුණේ කියන්න කෝ..“ නන්දේ පිලිතුරු දෙන්නේ අහන ප්‍රශ්නයට නොවන නිසා මම ඇසුවෙමි.

“හරි මම කියනදේ අහන්න කෝ.. එදා සර් මාව හොයන්න හන්දියට ආව.. මම දැක දැක පොඩ්ඩක් සර්ව මිස් කරල පැත්තකට වුණා..“

“හරි දැන් ඔයා බයිසිකලේ උකස් තිබ්බෙ ඇයි..??“

“උකස් තිබ්බා.. ??“ නන්දේ කිසිවක් සිතා ගත නොහැකිව ඇසුවේය.

“ඔව් මගෙ යාලුවෙක්ගෙ ගෙදරකට ඔයා උකස් කරල තිබ්බෙ..“ මම නන්දේට බොරු කීවේ ඇත්ත දැන ගැනීමටය.

“නිමලගේ මලගෙදරට අටපිරිකරක් දෙන්න වුවමනාවක් මට තිබුණා මහත්තයා.. ඒකයි මට සල්ලි හදිස්සියක් වුණේ..“

නන්දේ එහෙම කිව්වාට නිමලේගේ බණගෙදරට නන්දේ පූජා කළ අටපිරිකරක් නැති බවක් පසුව ආරංචි වූවේය. එහෙත් ඇත්ත කුමක්දැයි දන්නේ නන්දේ පමණි. ඊයේ පෙරේදාද නන්දේ පහත්වී හොරෙන් අපේ ගෙදර බයිසිකලයක් රැගෙන යනු දැක ඇත්තේ සැලුන් එකේ සුරේඛයාය. නන්දේගේ පෙර වැරැද්ද දන්නා සුරේඛ නන්දේව අල්ලාගෙන ඇත්තේය. 

“ඒයි.. කොහෙද ඔය යන්නේ..“

“මම ගෝනවලට ගිහින් එන්න යන්නේ..“ කියමින් නන්දේ කටට ඇගිල්ල තබාගෙන ඇත.

“ඉතිං බයිසිකලේ අරන් යන්නේ???“

“කැගහන්න එපා.. මට අපේ ගෙවල් පැත්තට යන්න ඕනෙ.. පවුලගෙන් බැනුමක් අහල ආවෙ නැත්තං මට දැනෙන්නේ නැහැ..“

කියමින් ගිය නන්දේ, මෙවර නම් බයිසිකලය රැගෙනම ඇවිත් තිබුණේය.

Written by sAm_ශ්‍රී_Perera_12:15pm_10/11/13

79 comments:

  1. ඔය වගේ නන්දෙලා අපි අතරෙත් ඉන්න එක එක ජාතියේ චරිත අතරින් එක් ජාතියක් සෑමො .
    මොනා උනත් මහත්තය කොල්ලෙක් කොල්ලොන්ට බොරු කියන්නෑ කියලත් මූ කියල තියෙන්නෙ බොරුවක් නොවෑ .
    ජය !!

    ReplyDelete
    Replies
    1. අඩේ තිලා.. බොලා හිතුවද මම හද්ද නාකියා කියලා..??

      ජය !

      Delete
  2. මරු ඩයල් එකක් නේ බුවා... පොර වයසයිද?

    ReplyDelete
    Replies
    1. එච්චර වයසක් නැහැ මගෙ හිතේ.. 38ක්?? විතර..

      Delete
    2. එහෙනම් සැමාටත් 38යිලු....

      Delete
    3. පල යන්න.. මායි ඌය එක පන්තියෙ කියල හිතුවද?

      Delete
  3. ඔය වගේ චරිත හැම ගමකම වගේ ඉන්නවා. එයාලා මුදලක් ඉල්ලා ගත්තත් මුදල් දුන්න තැනැත්තා මතක් කරනකම් දෙන්නේ නෑ. දෙනකොටත් දෙන්නේ අපි මිනිහගේ සල්ලී නයට ඉල්ලුවා වගේ.
    සමහරැන්ට මේ වගේ වැඩ කරන එක සුළු දෙයක් වගේම පුරැද්දටත් යනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය එහෙම තමා. නන්දේ වුණත් ගානකට තියා ගන්න වෙන බුවෙක්... !!

      Delete
  4. පට්ට ඩයල්නෙ බං උඹට සෙට් වෙන්නෙ.

    අර පැලේ හොඳට ලොකු වේගෙන එනවා. අම්මට ටැංකිව් කියහං. අම්මා ඒ වෙලේම කපල දුන්න අතු දෙකත් මං වෙනම උරේක දැම්මා. ඒවත් පැළ වුනා. අපේ ගෙදර පොටි අදින උන්ට ඒක දුන්නා. උං දෙන්නා ඒක පින් දිදී අරං ගියා.

    ඒ පැළේට කෙල්ලෙක් තුන් පාරක් වැන්ද එකයි, අර අංකල් ජයවේවා කිව්ව එකයි ගැනත් ලියහං වෙලාවක...

    ReplyDelete
    Replies
    1. ඒ පැළේ බලං ඉද්දි හැදෙනවා බං. මලක් පිපුනම සුවඳ බලපංකෝ..

      පැළ වන්දනා කතාව ලියන්නෝනි බං වෙලාවක්.. :)

      ජය !!

      Delete
    2. අපේ ලොකු අම්මත් ඔය වගේ.. ගෙදරට යන්න නැහැ පැළයක් ගලවලා දෙනවා අහ්හ්හ් මේක හිටවන්න කියලා...

      Delete
    3. හිකිස්.. හිටු අපෙ අම්මට කියන්න..

      Delete
  5. මරුම ඩයල් එකක් තමා.
    කොහොම උනත් කොල්ලෙක්ට බොරු කියන එකෙක්ට හරි යන් නෑ කියපු කතාවනම් මරු. උගෙ කටේ අපේ ගානේ සීනී ටිකක් දාපන් සැමා.

    ReplyDelete
  6. නන්දෙ සිරාම ඩයල් එකක්නෙ....මට ඇතිවෙන ගැටලුව තමයි උඹලගෙ පලාතෙ මේ වගේ ඩයල් නිතරම සැට් වෙන්නෙ ...ඕකෙ බෝවෙන ලෙඩක්ද ?

    ReplyDelete
    Replies
    1. කැළණිය ආතල් ලෝකයක් බොලව්..

      Delete
  7. අපේ ගෙදරත් එනවා ඔහොම පොරක්..මාත් ඌ ගැන ලියන්න ඕන

    ReplyDelete
    Replies
    1. අන්න ලියනව නම් කතන්දර !

      Delete
  8. සිංහල රාජ්ට වගේ පට්ට බුවාලනෙ බොටත් සැට් වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං උන්ගෙ පැත්තෙ උන් මෙහෙ එනවද කියල :ඩී

      Delete
  9. මොනව උනත් අවංක හොරෙක්.

    ReplyDelete
    Replies
    1. හොර කම කරල ටික දවසකින් අවංක වෙන නිසා ඉවසීමෙන් බලං ඉන්න ඕනෙ..

      Delete
  10. කූඩැල්ලා මෙට්ටෙ තියන්නට බැරි බව අමතක නොකල යුතුය, එසේම අහකයන නයි රෙද්ද අස්සේ නොදාගත යුතුය :D

    ReplyDelete
    Replies
    1. හිතන්න ඕනෙ දෙයක් තමා සසිදුවෝ..

      Delete
  11. මාර ඩයල් එකක් ඈ....................

    ReplyDelete
  12. සෑමටත් කතාවක් ලියන්න මොකෙක් හරි මාට්ටු වෙන හැටි අම්මප,පොර තාම කඩේට එනවද.

    ReplyDelete
    Replies
    1. තාම පොර නිදා ගන්නෙ මගෙ කාර් එක එහා පැත්තෙ හැලපයියේ. මේකා රෑට නිදාගන්න එනවා අපි බලං ඉන්නෙ. ටිකක් වෙලා අඩ අඩ ඉඳල, කාර් එක එහා පැත්තෙ බිම නිදා ගන්නවා..

      Delete
  13. ලොවෙත් මෙයා නම් විකා.බලකායේ වගේ මොකද ලංවිම කට්ටිය ඇරෙන්න බීපු එකෙක් වත් 33000 හ්යිටෙශ්න් ලයින් එකේ කණුවක නගින් නෑ ෆට්ට ඩයල් එකක් තමා

    ReplyDelete
    Replies
    1. පොර කිව්වා උඩදි නිකං දෙදරණවා වගේ කියල..

      මම ඇහුව කළුවරේම රෑ ඕකට නැග්ගද කියල. පොර මට මාර බයිටක් දුන්නා..

      “නෑ මහත්තයා.. මම මේකට නගිනකොට ලංවිමෙන් ඇවිත්, කරන්ට් එක කපල, උඩට ෆ්ලෑෂර් අල්ලගෙන හිටිය..“ කිව්වා. පොර ඒක කියන්න ඇත්තෙ, මම ගාණකට නැතුව ප්‍රශ්න කරපු නිසා වෙන්න ඇති.

      Delete
  14. ඇත්ත ඇත්ත, බැනුමක් ඇහුවේ නැත්තම් ඉතින් වැඩක් නෑ නම් තමයි..

    ReplyDelete
    Replies
    1. දිනපතා නන්ස්ටොප් අහන කොල්ලෙක් වගේ.. :ඩී

      Delete
    2. මම ඉතින් උඹට කියන්නේ නෑ සෑමෝ.

      Delete
  15. උඹටත් සෙට් වුනොත් සෙට් වෙන්නෙ මාර ඩයල් බුවාලනෙ....

    ReplyDelete
    Replies
    1. ඒ මාර ඩයල් ලිස්ට් එකේ උඹලත් ඉන්නවා :ඩී

      Delete
  16. මමත් දන්න පොරක් ඉන්නව. නම: "මහතුන්" ටිකක් සමානයි. හැබැයි STF නෙමේයි

    ReplyDelete
    Replies
    1. මහතුන් කියන්නෙ නියම මහත්තයෙක් වෙන්න ඇති !

      Delete
  17. කූඩැල්ලා මෙට්ටෙ උඩ තියන්න බෑ මචං

    ReplyDelete
  18. ඔහොම ඩයල් මටත් සෙට් වෙලා තියේ උන් එක්ක කතා කරන්න අපිටත් ෂොට් එකක් දාන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මූ මාර කරුණු බං දන්නේ.. දවසක් ශ්ලෝක සැට් එකක් කිව්වා මම හොල්මං. ගමේ අය කියන්නෙ පොර නිධානයක් ගන්න ගිහින් මොනව හරි වෙලා කියල..

      Delete
  19. ඔය වගේ නන්දේ කෙනෙක් හිටියා අපේ නගරාධිපතියා. දවසක් කුණු වෙන්න ගහල මගේ පුටාර් එක අරන් ගිහිල්ල දවස් ගානකින් ගෙනාවේ නැහැ බලන කොට ඒක දාපු තැන මිනිහටත් මතක නෑ.. අන්තිමට බාර් එක ගාව තිබිලා අරන් ආවේ. පොර එතකොට උපනගරාධිපතියා.. හැක්

    ReplyDelete
    Replies
    1. නගරාධිපතියා ඔහොමනම් නගර වැසියො කොහොමට ඇත්ද?

      Delete
    2. නියම කතාව ප්‍රසන්න..

      @දේශකයා - එතකොට උඹ නගරාධිපතිටත් බයිසිකලේ දිපු මිනිහෙක් ??

      Delete
    3. ඔව් ඉතිං ගේ ගාවට ඇවිත් ඉල්ලුනම නොදී ඇහැක.. අපේ ගේ ගාවමයි ඒ බේබද්දා හිටියේ.. මගේ වොලිබෝල් කෝච්කාරයා ඌ තමා

      Delete
  20. අඩේ සෑමෝ අපේ පැත්තෙත් නන්දයෙක් ඉන්නව..හැබැයි බුවනම් කරන්නෙ හොදට බීල ගෙවල් වලට ගල්ගහන එක...

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ.. ගල් ගහනව නම් දරුණුයි බං.. !!

      Delete
  21. යකෝ අර කනුවලට නගින්ඩ දෙන්ඩ එපා , අධි වෝටිතාවයක් තියන සමාන්තර කම්බි දෙකක් අතරට යන එක එච්චර හොද වැඩක් නෙමෙයි ,

    ReplyDelete
    Replies
    1. කිව්වා බං මූ පණ්ඩිතකමට අහන්නෙ නැහැ. අනික මූ කොඩිය දානකල් කවුරුත් දන්නනැ බං..

      Delete
  22. නන්දේ මාර ඩයල් එකක්නේ.. කොයි ගම් වලත් ඔය චරිත ජීවත් වෙනවා සැමෝ.. මම නම් ඔය වගේ ඩයල් වලට මාර ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමයි මාතලන්..

      Delete
  23. ඔය වගේ එවුවො ගොඩක් ගම්වල ඉන්නව. හැබැයි ගානට තමයි ආස්සරේ කරන්න ඕන.

    අර කණුවට නැගල අළු නොවී බිමට බැහැපු එකනං ලොකු දෙයක්. මිනිහ CEB එකෙත් වැඩ කළාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. සී.ඊ.බී එකෙන් වත් මෙහෙම නගින්නෙ නැහැ බං..

      Delete
  24. උඹ ඇරුනාම උඹලගේ පැත්තේ පිස්සු ඩයල් තව කීප දෙනෙක්ම ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. පූගොඩ පැත්තෙ එකෙක් හිටිය.. ඌත් දැන් රට..

      Delete
  25. අපෙත් හිටියා ඒ වගේ පික්ෂු ඩයල් එකක්.. යුද්දේ දිනපු දවසේ ඒකා අර වගේ මහ ලයිට් කණුවක උඩටම ගිහින් කොඩියක් ගහලා ආවා !

    ReplyDelete
    Replies
    1. මුං මැරෙන්න හදනව බං..

      Delete
  26. වැඩකට නැති එකෙක් බං. ඔයවගේ එවුන් කවදාවත් හැදෙන්නෙ නෑ. අපි නිකං සුන්දර මිනිස්සු විදියට හිතුවත් එහෙම නෑ ඔය යක්කු.

    ReplyDelete
    Replies
    1. වැඩකට නැහැ කියන්නත් බැහැ රාජ්. හොඳ ගතිගුණ පොඩ්ඩක් හරි තියෙනව උන්ගේ..

      Delete
  27. අන්න සුන්දර මිනිස්සු. මේ ගල් ඉබ්බා වගේ ඉන්න සෑමා වගේද?

    ReplyDelete
    Replies
    1. අඩේ කවුද ඩෝ ඉබ්බා.. අනික ගල් ඉබ්බා ලු.. අහු වෙයන්..

      Delete
  28. අපේ ගමෙත් ඔය වගේ ඩයල් එකක් හිටිය... පට්ට ගති....මතක් වෙද්දිත් හිනා යනව...

    ReplyDelete
    Replies
    1. හැම ගමකම ඉන්නව බං මෙහෙම උන් !

      Delete
  29. ඈ.....බලාන යනකොට හැම ගමේම මේ වගේ චුං පොරවක් ඉන්නවනේ :B

    ReplyDelete
    Replies
    1. හැම ගමට එකෙක් ඉන්නව මයි..

      Delete
  30. උන් තමා ලොවෙත් ඩයල් බං... ආතල් එකේ ඉන්නවා දවසම :))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරාව හැබැයි.. ලෝකෙ පෙරලුනත් ආතල්..

      Delete
  31. සෑමෝ.......නියම ඩයල් එකක් බං...ඔහොම අය ඉන්නවා....හැබැයි මම ආසයි බං මේ වගේ උන්ට. සමාජයට දරුණු හානියක නැහැනේ. උට පෙන්ශන් එකක් මොනවා හරි ලැබෙනවාද? උගේ පවුලේ අයට නම් වාතේ තමයි. මොනවා කරන්නද බං ඌ උගේ ජීවිතය විඳිනවා.....සමහරු විඳවනවානේ.

    ReplyDelete
    Replies
    1. ඌට පෙන්ෂන් නැහැ බං. ඒත් දවසට අනිවා 1000කට වඩා හොයනවා.

      බොන්නෙ නැත්තං දියුනු වෙන්න පුලුවන් ඩයල් එකක් බං.

      Delete
  32. සමහර හොඳට ඉන්නවා වගේ පෙන්වන එවුන්ට වොදා හොඳයි මේ වගේ එවුන්.

    ReplyDelete
  33. එදා වේල ටුවර්ස් ....

    ReplyDelete
  34. හපො ලොකු ලයින් දාගෙන ඉන්න බොරු කාරයො හැටියට සැමාගෙ යාලුව හොදයි නෙ

    ReplyDelete
  35. එල ‍පොරක්නෙ..

    ReplyDelete
    Replies
    1. අපොයි උඹලට උන් තමා පොරවල්... හැක්.. හැක්...

      Delete
  36. උට මන්ටලි කෙස් එකක් තියේද.. යකෝ අර කණුවට නගින්න තරන් O.o

    ReplyDelete
  37. ඔහොම ඩයලුත් ඉන්නවා හිත හොද මිනිස්සු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...