Friday, November 15, 2013

යාළුකම රැක ගන්න හැටි.. - How to Protect Friendship !!



අට සහ නමය වසරේදි සෑමා ඇතුලු කිහිප දෙනෙකු සිටියේ හඳේ. හඳ කිවේ මර්ලින් බලා යන හඳ නොවේය. මේක අභ්‍යාවකාශයේ හඳය. ඒ කාලයේ අපි අහස දිහා බලාගෙන සිටියේ තරු රටා හොයන්නටය. එහෙව් තරු රට විද්‍යාව පොතෙන් හඳුනා ගත්තද එය මදි වී අපි නාසා එකට ලිපි ලියන්නට වූයෙමු. නාසා එකට යවන ලිපි වලට පිළිතුරු ලැබෙන්නට මාසයක් පමණ ගත වන්නේය. මාසයක් ගත වී පිළිතුරු ලිපයක් ලෙස ලැබෙන්නේ දඩාර සයිස් පාර්සලයක්ය. ඒ පාර්සලය පිරෙන්නට ඉතා අගනා ලෙස මුද්‍රණය කළ පොටෝ සහ විස්තර ඇත්තේය. එහි ඇති ඉංගිරිසි කියවන්නට ඒ කාලේ තියා දැන් වත් බැරිය. එහෙත් ගෙදර තිබු ඩික්ෂනරියක් ලඟ තබාගෙන උඩින් පල්ලෙන් කියවන්නට සෑමා උත්සාහ කළේය. ඒ අතර සෑමා බිස්නස් එකක්ද කළේය. ඒ තමන්ට තවත් පාර්සල් ගෙන්වා ගැනීමට මුදල් සොයා ගැනීමටය.

නමය වසරේදී සෑමා කෙල්ලෙක්ගේ පොටෝවක් විකුණුවේය. එය මීට පෙර දිනකදී ආදරණීය වෙළඳාම ලෙස ලියැවුණේය. සෑමා නාසා එකට ලිපි ලියද්දීද එවන් බිස්නස් එකක් කළේය. ඒ කාලයේ ගම ගාල්ලේ  පුක ලෑල්ලේ ඉංගිරිසි උගන්වන නිසා සෑමාට හොඳ ඉංගිරිසි දැනුමක් තිබුනේය. පන්තියේ අනිත් හැම එකාම ඒ නිසා නාසා එකට යවන ලිපි ලියා ගත්තේ සෑමා ලව්වාය. බොහෝ විට එකම ආකෘතියේ ලිපිම ලියැවෙන්නට එය හේතු වන්නට ඇත්තේය. හැමදාම ලියන ලිවුම සෑමාට කට පාඩම්ය. ඒ ලිපි යැව්වේ Aero Gram කියන ලියුම් කවරයේය. මගේ මතක නිවැරදි නම් ඒ කාලේ එය රුපියල් 12ක් වූයේය. පසු කාලිනව 23 දක්වා වැඩි වූවාද මතකය. Aero Gram යනු ලිපි පමණක් ලිවීමට යොදා ගන්නා ක්‍රමයක්ය. ඒ කවරය ඇතුලට කිසිවක් නොදැමිය යුතුය. ඒ කවරේම ලිපිය ලියා යැවිය යුතුය. ඒ නිසා ලිපියට/කවරයට බර අනුව මුද්ද ගැසිය යුතු කේස් නැත්තේය. දැන් තැපැල් කන්තෝරුවේ Aero Gram තිබෙනවා දැයි මා දන්නේ නැතිය.

එහෙම ලිපි ලියන්නට මුදල් සොයා ගත්තේ සැමා පුංචි ක්‍රමයකින්ය. එනම් සෑමා ලගට එන හැම එකෙක්ම වැඩිපුර Aero Gram එකක් අතැතිව ආ යුතුය. එයින් සෑමා තමන්ටම කියා ලිපියක් ලියා නාසා එකට යවන්නේය. එසේ එකතු වූ ෆොටෝ, විස්තර සහ පෝස්ටර් තොගය සෑමා අසාවෙන් අත පත ගෑවේය. ඒ සුවඳ තාමත් දැනෙන්නේය. ඊයේ කාමරය අස් කළ නිසාත් ඒ අස්සේ නාසා එකෙන් එවූ පොත් කිහිපයක් තිබූ නිසාත් ඒ ආසාව නැවතත් මතු වූවේය. එහෙත අද නාසා එක තියා නාසා සයිට් එකත් නැතිය. ඒ කාලයේ නාසා එකෙන් ලිපි එවන විට ඔවුන් සඳහන් කරන්නේ වැඩි විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට එන ලෙසය. 64Kbps ඩයලප් මොඩම් එකක් තිබුණ අපේ ගෙදරින් නාසා යනවා තියා ලොග් වෙන්නවත් බැරිය ඒ නිසා ඔවුන් එවූ පොත් පත් වලට සෑමා ප්‍රිය කළේය. ඒ පොත් ඇතුලේ තවත් කූපන් තුනක් ඇත්තේය. ඒවා පුරවා යවන වාරයක් පාසා ඔවුන් නවතම පොත් එවන්නෝය. ඒ අතර ලෝහ බැජ් පවා එව්වෝය. නාසා එකේම විවිධ ශාඛාවල ලිපිනයන් සෑමා සතු වූ නිසා හතර අතේ ලිපි ලිවීමට සෑමා පෙළඹුනේය. ඒ අතර Lunar Centre, JBL - Jet Population Laboratory, J.F Kennedy Space Centre, අදී ඒවා තාමත් මතකය.

මේ අතර දිනක් සෑමා සොයාගෙන මිතුරෙකු ආවේය. ඔහු සෑමාගේ පන්තියටම විත් නාසා එකෙන් ලද පොටෝ ඉල්ලා සිටියේය. ඒවන විට සෑමා සතුව පොටෝ කැලි, 50කට අධිකව තිබුණේය. මිතුරා ඒ සියල්ල ඉල්ලා සිටියේ තමන්ගේ පන්තියේ ටීචර්ට පෙන්නිය යුතුයි කියමින්ය. උස්සා ගන්නට බැරි තරම් බරවූ ඒ පොටෝ සියල්ලම පසුදා සෑමා තම බෑගයේ ඔබාගෙන ඉස්කෝලේ ගියා මිතුරාගේ වැඩේට සපෝට් කිරීමටය. ඒ අනුව මිතුරා පොටෝ සැට් එකම රැගෙන ගියේ ටීචර්ට පෙන්වා දීමටය. එදා සිට සති ගණනාවක් යනතුරු සෑමා ඒ පිළිබඳව මිතුරාගෙන විමසා සිටියේ නැතිය. අවසන ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසා සෑමා මිතුරාගෙන් පොටෝ ගැන අසා සිටියේය. ඔහුගේ පිළිතුර වූයේ “මාර කේස් එක බං.. මම කබඩ් එකට පොටෝ ටික දාල ලොක් කළා.. යතුර නැති වෙලා..“ මගේ මිත්‍රයා පව්ය. සෑමාට තමන් ආදරේ කළ පොටෝ කෑලි අහිමි වූවා සේම, ඔහුට කබඩ් එක ඇතුලත වූ ඔහුගේ අනිත් බඩු මුට්ටුත් අහිමි වන්නට ඇත.

සෑමා ඒ පිළිබඳව නැවත මිතුරාගෙන නොඅසා, වෙනදා මෙන් මිතුරුකමින් සිටියේය. නැවත හරියටම වසර පහකට පමණ පසු සෑමා නැවතත් එවන්ම ආතල් එකක් දුන්නේය. ඒත් ඒ මිත්‍රයාටමය. ඔහුට හා සෑමාට රුපියල් 500 බැගින් පොත් ගත හැකි, තෑගි වවුචර දෙකක් ලැබුනේ කිසියම් වැඩසටහනකට සහභාගි වීමේ ප්‍රතිඵලයක් ලෙසය. දෙදෙනාගේම වවුචර දෙකේ එකතුව 1000ක්ය. මිතුරා සැමාට නියම අදහසක් දුන්නේය. දෙදෙනා දෙතැනකින් පොත් ගන්නා විට අපරාදේය. එකෙක් ගොස් 350ක පොතක් ගත් විට ඉතුරු 150න් ගත හැක්කේ පොඩි පොතක්ය. ඒ නිසා මිතුරාගේ අදහස වූයේ වවුචර් දෙකම අරගෙන ගොස් දෙදෙනාටම පොත් ගැනීමය. උදාහරණ ලෙස එවිට 350 පොත් ගන්නේ නම්, 350+350+300 ලෙස වැඩේ සාර්ථකව ගොඩ දා ගත හැකිය. එලෙස ගන්නා පොත් උසස් පෙළ විභාගය සඳහා පොත් මාරු කරගෙන පාඩම් කිරීම අපේ එකඟතාවය වූයේය. එදා දුන් වවුචරයෙන් ඔහු පොත් ගන්නට ඇතිය. ඉන්පසු දිනක් පොත් ගත්තා යැයි ඔහු කීවේය. නමුත් පොත් කුමක්දැයි කියා තවමත් සෑමා නොදන්නේය.

අද තාමත් ඔහු සෑමා සමග බොක්කේ ෆිට් එකක්ය. මෙය හුදෙක් ඔහු වැරදි යැයි කීමට යොදා ගත් ලිපියක් නොවන්නේය. මෙය ආදර්ශයට ගෙන ඔබට ඔබේ මිතුරන් රැක ගත හැකිය. පුංචි දේවල් වලට වඩා මිත්‍රත්වයන් වටින්නේය. මා බොහෝ ආදරය කළ නාසා පොටෝ ටිකේ සුවඳ තාමත් මට දැනෙනා මුත්, එය ඉවසා සිටින්නට තරම් අප මිතුරන්ය.

Written by sAm_ශ්‍රී_Perera_8:04_pm_14/11/13

42 comments:

  1. සැමාගේ හිත හොඳ වැඩියි...

    හිත හොඳ එවුන්ට හරියනවා...

    ReplyDelete
  2. අනේ මන්ද??

    මචන් හිත හොද වැඩි උනාම මිනිස්සු එනව කරේ නගින්න....

    ReplyDelete
  3. කලාතුරකින් කෙනෙක්ගෙ දකින්න තියෙන ගුණයක් තමයි සෑමෝ උබට තියෙන්නෙ...ඒක රැකගනින්..මොකද අපිට ඕක නැහැ.

    ReplyDelete
  4. මටත් ආසයි උඹේ මිතුරෙක් වෙන්න. එක්කො දැම්ම බෑ උඹ කසාදයක් බැන්දාමම බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කසාද බැන්දම උබව ලගින්ම ආශ්‍රය කරන්න ඕන :D

      Delete
    2. තව මාසයක් දෙකක් පමණි පින්වතුනි ඔබට බලාසිටීමට සිදුවනු ඇත්තේ :D

      Delete
    3. ඔන්න සෑමට ඉන්න යාලුවෝ හිකිස්...

      Delete
    4. මල කෙලියක් වෙන්න යන්නේ...

      Delete
  5. "හිත හොද සැමා
    සැමදා 'බඩින්'…"

    හි...හි.... ;-)

    ReplyDelete
  6. ඔය විදියට ගනන් ගන්නෙ නැතිව ඉන්න පුලුවන් යාළුවෝ ඉන්නවා.හැබැයි එ තත්වෙට එන්නනම් බොක්කෙ ෆිට් එකක්ම වෙන්න ඔනි.

    ReplyDelete
  7. හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියනවනේ. ඉතින් මොකටද බං ඔය යාලුකම?

    ReplyDelete
  8. සැමා ඔයත් නාසා එකට ලිපි ලීවද ? මගෙත් පුංචිකාලේ ආසාව තිබ්බේ ගගන ගාමියෙක් වෙන්නනේ ,, නාසා එකෙන් එවන ෆොටෝ වල සුවද මටත් තාම මතකයි ,, ගෙදර මගේ තාරකා විද්‍යා කාමරේ මතක් වුනා, ඒකට ඒ නම දාගත්තේ මම මයි ,, හි හි

    ReplyDelete
  9. අම්මා ගහයි බැටි එකෙන්... ඔය JPL එකෙන් A4 Size කරලා එවන ෆොටෝ කතන්දරේ අපිත් කළෝ... ඒ කාලේ මට මතකයි Mars Map එකක් එව්වා මට Kennedy Space Centre එකෙන්...

    හා හා පුරා Internet ගත්තහම ඉස්සෙල්ලාම ගිය සයිට් එක තමයි jpl.nasa.gov... ඔන්න පිස්සුවේ තරම... 486 DX-II Machine එකකින් Dial Up Internet යද්දි තියෙන සතුට....

    ඒ අතීතේ මරු බං... පිස්සු කොර !!!!!

    ReplyDelete
  10. පරිස්සමෙන් මචං. සමහර දේවල් තියනවා ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් ඉගෙන ගත්තේ නැති උනාම සැරට කෙලවෙනකම් ඉන්න වෙනවා. උඹේ යාළුවා එහෙම එකෙක්ද නැද්ද කියන්න දන්නේ නෑ. එහෙම එව්වොත් ඉන්නවා. උඹ ඔය 500න් ඉගෙනගන්න තිබ්බ කතන්දරේම තවත් දවසක 5000කින් ඉගෙනගන්න තියන්න එපා.

    ReplyDelete
  11. මම නං ඔය එකෙක්වත් ඕනෙවට වඩා තියාගන්නෑ.. හොදම යාළුවා කියලා එකෙකුත් නෑ. ඔක්කොම හොද යාළුවෝ. හැබැයි මට නිකන් මූණ දිහා බලපුවාම කියතහැකි මිනිහා කවුද කියලා. එතකොටම ශේප් එකේ අයින් කරලා දානවා. ගේම ක්ලෝස්.. :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රජෝ.....මිනිස්සුන් ව අදුරන් ඇසුරු කරන්න ඕන....පෙන්නන මුණ නෙමෙයි තියෙන්නේ.හැබැයි බෞතික වස්තුන් වලට වඩා මිත්‍රත්වය වටිනවා

      Delete
  12. මට නම් නාසා සීන් තිබ්බේ නැහැ ඒ කාලේ .. පෑනේ මිතුරු කේස් වලින් ගෑණු ළමයි දෙතුන්දෙනෙක් ලියුම් නම් එව්වා.. අපරාදේ ඒවා දිගටම කන්ටිනිව් කරේ නැහැනේ... සල්ලි තිබ්බේ නැහැ මුද්දර ගහන්න ...:(

    ReplyDelete
  13. නාසා හා අභ්‍යවකාශය ගැන පොඩි කාලේ ඉඳන් මටත් තිබ්බේ මාර උණක්...හැබැයි ලියුම් නම් ලිව්වේ නෑ.පත්තර වලින් කපලා ෆයිල් පිටින් එකතු කරලා තිබ්බා...ෆෝන් එක ගත්තම ඒ පුරුද්දත් ඉවරයි...මොකද ඕනි දේකට Google දෙයියා ඉන්නවනේ...

    ReplyDelete
  14. මෙ යාලුව උබම නෙද? ඇත්තම කියපන් කාටවත් කියන්නෙ නැ.
    ඔය වගෙ එවුන් යාලුවොද යකො

    ReplyDelete
  15. අනේ මන්දා බං.මම නම මෙහෙම යාළුවො ළඟ තියාගන්නේ නෑ.ළඟ තියාගන්නේ නෑ කිව්වේ මූනවත් නොබලා ඉන්නවා කියන එක නෙවේ.සාමාන්‍ය විදිහට කතා බහ කරලා ඉන්නවා.ඒ වුනාට මෙහෙම අය එක්කනම් යාළුකම් නෑ.

    ReplyDelete
  16. අර යකා පුදුම ඩස්පියෙක්නේ. උඹත් බං පයිප්පේ තියාගෙන ඇදගෙන නාන එකෙක්නේ.

    ReplyDelete
  17. මගත් අනන්ත දේවල් මිසිං ..වැඩේ කියන්නෙ ගෙදර නැති වෙලාවටත් ඇවිත් ගෙදර උන්ට මන් කීව කියල අරං යන්න තරං අවංකයි ..
    හොදම දේ කස්ටියක් ඉන්නව ජීවත්වෙන්නෙම මරිෂියෙන් බං .
    එකෙක් හිටිය හැමදාම සෙට් වෙන්න ( සමාවෙයං )
    ගියාම ඌ ලග තියෙන්නෙ රු 100 යි..
    රට ඉදං එකෙක් ආව දාකට ඒකත් නෑ !!

    ReplyDelete
  18. ලිපිය එළ කිරි සෑමා! උබට කියන්න ඕන පනිවිඩය ලස්සනට ඇඟට නොදැනී කියලා තියෙනවා. වෙනදා වගේම ආසාවෙන් කියෙව්වා. ඔවැනි යාළුවන්වත් සිහිවුනා. නැවත එන්නම්..

    ReplyDelete
  19. මමත් කියන්නේ ඔය වගේ යාළුවන්ගෙන් වැඩක් නැහැ කියලයි.. ඔයිට වඩා දරුණු පාඩුවක් විඳ දරා ගන්න වේවි දවසක...

    ReplyDelete
  20. ඔයා හරිම හොද යාලුවෙක් .. මාත් ඔයාගෙ යාලුවෙක් වෙන්න කැමතියි :D

    ReplyDelete
  21. දැන් උඹ හිතන්නේ අපි රැවටෙයි කියලා නේ? හීන් සීරුවට අහිංසකයා උන හැටි විතරක්.
    අඩේ මාත් නාසා එකට යවලා ගෙන්න ගෙන තියනවා බන්

    ReplyDelete
  22. අපි නං නාසා එකට ලියුං කෑලි ලිය ලිය කාලෙ නාස්ති කලේ නෑ පොටෝ වලට ..
    සෙල්ලං කරල ඉවරවෙලා හැමදාම හවසට
    අපේ ග්‍රවුන්ඩ් එකෙන් හඳට එකක් ගුවන් ගත කරනවා..
    ආයෙ මග නැවතිලි නෑ කෙලින්ම හඳේ ..
    අපි යන්නෙ කොක්පිට් එකේමයි. :-)

    උඹට කියන්න මගෙ ඉඩං කෑල්ලකුත් තිබුන අරං දාල හඳේ .. දැං කවුරු අල්ලගෙනද දන් නෑ.

    ReplyDelete
  23. මට මලින්දයා කරපු දේ ලිවුවා මතක ඇතිනේ.. අදටත් අපි දෙන්නා බොක්කේ ෆිට් එක තමයි බං.. යාළුකම කියන්නේ අන්න ඒකට..

    ReplyDelete
  24. As usual, there is a great woman behind every idiot...:D:D

    ReplyDelete
    Replies
    1. මට ඉතින් මේ කතාව ඇත්තද දන්නේ නෑ කියලා හිතුණා...:)

      Delete
  25. ඇත්තටම දෙපාරක් බොලාට ඔය වගේ කරන්න පුලුවන්නං ඌ යාලුවෙක්ද යන සාධාරණ සැකයක් මතුවේ.

    ReplyDelete
  26. සිරාම යාළුවො තමයි උඹටත් ඉන්නෙ සෑමෝ,දිගින් දිගටම ඌ එහෙම කරනකොට උඹත් ගානක් නැතුව යාළුකම පවත්වාගෙන යනව නේද,යාලුවට ගජවාසියි.

    ReplyDelete
  27. මම දන්න තව එකෙක් ඔය වගේම නාසා එකට ලිව්වා...ඌ නම හද තියෙන දවසට පොඩි ෂොට් එකක් දැම්මම හද දිහා බලාගෙන හදට යන්න ට්‍රයි කොරනවා පොල් ගස් දිගේ....නාසා එකට ලියලා තමයි මහ නැසුනෙ කියලයි ඌ ඒ වෙලාවට කියන්නෙ....

    උඹට වගේ එකට ඉදලා ඇරපු උන් මටත් ඉන්නවා බන්...සැලෙන්න නරකයි...

    ReplyDelete
  28. ඊයේ රෑ තමයි දවස් 2 කට පස්සේ බොග පැත්තේ ආවේ.පසුව කියවනවා.

    ReplyDelete
  29. යාලුවෝ කියන්නේ ඔය වගේ එවුන් නෙමෙයි බන්..... ඉස්සෙල්ලම හරි යාලුවන්ව අදුනගන්න උත්සහ කරපන්

    ReplyDelete
  30. හිත හොඳ හින්දා හුඟක් දේවල් අහිමි වෙනවා.

    එක කාලෙක චීන සඟරා වගේම රුසියන් සඟරා නොමිලේ ගෙදරට ගෙන්වාගන්න පුලුවන් ක්‍රම තිබුණා අපි ඉස්කෝලෙ ගිය කාලෙත්. දැන් නම් එහෙම වැඩසටහන් නැහැ.අවුරුද්දට එක කාලෙක පත්තරේ දැන්වීම් දානවා ඒවා ලබාගන්න කැමති අය ඉල්ලුම් කරන්න කියලා. එකාලෙ ඒවයේ වටිනාකම අපිට මහමෙරක් වගේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...