Thursday, November 21, 2013

දෙපා ලඟ දුහුවිල්ල... - Dust On Shoes !!




“විශ්ව.. විශ්ව..“

“සංජානී...“

“හිහ්..හී.. විශ්ව ඔන්න.. හිහ්හී හි...“

මට මුහුදු වැලි අහුරකින් දමල ගහපු සංජානි මුහුද දිහාට දුවල ගියා..

“සංජී.. ඔහොම ඉන්නව හොර කෙල්ල..“

“අනේ විශ්ව.. අනෙ එපා රත්තරං.. අනෙ... අතාරින්නො මෝඩයෝ.. අර මිනිස්සුත් බලන් ඉන්නව.. විශ්ව.. හිහ්හීහික් හික්..“

සංජානි පස්සෙ එළවගෙන ගිය මං එයාවත් පෙරලගෙනම රැල්ල උඩට වැටුනා. 

මට කියන්න ඕන වුණේ සංජානියි මමයි කොච්චර ආදරෙන් බැඳිල උන්නද කියල විතරයි. ඒත් එච්චර ආදරෙන් හිටපු එයා හදිස්සියෙම වෙනස් වෙන්න ගත්ත. ඒකට හේතුව මටත් හිතා ගන්න බැරි වුණා. මුලින්ම එයා මාව හම්බවෙන එක අඩු කරන්න ගත්ත. ඊලඟට එයාගෙන් මට කෝල් එන එක අඩු වුණා. අන්තිමට මට එයාගෙන් එස්.එම්.එස් එකක්වත් එන්නැතුව ගියා. එයා වෙනස් වුණේ ඇයි කියල මට තේරුණේ ඒ බීච් එකේම වැටකෙයිය පඳුරක් අස්සෙ වාහනේ නවත්තගෙන එයා වෙන කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නව දැක්ක දවසෙ.

එදායින් පස්සෙ මම ඒ පැත්තවත් බැලුවෙ නැහැ.

ඒත්... ඒත් ඊට අවුරුදු පහකට විතර පස්සෙ, එක දවසක, උදේ පාන්දර මගෙ...

“ටිං ටොං.. ටිං ටොං..“

“කවුද??? කවුද මේ උදේ පාන්දර බෙල් එක කඩන්න හදන්නෙ??“

“ටිං ටොං.. ටිං ටොං..“

ඒත් බෙල් එක වදිනව විතරයි. සද්දයක් නැහැ. 

“පොඩ්ඩක් ඉන්න එනවා..“ මං ගිහින් දොර ඇරියා..

“දෙයියනේ.. සං..සංජා...නී.. සංජානී..“

“අහ්..අහ්.. අහ්. විශ්ව.. මට සමාවෙන්න විශ්ව.. මට සමාවෙන්න.. ඇක්.. ඇක්... මට සමාවෙන්න විශ්ව.. ඇක්.. ඇක්.. මගෙන් ඔයාට ගොඩක් වැරදි වුණා විශ්ව..“

“හරි හරි දැන් වුණ දේ වුණානේ.. දැන් ඉතිං අඩල දොඩල වැඩක් නැහැ.. දැන්.. ඉතිං නාඩා ඉන්න..“

“කියන්න විශ්ව.. ඔයා මට සමාව දෙනවද විශ්ව.. හික්.. අහ්.. හික්.. කියන්න..“

“සමාව කියල ඔයා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ සංජානී..“

“වෙන මොනවත් ඕනෙ නැහැ විශ්ව.. මම දන්නව මං ඔයාට දූවිල්ලක් තරම්වත් වටින්නෙ නැහැ කියල විශ්ව.. ඒත් එකම එක වතාවක් හරි මට ඔයාගෙ දෙපා ලඟ දූවිල්ලක් හරි වෙන්න විශ්ව.. ඇක්...ඈක්.. හැක්.. හැක්..“

“ඇහ්.. ඇහ්.. ඒත්.. සංජානී.. “

“නැහැ විශ්ව.. මගෙ එකම ඉල්ලීම එච්චරයි.. ඇහ්.. හැහ්.. ඇහ්.. ඇහ්..“

“මට ඔයාගෙ දෙපා ලඟ දූවිල්ලක් වෙන්න දෙන්න විශ්ව..“

“හරි හරි.. සංජානී.. එහෙනම් අඩන්නෙ නැතුව.. අර හොඳටම දූවිල්ල වැදිල තියෙන මගෙ සපත්තු දෙක පොලිශ් කරන්න බලන්න..“

“අනෙ තෑන්ක්ස් විශ්ව.. තෑන්කස්.. මම හීනෙන් වත් හිතුවෙ නැහැ.. මට ඔයාගෙ දෙපාලඟ මෙහෙම දූවිල්ලක් වත් වෙන්න ඉඩක් ලැබෙයි කියල විශ්ව..“

එහෙම කියපු සංජානි මගෙ දූවිල්ල පිරුණු සපත්තු දෙක කණ්නාඩියක් වෙනකල් පොලිශ් කරගෙන කරගෙන ගියා..

“ආහ්.. මෙන්න විශ්ව.. හික්.. හැහ්.. ඉහි.. මම සපත්තු දෙකේ දුහුවිල් පිහිදුවා..“

“තෑන්ක්ස් සංජානී.. තෑන්ක්ස්.. තව මොනවද සංජානී මට ඔයාගෙන් වෙන්න ඕනෙ...“

“වෙන මුකුත් නැහැ විශ්ව මට ඕනෙ මුළු ජීවිත කාලෙම ඔයාගෙ දෙපාලඟ දූවිල්ලක් වෙලා ඉන්න.. ප්ලීස් රත්තරං.. ප්ලීස්..“

“අනෙ ඒක නම් කරන්න බැහැ රත්තරං.. මොකද අද මගෙ වෙඩින් එක..වෙඩින් එකට යන්න සපත්තු දෙක පොලිශ් කර ගන්න විදිහක් නැතුව ඉන්නකොට තමා ඔයා ඔය දූවිල්ලක් වෙන්න අහගෙන ආවෙ.. ඒ හින්ද දැන් එක පාරක් දූවිල්ලක් වුණානේ.. ඕනෙ නම් දැන් ඔය කාමරෙත් දූවිල්ල අතුගාල දාලා.... දෙයියන්ගෙ නාමෙන්.. යන දේවාලෙක යනවද??“

74 comments:

  1. Replies
    1. මෙයාට මොකුත් තේරෙන්නෙ නැහැ....... බබා..

      Delete
    2. මේ අටමා දැම්මොත් කමෙන්ට් එකක් ඔය වගේ වචන දෙක තුනක් විතරයි...ඩේටා ඉතිරි කර ගන්න එකද දන්නෙ නෑ අපේ අටම් කොලුවගෙ බලාපොරොත්තුව..

      Delete
    3. පව් බං අටමා ලව් සීන් තේරෙන එකෙක්ද බං? ඌ දන්නේ දරදඬු ආදර කතා තමා ;)

      Delete
    4. එහෙම කියන්න එපා ඈ ..http://atampahura.blogspot.co.il/2012/10/blog-post_13.html මේ වගේ කොච්චර ආදරණිය එවුවා ලියලා තියෙනවද එයා :)

      Delete
    5. අටං ගොඩාක් ආදරණීය ටිකක් වැදුනට පස්සෙ...සෑමට මතක ඇති ගම්පහ මල්වත්තෙදි ෂමිමි කෙලීට කියපු කථාව...

      Delete
  2. කෙටි උනා වැඩිද මන්ද, අවුලක් නෑ කතාව නියමයි :D

    ReplyDelete
    Replies
    1. මේක දික් වුනොත් සංජානි පව් බං

      Delete
  3. දුවිල්ලෙන් තිලක තියන්න.........
    ඇත්තටම මොකද්ද බොල මේ???.....

    ReplyDelete
    Replies
    1. පන්ඩිත කෙල්ලෙක් වැරදි තේරුම්ගෙන කොල්ලෙකුගේ පා ලග දුහුවිල්ලක් වීම ගැන..

      Delete
  4. එළ එළ නියම වැඩේ. සපත්‍තු දෙක හොදට පොලිෂ් කලාද? නැත්නම් මස්සිනා මෑන් කකුල් හෝදත්දි දුහුවිලි තිබ්බොත් චාටර්නෙ. ;-)

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. අන්න දඬුවම්..

      Delete
  5. මොකද සෑමෝ උනේ... අද උබේ වෙඩිමද??

    නැත්තම් හීනයක්වත් දැක්කද??

    ReplyDelete
    Replies
    1. ඒක ලබන මාසේ බදින්නේ බං...
      කිව්වේ නැතත් වෙඩිමට යමන් ගාල්ල.

      Delete
    2. යකෝ මොන වෙඩිමක්ද??? මුන්ට මාර දේවල් හිතෙන්නේ..

      @කෙන්ජි - උඹ පේන බලවද?? :)

      Delete
  6. සෑමෝ උබට පෙත්ත ගන්න අමතක උනාද?මොකක්ද මේ කොරල තියෙන්නෙ බොල.

    ReplyDelete
    Replies
    1. පෙත්ත අරන් හොඳ සිහියෙන් තමා බොල ලිව්වේ...

      Delete
  7. ඊයෙ රෑ මොනවහරි වැරදි දෙයක් පෙවිලද මන්ද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං... ඒම අසිහියෙන් ලියනවද මම ?

      Delete
  8. වෙන නම් තිබුනේ නැද්ද දාන්න. කෙටි වුනත් කතාව හොඳයි.

    ReplyDelete
    Replies
    1. අහ්.. මේ ඉන්නෙ විශ්වලා..

      Delete
  9. කතාව නං මරු, සෑමෝ. තව ටිකක් දිගට ලිව්වා නං හොඳයි!

    ReplyDelete
    Replies
    1. තව දිග වුණා නම් අර කෙල්ල විනාස වෙයි..

      Delete
  10. ...... කාලෙ ලංවෙද්දි ඔයවගේ සිතුවිලි පහල වෙනව සෑමෝ. බය නැතුව ඉඳිං.

    ReplyDelete
    Replies
    1. උඹල රහස් පරීක්ෂකයොද බං?? :))

      Delete
    2. //...... ක๟๧ල ල๜๧වද๞ຩ ඔයව๧ග๞ ස๢ත๩໶ල๢ පහල ๧වනව ස๡๧ම๟๞. බය න๠ත๩ව ඉ໛๜// ඒක තමා නියමම කතාව

      Delete
  11. ෂික් තව සතියක් පරක්කු වෙලා නෙ එන්න තිබුනෙ

    ReplyDelete
  12. ඉක්මනට පාපිස්සක් ගනිං...

    ReplyDelete
    Replies
    1. උබ පාපිස්සෙන්ද බොල සපත්තු පොලිෂ් කරන්නෙ?

      Delete
    2. නෑ යකෝ අර කෙල්ල උඹේ දෙපා ලඟ දූවිල්ලක් වෙලා කකුලේ ඇලුනොත් පිහදාල දාන්න...

      Delete
  13. අඩෝ ...එල...එල...ඔන්න කොල්ලෝ කියල කට පුරා කියන්න පුළුවන් කොල්ලෝ පට්ට....
    මෙන්න මගෙන් තොට මල් මිටක්.

    ReplyDelete
  14. හි හි නියමයි ඈ ඉදගෙන හොද වැඩේ කෙල්ලට

    ReplyDelete
    Replies
    1. :)) පුදුමයි එහෙම කිව්වා...

      Delete
    2. මං ස්ත්‍රී වාදියෙක් හෝ පුරුෂ වාදියෙක් නොවෙමි .. මිනිසා කියන නිරුවත් සතා දෙස මේම මේම බලමි ඉදගෙන. :D ලෝකයේ සිටින්නේ මිනිස්සු වර්ග දෙකයි හොද මිනිස්සු සහ නරක මිනිස්සු ...

      ඔයාගේ කතාව ෂෝට් and ස්වීට්

      Delete
  15. සෑම්ගේ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් දැක්කද උදේ පාන්දර... හි හි

    ReplyDelete
    Replies
    1. අනෙ හිරුවෝ පාන්දර මම දකින්නේ තේ කෝප්පෙ විතරයි බොල..

      Delete
  16. ඔබේ දෙපා මුල දුහුවිල්ලක් වී ඉන්නට නොමැත වරම්... කියල කියන්නෙ ඕකට වෙන්නැති මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. මං දාන්න ආව කමෙන්ට් එක :D කමක් නෑ ඉතිං මං වෙන එකක් දාල යන්නම් :\

      Delete
    2. කාගෙද ? මගේ දෙපා මුලද?

      Delete
  17. පරණ කට්ටිය ගෙදරටම ඇවිත් ද මන්දා :D :D :D

    ReplyDelete
  18. අඩෝ මෙච්චරයි කියන්න තියෙන්නෙ..මට බොට වගේ ලියන්න පුළුවන් නම් අම්මප....ජම්මාන්තර මිත්තරයො, අතිජාත තරහකාරයො ඔක්කොගෙම රෙදි ගලනව..

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ.. පව් බං උන්... උන්ට පාඩුවෙ ඉන්න දියන්.. :)

      Delete
  19. මූ මේ කෙල්ල ශේප් කර ගන්න හදන්නේ. මගුල දවසට පරණ ලව් එහෙම ඇවිත් ගේම දෙන්න හැදුවොත් කියලා.

    ReplyDelete
    Replies
    1. අඩේ සුදීකයියා තේරුම් ගත්තා :) :)

      Delete
  20. පිටු ගනනකින් යමෙක් කියන්න උත්සහා කරණ දිඟ කථාවක් ඉතාමත් කෙටියෙන්. පාඨකයාට හිතන්න ගොඩක් තියලා. අඬන සද්දේ ලියලා තිබුණ විඳිහ කියවලා සිනහව නවත්වා ගන්න බැරිවුනා. උඹට ජය මලේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත

      Delete
    2. ස්තුති.. නියම විචාරයක් :)

      Delete
  21. හරිම නිර්මාණශීලීයි!

    නියමයි බං නිර්මාණය....

    කොමෙන්ටු සදහා ප්‍රධාන අනුග්ග්‍රහය කකාගේ ඇනෝ
    සම අනුග්ග්‍රහය ... රාජා සහ දෙසක

    ReplyDelete
    Replies
    1. දෙසක නෙවෙ බං. දේශක.. තෝව කයි උන් ඇවිත්..

      Delete
  22. පරණ සීන් කෝන් මතක් වෙලා උඹ දැන්මම වෙව්ලනවා නේද සෑමා...ඇත්ත කියහං අපි අපිනෙ...

    ReplyDelete
  23. කොහෙද අපේ හිත හොදයිනේ. මෙහම එලවන්න බෑ අපිට. වෙඩින් දවසේ ආවා උණත් තුරුළට අරන් සනසන්න ඉඩ තියනවා

    ReplyDelete
    Replies
    1. අම්මද බොල මූ එක ගලෙක් කුරුල්ලො දෙන්නෙක් කපා ගන්න යනවා..

      Delete
  24. හෙන බොක්කෙන් පටන් අරං තක තීරු විදියට ඉවර කලේ ඇයි .. ඇයි මිනිහො ඇයි ? :D

    අඩන්න බලං කියෙව්වෙ.. හිනා වෙලා ඇඩුනෙ :D

    ReplyDelete
  25. උඹට කලින් කෙල්ල සෙට්වුනා නේද? ඇත්ත කියපං..

    ReplyDelete
    Replies
    1. කලින් කෙල්ල තමා සැට් වෙලා ඉන්නෙ :ඩී

      Delete
  26. දූවිලි මිළ දී ගනු ලැබේ....සංජානී ස්ටෝර්ස්

    දූවිලි විකිණීමට තිබේ....විශ්ව හාඩ්වෙයාර්ස්.

    ReplyDelete
  27. කාගෙද ? මගේ දෙපා මුලද?

    ReplyDelete
  28. අපෝ බය වෙන්න එපා මං එන්නේ නෑ.

    ReplyDelete
  29. හොඳ වැඩේ ඕකිට... :D

    අන්න පෙර ලිපියට මගේ අදහස් දැක්වීමක් බ්ලොගේ තියනවා ඈ.. :)

    ReplyDelete
  30. හරියටම වෙඩින් එක දවසෙම කෙල්ල දූවිල්ලක් වෙන්න ආපු එකනේ සැමෝ වැඩේ කියන්නෙ.

    ReplyDelete
  31. මේ වැඩේ කියන්නේ වෙඩිම දවසේ තනියමද මේ යකා ගෙදර ඉඳල තියෙන්නේ.

    ReplyDelete
  32. උඹට වෙන සීන් එකක්ද මේ ????

    ReplyDelete
  33. ඇත්තටම උන එකක්ද මන්ද නෙහ්...... :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...