Wednesday, November 13, 2013

චෝගම් - ඩ්‍රීම්.... Dream of CHOGM !!!





සුලං පොඳ වැදීගෙන
නිදහසේ පාවෙන්න
හිතාගෙන අපි උන්න
බර වැඩී මහ පොළව


නමාගෙන ඝණකමට
බෝඩ් ටික කපාගෙන
පොඩි කාලෙ මම හැදුව
බර වැඩී ප්ලේන් එක


මහ පොළව බඳාගෙන
දහඩියම වඟුරගෙන
ලයිට් කණු රූටගෙන
ගැටගැහුව සුළං පෙති


බර වැඩී සිරාවට
රටක බර දරාගෙන
කැරකෙන්න මේ හුළඟ
පොඩි වැඩී හැබෑටම


හිතේ දුක් කන්දරා
නොදැනෙනා තරමටම
හිරවෙලා රූං පෙති
බලාගෙන හිදී අද
නිසොල්මන් වී ගෙනම
කියනවා අද අපිට


තද වැඩී
බර වැඩී
සුළං මඳි
කැරකෙන්ට


ගතේ දහඩිය යන්න
රූං පෙති කැරකෙන්න
සිහිනයක් දකින්නට
දහවල නිදියන්න

කැරකියන් රූං පෙති
ගතේ දහඩිය යන්න

Written by sAm_ශ්‍රී_Perera_8:47am_13/11/13

60 comments:

  1. පට්ට නිර්මාණයක්..

    ජෙප්පෝ කියන්නේ රූං පෙති නෙමෙයි "චූං පෙති"

    මමත් ඒ වචනෙට හරි මනාපයි..

    ReplyDelete
    Replies
    1. ස්තුති මාතලන්..

      ඒ වචනෙට මාාත් මනාපයි :ඩී

      Delete
    2. එකෙන්ම මාතේ

      Delete
    3. මං මේ වචනේ ඇහිච්ච මුල් කාලේ හිතුවේ මේක අලුත්ම මෙගා ටෙලි නාට්‍යයේ නම කියලා ඇත්තමයි :)

      Delete
  2. සිරා.පට්ට පිට ඔපෙ විතරය්

    ReplyDelete
    Replies
    1. පිටින් ඔපේ - යටින් හපේ !

      Delete
  3. සෑම් මලයා සාර්ථක නිර්මාණයක් කාලීන අදහසක් පෙරටු කරගෙන. උබේ දෙතේරැම් කවි මම ගොඩක් රස වින්දා. පහුගිය සති අන්තයේ යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙට් උනාම උබේ කවි තමයි අපි රස වින්දේ. උබට ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති..

      යාළුවෝ මං ගැන කැත විදිහට හිතන්න ඇති බං :ඩී

      ජය!!

      Delete
  4. රෙද්ද තමයි මිනිස්සු හූරන් කන වැඩ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

    ReplyDelete
    Replies
    1. දේශප්‍රේමියෝ කියන කතාද මේ??

      Delete
    2. දේශ ප්‍රේමියෝ වුනත් ආණ්ඩු ප්‍රේමියෝ නෙවෙයි. රටට ණය වෙලා මගුල් අරං අවුරදු දෙක තුනක් ණය ගෙවනවා වගේ වැඩක් මේක. මගුල් ගෙදරකදී කරන්නේ ටෙම්පරි තීන්ත පාරක් පොලිෂ් පාරක් ගානවා මගුල් ගෙදර දවසෙම හවස් වෙද්දී පොලිෂ් පාර මැකිලා ඉවරයි.

      Delete
  5. පාන් පෙත්ත උඩ ගිය දාට රූං පෙත්ත මතක්වෙයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද? බඩ ගැන කතා කරල දේශ ද්‍රෝහියෙක් වෙන්න එපා.. !!

      Delete
  6. සමහර ජවුසං මුහුණු බැඳගෙන නටනවා....සමහරක් එව්වා බඳින්නේ නැතිව නටනවා. චොගම් කියන්නේ ඔය ක්‍රම දෙකම මිශ්‍රවූ ජවුසමක්. අවසානයේ වෙන්නේ වෙඩිං වීඩියෝ එකට වෙච්ච දේ තමයි. ටික කාලයක් යනකොට පොඩී එව්වෝ ඒකට උඩින් තව හින්දි බයිස්කෝප් එකක් රෙකෝඩ් කරලා.

    ඊයේ එංගලන්තේ 11/11/2013 ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තාකරනවා ශ්‍රීලංකා රජය බ්‍රිතාන්‍ය රජයේ කබ්බ මන්ත්‍රීවරුන් මේ චොගමට ගෙන්වගන්න කරපු නාස්තිකාර උත්සාහයන්. ඔවුන්ගෙන් සමහරක් පෞද්ගලිකව හමුවී......එක මන්ත්‍රීවරයෙක් කියනවා....ඔවුන් අපට "අවශ්‍ය ඕනෑම් දෙයක් " දෙන්නට පොරොන්දු වුනා ශ්‍රීලංකා රජයේ විදමින්, කෙසේ හෝ එන්න කියා. සමහරක් ඔවුන්ගේ මිතුරියන් සමග පෙරහුරුවක් ලෙස ඇවිත් ගොසින් තියෙනවා. එක්කෙනෙක් ඔහුගේ අනාගත සහකාරිය සමග එන්ගේජ් වෙලා තියෙන්නේත් ...අපේ රජයේ විදමෙන් ගෙන්න ගත්ත වෙලාවක. කොන්සවේටිව් පක්ෂය මේ ගමන් මේ සතියේ තහනම් කරා...

    ටෙලිග්‍රාෆ් යනු ලෝකයේ පිලිගත් පුවත්පතක්...මෙය මාධ්‍යවේදීන් කංඩායමක් විසින් කරන ලද ගවේශනයක ප්‍රතිපලයක්. මෙම පුවත්පතේ 6වැනි පිටුවේ ඔවුන් සමග අපේ තානාපති සමග ඡායාරූප තියෙනවා. මේ මංත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවාලු.....මේ සල්ලි කාගෙද????????? රෝහලකට බෙහෙත් පෙත්තක්?????????

    මේ කමෙන්ට් එක මේ විෂයට අදාල තවත් පෙස්ටුවක සටහන් කල බව සලකන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති මේ තොරතුරු වලට..

      පුවත්පත උපුටාගෙන යමක් ලියනවා නම්, නැවතත් ස්තුති විය හැකියි. අපේ එවුන්ට ඕව පෙන්නන්න ඕනෙ..

      Delete
    2. සෑමෝ......උඹට පුළුවන්නම් 11/11/2013 එංගලන්තේ Daily Telegraph එකේ හයවෙනි පිටුව කියවන්න කියලා ඔය විපක්ශයේ කාට හරි කියපන්. විස්තරය ඔක්කොම තියෙනවා. උන් හිතනවා Tory MPsලා දහයකට ව්ඩා ප්‍රමාණයක් මේ විදිහට approach කරලා කියලා. මට මේ දේවල් ස්කෑන් කරලා අරවා කරල මේවා කරලා එවන්න දන්නේ නැහැ.එතැන ඔය "අවශ්‍ය ඕනෑම දෙයක් කියන" එක පත්තරේ හයිලයිට් කරලා තියෙනවා

      Delete
    3. අපේ විපක්ශෙ උන්ට සිංහලට වැඩිය ඉංගිරිසි පුලුවන් වෙලත් ඇයි බං මේව දකින් නැත්තේ..?? හිටු ලිපිය බලන්න..

      Delete
  7. රූං පෙත්ත හිරවෙනවා
    චොගම් පිට්ටු තැම්බෙනවා
    මාමා අපිට සුරංගනා
    කතා කියනවා..........

    ReplyDelete
    Replies
    1. තීන්ත ටික අතේ ගාං ඡන්දෙ දැමු කාලෙ වගේ.. //

      හිනා වෙන්නෙ නෑ..
      අපිත් එක්ක කෝල කතා දැන් කියන්නෙ නෑ..

      Delete
  8. ඕකට මෝටරයක්වත් දාල කැරකෙව්වනම් ඉවරනෙ, නැද්ද බන් :D

    ReplyDelete
    Replies
    1. පාසල් නිවාඩු දෙන්න කලින් මා මගේ මිතුරෙකු සමඟ ඇති කළ දෙබසක් මෙන්න..

      මම - කෝ බං මේව කැරකෙන්නෙ නැහැනෙ..

      ඔහු - නැහැ මචං දෙමටගොඩ ගුවන් පාලම උඩ ටික නම් කැරකෙනවා..

      මම - එතකොට ඉතුරුවා..??

      ඔහු - මහින්දයා ඉස්කෝල වල පොඩි උන් දාල හරි කරකවයි බං.. උනුත් චූන් එකේ කරකවයි..

      Delete
  9. අය-වැය ආවාම තමයි අපිට චෝගම් ආතල් සනීපෙට දැනෙන්නේ...............

    ReplyDelete
    Replies
    1. නොදැනෙන්න දෙයි ලස්සනට..

      Delete
  10. අති විශිශ්ඨ නිර්මාණයක් !

    ReplyDelete
  11. මාත් මේ දවස්වල ඔය චුයිංගම් එක හපමින් තමා ඉන්නේ. අදෝමැයි ලෙක්චරස් යන්නත් නෑ. අළුතෙන් ආපු නංගි පාළුවෙන් ඇති. සැක්

    ReplyDelete
    Replies
    1. හයියෝ... අලුතෙන් ක්ලාස් එකට ආපු කෑල්ලට පැණි හලන්න යද්දිම මුන්ට නිවාඩු දීල නේ.. :ඩී

      Delete
  12. පට්ට නිර්මාණය මචං.
    චොගම් චුයින්ගම් චූන් පෙත්ත. අපේ ශබ්ද කෝෂ අප්ඩේට් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති !!

      අලුත් වචන අප්ඩේට් වෙන්න ඕන තමා බං.. :)

      Delete
  13. බලහං මේ චෝගම් හින්දා අපේ සෑමාගේ නිර්මාණ ශක්තිය ඔප වැටිලා තියන අපුරුව. ආශ්චර්ය බොල

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තමයි මලින්ද මාමා හිතලම කරනවද මන්දා...

      Delete
  14. රූං පෙත්ත කැරකෙනකොට අපේ සල්ලි පිච්චෙනකොට
    ලොකු අයියල රජ වෙනකොට ලෝකෙට අපි හිනැහෙනකොට

    ReplyDelete
    Replies
    1. අපියි බං පිච්චෙන්නේ..

      Delete
  15. ආ.......
    කරකෝපන් මාමේ රූං පෙත්ත.......
    සුපිරි හුලං පාර.......
    පට්ට ආතල් හලෝ... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. ඔය පින්තූරෙ තියෙනවා වගේ රූං පෙති හන්දියක් හන්දියක් ගානෙ හයි කරලද සෑමො...හුළං එද්දි ඕවා කැරකෙනවද ?

    ReplyDelete
    Replies
    1. බලපං උඹලට පින නැහැ චෝගම් බලන්න. ඒ රූං පෙති කැරකෙන්න චන්ඩ මාරුතයක් එන්න ඕනෙ බං.. තනි යකඩ..

      Delete
  17. නියම ෆොටෝ එකක් හම්බුනා
    http://lakbima.lk/images/stories/cartoons/2013.11.08cartoon.jpg

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට.. දැන් රෑ 1යි. මම හිනා වෙනවා යකෝ තනියම...

      Delete
  18. පොඩ්ඩක් හිටපංකෝ මේ මාසේ අන්තිමට වුයිංගම් බිල එලියට එනකන්..

    ReplyDelete
    Replies
    1. හෙහ්හේ.. ලංකාවෙ ඉන්න අපිට තමා ටොපිය..

      Delete
  19. හසන්ත මහත්තයෝ මේවට නෙවේද ආශ්චර්යය කියන්නේ ? එක තඹ සත පහක් යනවද ඕවා කරකැවෙන්න? අපේ රටේ හැම සිහිල් හුලං පොදෙන් නෙවේද ඕවා කැරකෙන්නේ ? දැන් බලන්න විදුලිය ඉතිරියි. ඩීසල් පැට්ට්‍රොල් ඉතිරියි. හුලං බලේ ...හසන්ත මහත්තයෝ හුලං බලේ .....!!!!

    ReplyDelete
    Replies
    1. හුලං බලෙන් තමා බං බඩ පුම්බං ඉන්නෙත්..

      Delete
  20. සිරාවටම මං නං දැකලම නෑ ඔය චෝගම් රූනා කැරකෙනවා...

    ReplyDelete
    Replies
    1. කැරකෙනවා බං.. සුලි සුලගට..

      Delete
  21. දැනට "හුළං" නෑ... චෝගම් එක ඉවර උනාම තමයි අපිට "හුළං" එන්නේ.... එතකොට කැරකෙයි

    ReplyDelete
    Replies
    1. අන්න එතකොට.. ආණ්ඩුවත් කැරකෙයිද බං?

      Delete
  22. මේවාට මොනවා කියනන්ද කියලා හිතාගන්න බෑ අප්පා. මොකක් හරි අටවගෙන සංදර්ශන තියන්න නම් මේ ආන්ඩුවට තියෙන්නේ පුදුම හැකියාවක්.
    අපිට දීපු චුයින්ගම් එක හෙට අනිද්දාට හපා ගන්න බැරි වුනාට මොකේ සැණකෙලි බලලා ණද්ද සෑමෝ?

    ReplyDelete
    Replies
    1. මාර ආතල් එකක් “මරා“ ගන්නේ..

      Delete
  23. මේවා තරහට කියන කතා

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ.. අපි අපිත් එක්කම තියෙන තරහටද??

      Delete
  24. සුං පෙත්ත කැරකෙනවා


    වෙරළේ ආතල් දෙනවා



    ටි.වී එකේ සුරංගනා



    කතා කියනවා .....


    ආශ්චර්ය ළඟ එනවා



    බඩු මිල ඉහලට යනවා



    චෝගම් ෆන් ගන්න දිහා



    බලා ඉන්නවා ...

    ReplyDelete
    Replies
    1. බුකියෙන් මුළු සිංදුවම බැලුවා :)

      Delete
  25. හොඳ නිර්මාණයක් මචෝ. චෝගම් නං කතාකරල වැඩක් නෑ.

    ReplyDelete
  26. තද වැඩී
    බර වැඩී
    සුළං මඳි
    කැරකෙන්ට

    +++++++++++++++++++

    ReplyDelete
  27. මං චෝගම් ගැන දැනුවත් වුනේ බ්ලොග් ලියන අපේ සැට් එක නිසයි ඉදගෙන ඔව් ,,

    ReplyDelete
    Replies
    1. හිකිස්. අන්න නිවුස් බලන දරුවෝ.. යකෝ සිරි ලංකාව ගැන හෙයන්නෙම නැද්ද??

      Delete
    2. හතර වටින් ලෝකය එක්කර .............දමන
      අතර මැදදි සිතුවම් රඟ දී ................සොදින
      විතර දවස් හතකුත් පෙන්වයි .............මවන
      කතර දිවිගෙවා දුක මිනිසුන් ..............විදින

      සයුර නගන රැළි සේ කර පිට ............පෙරළී
      පහුර නැතුව විද ගනු බර දුක .............කරලී
      පුයර උවන තැවරුව පැහැ ගෙන ......කොමලී
      පැහැර ගලා දෙකපුල දහදිය ...............පුල්ලී

      රග දක්වන්න අපෙ දූවරු කර ...........පින්නා
      සිත කුල්මත් කරන රාගය පසු ...........පන්නා
      තොලකට ලෙව කකා ඇමතියො ඇත පෙන්නා
      තව සති දෙක තුනෙන් දුෂණ වැඩි .....වෙන්නා

      අම්මා කුස්සියේ ඉදගෙන හඬ ..........දෙන්නා
      නොදැනිම ලගදි මුළුතැන් ගෙයි ගිනි ...ගන්නා
      බඩුමිල අහස ඇති වැහිකුළු සිප ..........පැන්නා
      මවනව සුර ලොවක් රට වැසියට .......පෙන්නා

      රැවටෙන සුද්දො චෙරියෝ කියමින් .....යන්නේ
      මහජන සිසුකැලට නැත පාරක් ..........ඇරුණේ
      අධ්‍යපනය සතියට මොට කර .............ලන්නේ
      මෙහෙමයි රටේ අස්චාරිය සිදු .............වන්නේ

      නිති බැබළෙනා ලස්සන අපෙ ලක් ......මවගේ
      ගෙන හැර පපා ලොව වැසියන් සිත .....සැමගේ
      බොරු මව මවා පෙරටම රට .........වැසියන්ගේ
      සමළුව පැවතුණා ගජරාමෙට ..............මුන්ගේ

      රුපියල අපේ පාවේ නුබ ගැබ ..............රහසේ
      ඉතිරිය නැතිව නයමයි බැංකුද .............සමසේ
      ණය බර පැටවුණා මතු උපදින .............පියසේ
      බලමුකො ඉවසලා ඉදගෙන අපි ...........එකසේ

      Delete
  28. චුයිංගං එක හපල හංකඩ උනාට පස්සෙ කොහේ අලවගන්න වෙයිද දන්නෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...