Monday, November 18, 2013

ජම්ඹු ගහෙන් වැටීමේ උත්සවය - Big Girl Party !!


http://www.wikihow.com/Enjoy-Being-Young

ඉස්සර 8, 9 පන්තිවලදී කෙල්ලෝ එක පාරට මිසින් වන්නෝය. සතියක් හෝ ඊට වැඩි කාලයක් පාසල් නොපැමිණෙන ඔවුන් ඊට පසුව පාසලට එන්නේ කේක් පෙට්ටියක් හෝ, සාරියක් හෝ, කුමක් හෝ තෑග්ගක අතැතිවය. උදේම එය ටීචර් අතට දී බිම දණ ගසා වඳින අතර සමහර විටක එදිනට ඔවුන්ගේ දෙමව්පියෝද පැමිණෙන්නෝය. මේ සිද්ධ වන්නේ කුමක්ද? ඔවුන් එකපාරට අතුරුදහන් වූයේ කොහේද? තෑගි අරන් පාසල් ආවේ ඇයිද? යන කරුණු ඒ කාලයේ අපේ සිත් තුල කැකෑරෙමින් තිබුණු බව නම් සැබෑය. එහෙත් බහුතරයක් නොදත්, දැන සිටි එවුන් සිනාසුණු, දැන සිටි තවත් අය නිහඩව සිටි ඒ කරුණු අපට වැටහුණේ ටිකක් කල් ගිය විටය.

පසු කාලීනව අපේ උන් ඒවාට නියම නම් කියන්නට වූවෝය. ජම්බු ගහෙන් වැටීම, ලොකු ලමයි වීම, නැතහොත් ඒකි වැටිලා බං කියා හෝ භාවිත කරන්නට පටන් ගත් නිසා සීන් එක සාමාන්‍යකරණය වූයේය. ඒ අපේ පාසල මිශ්‍ර එකක් වූ නිසාය. සමහර දාට කෙල්ලන්ව පාර්සල් කොට පන්තියෙන් එළියට රැගෙන යන්නේ ටීචර්ලි විසින්ය. සමහරදාට මුත්තරා කරන්නට ටොයිලට් ගිය කෙල්ලන් පන්තියට එන්නේ අමුතු සීන් එකෙන්ය. ඉන්පසු ටීචර්ට හෝ තම මිතුරියන්ට කනට කොට යමක් පවසා ඇය එදිනම  පන්තියෙන් ඉවත්ව යන්නේ නිවාඩුවක් ගත කරන්නටය. අපේ එවුන් ඒ ලමයාට සිද්ධ වූයේ කුමක්දැයි හොයන්නට නොයන්නේ සිද්ධිය වටහා ගත් නිසාය. පුංචි කාලේ දිනක් කොල්ලෝ සැට් එකම පන්තියෙන් එළියට දමන්නට තරම් අපේ ගුරුතුමියක් කුරිරු වූවාය. එදා ආතල් එකේ එළියට පැන්න අපි සෙල්ලම් කරන අතරතුර ටීචර් අර කෙල්ලව පාර්සල් කොට හොදින් ආවරණය කරගෙන ගෙදර යැව්වාය. බොහෝ විට වල් කොල්ලන් යැයි, පැහිච්ච එවුන් යැයි හංවඩු ගැසෙන කොල්ලෝ ඒ කාලේ මේවා නොදන්නෝය. එහෙත් කෙල්ලෝ දන්නේය. ඒ අතින් බලන විට කෙල්ලෝ කොල්ලන්ට කලින් පරිතනත වන බවක් හැගෙන්නේය. ඒත් බබාසේ හැසිරෙන්නේද උන්මය.

උක්ත අකරතැබ්බය සිදුවූ පසුව කෙල්ලව කොල්ලන්ට නෙපෙනෙන ලෙස සඟවන්නේ මන්දැයි මගේ සිත තවමත් ප්‍රශ්න කරන්නේය. එසේ සඟවාගෙන ගෙදර ගෙනියන ඇයව පිරිමි පාර්ශවයට නොපෙනෙන ලෙස කාමරයක සිරකර තැබෙන්නේය. එසේ තබා සතියකින් හෝ එළැඹෙන නැකැත් දිනයකදී එළියට ගන්නේ හොඳින් නාවාය. එලෙස තැබීමේ පරමාර්ථය මා දන්නේ නැතිය. බටහිර රටවල පවා මෙවන් චාරිත්‍රයක් නැතිය. මේ සම්බන්ධව දැන උගත් මිතුරෙකුගෙන් විමසා සිටි කළ ඌ කියා සිටියේ මෙවැනි චාරිත්‍ර අතීතයේ සිරිලංකාවේ කළේ රජතුමාට අන්ත: පුරයට කාන්තාවන් වැඩි කර ගත යුතු නිසාය. මෙවැනි චාරිත්‍රයක් මඟින් අලුත යොවුන් වියට පා තැබූ කෙල්ලන් හඳුනාගත හැකි බවත් එමඟින් රජා ඒ කෙල්ලව උස්සාගෙන එන බවත් කියා සිටියේය.

ගහෙන් වැටුනු පසු, සිදුවූ හානිය සුවපත් වනතුරු කාමරයක රඳවා ගන්නා කෙල්ලන් කොල්ලෝ දැකීම නරකද? යන කාරණාව පිළිබඳව මා සොයා බැලුවෙමි. බොහෝ විට එලෙස කාමර ගත වන්නා වූ කෙල්ල කාමරයේ සිටින්නේ කම්මැලිකමෙන්ය. කරන්නට දෙයක් නැති නිසා කාමරයට රිංගන කෙල්ලන් සමඟ කියවීම කළ හැකිය. එයද වැඩි දවසක් කළ නොහැකි නිසා ගෙදර තිබෙන ටීවී එක කාමරයට අඳන්නේය. ඉන්පසු කෙල්ල කාමරයට වී ටීවී එක බලන්නීය. එවිට ටීවී එකේ සිටින පිරිමින් දෙස ඇය නොබලා සිටින්නේද? එය ආතල්ම කාරණයක්ය. පුංචි කාලේ දවසක් සෑමා මේ කිසිවක් නොදැන කොටහළු ගෙදරකට ගියේය. අම්මා, අක්කා, සමඟ ඒ ගෙදරට ගිය සෑමා අම්මා පස්සේම ගොස් කොටහළු කෑල්ල සිටි කාමරයටම ගියේය. කාමරය ඇතුලේ ගෑණු විමානයක්ය. ඒ අතර සෑමාද හිඳගන්නට තැනක් නොමැතිව හිඳගත්තේ කොටහළු කෑල්ලගේ ඇඳමතය. විනාඩි කිහිපයකින් ඒ කෑල්ලගේ අම්මා “අඩේ.. මේ කොල්ලත් මේක ඇතුලට ඇවිත්..“ කියමින් සෑමාව එළියට ඇඳ දැම්මාය. කිසිත් නොදත් සෑමා එළියට විත් කල්පනා කළේ “යකෝ ඒක ඇතුලේ බලන්න තරම් දෙයක් නැතුව.. මාව මොන බම්බුවට එළියට දැම්මාද“ කියාය.

ඉස්සර කෙල්ලෙක් ගහෙන් වැටුනාම ඒ ගැන තැන තැන කියවන්නේද නැතිය. බොහෝවිට අඩු වයසින් වැටුණු විට එහි රහස්‍ය බව පිළිබඳව හෙන සැලකිල්ලක් දක්වන්නේය. ඒ කාළයේ එලෙස තිබූ තත්වය දැන් වෙනස්ය. කෙල්ලෙක් වැටුණු විට හත් ගමටම මඟුල් කීමට තරම් අඬබෙර ගැසෙන්නේය. බොහෝ විට කාඩ් පවා ප්‍රින්ට් කර ජනතා සතු කරන්නේ පාටියට එන්න කියමින්ය. ඉස්සර කාඩ් ගැසුවේ මඟුල් වලට පමණක්ය. දැන් වෙඩින් මඟුල් වලට පවා කාඩ් ගැසෙන්නේය. වෙඩින් මඟුල් යන අනුවර්ථනාමය භාවිත කරන්නේද කොටහළු ඒවාටය. එලෙස ප්‍රසිද්ධ කරමින් මඟුල් කන්නට තරම් ලොකු දෙයක් ලෙස සමහරු ගහෙන් වැටීමේ සංසිද්ධිය භාවිත කරන්නෝය.

මෙම මාතෘකාව පිළබඳව සහ ඒ අත්දැකීම් පිළිබඳව හොඳින් කතා කළ හැකේකේ ගහෙන් කෙල්ලෙක්ට මිස අන් කවර අයෙකුට වත් නොවේ. මේ පිළිබඳව පිටස්තරව සිට ලිපියක් ලියූවා සේම, මේ පිළිබඳ ගැඹුරින් හඳාරා අත්දැකීම් ගත් කෙල්ලෙක්ට ලිපියක් ලිවීමට පසුබිම මින් සකසා දෙන්නෙමි.

Written by sAm_ශ්‍රී_Perera_8:03am_18/11/13

පලි -

මේ මාතෘකාව පිළිබඳව කතා කරද්දි මට මතක් වූයේ ඉංගිරිසි ගීතයක්ය. මාතෘකාව කෙහෙත්ම අදාල නැති වූවද, එහි ගහෙන් වැටීම ගැන සඳහන් නොවුනද, මුල් වචන පේලිය ආතල්ය. 

I'm a big big girl 
In a big big world 

It's not a big big thing if you leave me 
But I do do feel 
That I do do will 
Miss you much 
Miss you much 

111 comments:

  1. Sirawatama..matath oka maarama mara prashnayk wela tibuna bn.5 wasaren passe boys scl ekkta gypu nisa ubta taram athdakim mata nathuwaa..
    Dn nikam kotahalu magul ganne,ape gdara loku lamayek innawa onna dan ublage ware kiyala danum denda wgene.ane manda bn.maha pacha chariththa warithra godk tiyanawa ne ape me sinhala sanskruthiyath ekka..
    Sabawinma age kalayuthu than bohomayk tiyanawa.
    E athara moda chun tiyanwane..
    Batahira ratawal wala ohma unahma mkda dn na nda bn karanne?
    Un na wge innawada?

    ReplyDelete
    Replies
    1. anik ratawal wala kohoma monawa karanwada kiyana eka thama hoya ganna oni, balamu kattiyage adahas :D

      Delete
  2. මම නං හිතන්නේ ලංකාවේ මේ සම්බන්ධ සිරිත් විරිත් දැන් යල් පැනලා කියල යි. සිරිත් විරිත් හොඳින් ඉටු කරනවට වඩා අනාගතේ දී පරිස්සම් වෙන්න ඕනේ විදිය ගැන කෙල්ලට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නං ලොකු දෙයක්. දැන් ඉතින් අම්මලා නැන්දලා එකතු වෙලා කරන්නේ නැකත් දවසට අඳින්නේ පළඳින්නේ මොනව ද කියලා තෝරන එක මිසක් උපදෙස් දෙන එක නෙමෙයිනේ :(

    ReplyDelete
    Replies
    1. //අනාගතේ දී පරිස්සම් වෙන්න ඕනේ විදිය ගැන කෙල්ලට උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නං ලොකු දෙයක්.//

      මේක සහතික ඇත්ත. ජීවත් වෙන හැටි, පරිස්සම් වෙන හැටි කියල දුන්න නම් වටිනව තමා..

      Delete
  3. ඕකේ කතන්දරේ මහාචාර්ය නන්දසේන රත්නපාල ඉස්සර පත්තරේකට ලියලා තිවුනා.
    ඉස්සර දැන් වගේ 25 පනින කම් ගෙදර හිටියේ නෑ.
    ගෑණු ළමයෙක් කොටහළු වුනාම ගැණු ලමයගේ පුතාලා ඉන්න මාමලට පණිවිඩ යවනවා.
    මේ ගෙදර විවාහයට සුදුසු ගෑනු ලමයෙක් ඉන්නවා කියලා.
    එතකොට ඒ මාමලා කැවුම් පෙට්ටි අරගෙන එනවා.
    ඒ කැවුම් පෙට්ටියට තෝඩුවක්(කරාබුවක් වෙන්ටෝනේ) දාන මාමාගේ පුතා මේ ගෑණු ලමයට යෝජනාවක් ගේනවා..
    ඒ දවස ඉතින් උත්සවයක් වෙනවා.
    අපේ සංස්කෘතිය තුල නැකතක් නැතුව හචිමක්වත් යවන්නේ නැති කොට ඔය හංගලා ඉදලා කාමරෙන් එලියට ගන්න එක කීයටවත් නැකතක් නැතුව කරන්නෑ.
    ඒක නිසා එදාට නැකැත් අනිවා බලනවා.
    එතකොට ඔය දවස පොඩි උත්සවයක් වෙනවා.

    බලන් ගියාම ඒකේ අදහස වුනේ තමන්ගේ ගෙදර විවාහයට සුදුසු ගෑනු ලමයෙක් ඉන්නවා කියලා වටේ පිටේට දැනුම් දීම.
    දැන් කාලේ ඔය 100-1000ත් අතර සෙනගකට කියලා ඔය පාටිය ගන්න අයගේ වුවමනාවත් ඒකමද?
    තමන්ගේ දූව ඉක්මනට දීලා දාන්න?
    just like attach a poster on her back
    ready for marry

    ReplyDelete
    Replies
    1. උත්සවයක් තියන්නේ එකටද... ස්තුතියි.... දැන් නං එන්නේ කොල්ලා... මොකද දැන් ඉන්න කෙල්ලෝ වැටෙන්නත් කලින් කොල්ලෝ එක්ක යාලු වෙනෝ... :3 ඊට පස්සේ.. ඉතින් වැටුනම කොල්ලට ආරාධනා කරනවා.... (කාටද ආඩම්බර :3 )

      Delete
    2. කට්ටිය දැනුවත් කොරන්ට තමා එහෙනම් උත්සවේ තියන්නේ නේද? ;)

      Delete
  4. අම්මප ඔය පස්නේ මටත් දරුනුවටම තිබ්බා....

    එකට කෝම්පිට්ටු ගගහා හිටපු එකී එක පාරට අතුරුදහන්... pack කරලා සිල් කරලා ගෙදර යවනවා... ඊට පස්සේ උන්දැලයි ගෙදර පාටියක්,,, විකාරයි

    කොම උනත් මම අදටත් දන්නේ... පලවෙනි පාර මෙවුවා උනාම... කොයි ලෝකේ හිටියත් pack කරලා සිල් තියල ගෙදර උස්සන් යනවා ඊට පස්සේ සත්වර්ස ගානක් කාමරයක් ඇතුලේ පිරිමියෙකුගේ හුළඟක් වත් වැදෙන්නේ නැති වෙන්න තියන් ඉන්නවා... ඊට පස්සේ මොකක්ද නැකතක් එන වෙලාවක... පහනකට පිඹලා කලේ පොලේ ගහලා.. කෙල්ලගේ ඔලුවට සුදු රෙද්දක් දාලා එක අයින් කරනවා වගේ සින් එකක් (එක දැක්කෙත් add එකකින් :3 ) ඉඅ පස්සේ එදා රෑ 12 1 2 වෙනකන පාටි...

    :3 මයියොක්කා....

    මම කියන්නේ pack කොරන්නෙත් පාටි දීලා packing කඩන්නේත් පාටි දීලා... මාරයි අප්පා.... :3 -_- මාගේ ළමා මනසට මිට එහා කිසිවක් නොතේරේ -_- :3 ස්තුතියි ... :3

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔව් උඹ බබා නේ

      Delete
    2. //pack කොරන්නෙත් පාටි දීලා packing කඩන්නේත් පාටි දීලා//

      ආතල් කතාව..

      Delete
    3. ඒ ගැන වල් හිතට කවියක් ලියහං බං. හොඳ මාතෘකාවක්...

      Delete
    4. උඹ මගෙ වල් කවි සැට් එක එලියට ගන්න හදන්නෙ ඕං..

      Delete
  5. අපේ ඉස්කෝලෙනම් ඔහොම අත්දැකීම් නෑ බන් අපේ කොල්ලො විතරනෙ :D

    මන් හිතන විදිහටනම් ගමටම කියගෙන මගුල් කාගෙන විකාර කරල කොටහලු මගුලක් ගන්න එක බොරු වැඩක්, පිට රටවල ඔහොම නෑනෙ මුල් පාරට හැදුනම හන්ගල තියන එව මුකුත් නෑ පෑඩ් එකක් දගත්ත සාමාන්ය විදිහටම වැඩ කරන් යනවනෙ :D

    ReplyDelete
    Replies
    1. හෙලා දකිමි

      Delete
    2. යකෝ හෙලා දකින්නෙ පෑඩ් දාන එකද?

      Delete
    3. මේකිට පිස්සු බන් :D

      ජම්බු ගහෙන් වැටුනට පස්සෙ කෙල්ලන්ගෙ අලි ඔලුව නේද බන්, හරියට අවුරුදු 10කින් වැඩිමල් උනාවගේ ටොක්ස් දෙන්නෙ :D

      Delete
    4. අම්බෝ ඔව් හෙන පරිනත වෙලා එලියට එන්නේ.. ඔය කාමර ඇතුලෙ ක්ලාස් තියෙනවද බං/?

      Delete
    5. අක්කල අම්මල නැන්දල ආච්චිල ලෙක්චර්ස් තියනවලු බන් මාරුවෙන් මාරුවට :D

      Delete
  6. ඔය විදියට මාවත් කනෙන් අදාල එලියට දාලා තියෙනවා අප්පා. ඔය වහන් ඉන්න හේතුව නම් හොයන්නම වටිනවා.

    ReplyDelete
    Replies
    1. අයිතිවාසිකම් දිනා ගන්න වෙයි බං..

      Delete
  7. දැන් නම් මේ ගෝත්‍රික ගති සිරිත් ඇත්තෙම නැති තරම්.. ඒක ළොකු දෙයක්..

    ReplyDelete
    Replies
    1. සංස්කෘතික චාරිත්‍ර කියන්නේ ඒවාට නේ අයිබන්
      කොහෙද ජාතියක් ජන්මයක් නැති උන්ට එව්වා තේරෙනවා කියලයි !

      Delete
    2. නැත්තෙ කෙහෙද? ඔය තියෙන්නෙ තාම...

      Delete
  8. ඉස්සර කෙල්ලෝ සති ගනන් එන්නේ නැතුව ඉදලා එක පාරට කේක් ගෙඩි අරං පන්ති වලට එන හැටි මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ටීචර් ඒක කුදලගෙන යනවා බං.. ඒකනෙ දුක...

      Delete
  9. ඔය සිද්ධිය සම්බන්ධ ලස්සන ඇඩ් එකක් තිබුණා (ග්ලිඩන්)

    අපිටත් ඔය අත්දැකීම්ම තමයි ලැබුණෙ, මිශ්‍රපාසල්නෙ. මගුලෙන් පස්සෙ කෙල්ල එන්නෙ අපිට ඛාද්‍ය බෝද්‍ය දේවල් අරගෙන අපි ඉතිං ඒවා කාලා "සිනා දොලක්වන් සිනා මලී" සිංදුව කියලා සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි ඇඩ් එක..

      යකෝ කෙල්ලට සුභ පතද්දි ඒකි ඉන්නවද ඇඹරෙන්නෙ නැතුව.. ඒකාලෙ සුමියලා මාර ඇඩ්වාන්ස් නෙ.. අපි නම් ඕව දන්නෙත් නැහැ..

      Delete
    2. නංගි නංගි

      යන්නයි කිව්වෙ පැත්තකට

      අයියටත් වදින්න දුවේ

      Delete
  10. මට ඔය ප්‍රශ්නේ මාරම ප්‍රශ්නයක් ඒ කාලේ....ලොකු ළමයෙක් වෙච්ච ගෑනු ළමයෙක්ගේ පාටි එකකට ගියාම මම අම්මගෙන් අහනවා " අම්මේ ඉතින් ඒ අක්කා ලොකු වෙලා නෑ නේ....(ප්‍රමාණයෙන්). ඉතින් ඇයි ලොකු ළමයෙක් වුණා කියන්නේ?"
    අම්මට කට උත්තර නැතුව බලන් ඉන්නවා. පස්සෙනේ සීන් එක දැනගත්තේ......

    ReplyDelete
    Replies
    1. හිකිස්.. උඹ අම්මව අසරණ කරලා.. :ඩී

      Delete
  11. ""මෙවැනි චාරිත්‍ර අතීතයේ සිරිලංකාවේ කළේ රජතුමාට අන්ත: පුරයට කාන්තාවන් වැඩි කර ගත යුතු නිසාය. මෙවැනි චාරිත්‍රයක් මඟින් අලුත යොවුන් වියට පා තැබූ කෙල්ලන් හඳුනාගත හැකි බවත් එමඟින් රජා ඒ කෙල්ලව උස්සාගෙන එන බවත් කියා සිටියේය."""

    මට හිතෙන්නෙ තහනම් අඩවියෙ රජත් ඔහොම එකෙක්ද කොහෙදය.......

    ReplyDelete
    Replies
    1. අපොයි ඌ නම් මගුල ගන්න කලින් කුදලගෙන යන රජෙක් බං :)

      Delete
    2. ඒකද ඌ ශිෂ්‍යත්ව පංති වටේ කැරකෙනවයි කියන්නෙ?

      Delete
    3. ඔව් බං.. පව් මල් කැකැළු විනාසයි..

      Delete
  12. හ‌පෝ.. මහ කේස් එකක්.. මළ විකාරයක්... ඒ උනාට ඉතිං හැමෝගෙම අවදානය හම්බුවෙන එකත් එච්චරම නරක නෑ... හි හි... පාටිය නෙවෙයි මං කිව්වෙ.. කාමරේට වෙලා ඉන්න ටික.. කන්න ජාති හම්බුවෙන්නෙ නැති එක තමයි එකම අවුල.. හැබැයි මට නං හම්බුනා... පළතුරු ගෝනි ගනං... හි හි .. අපේ අම්මල මාව මාස ගනං කාමරේ හිර කරන්, ඉස්කෝලෙත් පාඩු කරගෙන ඉඳලා, ඊළඟට ඕකට පාටි දාන්න තරං ඔලුවෙ අමාරු කාරයෝ නොවිච්ච හින්ද හොඳයි...

    මං මට වෙච්ච හරිය ලිව්ව බ්ලොග් එකේ කාලෙකට කලින්... හි හි

    ReplyDelete
    Replies
    1. මම පිලිතුරක් බලාපොරොත්තු වූ බ්ලොග් කාරිනිය, මේ පෝස්ට් එක දාද්දි හිරුවම මතක් වුනේ මොකද මන්දා..

      යකෝ කෑම බීමත් තෝරලද කන්නෙ බොන්නෙ???

      Delete
    2. ඇයි බං ජීවිතේට ඇහැට දැකලා නැති තැම්බුං හොඳි... ඒ මදිවට අච්චර පපඩම්ද අරවද මේවද හදනව.. සුවඳ ආවට දෙන්‌ෙන නෑ නේ ඒව.. අන්න ඒක තමයි ඉවසං ඉන්න අමාරුම... හි හි..

      මාව මතක් උනේ මේකට බයින හින්දද.. හි හි

      Delete
    3. තෙල් කෑම තහනම් නේ? තැම්බුම් හොඳි දෙන එකේ තේරුම මොකක්ද බං??

      බයින නිසා නෙවෙ බොලව්.. දෙයක් කෙලින් කියන්න, අහන්න තරම් සාර්ථක කමෙන්ට් දාන නිසා..

      Delete
    4. ඇයි බොල විකාරයක් කියන්නෙ...ඕකට පින් සිද්ධ වෙන්න නොවැ අද සම හරක් දෙමාපියො ගතම් එකක් අතට එන පරිදි පාටිය සැලසුම් කරගන්නෙ...

      Delete
    5. අර කතාවෙ තිබුනෙ ඒ ගැනනේ .. අර බාතෲම් එකට ගියාමනෙ දැනගෙන තියෙන්නෙ

      Delete
    6. සමියට කතාව මතකයි නේ.. හි හි... එල්ලන්න ඕනෙ ළඟදිම ඒක බ්ලොගේ පැත්තකින්...

      දෙයියො දනී සෑම් තැම්බුං හොඳි දෙන එකේ තේරුම.. තැම්බුං හොඳි වලට ආහාර රුචිය නං වැඩි වෙනව කියල දන්නව.. ඒ ඇරෙන්න නං මං වෙන දෙයක් දන් නෑ..

      සිරා... ඔක්කොම මඟුල් සහ අවමඟුල් පාටි ඒ ජාතියෙ තමයි බං... හි හි

      Delete
    7. තැම්බුං හොදි දෙන්නෙ ලේ පිරිසිදු වෙන්නයි කියල අපේ ආච්චිනං කියල තියනව. ඒ කියන්නෙ වැඩි අනං මනං නැතුව දිරවන ජාතියක් නිසා සහ සුදුළුණු දැමීමෙන් බඩ පිරිසිදු වෙනවලු. ඒකෙන් ලේ පිරිසිදු වීමක් වෙනවා කියලත් ආච්චි කියල තියනව. ඒ වගේම තැම්බුං හොදි එක්ක බත් කෑමෙන් ඒ දිනවල ශරීරයට දැනෙන අපහසුවත් නැති වෙනවලු. ඒ වුනාට මං නං හෙන විරුද්ධ වුනා ඔය තැම්බුං හොද්දට. සුදු අම්ම ලග හිටපු නිසා මං නං අපේ ආච්චිට හොරෙන් කුකුල් මස්, කොස් ආදී විවිධ වෑංජන බත් එක්ක කෑවා. හික්ස්.

      Delete
    8. සිඟිති මාර සැපට ඉදලා නේද?

      Delete
    9. hiru loku lamek una kiyala sure da? he he

      Delete
  13. ඉතිං ඕක සමරන්නෙ නැති අය ලොකුවට මගුල් ගන්නවාකසාද බදින මගුල..ඒක ගන්න එකත් වැඩක් නැහැ නෙව එක අතකින්...බදින උන් දෙන්නා කවදාවත් නොදකින යාලුවො නෑයො සෙට්වෙලා කාල බීල යනවා.. උන් දෙන්නා රෑට තනියම තනිවෙල අසුවල් වැඩේ කරනවා..

    හදපානෙ ගියත් පොඩියට ගත්තත් තරු හෝටල් වල ගත්තත් සමරන්නෙ දෙන්නා සෙට් වීම නෙව.. ඔන්න බල්ලො නම් සෙට් වීම විදහා දක්වන්න වාගේ විනාඩි විස්සක් විතර අලෝගෙන පාර පුරා දුවනවා.. අපේවෙඩින් වල එහෙම නැහැ නේ.. බොරුවට ලේයර් විස්සක් විතර රෙිද ඇදගෙන මහ බබා වගේ පේන්නගෙන පිංතූර ගන්නවා..

    මම කනියන්නෙ කොටහලු මගුල හොද නැත්තං පියුස් එක යවාගන්න කසාද මගුලත් ඕන නැහැ..

    ReplyDelete
    Replies
    1. පට්ට කාලීන කමෙන්ට් එකක් :ඩී

      Delete
  14. ඒ කාලෙදි ගැහැණු ළමයි ආසයි යාලුවන්ගේ පාර්ටි වලට ගියාම තමන්ගේ එකටත් යාළුවො ටික එනවට ,, ඒක ලොකුවට පාටියක් දාන එක නම් තේරුමක් නැහැ ,, ඒත් සමවයසේ යෙහෙලියොත් එක්ක සහ , එදාට අලුතෙන් අදින ලස්සන ගවුම අදින එක ගැහැණු ළමයෙක්ගේ අහිංසක සිහිනයක්..ඒ වගේම යාළුවො ටික ඇවිත් ගියාම ඒ ලැබෙන සබන් , පියරු බෝතල් අත පත ගාන්න මමත් ආස කළා..ඒ සුවද ඒ හැගීම හරි අමුතුයි.. බිග් කොටහළු මගුල් ගන්න ඕනේ නැහැ ,, ඒ ළමයට ඉදිරි ජිවිතයේ පරිස්සම් වෙන්න ඕනේ විදිය කියාදෙන්න ඕනේ කියන එක වගේම ,, අර විදියට දින 3,4 ක් එහෙම ගේ ඇතුලේ ඉදලා ,, අර වගේ යෙහෙළියෝ එක්ක ආයෙමත් මුහු වෙද්දී ,,දැනෙනවා අමුතු හැගීමක්,, ඒ දවස් කීපය තුල දැනෙනවා ,,සිතනවා වෙනස් විදියට ,, මගේ අදහස ඒ අත්දැකීම ගැහැණු දරුවන්ගේ ඈත් කරන එක හොද නැහැ ..

    ReplyDelete
    Replies
    1. ස්තුති අපූර්වි අදහසට..

      Delete
  15. අඩේ අපේ ඉස්කෝලෙත් ඔහොම වෙලා පැකට් කලා..අන්තිමට වෑන් එකකින් ඇවිත් තමයි පැකට් එක අරගෙන ගියේ..අපිත් ඉතින් මැජික් වගේ හොරෙන් බලාගෙන හිටිය..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඇයි බං සද්ද නැතුව අරන් යන්නෙ නැත්තෙ.. කවුරුවත් දන්නෙ නැහැනෙ. නිකංම අරන් ගියා නම්..

      Delete
  16. අපිත් පිරිමි පාසල් වල හින්දා ඔය කියන අත්දැකීම නෑ. ඔහොම පැක් කරලා ගෙදරට යවනවා කියලා දන්නෙත් මේ ගොඩක් ළඟදී.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා පාඩුව. යන්න එපෑ මික්ස් එකකට :)

      Delete
  17. ඉස්කෝලේ කෙල්ලෝ ගැන ඔහොම හොයන්න උවමනාවක් මට තිබ්බේ නැහැ බන්..හැබැයි පොඩි කාලේ අම්මා එක්ක කොටහළු මගුල් වලට ගියාම " කෝ මනමාලය " කියලා අහල නම් තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. අම්ම මොකද බං එවලෙට කිව්වෙ??

      Delete
  18. දැන්නම් ඔය විකාර ගතිය ටිකක් අඩුයි.

    ReplyDelete
  19. මාවත් ඔය පිටමන් කි‍රීමෙ සිදුවීම් නම් වෙලා තියනවා. ඒත් අපේ මාමාගෙ දුව වෙච්චි අපේ අක්කා කෙනෙක් ඇතුලෙ ඉත්දිනම් එයත් එක්ක කඩේ දාන්ඩ ගිහින් ගුටි නොකාපු ටික විතරයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මූ ප්ලෑන් කරලම ගිහින්ද කෙහෙද !

      Delete
  20. අප්පේ මට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි කොල්ලොන්ට ඔහොම දෙයක් නැත්තේ ඇයි කියන එක! තිබ්බනම් යාලුවෝ සෙට් එක එක්ක කාමරේකට සෙට් වෙලා TV ගේම් පාරක් ගහගෙන ඉන්න තිබ්බනේ බං දවස් ගානක්!
    මේකනේ අපේ කස්ටිය බලන්නේ මේ කොටහළු මඟුල කියන එකත් ඒ අයගේ තාන්න මාන්න පෙන්නන්න කරන ෂෝ එකක් කරගෙන!

    ReplyDelete
    Replies
    1. එකනේ කොල්ලන්ටත් තිබ්බනම් මාරු .ආතල් විතරයි දවස් ගානක්.ඉස්කෝලේ කට්,unlimited gaming time,මාරු ආතල්

      Delete
    2. අඩේ මේ සංකල්පය අපි ගේමු.. නියමයි..

      ඒත් දැන් පරක්කු වැඩී නේද?? දැන් අපි ලොකු ලමයි නේ.. :ඩී

      Delete
    3. අපේ පොඩි උන්ට අවස්තාව හදලා දෙමු බං!

      Delete
  21. චැහ්..
    පිරිමි පාසලකට යාමේ මෙව්වා එක කියන්නේ මෙව්වා අපි දැකලා නෑනේ...
    ඉහි ඉහි...

    ReplyDelete
    Replies
    1. අම්බෝ.. තරියා.. උබ කාන්තා එකකට ගිය එකම තමා හොඳ

      Delete
  22. අපේ ගෙදර නම් ඔච්චරම විකාර තිබුනේ නෑ.මම හොඳට කෑවා වෙනදා කනවා බොනවා වගේම.කාමරෙන් එළියටත් ගියා ඔලුව වහන්නේ නැතුව.
    :D :D
    මගේ නම් අදහස ඔය චාරිත්‍රය මළම මළ විකාරයක් කියලා.මෙලෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. ගෙදර වෙන මිනිස්සු නැතුව ඇති.. බොලා ඇවිදින්න ඇත්තෙ..

      Delete
    2. ඔව්.පාටි ගත්තේ නෑ නේ.නෑයෝ ටික විතරයි හිටියේ.
      මම ඕක කිව්වෙත් දවසක් විතර පහු වුනාට පස්සේ. :D :D :D

      Delete
  23. මම නම් අහල තියෙන විදිහට ඉස්සර ගම්වල ගෑණු ළමයෙක් වැඩිවියට පත් උනාම ඒක ගමටම දැනුම් දුන්නේ මේ ළමයා දැන් ලොකුයි ඉස්සර වගේ නෙමේ ටිකක් පරිස්සමින් ආශ්‍රය කරන්න වැඩිහිටි කාන්තාවකට වගේ සලකන්න කියන එකට ගම්මුන්ව දැනුවත් කරන්නයි. පසුව අබුද්දස්ස කාළේ මේක ජෝගියක් උනා.
    මමත් මේ ස්වභාවික කාර්ය්‍ය උදෙසා දාන සාජ්ජය වල් අනුමත කරන්නේ නෑ. ඒත් අපේ පැරණි චාරිත්‍ර නම් තියෙන එක හොඳයි කියලා විශ්වාස කරනවා. මොකද ඒක තමයි අපේ හැදියාව, සංස්කෘතිය, අනන්‍යතාව. ඒකෙන් ඒ ගෑණු ළමයට උනත් තමන් ගැන වගකීමක්, හොඳින් පරිස්සමින් චරිතය රැක ගෙන ඉන්න ඕන කියන අදහසක් ඒ වයසෙදිම හිතට යනවා.
    ඒත් මේ රටවල මොනවා වෙනවද දන්නෙත් නෑ. අම්මලට ගානකුත් නෑ. අම්මා බලන්නේ දුව හරියට උපත් පලක පෙති ගන්නවද කියලා විතරයි. හැමෝම නෙමේ. නමුත් බහුතරය. ඒත් අපේ කමට මේ සිරිත් වැදගත්.
    නාවන එක ඒ යුවතියගේ අම්මම කරන එක තමයි හොඳ.....

    ReplyDelete
    Replies
    1. ස්තුති අදහසට..

      ඒත් ඒ රටවල ලමයි මෙහෙ දරුවන්ට වඩා දැනුවත්. සිරිත් විරිත් වගේම ඒ දැනුම දෙන එක හොදා...

      Delete
  24. යකඩෝ...උඹ චාටර් කියන්නෙ පතාර චාටර් එකක්නෙ කාලා තියෙන්නෙ...කොටහළු කෑල්ලගෙ ඇද උඩ උන්නා කියන්නෙ.......

    මට නම් ඉතිං ඔය පන්ති වල වෙන සීන් ගැන කිසිම දැනුමක් නෑ...අපි ඉතින් පිරිමි පාසල් නොවැ...ඔය ඔතාගෙන එන පාර්සල් වල තියෙන කැවුම් කොකිස් මුං ඇට කැවුම් කොණ්ඩා කැවුම් අතිරස කිරි අලුවා මුංගුලි නාරං කැවුම් පන්තිය බාර ටීචෑර්ලා තොපිටත් කැව්වද ?

    ReplyDelete
    Replies
    1. පිරිමි පාසලේදි උබව පැකැට් කරල අරන් ගියාලු නේද??

      ඒ කැවුම් අපිට නෙවෙ බං ටීචර්ලට..

      Delete
  25. සමහර කෙල්ලො ඉන්නව බන් යෝනි විවරය කන්‍ය පටලයෙන් සම්පූර්ණම වැහිල තියන අය, එහෙම අයට ලේ එන්නෙ නෑ බන්, ඉතින් මෙන්සස් හැදිල අමාරුව තිබ්බට ලේ එන් නැති නිසා ගහෙන් වැටිල කියල හිතන්නෙ නෑ, ටික දවසක් යද්දියි වැඩේ වෙලා කියල තේරෙන්නෙ.ඒම උනාම ඉස්පිරිතාලෙ ගියාම පොඩි ඔපරේෂන් එකක් කරල කන්‍ය පටලෙ පොඩි සිදුරක් හදනව එතකොට තමා ලේ එන්න පටන් ගන්නෙ...මන් දන්න කෙල්ලෙක්ට ඒ සීන් එක තිබුනා ඒකිවත් ඹපරේෂන් කලා..උදේ මේක කියන්න බැරිඋනා ඒකයි ආයෙ ඇවිත් කිව්වෙ :D

    ReplyDelete
    Replies
    1. තෝ කෝමද ඒක දන්නෙ ? :D

      Delete
    2. ඒ ඇවිල්ල මගෙ පස්ට් ලව් එක බන් :D

      Delete
    3. සසිඳු
      ඔය සිදුර උඹට හදන්න බැරිවුනාද?

      Delete
    4. මන් යාළු වෙන්ඩ කලින් ඩොක්ට ඒක හදල බන් (පිහියකින්) :D

      Delete
    5. හොද වෙලාවට බලහං...සමියට ඇති වෙලා තියෙන පුරස්නෙ....

      Delete
    6. පිහියෙන් හිල් කරපුවට දාන්න බයයි බං..

      Delete
    7. මොකක්ද බන් සමියට වෙලා තියෙන්නෙ? :D

      පිහියෙන් ඇනල හිල් කරන් නෑ බන් පොඩි කැපුම් පාරක් දානව විතරයි, උබලට දුන්නොත් පිහියෙන් නෙමේ මන්නෙන් හිල් කලත් නොදා ඉදී :P

      Delete
  26. මට නං ඔය ගැන එච්චරම අත්දැකීම් නැහැ ඒ වුනාට ඔය දැනට තියෙන ගෝත්‍රික සිරිත් විරිත් වෙනස්වෙනව නං මාත් කැමතියි.

    ReplyDelete
  27. අර විදියට තඩි ස්අයිස් පාටි දාන එක නම් හෙනම මෝඩකමක් කියලයි මටත් හිතෙන්නෙ. ඉස්සර ඔය පොඩි මගුල් ගෙවල් වලට යන එක තමයි මට පේන්න බැරි.. කොල්ලො කොං වෙන එකම තැන :D

    ReplyDelete
    Replies
    1. මාත් අකැමැතිම පාටි ජාතියක්..

      Delete
  28. ඇත්තටම කීවොත් ගැහැනු ලමයෙක්වත් දන්නේ නැහැනේ ඒ කලෙදි තමන්ට මොකද වෙන්නේ කියලා පිරිමි ලමයි තියා නේද..? ඉතින් ඉස්සරනම් මම් දන්න විදියට චාරිත්‍රයක් තිබිලා තියන්වා ගමේ ඉන්න දැන උගත් කවුරුහරි ගැහැනු කෙනෙක් ඇවිත් (දැන්නම් ඉන්නෙ පොඩි නන්ගිලනෙ එයල දන්න සෙක්ස්) ඉස්සරහට මොකද වෙන්න ඔනා, කොහොමද සහකරුවත් එක්ක එකතු වෙන්නේ, මොකද මල්වර වීම වගේ දේවල් ගැන කියල දෙනවලු..

    ඒ වගේම තමයි මේකෙන් කියවෙන් අතව දෙයක් තමයි මෙතනින් එහාට ගැහැනු ලමය කියන්නේ වගකිය යුතු චරිතයක් කියන එක. ඒක නිසා මේක හරියට කරනවනම් වැදගත් එකක්

    ReplyDelete
    Replies
    1. අපෙ එවුන්ගෙ ලැජ්ජ බය නිසා සෙක්ස් ගැන හරි වැරදි කියල දෙන රටක්ද මේක?/

      Delete
  29. උඹ වගේම ඉස්කෝල්දි පන්තියෙන් අපිවත් එලවලා තියෙනවා බං.. උඹලා වගේම අපිත් කලේ උන්ගේ එකවුන්ට් එකෙන් පිට්ටනියට පැන්න එක.. සංස්කෘති දෙකක කාලයක් තිස්සේ ජීවත් වෙන හන්දා ඕකට දෙගොල්ලන්ම දක්වන ප්‍රතිචාරය ගැන දන්නවා.. මට හිතෙන්නේ මෙහේ විදිහ හොදයි කියලා..

    ReplyDelete
    Replies
    1. ඔහේ වෙන විදිය කෝමද කියපං කෝ..

      Delete
  30. ඔය විකාර තාම තියෙනවද ?
    හොදට පිරිසිදුව තියන්න ඕන එකේ දවස් ගණන් කාමරේ තියන එක නම් පිස්සු වැඩ.
    අපේ දෝනිව පළමු දවසෙම නාවල ඒ කටයුතු කළා බිරිද.
    ගහෙන් වැටෙන්න ප්‍රථම ඉදල දැනුවත් කරලා තිබුන පෑඩ් භාවිතා කරන විදිය.

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒ දවස්වලට නාන්නේ නෑ කියන්නේ පුදුම අප්‍රසන්න දෙයක්.හොඳ වෙලාවට දවස් දෙකයි කාමරේ ඉන්න වුනේ.ඒකත් දෙසැම්බර් මාසේ.සීතල නිසා වැඩියම අවුලක් වුනේ නෑ.සමහර කෙල්ලෝ පව්.නැකතක් එනකල් දවස්ගානක් හිරවෙලා ඉන්න ඕනි.සමහරු සතියකටත් වඩා ඉන්නවා.

      Delete
    2. සිරාවට ඒ ගන්දස්කාරය ජීවිත කාලය පුරාම කෙල්ලො ලග තියෙනව නේද? ඒකනේ මෙච්චර සැන්ට් පවුඩර් ගාන්නෙ.. ;))

      Delete
  31. දැන් ඕකත් එක විදියක විලාසිතාවක් වෙලානෙ. මම ලඟදි ඇඳුමක් මහන්න දෙන්න ගියාම ඒ ඇන්ටි මට කිව්වා ඔහොම නංගි කෙනෙක්ගෙ ඇඳුමක් මහන්න බාර දීපු ඇනවුමක් ගැන. ලස්සනම වැඩේ තමයි දැරිවිගෙ අම්මා සාරි 3ක් ද කොහෙද අරන් ඇවිත් කිව්වලු දෝණිටත් වැඩිය ලස්සනට ඉන්න ඕනි මම ඒ හින්දා කොහොම හරි ලස්සනටම ජැකට් 3 මහල තියන්න කියලා.

    ReplyDelete
    Replies
    1. යකෝ ගොයින් අවේ එකට වගේ තවත් ඇදුම් මාරු කළාද දන්නෙ නැහැ දැරිවිගෙ අම්මා..

      Delete
  32. අපේ ගමේ මතයක් තියේ වෙඩින් මගුල ජයටම ගත්තොත් කෙල්ල අනිවා පැනලා යනවා කියලා... ඔය කතා මන් නම් කොහොමත් පිළිගන්නේ නෑ.. එත් හත්වලාමේ එකට සාක්ෂි දෙක තුනක් නම් තියේ...

    අඩෝ අයියේ එකට කොල්ලෝ... කවද ලොකු වෙනවද කින්ද මන්ද කියලා දන්නේ බෙඩ් ශීට් එක තමයි

    ReplyDelete
    Replies
    1. අපෙ පැත්තෙත් කියනවා. ඕක ලොකුවට ගත්තම නෝ වෙඩින් කියලත්..

      බෙඩ් ෂීට් එකටත් නොදැනි ලොකු වෙලා ඉන්න එවුන් ඉන්නව බං. උන් ඔහේ ඉන්නවා. බඩු වැඩ කරනවද කියලවත් දන්නෙ නැතුව..

      Delete
  33. යකෝ පිරිමි උංගෙ උගුරු ඇටේ කැඩෙනකොට ඔහොම පාටියක් දාන්නෙ, නිවාඩු දාන්නෙ නැති එක හරි අසාධාරණයිනෙ.

    කොටහලු කෙල්ලගෙ ඇඳ උඩ ඉඳගෙන ඉඳල උඹ කොටහලු උනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොට හලු කියන්නෙ... කොට සළු කියන එකද බං?? ඒ කියන්නෙ එදා ඉදන් කොට ඇඳුම් අදින එක නේද?

      Delete
  34. අපොයි අක්කලා ගොදකගේ මල්ලි වෙලා ඉපදුන මට, මගේ අක්කලා යන හැම කොටහළු මගුලකම එයාලගේ තනි රකින්න යන්න උනා ..... මම ගෙදර පොඩිකාලේ අඩලත් තියෙනවා යන්න බෑ කියලා ඔය වචනේ තේරුම කියනකන්

    ReplyDelete
    Replies
    1. අක්කලා එක්ක පිට මගුල් වල ගිය ඒවා ගැන කියලා තියෙන්නෙ...බොලාගෙ අක්කලා ගෙට වුනේ නැතෙයි.

      Delete
    2. ඔන්න ඇහැව්වා මගුලක්.... අපේ අය ගෙට වෙන එක මට වෙනමම මගුලක් .... ඒවගේ ආතල් එකක් ගන්න පට්ටම පිනක් කරලා තියෙන්න ඕනා

      Delete
    3. සිරා අහන්නෙම අක්කල නංගිලා ගැනමයි බං..

      Delete
  35. සැබෑවටම මේකට අපේ වෛදවරයෙකුගේ අදහසත් එක් වුණානම් තමා කදිම.

    ReplyDelete
    Replies
    1. ඕක මෙහෙමනේ නලින් අයියා...අපේ සමාජයේ ලිංගිකත්වය කියන දේ බොහොම බරපතල ගනයේ මාතෘකාවක් නොවැ...කෙල්ලෙක් වැඩිවිය පත්වෙනවා කියන්නෙ..දරුවෙක් ලැබෙන්න මූලික සුදුසුකම් සපුරා ඇති බවට දෙන සහතිකයක් නොවැ...ඉතින් මෙච්චර කාලයක් හුරතලෙන් හිටිය මේ ළමයට මේ කාරණා කොහොමද දෙමාපියො කටක් ඇරලා එක සැරේ කියන්නෙ....අන්න ඒ වටපිටාව යම් තරමකට එයාටම තේරුම් ගන්න පුලුවන් වෙන විදියට තමයි අපේ රටවල මේ චාරිත්‍ර හැදිලා තියෙන්නෙ...

      බටහිර රටවල නම් මේක තඹේකට ගනන් ගන්නෙ නැති කාරණයක්...තමන් එක්ක එකට හිටිය පිරිමි ගාන අම්මා ඉන්න තැනම කියන කෙල්ලො ඉන්න රටවලට මොන කොටහළු මගුල්ද ?

      Delete
    2. අන්න අපේ වෛද්‍ය සිරා තුමා නියම කතාව කියලා..

      Delete
  36. ඔය කෙහෙල් මුව කිසිදෙයක් අපේ දුවට නොකරන්න අපි දෙන්නා වග බලා ගත්තා. ඇත්තටම ඔය කොටහළු කියන වචනේ හැදුනේ කොහොමද?

    මේ එකට හැංගිමුත්තන් කරපු කෙල්ලෝ...ලොකු වුනාට පස්සේ පඩ ෂෝ දාන්නේ නේද බං.

    ReplyDelete
    Replies
    1. ලොකු සීන් තමා ලොකු වුනට පස්සෙ..

      Delete
  37. mamath oya boru wade anumatha karanne na... ape unge boru wikara wadi ban.. nakath balanawa araka karanawa meka karanawa... pissu naththam shoii... loke anthi minissu oya jollye inne owa karalada ban... ape unta pissu... nakath balana eka ( gahen watunama geyak hadanakota bandinakota kanakota bonakota renakota gedarin eliyata enakota... oya hama reddatama nakath balana mongal dial one tharam innawa... )

    ReplyDelete
    Replies
    1. නැකත් බලලත් කරපු හැම දේම වැරදුනු උන් නේ ඉන්නෙ..

      Delete
  38. මට නම් ඔය කාමරේට වෙලා හැංඟිලා ඉන්න උනෙත් නැහැ, කෑම ජාති තහනම් උනෙත් නැහැ, පාටියක් තිබ්බෙත් නැහැ, නැකැත් බලුවෙත් නැහැ. එත් ඉතින් පුංචිලා අම්මලා දිපු පතාක උපදෙස් තොගයක් නම් දෙයියනේ කියල ලැබුනා...

    ReplyDelete
  39. Samata Kawada hari duwek labuna data balamuko. me dena pora talk e widiyatama tiyeida kiyala.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...