Monday, September 9, 2013

ජොකා වනන නියම තැන - Better Place to Hang Your Underwear !!


මේ කියන්නට යන්නේ කුණුහරප කතාවක් නොව දැවෙන සමාජීය ගැටලුවක් ගැනය. එහෙත් විවිධ කෝණ වලින් බලා සෑමා කියන්නේ කුනුහබ්බ යැයි හංවඩුගැසීමට බැරි නැතිය. ඒ නිසා ආරම්භය මගින් කෙරෙන්නේ වචන වල ඇති සරල බව ඔප්පු කිරීමය. මිනිසාට අත්‍යාවශම අංගයක් වූ “පුක“ යනු කුණු හබ්බයක් බවට සිතනා යුගයක “කතන්දරකාරයා“ පැමිණ පුක කුනුහබ්බයක් නොවන බව ඉදුරා කීවේය. එතැන් සිට පුක යන්න බ්ලොග් ලොව කුණු හබ්බයක් නොවූ නිසාම, ජොකා යන්න එතරම් බරපතල වචනයක් නොවන්නේය. ජොකා යනු පුක වැසීමට ගන්නා නිලවස්තරය නිසා පුක යනු කුණු හරපයක් නොවන්නේ නම්, ජොකා යනු ඉතාම සුන්දර වචනයක්ම වන්නේය. මෙහිදී පුක වැසීමට ගන්නා නිලවස්තරය ලෙස හැදින් වූයේ පටි ජොකා හෝ, සපෝටර් එක ගැන නොවේය. ඒවා පුක නොවසන්නේමය.

මොන්ටිසෝරි යන කාලේ බහුතරයක් ජොකා නොඅදින්නේමය. එහෙත් පලමු වසරේ සිට ජොකා අදින්නට පෙලබෙන්නෝය. එහෙමත් නැති උන් කරන්නේ සතියට එක දවසක් ජොකා අදින එකය. ඒ පලමු වසරට සතියට දින පහක් සිවිල් පිට හෙවත් ජොකා නැතිව පාසල් ගොස්, ඉරිදා දහම් පාසලට පමණක් ජොකා සහිතව යෑමෙන්ය. එවිට සතියටම ජොකා අදින්නේ එක දවසක්ය. දහම් පාසලට ජොකා අදින්නම වෙන්නේ සරම අදින නිසාය. නැතිනම් බිම ඉදගෙන දහම් පාසලේ දගලන දැගලිල්ලට කුට්ටම එළියේය. ඒ අතරිනුත් බහුතරයක් කොල්ලෝ සරම යටින් ෂෝටක් ගසන්නෝය. එවිට විලි ලැජ්ජාව අවමය. දහම්පාසල, සරම, සහ යටින් අදින ජොකා ගැන ජීවමාන උදාහරණයක් සිටියේය. ඒ සෑමාගේ දහම් පාසලේ පන්තියේ එකෙක්ය. ඌට කීවේ කිරි මීය කියාය. දහම් පාසලේ කෙල්ලෝ කොල්ලෝ මුහුණට මුහුණලා ඉදගන්නා කාලයක් තිබුනේය. ඒ ඉදගත්තේ බිමය. කකුල් හිරි වැටෙන නිසා විවිධ ඉරියව් භාවිතය සුලභය. එහෙත් කෙල්ලෝ නම් සරල ක්‍රම වලට අවම ඉරියව් සහිතව හිදගෙන සිටින්නේ ආත්ම ගෞරවය රැක ගැනීම සදහාය.

එවන් දිනෙක අපේ කිරිමීය කකුල හිරි වැටී දෙපා දෙපසට දිග හැරි ආතල් එකේ අත් දෙකින් මුක්කු ගසාගෙන බීච් එකේ සිටින ලීලාවකින් සිටියේය. කෙල්ලෝ අත් කනට කොට අනිත් එකාලාට රහස් මුමුණන්නට ගත්තේ මේ අතරය. කොල්ලා ආත්ල එකේ කකුල් පද්දමින් බෝමළුව අසල පන්තියේ නිසාම සුලං වදිමින් සිටියේ කිරි මීයාගේ කිරි මීයා ප්‍රදර්ශනය කරමින්ය. පොඩි කාලේ නිසා කොල්ලෝ අන්න මචං උබෙ එක පේනවා කීමට ලැජ්ජාය. කෙල්ලෝද ලැජ්ජා නැතුව කිරිමීයා ගේ සුදු එක හොද හැටි බලා ගත්තෝය. මෙය ලියන අවස්ථාවේද කිරි මීයා මැවී පෙනෙන්නේ මුවට සිනහාවක් එකතු කරමින්ය. එදා ඔහු ෂෝටක්, ජොකෙක් ගැසුවා නම් ආත්ම ගෞරවය කෙළසෙන්නේ නැතිය.

එහෙව් අදින ජොකා කාමරය ඇතුලේදී ගැලවෙන්නේ රෝල් වෙලාය. අදින පැත්ත, ගලවන පැත්ත, හොද පැත්ත, කනපිට තෝරා ගත නොහැකි අන්දමට ජොකා රෝල් කර ගලවන්නට කොල්ලෝ සමත්ය. ඒ මුල් කාලයේය. එහෙත් වර්ථමානයේදී හෙවත් හය හතර තේරෙන කාලයේද එලෙස ගැලවෙන්නේ කලබලයක් වූ විටය. සාමාන්‍යෙයන් ජොකා එල්ලන්නේ ඇදුම් දාන එකේය. ඉස්සර නම් තිබ්බේ බිත්තියේ ගසන හැකිලිය හැකි ලී වලින් සැදූ ඉස්කිරිම (දෝ කොහෙද) කියන්නා වූ ගැජට් එකේය. එහි ඇති ලී කූරු අතරේ ජොකා හිර වන්නේය. ඉන්පසු සමහරෙක් ඊට උඩින් ඇදුම් දමා වසන්නේ කවුරු හෝ දුටු විට විලි ලැජ්ජාවේ බැරි නිසාය. පසු කාලීන කස්ටිය කාමරේ දොරේ එල්ලන්නට වූවෝය. පසුව කාමරේ ඇත් ස්ටෑන්ඩ් ෆෑන් එකේද, එක්සර්සයිස් කරන්නට ගන්නා මැෂින් එකේ අහුමුළු වලද එල්ලීමට තරම් ජනතාව සැහැසි වූවෝය. ඒ අතර තුර මීයන් ගෙන් සිදුවන අලාභ, පැහැරගෙන යෑම් වලට විරුද්ධව නැගී සිටීමට එකෙක් හෝ නෙවූයෙන් ජොකා අසරණ තත්වයට පත් වූවේය. විවිධ පහර කෑම් නිසා දිරා යෑම්, සිදුරු වීම් සහ ඉරි තැලීම්, බොහෝ විට නූල් ඇදීම් නිසා අවසන ජොකාට හිමි වූයේ වලං අල්ලන දැලි රෙද්ද මට්ටමට වැටීමටය. එහෙත් වසර ගණනාවක් පුක වසා අවසන කෑම කන වලං ඇල්ලීමේ තත්වයට උසස් වීමක් ලබන්නට ජොකා සමත් වීම විශේෂත්වයක්ය.

ඒ කාලයේ සිට ජොකා සම්බන්ධ ප්‍රසිද්ධ කතාවක් තිබුනේය. ඒ සතියම එක ජොකෙක් අදින කොල්ලෝ ගැනය. උන් කියන්නේ මචං හොද පිට දවස් තුනයි, ඉතිරි දවස් තුන කන පිටයි, ඇදලා පාඩුවේ මේ තනි ජෙකා පරිහරණය කරනවා කියාය. “ඒකෝ ජොක්කු භුංජති සාධූනී“ කියා පාලියෙන් කියවුනේ ඒක ගැනය. අනිත් පැත්තට මිතුරාගේ යාලුවා අහන්නේ ඇයි මචං එතකොට හත් වෙනි දවස මොකද කරන්නේ කියාය. එවිට තනි ජොක් යාලුවා කියන්නේ එදාට මචං මම ටොස් එකක් දාලා හොද පැත්ත හෝ කන පිට  අදිනවා කියාය. ඒ කතාවට දැන් ආතල් නැත්තේ හැමෝම දන්නා කතාවක් නිසාය. එහෙත් ජොකා කොතරම් ප්‍රශ්න ඇති කරනවාද, ප්‍රශ්න අවම කරනවාද කියවෙන තරම් වැදගත් මාතෘකාවක් බව ඉන් කියවෙන්නේය.

මීට පෙර සෑමාගේ පාසලේ බැජ් මීටින් එකකට පෙර කමිටුව රැස් කළේ ශිලාගේ ගෙදරටය. ඒ පසුදින පැවැත්වෙන මීටිමට කරුණු රැස් කර ගැනීමටය. ඒ සදහා ප්‍රධාන තනතුරු කිහිපය රැස් වූවෝය. එදින අපේ උප භාණ්ඩාගාරික තුමා එහි ආවේ තම පෙම්වතියගේ නිවසේ සිටය. සාකච්ඡාව අවසන බැඩ්ම්න්ටන් ගසන්නට බැරි බවක් හේ කීවේ ජොකා අහිමි නිසාය. එදා ඔහු අසාගත් කතන්දර බොහෝය. ඒ කතාව බ්ලොග් එකක අතුරු කතාවක් ලෙස සෑමා ලීවේය. ඉන් නොනැවතුනු අපේ මිත්‍රයා නැවත දවසක් එලෙසම ආවේ සාක්කුවේ තඩි ගුලියක් පුරවාගෙනය. එය දුටු අපේ උන් ඇහුවේ මොකක්ද මචං සාක්කුවේ තියෙන්නේ කියාය. ප්‍රශ්න දහසකට උත්තර දීමට නොහැකිව අවසන කොල්ලා එය තම “ජොකා“ පව පිළිගත්තේය. කලින් දා රාත්තිරියේ මියුසිකල් ෂෝ එකක් බලන්නට ගොස් කොහේ ගෙදරක හෝ නැවති ජොකා සාක්කුවේ දමාගෙන සිවිල් පිට සිටින්නට තරම් කොල්ලා හෙම්බත් වී සිටියේය. ඉන් පසුව ඔහු කීවේ තමන් ඉරිදා දවස කුට්ටමට නිදහස දී කොහේ ගියත් යන්නේ ජොකා නැතිව බවක්ය.

ජොකා ගැන විවිධ කතන්දර හැම එකාම ලියා ඇති අතර තුර සෑමා ජොකා ඇදගත්තේ මන්දැයි බහුතරයක් වූ ජනතාව කල්පනා කරනවා ඇතිය. ඒකට හේතුව මේකය. දිනක් සෑමා කඩවත පැත්තේ යන විට දුරකථන ඇමතුමක් ලැබී වාහනය පාරේ පැත්තක නවත්වා ගත්තේය. කඩයක් අසල නවත්වා ගත් සෑමා ඉදිරියෙන් නවතා තිබු ජීප් රථය දුටුවේය. ෂුවර් එකටම ජීප් එක එතන කඩේ බුවාගේය. වැසි සමයක් වූ ඒ දිනවල ජොකා වේලා ගැනීම කඩ හිමියාට දුෂ්කර වී ඇති සැටියක් සෑමා තේරුම් ගත්තේ පොර ජොක්කු විස්සක් පමණ ජීප් එක පුරාම එල්ලා තිබූ නිසාය. එය දුටු වහාම පොටෝවක් ගසා ගත් සෑමා කඩේ බෝඩ් එක බැලුවේ එය ලොන්ඩරියක් දෝ කියමින් සිතාය. වෙලාවට එය ලොන්ඩ්රියක් නොවේය. කඩේ අංකල්ගේ ජොක්කු සැට් එකය. එවන් සැට් එකක් මහනුවර - කොළඹ මාර්ගයේ ජනතාවට පෙනෙන පරිදි ජීප් එකක් වටා එල්වා තැබීම ගුජුබ්සාජනකය.


Written by sAm_ශ්‍රී_Perera_7:59am_09/09/13

77 comments:

  1. අංකල් මෑන් පොඩි ආතල් එකක් ගන්නව වගේ ජොකා පේන්න දාලා...

    ReplyDelete
  2. අපෙ යාලුවෙකුට තියෙනව ජොකා ගෑන නියම කාඩ් එකක්.මිනිහට තියෙන්නෙ ජොක්කු 2යි.එකක් ඉනෙ.අනික වැලෙ.මිනිහ එකක් දවස් හතරක් අදිනව.හරි විදියට එක දවසයි.ඉස්සරහ පස්සට දාල දවසයි.කනපිට ගහල අරවිදියටම තව දවස් දෙකයි.

    ReplyDelete
    Replies
    1. පස්වෙනි දවස කෝමද බං කරන්නෙ?

      අනික අර වැලේ ඉන්න එකා පව්නේ... :ඩී

      Delete
  3. පටි ජොකා නෙමේ අලේ පුක නැති ජොකා

    අපේ උන්ගේ සෙල්ලම් භාණ්ඩය තමා ජොකා කොහොමද ඇදලා රෝල් වෙචච ජෝකෙක් ඔලුවේ වැනුවහම (ඇස් දෙකට සිදුරු 2ක නියමෙට සෙට්) o/l පාඩම් කරපු කාලේ මතක් උනා

    ReplyDelete
    Replies
    1. උබල පාඩම් කලේ ජොක්කු ඔලුවෙ ඔතාගෙනද බොල??

      Delete
  4. ජීප් එක වගේද ජෝක්කු යකොව්!

    ReplyDelete
    Replies
    1. එහෙනම් මෙහෙම දාල යනවද බං?

      Delete
  5. මහා පාරෙ ඔහොම දාන්න නම් ඒකට මොකක් හරි ලෙඩක් ඇති.

    ReplyDelete
    Replies
    1. බාරයක් ඔප්පු කරනවද මන්ද බං!

      Delete
  6. JOKKU PUKA CHOO, PADA, JEE, OSAP OWA KAKKA THUMAGE TOPICS.

    ReplyDelete
    Replies
    1. මං හිතුවා මූ මෙතනට ඇවිත් ඇති කියලා!

      Delete
    2. මේ ඇනෝලා පස්සේ කතන්දර යන්නේ හරියට අපේ ගමේ රණසිංහ මාමගේ හරක් නන්නත්තාරේ ගියාම මිනිහා හොයන්න යනවා වගේ. පට්ට කතාව මට බඩ පැලුනා හිනා ගිහිං. හි..හි පොරත් ඔහොමයි "මං හිතුවා මු මෙතන ඇති කියලා" කොහොම හරි ආයෙත් කඹේ ගැට ගහගෙන ඇදගෙන යනවා ගාලට. වැඩක් නැ කියලා පහුවදත් මුට කෙහෙල් කොටුවක් හරි අලුත් කුඹුරක් හරි දැක්ක ගමන් ආයෙත් එකට පනිනවා.

      Delete
    3. කකාගෙ මේ කමෙන්ට් එක මම දැකල තියෙනවා. කවුද කකා මේ හරකා..??

      @itnishantha - +++

      Delete
  7. යකෝ ඔච්චරත් කියලා ඕක ජීප් එකේ වනපුවාම ඇති කාරනාව මක්කෙයි. හේහේ. කොහෙන් හරි වේල ගන්ඩ නෙව ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසිද්ධියෙ ඔහොම වේලනවද බං දූවිල්ල වැදි වැදි..

      Delete
  8. උඹත් පැපරාසියා වගේ සෑමා...ආයෙ හමුවුනත් බොහොම පරිස්සමෙන්...මොනවා හොරෙන් ෆොටෝ ගහයිද මන්දා....කාමරේ ආයෙත් ඇරියා වරෙන් ඒ පැත්තට ගල් භාගෙකුත් අරන්...

    ReplyDelete
    Replies
    1. උම්ම දෙන ඒවත් පොටෝ ගහනවා. පරිස්සමෙන් හිටු.

      තෝ කාමරේ අරිනවා. වහනවා..

      Delete
    2. මේ සැරේ දිගටම ඇරලා බං....ඒ මේ අත පා වෙවී ගිය කාලෙ දැන් අහවරයි...

      Delete
  9. නෙද්දකිං මෙහෙම පපරට්සියෝ.

    යකෝ මේකයි වුනේ. මම බියගම පාරෙන් යනගමන් උඹ ඉන්නවද බලන්න උඹලගේ ගෙදරට ගියා. ගෙදර කවුරුවත් නැති හන්දා මිදුලෙන් අමාරුවෙන් හරවාගන්නකොට රෙදිවැලේ ගෑවීගෙන තමයි ගත්තේ. රෙදි හන්දා පාර පේන්නේ නැතිව ගිය හන්දා වයිපරේ දැම්මා.

    පස්සෙ ඒ ගමන්ම පොඩි වැඩකට කඩවතට දුවලා එන්නත් ගියා. වතුර බෝතලයක් ගන්න වාහනේ කඩයක් ගාවා නතර කරපු පොඩ්ඩට උඹ ඒක ෆෝටෝ ගහලා පත්තරෙත් දාලා.

    ReplyDelete
    Replies
    1. වුඩ් ටම තමයි ඉතින් මේව හිතෙන්නෙ

      Delete
    2. යකෝ වැල් යටින් රිංගනවද? කිලි වලට අහු වෙනව නේද?

      අනික ජොක්කු වැල්.. අමුම අමු කිලි..

      Delete
  10. ඇඳුම් පටස් ගාලා වේලගන්න පුළුවන් තැන තමයි වාහනයක් උඩ දාන එක.. මේ පොර ගැන ආඩම්බර වෙන්න ඕන.. එකක් ජොක්කු ගොඩක් ඉන්නවා. අනික ඒවා ඌ හෝද හෝද අඳිනවා.. ජොක්කු ගැන මම දැකපු හොඳම සීන් එක තිබුනේ කමල්ගේ ෂෝ එකක. මට නම මතක නෑ. ඌ ජොකයි බිත්තරයි එකට තම්බන්නේ...

    ReplyDelete
    Replies
    1. මම දැක්ක ෆිල්ම් එකක තිබුන එකෙක් යාළුවට බනිනව තේ උනුකරන භාජනයේ ලංකට් එක තම්බනව කියල

      Delete
    2. ඇයි බං ජොක්කු තම්බන්නේ,කන්නද

      Delete
    3. සප්ත කන්‍යා ද?

      ඒකේ කමල් ගේ පරණ සරමක් ඉඹ ඉඹ සංගීතා සින්දුවක් කිය කිය නටනවා තියෙනවා.

      Delete
    4. ජොක්කු මන් දන්නෙ නෑ. ඒත් ඉස්කෝලෙ යන කාලෙ ඔය හෝන්දු මාන්දු කොල්ලන්ට අපි බෙහෙතක් හැටියට කියනව මරදානෙ ඇන්ටි කෙනෙක්ගෙ ජංගියක් තම්බල වතුරෙ පෙරන්නෙ නැතිව කෑලි පිටම බීපන් කියල.

      Delete
    5. ජොක්කු තම්බන සීන් එක මාත් අහල තියෙනවා බං.. ඇත්තට හැලපයියා කිව්ව වගේ කන්න හෝ තම්බන වෙලා අලුත් එකක් ගන්න බැරිද?

      ඔය කියන ෆිල්ම් එක නම් මොකක්ද මන්ද බොලව්..

      Delete
    6. මාතලං ගොයියෝ ඔය සීන් එක තියෙන්නේ එකදාවැහි ෆිල්ම් එකේ , කමල් හිරේ ඉදන් නිදහස්වෙලා ඇවිත් ජොක්කු තම්බනවා , දමිත් පොන්සේකා එතනට ඇවිත් මොකද කරන්නේ අහනවා , ප්‍රීති කසානා හන්දා ජොක්කු තම්බනවා කියලා කමල ජොක්කු ටික එලියට අරගන , බිාත්තර දෙකක් ඒ වතුර එකටම දාලා දමිත්ගෙන් අහනවා ''උඹටත් එකක් ඕනද'' කියලා

      Delete
    7. අම්මද බොල.. චිත්තරපටි අධ්‍යක්ෂකතුමා ආවාාාාා

      Delete
    8. අද ඒ ෆිල්ම් එක දෙරණෙ යනවා... අටම් හරි... "එකදා වැහි..."

      Delete
  11. මොන්ටෙරෝ එකක එල්ලිලා වේලෙන්න තරං උඩ ගිය ජොක්කු.

    ReplyDelete
  12. මිනිහා ජෝක්කු හෝදන බවට හොඳ සාක්ෂියක් නේ ඒක,

    ReplyDelete
    Replies
    1. පොර ඔට්ටුවක්වත් අල්ලලා ද දන්නෙ නැහැ බං.

      Delete
  13. ජොක්කු වේලන්න වාහන කම්පියුටර් තමයි හොඳ. ඉස්සර බෝඩිමේ ඉන්න කාලෙ මම ජොකා වනන්නේ මොනිටරේ උඩ.

    ReplyDelete
    Replies
    1. මොනිටරේ කූඹි කෑවෙ නැද්ද බං?

      Delete
    2. මොනිටරේ කූඹි කෑවෙ නැද්ද බං?

      Delete
  14. ජොකාගෙ හිල් හැදුනම තමයි වටිනාකම වැඩි. වාතාශ්‍රය එහෙම හොඳට ලැබෙනවනෙ.

    ReplyDelete
  15. කතන්දරකාරයා හිතාගෙන ඉන්නේ ඌ මහා පඬිරුවනක් කියලා. ඌ කියන දේවල් අනික් බ්ලොග් කාරයෝ පිළිගන්න ඕනේ කියලා. ඌ කියන ඕනෙම කුණුහරපයක් හොඳ වචන කියලා. ඌට තියෙන්නේ එක එකාගෙන් අහගත්ත දේවල් කොපි කරගත්ත දේවල් විතරයි. උගේ මොලෙන් හොයාගත්ත දැනුමක් නැහැ. ලියන්න මොකුත් නැත්නම් ඕකා වෙනකාගේ හරි ලිපියක් මෙන්න මෙතන දැක්කා කියලා හරි ලියනවා. ඌ හිතාගෙන ඉන්නේ දිනපතාම මොකක් හරි මගුලක් ලියන එක ලොකු හපන්කමක් කියලා. ඒ ලියන දේ තේරුමක් ඇතත් නැතත් ඌට කමක් නෑ. ඒවාට අපිනම් කියන්නේ මෝඩ චූන්. ඌ නිකම්ම නිකං මෝඩ යකෙක්.

    ReplyDelete
    Replies
    1. මෙන්න තව එකෙක්!

      බලාගෙන ගියාම මා වෙනුවෙන් කී දෙනෙක් තැවෙනවාද? දුක් වෙනවාද? බයිට් නාස්ති කර ගන්නවාද? මට පව් කියලා හිතෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ගහන්න ගිය කොමෙන්ට් එක නෙවෙයි වැදුනේ. මම අඩවි කීපයකම දැක්කා මේ විදිහට කතන්දරට කරන කෙනෙහිලි. මෙය සංවිධානාත්මක ක්‍රියාවක් ලෙසයි පෙනෙන්නේ.

      Delete
    4. කතන්දරත් උන් පස්සෙම පන්නගෙන යනවා. මට නිකං කොයිල් වගේ බං..

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හහහහා..... ආතල් යකෝ!!! :)

      ඔහොම කට්ටියකගේ ඒවා වනලා තියෙනකොට අදුරගන්නේ මෙන්න මෙහෙමයි....

      http://harshana-bc.blogspot.com/2012/10/blog-post_19.html

      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

      Delete
    2. බලපු එකක්ද මන්දා.. හිටු බලන්න..

      Delete
    3. බලපු එකක්ද මන්දා.. හිටු බලන්න..

      Delete
  17. ඒ යකාට අමු කැවිලද කොහේ නැත්නම් මහපාරේ ඔය වගේ වැඩක් කරාවිද? මට නම් දහම් පාසලෙන් අවවාද ගොඩක් ලැබුනා සරමට යටින් ඩෙනිම් අඳින හින්දා. කොහොම සරම අන්න්දන් ගියත් පැයෙන් දෙකෙන් බිම ඉතින් ආත්මාරක්ෂාවට ඩෙනිමක් අඳින්න ඕනේ බව මම ඩුබායි වල කොන්සල් ජෙනරාල් තුමාට පවා කියල දුන්නා.

    ReplyDelete
    Replies
    1. මම නම් ෂෝටක් ගැහුවා. යකෝ දිගට ඩෙනිම් ගහනවද සරමට යටින්?? මේකා මාර බුලට් එකක්නේ/

      Delete
    2. මටනම් කොහේ යනත ෆිට් ඇඳුම තමයි ඩෙනිම ඕනේ මගුලකට මරනෙකට හරියන කියාපු ඇඳුම ඉස්සර ඔෆිස් එකටත් ඩෙනිම් ඇඳන් ගිහින් ලොක්කාගෙන් හොඳවයින් කතා අසාගෙන තමයි ෆොමල් වලට බැස්සේ

      Delete
  18. ඇන්ටිපා සෑම්... ජොක්කු කියන්නේ පොඩි කාලේ සොදුරු මතකයන් තියෙන එ්වා... අපේ එකෙක් සිවිලා පිට ආවේ 5 වසරෙත්... අපේ එකෙක් කීව කීවා තොගේ ඔය එල්ලෙන ගෙඩි දෙක බිම ගෑවෙයි... ඇදගෙන වරෙන් කියලා ...

    ReplyDelete
    Replies
    1. හිකිස්.. එල්ලෙන ගෙඩි දෙක.. :))

      Delete
  19. හෙහ් හෙහ් අර ඇඳුම් එල්ලන ගැජට් එකට අපි කියන්නේ බෝල කුඩුව කියල.

    තෙන හින්දා අයන් කරන්න ගිහින් අවසන් ගමන් ගිය මගේ ජොක්කු ප්‍රමාණය අනන්තයි.

    පිටකොටුවේ තුනක් හැටපහයි... සුපර් මාකට් එකේ එකෙක් තුන්සීයයි.

    යකෝ ජොක්කු වළන් බාන්නත් ගන්නවද....?

    ReplyDelete
    Replies
    1. Pathum Umbata gotu hadapu jangu walin tea bonna hondai.
      Walandak bawama thama amaruwa :P

      Sam patta post eka (Y)

      Sinhala natho aluth lape.

      Shanaka Kumara

      Delete
    2. බෝල කුඩුව තමා බං. ජොකාටත් බෝල කුඩුව කියන්න පුලුවන් නේ :))

      ශානකයා මම හිතුව පැතුමගෙන් ගේම ඉල්ලලා කියලා !

      Delete
  20. අඩේ උබ සිරාවට ලියල තියෙනව යකෝ... කියවද්දි ඇඩෙනවා... මතකයන් ගොඩාක් මතකෙට ආව...

    ReplyDelete
  21. """""පසුව කාමරේ ඇත් ස්ටෑන්ඩ් ෆෑන් එකේද, එක්සර්සයිස් කරන්නට ගන්නා මැෂින් එකේ අහුමුළු වලද එල්ලීමට තරම් ජනතාව සැහැසි වූවෝය. ඒ අතර තුර මීයන් ගෙන් සිදුවන අලාභ, පැහැරගෙන යෑම් වලට විරුද්ධව නැගී සිටීමට එකෙක් හෝ නෙවූයෙන් ජොකා අසරණ තත්වයට පත් වූවේය. විවිධ පහර කෑම් නිසා දිරා යෑම්, සිදුරු වීම් සහ ඉරි තැලීම්, බොහෝ විට නූල් ඇදීම් නිසා අවසන ජොකාට හිමි වූයේ වලං අල්ලන දැලි රෙද්ද මට්ටමට වැටීමටය. එහෙත් වසර ගණනාවක් පුක වසා අවසන කෑම කන වලං ඇල්ලීමේ තත්වයට උසස් වීමක් ලබන්නට ජොකා සමත් වීම විශේෂත්වයක්ය.""" deiiyyyyoooo saaaakki LOL

    ReplyDelete
  22. උබලටත් තියෙන්නෙ පුදුම දර්ශනයක් තමයි. පුක, ජොකා වගේ කුනුහරුප ප්‍රසිද්ධියෙ රහ කර කර කියන්න හොදයි ප්‍රසිද්ධියෙ ‍යට ඇදුම් වනන එක වැරදියි.ඒ දෙකේ වෙනස මොකක්ද? දෙකම කරන්නෙ ලැජ්ජාව නැති නිසානෙ

    ReplyDelete
    Replies
    1. පුක - නාම පදයක්

      පුකෙන් රෙන එක - ක්‍රියා පදයක්


      නාම පදය ලිවීම හෝ කිවීම, උක්ත ත්‍රියාපදය ප්‍රසිද්ධියේ කිරීම තරම් නරක නොවන්නේය.

      ස්තුතියි !

      Delete
  23. අනේ සෑමො උඹේ ලියවිල්ල.... පණ යන කං හිනා වුනා බං. මිසිස් ඩ්‍රැකියගෙන් බැණුං ගොඩයි තනියම හිනා වෙලා.

    ReplyDelete
    Replies
    1. යකෝ මේ වගේ බ්ලොග් පවුල ඉස්සරහ කියවන්න හොද නැහැ ;)

      Delete
    2. යකෝ මේ වගේ බ්ලොග් පවුල ඉස්සරහ කියවන්න හොද නැහැ ;)

      Delete
  24. යකෝ මෙහෙම ඒවා ලියන්න එපා බං අයියේ... බඩ රිදෙනවා හිනා වෙලා...
    ලියන භාෂාවෙන් මෙහෙම ලිව්වම ඒක මාර ගති ඈ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙ ලියන්නෙ නැහැ ඕං..

      Delete
  25. අඩේ පුක පැලෙන්න හිනා යනව බන්. මෙච්චර හින වෙච්ච කාලයක් මතක නෑ. සුපිරි මේකනම්

    ReplyDelete
    Replies
    1. ජොකා නම් පලා ගන්නව නෙවේ !

      Delete
  26. ඔක්කොම හරිය නමුත් භාවිතයෙන් ඉවත්වන ජොකාගෙන් මීට වඩා වැඩ ගන්නා බව කිව යුතුමය. ජොකාද පොල්ගස වැනිය ඉවත ලන්නේම නැත.

    කාමරයෙන් පිටත්වීමට පෙර චිරාත් කාලයක් ඇදුම් රැක් එකේ යටම එල්ලී සිටින්නේ සපත්තු පිස දැමීමට කියාය නමුත් වැඩිපුරම පිස දමන්නේ සුදුපාට ලෝක සිතියම් තීන්තය.

    භාවිතයෙන් ඉවත්කර කාමරයෙන් නික්ම ගිය විගසම මාසයක් පමණ වැලක එල්ලීසිටින්නේ වර්ණය වෙනස්වී ස්භාවිකව විෂබීජ හරණය වීමටය.

    ඉන්පසුව
    - සින්ක් එක පිහ දැමීමට
    - වලං ඇල්ලීමට
    - පොල් ගස් නැගීමට වලල්ලක් ලෙස භාවිතා කිරීමට
    - විංකලේ / ෂෙඩ් එකේ අත්පිස දැමීමට

    ඉතිරිටික දාපල්ලකෝ මම බ්ලොග් ලියන්නෙ නෑනෙ....

    ReplyDelete
  27. අපි නම් ඉතින් අමුඩ ලේන්සුව තමා අඳින්නෙ......

    ReplyDelete
  28. වනන එක නවත්තනනෙ බං ජොක්කු අඳින්නෙ. ඔය මුදලලිය වන වන යන්න ඇති ඔක්කොම ජොක්කු වාහනේ එලලා.

    ReplyDelete
  29. සෑමාත් එක්තරා පැපරාසියෙකි.

    ReplyDelete
  30. වාහනේ හොරුන්ගෙන් බේරාගන්න දාපු ට්‍රික් එකක්...

    ReplyDelete
  31. *කත් පුකත් ජෝකත් අතර ඇත්තේ.. අතයි *කයි අතර තියෙන්නාවූ සම්බන්දයට සමාන සම්බන්දයකි...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...