Friday, September 20, 2013

86 අවහිර නොකරන්න.. - 86 No Parking.. !!!


“මචං වත්තලට යන්න තියෙනවා..“

“හරි උඹල දෙන්න ගිහින් වරෙන්.. මම ඉන්නම්..“

“උඹ කෑවද?“

“නැහැ බං...“

“අපෙ කෑම දෙකක් තියෙනවා ගෙදරින් ගෙනාපු.. මොකද කියන්නේ..“

“අවුලක් නැහැ.. මම මෙහෙන් කන්නම්.. උබල ගිහින් වරෙන්..“

ලකියා, දිලා සහ සෑමාට යන්නට කීවේ කඩෙන් කන බලාපොරොත්තුවෙන්ය. දිලා, සහ සෑම් පිටත් වුයේ වත්තල බලාය. දිලාගේ ඔපීසියට යෑමේ පරමාර්ථයෙන් ගිය ඒ ගමන ඛේදනීය එකක් වන බවට දෙදෙනාම නොදත්තෝය. ඒ ගමන අතරතුරදී දෙදෙනාගේ උදර අභ්‍යන්තරයේ සිටින හිගන්නා අවදි වීම නිසාය. එය හුදෙක් දෙදෙනාගේ වරදක් නොව, අභ්‍යන්තරයේ සිටින හිගන්නාගේ වරදක්ය. ඌ සැමවිටම අවදි වී කන්නට යමක් සොයන නිසා දෙදෙනාම විදින්නේ මහා ච්ත්ත සංතාපයක්ය.

“සෑමා මට බඩගිනි බං...“

“මට තාම බඩගිනි නැහැ යකෝ... ඒත් උඹට බඩගිනි නම් මට නොකා ඉන්න බැහැනේ..“

“හිටපං.. Pan එක පාරේ නවත්තලා කමු..“ කියමින් දිලා කාර් එක OKI පාසල ඉදිරියේ නැවැත්තුවේය. හරියටම 86 කියා අංකය ගසා තිබු නිවස පිහිටියේ පාසල එහා පැත්තේය. ගේට් එක මදක් පසු කොට කාර් එක නැවැත්තුවේ ඔවුනට බාධාවක් නොවන අන්දමටය. අනික එහි ගේට්ටුවේ ගසා තිබුනේ “86 ගේට්ටුව අවහිර නොකරන්න“ කියාය. එය දුටු සැනින් ඕනැම අයෙකුට සිතෙන්නේ පිස්සන් කොටුවක පිස්සෙක් ගේට් එකක ලියු අකුරු සැට් එකක්ය. ඒ තරමට නිවැසියන්ගේ තරම ඉන් කියා පාන්නේය.

“කෑම දෙකක් තියෙනව නේ..“ ඒ දිලාය.

“මුලින් මගෙ එක කමු..“ සෑමා මගෙ එක කිව්වේ කෑම එක ගැනය.

“හරි මචං.. දිග ඇරපං..“

දෙදෙනාම ඉදිරිපස සීට් දෙකේම හිදගෙන කෑම දෙක දිගහැරගෙන කන්නට වූවෝය. ඒ අතර එතැනින් ගිය ඕ.කේ.අයි ගුරුතුමියන් සුට්ටි සාරි කෑලි, පබලු මාල දමාගෙන අපගේ කෑම පාර්සල් වලට එබී බලන්නට වූයේ බොරැල්ල කනත්ත හන්දියේ සිටින සුරූපී පෙරේතයන් ලෙසය.

“මචං සෑමා.. එක පාරම බලන්න එපා.. පොඩ්ඩක් මම කියන දේ අහපං..“

“හරි කියපං..“ වට පිට නොබලාම සෑමා කෑම එක දෙස බලාගෙන කීවේය.

“මෙතන 86 ගෙදර එකා අපි දිහා ඉදගෙන බලං ඉන්නවා.. පොඩ්ඩක් ෂේප් එකේ බලපං..“

“ඌ පෙරේතයෙක්ද බං.. මෙහෙ බලං ඉන්නේ..“ සෑමා මොහොතකින් බලා ඇසුවේය.

“මන්ද බං.. පොඩ්ඩක් හිටපං.. මගෙ කෑම එක ඩිකියේ.. මම අරන් එන්නම්..“

දිලා කෑම එක ගන්න බැස ගිය විට සෑමා කා අහවර කළ කෑම එක ඔතා පැත්තකින් තැබුවේ එතැන විසික් නොකර කුණු ගොඩකට දැමීමටය. දිලා නැවත එන විට එහා පැත්තෙන් 86 ගෙදර අංකල්ද ආවේය. 

“කරුණාකර ඔතනින් අහකට ගන්නවාද?“ ඒ අංකල්ය.

“හරි අංකල් විනාඩියක් දෙන්න.. මේ බත් එක කාල ඉස්සරහට ගන්නවා..“ ගේට්ටුව අවහිර නොවී තිබුණද, දිලා එසේ කීවේ කෑම එක දිග හරින ගමන්ය.

“කෑම එක.. මම කෑම එක කාලා ඉවර වෙනකල් බලාගෙන ඉදලා තමා ආවේ... කරණාකරලා ගන්න ඉස්සරහට..“

“තව එකක් තියෙනවා අංකල්.. මේ තියෙන්නේ..“ කියමින් සෑමා කෑම එක අංකල්ට පෙන්නුවේය.

“තමුසෙලා දන්නවද මම කවුද කියලා..“

“අංකල් දන්නවද අපි කවුද කියලා..“

“මට ඔහේලා කවුරු වුණත් කමක් නැහැ.. මම තමා අවුරුදු 25ක් තිස්සේ තමුසෙලා වගේ උන්ට ලයිසන් දුන්නේ..“

“මොන මගුලක්ද ඕයි මේක.. මනුස්සයෙක්ට කන්නවත් නොදෙන සතෙක්ද මේ...“ කියමින් දිලා තමන් දිග ඇරිය බත් එකෙන් අංකල්ට දමා ගසන්නට හැදුවේය. සැමා එය වැලැක්වූයේ සත්තුන් සමග හැසිරීමේදි පරිස්සම් විය යුතු නිසාය. ඒ අතර ගෙදර ඇන්ටීද දුවගෙන ආවාය.

“තමුසෙලා ඔතන හරස් කළාම අපෙ ගෙදරට වාහන එන්නෙ කෝමද?“

“හරි අපි වාහනේ තියල ගියෙ නැහැනෙ. වාහනයක් ආවනම් අපි ඉස්සරහට අරන් ඉඩ අරන් දෙනවා..“

“ඒව මට වැඩක් නැහැ.. එදා මෙතන එකෙක්ට මම 2500ක දඩයක් ලියෙව්වා..“

“හරි ලියල පෙන්නනවකෝ.. “

“හරි මෙතනම ඉන්නවා.. “ කියමින් අංකල් නම්බර් එක බලාගෙන ඇතුලට ගියේය. ඇන්ටී නම් සද්ද නැතිය. 

අංකල් ඇතුලට ගියේය. කෑම එකත් කා අහවර කර අප සිටියේ පොලිසිය එන තුරුය. පැයක් පමණ එතැනම සිට පිටත් වුයේ සිරි ලංකාවේ පොලිසිය ප්‍රමාද නිසාය. අංකල් අවුරුදු 25ක් අප වැනි උන්ට ලයිසන් දුන්නා යැයි කීවේ ලර්නස් එකකද කියා අපට සිතුනේය. එහෙත් අනිවාර්යයෙන් රජයේ උසස් යැයි සිතා ගන්නා තනතුරක සිටි අයෙක් විය යුතුය. විශ්‍රාම ගොස් නිවසට වී සිටින විට ඒ කාලයේ පවර්ස් මතක් වී මෙවැන් ලෙඩ රෝග වැලදෙන්නේය. ඒවාට කළ යුතු ශාන්ති කර්ම නැතිය. එහෙත් අංකල් ගැන හොදින් දන්නා ඇන්ටී එළියට පැමිණ අපට මුකුත් නොකීවාය. ඇය දන්නා තරමින් අප නිවැරදි විය යුතුය. එහෙත් ඇන්ටී සතුව එක වගකීමක් ඇත්තේය. එනම් දවස පුරාම බණ දහම් පෙන්වන බෞද්ධයා නාලිකාව හෝ පෙන්වා අංකල්ගේ සිත දැහැමින් පිරවීමය. අප නම් බල්ලෙකු, පූසෙකු කන බොන විට පවා, කරදර නොකරන්නේය. ඒ අපට අපායේ යන්නට බැරි නිසාය. එහෙත් උක්ත අංකල් අපායේම යන්නට සැරසෙන්නේය.

බල්ලෝ පූසෝ ගැන කී විට අපට එදාම සැට් වූ බල්ලෙකුගේ ඡායාරූපයක් මෙහි අඩංගු කරන්නේය. ඒ බල්ලා සැලුන් එකකට ගොස් මොඩිෆයි වී තිබුනේය.



Written by sAm_ශ්‍රී_Perera_8:26am_20/09/13

35 comments:

  1. ඒ නම් මනුස්සයෙක් නෙවෙයිද කොහෙදෝ..

    සමහරුන්ගේ ඔය රාජකාරි කාලේ පවර්ස් විශ්‍රාම ගියහමත් ඒ විදිහට තියාගන්නවනේ....ඔය පොලීසිවල හමුදාවේ සමහර ලොක්කොත් එහෙම තමයි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. බොහෝ රජයේ බලවත් උදවිය ඕම නොවැ..

      Delete
    2. ඇත්ත කතාව. බොහෝ රජයේ බලවත් උදවිය ඕම නොවැ..

      Delete
    3. ඇත්ත කතාව. බොහෝ රජයේ බලවත් උදවිය ඕම නොවැ..

      Delete
  2. බල්ලො ගැනමයි ලියන්නේ.. අර මැක්කා ගැන ඇම්ඩා ලියනවා වගේ...

    ReplyDelete
    Replies
    1. මේක හැලපයියාගේ ආරට ලියල තියෙන්නේ.. කතා ගොඩායි..

      Delete
    2. jaathika aale kiyanne okata ban.

      Delete
  3. උඹලටත් ඉතිං වයසක මනුස්සයානේ කියලා අනුකම්පා කරන්න බැරි හැටියක්. ගේමම තමයි ඉල්ලන්නේ

    ReplyDelete
    Replies
    1. යකෝ ගේම ඉල්ලුව නම් අංකල් අද ගෙදර නැහැ..

      Delete
  4. ලොකු තාප්ප ගෙදර වටේටම ගහගෙන,ලොකු රස්සවල් කරලා පෑන්ශොන් ගිය අන්කල්ලාට කොහොමත් පිස්සුය. උබලට තිබුනෙ ගෙදරට ගිහින් අන්කල්ගෙන් දඩ කොලෙ ඉල්ලලා කොචොක් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. අපි එද්දි යන්නම් කියල එන්න හැදුවෙ.. මොකදට බං නාකි එක්ක හැප්පෙන්නෙ කියල ආවා..

      Delete
  5. අඩේ ඔය වගේ එකෙක්ට අපිත් පාඩමක් ඉගැන්නුව.... පසුවට කතාව....

    ReplyDelete
  6. අපේ වයසෙ අයට වඩා ටිකක් පරණ මිනිස්සු (කලින් පරන්පරාව) ඔය වගේ තමා අවුලක් නෑ තව ටික කාලෙකින් ඔය වයිසෙ ඉන්නෙ අපිනෙ (අළුත් පරම්පරාව) අපි ඔය වගේ අදහස් දරන්නෑ මම හිතන විදිහට .

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න එවුන් වයසට ගියාම පාරට බහින එකක් නැහැ බං. පැන්සොන් ගිහින් බුකියට වෙලා ආතල් එකේ ඉදී !

      Delete
  7. මානයෙන් ඉදිමුණු එකෙක් ගැන තවත් කතාවක්... :)

    ඔව්වා ඔහොම තමයි සොයුර.. ලෝකේ මිනිස්සු විවිධාකාරයි.. තාප්ප ගැන කියද්දී මතක් උනේ.
    මම නිවාඩුවට ගෙදර ඇවිත් උන්නා නෙව. ගෙයින් එලියට නොබැස සතියක් විතරම ගෙට වෙලා උන්නා. එලියට බැස්සත් අහල පහල කුණු හොයන්න නොයන නිසා ගමේ වෙන කෙරෙන දේවල් ගැන නිනව්වක් නැහැ.
    සතියකට විතර පස්සේ කඩේ පැත්තට ගාටනකොට මම දැක්කා නෙව ඉස්සරා ගෙදරට තාප්පයක් ගහලා. :D මොනවා රැක ගන්න මොන දේ හංගන්න ගැහුවද දන්නේ නැහැ. නාගරීකරණය වෙන්න ද හදන්නේ නැත්නම් තාප්පෙන් පොෂ් වෙන්න ද ?
    තව ටික දාසකින් ගේට් එකක් දායි තව දාසකින් බල්ලන්ගෙන් පරිස්සම් වෙන්න කියාවි. තව ටික දාසකින් උක්ත කී සැමා ගේ ක්‍රමය එයි.

    මට පුදුම මොනවද මේ මිනිස්සු හංගන්න හදන්නේ කියලා :p ????????


    මම - Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. ඉතිං මිනිහෝ උන්ගේ ඉඩමේ තාප්ප ගහන්න උඹෙන් ලයිසන් ගන්න ඕනේද? උන්ට අවශ්‍යතාවයක් ඇතිවුනා, උන්ට සල්ලි තිබ්බා, උන් තාප්පෙ ගැහුවා. උඹට තියෙන පුකේ අමාරුව මොකද්ද?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. අන්තිමට ඔච්චර තමා බෙනියෝ..

      Delete
  8. මාත් දැකලා තියෙනවා ලොකු තැන් වල ඉදලා විශ්‍රාම ගිය අයගේ පවර්ස්. ඒ මිනිස්සු හිතන්නේ ඊට වඩා ඉහළින් අපි යන්න ඕනේ නෑ කියලා.ඒ කියන දේ හරියි කියලා තමා හිතන්නේ

    ReplyDelete
    Replies
    1. මොලේ වර්ධනයක් නැති කම ...

      Delete
  9. යකෝ ඒ අංකල් කාරය ආර් ඩී ඒ එකේද දන්නෑ වැඩකරන්නෙ. පාරෙ නවත්තන වාහන වලට දඩ කොළ ලියන්න.

    ReplyDelete
  10. ෂුහ් මරු පොශ් බල්ලෙක්නෙ :D

    මන් හිතන්නෙ අන්කලය ලනර්ස් කාරයෙක් නෙමේ, ලයිසන් ගන්න අපි මේ ට්‍රයල් පෙන්නන්නෙ මට උට කියන නම මතක නෑනෙ, ඒකෙක් වෙන්ඩ ඇති ශුවර් එකට...මොන උනත් කන එකට බාදා කරන එකනම් මහ අසික්කිත වැඩක්...

    ReplyDelete
  11. හැබැයි මම නම ඔයවගේ පාහර වැඩ කරන්නේ නැහැ. මගේ ගෙදර (කොටහේනේ) ඉස්සරහ එකෙක් හරි ඔහොම චාටර් කරානම් ඌ යන්නේ උගේ කුට්ටම අතින් අරගෙන.

    ReplyDelete
  12. තමන්ට තිබුන බලය ගිලිහුනාට පස්සෙ හැදෙන මානසික රෝගයක් ඔක

    ReplyDelete
  13. උඹලා දෙන්නා බඩ පිරෙන්න කෑවනේ. මොකා බිරුවත් එච්චරයි නේ අවසානේ වෙන්න ඕනේ.

    ReplyDelete
  14. ලයිසන් දෙන තැන කිව්වේ තැපැල් කාරයෙක්ද දන්නේ නෑ!

    ReplyDelete
  15. ෂික් විතරක්...මම මේ අන්තිම වෙනකං ආශාවෙන් කියෙව්වෙ සෑමා බඩ පුරා කාලද කියලා බලන්න අයියෝ..මගේ බලාපොරොත්තු සුන් උනා...

    ReplyDelete
  16. දෙපැත්තම බේරලා කොමන්ටුවක් දාමු...

    ඔව් ඔව් :3

    (කෑම කන වෙලාවකට පොඩ්ඩක් ඉවසන්න තිබුනේ නැද්ද කියලා මටත් හිතුනා... මූලග්ගාය වෙන්ට ඇති...-_-)

    ReplyDelete
  17. උඹට සෙට් වෙන්නෙම ජොක්කුයි බල්ලොයි නෙ බං.

    ReplyDelete
  18. ඔය වගේ මෙලෝ රහක් නැති පිස්සෝ ඉන්නවා බං උන් හිතන් ඉන්නේ උන් තමා පොරවල් කියලා.

    ReplyDelete
  19. බත් කන්න තැනක් නැද්ද බං වයසක මිනිස්සුත් එක්ක එල්ලෙන්න යන්නෙ

    ReplyDelete
  20. අංකල්ගේ වෙන්නෑති MTD එක. අවුරුදු 25ක්ම කට්ටියට ලයිසන් දිලනේ.. :D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...