Wednesday, August 7, 2013

රෑට කෙල්ලො - කොල්ලෝ කතා කරන ඒවා.. - Couple's Night Time Conversations !!


පෝං නම්බරයක් සැට් වුණ හැටියේ හෝ, කපල් එකක් ආදරෙන් වෙළුන සැටියේ වැඩිපුර පෝං එකෙන් කතා කරන්නෝය. එයට ගැමි වහරේ කියන්නේ මල් කඩනවා කියාය. එහෙම කරන කතා බහ වැඩිපුර කෙරෙන්නේ රෑ ජාමයේය. හැම එකාම අහන්නේ “නංගි ඔයාට රෑට කතා කරන්න පුලුවන්ද කියාය“. එහෙමත් නැතිනං ඔයා “රෑට නිදා ගන්නේ තනියමද කියාය“. ඒ සුර ලොව අන්තයේ සිට තම සහයකයා ඇමතීමටය. මල් කැඩීම යන නම ලැබුනු හැටි නොදන්නා මුත්, අපේ සම්පා දිනක් මේ වචනය පවා වැරදියට භාවිත කළේය. ඇත්තටම ඌ එයට කීවේ “මල් කපනවා“ කියාය. අප තේරුම් කර දෙන තුරු ඌ හිතන් හිටියේ හරි වචනය “මල් කපනවා“ කියන එක කියාය. මල් කපන්නට නම් එක්කේ කිතුලකට හෝ, පොල් වත්තකට යා යුතුය. සම්පා අනුරපුරේ ඩයල් එකක් නිසාදෝ කියන කුහුහරප පවා අගක් මුලක් නැති ඒවාය. ස්ත්‍රි පුරුෂ පටලවන්නේය. රෑ පුරා ෆේස් බුකියේ සිට පහුවදා ඇවිත් අපට කියන්නේ “ඊයෙ රෑ එලිවෙනකල් ෆේස් බුක් ගැහුවා මචං“ කියාය. ඒ උගේ වචන භාවියය. දිනක් ලපටි කෙල්ලෙක් දැක “අනේ හුජ්ජි කෙල්ලෙක්“ බං කීවේද ඒ බස් වහරේ ආදීන පෙන්වා දෙමින්ය. කෙල්ලො - කොල්ලෝ කතා කරන හැටි ලියන්නට ගොස් සෑමාද හැලප අයියා සේ රටේ නැති කතා කියන්නේය. කතාව මෙසේ දිග හැරෙන්නේය.

කලින් කී පරිදි කෙල්ල - කෙල්ලා රෑ කතාවට සැට් වෙන්නෝය. පෝං එක කනේය. එක අතක් කනේය. අනිත් අත කොහේද දන්නේ නැතිය. ගෙදර උන්ට ඇහෙනවා නම් කතා කරන්නේ කෙදිරිලි හඩින්ය. නැතිනම් සද්දෙට කතා කළ හැකිය. අපේ එකෙක්ගේ පළවෙනි කෑල්ල පෝං එකෙන් හෙමින් කෙදිරිලි හඩින් කතා කර ඇත්තේය. ඒ කෙල්ලගේ කාමරේ නංගිලා පවා නිදා ගන්නා නිසා උන්ට ඇහෙයි කියාය. අපේ එකාද කෙදිරිලි හඩින් කතා කර ඇත්තේය. ඒ උගෙ කාමරේ කිසිවෙකු සිටි නිසා නොවේය. අරකි කතා කරන විදිහටම ඔටෝ කතා වූ නිසාය. පොර කී කතාව නිසා මේ ලිපිය ලියැවෙන්නේය.

දෙබස යන්නේ කෙදිරිලි හඩින් බව මතක තබා ගන්න...  කෙල්ල රතු පාටද, කොල්ලා නිල් පාටද වන්නේය..

“හෙලෝ..“

“බබා දොයිද??“

“නැහැ ඇදේ අනේ ඉන්නෙ...“

“මොකද හොරෙන් කතා කරන්නෙ...“

“මේ.. නංගිල එහා පැත්තෙ දොයි... මම ඒකයි හොරෙන් කතා කරන්නෙ..“

“එයාල ඇහැරෙයිද?“

“ඇහැරෙන එකක් නැහැ.. ගොඩක් වෙලා ඉදන් දොයි..“

“හ්ම්... බබා ඔයා මොනාද ඇදගෙන ඉන්නෙ??“

“නයිට් ඩ්‍රස් එකක් අනේ.. “

“ඩ්‍රස් එකට යටින්...??“

“යටින් ඒවත් ඇදල ඉන්නෙ..“

“පිස්සුද බබා.. මේ රස්නෙ.. මොකටද අනෙ ඕව අදින්නේ...“

“හ්ම්...“

“ගලවල දාන්න.. ගලවල දාන්න..“

මොහොතකට සද්ද නැත... තප්පර කිහිපයක් ගතවේ..

“බබා.. බබා... මොකද වුණේ?? ඇයි කතා නැත්තෙ...“

“ගැලෙව්ව අනේ...“

“හ්ම්.. සෝයි...“

අපේ මිත්‍රයාගේ ඔරිජිනල් කෙල්ල ගෙන් කෝල් එකක් පැමිණේ. ෆෝන් වේටින්ය. කොල්ලා ක්ෂණික අනිත් කෙල්ල හෝල්ඩ් කොට කෝල් එක ආන්සර් කරයි. අර කෙල්ල සිංදු අසමින් සිටී

“හෙලෝ...“ (නිදිමත බවක් හගවමින්..)

“දොයිද??“

“ඔව්... දොයි අනේ.. දොයි..“ (නිදිමත බවක් හගවමින්..)

“හරි... දොයියන්න බබා...“

කෙල්ල පෝං එක තබයි. අනිත් කෝල් එක අන්හෝල්ඩ් වෙයි..

“මොනාද අනෙ කරන්නෙ.. මොකද වුණේ..“

“මාත් ගැලෙව්වා බබා...“

“හෝල්ඩ් කලේ,,,??“

“ගලවන්න තමයි...“

“හ්ම්...“

“එන්නද ලගට??“

“ඔය ලයිට් නිවලා නිදා ගන්න ලමයෝ“.... (මර හඩින් කෙල්ලගේ පැත්තෙන්... අම්මා කෑගසයි..)

“හා... හරි හරි අම්මේ...“

“මම බලාගෙන හිටියේ.. මේසෙ ඉදගෙනම කෝල් එකක ඉන්නවා..“ (මර හඩින් කෙල්ලගේ පැත්තෙන්... අම්මා කෑගසයි..)

පලි - එහා පැත්තේ කියන කරන දේ ඇත්ත බව සිතා හැගීම් අවුස්සා නොගන්නටත්.. මෙහා පැත්තේ කියන කරන දේ ඇත්ත බව සිතා හැගීම් අවුස්සා නොගන්නටත්.. කල්පනාකාරී විය යුතුය.

Written by sAm_ශ්‍රී_Perera_10:35pm_06/08/2013

50 comments:

  1. ඉතිං යකෝ උන් දෙන්නට ඒක මහමෙරක් වගේ නේ. දෙන්නම එකට හදා ගන්න සිහින ලෝකේ නොවැ.

    ReplyDelete
    Replies
    1. කතාවෙන් එහෙම සිහින ලෝකෙ හැදුවට.. උන් දෙන්නම කියාගෙන තියෙන්නෙ බොරු නොවැ බං..

      අරකි පාඩම් කරන ගමන්.. ඇදේ හිටියලු..

      :ඩී

      Delete
  2. විලිලැජ්ජාවේ සංතොසේ බැරුවා . අනේ ඇත්තට උඹ කාගේ කතාවද හොරෙන් අහන් උන්නෙ ?

    ReplyDelete
    Replies
    1. කාගේවත් කතාවක් අහගෙන ඉදලා නෙමේ ජෝන් අය්යේ.... මේ තියෙන්නේ සැමා ගේ දවසේ දින චර්යාවෙන් කොටසක්ද කොහෙද?

      Delete
    2. @ජෝනා - අහං හිටිය නෙවෙ බං. මට ඌ කිව්වා..

      @දේවා - අහගන්න එපා යකෝ.. මාව යකා කරගන්න එපා >.<

      Delete
    3. හැක් හැක්...වැඩේ මාට්ටු...

      Delete
    4. @ දේවා මුගෙ මූන බලාගෙන කියන්න බැරි හන්දා කියුවෙ නෑ .. මටත් ඒක මුලින්ම හිතුනා. අපි නොදනවයැ සැමා ගැන

      Delete
    5. දේවා මරල ඇති වෙන එකක් නැහැ. තව එවුන් දෙන්නෙක් ලිස්ට් එකට දාගන්න වෙයි වගේ..

      Delete
  3. සිරා කතාවක් ද බන්

    ReplyDelete
  4. අනේ හපොයි... හරි චී... කැත කතාමයි මයි මේ සෑම ලිවුවොත් ලියන්නෙ... වල් කොල්ල....

    ReplyDelete
    Replies
    1. මේව හැංගිච්ච ඇත්ත බොල. මොන කැත කතාද?

      Delete
  5. ඔය කොම්පියුටරේ වහල නිදාගන්න ළමයෝ. සෑමාගේ අම්මා මහ හඬින් කෑගසයි.

    ReplyDelete
    Replies
    1. මේ නම් වීඩියෝ චැට් සම්බන්ධවයි..

      Delete
    2. මොකෝ? බොලා දෙන්නත් කෙන්ජි ටයිප්ද?

      Delete
  6. අපොයි. පව්නේ අසරණ අසරණියන්. අපි නම් මල් කඩන්නේම නැත. ෆිලුම් එකක් බලන වෙලාවට කොමන්ට් එකක් මැසේජ් කොරයි. එච්චරම තමාය. ඕවාට සිරාවටම වෙලාවක් ඇත්තේම නැත. එලෙස තිබුනා නම් කොරන්නේ මල් කැඩීම නොව බ්ලොග් පෝස්ටුවක් ලියා ගැනීමය :v

    ReplyDelete
  7. සැමාගේ රාත්‍රී දින චරියාව.........................

    ReplyDelete
  8. Meka athata kathawakda Aiye,
    balanna Podi lamai karana wada

    ReplyDelete
  9. පොන් සෙක්ස් කියන්නේ ඕවටද අයියන්ඩි?

    ReplyDelete
  10. පෝං එකෙං පෝං.
    මේක උඹේ වැඩක් අපිට කොලේ වහන්න බොට බෑ!

    ReplyDelete
  11. සෑමාට වු තවත් හදියක්

    ReplyDelete
  12. ඇත්ත කියපං සෑමෝ,මේ සීන් එක උඹට වෙච්ච එකක් නේද

    ReplyDelete
  13. අපිල නම් ඇන්ටිල එක්ක ඔහොම ජංගි ගලවන් කතා කොලේ ලෑන් ෆෝන් වලින්.
    නිදාගෙන ඉන්න නංගිලට පිටු පාල අව යව පෙන්නගෙනම ස්කයිප් එකෙන් නිහඩව කොර ගන්න බැරිද සිරි.

    ReplyDelete
  14. ඔව් ඔව් මේක නම් මේ සැමා ගෙ සිද්ධියක්. එක් එක් ප්‍රදේශවල අය භාෂාව භාවිතා කරන කොට සිංහල භාෂාවේම වුණත් තියෙන්නේ විවිධ වෙනස්කම්.මේ වෙනස්කම් තමයි භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාර යනුවෙන් අපි හඳුන්වන්නේ. මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් තමයි යමෙක් යම් දෙයකට පාවිච්චි කරන වචනය වෙනත් ප්‍රදේශයකින් පැමිණියෙකු වෙනත් වචනයක් යොදමින් කතා කිරීම.අර අනුරාධපුරේ යාලුවගෙ සිද්ධියෙන් මට මතක් වුනේ ඒක.

    ReplyDelete
  15. කෑවා නේද සෑමාගේ ආතල් එක! ඕක ඉස්කයිප්පු කෝල් එකක් නෙවෙයිද?

    ReplyDelete
  16. දැන්වත් කෙල්ලට හොරෙන් රෑට වෙන කෙල්ලන්ට කෝල් කරන එක නවත්තපන් බං.. දැක්කනේ ඒ කෙල්ල උබව අන්දලා බොරුවට ගැලෙව්වා කියලා.. උබ මෙහෙ බොරුවට ගලවාගෙන ඇද උඩ දගලනවා.එකී මෙසේ උඩ පාඩම් කරනවා .හික්..හික්..හි ..

    (මේක සෑමා ට වූ සත්‍ය සිද්දියක් බැව් පැපරාසි වාර්තාකරුවෙක් දන්වා සිටි )

    ReplyDelete
  17. අද පෙන්වනවා--සැමාගේ රාත්‍රිය

    ReplyDelete
    Replies
    1. යකෝ මගෙ අවසන් සාත්තිය වෙයි.. ඕව කියන්න එපා..

      Delete
  18. හරි හරී .... ඕක සිරාවටම කරන එවුනුත් ඉන්නවනේ බං. සමහර උන් එළිවෙනකම් ෆෝන් එකේ. සමහරදාට කතාකර කර ඉද්දිම දෙන්නටම නින්ද යනවා, හුඟක් එවුන්ගෙ සිම් දෙක අතර අවුට්ගොයින් ෆ්‍රී නිසා හොඳයි ඉතිං.

    ඒක නෙවි එක අතකින් පෝං එක අල්ලගෙන අනිත් අතින් මොනව කරනය කියලය කිව්වෙ, මොකක්ද මතං ඒකෙ විශේෂත්වෙ. :D

    බලපං ඉතිං .. මුං ඔක්කොම හිතන් ඉන්නෙ මේක උඹට වෙච්ච වැඩක් කියල. මම නම් ඔන්න එහෙම හිතන්නෙ නෑ, උඹට කෙල්ල එපා උනානම් ඇරෙන්න ඔය කතන්දරේ මේකෙ දානවද, ගෑල්ලමයත් ඉඳල හිටල කියවනව කිව්ව නේද.

    ReplyDelete
    Replies
    1. //මම නම් ඔන්න එහෙම හිතන්නෙ නෑ,//

      මේ ටිකට මාරම සතුටක් ආව බං.. ඊට පස්සෙ ටිකට මට ඇස් දෙකටම ඇඩුනා මචං :ඩී

      Delete
  19. හුජ්ජ කොල්ලන්ගෙ ආලවට්ට කං..!

    ආලය මුලාවකි...!

    ReplyDelete
    Replies
    1. කාමය?? මුලාවක්දෝ? අයියා...

      Delete
  20. campus භාෂාවෙන් මල් කපනවා කියන්නේ කෙල්ලගේ hostel එක ගාවට ගිහින් මල් කඩන එක

    ReplyDelete
    Replies
    1. අම්මද බොල අන්න වචනේ..

      ස්තුති.

      Delete
  21. යකෝ ඕක දැන් ට්‍රෙන්ඩ් එකක්ලු...

    මේ කෙල්ලෙක් එනවා මාත් එක්ක චැට් එකට. ඔහොම අහන්නේ ඒවා සෙක්ස් චැට්ලු. ස්කයිපුත් එන්නලු.
    අපිට හරියනවද බං ඕවා??? :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උබ බෑ කිව්වා??

      පුදුමාාායි රජතුමනි.. ආශ්චර්යයයක්.. :ඩී

      Delete
  22. මේකත් උඹ hold දාලද කෙටුවේ???

    ReplyDelete
    Replies
    1. කන්ෆරන්ස් දැම්ම මචං !

      Delete
  23. ඇයි බං පෝං එකෙං කතා කරද්දි ඇදුං ගලවන්නේ??

    ReplyDelete
    Replies
    1. ස්කයිප් නම් ෂේප්ද බං ?

      Delete
  24. බොහොම හොඳ ආදර්ශවත් කතාවක්......

    ReplyDelete
  25. සිරා කතාවක් එල එල

    ReplyDelete
  26. හඃ හඃ හඃ හඃ
    ලෝකෙම කියන පොදු බොරු ටික තමා මේ . හඃ හඃ හඃ
    එල එල එල

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒකත් එහෙමද මචං..?

      Delete
  27. ඔය ලව් ඉතින් ඉලව් තමා සැමා. පොස්ට් එක නම් හොදා. ජය වේවා!

    ReplyDelete
  28. “හ්ම්.. සෝයි...“ :D

    ReplyDelete
  29. අනේ බං උඹටත් වෙන එව්වා.... කුජීතයි බං.

    ReplyDelete
  30. දෙන්නගෙම නින්දත් කෑවා :p

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...