Friday, July 5, 2013

නම්බරේ ගත් කෙල්ල නිවසට හොයාගෙන එයි.. - Girl At The Door Step..!!


මේ කතාවේ නම් ගම් මන* කල්පිත නොකලොත් ජීවිත රැසක් අනතුරේය. ඒ නිසා කතාව දිගටම කොටාගෙන යනවා මිසක නම් ගම් නැතිය. හැබැයි කතාවේ රසය ටිකක් අඩු වෙනවාය. සිනහවට වඩා ජීවිත රැක ගැනීම වටිනා නිසාම රස අඩු වුවද කතාව ලියවෙන්නේය.

“අඩෝ අන්න පට්ට කෑලි දෙකක් යනවා..“

“ස්ලෝ කරපං.. ස්ලෝ කරපං..“

“අඩෝ.. උබ අත වැනුව නේද?? අන්න උන් දෙන්නත් අත වැනුවා..“

“නවත්තපං යකෝ.. බලමු කොහෙටද යන්නෙ කියල.“

“අන්න.. හෝල්ට් එකේ නවත්තල තියෙන බස් එකක නැග්ගා..“

“දෙන්නෙක් ඉන්නව නේ.. නම්බර් එක දියන්.. උබෙ එකයි මගෙ එකයි දෙමු..“

“හරි මචං මෙන්න.. මගෙ නම්බර් එක..“

“මචං මායි, මූයි ගිහින් නම්බර් එක දීල එන්නම්. උබෙ එකත් එක්කම. උබ බස් එක ඇද්දුවොත් කාර් එකේ අපිව ෆලෝ කරගෙන වරෙන්. අපි හෝල්ට් එකකින් බැහැල ඇවිත් නගින්නම්.“

“වරෙන් යන්න බස් එකට නගිමු..“

එක නම්බරයක හිමිකරුවෙක් කාර් එක පදවන්නාය. අනිත් එකා කාර් එකේ ආ තවත් අයෙකු සමග බස් එකට නගින්නේය. කෙල්ලෝ දෙන්නා සිටගෙන සිටියදී දෙන්නා දෙපැත්තෙන් හිට ගන්නෝය. 

“කොහෙටද මේ බස් එක යන්නෙ නංගි??“

“මේක යන්නේ ^&**( ට“

“ඔයාල එහෙන්ද බහින්නෙ..“

“නැහැ... ඇය අහන්නෙ?“

“අපිත් ටිකට් ගන්න ඕන නෙ.. ඒකයි ඇහුවෙ..“

“හිකි.. හිකි...“

“ආ.. මේක ගන්න..“

ඇය වටපිට බලා නම්බර් එක ගන්නීය.

“ඔයාගෙ ෆෝන් එක දෙන්න...“

ඇය ෆෝන් එකත් දෙන්නීය. ඔහු ඇගේ පෝං එකෙන් තමන්ටම මිස් කෝල් එකක් ගහ ගන්නේය. එවිට කාඩ් එක දෙනවාට වඩා ෂුවර්ය. නැත්තං කාඩ් එක අරගෙන කෝල් නොකර ඇයට සිටිය හැකි නිසාය. ඒ අතර අනිත් එකා කාර් එකේ සිටින එකාගේ නම්බර් එක දෙන්නට ටෝක් කරන්නේය.

“මේ මට කෝල් එකක් දෙන්න ඈ...“

“හා... හා...“

වැඩේ අවසන දෙදෙනාම ඇවිත් කාර් එකට නගින්නේ බස් හෝල්ට් එකක බස් එක නැවැත්වූ පසුය. කාර් එක එලවාගෙන ආ නම්බර් එකක හිමිකරු මෙසේ අසන්නේය.

“ඒ උබ මගෙ නම්බර් එක දුන්න නේද?“

“දෙන්න වුනෙ නැහැ බං.. මේ තියෙන්නේ..“

“එතකොට උබ අරකිට කිව්වෙ කෝල් කරන්න කියල මේ නම්බර් එක නොදීද?“ බස් එකේ නැගි අනිත් එකා අසන්නේය.

“ඒක ඇහුවට මේක දෙන්න වුනේ නැහැ බං..“

නම්බර් එක ගසා ගත් කෙල්ල අරූට සෙට් වන්නේය. අනිත් නම්බර් හිමිකරුට ඒ මාර්ගයෙන් නම්බර් එක ලැබෙන්නේය. ඒ දෙදෙනාද, අර දෙදෙනාද, මල් කඩන්නෝය. අනිත් කෙල්ල සිතා සිටින්නේ බස් එකේ නැග නම්බරය නොදි තමන්ට කෝල් කරන්න යැයි කියපු එකා තමා සමග කතා කරනවා කියාය. එහෙත් ඇත්තටම කතා කරන්නේ කාර් එකේ සිටි එකාය. අරූ අරන් ආවේ උගෙ නම්බරයය.

දිනයක් යොදා ගනිමින් හතර දෙනාම එකම තැනකදී මුණ ගැසෙන්නෝය. එතැනදී නම්බරය දෙන්නට ආ බුවා ගැන කතාව ඇදෙන්නේය.

“මම හිතාගෙන හිටියෙ එදා ඉදන් මට කතා කරන්නෙ අර බස් එකට නැගපු කෙනා කියලමයි අනේ..“

“ඇයි එයා කිව්වෙ නැද්ද මේක මගෙ නම්බරේ කියල..“

“නැහැ අයියෝ.. එයාට කෝල් කරන්න කිව්ව. ඒත් මට නම්බර් එකක් වත් දුන්නෙ නැහැ...“

“මාර සීන් එකනේ..“

“ඔව්..මට තාම මැවිල පේනවා රිලා පැටිය වගේ බස් එකේ පොල්ලෙ එල්ලිලා මගෙ දිහා බලාගෙන හිනා වුන හැටි. මේ බලන්න ඔයාගෙ නම්බරේ මම සේව් කරල තියෙන්නෙත් රිලා පැටිය කියල..“

මාසයක් ඇතුලත මේ සීන් ඔක්කොම අහවරය. උන් උන්ට කෝල් නැත්තේය. සද්ද නැතුව මාස 6ක් පමණ ගෙවෙන්නේය. ඒ අතර හදිසියේ වදුරු පැටියා ලෙස නම්බර් එක සේව් කර ගත් කාර් එක පැදවූ එකාගෙන් කෝල් එකක් එන්නේ අනිත් බුවාටය.

“කැ& සීන් එක බං..“

“ඇයි බං මොකද?“

“උබ දන්නව නේ අපෙ මල්ලි කෙනෙක් බදින්න යනවා. පොරගෙ ගර්ල්ට අපෙ ගෙදර තමා අන්දවන්න යන්නෙ..“

“ඉතිං..“

“අද මම ගෙදර නැති වෙලේ ඇවිත් ඒ අන්දවන කෙල්ල.. සැලුන් එකේ කෑල්ල..“

“ඉතිං මොකැ බං සීන් එක..“

“ඒකි තමා එදා අපිට සෙට් වුණ කෑල්ල බං.. දැන් ගෙදර ඇවිත් අරුන්ට අන්දවනකොට මට හැංගිල ඉන්න වෙයි බං.. “

“උබ කෝමද ඒකිම කියල දන්නෙ.. අනික ඒකි සැලුන් එකක් කරනව කියල අපිට කිව්වෙ නැහැනෙ...“

“නැත්තෙ කොහෙද බං.. උන් අපිට බොරුද කොහෙද කියල තියෙන්නේ.. මම ඒකි කරපු ඇල්බම් ටිකක් ගෙදර තිබිල බැලුව... ඒකිම තමා බං.. ගෙදර ආවොත් මට විනාසයක් වෙන්නෙ..“

“මරුනෙ බං.. එදා හොයාගෙනම ගිය එක අද උබෙ ගෙදරටම එනවා..“

“විහිළු නැතුව මට බේරෙන්න ක්‍රමයක් කියපං &*$තෝ....“

Written by sAm_ශ්‍රී_Perera_05/07/13

56 comments:

  1. හී හී අයි ෆීල් දැට්.. මටත් තිනවා ඔය වගේ සීන් එකක්..

    ReplyDelete
  2. දැන්නම් ඉතින් අතටම අහු වෙයි වගේ . හරි වැඩ තමයි ඔයාලටත් වෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. මගුලක් වෙයි ඒ ගොල්ලන්ට (අපිට නෙවේ..) :ඩී

      Delete
  3. ගෙවල් දොරවල් වාහන දැක්කම කෙල්ල බොලාගේ මනමාලි වෙන්න කැමති වෙයි.
    භය නැතිව එඩිතරව මුහුණ දියන් කොල්ලො.

    ReplyDelete
    Replies
    1. මට කියන්න එපා ංබ. ඌට කියපං :)

      Delete
  4. කෝ බන් උඹේ නිර්මාණ. මේ අමු කෙප්ප ලියන්නේ....

    ReplyDelete
    Replies
    1. සත්තයි බං.. අපේ ලකියා සාක්ෂි... ඌට වෙච්ච දෙයක් නෙවෙ ඕං...

      Delete
  5. බයවෙන්න එපා බන් ඔව කෙල්ලො ප්‍රසිද්දියෙ කියන්නෙනෑ.අඩුගානෙ ලගම යාලුවටවත් කියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. මේ වචන ටිකෙන් උබ අත්දැකිම් බහුල අයෙක් කියල දැනෙනවා.

      උන්ගේ මේ දුර්වලතාව නිසා තමා එකම කොල්ලා එක ලග ඉන්න හොදම යෙහෙලියෝ දෙන්න එක්කම යාලු වෙන්න.

      Delete
  6. යකෝ මාරම කේස් එකක්නෙ වෙලා තියෙන්නෙ... හැබැයි මචෝ..... උබට හොදයිනෙ යකෝ ඒකි බැදගත්තොත් උබට නිකන්ම මේකප් පාර කරගන්න පුළුවන්නෙ බොල....ඒක නිසා බැදගනින්....

    ReplyDelete
    Replies
    1. මගුලක් කියනව.. ඒකි මගෙ පඩිය මේක් අප් කරයි බං..

      Delete
  7. කොල්ලට වෙනම මේකප් එකක් දාගන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ බේරල දෙන්නෝනි බං.

      Delete
  8. අනේ සාදු හොද වැඩේ තොට

    ReplyDelete
  9. කියපන් නිර්මාණයක්ද සිරා කතවක්ද?

    ReplyDelete
    Replies
    1. සිරා බං. මේ සෙට් එකම තමා එදා උබට ටිකට් දෙන්න ආවෙ.

      Delete
    2. උන්නම් සුපිරි යාලුවෝ

      Delete
  10. දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා ....

    ReplyDelete
  11. මෙදා පොටේනම් සෑමා මට්ටු ..හොද වැඩේ බොට..

    ReplyDelete
    Replies
    1. හොද වැඩේ උබලගෙ ගෙවල් ලග ඉන්න එකාට.. හම්බුනාම උගෙන්ම අහපං.

      Delete
    2. හෑ , ඌටද උනේ..හික්..හික්... පව් යකෝ අහින්සකයා ..

      Delete
  12. රිලා පැටියට හොද වැඩේ.

    ReplyDelete
  13. මැවිලා පෙනේවි මොකද්ද එක. සැමාඅයියේ පරෙස්සමෙන් ;)

    ReplyDelete
    Replies
    1. අහවල් එකටද බං මම පරිස්සම් වෙන්නෙ ;)

      Delete
  14. එහෙනං ඒකත් ජයසිරි මංගලම් කිව්ව ඈ...

    ReplyDelete
    Replies
    1. දෙකම එක පාර කෙරෙයි වගේ.

      Delete
  15. රිලා ද රීලා ද?

    කාර් එක පැදෙවුවේ උඹ නෙවෙයි කියල උඹට හොඳටම ෂුවර් ද?.

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මේ බං ඕව කියන්න බැහැ මට.

      Delete
  16. මොකක්ද බන් මේ උලව්ව ? මට නම් මෙලෝ මලදානයක් තේරුන්නෑ. පාටත් නෑ ඉරිත් නෑ.. ලියන්ඩ දෙයක් නැත්නම් නොලියා හිටහන් බන් මේ විකාර ලියලා උඹෙයි අපෙයි කාලෙ කන්නැතුව.. හැකියාව නැති එකෙක්නම් තව කමක් නෑ..

    ReplyDelete
  17. හොඳ වැඩේ බොලාට..හොඳ පෝස්ට් නොදා.. කෙල්ලො පස්සෙ යනවට..!

    ReplyDelete
  18. හප්පටසිලි, මට ලාවට තේරුනේ ඇ,

    ReplyDelete
  19. මට හරියට තේරුනේ නෑ බං.

    ReplyDelete
  20. කාර් එකේ හිටියෙ සෑමා කියල මට හිතෙනවා :P

    ReplyDelete
  21. හහ්.... දැන් මේ හැංගෙන්න වෙලා තියෙන්නේ සැමාට නේද...... හොද වැඩේ....

    ReplyDelete
  22. සෑම් පුතේ..හත් දවසේ දානේ දවස කියපන්!

    ReplyDelete
    Replies
    1. අතරුදහන් ව් ඇත කියලා ඊ ලග පොස්ට් එක ල්යවෙන්නේ මු ගැන
      sAm "අතරුදහන් ව් ඇත අවසන් වරට දුටු විට කිසිවක් හැද සිටයේ නැත"

      Delete
    2. නාඩියා sAm කියලා සිංහලන් කොටන විදිහ කියලා දීපන්

      Delete
    3. iEua

      කියල ගහපං.. සිංහලෙන්..

      Delete
  23. මරු සිද්දිය.. :D

    ReplyDelete
  24. කෝ මගේ කොමෙන්ට් එක.

    ReplyDelete
  25. බය වෙන්න එප බන් කෙල්ලො ඔව කාටවත් කියන්නෙ නෑ

    ReplyDelete
  26. දෙන දෙයියෝ ගෙදරටම ගෙනැත් දෙනවා කියන්නනේ මේවට තමයි..

    ReplyDelete
  27. තොපිත්(?) බොරු කියලා.උනුත් බොරු කියලා.යකෝ බොරුවෙන් රට වැනසෙන්නේ.....

    ReplyDelete
  28. “කොහෙටද මේ බස් එක යන්නෙ නංගි??“

    “මේක යන්නේ ^&**( ට“

    මෙහෙම කුණුහරප කියන කෙල්ලෝ ඕනෙම නෑ බං. :-O

    ReplyDelete
  29. කුම්බලා මාළු කෑවා නම් දුක විදපන් බළලෝ කිව්වලු

    ReplyDelete
  30. උඹලටත් පස්සෙන් යන්න හොදයි. ගෙදරට එනකොට දුවනවා. පවු ඈ ;)

    ReplyDelete
  31. හි හි හි.......හොඳ වැඩේ!

    ReplyDelete
  32. මේක සැමීගේ කථාවක් නෙමෙයි නේද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...