“ඕක කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලපු එකෙක් ඈ.. ඉතිං මක්කටෙයි අයිය මලෝ දෙන්නට ගෑණු දෙන්නෙක් හොයන්නෙ. පොඩි එකාවත් අයියගෙ ගෑණිටම පංගරාතු කොරනවා මිසක්කා..“
කෑ ගැසුවේ පොඩ්ඩයියාගේ අම්මාය. ලොක්කයියා හෙට අනිද්දා සිරිමලී සමග කසාදයකට යන්නේය. ඒ අතර කිසිම කෙල්ලන් පිළිබද හැගීමක් දැනීමක් නැති, පොඩ්ඩයියාද යැවීම අම්මාගේ වුවමනාව බව සිරිමලී දන්නීය. ඈට කරන්නට දෙයක් නැතිය. ලොක්කයියා සිටින්නේ පොඩ්ඩයියාට පණ ඇරලාය. පොඩ්ඩයියා තම නිවසට ආවත් සිරීමලීට අතක් නොතබන බව ඈ දන්නීය.
“මොකැ කොල්ලො උබ කියන්නෙ?“
“මම අහවල් එකක් කියල කියන්ට ඈ.. අම්මලෑ කැමැත්ත මයෙ කැමැත්ත නොවැ...“
“උබ හිතේ එකක් තියාගෙන කතා කරනවැයි?“
“අනේ නැහැ අම්මා.. පොඩ්ඩා මගෙ පන කෙන්ද.. ඕකා මාත්තෙක්ක එක ගෙයි කෑවට සිරිමලී වුණත් වරදක් හිතනව කියල මම හිතන්නෙ නැහැ...“
“එහෙනම් වැඩේ තීන්දු කොරල ගන්න තියෙන්නෙ.. වැඩි දවසක් නොයව..“
ගෙදර එක බතක් ඉදෙන්නේය. සිරිමලී සතුටින් සිටින්නීය. එක මේසෙට බෙදෙන බත දෙදෙනාම එක්ව හිදගෙන කන්නෝය. සිරිමලී අඩු පාඩු බලා බෙදන්නේ ලොක්කයියාට පමණක්ය. එහෙත් ඒ බව නොදුටු සේම පොඩ්ඩයියා තමා බෙදාගත් පමණට කා ඉවත්ව යන්නේය. තමාට කිසිවක ඇල්මක් බැදීමක් නැත්තේ ඇයිදැයි හිතන්නට පොඩ්ඩයියාට වේලාවක් නැතිය. කාබී පැත්තකට වෙන පොඩ්ඩයියා වත්තේ වැඩක් කොට ගෙදරට එන්නේ රෑටය. ලොක්කයියා වඩු මඩුව වෙත යන්නේ පාන්දරය. ඒ යන විටදී සිරිමලී ඔහුගේ හිස තෙත් කරන්නේ උණුසුම් හාදුවකින්ය. පොඩ්ඩයියාගේ තෙත් වන්නේ දෙතොල්ය. ඒ සිරිමලී සාදා දෙන උණු කහට කෝප්පයෙන් මිස අන් කිසිවකින් නොවන්නේය. උදේම වත්ත පිටියට යන පොඩ්ඩයියා දහවල කෑමට නිවසට එන්නේ ලෙක්කයියා වඩුමඩුව දහවල් කෑමට වසා දමා නිවසට ආ පසුය. නැවත ඔහුට පෙර පෙරලා වත්තට යන්නේ ලොක්කයියාගේ දහවල කෑමට පසු, සිරිමලී අඩු පාඩු පුරවන නිසාය.
පොඩ්ඩයියාගේ මහන්සිය නිවාලන්නේ රාත්ත්‍රියේ කෑ ගසන ගෙම්බන්ය. පැලේ එලි පැත්තෙ නිදා ගන්නා පොඩ්ඩයියා ඒ හඩ අසමින් නිදා ගන්නේය. ඇස් දෙක පියාගෙන නින්ද යනතුරු සිටින්නේ ලොක්කයියා සහ සිරිමලී ගැන මතකයන් නැති කර ගැනීමටය. ඔවුන් දෙදෙනා තනිව එක පැදුරේ නිදන්නෝය. ඇස් හැර, කන් යොමා සිටියහොත් සිහින් හඩින් කරන කතා බහ, කෙදිරිලි තම ගත දැවටෙන්නේය. එවිට චිත්ත රූප සමගම මැවෙන්නේ සිත එක තැනක තබා ගත නොහැකි ඡායාවන්ය. එවිට පොඩ්ඩයියාගේ දැහැන් බිදෙන්නේය. තමා අතැර, දුරක සිටින තමාටත් අයිති සිරිමලී ගැන අදහස්, ආසාවන් උපදින්නේ එවිටය. එනිසා සිත තද කරගෙන ඇස් පියා ගන්නේ සියළු බන්ධන වලින් මිදීමටය. සිත පුරා මෝරන පෙර නොතිබූ ආකල්පයන් යටපත් කර ගැනීමටය.
රෑ මැද්දේ කිසියම් හඩක් ඇසී තිගැස්සී ඇහැරෙන්නේ පොඩ්ඩයියාය. ඒ අතර කාමරය තුලින් ඇසෙන හඩ, ඔහුගේ දැහැන් බිදින්නේය. ලොක්කයියා, සිරිමලී තවමත් අවදියෙන් බව පොඩ්ඩයියාට දැනෙන්නේ එවිටය. තමාට හිමි තමා පැත්තකට වී සිටින ඇය තම පහස පවා පුරවා දිය යුතු බව ඔහු සිත තරයේ කියන්නේය. ඔහු ඇස් පියා නොගෙන, සිත අහකට නොයවා සියල්ල අසා සිටින්නේය. සිරිමලී හිමි දෙදෙනාටම නම් තමා පසෙකට වී සිටින්නේ මන්දැයි පොඩ්ඩයියා කල්පනා කරන්නේය. මුල් කාලයේ කාන්තාවක් පිලිබද කිසිම හැගීමක් නොතිබුණද දැන් තමාට ඇය හිමි විය යුතුය. ලොක්කයියා සේම ඇය තමා සමගද කල් ගත කළ යුතුය. නොනවතින සිතුම් පෙලක්, හැගීම් පෙලක් පොඩ්ඩයියාගේ සිත තුල පහල වෙමින්ම ඔහු නිදි දුව වැලද ගන්නේය.
වෙනදා මෙන් උදෑසන ඇස් ඇරෙන්නට හදිස්සියක් නැති වූයේය. ලොක්කයියා නිවැසන් යනතුරුත් පොඩ්ඩයියා අවදි වූයෙ නැතිය. ඔහු නැගිට තේ කෝප්පයක් සාදවා ගන්නට හැදුවේ සිරිමලී අතින්ය. වෙනදාට ලැබුනොත් බොන, නැති වුනොත් නිස්සබ්දව සිටින තේ කෝප්පය අද පොඩ්ඩයියාට ඕනෑ වූයේය. ඔහු සරම ගැට ගසමින් ගියේ සිරිමලී සොයාගෙනය. ඇය කුස්සිය කෙලවර සිටියේය.
“සිරිමලී නගා.. මට කහට එකක් හරි හදල දීපං..“
“ඉදිං අයියා මම හදල දෙන්නම්..“ කියමින් ඇය පිටපස හුරුණාය.
වෙනදා නොදුටු ඇගේ සිරුරේ රේඛාවන් දෙස පොඩ්ඩයියා මහත් ඕනෑ කමින් බලා සිටියේය. ඇය පිටුපස හැරී පොඩ්ඩයියාගෙන් විවිධ ප්‍රශ්න ඇසුවාය. එහෙත් ඔහුගේ දැහැන බිදින්නට ඇයට හැකි නොවූවාය.
“අයියන්ඩි මොකෑ අද පරක්කු වෙලා ඇහැරියෙ??“
පොඩ්ඩයියා සද්ද නැතිය. ඇය ප්‍රශ්න අසා මහන්සි වූ කලෙක, පිටුපස හැරී බලන්නේ පොඩ්ඩයියා පිටුපස ඉන්නා බවක් සිතාය. පස්ස හැරී බලනා විටම පොඩ්ඩයියා ඇගේ සිරුරේ ගෑවෙන නොගෑවෙන දුරින් සිටින්නේ ඇය හැරුණු විටම ඇගේ වදින පරිදිය. ඇය තිගැස්සෙන්නීය. හිත තුලින් ආ කෝපයෙන් දෙවරක් නොසිතා කෑ ගසන්නීය.
“පොඩ්ඩයියා.. උබ ඔච්චර කැත එකෙක් කියල මම හිතුවෙ නැහැ.. “
“මම කැත එකෙක්??“
“කැත කිව්ව උබ ඔය කරපු ජරා වැඩේ ගැන මම කිව්වෙ..“
“ජරා වැඩේ කිව්වා.. බොලාලා එලිවෙනකල් කරන එක ජරාව නැහැ.. මම ලගට ආවොත් ජරාව..??“
“යකෝ මම ලොක්කයියාගෙ ගෑණි ඒක මතක තියා ගනින්...“
“එතකොට මම??“
“උබ මගෙ මිනිහ නෙවෙ නෙ.. මම කෝමද පිට එකෙක් එක්ක ඕව කරන්නෙ??“
“එතකොට මම පිට එකා???“
“ඒ කාලෙ පොඩ්ඩයියට කිසිම හැගීමක් තිබ්බෙ නැති නිසා මම අදටත් සලකන්න බොට පිටස්තරයෙක්ට වගෙ තමා.. එදා අද කියල වෙනසක් නැහැ...“
“එතකොට තොපි හැගීම් එන්නැති එකාට කියන්නෙ පිටස්තරයෙක් කියලද?“
Written by sAm_10:57pm_01/07/2013

මේක මේ ලියලා තියන විදිය මරු :D
ReplyDeleteමොකද්ද බොල අගක් මුලක් නැති මේ හරුපේ, තව කෑල්ලක් එන්ඩ තියනවද . නැත්තං බාගයක් කොටනකොට නිදිමතට පබිලිස් බටං එකේ බොගේ නහය වැදුනද
ReplyDeleteබබා වෙන්න එපා බං !
Delete:)
සැමෝ මේක සුපිරිම කතාවක් මචන්..නියමයි බන් ...!
ReplyDeleteස්තුති.
Deleteකතාවනම් සිරා.. ඒත් බං ටිකක් තේරුනා මදි වගේනේ.. මේකේ තව කෑල්ලක් එනවද?
ReplyDeleteතව කෑලි නැහැ. මෙච්චරයි බං.
Deleteකෙල්ල නොහොබිනා කතාවක් කිව්වද. කොල්ලගේ හිත රිදිලා වගේ.. එහෙම නැත්නම් එකගෙයි කෑම ගැන, නිර්මාණයක්ද...?
ReplyDeleteමේක නොහොබිනා කතාවක් බං :ඩී
Deleteඒකයේ කියනේ හැගීම පාලනය කරගෙන ඉන්න එකා "---යා"ද ?
ReplyDeleteඑහෙම්මම නෙවෙ බොලව්..
Deleteපහු වෙලා පිපෙන මල් ලස්සන වැඩියි කියන්නේ ඕක තමා . මේකනම් සිරාවට වැදුනා තව පොඩියක් ලුණු ඇඹුල් එකතු කරලා තිබ්බනම් පංකාදුයි ...දෙවැනි කොටසකුත් ආවනම් හොදයි වගේ....
ReplyDeleteදෙවෙනි කොටසක් නැහැ මචං. එක දිගට ලිව්වා මිසක් ලුනු ඇබුල් ගැන හිතුවෙ නැහැ. ;)
Deleteතේරුනේ නෑ වගේද මන්ද.
ReplyDeleteකනේ පාරකුත් තියේද? :-(
ReplyDeleteරාජ් ටිකක් දුර හිතලද මන්දා..
Deleteඅඩේ..හැඟීම් දැනීම් නැති හෝ යටපත් කරන එකා ඇත්තටම පිටස්තරයෙක්ද ඈ...
ReplyDeleteඒකිට පිටස්තරයෙක් නොවැ !
Deleteඉල්ලං කන ප්‍රතිචාරය.
ReplyDeleteඅපේ ම්ලේච්ඡ ගෝත්‍රික චාරිත්‍ර වලින් එකක්නේ ඔය එකගෙයි කෑම.
ප්‍රබුද්ධ ප්‍රතිචාරය:
ඔන්න ඔයවගේ අපේ අනන්‍යතාවය හා බැඳුනු සංස්කෘතික ලක්ෂන අපිට අහිමි වුනානේ මේ බටහිර ආභාෂය නිසා.
සාම නියෝජිතයාගේ ප්‍රතිචාරය:
ඔන්න ඔහොම බෙදා හදාගෙන කන්න පුරුදු වෙලා හිටපු ජාතියක් අපි.
ඇඟ බේරාගෙන දාන ප්‍රතිචාරය:
එල පෝස්ට් එක ඈ.
නිදිමතයාගේ ප්‍රතිචාරය:
උඹ මොන හුන්නස්ගිරියක් කිව්වද කියලා මට නම් තේරුනේ නෑ බං.
ම් ..... දැන් මම තෝරගන්නෝන මොන ප්‍රතිචාරයද මෙතනින්.
Deleteහෙන්රියා කමෙන්ට් වලින් ප්‍රබුද්ධයෙක් වෙලා නොවැ :)
Deleteමේක ලියලා තියන විදියට තමයි මම ආසම
ReplyDeleteස්තුති !
Deleteකතාව සම්පූර්ණ මදි වගේ සෑමෝ.තව කොටසක් ලියහන්.
ReplyDeleteමේක මෙගා නෙවෙ බොල.. බඩී.. :)
Deleteකාතාවනම් සුපිරි මට හිතෙන්නේ ඉවරයි වගේ , එත් තව කොටසක් දාපන් පොඩ්ඩායියාට වාසියක් වෙන විදියට ..
ReplyDeleteහොදටෝම ඇති බං !
Deleteඑහෙනං ඒකත් පාරේ ඇක්සිඩන්ට් එකක් උනාම ඉස්සෙල්ලා කෑ ගහන එකා දිනුං වගේ කතාවක් ඈ.....
ReplyDeleteමේක නම් ඇත්ත බං :ඩී
Deleteජයසෙන ජයකොඩි මහතගෙ නවල් එකක් මතක් උනා
ReplyDeleteකතාව කියවගෙන යද්දී මටත් එහෙම හිතුනා.
Deleteජයසෙන ජයකොඩි මහතා මම ආසම කතෘවරයෙක්..
Deleteකතාව හොඳයි ඒත් අරුගේ හැගීම් නැතුව ගියේ කොහොමද කියන එක ගැන විවරණයක් නැ නේද? අවසන් හරියට එනකොට ඌ ලෙඩෙකුත් නොවේ නේ.
ReplyDeleteප්‍රශ්න දාන්න එපා බං නලින් අයියෙ..
Deleteමම හිතන්නේ බයිසිකලේ නැගිටලා කන්දක් පදිද්දී එක සැරේම බල්ලෝ අහුවෙන්න නැති වෙලා වගේ. එකයි හැඟීම් නැතිවෙලා තියෙන්නේ.
ReplyDeleteහෆොයි කුඩු සාඩින්.. එහෙම වුනොත් එහෙම..
Deleteෂික් ! ඔයා හරි වල් අනේ.............. :P
ReplyDeleteසිරිමලීද බං ?
Deleteඔය දෙන්න එක්ක සැප ගද්දි දාන දෙබස් සහ මහා හඩින් කරන කෙදිරිය තමා,පොඩ්ඩෙල වගේ දෙකටම නැති !@#ලව කිචි කැවිල දුෂණ වැඩ වලට වැටෙන්නෙ.
ReplyDeleteහිකිස්.. ඇත්ත තමා බං.
Deleteඉතුරු ටිකත් දාපිය මැරුම් නොකා.
ReplyDeleteමලත් මෙච්චරයි !
Deleteපව් අප්පා පොඩ්ඩයියා.... වෙන දීගෙක යන්න තිබ්බේ එයාට.... නේ...
ReplyDeleteසිරිමලිගේ කෙදිරිල්ලට මනාප ඇති නොවැ..
Deleteතව කෑලි ආවොත් කතාවෙන් වැඩක් නෑ.
ReplyDeleteඉවර කරන්න ඕන තැනදිම ඉවර කරල.
ලියපු විදිය නම් නියමයි
ස්තුති !
Deleteපොඩ්ඩා මුල ඉඳන්ම වැඩේ චොර කරගෙන නොවැ....
ReplyDeleteපස්සෙ නොවැ උවමනා වෙලා තියෙන්නෙ..
Deleteපහුවෙනකොට කොහු වෙලානේ....
Deleteනියමයි සෑම් අයියේ නියමයි.. නවත්තන්න ඕනි තැනින් ලෙසටම ඉවර වෙලා.. පාඨකයාට හිතා ගන්න දේවල් එමටයි..මතක ඇති කාලෙකින් සෑම් අයියගෙන් කතාවක් කියෙව්වමද කොහෙද..?
ReplyDeleteපොඩ්ඩයියට එදා ඉඳන් හැඟීමක් තිබුනා නම්... සිරිමලී නගාට ඌ පිටස්තරයෙක් වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නේ..(එහෙම නේද අන්තිමට කියන්නේ)
එක එකාට එක එක විදිහට හිතෙයි බං.
Deleteකුතුහලය ඉතුරු කලා ... :)
අපොයි... ඒ කියන්නේ අපිට සලකනවා වගේ තමයි අපිත් සලකන්නේ දුර දිග ගිහින්ද?
ReplyDeleteනියමයි :D
ReplyDeleteස්තුති
Delete
ReplyDeleteකතාව කියවද්දි මට මතක් උනේ ඉස්සර ගිය. ;එක ගේ කෑම; ටෙලි නාට්ටිය . සෑමාගේ කතාව නම් ප0කාදුයි. ජයෙන් ජය!
කන්දෙ ගෙදර නේද? මට මතක නැහැ කතාවෙ නම..
Deleteස්තුති...
“එතකොට තොපි හැගීම් එන්නැති එකාට කියන්නෙ පිටස්තරයෙක් කියලද?“
ReplyDeleteela ela...samo.. :D