Sunday, June 16, 2013

දහම් පාසලේ JISM බැලීම...- JISM at Sunday School !!!


ඉස්කෝලෙ ගෙනියන සීඩී ආදී නොහොබිනා දේවල් කල් තියාම ප්ලෑන් කර ඇතුලට ගෙන යන්නේ චෙක් කරන නිසාය. අහු වුනොත් චොර වෙන නිසාය. එසේ ගෙනියන ඒවා පන්තිය තුලම අහු මුළු වලම හංගන්නේ දැඩි ආරක්ෂාවක් ලබා දීම සදහාය. ඒත් දහම් පාසලේ ඒ සෙල්ලම් නැතිය. අදින්නේ සරම හා කමිසය හෙවත් නැෂනල් එකය. ඒ නිසා කැත විදිහට පන්ති චෙක් කරන්නේ නැතිය. ඒ අප දහම් පාසල් දරුවෝ නිසා විය යුතුය. නමය, දහය වසරේදී දහතුන වසරේ අයියලා කිහිපදෙනෙක් පවා සීඩී ගත්තේ සෑමාගෙන්ය. ගෙදර අයියාගෙන් උස්සන සීඩී සෑමා වැඩ්ඩා වාගේ ඉස්කෝලෙ ඇතුලෙ එවුන්ට බෙදන්නේය. නැවත ඒවා ගෙදර ගෙනවිත් නිසි තැන තැබෙන්නේය. එවිට ගැටළු නැත්තේය.

තත්වය එසේ තිබියදී අපේ මිත්‍රයා, නම භාවිත කිරීමට සුදුසු නැති බැවින් මිත්‍රයා මෙතැන් පටන් බුවා වන්නේය. බුවා සෑමාගෙන් සීඩී එකක් ඉල්ලුවේය. කොටින්ම කිවතොත් ඒක කැත එකක් නෙවේය. JISM නමින් ආ සරල ඩබල් ගණයේ සීඩී එකක්ය. ඩබල් කීවේ සීඩි දෙකක් සහිත ෆිල්ම් එකක් නිසාය. නැතිව අන් කිසිවක් නිසා නොවේය. බුවා පන්සලේ දායක සභාවේ පොරකගේ හෙවත් සිරා අංකල් කෙනෙක්ගේ පුතෙක්ය. අංකල් සිරා කියා අපට හැගුනේ අපි ගෙවල් වලට හොරෙන් බස් එකක් සෙට් කරගෙන යන්නට හැදු ට්‍රිපකට කෙලවී අංකල් ද සෙට් වු නිසාය. අපේ උන් කෑලි සහිත උන්ද, අප වැනි කෑලි නැති උන්ද සෙට් වී නාමල් උයනට අධ්‍යාපන චාරිකාවකට සූදානම් වූයේ අපිම බස් එකක් සෙට් කර ගෙන යන්නටය. එහෙත් අවසන අපට යන්නට වාහනයක් නැති වෙද්දී අංකල්ම බස් එකක් රැගෙන ආවේය. කෑලි නැති උන්ට බියර් ටින් දුන්නේ යන එන මග ඇති වන තනිය නැති කර ගැනීමටය. එදා කෙල්ලෝ එක්ක ගිය වුන්ට කිසිත් නොකියන්නටත්, හොරෙන් බොන උන්ට මුකුත් නොකියන්නටත් කටයුතු කළ නිසා අංකල් සිරා පොරක් වුයේය. එසේම අපේ බුවාගේ ආච්චී පන්සලේ දහම් පාසලේ ටීචර් කෙනෙක්ය. පසු කලෙක කොල්ලා අපේ සෙට් එකේම ශිෂ්‍ය නායකයෙක් වුයේය.

අපේ බුවා සෑමාට වද දුන්නේ JISM ඕනෑ කියාය. හැම සතියේම මල වදේය. දහම් පාසල තියෙන්නේ ඉරිදා නිසා එක සතියක් මිස් වුනොත් බුවා තවත් දවස් හතක් ඉවසිය යුත්තේය. එලෙස කල් ඇරීම නිසා බුවා සිටියේ සෑමාව මරාගෙන කා හෝ JISM බැලීමේ වුවමනාවෙන්ය. දිනක් දහම් පාසල ඇරී “මචං අද මම උබලගෙ ගෙදර ඇවිත් අරක අරන් යන්නම්“ කීමට තරම් බුවා අසරණ වූයේය. ගෙදරට ඇවිත් ඔය ජාතියේ ගණු දෙනු කිරීමේන නිවසේ විසීමේ ප්‍රජා අයිතිය පවා නැති කර ගැනීමට අකැමැති වූ සෑමා බුවාට කීවේ නැවත ලබන සතියේ සීඩී එක අරන් එනවා කියාය. බුවා සතුටින් නික්ම ගියේ අවසන ඊලග සතියේ හෝ ෆිල්ම් එක බැලීමේ අධිෂඨානයෙන්ය.

ඊලග සතිය ආවේය. බුවා පාන්දරම ආවේ සෑමා ලගටය.

“මචං අරක ගෙනාවද?“

“අයියෝ ඔව් බං..වද දෙන්න එපා.. අද ගෙනාවා..“

“ඉතිං කෝ දියන්කෝ...“

“හරි මගුලක්නෙ බං.. මෙච්චර දවසක් ඉවසුව වගෙ ඉවසපං.. යද්දි දෙන්නම්..“

“උබ ගෙනාවද බං. බොරු නේද කියන්නෙ..ගෙනාව නම් කවරෙ පෙන්නපං..“

“මේ තියෙන්නෙ බං..“ කවරය පවා දැක්ක පසු ඇස ඉවතට ගන්නට හිතෙන්නේ නැතිය. ඒ නිසා කොල්ලා කවරය බැලුවේය. කාඩ් බෝඩ් කවරයේ ප්‍රින්ට් එකෙන් ඇස ඉවතට ගත් බුවා..

“දැන් දාපං බං ඕක මගෙ බෑග් එකට..“

“යනකොට ගනින්. දැන් චොර කරන්න එපා බං.. ඔහොම තියපං..“

“නැහැ බං උබට අමතක වෙයි.. දාපං බං.. මොකක්ද..“

“වද නොදී ගනින් එහෙනම්..“

ඔෆීස් එක ලගම ක්ලාස් එකේ හිටපු අපි වැඩිය චාටර් නොවී බෑග් වලට බඩු මාරු කර ගන්නේය. එලෙස බුවා බෑග් එකට සීඩි එක ඔබාගෙන, අප සමගම රැස්වීමට ධර්මශාලාවට පැමිණියේය. රැස්වීම අවසන්ව අපි පන්තියට ගියේ මදක් ප්‍රමාද වීමෙන්ය. කස්ටියම පන්තියේය. ගුරුවරයෙක්වත් පන්තියේ නැතිය. එහෙත් අපේ බුවා පෙනෙන්නට සිටියේ නැතිය. විපරම් කර බලන විට ඉහල නියෝගයකින් බුවාව ඔපීසියට කැදවා තිබුනේය. පොර ඔපීසියේ දොරටුව ලග සිට අපේ ක්ලාස් එක දෙස බලාගෙන සිටියේය. අපේ උන්ට හේතුව සොයා ගත යුතු කුකුසක් ආවේය. සැරින් සැරේ අපෙ උන් බුවා ලගට ගොස් සීන් එක විමසන්නේය. බුවා කීවේ පොඩි සීන් එකකට ඔපීසියට කැදෙව්වා කියාය.

පන්තියට ආ ගුරුවරයෙක් කීවේ අපේ පන්තිය චෙක් කළ බවක්ය. බුවා ඒ අස්සේ සීඩී එකකට මාට්ටු වී තිබුනේය. එය මහා නරක සීඩී එකක් කියා හැමෝම කීවෝය. සෑමා කිසිත් නොදන්නා නිසා සද්ද නැතුව සිටියේය. බුවාද සෑමාව අසු කළේ නැතිය. පොර සිද්ධියට මුහුණ දී පන්තියට ආවේය.

“මොකද බං කර ගත්තෙ?“

“මොනා කරන්නද බං මගෙ එකෙ තිබිලනෙ මාට්ටු උනේ..“

“ඉතිං?“

“ඉතිං තව උබලව මාට්ටු කරල වැඩේ වන කරන්නෝනි නැහැනෙ. අපෙ ආච්චිත් ඉන්න නිසා මම දන්නව වැඩේ ශේප් වෙනව කියල. ඒක නිසා මම සද්ද නැතුව හිටිය.“

“එතකොට යකෝ ආච්චි ගෙදරට කිව්වොත්??“

“ඔව් බං.. ආච්චිට සේරම සිද්ධිය මුන් ටිකකිව්වා. උන් ඒව ගෙදරට කියන්න කියල ආච්චිට කිව්වෙ..“

“ඉතිං යකෝ ආච්ච වැඩේ වන කරයිනේ..“

“නැහැ බං... මම ආච්චිට මගෙ බෑග් එකෙ තිබ්බ කිංස්ලි පීරිස්ගෙ වරා මල ඇල්බම් එකේ සීඩි එක පෙන්නල කිව්ව මේක සිංදු සීඩී එකක්. අරුන්ට පිස්සු කියල. දැන් අවුලක් නැහැ..“

බුවා අදටත් ඉදහිට සෑමාට මුණ ගැසෙන්නේය. බුවා හොද ව්‍යාපාර හිමියෙක්ය. හොද එකාය.

sAm_ශ්‍රී_Perera_11:17pm_16/06/2013

42 comments:

  1. ඔන්න නියම එල කොල්ලො.
    තාත්තත් එල බුවානෙ.

    ReplyDelete
  2. Replies
    1. යකෝ ධර්මාචාර්ය කරපු කොල්ලො අපි :))

      Delete
  3. තාත්තගෙ ම පුතානේ. නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් කොල්ල වැඩ කාරයා..

      Delete
  4. ඉතිං සීඩී එක ගෙදර නැතිබව දැනුනට පස්සෙ ‍ගෙදර අයියාගෙන් සෑමාට ඌ අතවරය ගැන මෙතන පලකරල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. පිෂ්සු හැදෙයි. පොර පොඩ්ඩක් සීඩි පරක්කු වුනාම තමා කලබල වෙන්නෙ. නැත්තං දන්නෙ නැහැ වගෙ ඉන්නෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. එක පාරක් චාතූර්යා කියවලා අහු වුනා 9 වසරෙදි.. පොත් 4 පන්තියෙ තැන තැන තියාගෙන කට්ටිය කියවද්දි... පන්තියටම දණගහගෙන ඉන්න වුනා.. ඒත් කිව්වේ නෑ කවුද ගෙනාවෙ කියලා..

    ReplyDelete
    Replies
    1. සික් 9 වසරෙදි අපෙ උන් චාතුර්යලා ගොඩක් ගැන කියවල තිබ්බා.. විවාධාකාර පත්තර වලින්.. :ඩී

      Delete
  6. වෙලාවට වරා මල තිබුනේ ;)

    ReplyDelete
  7. ඉස්කෝල වලයි දහම් පාසල් වලයි ලොකු උන්ට මාර හීනමානයක් තිබිල තියෙන්නෙ කියල අපිට දැනුයි තේරෙන්නෙ බං. මොන රෙද්දක්ද? මොකක් හරි ෆිල්ම් එකක්, චාටර් පොතක් අහුවුනොත් ඒක තමා ලෝකෙ තියෙන ලොකුම අලුගුත්තේරු වැඩේ කියලා උන්ට හිතේ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං. ඊට වඩා ඒව කෙරෙනවා. සද්ද නැහැ. කොල්ලෝ තෙල් මාරු කලාම වැරදි ! :පී

      Delete
  8. මාත් දහම්පාසල් යන කාලේ හොද ව්‍යාපාරිකයෙක්.. පිස්සුව තමයි ෂාරුක් ඛාන් පෝස්ට් කාඩ් සහ බුක් මාක්. අපරාදේ කියන්න බෑ හෙන ගානක් හෙව්වා ඒවායින් ;)

    ReplyDelete
    Replies
    1. මම කෙල්ලෙක්ගෙ පොටෝවක් පත්තර කැල්ලක තිබිල වික්ක සීන් එක උබ දන්නව නොවැ.
      අන්න බිස්නස් නේද බං ?

      Delete
  9. බුදු අම්මේ මේ ගැන කියනවා නම් කතා ගොඩයි. ඒත් ඉතිං ආත්ම ගරුත්වය කියලා දෙයක් තියා ගන්නත් එපාය අපිත්

    ReplyDelete
    Replies
    1. අපිට ඔය කියන ගරුත්වය නැහැනෙ බං :ඩී

      Delete
  10. ව්‍යාපාරික ඥානය ඒ කාලේ ඉඳන්ම ඇ‍ඟේ තිබිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ඒක නැද්ද මන්දා :)

      Delete
  11. උයාලා මාරයිනේ ඇ O.o

    ReplyDelete
  12. හප්පේ කොරලා තියෙන අසමජ්ජාති වැඩ!

    ReplyDelete
    Replies
    1. යකෝ චිත්තර පටියක් බලන එක වැරදිද?

      Delete
  13. හපෝ වල් කොල්ලො

    ReplyDelete
    Replies
    1. උබ අපිටද කියන්නෙ ජෝනෝ ??

      Delete
    2. නෑ නෑ මේ බලන උන්

      Delete
  14. වරා මලෙන් ගොඩ ගියා එහෙනම් :D

    ReplyDelete
  15. ඕවානං මොනාද..අපි දහම් පාසලේ වැල බැලුවේ@

    අපිව හදන්න බෑ ඹ්යි ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සික් කැත ලමයි..

      සරම ඇදගෙනද ගියෙ?

      Delete
  16. එල කොල්ලෙක්

    ReplyDelete
  17. මොන දේ උනත් රත්තරන් යළුවෙක් සෑමාට ඉදලා තියෙන්නේ.... ජයෙන් ජය!

    ReplyDelete
  18. උඹලා සෑහෙන ආදර්ශමත් ළමයිනේ බං බලාගෙන යද්දී..

    ReplyDelete
  19. අඩෝ වරා මල ඒ කාලේ පට්ට ෆේමස් නේ ?

    ReplyDelete
  20. ඈත්තය ඌ හොද එකෙක්ය

    ReplyDelete
  21. ""JISM නමින් ආ සරල ඩබල් ගණයේ සීඩී එකක්ය"" :D
    Sama daham pasaluth giyada???, podi hamuduruwo illuwe nedda JISM :p

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...