Friday, June 7, 2013

උඹ මට්ටු නොවුනට, තට්ටුව තමා වටින්නෙ...




සිනාසුනා මම වලාකුලු අස්සෙ ඉදන්. මාව ඩොට් එකක් වගේ පේන් ඇති ඔයාට. මම කොච්චර දුරද? ඔයා ලග ඉද්දි ඔයාට මාව කොච්චර ලොකුවට පෙනුනද? කොච්චර ආඩම්බරෙන් ඔයා මාව ලෝකෙට පෙන්නුවද? ඒත් මම දැන් දුරයි. එකම එක හුයකින්, නූලකින් ඔයත් එක්ක බැදිල මම දුර ගිහින්. පාවෙනවා. ඔයාට පේන දුරින්. ඇත්තටම මම ඩොට් එකක්. වලාකුලු අතර සීතලේ ගැහෙන. ඔයාගෙ අත රිදෙනකල් ඔයා මාව තද කරන් ඉදී. ඒත් මාව හැම එකාටම පෙන්නන්න ඔයා දුරක යැව්වා. මාව ඈත අහසෙ හිරකල තිබ්බ. මොකද මම ඔයාගෙ කියල ලෝකෙට පෙන්නන්න ඕන හින්ද.

ඇත්තටම ඔයා වැරදි නැහැ. මොකද ඔයාට වුවමනා කළේ මගෙ ආදරේ නෙවෙ. මම ඔයාගෙ කියල ලෝකෙට පෙන්නන්න. මම මගෙ පැත්තෙන් සාධාරණේ ඉෂ්ඨ කලා. ඔයාට ආදරේ කළා. සමහරු ඔයාව සිපගන්න, නැලවෙන්න, සැතපෙන්න බලාගෙන ආදරේ කරද්දි. මම ඔයා ලග ඉන්න, ආදරේ දෙන්න බලාගෙන ලං වුණා. ඒත් ඔයා ඉක්මන් වුනා. මාව නොලැබෙන දුරක යවලා තව හිතකට තුරුල් වුනා. ඇත්තමයි මම හිතුව ඔයා මගෙ කියල. හැම බැදීමක්ම ඈත් කරල ඔයා ලගට එන්න. ඒත් ඔයා ඒකට ඉඩ නොතියා ඉක්මන් වුණා.

අතේ ගුලි කරගත්ත නූල් බෝලෙන් පුලුවන් උපරිම දුර මාව යැව්වා. ඔයා එහෙම කලේ මාව ලෝකෙට පෙන්නන්න. මම ඒ දුර ගියා. ඔයාගෙ අතේ තියෙන නූල මට බැදීමකට වඩා සීමාවක් වුණා. ඇත්තටම මම සරුංගලයක් වුනා. අහසේ නිදහසේ පාවුනාට, ඔයාගෙ අතේ තියෙන නූලෙන් මාව සීමාවකට කොටු කළා. මම හැම තිස්සෙම ඒ සීමාව ඇතුලෙ සෙව්වා, ආදරේ, බැදීම, සෙනෙහස, සහ වගකීම. ඒ හැම දේකටම තිත තියල ඔයා අතේ තිබ්බ නූල් බෝලෙ කොනක් කැඩුවා. මම හිතුව ඔයා ඒ කොන අතින් අතෑරලා මාව දාල යන්න යයි කියල. ඒත් එහෙම කළා නම් හොදයි කියල මට හිතෙනවා. ඔයා මට දුක් දෙන්න ඕන නිසාම එහෙම කළේ නැහැ. ඔයා නූලෙ කොන අතෑරියා නම් මම පාවෙලා ගිහින් කොහෙ හරි වැටෙනවා. නැවත මම කාගෙ හරි වෙලා උඩ ආකාසෙ පාවෙනවා. ඒත් ඔයා නූලෙ කොන අරන් ගැට ගැහුව කණුවක. මට නැවත එන්න බැරි, බිමට පාත්වෙන්න බැරි උසක හිර කරලා, ඔයා මගෙත් එක්ක තිබ්බ බැදීම කණුවක සිර කළා. මම දහස්වර කල්පනා කළා, ඇත්තටම ගොඩ එන්න බැහැ. මම පාවෙනවා. ඒත් නිදහසේ නෙවෙ. අනිත් කොන කණුව ගැට ගැහිච්ච සීමාවක. අහසෙ සරුංගලයක් වෙලා.

ඉස්සර මම හිතුව ඔයා මාව ඉටිකොල වලින් සැරසුවෙ කල් තියා ගන්න කියල. ඇත්තටම වැස්සට මම නොකැඩි, නොතෙමි, ආසාවෙන් පියාබන්න හිටියෙ. ඔයාගෙ අතේ තියෙන නූලට, ඒ නූලෙ උපරිම දුරට සීමා වෙලා. ඒත් එදා ඔයා මාව සව් කොළ වලින් ඇලෙව්ව නම් හොදයි කියල අද මට හිතෙනවා. ඔයා මාගෙ සීමාව කණුවක ගැටගහල සටහන් කරද්දි, මම සව් කොළ වලින් ඇලවිච්ච සරුංගලයක් වුණා නම් මට අවාසනාවන්තව වැස්සට තෙමිල, බිම වැටිල, කාගෙ හරි සරණක් ලබල නැවත ජීවත් වෙන්න තිබ්බ. ඒත් ඔයා මට කිසිම අවස්ථාවක් නොලැබෙන්න මාව ඉටිකොලෙන් සැරසුවා. සදාකාලිකව ඔයාගෙ සීමාවෙ සිර කරල මට කාත් කවුරුත් නැති කරල ඈතක යන්න. ඔයා හරිම ලෙංගතුයි කියල හිතුවට වෙලාවකට මහා දරුණුයි කියල මම තේරුම් ගත්ත.

කමක් නැහැ දැන් ඔයා ගිහින්. සීමාවක කොන ගැටගහපු සරුංගලයක් වෙලා මම. ඒත් මම වැටෙන්නෙ නැහැ. උඩ පා වෙවී ඉන්නව. මම දන්නව කවද හරි දවසක කෙනෙක් ඇවිත් උඩින් පාවෙන මාව දැකල, ගල් මාට්ටුවක් හරි දාල, මාව බැදිල තියෙන සීමාවෙ නූල කඩයි. එදාට මම පාවෙලා ඈත යයි. කොහෙ හරි කොනක තියෙන මගේම අනාගතයක් තියෙන තැනක මම නවතී. නැවතිලා මම ජීවිතේ සොයයි. ඔයා මට එදා කරපු දේ නැවත නොවෙන්න මම ආයෙත් හිතල සව් කෙළ වලින් සරසගන්නවා මගෙ ජීවිතේම. වැස්සකට වත් තෙමිල බිමට වැටෙන්නෙ නැති ඉටි කොලේට වැඩිය මට සව් කොලේ වටිනව. මොකද බිම වැටින නැවත නැගිටින්න තරම් වැඩි සම්භාවිතාවක් තියෙන නිසා. ඔයා වගෙ නෙවේ සමාජෙ ගොඩක් උන් කැමති තට්ටුවට. පිට ඔපේට තියෙන සැරසිලි වලට නෙවෙ. 

මාව හිරකරපු ඔයාට.
ජය !

ඇස් භාගෙට පියවෙන, ලේ සමග ඇල්කොහොල් ගමන් කරන, සුන්දර රාත්‍රියක, ලියූ ලියමන.

59 comments:

  1. එල අදහස සැමා ඇත්තෙන්ම ගොඩක් හොද අදහසක්

    ReplyDelete
  2. //ඔයා වගෙ නෙවේ සමාජෙ ගොඩක් උන් කැමති තට්ටුවට. පිට ඔපේට තියෙන සැරසිලි වලට නෙවෙ. //

    පිට ඔපේට කැමති වෙච්ච කාලෙ දැන් යන්න ගිහින් තට්ටුව ශක්තිමත් උන්ට තමා දැන් සමාජෙ ගොචක් උන් කැමති. පිට ඔපේ ඕන විදිහකට හදාගන්න පුළුවන් හින්ද.

    //ඇස් භාගෙට පියවෙන, ලේ සමග ඇල්කොහොල් ගමන් කරන, සුන්දර රාත්‍රියක, ලියූ ලියමන//

    මේකත් ඇත්ත නේ බං. ලේ සමග ඇල්කොහොල් ගමන් කරන්න ගත්තහමව අපූරු කතා ලියවෙනව තමයි අනිත් වෙලාවට වඩා හොදට.

    ReplyDelete
    Replies
    1. තට්ටුව හොද උන්ටත් තට්ටු කරන්න කෙල්ලො/කොල්ලො ඉපදෙනවා.. දුකයි බං..

      ඇල්කොහොල් කතා ඉතිං නොබොන අපි කෝමද බං දන්නේ :)

      ජය !

      Delete
  3. කතාව කියවද්දී තමා මතක් උණේ අවුරුදු ගානකින් සරුංගලයක් යැව්වේ නැනේ කියලා. ඒක ගැන සිහියෙන් කියවගෙන ගියා. ලියලා තිබ්බ දේ කියවන්න තව පාරක් කියවන්න වුණා

    ReplyDelete
    Replies
    1. දෙපාරක් කියවන එක හොදා :)

      Delete
  4. Replies
    1. ඇල් කොහොල් උණු කරල බිව්ව නම් කෝමට තියෙයිද බං?

      Delete
  5. සිරාම අදහසක් මචං. කියවගෙන යනකොට මාතොට සඟරාවක මීට අවුරුදු 15 කට විතර කලින් ලියවුනු ලිපියක් මතක් උනා.
    ඒකෙ පොරක් කේලලෙකුට කියනව, ‘බලන්න මේක පුරුෂාධිපත්‍යය තියෙන සමාජයක්. ඔයාගෙ කොල්ලා ඔයා වෙන පිරිමි ආශ්‍රය කරනවට කැමති නෑ. ඔයා ‍සෝෂල් වෙනවට කැමති නෑ...‘
    කෙල්ල කියනව ‘අනේ යන්න අයියෙ. එයා මාව හැම තැනම එක්කන් යනව. අලුත් ෆැෂන් අරන් දෙනව. හැමෝටම මාව අඳුන්නලා දෙනවා මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා‘
    ලිපිය ලියපු එකා පෙන්නන්නෙ උඹ මේ කියන අදහසම වගේ දෙයක්. කෙල්ල තමන්ගෙ සමාජ තත්ත්වය පෙන්නන භාන්ඩයක් බවට පත් වෙලා තියෙන හැටි.

    ReplyDelete
    Replies
    1. // කෙල්ල තමන්ගෙ සමාජ තත්ත්වය පෙන්නන භාන්ඩයක් බවට පත් වෙලා තියෙන හැටි.//

      (y)

      Delete
  6. ඇල්කොහොල් ියමෙට වැඩකරල තියෙනව වගේ.

    ReplyDelete
  7. බිල උනත් පහල වෙච්ච සිතිවිල්ල පට්ට.
    ඔය බමන මතින් ඉන්න වෙලාවට පහල වෙන සිතිවිලි වයස අනුව වෙනස් වෙනව බං.
    අපේ චන්දන මල්ලිය පේන්න නැත්තෙ මොකද?

    ReplyDelete
    Replies
    1. චන්දන කිව්වේ බ්ලොග් ලියන චන්දන මලයා නේද?
      ඇයි බං ඌව මතක් වුනේ :))

      Delete
  8. කියවන්න ගත්ත ගමන්ම මට හිතුන මේක නම් අමුවෙන් ලියපු එකක් වෙන්න බෑ කියල. මම මුලින් හිතුවෙ උඹ මේ මලක් පූජ කරල ඉන්න ගමන් ලියල කියල.

    ළඟකදි කොහේදි හරි සරුංගලයක් දැක්කයි?

    ReplyDelete
    Replies
    1. මලක් පූජා කොරන්න තියා දැක්ක කාලයක් මතක නැහැ මචං.

      කඩාගෙන ආපු සරුංගලයක් සෙට් වුනා. ඒක ගැන ලිව්වෙ ;)

      Delete
  9. ඇල්කොහොල්, තනමල්විල මල්, ගල් කියන්නේ නිර්මාණා දෝරේ ගලාගෙන එන ඖෂධ. කී බෝඩ් කන්න ඇහැකි ඒ වෙලාවට...

    ReplyDelete
    Replies
    1. මාතලන්ගේ හැකියාවට වස්තු බීජය අපි හොයාගත්ත ඕං...

      Delete
  10. තේරෙන්නෑ ඕයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උබ අමධ්‍යපනේ. පොඩි එකානේ.

      තේරෙන්නෙ නැහැ එතකොට :)

      Delete
  11. හුඟක් දුරට ඇත්ත කතාවක්. "ඇස් භාගෙට පියවෙන, ලේ සමග ඇල්කොහොල් ගමන් කරන, සුන්දර රාත්‍රියක, ලියූ ලියමන." සිරා අදහස් ගලාගෙන ආවට මේක නං එච්චර හොඳ දෙයක් නෙමෙයි, සෑම් අයියේ.

    ReplyDelete
    Replies
    1. මතට තිත නිසා අපි දැන් බොන්නෙ නැහැ. ඒත් පෙව්වොත් බොනව අයියෝ !

      Delete
  12. මේකෙන් උඹ අදහස් කරන දේ නම් තේරුනේ නෑ. එත් මතුපිටින් පේන දේ හරි ගති. ඔන්න ඇල්කොහොල් වළල් බලේ.

    ReplyDelete
    Replies
    1. Shajith DarshanaJune 7, 2013 at 3:33 PM
      හිතන්න ලොකු දෙයක් තියනවා......

      Delete
  13. හිතන්න ලොකු දෙයක් තියනවා......

    ReplyDelete
  14. ඔහ් ... විශිෂ්ටයි..........
    පුදුම නිර්මාණශීලි අදහසක්! මට හිතුන මම මාවම කියෙව්වදෝ කියල...

    අතිවිශිෂ්ටයි!!

    ReplyDelete
  15. හඳේ නෙවෙයිද ඉන්නේ. සරුංගලයක් හඳට යන්නේ නැහැ නේ බං.

    ReplyDelete
    Replies
    1. හදට කිට්ටු වෙන්න නූල දිග මදි බං :))

      Delete
  16. බිව්ව උනත් මචං වස්තු බීජයක් නැතුව මෙහෙම ලියන්ඩ බෑ නේද?

    ReplyDelete
    Replies
    1. උබ හොදට හිතනවා දිනුකයෝ.

      ජය !

      Delete
  17. oya sarungale nula wage thamai jivithayata vinaya(descipline).balan inna ayatai sarungaletai hithenna puluwan nula nisa uda yanna be kiyala.eth nula kadunoth yanne udata nemei bimata.

    ReplyDelete
    Replies
    1. නූල තමා හැම දෙයක්ම රකින්නෙ කියල හිතන එකට මම විරුද්ධයි මචං. ඔය නූල මත හැම දේම රදා පවතින්නෙ නැහැ නොවැ.

      ස්තුතියි !

      Delete
    2. එක උපමා කලෙ විනයට සෑමො.විනය කියන්නෙ හෑමදෙම නෙමෙයි.එත් ගොඩාක් වෑදගත් දෙයක්

      Delete
  18. ඔය එක එක සිතිවිලි වලට අරක්කු එහේම අල්ල ගන්නව නෙවෙයි හරිය.... නමුත් සිතිවිලි ඇත්ත....අඩේ මාගාව තවම මොනරෙක් ඉන්නව බං මේ අගොස්තුවේ උඩ යවන්න ඔන

    ReplyDelete
    Replies
    1. මොණරෙක් කිව්වෙ බැංකුවෙ සේප්පුවෙ දාන එකෙක්ද?

      Delete
  19. පුංචි තිතක්වී...පුංචිම පුංචි තිතක්වී
    ඈතින් ඈතට ඉගිලී යනවා........
    සරුංගලේ...සරුංගලේ..

    < සිසිර සේනරත්න සංඟීත වෙදියා>

    අපි හොඳ ලම්යි වෙනකොට උඹ..?( ටිකක් බිව්වට කමක් නෑ බං)

    ReplyDelete
    Replies
    1. හොද හොද ලමයින් අපි වාගේ ;)

      Delete
  20. මොංගල් ඕයි...

    ReplyDelete
  21. සරුංගලය සජිවි වස්තුවක් බවට පත්කර ඊට ජීවිතය කියාදිම විඳවිම හෙවත් විඳීම.. හුඟක් දේවල හිතට එබෙන සටහනක්.

    ReplyDelete
  22. මොකැ මේ

    ReplyDelete
  23. බිවුව හන්දමද මංදා මෙච්චර හොදට ලියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. කැත කතා කියන්න එපා බං දුක හිතෙනවා :)

      Delete
  24. විසෙන් විස නැසේ කියනවනේ. මම මේක කියවලා රසවිඳීම නොවැම්බර් මාසෙට කල් දැම්මා. ගෙදර ගිහින් ඩ්‍රින්ක් එකක් දාලම බලන්න.

    ReplyDelete
    Replies
    1. හෙන්රියා අදහස නම් සුපිරි..

      ගෙදර ආවහම සෙට් වෙමු. උබ එනකල් රවිය බලන් ඉන්නවා.

      Delete
  25. තේරුණේ නෑ වගේ අප්පා.. O.o

    ReplyDelete
  26. මට හිතුන වෙරි මරගාතේ ලියපු එකක් තමයි කියලා..

    ReplyDelete
  27. ෂොට් දෙකක් දා ගෙනම කියවන්න ඕන...බීල ලියපුව කියවන්න වෙන්නෙත් බීල තමා....හැබැයි ටිකක් කල් යනවා..."මචං" එකටවත් යන්න වෙනවා....ගෙදර බෑනෙ ..ඒකයි

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. සරුංගලේට වුන දේ සෑම්ට වුනේ නෑ නේද?

    ReplyDelete
  30. ලියමන හිතට වැදුනා සෑමෝ......අපුරුයි, ජයෙන් ජය!

    ReplyDelete
  31. හ්ම්ම්.... සෑම් අයියේ... උත්තම පුරුෂ අත්දැකීමක් අකුරු කරලද මේ??

    ReplyDelete
  32. ""සදාකාලිකව ඔයාගෙ සීමාවෙ සිර කරල මට කාත් කවුරුත් නැති කරල ඈතක යන්න. ඔයා හරිම ලෙංගතුයි කියල හිතුවට වෙලාවකට මහා දරුණුයි කියල මම තේරුම් ගත්ත.""
    Nice one sam..

    Lahiru.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...