Tuesday, June 4, 2013

ගණන්කාරයෝ ආතල්කාරයෝය..


පසුගිය වසර අගදී පාසලේ ජල නල පද්ධතියක් විවෘත කරදීමට අපේ 2006 අදි ශිෂ්‍ය කණ්ඩායම පාසල සමීපව කටයුතු කළ කාලයක් තිබුණේය. ඒ කියන්නේ දැන් දුරස්ව ඇති බව නොව, ඒ කාලේ වැඩි හරියක්ම පාසල ඇසුරේ අප ගැවසුණු බවය. අප කණ්ඩායම විසින් පාසල වෙනුවෙන් කළ යුතු වැඩ පිළිබදව කළ සාකච්ඡාවකදී උසස් පෙළ පන්ති කාමර අසල උසස් තත්වයේ ජල නල පද්ධතියක් සැකසිය යුතු බව අපේ අදහස විය. ඒ අනුව නිර්මාණය වූයේ පහත ආකාරයේ නල පද්ධතියක්ය. දැන් ඒ වාගේ තව එකක් පිට්ටනිය පැත්තේ සකස් කර ඇති බවට අපිට ආරංචි වූයේය. කෙසේ වෙතත් අපේ එක හොද නිසා ඒ වාගේ තව ඒවා ඉදි වන්නේ නම් එය අපට පාසල වෙනුවෙන් ඇති වන්නාවූ නිහතමානී ආඩම්බරයක්ය.


ප්ලෑන් එක
හදපු එක
විවෘත කිරීමේ සියළු වැඩ කටයුතු අවසන් වී ගුරුවරු සහ අපේ සෙට් එක ව්‍යාපෘතියේ ගුණ දොස් විමසන්නට වූවෝය. ඒ අතර ප්‍රධාන ගැටළුවක් වූයේ ටැප් සෙට් එක ඕනෑම එකෙක්ට ගැලවිය හැකි පරිදි සවි කොට තිබීමය. යකට කොක්කක් දමා හෝ ටැප් ගැලවීමට නොහැකි වන පරිදි සැකසිය යුතු බව හැමෝගේම අදහස වූයේය. ඒ සදහා ක්‍රියා කිරීම පසුවට යොදා ගැනීමට අපේ උන් තීරණය කළෝය. අප ප්‍රින්සිපල්තුමා නම් කීවේ ටැප් ගලවන්නට තමා ඉඩ නොතබන බවක්ය. එසේම ගලවන එකාට වෙන දේත් අපි කල්පනා කරගෙනම ගියේ විද්‍යා අංශ ගුරුවරු සමග කතා කිරීමටය.

ඉස්සර පාසලේ ඉන්නා කාලයට වඩා හොද පිලිගැනීමක් ඔවුන් විසින අපවෙත ලබා දුන්නේ සෑමාගේ ඇස් දෙක නිලංකාර කරමින්ය. ඉස්සර අපේ කෙමෙස්ට්‍රි ටීචර් දැන් පෙන්ෂන්ය. එයා හිටියානම් සෑමාට හොද දේශනයක් තියනවා ෂුවර්ය. ඉස්සර අය පන්තියට ආවේ “ශ්‍රීමන්ත පන්තියෙන් යනකල් මම පන්තියට එන්නේ නැහැ කියමින්ය..“ එවිට සෑමා සමග කිහිප දෙනෙක් එළියට යන්නේය. පාඩම අරඹෙන්නේය. සෑමාට ර්‍ශමන්ත  කියා ආමන්ත්‍රණය කළ එකම ගුරුවරිය ඇයය.

ඉන්පසු ගණිත ගුරුවරු අපේ බැජ් එකේ විස්තර අසන්නට වූවෝය. ඒ කාලේ අපිට බැන්නේ තමුසෙලාට නම් අනාගතයක් නැහැ කියාය. එදා නම් අපිට කීවේ මොනවා වුනත් තමුසෙලා හොද තැනකට යන බව අපි ඒ කාලෙම දැනං සිටිය බවක්ය. අපේ පියල් සර්ගේ ගණිත අංශයේ උන්ව වර්ණනා කිරීමේ ගතිය තාමත් එසේමය. ඒ කාලේ අපිට පේන්න බැරි ඒකමය. ගණිත, වාණිජ්‍ය, කලා කියා අපිට තාමත් වෙනසක් නැතිය. ඒත් පියල් සර් ලොකු ටෝක්ස්ය. කමිටුවේ බහුතරය විද්‍යා අංශයේ එවුන් බව කියමින් පොර ටෝක්ස් දුන්නේය. ඉස්කෝලෙට වැඩක් කළේ කවදත් විද්‍යා අංශයේ උන් බව කීවේය. ඒත් ඒ කාලේ අපිට කීවේ නම් උබලා විද්‍යා අංශයට නොගැලපෙන බවක්ය. ඒ අපි හැමදාම වාණිජ්‍ය හෝ කලා පන්තිවල සිට මාට්ටු වෙන නිසාය. කෙසේ වෙතත් හැම විද්‍යා, වාණිජ, කලා යන එකාගේම උදව්වෙන් කළ වැඩේට ඔවුන් වෙනම ලකුණු දමා ගැනීමට තැත් කිරීම අප හෙලා දැක්කෙමු. මොකද හැම එකාම එක ලෙස උපකාර කළ නිසාය.

ඉස්සර පතුරු යන්නට බැනුම් ඇසූ අප, එදා හොද එවුන් වී පාසලෙන් එළියට ආවෝය. ඉන් පසු නැවත අප සංගමේ රැස්වීමක් තිබුනේය. ඒ හරියටම උත්සවයෙන් මසකට පමණ පසු විය යුතුය. අප ටැප් එක බලන්නට ගියේ ඉස්කෝලෙ ඉන්න පොඩි උන්ගේ හැටි දැනගෙනය. මොකද උන් හැදී ඇත්තේ අයියලා ආදර්ශයට අරගෙන නිසාය. කිසිම අවුලක් නැතිව ටැප් සෙට් එක තිබීම අපට මහත් පුදුමයක් වූයේය. එසේම ටැප් එක අසල පන්තිකාමර වල අප පාසලේ විවාද කණ්ඩායමේ උන් සිටි නිසා උන් සමග අප කතාවට වැටුනේ අප නිර්මාණය පිළිබද දැන ගැනීමේ අටියෙන්ය. 

“අයියේ ටැප් සෙට් එකට කම්බි දාල හරි ගලවන්න බැරි වෙන්න හදන්න..“ ඒ එකෙක් ගේ මතයක්ය.

“අපිත් ඒක තමා හිතුවේ, ඒත් පුදුමයි.. ඇයි බං එකක් වත් ගලවල නැත්තේ..??“

“මොකද ගැලෙව්වෙ නැත්තේ,,?? ගිය සතියෙ කොල්ලෙක් ටැප් එකක් ගලවගෙන ගෙදර ගෙනිහින් අහු වුණා..“

“ඇහ්... ඒ කොහොමද අහු වුණෙ??“

“ඌ ගලවගෙන ගිය එක කැමරාවක රෙකෝඩ් වෙලා.. සර් හරියටම කැම් එකක් ඔතන සෙට් කරල තිබිල තියෙන්නේ..“

අප පාසලෙන් ඉවත්ව යන්නට ඔන්න මෙන්න තිබියදී පාසල පුරාම කැමරා සවි කළේ අපි ප්‍රින්සිපල් සර්ගේ මැදිහත් වීමෙන්ය. එමගින් පාසල පුරා නිකරුනේ ඇවිදින සිසුන් ප්‍රමාණය අවම වූයේය. එසේම තැනින් තැන තිබූ රොටේට් වෙන කැමරා නිසා අපේ උන් IGI ගේම් එක ගහනවා වගේ කැමරා වලින් සැගවී ගමන් කරන්නට ට්‍රයි කළෝය. ගේම්  ගසනවා වගේ පාසල පුරා සැගවී ඇවිදීම පට්ට ආතල්ය. එක කැමරාවකින් තවත් කැමරාවක් ආවරණය වන නිසා ඒවා ගලවා දැමීම හෝ වසා දැමීම කළ නොහැකිය. තාමත් ඒ කැමරා සෙට් එක වැඩය. එදා අප විවෘත කිරීමේ උත්සවයට විදුහල්පති කාමරයට ගියේ සර් සමග කතා කරීමටය. එවිට සර් මොනිටර් එකෙන් පාසල පුරා සිද්ද වෙන දේවල් බලාගෙන සිටියේය. ඒ අතර කැමරාවක් ගුරු විවේකාගාරයටත් සවි කර තිබුණේය.

“මේ බලවා අයියේ මේ *** ටීචර්ගෙ වැඩේ ස්ටාෆ් රූම් එක මැද්දට වෙලා කියව කියව ඉන්න එක..“ කියමින් සර් අපට ටීචර් කෙනෙක්ව පෙන්නුවේය. සර් සමග ටීචර්ලාටත් සෙල්ලම් බැරිය.

“ඉතිං බං ඌ ටැප් එක අරගෙන ආවද ??“ අප නැවත ප්‍රශ්න කළෙමු.

“ඔව් අයියේ.. වීඩියෝ එක තියෙද්දි ඌට බොරු කියන්න බැහැනේ ඌ අරන් ආව.. උන්ගෙ ගෙදරිනුත් ගෙන්නුවා..“

“කොයි ක්ලාස් එකේ එකෙක්ද බං ඕක උස්සල තියෙන්නේ..“

“13 වසරේ මැත්ස් ක්ලාස් එකේ එකෙක්..“

අපේ රෙදි ගැලවුනේය. මොනවා කතාව ඇත්ත විය හැකිය. මන්ද ගණන් කාරයෝ... ආතල් කාරයෝය...

ඔබේ පාසල, ඔබේ වටපිටාව, පොදු දේපල සුරකින්න. නැවත දිනක ඔබේ සහෝදරයෙකු, ඥාතියෙකු ඒ දේපල භුක්ති විදිනවා නිසැකය.

Written by sAm_10:21am_04/06/13

58 comments:

  1. පොදු දේපල සුරකින්න නම් අපේ රටේ උන්ට කියල දෙන එක හරි අමාරු වැඩක් සැමෝ..... වැඩි හරියක් උන් දන්නේ අලුතින් හදලා, ලස්සනට තියෙන දෙයක් කඩලා, ජරා කරලා වෙන කෙනෙක්ට වැඩක් ගන්න බැරි වෙන්නම විනාස කරලා දාන්න විතරයි... ඒ මොකක් වත් බැරි නම් බිබී හිටපු බෝතලේ හරි ඒ හරියේ කුඩු කරලා දාලා යන උන් ඉන්නේ... මෝඩකමද කුහක කමද මන්දා.....

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට එන්න ඉන්න උන් ගැන හිතන්නැති කම හිරු..

      ජය !

      Delete
  2. සෑමගෙ සෙට් එක කරපු වැඩේ නං පංකාදු පහයි ඈ. අපිටත් ඒ කාලෙ ඉස්කෝලෙදි තිබ්බෙ ඒ වගේ සැළකිලි නං තමා. ‘තමුසෙල ඉන්නෙම හරහටනේ‘ කියල අපේ චොප්පෙ සර් කිව්වා දවසක්.

    ReplyDelete
    Replies
    1. චොප්පෙ කියල අපේ යාලුවෙක් හිටියා.. :)

      දැන් ගියාම චොප්පෙ උබලගේ හොද කියනව නේද?

      Delete
    2. ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ චොප්පෙ සර් හම්බුනේ නෑ බං. පොර ටික කාලෙකින්ම නැතිඋනා, හාට් ඇටෑක් එකකින්.
      අනිත් සර්ලටනං දැං අපි මාර හොඳයි, ඒකාලෙ අපි හිටිය විදිහත් හොඳයිලු දැං ඉන්න උන් එක්ක බලනකොට.

      Delete
  3. //ඔබේ පාසල, ඔබේ වටපිටාව, පොදු දේපල සුරකින්න. නැවත දිනක ඔබේ සහෝදරයෙකු, ඥාතියෙකු ඒ දේපල භුක්ති විදිනවා නිසැකය.//
    මේ වගේ ආදර්ශ පාඨ පොත්පත්වලත් , ඉස්කෝලෙත් ,හැමතැනම ගහල තියෙනවා අපේනම් ...ඒ ගහලා තියන ඒවත් ඉරලා දානවනේ ඉතිං කොහොමෙයි සුරකින්නේ :D

    ReplyDelete
    Replies
    1. තමන් විසින්ම කරන්න ඕන දෙයක් නොවැ...

      Delete
  4. ගණන්කාරයො ආතල්කාරයෝය...සහතික ඇත්ක ඕයි!!!! අත්දැකීමෙන් කියන්නේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ඇත්තෙන්ම සෑමො මෙහෙ උන් නම් ඔහොම පොදු දේපල ගෙදර ගෙනියන්නෙම නෑ කියලා කිව්වෑකි. හොරකම් වෙනවා. නමුත් ඉස්කෝලෙ තියෙන දේවල් දඟකාරකමකට කැඩුවොත් මිසක් හොරකමට ගෙදර ගෙනියන්නේ නෑ.

    ඔය කැමරා ටිකටත් කම්බි දාලා බඳින්න වෙයිද බං? :D

    ReplyDelete
    Replies
    1. වහන්න අමතක වුනු පුස්තකාලේ දොරෙන් රෑ ඇතුළු වෙලා ඇතුලේ තිබුණු රුපවාහ්නිය හොරකම් කරලා විකුන්ගත්ත එවුන් ටිකක් මතක් වුනා.

      Delete
    2. සමහර ඒවට දැල් කෑලිගහල තිබ්බ වගෙ මතකයි. ඒත් එක කැමරාවක් ගලවන්න ගියෝත් අනිත් කැමරාවට මාට්ටු වෙනව බං..

      @ඉදුනිල් - හෙන්රිය නෙවෙ නේද?

      Delete
    3. අපෝ නෑ. :)

      ඒක කරපු එවුන්ගේ ඒ වෙන කොට වයස, හෙන්රි අයියගේ දැන් වයසෙන් 1/3යි.

      Delete
    4. කාගේ ස්ටෝරියක්ද කියල බං මේ කල්පනා කොලේ !

      Delete
  6. ගණන්කාරයෝ ආතල්කාරයෝය.... ඒ ආතල් ගැන කියල නිම කරන්න බෑ. වෙන උන්ට කොහෙද ඒ ආතල්

    දිගටම ලියමු... දිගටම ලියමු...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. samo meka nikan hari naha wage ban..ayin kara ithin...

      Delete
    2. මම දැකක බං අවුලක් නැහැ ;)

      Delete
    3. අපේ ඉංගිරිසි ලිට්ට්‍රිජර් ටීචර්ටත් වුනේ ඕක බං !

      Delete
  8. ලොකු ළමයි ඉතිං පොඩි කාලෙ වගේ ඉස්කෝලෙ යනකොට වතුර බෝතලේ උස්සන් යනවයි. මට මතකයි සමහර දවස්වලට ඉස්කෝලෙ ටැප්වල වතුර එන්නෙ නැති උනාම ළමයි පත්වෙච්ච අපහසුතාවය. වතුර නැති උනාම තමා වතුරවල අගේ දැනෙන්නෙ. ඉතිං කාටහරි තිබහට වතුර බොන්න තැනක් හදපු එකනම් ඇත්තෙන්ම වටින වැඩක් බං.

    ප්‍රින්සිපල් ඉස්කෝලෙ පුරාම කැමර් හයිකරන්න හදද්දි උඹල විරුද්ධ වුනේ නැත්ද බං. උඹලට තිබුනෙ “අපේ පෞද්ගලිකත්වයට එබී බැලීමට ඉඩ නොතබමු“ “පිනා භංග වේවා“ “කුමන්ත්‍රණකාරී යෝජනා වහා හකුලා ගනු“ කියල බෝඩ් උස්සන් ඔෆීස් එක ඉස්සරහින් පෙළපාලියක් යන්න.

    ReplyDelete
    Replies
    1. මේ ටැප් සෙට් එකෙන් අපි ඒ කාලෙ මුහුණ දුන්න තවත් ගැටලුවකට පිලියමක් දැම්ම මචං. ඉස්සර කකුල් හෝදන්න ගියාම අපේ උන් සින්ක් එකට නැග්ගා. නැත්තං අතට වතුර අරන් කකුලට දා ගත්තා. ඒත් මේකෙ දෙපැත්තෙන් දණ හිස් මට්ටමට තියෙන ටැප් දෙකෙන් කකුල් සෝදන ඒක ලේසී..

      කලින් පිනා එලවා, ගෙන්වා ගත් පිනා මොහු නිසා නැවත පෙළපාලි නොගියෙමු :)

      ජය !

      Delete
  9. අඩේ කැමරා වලිං හැංගිලා යන එක මාර ආතල් එකට තියෙන්න ඇති.
    මොනව උනත් ප්‍රින්සිපල් හරි අවංක මනුස්සය. ළමයි ගැන විතරක් නෙමෙයි ගුරුවරු ගැනත් හොයන්න කැමරා දාලනෙ. ඇත්තටම ස්ටාෆ් රූම් එකේ කැමරා හයිකරල තියෙනව කියල අර ටීචර් දන්නෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. ටීචර්ස්ලා දන්නව බං. ඒත් ගාණක් නැහැනෙ.

      ජය !

      Delete
  10. මැත්ස් විතරක් නෙමෙයි බං ඒ ලෙවල් කරන හැමෝම ආතල්කාරයෝ තමයි. කෙලින්න පුළුවන් හැම පිස්සුවක් ම කෙලින්නේ ඒ අවුරුදු දෙකෙනේ. අනික ඕකට කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසකුත් නැහැනේ. හී හී :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...ඒත් වැඩිම ආතල් තිබ්බෙ 11 වසරේ නෙවේද බං ?

      සැප කනේ.

      ජය !

      Delete
    2. අනිවා, බං :) විභාගයක් තියෙනවා කියලා මතක් වුණේ ම නැහැනේ බං ඇඩ්මිෂන් එකට අතට ලැබෙන කං ම.

      Delete
  11. ගණන්කාර සෑමා ආතල්කාරයෙක් මෙන්ම සමාජ මෙහෙවරේ යෙදෙන්නෙක් ද වේ.

    ReplyDelete
  12. හොඳ වැඩ තමා. ඉ කාලේ කරපු පව් වලට හරියන්න වැඩි වැඩියෙන් මේ වගේ දේවල් කරපං. එත් ඉස්කෝලේ කැමරා හයිකරපු එක පව් වැඩේ. මිශ්‍ර පාසලක් උන නිසා තවත් අප්සෙට්.

    ReplyDelete
    Replies
    1. කොච්චර කලත් පව් ගෙවෙන එකක් නැහැ නේද බං :ඩී

      මිශ්‍ර නිසා ආතල් එක තවත් වැඩී බං...

      Delete
  13. ඉස්කෝලේ යන කාළේ ඕවා තේරෙන්නේ නෑනේ. අර කැම්පස් යන උන් වගේම තමයි. උඹලයි ඉස්කෝලේ හිටපු මගේ යාළුවෙක්. ලැබ් එකේ ජනෙල්වල ඔක්කෝම සරනේරු ගලවන් ආවා. ඊළඟ දවසෙ උදේ ජනෙල් අරින් කොට , ජනෙල් බිමලු. අද ඌ නම්බර් වන් ඉංජෙක්...

    ReplyDelete
    Replies
    1. අඩේ අපේ ඉක්කෝලෙ එකෙක් කළා කිව්ව නම් ඇත්ත වෙන්න ඇති :ඩී

      කොයි කාලෙද දන්නෙ නැහැ නේද??

      ජය!

      Delete
  14. එකනං හැබෑව.. ගණන් කාරයෝ ආතල්ම බුවාලා

    ReplyDelete
  15. සැමෝ මේ කතන්දරේ කලින් දාලා තිබුණද? ටිකක් මීටර් වගේ.

    කැමරා නෙවෙයි මොනවා හයි කලත් කොල්ලෝ කොල්ලොමයි. ඒක නවත්තන්න ප්‍රින්සිබොල්ට තියා කාටවත් බෑ. :D

    අපේ ඉස්කෝලේ කැමරා හයි කරන්න ගිහින් සර් කෙනෙක් එක්ක කතාකර කර ඉන්නකොට එයා කිව්වේ, මේක ප්රින්සිපල්ගේ විකාර වැඩක් කියලා. එක අතකට එයා කියපු කතන්දර ටිකත් හරි. මොකද ළමයෙක් එලියට බැහැපු ගමන් ඉස්සෙක් වගේ සර් කෙනෙක් දුවන් ගිහින් උගේ කන පළලා එන එක හරි නෑ වගේනේ.
    උඹට මතකද LBW තර්ඩ් අම්පයර්ට දාපු කාලයක් තිබුනා. ඒ දවස්වල අපිට මැච් බලිල්ලත් බෝරින් උණා. ඒ වගේ තමයි, පන්තියටම කොටු වෙච්ච නිදහසේ සිංදුවක්වත් කියා ගන්න බැරි ඉස්කෝල කාලයක් මොකටද? පික්ෂුනේ.....

    ReplyDelete
    Replies
    1. මේක කලින් දැම්මෙ නැහැ බං.

      //උඹට මතකද LBW තර්ඩ් අම්පයර්ට දාපු කාලයක් තිබුනා. ඒ දවස්වල අපිට මැච් බලිල්ලත් බෝරින් උණා. //

      මේක නම් සිරා කතාව බං..
      කොල්ලන්ට කෙල්ලන්ට සිංදුවක් කියල වත් ගන්න සාමාන්‍ය ආතල් එකක් නැත්තං උන් ඉස්කෝලෙන් පිට හරි දහජුරා වැඩ කරනවා.

      ජය !

      Delete
    2. ...//උන් ඉස්කෝලෙන් පිට හරි දහජුරා වැඩ කරනවා.//... අන්න එතන තමයි ලොකුම භයානකකම....

      Delete
  16. physics ප්‍රැක්ටිකල් එකක් කරන්න අරං යන්න ඇති බං!

    ReplyDelete
  17. කැරමා සිස්ටම් එකක් හයි කොරන්ට ගිහින් අනාගත පරපුරට අපිට ලැබුන ආතල් නැතිවෙන නිසා නැවැත්තුවා සෑමෝ... IGI වගේ තමා කොහොමත් ඉස්කෝලේ ඇතුලේ ඇවිදින්නේ. :D

    ReplyDelete
    Replies
    1. උබලා පාරට බහින්න ඇති ඒ කියන්නේ...

      :)

      Delete
  18. සෑම්ලා හොද වැඩක්නේ කරලා තියෙන්නේ..... නියමයි.
    හැම ස්කොලේකම මැත්ස් කරන එවුන් බැනුම් අහන්නම ඉපදිච්ච කට්ටියක්ද මන්දා.... අපිටත් ඒ කාලේ මිස්ල බනිනවා කිසිකමකට නෑලු. මැත්ස් කරන්න ගැලපෙන් නෑලු. එක විකාරයි. ඒත් ඉස්කෝලෙන් අස් වෙලා ඉස්කෝලෙට ගියාම මැත්ස් කරන නංගිලට කියනව මෙන්න මේ අක්කලව ආදර්ශයට ගන්නලු.අරකලු.මෙකලු..... අපිට ඉතිං පණ යනකන් හිනා....

    ReplyDelete
    Replies
    1. අනෙ මන්ද බොල කිසිම පදනමක් නැතුව නේද අපිට බැනල තීන්නේ කියල හිතෙනවා..

      ජය ! :)

      Delete
  19. අඩේ කැමරාවට හොරෙන් කට්ටි පනිද්දි පට්ටනේ ඈ

    ReplyDelete
  20. KALAKADI WAHALU KALAKADI RAHA WENAWAALU,ගණන් කාරයෝ... ආතල් කාරයෝය... EKAGAWEMI

    ReplyDelete
  21. මගේ ගුරුවරු නං තාමත් කියන්නේ උඹ ඔතනට ගියේ කොහොමද කියලා අපිනං දන්නෑ කියලා බං.පොදු දේපල ආරක්ෂා කරන හැඟීම පොඩි උන්ට දෙන්ඩ ඕනේ උංගෙ ගෙවල්වලිංමයි බං.

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      ගුරුවරු කියපු කතාව ඇත්ත බං !!

      Delete
  22. බලපං මෙච්චර හොද කතාවක් තියෙද්දී මට වැරද්දක් මනේ අහුවෙන්නේ, කමක් නෑ අපේ සෑමා නේ. එකා ඉතිං මල පනින එකෙක්ය. ඔන්න ඔහේ කියලා දානවා. මචන් අර උඩින්ම දාලා තියන ත්‍රිමාන රූපෙට ප්ලෑන කියන එක වැරදි නේ. උඩින් පේන විදියට තමයි ප්ලෑන කියන්නේ.
    කියද්දී මතක් උනේ අපේ සෙට් එකත් ඉස්කෝලෙට වැඩක් කරන්න හිටියා. මොකද පරක්කු කියලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ප්ලෑන කිව්වෙ බං අපි ප්ලෑන් කරගෙන හිටපු විදහ නොවැ...

      තොපිට අපිම මතක් කරන්නෝනි ඉස්කෝලෙ වැඩ :ඩී

      Delete
  23. ඔය ටැප් වලින් කරගන්න බැරි පජාතම කේස් එක තමා කකුල් හෝදන්න බැරි එක.ඉස්කෝලෙ සෙරෙප්පු දාන්න බැරි උනාට..වැස්ස දවසට වගේ පොඩි බුරුලක් තිබුන. ඒත් අපේ උන්ට හැමදාම වැහැල සපත්තු වේලගන්න බෑ කිව්වම..!වැඩේ දෙල් උනා..

    සමහර උන් උදේට පේන්න සපත්තු දාන් ඇවිත් පන්තිය ඇතුලෙ දාන්න සෙරෙප්පු දෙකක් බෑග් එකේ දමාගෙන එනව..!

    වැඩේ නම් මල්හතයි සැමෝ..!

    ReplyDelete
  24. හි හි....
    නියමයි අනේ.... කොච්ච්ච්ර හොදයිද මෙහෙම වැඩක් කරපු එක....
    මට මතකයි එක දවසක් අපේ හොස්ටෙල් එකේ ළමයෙක් රෑ නිදාගන්න යන්න කලින් ඩෝම් එකේ තිබ්බ උස සින්ක් එකකට කකුල දාල හෝදලා මාට්ටු වෙලා තිබ්බ..... ගුරුවරියක් නම් කියල තිබ්බ
    "චී බාන්න.......... හරී..... ම නරක ළමයි නේද......... " කියල
    ps: අපේ ඉස්කෝලේ girls school හින්ද තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. Shih.... aparade mama dannawanam oyagollange iskole Tap ekak wela upadinawa..

      Delete
  25. Chemistry teacher lata Srimantha kiyana nama waha....

    ReplyDelete
  26. අපෙත් ඕම තමයි. ඉස්කෝලෙට කියලා ඉතුරු වුනේ කක්කුස්සි පෝච්චි ටික විතරයි. ඒකත් පොලවට හයි කරලා තිබ්බෙ නැත්තං ගලවං යනවා අනිවා.

    සයන්ස් සෙට් එක ආර්ට් ක්ලාස් වල ඉඳන් අහුවෙන එකත් එහෙම්මයි. සයන්ස් එකේ සර්ලට ටිචර්ලට වඩා ආර්ට් එකේ ගුරුවරු අපිත් එක්ක සුහදයි. සමහර ගුරුවරු ඒ විෂයන් උගන්නන කොටත් අපි ඒ පන්තියෙ. මම නම් වැඩි හරියක් හිටියෙ කොම්පියුටර් ලැබ් එකේ. එතන නැත්තං ආර්ට් එකේ. ඉඳලා හිටලා පන්තියට ආවාම සයන්ස් ගුරුවරුන්ට හරි සතුටුයි. මොකෝ අද මේ පැත්තේ කියලා අහන තත්වෙට පත් වුනා අපිව දැක්කම.

    ඒ කාලෙ තමයි කාලේ, ඒ කාලේ මතක් වෙද්දි මෙහෙම අවුල් කියලා දන්නවනම් තව කුප්ප වැඩ හැට හුටාමාරක් කරනවා මතක හිටින්න..

    එනිවේ සැමයියෙ පට්ට ලිවිල්ල

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...