උච්ච ස්වර සොයා ගිය මධ්‍යම පන්තියේ ගායකයෙකුගේ කතාවක,
එයා මාව වෙනම ලෝකෙකට උස්සල තියල, බස් එකෙන් බැහැල ගියා. එදා මම තරග කරන්න අදාල මාධ්‍ය ජාලයේ ශබ්ධාගාරයට යනකල්ම හිටියෙ වෙනම ලෝකෙක. එතැනට ගිය හැටියෙ මම පියවි සිහියට ආවා. අධි ශීතකරනයේ කූල් වෙන්න දාලා තිබ්බ වතුර බෝතලයක් එළියට ගත්තහම බෝතලේ වටේට වතුර බේරෙනව වගේ මගේ තුන් මුනින් දාඩිය වැක්කෙරෙන්න ගත්තා. මම ඒ දාඩිය ටිකක් වේලිලා යන්න ඒ අහල පහල තිබ්බ ඒ.සී රූම් එකකට රිංග ගත්තා. මම හිතුවා ඒ ස්ථානය පිරෙන්න තරගකාරයෝ ඇති කියල. මොන පිස්සුද තරග වට දහයක් කරන්නවත් තරගකරුවන් හිටියෙ නැහැ. ඒත් ඔවුන්ට ඕන වුනා ඇමතිවරු ලංගම බස් දාලා ලිප්ටන් වට රවුමට ගෙන්වන තරමේ මහා ජනස්කන්ධයක් ඉන්නව වගේ පෙන්නන්න. ඉතිං එදා හිටපු තරගකරුවෝ කිහිපදෙනාට පොඩි කතාවක් පැවැත්තුවා. තට්ටේ පෑදිච්ච ඔහු තරගයේ මහ මොළ කාරයාලු.
අපේ මාධ්‍ය ආයතනය, රියැලටි වැඩසටහන් වලින් පෙරමුණේ ඉන්නේ. ඔයාල දකින්න ඇති කලින් තිබුණු තරගාවලි වලදී අපට හිටපු සෙනග.
ඔව් මට මතක් වුනා. ඒත් මට හිතුනා එදත් ඔය කොහෙ හරි ඉන්න එවුන් සෙට් එකක් ගෙන්නලා සෙනග පෙන්නන්න ඇති කියල.
ඒ වගේම මේ තරගෙත් අපට ඕනා ජනතාවට පෙන්නන්න අපි තවමත් ප්‍රමුඛයෝ කියල. ඉතිං අපට දැනට ඉන්නේ මේ තරගකරුවන් 12 දෙනෙක් විතරයි. ඒ අතර එකම තරගකාරියක් වත් නැහැ. ඒකට අපිට පිළියමක් ඕන. අපි දැනට පළවෙනි තරග වටය පවත් වමු. ඔයාල විරුද්ධතාවයක් නැත්තං, ඔය දොලොස් දෙනාට අමතරව තවත් තරගකරුවන් සියයක් විතර අපි මෙතැනට බස්සනවා.
කොහෙන්දෝ මහ පොලොවට වැටුනු පිටසක්වල යානයකින් බැස්ස පිටසක්වල ජීවියෝ වගේ අපි දොලොස් දෙනා නොතේරෙන භාෂාවක කතන්දරයක් අහන් ඉන්නව වගේ බලන් හිටියා. ඔහු කියපු හැම දේටම අපි කළේ ඔළුව වනන එක විතරයි.
ඔයාල බය වෙන්න එපා. ඒ තරග කරුවන් 100 දෙනාම ඔයාලට බලපෑමක් නොකරන අය.
අන්තිම වචන සැට් එක විතරක් අපිට හොදට අවබෝධ වෙච්ච නිසා අපි සතුටින් සිටියා. දැන් සියළු තරගකරුවන් 112යි. ඒ සැට් එකේ එකම තරගකාරියක්වත් නැති වීම අපිටත් කිසි කික් එකක් නැති සීන් එකක් වුණා. මොනව කරන්නද, ගායකයෙක් වෙන්න මිසක් සහකාරියක් සොයා ගන්න ආපු ගමනක් නෙවේ නෙ කියලා මම හිත හදා ගත්තා.
අපි දොලොස් දෙනාට එයාල ඉලක්කම් බෙදුවා. ඒ ඉලක්කම් මොන්ටිසෝරියේ අපි ලේන්සුව එල්ලගෙන හිටිය වගේ පපුවෙ ගහගෙන තරගකරන්න පටන් ගත්තා. තරගකරුවන් 12ක් හිටපු තරගාවලියේ මට ලැබුණු ඉලක්කම 35694. මම කොනක ඉදන් ඉලක්කම් එකතු කළා. 3+5+6+9+4 = 27 මම විසිහත ආයෙත් එකතු කළා. 2 + 7 = 9. නමය??? මම ඉලක්කම් දෙතුන් පාරක් එකතු කරල බැලුවා අන්තිමට එන ඉල්ක්කම මොකක්ද කියල. මොනව කළත් ලැබුනේ අර කාලකන්නි භයානක ඉලක්කම අංක නමය. මම හිත හදාගෙන තරගෙට ගියා. ඇත්තටම අපි දොලොස් දෙනෙක් ඉන්න නිසා මොකක් හරි චාන්ස් එකක් කැරකෙයි කියල මම හිත සතුටු කරගෙන හිටියෙ.
හරියටම හරි. වතුර වලකට බැහැලා හරහට දිය මතුපිටින් ගලක් ගැහුවම දෙතුන් වාරයක් ගල දිය මතුපිටින් ගමන් කරන වගේ මගෙ හිත සතුට - බය අතර කිහිපවාරයක් කම්පනය වෙවී තිබිල අවසානේ මට ඕන තැනට හිත හරි ගැස්සුනා. මම ඇස් දෙක පියාගෙන, පපුව උස්සගෙන, උගුර කෙලින් කරගෙන කියපු “මේ වේදිකාව ජීවිතේ අපේ..“ ගීතයට හොද තැනක් ලැබුණා. එයාල කිව්වා මම උපරිම සාධාරණයක් කලාලු. තව කෙනෙක් කිව්වා මම වේදිකාව ජීවිතේ කර ගන්න පුලුවන්ලු. නව පරපුරට මම ආදර්ශක් කියලත් කියනව ඇහුණ. මම ඊලග තරගෙට තේරිලා කියල ඇහුණම මට මතක් වූණා මගේ සුන්දර අතීතය.
ඉස්කෝලෙ යන කාලෙ ටීචර් පන්තියට එනකල් අපි ඩෙස්ක්වලට තල තල සිංදු කියපු හැටි, 6 වසරේ සෞන්දර්ය විශයක් විදිහට සංගීත තෝරගෙන, සංගීත කරන්න සංගීත කාමරේට ගියාම සර් මට තාලෙට අත්පුඩියක් වත් ගහන්න බැහැ කියල එළව ගත්ත හැටි, බෞද්ධ සංගමේ රැස්වීමකදී මම බුදුගුණ ගීයක් කියන්නෝනි තැනදි “නුඹ හැඩකාරයි, කටකාරයි, සොකරී යන්න එපා“ කියල මාව ප්‍රධාන ශාලාවෙන් පන්නා දාපු හැටි, ඉස්කෝලෙන් අවුට් වෙලා මම පොඩියට බෑන්ඩ් එකක් පටන් අරගෙන, යාළුවෙක්ගෙ වෙඩින් එකක “එදා මගේ පෙම්වතියේ ඔබ අද මනමාලිය වී මගේම මිතුරාගේ “ කියන ගීතය ගායනා කරල පළවෙනි වෙඩින් ෂෝ එකම මලගෙයක් කර ගත්ත හැටි. මගෙ ඇස් ඉදිරියේ මැවි මැවී පෙනුනෙ හරියට 3-ඩී චිත්‍රපටයක් බලනව වගේ.
හැම දේම හොද විදිහට සිද්ධ නොවුණ අතීතයක් පසුකරල මම ප්‍රවීණයන්ගෙන් මේ වගේ කතන්දර ටිකක් අහ ගත්තම මට දිව්‍ය ලෝකෙ ගියා වගේ දැනුන. ඇත්තටම මගෙ හොද කාලෙ ඉදිරියට එන බවක් මට දැනුන. අර විනිශ්ච මණ්ඩලේ ඉන්න ගායිකාවගේ ගායන පුහුණු පාඨමාලාව කරන්න සති අන්තයේ එන්න කියලත් ඇරයුමක් ලැබුණ. හැබැයි නිකං නෙවේ කීයක් හරි ගෙවන්න වෙයි. කමක් නැහැ මම ඒකත් කරල ගොඩ යනව කියල අධිෂ්ඨානයෙන් එළියට බැස්ස. මම හදාගෙන යන හීන මාලිගාවෙ මම විතරයි හිටියෙ, වෙන කවුරුත් නැහැ, මට ශක්තියක් වෙන්න, මට ආදරේ දෙන්න, මට අගබිසවක් නැති කම ගැන මම හිතින් දුක් වුණා. ඒ හැම වාරයක් පාසාම මගෙ ඇස් ඉදිරියට ආවෙ, එදා උදේ බස් එකේදි මගෙ හෑන්ඩ්ස් ෆ්‍රී එක ගැලෙව්ව කෙල්ල. ඒකි මගෙ හිත උදුර ගත්ත. ඉස්කොලෙ යන කාලෙ ගෙදර වැඩ නොකර ඉස්කෝලෙ ගියාම අපේ පන්තිභාර සර් මගෙ අතින් උදුරගෙන පොත කොරිඩෝවට විසික් කරනව වගේ, එයා මගෙ හිත අත් දෙකෙන්ම උදුරගෙන බස් එකේ ජනේලෙන් එලියට විසික් කළා. ඒ හිත තාමත් ඇති එයා බැස්ස තැන. ඔයාල යද්දි එද්දි පොඩ්ඩක් බලන්න ආමර් ස්ට්‍රීට් වල කලර් ලයිට් එක ලග මගෙ හිත යහතින් තියෙනවද කියල.
sAm ශ්‍රී Perera_08:03am_19/02/2013
මම බ්ලූමැන්ඩල් වල කුනුගොඩක් හරියෙ නම් එකක් දැක්කා. උඹේම එකද කියල ශුවර් නෑ. මොකද්ද එන්ජින් නම්බර් එක? චැසි නම්බර් එක නම් ගහල තිබ්බෙ නෑ
ReplyDeleteහයියෝ.. ආමර්ස්ට්‍රිට් ඉදන් ඒක කොහෙමද බං එච්චර දුර ගියේ???
Deleteදැන් ඉතිං හොයලා හමාරයි ! :(
This comment has been removed by the author.
Deleteපරිසරේට ආදරේ කෙල්ලෙක්. විසිකරන්න ඇත්තෙ ඩස්බින් එකකට :P
Deleteලඟට ගිහින් රින්ග් කරල බලන්න. සයිලන්ට් මූඩ් දාලද තිබ්බේ?
Deleteනැහැ මචං මගෙ හිත උපතින්ම වයිබ්‍රේට් විතරයි :)
Deleteලබ් ඩබ් ගාන්නෙ නෑ??? එහෙනං ඉක්මනටම ගිහින් චෙක් කරගං
Delete//ඔයාල යද්දි එද්දි පොඩ්ඩක් බලන්න ආමර් ස්ට්‍රීට් වල කලර් ලයිට් එක ලග මගෙ හිත යහතින් තියෙනවද කියල.//:D:D
ReplyDeleteඅනිවා බලන්නම් සෑමෝ..හික්ස්..ඔහොම යං ඔහොම යං..
අනේ පොඩ්ඩක් හොයල දියල්ලා..
Deleteඑතන තිබ්බනම් මල්ලියේ දෙයියන්ගේ පිහිටයි.. හැම රියැලිටි වැඩසටහනක්ම කරන්නෙ මෙහෙමද දන්නෙ නෑනේ...
ReplyDeleteහැම එකම කෝමද මන්දා.. ඒත් මම ගිය වැඩසටහන නම් එහෙමයි අයියෝ..
Deleteබලමු ඉදිරියට !
'බෞද්ධ සංගමේ රැස්වීමකදී මම බුදුගුණ ගීයක් කියන්නෝනි තැනදි “නුඹ හැඩකාරයි, කටකාරයි, සොකරී යන්න එපා“ කියල මාව ප්‍රධාන ශාලාවෙන් පන්නා දාපු හැටි'
ReplyDeleteදැංනං සමහරවිට එහෙම පන්නන එකක් නෑ.
ආමර් ස්ට්‍රීට් එකේ බෝම්බෙ පුපුරනකොට හිතට මොකක්හරි වෙන්න ඇති.
තැනකට ආවට පස්සෙ මාව එහෙම පන්නන එකක් නැහැ නේද බං ;)
Deleteමේක අපි යුද්දෙ දින්නට පස්සෙ සීන් එකක් නිසා බෝම්බ නැහැ බං
නොම්බරේ කියපන් sms එකක් වත් ගහන්න!
ReplyDeleteඩබල් නෝට් මිඩ්ල් වන් :))
Delete010
බ්ලුමැන්ඩල් වල හිත දාලා ආවේ වෙන දාන්න තැනක් ඇත්තෙම නැතිවද?
ReplyDeleteඑන්න කෝරලේ වලව්ව පැත්තේ ගොඩවදින්න
බ්ලුමැන්ඩල් වලට ගෙනිහින් දාලා බං. නැත්තං ආමර් ස්ට්‍රීට් වැටුන එක එහෙ ගියෙ කෝමද?
Deleteකලර් ලයිට් එක ගාවින් පර පැනලා යන්න ගිය කියන්නේ.
ReplyDeleteඑතැනින් පනින්න පුලුවන් නේද බං ?
Deleteඔය ආමර් ස්ට්‍රීට් එකේ දෙන්නෙක් විතර ඉන්නවා හැමදාම හැන්දෑවට කැරකි කැරකි.ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ගාවද ඔය උඹේ හිත දාලා ගියේ මචං?
ReplyDeleteකවුද අර බුලත් කන ඇන්ටිද??????
Deleteෂෙඩ් එක ගාව ලොජ් එක ඉස්සරහා ඉන්නේ...
අහ්.. තරියාගේ ලොකු සම්භන්ධයක් තියෙනව වගේ.. ඒකිද බං අනුෂ්කා ??
Deleteරියැලිටි ස්ටාර් එකේ රෙදි ගැලවේ ,යන විදියට නෙක්ස්ට් රියැලිටි එකේ මූ අනිවා ජජ් වෙයි වාගේ
ReplyDeleteඕපන් ගන්නම් ස්ටයිල් ....හේ .
හිකිස්.. :)
Deleteජජ් වුනොත් තෑගි නැහැ බං. ගායකයෙක් වෙන්නත් බැහැනේ :)
හරි මචං !
ReplyDeleteමං ආමර් වීදියේ තියෙන උබේ හිත අරගෙන ගිහිං පංචිකාවත්තෙන් අතාරින්නම්.
සයියෝ.. එතැන මලකඩ කකා තියෙයි බං !
Deleteරියැලිටිය නියමෙට ලියල තියනව. කොටස් තුනම අදයි බැලුවෙ. හපෝයි අර බොග සීන් එක නං අන්තිමයි.
ReplyDeleteකතා තුනම එක පාර බලන්න වෙනව තමයි. කොහෙද උබ ගිහින් හිටියෙ !
Deleteඋඹ බොරුනේ කිව්වේ චාජරේ නිසයි ෆෝන් එකට කෙල වුනේ කියලා. මේකයි සීන් එක නේ?.
ReplyDeleteහ්හෑක්..මෙන්න ඩූඩ්ට් අහුවෙලා...!:)))
Deleteශික් බලපං ඉතිං කතන්දර පටලවල කතන්දර හදන කැත !
Deleteඅදත් මම එතනින් ගියා දෙපාරක්ම...
ReplyDeleteඑතකොට අර වඩේකාරයා ෆෝ සේල් කියලා එල්ලන් හිටියේ උඹේ එකද?
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
යකො හිත් පිත් නැති වඩේ කාරයා හිතක් විකුණන්න හදනවද ??
Deleteපට්ට ඈ දැන් තමයි මටත් අර තරඟකරුවන්ගේඅංකය ගැන වැටහීමක් ආවේ හරියටම.
ReplyDeleteඒකනෙ උබල අවබෝධයෙන් නෙවේ බලල තියෙන්නෙ
Deleteඅම්මප බං මාත් ඔය ඉලව්වල 35558 ව්ගේ ඉලක්කම් තියෙන්කොට පුදුමවෙලා බැලුව ...මේ වගේ පිරිසකට..බීම පොල්කට්ට ගානෙ දුන්නත් කොම්පැනිය බංකොලොත්නෙ.
ReplyDeleteහිකිස්.. අපරාදෙ බං නිල පානය ඇල් වතුර කියල දාන්න බැරි වුනානේ
Deleteරියලිටි කෙරුවාවේ රියැලිටිය සෑමා විසින් මෙසේ දිගහරින වගයි..
ReplyDeleteමොකෝ බන් හිත කුණුගොඩකට ගිහින් ?
රියැලටියට ජය වේවා. !
Deleteහිත් අස්සට කුණු ගොඩක් ගෙනෙල්ල දුන්න...
ඒ ඇස් දෙක අමතක කර හිදින්නෙ කෝම..
හිත සිලිකන් එකක්ද ?
ReplyDeleteඇයි බං එහෙම ඇහුවෙ. ඒ හිත හරි ලාමකයි බං
Deleteඉක්මනට කියපන් මොන අංකයටද SMS කරන්න ඕනේ.
ReplyDeleteSSP_ 35558 ට එස් එම් එස් කරපං බං. නැත්තං මගෙ නම්බර් එකට රී ලෝඩ් එකකා දපං
Delete1,2,3 ada kiywa...
ReplyDeletekatawa ...max..a.. ityru tika liypan..
Jayawewa
ඈ......දාමු බලන්න අනිත් ටිකත්.
ReplyDeleteහා හා.. බලන්නම්කෝ.. :)
ReplyDeleteහනේ මන්දා මේවා සෑමෝ. :D
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට ලියමුකො බලන්න.