Monday, September 24, 2012

ඩයලොග් GSM ගැන නෙවේ...



කස්ටිය සෙට් වුණ අතර යන දෙබස් පට්ට ආතල්ය. ඒවා බොහොමයක් මතක හිටින්නේ නැතිය. ඒ වුවද නැවත මතක් වෙන ජාතියේ ඒවා යලි යලිත් එලියට එද්දි උනුන්ගේ රෙදි ගැලවෙන්නේය. මේ එවන් ඩයලොග්ස් බිදකි..

ඌ - බලපං ඉතිං හරියට පාර්ක් කර ගන්න තැනක් නැති වුනාම අපරාදේ පෙට්ට්‍රල් පිච්චෙනවා.. එහාට යනවා හරවනවා. අපිත් ඔහේ කම්පැනි වලින් mileage claim කරනවා...

සෑමා - ඒකනේ බං ගොඩක් වෙලාවට U ටර්න් නොගහා වාහනේ රිවස් කරල පාක් කර ගන්නේ...

ඌ - එතකොට මොකද බං වෙන්නේ..??

සෑමා - ඇයි බං පස්සට යද්දි මීටරේ අනිත් පැත්තට කැරකෙනවනේ..

ඌ - සද්ද නැත....

විනාඩි 10කට පමණ පසු ඌ හඩ අවදි කළේය...

ඌ - බොරු කියන්න එපා බං එහෙම අනිත් පැත්තට කැරකෙන්නෙ නැහැ.

සෑමා - උබ මාරයිනේ.. මෙච්චර වෙලා ඕක කල්පනා කළාද?

දැන් නම් වාහනය රිවස් කරද්දීද අපට මතක් වෙන්නේ ‘ඌ‘වය.

*************************


මෙය දහම් පාසල් කාලයේ වූවක්ය. ඉස්සර ගියර් 21, ෂිමානෝ මවුන්ටනයක් සෑමා සතු වුවේය. එයට නැග ගත් පසු සෑමා තරම් පොරක් නෙවේමය. එසේම අපේ එක එකාට එක එක ජාතියේ බයිසිකල් කටු වීය. ඒ අතරින් අපේ චතුවා සතු වූ ගියර් 18 මවුන්ටන්ය සිරාය. ඒ කාලේ කස්ටිය ඩබල් දාගෙන බයිසිකල් වල නැගි පන්සල් ගතව ශිෂ්‍යනායකයන්ට පැවරෙන බාහිර කටයුතු වලට සහභාගි වන්නේය. මේ එවන් වැඩකට යන අතරතුරය.

“මොකක්ද බං මම පදින්නම්, උඹ එද්දිත් පැදගෙන ආවනේ..“ මාලිංගයාට සද්ද දැම්මේ අපේ සාලිකය.

“අනේ පලයං යන්න මම පදින්නේ උබ ඉදගනින් ඉස්සරහින්..“ මාලිංග ආයෙත් සද්දය.

“මොන මගුලක්ද බං.. පදින එකනේ අමාරු.. මම පදින්නම්.. උබ ඉස්සරහ ඉදගනින් පු# නොදී..“ මාලිංගට පැහැදිලිව කීවේය.

“ඒ වුනාට.. උබ නම් කියයි.. මමනෙ දන්නෙ පොල්ලෙ යන්න තියෙන අමාරුව.....“

එදා පටන් මාලිංගයාට පොල්ලේ යන්න කොච්චර අමාරු වුනේදැයි කස්ටිය අසන්නේය.

*************************

“හෑන්ඩ් ෆෝන් එක කලිසම් සාක්කුවේ දාගෙන සීට් බෙල්ට් එක දැම්මම හරි වදේ බං..“

“අපෝ ඔව් බං.. ඩ්‍රයිව් කරනකොට හදිස්සියෙ කෝල් එකක් ආවෙත් ගන්න ගියාම පු* ඉරෙනවා...“

“මම නම් උඩ සාක්කුවේ මයි බං ෆෝන් එක දාගන්නේ.. කිසි වදයක් නැහැ...“

“මේ ඉංග්‍රිසි නම්බර් තියෙන වාහන වල තමා බං අවුල.. නැත්තං අනිත් ඒවට සීට් බෙල්ට් චෙක් කරන්නෙ නැහැනේ..“

“අඩෝ ඒකත් එහෙමද බං.. සිංහල නම්බර් තියෙන වාහන වලට සීට් බෙල්ට් නීතිය නැද්ද??“

සිංහල නම්බරයක් තියෙන සෑමා දන්නා එකම වාහනය බක්කි කරත්තයය.

තවත් ආතල් දෙබස් සමග නව ලේබලය යටතේ හමුවෙමු...

ජය !

Written by sAm_1:19_23/09/2012

53 comments:

  1. Replies
    1. රාජ් මහත්තයත් මෙහෙම ලිපි දැම්ම මට මතක විදිහට !

      Delete
  2. නියමයි.. අපි නම් ඔහොම ඒවට කියන්නෙ විදිනව කියල

    ReplyDelete
    Replies
    1. එකෙන්ම ඇත්ත බණ්ඩයියේ !

      Delete
  3. හැබෑටම රිවස් කලාම මීටරේට මොකද වෙන්නේ ?

    ReplyDelete
  4. හි හි... තවත් බ්ලේඩ් තල කතාවක් වගේ තමා... මරු...

    ReplyDelete
  5. හිකිස්..!
    මවුන්ටන් වල පොල්ලෙ යනව් කියන්නෙ..අපාය තමයි කොහොමටත්...!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බං.. ඒ මදිවට මගෙ බයික් එකේ බ්‍රේක් කේබල් එක යවල තිබ්බෙ ඔය පොල්ල උඩින්.. කවුරු හරි ඉදගත්තොත් බ්‍රේක් ගැහෙන් නැහැ..

      උබ දැකල ඇති ඒ මොඩලය !

      Delete
  6. මේ වගේ ඩයලොග් නම් කොච්චර කියෙව්වත් ඇති වෙන්නෑ..හරි ෂෝක්..

    ReplyDelete
    Replies
    1. දාන්න බැරි ඒව කොච්චරද?? ඒවා මීට වඩා රස නේද ?

      Delete
  7. හි ... හි .... ආතල් ඩයලොග්. මෙතන ලියන්න බැරි ඒව නම් වැඩිපුර ඇති මයෙ හිතේ. :)

    ReplyDelete
    Replies
    1. මම උඩින් දැම්ම මචං රූ, ට රිප්ලයි එකක්.. ඇත්තට ලියන්න බැරිවා බොහෝය..

      Delete
  8. //“මම නම් උඩ සාක්කුවේ මයි බං ෆෝන් එක දාගන්නේ.. කිසි වදයක් නැහැ...“//
    මේක නම් හොඳ අදහසක් මම අහලා තියන හැටියට...:D

    ReplyDelete
    Replies
    1. ඒත් ගෑල්ලමයින්ට උඩ තාක්කු ලෑලේ..

      පෝං එක තංගල්ලෙ බැංකුවෙ තියන්න වෙයි.. :)

      Delete
  9. මොකක්ද බං නව ලේබලය... බ්ලැක් ලේබල් ද...?

    ReplyDelete
  10. අප්පට සිරි ..කුජීතයි ..ඈ

    ReplyDelete
  11. හයියෝ සල්ලි :ඩී

    ReplyDelete
    Replies
    1. පාඩුවක් නැහැ හැබැයි !

      Delete
  12. හිටපු ගමන් කොයිල් යන වැඩ ඉතිං කාටත් වෙනවනෙ. :D

    ReplyDelete
  13. ඒක නම් සහතික ඇත්ත. කට්ටිය සෙට් වූ විට රස ගඟුලකි.. එහෙත් පසුව මඩ නෑමකි..
    ඉල්ලන් පු #* ටින් කිරි ගා ගත්තා වැනිය
    නියම කතා ටික

    ReplyDelete
    Replies
    1. තුති !

      පස්සෙ මතක් වෙනකොට තමා බං රෙදි නැත්තේ !

      Delete
  14. හිකිස්‌!!!හයියු.... :ඩී

    ReplyDelete
  15. ඇයි සැමෝ ශ්‍රී වලින් නම්බර් ප්ලේට් තියෙන්නෙ

    හැබැයි ඉතින් එවයෙත් තියෙනේ හින්දු අරාබි ඉලක්කම්...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං උබත් උගෙ පැත්තට කතාව.. :)

      Delete
  16. ගියර් 21 ෂිමානෝ එකක් මටද තිබේ....අපොස සාපෙ සමත් වූ ප්‍රීතියට අම්මා ඒ සදහා අනුග්‍ර‍හය දැක්වූවාය.. අප ඒ දිනවල වෙසක් සිරි නරඹන්නට සෑහෙන දුරක් පාපැදි වලින් ගියෙමු... අද මෙන් සිරා හට අතීතයේද රථ ගාය සහිත උන්ගෙන් අඩුවක් නොවීය.

    ReplyDelete
    Replies
    1. ඒකාලේ වෙසක් බලන්න යන්නේ බුදුගේමක් දිල බං. බයික්කලේ යන්න දෙන්නෙ නැහැනේ..


      මට මතකයි මම වැඩ දාලා සීට් එකේ ඉදගෙනම කදු පාගනවා.. ගියර් නිසා..

      Delete
  17. මම දවසක් එකෙක්ට කිව්වා රෑට වාහනේ යද්දී පෙට්‍රල් පිච්චෙනවා අඩුයි කියලා ඌ ගිහින් උන්ගේ අයියගෙන් අහලා ඒක ඇත්තද කියලා.

    සිංහල නම්බර්ස් තියෙන්නේ බන් වාහනවල ශ්‍රී වලින් පටන් ගන්න?

    ReplyDelete
  18. ආතල් කතා සෙට් එකය
    අලුත් ලේබලයට ජය!!

    ReplyDelete
  19. // ඇයි බං පස්සට යද්දි මීටරේ අනිත් පැත්තට කැරකෙනවනේ.. //
    හේ හේ නියමයි.

    ReplyDelete
  20. එල එල
    ඔහොම කතාවක් අපේ එකෙකුත් කිව්වා ඒ කාලේ

    කඩේකට බීම බොන්ට ගිහින්. ඌ ටිකක් ඈත පලාතක එකෙක්.

    ඒක එකා බීම ඉල්ලුවා. ක්‍රීම් සෝඩා නෙක්ටෝ ස්ප්‍රයිට්.

    අරූ එක පාරමට මට හතප් එකක් කිව්වා. මොනවද බොලේ මේ හතප්

    හී හී 7up බෝතලයක් පෙන්නුවා...

    ReplyDelete
  21. හික්ස් , පට්ට ලේබෙලේ අය්සේ ;ඩ
    දිගටම ලියමු

    ReplyDelete
  22. හික් හික් හික් :p ටියුබ් ලයිට් පිට අන්තර්ජාලෙ සැරිසරද්දි දැකපු ගමන් මේකට රිංගුව.ආතල් ලෝකයයි නෙව :D

    ReplyDelete
  23. රිවස් කරද්දී සිරාවට මීටරේට මොකද බං වෙන්නේ ? :D :D

    ReplyDelete
    Replies
    1. ඕ කනම් මටත් තියන ප්‍රශ්ණයක්

      Delete
  24. සියල්ලෙහිම සෑමා පොර වී තිබීම සැකයට බදුන් කල යුතු කාරණයක් නෙවේද??????
    සෑමාගේ බ්ලොග කියවන්නෙනි..
    මේ ඔබලාගේ අවධානය පිණිසයි...!!!!!!!

    ReplyDelete
  25. මගෙත් මේ වගේ පොඩි පොඩි කතා ටිකක් තියෙනවා ලංකාවට ගියපු වෙලා සිදු වීම්..

    ReplyDelete
  26. එළ..උඹගේ සෙට් එක නං මරු ඈ...

    ReplyDelete
  27. හික්..හික් :D :D

    ReplyDelete
  28. ටියුබ් ලයිට් කතා ;)
    යකෝ මීටරේ අනිත් පැත්තට යන්නේ නෑ කියල ඌට මීටර් වෙන්න විනාඩි 10ක් ගියද?;/

    ReplyDelete
  29. 18 ට වැඩි ඒවා ටික වෙනම දානවද ඈ??? ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...