Friday, September 28, 2012

මේජර මාලකය....



පෙර එක් කලෙක නුවරක
මිහිදු රජු කාලෙක
සිදුවුණු ස්ටෝරිය
අසන් මහතුනි කන් අගුළු ඇර

පුර සෙන්පතිය මේජර
හෝටල් ගත වුනේ නිතරම
ඌ හරිම වැරදිය
නොකල්හි වීදි බැසුමය

මේ අතර දුටු-ගැමුණුය
ඔහු ගේ පුතු මාලකය
ගතවූයේ හෝටල
රජ පුත් සැප ගත් යුතුමය

සෙන්පති ඇමති කේ-ලිය
ඔහුගේ පුතුද සමගින
මාලකය මිතුරුය
මේ කුලක මේලය
සමග සැරසුණි හෝටලය

මාලක දුම් නොබී
ගින්දර ඉල්ලුවෙත් නැතී
මේජරය වැරදී
බලෙන් දෙන්නට ගියේ ලයිටරේ

නිකොටින් හොද නැතිය
දරුවන් වැනසේමය
මේජරය වැරදිය
පහර දිය යුතුමය

පහර කෑ මේජර
දැම්මා නේද ඇන්ට්‍රිය
දුන්නෙ කට උත්තරය
කවුරුත් ගැහුවෙ නැහැ මට

කොන්දක් නැති එකා
මේජර වූයෙ අප්පා
දැන් පොර නරකයා
වූයේ ඌ මහ **නයා

වැඩි අධ්‍යාපන කියා
මාලකය රට ගියා
මේජරය නඩු කකා
විදී සැප ඒ *කා

ලෝ හොදම හමුදා
ඉන්නවා යැයි කියනා
පුරවරය වනසනා
මෙවන් මේජර උතුමා
එලවා දැමිය යුතුමා

Written by sAm_7:15pm_29/09/2012

88 comments:

  1. සෑමෝ වෙලාව පොඩ්ඩක් බලාගනින් ...:P

    ReplyDelete
  2. පහුගිය කාලේ ඔය (ආ )මනුස්සයා ගැන කියවාපු..අහපු දේ වලට ඇඟේ ලේ කෝප වෙලා තියෙනවා මදිවට සැමාත් මෙතන ඒක ගැන ලියන්න අරන්නෙ... :P

    අර මේජර් කාරයා ගැන කියන්න වචන නැත

    ReplyDelete
    Replies
    1. මේජර ගැන එක වචනෙන් කියන්න පුලුවං මට. කැපිටල් ‘පී‘ අකුරෙන් !

      Delete
  3. කෙහෙළියගේ පුතා නෙමෙයි බන් උඹට අපහාස නඩු දායි. හිටපු දියවඩන නිළමේ නිශ්ශංක විජේරත්න සොයුරු, එජාපයෙන් ලොක්කගේ අත් සවිමත් කරන්න ගිය මියගිය මනෝ විජේරත්නගේ පුතා රෙහාන්.....

    ReplyDelete
    Replies
    1. කෙලියගෙ පුතත් ඔය සෙට් එකේම තමයි සෑර්.
      මේක එල කවි සැට් එක.
      අර poetic license කියල එකක් තියෙන්නෙ මේවට තමයි!

      Delete
    2. ඒ උනාට ඌ මේකට සම්බන්ධයක් නෑනේ. ඒක අසාදාරනයි..

      Delete
    3. මේකට සම්බන්ධ නැත... :(

      අපරාදෙ.. ඌටත් සෙට් වෙන්න තිබ්බේ..

      Delete
  4. මේ ලියන සෑමා.....
    කැලණියේ සිරි බැලුමට තොසා
    සුදු වෑන් රථයක තොසිනා
    යාමට සැරසෙනු හනිකා......

    ReplyDelete
    Replies
    1. වෑන් නම් සුදුමය
      හිත් නම් නොසුදුසුමය
      උන් හිත් කැතමය
      මේව පාලක දත යුතුමය

      Delete
  5. මාලක නම් අමනයා
    කරනා පර වැඩ තකා
    සිටිනා උගේ මහ එකා
    මාලකයා සමගිනා
    මරා දමතොත්
    වේමෑ නිවනා

    ReplyDelete
  6. නඩු තියෙද්දිත් අධ්‍යාපනය ලබන්න එතුමන්ල රටගියේ. බලන්න පිංවතුනි අධ්‍යාපනයේ වටිනකම දන්න අම්මල තාත්තල. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිව්වෙ නිකංද පින්වතුනි, සාධු කියන්න.

    ReplyDelete
    Replies
    1. සාධු සාධු සාාාාාාාාාාාාාාාාා දුප්.. !

      Delete
  7. උඹ නං ලියයි සෑමෝ
    මම නං දනියි මේවෝ
    අනේ මගේ දරුවෝ
    රකිත්වා උඩ දෙයියෝ

    තොපි මට මගුල් ලීවත්
    පල නැතිය මං ගූ කෑවත්
    මගේ උන් මට වැදගත්
    ඒකයි කන්නේ නඩුබත්..

    ReplyDelete
    Replies
    1. අප නම් කැලනියේ
      විභීෂණ සරණේ
      ආචාර්යය සෙවනේ
      නිතින් සැනසෙමු දහම් සරණේ !

      Delete
  8. මේජරයා දැන් බොරු කියන්නත් ..සාධාරණ හේතුවක් ඇති මචංලා... ඕනෑ එකෙක් ජිවිතේට ආසයි නෙවෑ...

    උබේ පද වැල් ටිකනම් පට්ට...

    ReplyDelete
    Replies
    1. යකෝ මැරුවත් ඇත්ත කියන්නෝනි.. මැරුව කියල උන්මයි චාටර් වෙන්න වෙන්නේ...

      ස්තුති චමියා !

      Delete
    2. ඒකත් ඇත්ත තමයි..... මැරවින් කියන්නේ අමුතුම තාලේ මනුස්පයෙක් හින්දා මේජරයා බය වෙන්න ඇති ..

      Delete
  9. මං ගිහින් මටම බැනලා කමෙන්ට් කර ගන්නවා බං... මොන මගුලක්ද මේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බැන ගන්නවෙලා ගහක ගැට ගැහියං රජෝ..

      ජය !

      Delete
  10. කවි ටික ලස්සනයි...ප්‍රස්තුතය ජුගුබ්සාජනකයි..

    ReplyDelete
  11. මොකක් ගැනද මේ .... මට මතක නෑනේ ...

    ReplyDelete
  12. මට මුකුත් මතක නෑ කියලා මේජර කියයිද මන්දා...
    රටකට ගිය කලක් !

    ReplyDelete
    Replies
    1. ගැහුවෙ නැහැලු ! අමතක වීමක් නැහැ බං !

      Delete
    2. මේජර් මෙජර්ටම ගහගෙනලු නේද...පව්

      Delete
    3. ඒක හරි .. වෙන්න පුලුවන්...

      Delete
  13. ඇත්ත කථාව..උඹ ඉන්නෙත් නරක ඉසව්වක...පරෙස්සමෙන් මචෝ....

    ReplyDelete
  14. රෑට ගෙදර නිදාගන්න එපෝ..!
    කවි ටික මසුරං ඕයි...!!

    ReplyDelete
    Replies
    1. බයට නින්ද යන එකකුත් නැහැ බං !

      Delete
  15. සෑමා ඉතිහාසෙ දන්නෑ...
    හූ ඈ...
    දුටුගැමුනුගේ පුතා සාලිය කියලා වර්ගපූර්ණිකාවෙත් කියලා තිබ්බා..
    සෑමා විතරක් කියනවා මාලකලු...

    ReplyDelete
    Replies
    1. මගුලයි අලුත් ඉතිහාස පොත මම බලල තීන්නේ...

      Delete
    2. ආ ඌ දැන් දුටු ගැමුණුවත් භක්ෂනය කරන්ඩ පටන් අරන්ද ?

      රාවණාව කාලා ඇතිවෙලා වෙන්ඩෑ..

      Delete
  16. සෑමෝ ඔන්න උබත් කියන්න එපා මම පෝස්ට් එකක් දැම්මේ නෑ කියලා...

    ජය වේවා බං..!!

    ReplyDelete
  17. සෑමා මේ මොකාට ලෑස්ති වෙනවද මංදා....පරිස්සමින් සෑමෝ සුදු වෑන් එහෙම එන්න ඉඩ තියෙනවා

    ReplyDelete
    Replies
    1. සෑමා සුදු වෑන් එකක නිදාගෙන යන්න ආසයි කිව්වා.. ඒකටලු ඔය සැරසෙන්නේ ..

      Delete
    2. මොකැ සූදූ.. වෑන් ?

      Delete
  18. හෙට පත්තරේ හෙඩිම
    සෑමා අතුරුදන්....

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් සැමාව හොයාපල්ලා...

      Delete
  19. ජීවිතේට ආසා
    නැති නිසා සෑමා
    කීවා කවි ගොතා
    අපිනං බැලුවෙ නෑ ඒවා

    ReplyDelete
    Replies
    1. මම කවි
      ලීවා කීවා
      බොරු මේවා
      මට මතක නැතිවා

      Delete
  20. ලියන්නට ආපු දේ මතක නෑනේ ඔය ටිකට... මාර සීන් එක :(

    ReplyDelete
    Replies
    1. අම්මේ..අමතක වීම පිනක් බං ..

      Delete
  21. බ්ලොග් කියන්නේ මොන වගෙ දේකටද...
    නෙට් කියන්නෙ මදුරුවන්ට දාන එව්වා නොවෙද...
    ආවත් සුදු වෑන් වලින් මං ගෙනියන්නේ කොහෙද...
    මං දැන් ගස් බැඳගෙනය උතුමනි ඇමති සඳ....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සුපිරි.. ජය සහෝ..

      Delete
  22. අර කොහේද හිටිය ජංගි හොරාව අල්ලපු වෙලාවේ පොලෝසියේ ඇත්තෝ ඉස්සල්ලම කො‍රැවුවේ උන්දැට විදේශ ගතවෙන්න බැරිවෙන්න උසාවියෙන් තහනම් නියෝගයක් ගත්ත එක. මේකලාට එහෙම කොරන්න බැරි වෙන්න ඇත්තේ ආශ්චර්යේ නිසාවෙන්න ඇති නේද බොලල්ලා..?

    ReplyDelete
    Replies
    1. සාධු කියමු.. රාජ් කිව්ව වගේ.. :)

      Delete
  23. උතුම් ඒ මාලක පුතා
    ඇමති පුටුවට හොඳයි කියනා
    අධ්‍යාපනේ නැති කරනා
    උන්ව අල්ලා පයින් ගහනා

    ReplyDelete
    Replies
    1. පුත් මාලක
      මින් මතු භවයෙකෙ
      ඇමති පුත් නොව වී
      උපන්නට පෙරුම් පුරවී

      -30/09/12 ඉරිදා ලංකාදීප-

      Delete
  24. උඹව ගස් බඳියි අන්තිමට උඹට කියන්න වෙන්නෙත් මමමයි බැඳගත්තේ කියලා.

    ReplyDelete
    Replies
    1. මම ලිව්වෙ නැහැ මේක.. ලියෙව්වා කවුද.. මාව හැක් කරලා !

      Delete
  25. කතාවෙන්නත් දෙවල් තියෙන්න එපැයි

    ReplyDelete
    Replies
    1. ප්‍රෙඩී සිල්වාගෙ අඩුව පුරවන්ට !

      Delete
  26. මේකත් අර යුද්ධයේදී තාවකාලිකව පහු බහිනවා වගේ වැඩක්ද දන්නේ නෑ?

    ReplyDelete
    Replies
    1. ආරක්ෂිත පසුබැස්මක් !

      Delete
  27. විඳි සැප ඒ පකා ද??:-/
    ඒ වචනේ හොඳ වැඩියි වගේ බන්!

    ReplyDelete
    Replies
    1. අපොයි මසුරන්... මීට නරක ඒව නැද්ද බං!

      Delete
  28. බොහොම අගෙයි...පංකාදු කවි ඩිංග

    ReplyDelete
  29. මේජර් ට ඉහලින් සේනාධිනායක නියොගයක් ආවද දන්නේ නැහැනේ, එ නිසා තමන් ගෙ පවුලේ අයයි තමන්ගෙ ජිවිත ‍රැකුමටයි එහෙම කියන්න ඇති, අපි මොනව කිව්වත් අන්තිමට එ මනුස්සයාට මොනව හරි වුනොත් අනාථ වෙන්නේ පවුලේ අය විතරයි.... එ නිසා ඒ යාගෙ පැත්තෙනුත් සාදාරණයි.... සත්‍ය රබර් බෝලයක් වගෙ කවදා හරි එලියට එයි, මේක කාලය විසඳයි....:)

    ReplyDelete
    Replies
    1. මැරෙන්න බයේ මේජරයෙක් ඇත්ත වෙනස් කරනවා??? කෙල්ලෙක් ආදරේ දෙන්න බැහැ කිව්වම බෝම්බ පුපුරගන්නවා මේජරයෙක්??? මේව ලැජ්ජ නැති වැඩ...

      කාටවත් බයේ ඇත්ත වෙනස් නොකර මැරෙනවා හොදයි.. එහෙම මලත් ඉන්න උන් දන්නවා කවුද ඒව කලේ කියලා.. ජීවත තර්ජන ආවෙ කාගෙන්ද කියලත්..

      මේජර් පට්ටමටත් ලැජ්ජයි !

      Delete
    2. සත්‍යය රබර් බෝලයක් වගේ කවදා හරි එලියට එයි?? පස්සේ ආවා කියල කාටද වැඩක් තියෙන්නේ??

      Delete
  30. ආදර්ශමත් පියෙක් හැටියට මර්ව්න් තුමා කියවිය යුතුම පැදි පෙළකි

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තල වරදට දඩුවම් කරනවා.. :(

      අනේ මන්ද කවද හැදෙයිද අපේ දෙමව්පියෝ !

      Delete
  31. උඹ කියන්නේ අනාගත අධ්‍යාපන ඇමතිතුමා ඇමෙරිකාවේ ගිහින් ඩොක්ටරේට් එක කරන්න නාකයි කියලද?

    ReplyDelete
    Replies
    1. අඩේ.. අපි මනාපයි.. පිය අඩිපාරට වඩා උඩින් යාම පට්ටයි.. පට්ට පට පටයි..!

      Delete
  32. මහජනයාගේ අවධානය දැවෙන ප්‍රශ්න වලින් ගලවා ගන්න කියාපු බෙහෙත..

    ReplyDelete
    Replies
    1. විහිළු නාට්ටි.. 20/20 මැච් එහෙම ගැලපෙනවා මේ අතර තුර.. :)

      Delete
  33. මේ සිද්ධිය ගැන මම මුණු පොතේ ලිව්ව කවිය මෙතන ඔබන්නම්.. තරහා නෑ නේ???

    දුරු කතරක වැලි කතරේ වෙසෙන මම
    කුබුස් රොටි සමගින් මස් බුදින මම
    ලක් මෑණිය නිති සිහිනෙන් දකින මම
    මොනවා හිතන්නද මේ වෙන දේ දැක්කම

    ReplyDelete
    Replies
    1. අහවල් ලබ්බට තරහ වෙනවද බං ?

      නියම කවිය.. රට ගැන හිතෙන එක වටී මට.. :)

      Delete
  34. අදමයි ආවේ මේ පැත්තට...හපොයි...අය්යණ්ඩියෙ පරිස්සමින් ඈ..අන්තිමට කියන්න වෙයි ඔයාම ඔයාව කිඩ්නැප් කොර ගත්තා කියලා.. :(

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      ස්තුති නැවත එන්න !

      Delete
  35. හෙහ්.. නියමයි සෑමා.. මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා නේද බං.. කලින් කිවුව එක අමතක වෙලා වෙන එවුවා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. මාර සීන් එක බං..ලංකාවෙ විතරයි...

      Delete
  36. මේ හුඟාක් කාලෙකට කලින් වෙච්ච දෙයක්ද බං.... මට මුකුත් මතක නෑ

    ReplyDelete
  37. සෑම් ..හික්.හික් මරු මරු
    හැබැයි පලිස්සමින් හොදෙ ගෝනිබිල්ලො එයි

    ReplyDelete
  38. පට්ටය හොඳය... අපේ අම්ම මට කියන එකමයි කියන්න තියෙන්නෙ... කට පරිස්සමෙන් සැමෝ... සැමන් ටින් එක චප්ප කොළා වගේ වෙයි... :D

    ReplyDelete
  39. සැමා අයියා ලියයි..:)

    ReplyDelete
  40. පස්ටයි... ඔන්න කෙටියෙන්ම කිව්වා...

    ReplyDelete
  41. කවද්ද සැමෝ මෙහෙම දෙයක් උනේ.. මට මතක නැනේ.. අර මම ලකාවේ උන්නේ නැති කාලේද මේක උනේ

    ReplyDelete
  42. ඕවා ඔක්කොම වෙන්නේ කම්පනය නිසානේ බං... "කම්පනේ"

    ReplyDelete
  43. මෙජරයට පිස්සු.. පොල්ලක් අරගෙන ඔලුවට ගහගෙන. මැස්සේ මාරු විකාරයෙන් අහින්සකයෝන්ගේ නම් ගාවල පොලිසි යනවා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...