Monday, September 17, 2012

මම තාම කබ්බෙක්....


අනගාරික ධර්මපාලතුමා (උපත: 1864 සැප්තැම්බර් 17 විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයය. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහුය. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​.

ඒ 1864 සැප්තැම්බර් 17 වෙනිදා සිදුවූ උපතක් ගැනය.

මේ 2011 සැපැතැම්බර් 17 සිදුවූ තවත් උපතක් ගැනය.
මැද සිටින්නේ සෑමා නම් නොවැටෙන්නට නොදී දෙපැත්තෙන් අල්ලා සිටින්නේ ඔබලාය
කලින් පෝස්ටුවේ අගින් සෑමා තම පළමු පෝස්ටුවේ ලිංකුවක් එල්ලුවේය. ඒ මුල මතක් කර දීමටය. සෑමාට තමන්ගේ පළමු ලිපිය කියවද්දි පවා, දැන් ලියන ලිපියක හා පළමු ලිපිය අතර වෙනසක් දැනෙන්නේය. එය කියවු සැමට එය දැනෙනවා නොඅනුමානය. එය අත්දැකීම් හා කාලය සමග සිදුවන්නක්ය. එය කාට කාටත් පොදුය.

සෑමා බ්ලොග් ලොව තවමත් කබ්බෙකු ලෙස සිටින්නේ නිතර නිතර පැමිණ සෑමාට ශක්තියක් වන සියළු දෙනා නිසාමය. නම් වශයෙන් කීම පෝස්ටුව තවත් දිගු වීමක් වන අතර ඒ නිසා සෑමා පොදුවේ සියල්ලෝටම ස්තුති පුද කරන්නේය. සෑමා වසරක් බ්ලොග් ලොව ජීවත් වුයේ, හුස්ම හෙලුයේ සෑමාව “ලිවීමේ වරදට“ පෙලඹවූ ඔබමය.

වසරක ගමනාගමනය අතර සුන්දර නිර්මාණ බිහිවුයේ පෝස්ටු අතර සැරි සැරූ පාඨක ඔබ නිසාමය. 

අතීත මතක, ලේබලය යටතේ ලිවීමට ඇරඹුනු කතන්දර, කැත හිත් වලට ලියවෙන ලස්සන කවි දක්වා දිව ගියේය. ඒ ලේබලය යටතේ සෑමා දැහැමි සිත් නොමග යවනවා යැයි කතන්දර හැදෙද්දී සෑමා කපටි වූයේය. වෙසක් හා පොසොන් මාස වලදී, සෑමා වෙසක් කලාපයක් සහ පොසොන් කලාපයක් නිකුත් කලේ ගෑවුනු මඩ සෝදා ගැනීමට නොව සමාජ සත්කාරයක් කිරීමටය. නැහැදිච්ච අප වැනි බ්ලොග් කරුවන්ට සිල් රෙදි ඇන්දවීමටය. ඒ අතර ආදරය නොමැතිව වියලී ගිය තරුණ සිත් පොලොවට සෑමා ජල සම්පාදන අංශයේ ක්ලෝරින් ටැප් එකක් විවර කලේය. සිතු කුසු ආදර අන්දරයෙන් ඔද වැඩී ගියේ ඒ තරුණ හදවත්ය. ඒ අතර සෑමා අසම්මත පෙමක් වැලහින්නක් සහ මිනිසෙකු අතර සිදු වූ ආදර අන්දරයක් ‘වැලහින්නකට පෙම් බැදිමි‘ අකුරු කලේය. ඒ අතර රටේ බලවත් උදවියට ලිපි ලිවීමේ හා සුදු වෑන් දුටු විට හැංගීමේ ආසාව තිබූ පොඩි සෑමා කරලියට පැමිණියේය. මලින්ද මාමාට කුජීතව ආදරේ කරන, සෑමා පොඩි සෑමාගේ ලිපි නිකුත් කලේය. ඒ අතර මෑතකදී සෑමා පෙම් හබ යටතේ මල කෙලියේ ලියවුනු පෝස්ටු දැම්මේය. සියල්ල එසේ සිදුවද්දී ජෙනරාල් මාමාගේ තරගයකට ලියු ලිපියකින් සෑමා තිළිණයකින් පිදුම් ලැබුවේය.

උක්ත කාරණා සියල්ට මුල පිරුවේ සෑමාගේ පාඨකයන් ලබා දුන් දිරිය ශක්තිය බැව් කිව යුතුමය. පෝස්ටුවක් සයිබර් ගත කොට නික්ම යන සෑමා පැත්තක සිටියදී පාඨක මිතුරෝ මෙහි පැමිණ කියෙව්වෝය. කමෙන්ට් දැම්මෝය.

ඒවායේ අස්වැන්න මෙසේය. සියල්ල වැපුරුවේ පාඨකයෝය. දහඩිය පාඨකයන්ගේය. අස්වැන්නද ඔවුන්ගේමය.

කාලය - වසරයි
අදට හිට්ස් - 177,847
සියළු පෝස්ට් - 164

වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය. :)

මේ සියල්ල අතරතුර බොහෝ බ්ලොග් මිතුරෝ නවක බ්ලොග්කරුවන්ට අනුගමනය කිරීමට වටිනා පෝස්ටු ලිව්වෝය. ඒවා කියවා කරලියට ආ තවත් බ්ලොග්කරුවන් දැන් සිටින්නේය. එසේ තිබියදී තවමත් කබ්බෙක් වන සෑමා ‘පරිනත බ්ලොග් කරුවන්ට‘ කියන්නේ මෙහෙමය.

“හැමදාම එකමදේ එකම විදිහට වෙද්දි එපා වෙනවාය. සෑමා කළත් කවුරු කළත් එය එසේමය. හැම දාම එකම විදිහට කරන නිසා අපේ ගෙදර හිටි බැලලි ද, තමන් සෙට් වෙලා සිටි කළු බළලා අතැර, එහා ගෙදර බලල් තඩියා සමග සෙට් වුනා සෑමාට මතකය. ඒ නිසාම තමා කෙතරම් පරිනත වුවත් වෙනසක් තිබිය යුතුමය. නැතිනම් පාඨකයෝ වෙනසක් සොයා යනු නිසැකය. සෑමාද ට්‍රයි කරන්නේ වෙනසකටය. අළුත් අළුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී කියා අසා ඇත්තෝ බොහෝය. එය ක්‍රියාවට නැංවීම අගනේය.“

පුරා වසරක් සෑමාට ශක්තියක් වූ සැමට උත්තමාචාරය.

150 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. චිරාත් කාලකයට සුභ පැතුම් :)

      Delete
    2. බොටත් එසේම වේවා හසියා !

      Delete
  2. "වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය."
    මගුල.. මං අවු 4 ක් තිස්සෙ ලියනවා.. තාම හිට්ස් 70000 ගානයි.. :D :D
    හිට්ස්නම් බලන්න එපා සැමෝ!
    දිගටම ලියන්ඩ!
    සුභ ජය ඔක්කොම වේවා!! :D

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා බං.. අවුරුදු හතරට උබ හම්බකරපු රසිකයෝ ගාන ගැන හිතපං.

      මට ලියන අස්සේ හිට්ස් බැලෙනවනේ බනියෝ.. මොනව වුනත්, හිට්ස් කමෙන්ට් කියන්නේ අපිට හම්බෙන ප්‍රතිචාර නොවැ.. ඒව ලැබෙන්න ලැබෙන්න දිරිමත් වෙනවනේ :))

      බොටත් ජයම වේවා.. !

      Delete
    2. සෑම්ට සුභ පැතුම්... ඔය කරං ගියා වගේම දිගටම කරගෙන යමු... විවිධත්වය කියන දේ අවශ්‍යයි කියන එක මාත් පිළිගන්න කාරණාවක්...




      //"වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය."
      මගුල.. මං අවු 4 ක් තිස්සෙ ලියනවා.. තාම හිට්ස් 70000 ගානයි.. :D :D
      හිට්ස්නම් බලන්න එපා සැමෝ!//

      බනියා කියපු ටිකම තමා කියන්න තියෙන්නේ මටත්...

      @බනී...

      උඹේ හිටිස් ගානට වඩා උඹව මේ බොලොක්ක අවකාසේ කී දෙනෙක් දන්නවද කියන එකයි.. උඹ ඒ කී දෙනෙක් එක්ක එදා ඉඳන් අද වෙනකල් හොඳින් ඉන්නවද කියන එකයි මටනං වැදගත්ම දේ... මොන තරං මඩ ගැහුවත් ආතල් එකට වලි දාගත්තත් උඹ වගේ වටින කොල්ලෙක් අහු වෙන්නේ එහෙමත් වෙලාවකට විතරයි...

      Delete
    3. ස්තුති මාරයියේ.. බොට මට අපි සැමට ජය :)

      Delete
  3. උණුසුම් සුබ පැතුම් සෑම් අයියා !! ජයෙන් ජය!

    ReplyDelete
  4. සෑමයියේ...
    හිට්ස් 25000ක් විතර ගන්න බැරිද හදිස්සියකට ඈ...
    අවුරුද්දෙ ඇනිවසරියට මගේ සුභ පැතුං ඈ...
    මා පැමිනි මුල් කාලයේ සෑමාගේ උදව් පදව් මේ අවස්ථාවේ මතක් වෙනෝ...
    එවුවා අපේ හිත් වලට හොදට වදී....
    ඇත්තටම කොච්චර ස්තූති කලත් මදී...
    ජයවේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං බොට target කවර් කරන්නද 25ක් මදි??

      මට මතකයි එදා..
      ජුන්ඩයියන්ට බැට දිදි..
      අපිව ආරක්ෂා කළා රැදී..
      එවුවා අපේ හිත් වලට හොදට වදී....
      ඇත්තටම කොච්චර ස්තූති කලත් මදී...
      එහෙනම් අපි බොමු රස මිදී..

      :))

      කවුද බෝයි දෙබසක් නේද බං හිකිස්..

      ජයම වේවා !!

      Delete
  5. පළවෙනි බ්ලොගැවනිවසරි එකට සුභ පැතුම්!!! ජය!!

    ReplyDelete
  6. සුබ අනාගතයක්....!!!

    ReplyDelete
    Replies
    1. නැහැ බං විශ්වාසනීය වෙනසක්..

      Delete
  7. තව විවිධ, විවිධ, රසවත්, හරබර ලිපි මෙහි පලවේවා....
    සෑමාට හද පතුලෙන් නැගෙන සුබ පැතුම්...:D

    ReplyDelete
    Replies
    1. හද පතුලෙන් බුර බුරා නැගෙන ඒවාට ස්තුති..

      ජය !

      Delete
  8. ඇනිවසරියට සුබ පැතුම්......!!!

    හිට්ස් ලක්ෂ දෙක ඉක්මවන්න බැරිවුනත් "කබ්බෙකු" වන සෑමා ඉන්නෙ රෑන්කින් වලින්නම් "ප්‍රවීණයන්"ට වඩා ගව් ගානක් ඉදිරියෙනි.

    ජයෙන් ජය.....!!!

    අද (සැප්: 17) අනගාරික ධර්මපාලගේ විතරක් නෙවී, ජූනියාස් රිචාඩ් ගෙත් උපන්දිනේ..... :)

    ReplyDelete
    Replies
    1. අප්පද බොල ඔව්නේ.. අමතක වුනා ජේ.ආර් තුමාව.. :)

      ස්තුති සුමියා.. !

      Delete
    2. මමත් මේ ඕක මතක් කරන්ඩ හිටියෙ...

      Delete
  9. හිට්ස් නම් මොනාද බන්...
    උඹ ලියන එක එලටම ලියනවනේ..ඒ මදෑ...
    සුබ පැතුම්....

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්
    තවත් චිරාත් කාලයක් ලියන්නට එකිනෙකට වෙනස් වන්නා වූ අලුත් සිතුවිලි පහල වෙන සුභම සුභ අනාගතයක් වේවා...!!
    පහල පහල වෙන සිතුවිලි හොඳ වේවා.
    ලියන ලියන අකුරින් සිත් සැනහේවා
    කියන කෙරුම් නව වෙනසක් ඇති වේවා
    සෑමා අයියට ජයෙන් ජයම අත් වේවා.
    (මෙම මහානුභාව සම්මපන්න කවි රත්නය උදේ හවස කීමෙන් මහත් ඵල සුභ ජය දේ ගෙනදේ)

    ReplyDelete
    Replies
    1. මේක රෙකෝඩ් කරල මීඩියා ප්ලේයරයේ දමා තබමි..

      :)


      ජය !

      Delete
  11. ආයු බොහෝ වේවා ! තවත් කල් බ්ලොග් කබ්බෙක් ලෙස වාසය කිරීමට ශක්තිය ධෛර්ය වාසනවා ලැබේවා.... ජයෙන් ජය ආහ්....

    ReplyDelete
    Replies
    1. එසේම වේවා...

      කබු පන්තියට ජය ! :ඩී

      Delete
  12. ඔක්කොටම කලින් සුභ ඇනිවසරියක් වේවා!!!

    ඔය කබ්බො සීන් එක ගැන ලියත්දි මට මතකයට එනවා ජිප්සීස් සුනිල් 80 දශකයේ ඇතිකළ සංවාදයක් පීචං සහ සම්භාව්‍ය කියලා. මෑන් බලෙන්ම පීචන් ගොඩේ එල්ලුනා.

    මට නම් ඔය බේද නැහැ. අමරදේව මාස්ටරගේ ගීත වලට වගේම ඇම් ඇස් ගේ විතරක් නෙමේ නිහාල් නෙල්සන්ගේ ගීතත් මගේ ප්‍රියතම ලැයිස්තුවේ තියෙනවා.

    අන්න ඒ වගේ තමා මගේ බ්ලොග් රුචියත්.

    1000 සටහන ලියවෙන්න එච්චර කල් යන එකක් නැහැ කියලා හිතනවා.

    ReplyDelete
    Replies
    1. වෙදතුමාගෙ රුචිකත්වය අගය කරනවා..

      ජයෙන් ජය !

      Delete
  13. වසරක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම් සෑම් !
    සුබ අනාගතයක් !

    ReplyDelete
    Replies
    1. ස්තුති.. විශ්වාසනීය වෙනසක්..

      ජය @

      Delete
  14. එක එකා අපිට කෙලින්න එද්ද උඹ අළුත් උන්ට අත දුන්නා සැමා අයියේ..
    උඹට වරදින්නේ නෑ.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ රාජ උදහස... ජය ජය වේවා..

      Delete
  15. මට නම් සෑමා කබ්බෙක්ද සින්නෙක්ද මොකෙද්ද කියන එක වැදගත් නෑ..ලියන දේ විඳින්න පුළුවන් විදියේ රසයක් තියෙනවා නම් එච්චරයි..
    සුබ පැතුම් පළමුවෙනි වසරට !

    ReplyDelete
  16. උනු උනු සුබ පැතුම් ඈ

    ReplyDelete
  17. සුභ පැතුම් !!! උඹම උඹ කබ්බෙක් කියල කියා ගන්න එකේ අපිට එහෙම නෙවෙයි කියන්න බැහැනේ. හැබැයි පුතෝ උඹ කබ්බෙක් තියා ඉබ්බෙක් වුනත් ඒක අපිට වැඩක් නැහැ. උඹගේ ලිවිල්ලට අපි කැමතියි. උඹ දිගටම ලියහන්. අපි දිගටම එනවා.. ඔය ඉතින් ඉහළින ගොඩක් දෙනෙක් එක එක විදියට කියල තියෙන්නේ ඒකනේ..

    ReplyDelete
    Replies
    1. ස්තුති රාමා.. සෑමාට උබලා හයියක්..

      Delete
  18. සුබ උපන්දිනයක් සෑමෝ....මේ අවුරුද්දට උඹ කරපු හරිය ඉහටත් උඩින්...ඒ අතර අපි වගේ බ්ලොග් ලෝකයේ ළදරුවන්ට හයියක් වෙච්ච එක අති විශේෂයි..

    චිරාත් කාලයක් බ්ලොග් කෙරුවාවේ නියැලීමට ශක්තිය පතමි !

    ReplyDelete
    Replies
    1. ස්තුති මුල පටන් හිටියට !

      Delete
  19. එල එල.. සුභ පැතුම්

    ReplyDelete
  20. සුබපැතුම් !!! සැමා, කියවන්ඩ රහක් තියන තැනට ඇවිත් කියවල කොමෙන්ට් එකක් දාල යනව, අවතක්සේරු කරගන්න එපා උඹ දක්ෂයෙක්. මගෙ බ්ලොග් එකත් කියවල බලපන් උඹට තේරෙයි මගෙ දක්සතාවත්.

    ReplyDelete
    Replies
    1. මම බොලාගෙ එකත් බලනව නොවැ.. වරදක් නොපෙනේ..

      මුල වගෙ නෙවේ කල් යද්දි සැරට ලියවෙනවා ෂුවර් !

      ස්තුති

      Delete
  21. සුභ පැතුම් මචං...

    ReplyDelete
  22. කබ්බො කියන්නේ කවුද බන් .. හරි හරි කප් ගහපු උන් නේද!... වසරක ප්‍රගතියට හදවතින්ම සුබ පැතුම්. තව බොහෝ කාලයක් බ්ලොග් අවකාශයේ කප් ගහන්නට ලැබේවා!!

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. කප්පිත්තෝ... :)

      ස්තුති ලො.ජෝ !

      Delete
  23. ජීවිතේට දැකල නැතත්..උඹල අපි මිත්‍රයෝ බං...!
    මේසෙ උඩ ලැපක් තියාගෙන...ලෝකෙපුරා විහිදුන හිතවතුන් මොනිටර් එකෙන්..බලා..කී බෝඩ් එකෙන් කොටා ....ඇසුරුකරන...උඹල අපි කවදා...කොහේදි හරි හමුවේවි..!
    බොලාට සුභ පැතුම්...!!!(කොහෙන්ද..උඹ දකුනෙ භාශාව කොපිකලේ..)

    ReplyDelete
    Replies
    1. හමුවෙන තුරු.. ලියනා දේ බලමින් හයියක් වු වීපොකුරට ජය !

      ස්තුති බං !

      Delete
  24. වසරක බ්ලොග් කෙරුවාවට සුබ පැතුම්! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සවියක් වුනාට ස්තුති ලහිරුවා !

      Delete
  25. සුභ පැතුම් සෑමෝ..
    අළුත් අළුත් දෑ තව තවත් තිළීණ කරන්න හැකියාව ලැබේවා..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එසේම වේවා !

      ස්තුති රූ.

      Delete
  26. සුභ උපන්දිනයක් වේවා සැමා අයියගේ වසරක බ්ලොග් කෙරුවාවට... තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න ඕනේ... සැමා අයියගෙන් අපි නිතරම දැක්ක වෙනස්ම දේවල් නිසා තමයි සැමා අයියා විශේෂ.සැමා අයියගේ සිතු කුසු ආදර අන්තදරය තරම් මාව කම්පනයට පත් කරවපු වෙන කතාවක් නෑ... තාමත් මම ඒ කතාවට ආදරෙයි.දිගටම ලියන්න සැමා අයියේ කාලෙකින් කතාවක් දැක්කේ නැති එක ටිකාක් විතර පාළුවක් අපිට....

    ඊළඟ අවුරුද්ද වෙද්දි පෝස්ට් 200ක් දාන්න ලැබේවා කියලත් පැතුවා ඕං.ජය වේවා සැමා අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තුති ගැමියෝ.. කියන්න දෙයක් නැහැ උබට. මුල ඉදන් හිටියට තුති !

      Delete
  27. සුබ පැතුම් සෑම් ...

    ReplyDelete
  28. බ්ලොගේට සුබ උපන්දිනයක් වේවා!ර්‍
    වැඩිය කොමෙන්ටු නොදැම්මත් කියවනව.

    ReplyDelete
    Replies
    1. ඒ හරුපෙ මොකක්ද බං.. උබ එදා ඉදලම කමෙන්ට් දදා කියවපු බුවෙක් නොවැ..

      ජය !

      Delete
  29. ජය වේවා සෑමා.

    මට මතකයි ආපුම දවස් වලත් ඔයාට මඩ වැදුනා.:))
    එහෙමයි කියලා අපි වැටෙයිද නේද???

    ReplyDelete
    Replies
    1. මඩ කාලයි මෙතනට ආවේ නිසූ.. :))

      ස්තුති !!

      Delete
  30. අවුරුද්දට ජය
    ඔය කබ්බ, හිට්ස් වචන ගැන වැඩිය හිතන්න එපා බන්

    ReplyDelete
    Replies
    1. ස්තුති අවතාර්..

      හිතන්නෙ නැහැ බං.. ඒක අපිට කියන නමනේ..;)

      Delete
  31. වසරකදී හිට්ස් ලක්ෂ දෙකක් නොලැබීමට තරම් සෑමා අවාසනාවන්ත වූයේය.

    ලද දෙයින් සතුටුවනු හොදය.... සෑමා වසරක් තුල කල කී දෑ ඉමහත්ය.
    ඒ පිළිබදව මාගේ සුබ පැතුම් භාර ගනුව ! ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුති සිරා.. උබ මෑතකදි ඇවිත් හැමදාම සටහනක් තියපු පොරක්..

      ජය !

      Delete
  32. උණුසුම් සුභ පැතුම් මගෙනුත්..... තව ලස්සන රසවත් හරවත් දෙවල් අපිට ලියන්න ශක්තිය සහ දිරිය ලැබේවා

    ReplyDelete
  33. මගෙනුත් සුබ පැතුම් වසන්තයක්ම උදා වෙවා................ :D

    ReplyDelete
  34. සුභ පැතුම් සෑම් ! තව තවත් ලියන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව!

    අවුරුද්දක උඹේ ගමන ගැන උඹ තෘප්තිමත්නම් කියවන අපි තෘප්තිමත් නම් එච්චරයි, අනිත් කතන්දර ගැන එච්චර හිතන්න එපා බං. මොකද, පාටියක් එහෙම දාමුද?

    ReplyDelete
    Replies
    1. පාටියක් දෙනවා.. උබ බ්ලොගක් පටන් ගත්තම.. :)

      ස්තුති සහෝ !

      Delete
  35. සුභ පැතුම් සෑමා...
    හැමදාම කොමෙන්ට් නොකලට අනිවාර්යයෙන්ම මේක මම බලනවා මචන් ....

    ReplyDelete
  36. දිගු ගමනකට උණුසුම් සුබ පැතුම්!
    ආයු බොහෝ වේවා!!

    ReplyDelete
  37. සුභ පතනවා සහෝ! අවසාන චේදයට එකගයි ගොඩක්!
    ජයෙන් ජය!

    ReplyDelete
  38. ජයවේවා සැමයියා ! හිට් යකාට ගියාවෙ ගණන් කරපන් පස්සෙන් පන්නන කබ්බ රැල... හැමදා කබ්බෙක් වී තවතවත් ලියන්නට සුභ පැතුම් මගේ හිත පතුලෙන්ම...

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      ජයෙන් ජය බොටත් !

      Delete
  39. මැරෙනතුරු බ්ලොග් ලියන්න ලැබේවා!

    උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
  40. තව තවත් රසවත් ලිපි ලිවීමට ඔබට ශක්තිය ලැබේවා !
    …සුභ ගමන්. දිගටම ලියන්න . අපිත් එනව බලන්න .

    ReplyDelete
  41. මගෙනුත් උණුසුම් සුභපැතුම් සෑම් අයියේ.... ඔබේ වටිනා අදහස් තව ගොඩාක් කාලයක් කියවන්න ලැබේවා!!!!!!

    ReplyDelete
  42. හදවතින්ම සුභ පතනවා මචං තවත් බොහෝ කාලයක් ලියන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  43. නියමයි අයියා.... ජය වේවා....

    ReplyDelete
  44. හැපී උපන් බ්ලොග් දිනයක් සෑමෝ!

    ReplyDelete
  45. අපේ උණුසුම් සුබ පැතුම් ....!!!!!

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
  47. සෑමාට සුභ පතන්නේ ඉත සිතිනි. එහෙත් සිදු වූ ප්‍රමාද දෝෂය ගැන අපගේ බවලත් කණාටුව. :D.

    ReplyDelete
    Replies
    1. ස්තුති !

      ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ :)

      Delete
  48. සෑමාට ජය වේවා ...!
    චිරාත් කාලයක් බ්ලොග් ලෝකයේ යෙහෙන් වැජඹේවා............!!!!

    ReplyDelete
  49. එළකිරි සෑමා!!දිගටම ලියපන්!!!! :)

    ReplyDelete
  50. මම විතරමද මන්දා බං අඩු. සුභපැතුම් හොඳේ.අවුරුද්දක් උනා එහෙනම්. මට ඒක විශේෂයි මොකෝ මට බ්ලොගක් ලියපන් කියල මුලින්ම කිවුවේ උඹ නිසා. ජය.!!

    ReplyDelete
  51. අවුරුද්දට සුභ පැතුම් සෑමා.. ඉස්සරහටත් තව හොද විවිධත්වයෙන් පිරි නිර්මාණ කරන්න ලැබේවා..

    උඹේ මම කැමතිම කැත හිත් වලට ලියවෙන කවි වලට.. :)

    ජය වේවා සෑමා.. ඉස්සරහටත් මම හැමදාම ඉන්නවා උඹත් එක්ක...

    ReplyDelete
    Replies
    1. එදා ඉදන් හිටපු උබ කවදත් ඉන්න බව දන්නවා දින්නා..

      ස්තුති උබටත් !

      Delete
  52. හැපි බී'ඩේ වේවා සැමියෝ ..
    ජය වේවා ඇහ්
    (බයි ද වේ කවුද බං කබ්බො කියන්නෙ?)

    ReplyDelete
    Replies
    1. ස්තුති ගැටේ.. !

      උබ හින්ද නේ මේක පටන්ගත්තේ !!

      (දන්නෙ නැති වුනාට උබත් කබ්බෙක්...)

      Delete
  53. උණුසුම් සුභ පැතුම් සෑමෝ :ඩී
    තවත් වසර ගණනක් මේ සමාජ සත්කාරය කොරන්න ලැබේවා !!! ;)))

    ReplyDelete
  54. Very Happy Blogoversay, Sam!

    (මම හිතුවෙ උඹේ බ්ලොගියට අවුරුද්දකට වැඩිය ඇති කියලා)

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රියා !

      (ඇයි බං එහෙම හිතුවේ ?)

      Delete
  55. අපුරුයි.. මන් ඉතින් ඔය ලියවිලි වලට යටිනින්න උඹව දන්නවා කියලා හිතනවා. දිග ගමනකට සුබ පැතුම්... එකක්.. හිට්ස් කියන්නේ එකක් විතරයි ..

    ReplyDelete
    Replies
    1. ස්තුති සරත්..!

      ජය වේවා !

      Delete
  56. ඇනිවසරියට සුබ පැතුම්......!!!

    තව දීර්ග කාලයක් බ්ලොග් අවකාශයේ රැදෙන්නට වාසනාව ලැබේවා !! නැවුම් අදහස් පහල වේවා !! අලුත් නිර්මාණ කිරීමට කාලය ලැබේවා !!... වාසනා වේවා !! යැයි ද පතමි ..

    ReplyDelete
  57. මගෙන් 100 උනුසුම් සුභ පැතුම්, 1000 ඉලක්කයත් ජයගන්න සුභපතමි....

    ReplyDelete
    Replies
    1. ස්තුති !

      100?? 1000? මට තේරුනේ නැත.. :(

      Delete
  58. සුභ පැතුම් සැමෝ !!!!!!!!!!!!!!!!! ටිකක් ලේට් වෙලා වගේ හ්ම්ම්ම්ම්........

    ReplyDelete
    Replies
    1. බවලත්තු කවදත් ලේට් නෙවැ..

      ස්තුති සි.ම !

      Delete
  59. මෙනි මෙනි හැපි වැලන්ටයින් සොලි මොකද්ද මොකද්ද එකක් ඩේ.....
    ජය වේවා.....සුභ පැතුම් හදවතින්ම...

    ReplyDelete
  60. මං බ්ලොග් ලියන්ට පටන් ගත්තේ අද ඊයෙනේ... ඒත් සැමාගේ බ්ලොග් එක නං කාලයක ඉඳන් බලනවා... මගෙනුත් සුභපැතුම්... දිගටම ලියන්ට... අපි හැමදාම එන්නම් බලන්න...

    ReplyDelete
    Replies
    1. බොටත් දිගු ගමනකට ආසිරි පතමි !

      ස්තුති !

      Delete
  61. ජය වේවා සැමා අයියේ සුභපැතුම් .................!!!!!!

    ReplyDelete
  62. බොක්කෙන්මයි සෑමෝ කියන්නේ සුභා කියලා... හිට්ස් නම් මොනවද බං.. ලියන එක හිරියට ලුණු ඇබුල් දාලා ලියපන්.. එතකොට ඉතුරු ඒවා නිකන්ම හම්බවෙයි..

    ReplyDelete
  63. බ්ලොග් ලොව දිගු ගමනකට මගෙනුත් සුබ පැතුම්..!

    ReplyDelete
  64. දරාගන්නම බැරි උනහම අපේ ආදරේ කවි කරපු, වචන කරපු ඔයා ලියන්න පටන් ගන්නකොට මං කියෙව්වෙ හරිම ආසාවෙන්. පස්සේ ඔයා පටන් ගත්තා බ්ලොග් එකක්. “මැණික මේක බලන්න“ කීවට බැලුවට, මං මෙලෝහසරක් දැනන් උන්නෙ නෑ. දවස් දෙකකට වඩා කමෙන්ට් නොකරට මම හැමදාම කියෙව්වා. මට සිංහල ටයිපින් බෑනේ. විශ්වාස කරන්න දැනටම පැයක් විතර ගියා. පස්සෙ පස්සෙ බ්ලොග් එක ඔයාටයි මටයි කථා කරන්න තියෙන කාලය ගොඩාක් අඩු කරන කොට නොසෑහෙන්න දුකත් හිතුනා. ඉද හිට අඩපාලි නොකියුවත් නෙමෙයි.
    ඒත් දැන් සාධාරණ ආඩම්බරයක් දැනෙනවා. අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ඒත් ඔයා මිනිස්සු ගොඩක් හම්බ කරල තියෙනවා. බ්ලොග් එක ගැන මට තියෙන්නෙ අවංකවම මිශ්ර හැගීමක්. ඒත් ඔයා ගැන ආඩම්බරයි. ඔයාව නවත්වන්න මටවත්, කාටවත් බැරි බව මම දන්න නිසා අමුතුවෙන් මොකුත් කියන්නෙ නෑ. එකම එක දෙයක් විතරයි.... හැමදාමත් ගොඩාක් ආදරෙයි!!!!!!!

    මීට තනිකම එක්ක පවුල් කන ඔයාගෙ සදාකාලික පෙම්වතිය....

    (ඔය... ලීවට මම කමෙන්ට් එක දාගන්නවත් දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුති වද නොදී ශක්තියක් වුනාට :)

      Delete
  65. වැඞි වැඞියෙන් බ්ලොග් ලිවීමට සවි ශක්තිය ලැබෙවා....

    ReplyDelete
  66. ඊයේ තමයි මේ පොස්ට් 1 කියෙව්වේ.ඒත් සෑමෝ...දාපු කොමෙන්ටුව Publish වෙලා නෑ.සමාව භජනය කරනවා...

    සුභ පැතුම් මගෙනුත්..අනේ දෙය්යනේ කියල අවරුදු දෙකක් වෙද්දී හිට්ස් ලක්ෂ 100 කට වැඩියෙන් ලැබේවා..

    ඒ වගේම තව තවත් ලස්සන බ්ලොග් පොස්ට් ලිවීමට ශක්තිය ලැබේවා...

    ReplyDelete
  67. වසරක ගමනට මගේ සුභපැතුම්.. ඒ වගේම ලෙසටම ලියා කියන දේ කෙලින්ම කියන්න සෑමා ට තවත් ශක්තිය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුති ඇලා..

      බොටත් ජයෙන් ජය !

      Delete
  68. සුභ පැතීමට පරක්කු වීම ගැන කනගාටුය!
    චිරාත් කාලයක් ලිවීමට සුබ පතමි!:)

    ReplyDelete
  69. කටු ඉඹුල් මතින් මල් උයන් තනන්නට..
    දිගු ගමනකට ජය සෑමෝ..!!! :)

    ReplyDelete
  70. පරක්කු උනා නේ හොඳටම සුභ පතන්න. දන්නවනේ ඉතින් උඹට මම බොක්කෙන්ම සුභ පතනවා කියලා.

    ReplyDelete
    Replies
    1. උබ මුල ඉදන් හිටිය එකානේ :)

      ස්තුති !

      Delete
  71. යුධ බිමේ දුනු දිය ඇද්දනම් දැන් විදපන් දිගටම... අපි බලන් ඉන්නවා ඉස්සරහටත් ...
    ජය...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...