Monday, September 10, 2012

මාදිවෙල වන්දනාට පෙම් කළෙමි... !


මේක සිද්ධියෙ උණුසුමවත් ගිහින් නැති උණුම උණු කතාවක්. මේක උනේ ඊයේ.

තිසා වැවට උඩින් පායපු හද එලිය, තිසා වැවේ වතුරට වැටිල මුළු තිසා වැව් පිටියම එළිය වැටිල තිබුණෙ. අපේ නඩේ හැන්දැවෙ නැවතිල හිටියෙ තිසා වැවේ ඉවුරෙ තිබ්බ මාර ගහක් යට. හීතල හීනි පිණි බිංදු එක්ක ගෙනාපු මද සුලග මගෙ හිතට ගෙනාවෙ පුදුම මිහිරක්. එක පාරටම මට ඒ වතුර දෝතකින් මුව දොවාගන්න ආසාවක් ආව. මම හිමීට ඒ වැව දිහාවට ඇදුනා. 

“ආ මේ.. වැසිකිළි පහසුකම් සපයල තියෙන්නෙ අර පැත්තෙ, ඒ දැන දැනත් මෙතන එනව වැවේ ඉදගන්න...“ මාර ගහ එහා පැත්තෙ ඉදන් හිටපු පොලිස් කාරයෙක් මගෙ ඇගට කඩන් පැන්න.

ඒ ලැජ්ජාවට කුඩාරමත් අකුල ගත්ත අපි අටමස්ථානෙත් නොවැදම කෙලින්ම මිහින්තලේ වදින්න ආවා. දැන් අපි ඉන්නෙ මිස්සක පව්වට නගින පෝලිමේ.

හප්පා ලංකාවෙ භාගයක්ම අද මිහින්තලේ. සේරම හදන්නෙ එක මොහොතකට හරි මිහින්තලේ නැගල බහින්න. එක පාරට මහ වැස්සක් කඩන් වැටුන. තිස්ස රජ්ජුරුවො එළවන කොට බය වෙච්ච මුවා වගේ මමත් මුවා වෙන්න තැනක් නැතුව එහෙට මෙහෙට දිව්වා.

“මේ තෙමෙනව නේද? එන්න මේ කුඩය යටට.“ අයිනකට වෙලා කුඩයක් ඉහලගෙන හිටපු කෙල්ලෙක් මට කිව්වා. දෙපාරක් නොහිත මම කුඩේ යටට ආවා.

දෙයියනේ....

කුඩේ යටට ගියාමයි මම දැක්කෙ. ඒ මුනෙ ලස්සන මම කෝමද ඔයාලට කියන්නේ. ඇදන් හිටපු සුදු ඇදුමට ඒ අහිංසක මුනෙ ලස්සන දෙගුණ තෙගුණ වෙලා පෙනුනෙ.

“මේ.. හිතන්නෙවත් නැති වෙලාවක නේද වැස්සේ?“ එයා ඇහුව.

“ඔහ්... ඔව්.. ඔයා තනියමද අනුරාධපුරේ ආවේ...??“ මම ගොත ගැහුව.

“නැහැ අයියා.. වැස්ස ආපු ගමන් නඩේ කට්ටිය සීසීකඩ දිව්වා.. මට මේ සෙනග ගොඩේ එයාලව මිසින් වුණා..“

“ඔයාගෙ නම මොකක්ද “

“මම වන්දනා..“

“ආ... ඒක තමයි මේ පොසොන් එකට අනුරාධපුරේ ඇවිත් තියෙන්නේ..“

“ඔව්.. අපි දුරුතු වලට කැළණි යනවා, වෙසක් එකට ගංගාරාමේ, පොසොන් එකට අනුරාධපුරේ, ඇසළ පෝයට අපි හැමෝම නුවර.“

“දඹදිව යන්නෙ නැද්ද?“ මම අන්තිමට ඇහුව.

“අප්පෝ.. දඹදිව යන්න තාම කල් තියෙනවා...“

“අහ්. ඒක නෙවේ ඔයාගෙ නම මොකක්ද?“

“මම විවේක..“

“ආනේ.. එහෙනම් ඉතිං වන්දනාවකට නියමෙට ගැලපෙනවා....“

“මේ වැස්ස දැන්ම පායන එකක් නැතිවෙයිද දන්නෙ නැහැ නේද නංගි?“

“මාත් එක්ක කුඩේ යට ඉන්න කැමති නැද්ද?“

“පිස්සුද කෙල්ලෙ ඔයා ඉඩ දෙනව නම් ජීවිත කාලෙ වුනත් ඔයා ලගටම වෙලා ඉන්නවා..“

“ඔය ඇත්තද?“

“ඔව් කෙල්ලෙ සත්තයි..“

“එහෙනම් පොරොන්දු වෙන්න..“

“වැස්ස පායපු ගමන් මාව මිස්සක පව්ව උඩටම එක්කගෙන යනව කියල.“

“ප්‍රොමිස් කෙල්ලේ...“

එතකොටම වැස්ස පෑව්වා...

“අන්න කියනකොටම වැස්ස පෑව්වා.. එහෙනම් යමු නේද?“ එයා ඇහුව.

“දැන් ඔයාගෙ නඩේ අය ඔයාව හොයනව ඇති..“

“නැහැ නැහැ අපි මෙහාට එන්න කලින්ම කතා කරගත්ත, මොකක් හරි හින්ද අපි කට්ටිය මිසින් වුනොත්, වැදපුදාගෙන ඔක්කොම ඉවර වෙලා අර පහලම  පඩිපෙල ලගට එනව කියල..“

“ආ... එහෙනම් අවුලක් නැහැ.“

වැස්ස නිසා සෙනග ටිකක් අඩුවෙලා. අපි දෙන්න ටිකෙන් ටික මිස්සක පව්ව උඩටම ආවා. 

“මෙතැන මොකක්ද අයියා තියෙන වැදගත් කම?“ එයා මගෙන් ඇහුව.

“මෙන්න මේ ගල උඩට තමයි නංගි මිහිදු සමිදු එයාගෙ පිරිවරත් එක්ක වැඩියේ.. එදත් මේ වගේම පොසොන් පෝය දවසක්, අර කවියකුත් තියෙන්නේ...“

““මිහිදු සදු පොසෙන් දාක අපේ රටට වැඩම කළා
මිහින්තලා ගල උඩ ඉද තිස්ස කියා කතා කළා
තිස්ස නිරිදු කළඹල වී මිහිදු සමිදු දෙස බැලුවා
සතුන් මරන්නට හොද නැහැ මිහිදු සමිදු බණ දෙසුවා...““ මම තාලෙට ගායනා කළා.

“ඉතිං ඒ කවිය වැරදිනේ අයියා...“ එයා කිව්වා.

“මිහිදු සමිදු තිස්සට බණ කිව්වෙ සතුන් මරන්න හොද නැහැ කියල නෙවේ නේ.. චුල්ලහත්ථිපදෝපම සුත්‍රය කියලනේ..“

“ඔයත් දන්න දේවල්... පණ්ඩිත කෙල්ල..“

“අනේ මම විතරද? ඔයත් පණ්ඩිතයනේ..“

ඒත් ඒ කතා කරපු පැය දෙකහමාරෙ මිහිර, ඒ සුසුම් සුවද තාමත් මගෙ පපුවෙ පිරිලා. ඒත් ඒ සුවදම මගෙ පපුව මෙච්චර රිදවයි කියල මට හීනෙන් වත් හිතුනෙ නැහැ.

අපි දෙන්න මිහින්තලේ පඩිපෙල පාමුලට ආව විතරයි...

“කෝ නංගි ඔයාගෙ නඩේ අනිත් අය??“

“ඒක තමයි කෝ පේන්න නැහැනේ අයියා...“


එතකොටම ලවුඩ්ස්පීකරේ සද්දෙ දවුල් පාරක් වගේ ඇවිත් මගෙ කනේ වැදුනා..


“සවන් දෙන්න.. මේ විශේෂ නිවේදනය මාදිවෙල සිට පැමිණි වන්දනාටය. මාදිවෙල සිට පැමිණි වන්දනා පැමිණෙන තුරු සැමියා සහ දරු දෙදෙනා මෙම ස්ථානයේ බලා සිටී...“

“අනේ අයියා.. ඒ මම ගැන කියන්නේ.. අනේ මම නැතුව මගෙ ලමයි දෙන්න අඩනවද දන්නෙ නැහැ..මම එන්නම්...“

“හොදයි බුදුසරණයි... !“

90 comments:

  1. //සැමියා සහ දරු දෙදෙනා මෙම ස්ථානයේ බලා සිටී..//

    හිකිස්‌ ... කියන්න දෙයක් නැහැ...


    එල පොස්ට් ඒක
    ජය ...

    ReplyDelete
  2. ඈ.. මේක ඇත්තටම උන එකක්ද......? නම් ගම් වෙනස් කරලා සෑම්ටම වෙච්ච දෙයක්ද මන්දා.....

    කමක් නෑ.. වැදලා පුදලා ඉවර උනාමනේ එනවුන්ස්මන්ට් එක ඇහුනේ...

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මොනව හරි ලිව්වොත් සෑමාට වෙච්ච දේවල් කියල කියන්නේ???

      ජය !

      Delete
  3. පවු ඈ!මොනවා උනත් මිහින්තලේ ඇවිත් සෑමා මෙහෙම අනාත උන එක වැරදියි!මොනා උනත් අපේ ඒරියල් එක!

    ReplyDelete
    Replies
    1. අම්මද බොල උබ එහෙද?

      අපරාදේ කලින් කිව්ව නම් විවේක උබලගෙ දිහා එවනවා !

      ජය !

      Delete
  4. ඔයින් ගියා මදැයි ? මන් හිතන් හිටියේ රජකාලේ කුමාරිකාවකගේ අවතාරේ කියලා. .. සාමෝ පරෙස්සම් වෙයන් බැඳපු ගෑනුන්ට ලංවෙන යෝගයක් තියෙනවා වගෙයි..

    ReplyDelete
    Replies
    1. බැදපු කියන්නේ ‘නෝ බැරියර්..‘ කියන එක නේද ?

      ජය !

      Delete
  5. පස්සේ දවසක දෙහිවල මුහුදු වෙරළේදි වන්දනා සමග ගත්ත ඡායාරූපයක් තමයි සෑම් fb දාලා .තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ වන්දනා නෙමේ.. සැම වදින එක්කෙනා ...:D

      Delete
    2. දෙහිවල නෙවේ යකෝ.. ඒ හික්කඩුවේ :ඩී

      මම වදින්න එයාට පුහ්.. හිතුව මදි බොලව් !

      ජය !

      Delete
  6. උණු, උණු සිද්ධියක් කීවේ සෑම්ටම උණු දෙයක්ම වෙන්ට ඕනේ.:D

    ReplyDelete
    Replies
    1. “වුණු“ දෙයක් තමා පො.කු.හාමි. :)

      ජය !

      Delete
  7. අයියෝ වන්දනා !!!
    අපරාදේ නෙහ්... වන්දනාට විවේක ගන්ඩ තිබ්බේ නේද සෑමෝ ??

    ReplyDelete
    Replies
    1. වන්දනා සෙට් වුනා නම් විවේකයක් නැහැ බං :(

      ජය !

      Delete
  8. දහම් පාසැල් යන එව්වො ඔහොමද? ඔයිට වැඩිය චාරයක් තියෙන්ට එපායැ

    ReplyDelete
    Replies
    1. දහම් පාසල් යන උන් මිහින්තලේ යන්න හොද නැද්ද බොල ?

      ජය !

      Delete
  9. වන්දනාව වන්දනා කරන්න නොලැබීම ගැන දුක් වෙමි!:D
    (සැමා ගේ ඇත්තම අත්දැකීමක් ද?? :P)

    ReplyDelete
    Replies
    1. යකෝ මට මෙහෙම ඒව වෙලාම නැහැ ;)

      වන්දනාව බන්දනය කරන්න තිබ්බ චෑන්ස් එක බං !

      ජය !

      Delete
  10. මම කියවන් එද්දි හිතුවෙ මේ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ස්ටෝරියක කෑල්ලක්ය කියල. ඒත් එයා ඔච්චර ඉක්මනට කතාව ඉවර කරන්නෑ මල්ලි.

    පවු අර අසරණය. මල් වැස්සක් වැහැල ඉවරවෙල අන්තිමට මුළු අහසම උගේ කකුල්දෙක මුල කඩන් වැටෙනවනේ.

    ReplyDelete
    Replies
    1. සුජීව අයිය ලියන්නෙ වෙන්න බැරි අජීව කතා බොල :))

      අහස කකුල් දෙක මුල කඩන් වැටෙන සීන් අහලම නැහැ බං. ඔන්න සරමක්, චීත්තයක් වගේනම් විස්වාස කරන්න පුලුවං !

      ජය !

      Delete
  11. හික්ස් වෙලාවට ලවුස් පීකරේ කෑ ගැහුවේ......

    ReplyDelete
    Replies
    1. ඔන්න අහිංසක ආදරයකට අකුල් හෙලනවා !

      ජය !

      Delete
  12. හැක්...කාපිය මාව...මම බලාපොරොත්තු ගොඩක් දෝත දරාගෙන මේක කියෙව්වේ...ෂික්...

    ReplyDelete
    Replies
    1. ඈ යකෝ කියවන උබට අහවල් බලාපොරොත්තුවක්ද ?

      ජය !

      Delete
  13. වැරදි මුවාටනේ විදලා තියෙන්නේ,ඒ මුවා හැර වෙන මුවෝ හිටියේ නැද්ද සැමා?

    ReplyDelete
    Replies
    1. නැහැ බං. මේක අඹ ගස් ගැන කතාවක්. ඒ අඹ ගහ හැර වෙන අඹ ගස් ඇත්තෙම නැහැ. "ඉල්ලල අඹ ගන්න"

      ජය !

      Delete
  14. අය්යෝ සෑම් ...මොකද උනේ ආ...
    මට නම් හිතෙන්නේ මේක සෑම්ටම තමා උනේ..
    :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙත් කියනවා.. ඇයි යකෝ මටම මේව වෙනව කියන්නේ...

      ජය !

      Delete
  15. සේ.... මටත් ඔහොම සීන් එකක් තිනවා.. අත්දැකිමෙන් කියන්නේ ඔවගේ සීන් ලෙඩ ගොඩක්...

    ReplyDelete
    Replies
    1. අප්පේ මට ඔහොම සීන් වෙලා නැහැ බං. මෙන්න හොරු අහුවුනෝ...........!!!

      ජය !

      Delete
  16. උඹව මැරුවත් මදි යකෝ.. මෙව්ව වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි රෙද්ද ඇඳගන්නව වගේ වැඩනේ කරන්නේ...

    හැබැයි ඉතින් මේ ගැන තව ටිකක් හිතුවහම සතුටු වෙන්න හේතු ගොඩායි.. බැරියල් නැති පාරක වාහනේ එළවන්න තියන එකම මදිද මන් අහන්නේ

    ReplyDelete
    Replies
    1. අන්න නිදහස් ධාවනයකට මග...

      ජය !

      Delete
  17. කාලයට ඔබින කතාවක් .

    ReplyDelete
  18. හත්වලාමයි වන්දනා!!!!!!

    අපරාදේ නෙහ්? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වන්දනා සෙට් වුනොත් රාජ සම්පත් තමා බොල ;)

      ජය !

      Delete
  19. මම හිතුවා අර පරම්පරාගත සිරීපාදෙ අන්දරයේ එක කෑල්ලක් කියලා..හික්ස්..
    හපොයි..සෑමාටත් වෙන වැඩ..කිටී දැනගත්තොත් හේම..!!

    ReplyDelete
    Replies
    1. සද්ද කරන්න එපා කිටීට ඇහෙයි බොල...

      ජය !

      Delete
  20. සැමා අයියාට හොද වැඩේ. හික්.

    ReplyDelete
  21. පට්ට පට පට හීන ඔක්කොම මිස්සක පව්වෙන් පහලට කඩන් වැටුනාදෝ?

    ReplyDelete
    Replies
    1. ඔව් බං හීන කැඩිල අනු කදු බිහි වුනා..

      Delete
  22. හච්චෝ දෙවියනේ...........:)

    ReplyDelete
  23. මම හිතුවා අනිවාර්යෙන්ම කථාව අවසානෙ වන්දනාගෙ Husband වන්දනා එනකල් පහළට වෙලා බලන් ඉද්දි විවේක්ටයි වන්දනාටයි හම්බ වෙයි කියලා..ම්..ම්..තව හිතුනා වන්දනා හොල්මනක්වත්ද කියලා...

    හී..හී..

    කථාවනම් නියමයි....

    ReplyDelete
    Replies
    1. හොල්මන් ගැන හිතෙන එක තමා අවුල :)

      ජය !

      Delete
  24. අනේ තෝ අපිව රවට්ටන තරමක්...

    ReplyDelete
    Replies
    1. ඇයි රැවටිලා තියෙන තරම මිදිද..

      ජය !

      Delete
  25. මේ උඹට වෙච්ච නස්පැත්තියක්ද සෑමො.. බොරු නමකින් දාලා තියෙන්නෙ.. මටත් ඔය තරම් දරුණුවට නොවුනත් ඔය වගේ අලකලංචියක් වුනා දුන්හිඳදී... :-)

    ReplyDelete
    Replies
    1. ඒ ගමන උබත් කියනවනේ මට වෙච්ච සීන් එකක් කියලා :(

      ජය !

      Delete
  26. මුල්ම අවුල එතකොට පොසොන් ඊයෙද... අනෙ මන්දා එකපාර මොනවද වුනෙ කියලා මටත්

    ReplyDelete
    Replies
    1. ඊයෙ කියල හිතල කියවපං දේවා.. වද නොදී !

      ජය !

      Delete
  27. අනුපමා :P අපි අහනවෝ

    ReplyDelete
    Replies
    1. ඒක ලියන‍්නෙ කවුද දන්නවදෝ..

      Delete
  28. හයියෝ වන්දනා... සෑමට වෙච්චම වැඩක් වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔන්න උබත් කියනවා.. !

      ජය !

      Delete
  29. සෑමා එනතුරු බිරිඳ සහ දරු හතර දෙනා බලා සිටී කියලා එනවුන්ස් කොරේ නැතෙයි ?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං මගුලක් කතා කරනවා..

      ජය !

      Delete
  30. (මිහින්තලා) කන්ද පිරිමැද,පිරිමැද,පිරිමැද
    ලඳ මුදුනට,මුදුනට,මුදුනට
    ඒවි හඳ පායලා - වන්දනාවක යන්නේ කොහොමද
    නංගියේ අපි දැන්ම මග බැහැලා(විලි ලජාවයිනේ).

    ReplyDelete
    Replies
    1. කන්ද දිගේ දිවගියාට කදු යායම එලි කරන්න
      අනේ නුබට කෝමත් බැහැ දේවතාවියේ :))

      ජය !

      Delete
  31. මේක ඇත්තම ඇත්තද අනේ..... ඇති ඔයින් ගියා

    ReplyDelete
    Replies
    1. බොරුනෙවි අනේ ඇත්ත අනේ

      ජය !

      Delete
  32. අයියෝ වන්දනා කිව්වලු 99.99න් ජීවිතේ ගලවගෙන තියෙන්නේ ඇහ්

    ReplyDelete
    Replies
    1. වන්දනාද ? විවේකද ? නැත්තං අර මනුස්සයද ?

      ජය !

      :))

      Delete
  33. පෝස්ටුව පට්ටයි සෑමා... ඔන්න මම සියල්ල කැටි කර කෙටියෙන් කිව්වා....

    ReplyDelete
  34. //ඒත් ඒ කතා කරපු පැය දෙකහමාරෙ මිහිර, ඒ සුසුම් සුවද තාමත් මගෙ පපුවෙ පිරිලා. ඒත් ඒ සුවදම මගෙ පපුව මෙච්චර රිදවයි කියල මට හීනෙන් වත් හිතුනෙ නැහැ.//
    පව් අනී...!!

    ReplyDelete
  35. මෙය සෑමට කුඩා කල සිදුවූ සිදුවීමක් බව මතක තබා ගන්න...

    ReplyDelete
  36. ගානට රිවස් කරගෙන කරගෙන කරගෙන ........ ඇවිල්ල .... කෙලිය තාප්පෙට!

    ReplyDelete
    Replies
    1. පස්ස බලන්න එකෙක් හිටියෙ නැහැනේ ඒකයි බං !

      ජය !

      Delete
  37. Replies
    1. O.o මොකක් ?

      තේරුනේ නැද්ද මන්ද !

      Delete
  38. ඇඩෙනව තනි ඇහැට...... :'(

    ReplyDelete
  39. හොද වෙලාවටද මන්දා ලවුඩ්ස්පීකරේ වැඩ කලේ..

    ReplyDelete
    Replies
    1. ඒත් රවුමක් පදින්න තිබ්බ බයිසිකලේ නැති වුනේ !

      ජය !

      Delete
  40. පට්ට පට පට.. තව ටිකෙන් මට මිස් වෙනවා. උඹනම් තාත්තගෙම පුතෙක් තමයි....

    ReplyDelete
    Replies
    1. නැත්තං බොල තාත්තගෙම පුතා තමා :)

      ජය !

      Delete
  41. අපරාදේ සෑමෝ වන්දනාවේ ආනිසංස ලබාගන්න කලින්ම පුජාව ඉවර වෙලානේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං. අනිත්‍යයි සියල්ලම !

      ජය !

      Delete
  42. අපරාදේ චාන්ස් එක නේද සෑම්? නැව් ගියා කියලා පාරවල් හිටින එකක්යැ, නේද?

    ඵෝන් නම්බර් එක වත් ඉල්ල ගත්තේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. පෝං නම්බර් ගන්න කලින් ලවුස් පූකරේ කෑගෑවනේ මී පැටියෝ..

      ජය !

      Delete
    2. කලිං දැනන් හිටියනම් ලවුඩ්ස්පීකරේ වයර් එක ඇදල තියන්න තිබුනා, නැද්ද?

      Delete
  43. මේ සීන් කෝන් එක කියද්දී මතක් වුනේ අර සුපිරි තරුව තරඟෙට ආව ගායිකාවක්.. කොල්ලෝ හිටු කියලා එස් එම් එස් කෙටුවේ හරියට මේ උන් යාළුවෙලා ඉන්න කෙල්ල වගේ.. අන්තිමේ රැවටුනාම මුන් හිටියේ හරියට උන්ට බූට් වැදුනා වගේ.

    ReplyDelete
  44. හනේ දෙවියනේ.... ;) ඒකැ නෙමෙයි මාදිවෙල පනුච්චි නොදන්නා වන්දනා කවුද අප්පේ.... හෑ...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...