Tuesday, September 4, 2012

මිනිසුන් විකන, හපා ගිලින අත්භූත සත්වයෙක් සොයා ගියෙමි - "adventure travels"


නිවසින් පාන්දරම පිටත් වූයේ ඒ මහා යකඩ සත්වයා දැක ගැනීමේ පරම චේතනාවෙන්ය. කිසිවෙකු සද්ද නොකරන පාන්දර සෑමාගේ කිටී, කැමරාව බෙල්ලේ දමාගත් කිටීගේ මලයා, සහ ඔවුන්ගේ පවුලේ සැම මෙවන් අත්භූත ගමනක් යාමට එක් වේවි යැයි සෑමා සිහිනෙකින් වත් නොසිතුවේය. වැසි සහිත කාළගුණය නිසා අත්භූත සත්වයා වෙනදාට වැඩිය දරුණු වී ඇතැයි මග තොට පිරිස් පවසද්දී වෑන් රථයේ රියදුරු මාමා නොබියව ඉදිරියට ඇදුනේය. ඉදිරිපස අසුනේ සිටි අංකල් බියෙන් තැති ගත් ස්වරූපය පිටතට නොපෙන්නූ බව නිසැකය. ඩ්‍රැයිවර් මාමා නම් අති දක්ෂයෙක්ය. පාරට නොදැනෙන ලෙස සැහැල්ලු අඩි තබමින් රෝද කැරකුවේය. ඒ වේගය මරු කැදවන නිසා නොව අත්භූත සත්වයා අවදි වුව හොත් සිදුවන සංත්‍රෑන්සිය සිතාගත නොහැකි බැවින්ය. රිය ගමන් කරන වේගය නොඇසුනද ඩ්‍රැයිවර් අංකල් වෑන් එකට ‘බීට්‘ එකක් තියා තිබුනේය. එනිසා පෙදෙසම කැලඹී යන්නට සාධාරණ හේතුවක් තිබුනේය. එහෙත් අප වග බලා ගත්තේ ඒ හඩ ඇරෙන්නට වෙනත් හඩක් නොනගා සත්වයා වෙත ලගා වීමටය.

හොලිවුඩ් චිත්‍රපට වල පමණක් දැක ඇති මිනිසුන් විකා, හපා, ගිලින යකඩ සත්වයෙක් අසලට යෑම ඇත්තටම භයානයකය. එහෙත් හුස්ම පොද බිම වැටුනත් එවන් සත්වයෙකු අසලට ගොස් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැර මෙලොවින් සමුගත්තද කම් නැති බව සෑමාගේ මස්සියා නොහොත් අලකලංචියා පැවසීය. එය කැමරාවක් බෙල්ලේ එල්ලා ගත්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගසන, ඉංජිනේරු කොල්ලෙකුගේ හිත තුල ජනිත වන සාමාන්‍ය හැගීමක් බව සමාජය නොදකින්නේය. පටු දේශපාලන න්‍යායන් සිත්තුල පුබුදුවාගත් සමාජ පථයක එවන් හැගීම් වාරණය කළ නොහැක්කේය. අප අපේ ගමනින් ඉදිරියට ඇදෙන්නේය.

මෙවන් බිහිසුනු ගමනක් ඇරඹීමට පෙර සුළුවෙන් හෝ ආහාරවේලක් කුසේ සගවා ගත යුතු බව සාමාන්‍ය න්‍යාය වුවද, ලොව ප්‍රථමවරට යකඩින් ඉපැදුන සත්වයෙක්ගේ අසලට ගොස් ඌව මාධ්‍යයට නිදහස්කොට අප අපේ සමාජ සත්කාරය අහවර කොට කුස දෙදරා යන මට්ටමෙන් ආහාර ගත යුතු බව සැමගේ මතය විය. ඒ සදහා කලින් ඇනවුම් කළ ඉදිආප්ප ලබා ගැනීමේ ස්ථානය පිහිටියේද උක්ත කී දරුණු යකඩ සත්වයා සිටිනා ඉසව්වේ වීම විශේෂයක් විය. අප සත්වයාට අසු වී අපව ඌ විකුවේ නම්, ඉදිආප්ප ඕඩරයද අහවරය. අප නිරුපද්‍රිතව සත්වයා දැක ගමන් ඇරඹුවේ නම් අප සමාජ ගත වීරයෝය. එසේම ඉදිආප්ප ඕඩරයට මුදල් ගෙවා ලබා ගත යුතුය.

යකඩ සත්වයා ගේ දත්වලට අසුව අප කීතු කීතු වූවාට කම් නැතිය. යක්ෂයාට බය නම් සොහොනේ ගෙවල් නොහදන්නේ බාස්ලාය. අප බාස්ලා නොවන්නේය. එසේම ලොව සැගවුන දැ සොයා යන කුතුහලය තරුණ සිත්වල පවතින්නේය. කෙල්ලෙක් යන විට කොල්ලෝ එබි එබී බලන්නේ ඒ නිසා විය හැකිය. වල් කමට නොවේය, සැගවුන දෑ සොයා ගැනීමේ කුතුහලය නිසා විය යුතුය. සියළු හැගීම්, කිලිපොලා යන දර්ශණ, පාළුවට ගිය මාවත් මැදින් රථය ඉදිරියට දිවෙන්නේය. මොහොතින් මොහොත අප ලංවන්නේ මරු කටකටය. නැතිනම් ලොවම වෙනස් කරන නව සත්වයෙකුගේ මාධ්‍යාවරනයකටය.

දකුණු පාදයේ සුලැගිලි තුඩකින් ඩ්‍රැයිවර් අංකල් බ්‍රේක් ගැසුවේ වාහනයේ තිරිංග එතරම් හොද නිසා නොවේය. අවට වාත ස්ථරය කම්පනය කොට හඩක් ඇති කිරීමෙන් අප ජීවිත සත්වයා බිලි ගනීවී යැයි බියෙන්ය. ඔහු දෙතොල් නැනෝ සෙන්ටිමීටර ගණනක් විවර කර වචන කිහිපයක් වාතයට නිකුත් කලේය.

“මෙතැන තමයි තැන“

එකිනෙකා මුහුන බලා ගත්තෝය. මස්සියා කැමරාව අතින් හැදුවේ තමා සූදානම් බව කීමටය. වාහනයෙන් බැසීමට පෙර අප අවට නිරීක්ෂණය කරන්නට වීය. පරිසරය නිසලය. සත්වයා ඉන්නවා යැයි පැවසූ ස්ථානය එහා පැත්තේම නිවසක්ය. අප බලාපොරොත්තුවෙන් ආවේ අප විසින්ම සත්වයාගේ ඇගට කඩා පැන, ඌගේ බෙල්ල මතට නැග, විශාල මකරෙකු හීලෑ කරන අයුරින් මෙල්ල කර ගැනීමටය. එහෙත් අවාසනාවකට සත්වයා පසෙක සිටියේය. වාහනය දුටු එහා ගෙදර අයෙකු පිටතට ආවේය.

“ඇයි මල්ලී ?“

“අයියා මේ පැත්තෙ නේද අර දරුණු සතෙක් ඉන්නව කිව්වේ, ??“

“ආ.. මල්ලිලා ඌව බලන්නද ආවේ. මේ වාහනයක් පුරවලා???“ අයියා සරම කැහැපොට ගසා ගනිමින් පොර මෙන් අපට කෝචෝක් එකට කතාකලේය.

“අපි ඌව මෙල්ල කරන්න බලාගෙන ආවේ. කෝ දැන් ඌ..“

“මගේ අප්පේ මල්ලි ඌ මේ ටිකේම පාර පුරා දුව දුව මිනිස්සු බය කළා. අන්තිමට ඊයේ හවස මනුස්සයෙක්ගෙ ඇගට පැනලා විකන්න හැදුවා. විකලා නිකං ඉන්නෙ නැහැනේ ගිලිනවා.“

අපේ කස්ටිය වෑන් එකෙන් බැස ගත්තෝය. අයියා ඇස් නටවමින් කියන කතාව කට ඇරගෙන බලා සිටියෝය.

අවසන අපි ඇසුවේ ‘දැන් කෝ ඉතිං අයියේ සතා ??‘

“අර ඉන්නෙ මල්ලි එහා පැත්තෙ ගැට ගහලා“

ගැට ගසලා නම් අවුලක් නැතිය. ඒත් කැමරාවෙන් පොටෝවක් ගසා ගත යුතුමය. සියල්ලෝම ඒ පැත්තට දිව ගියෝය. සතා මහා දම්වැලකින් ගැට ගසලාය. ඒ මදිවාට ජනතාවට පරිස්සම් වීම සදහා “විකීමට ඇත“ කියා බෝඩ් ගසලාය.
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*



පසුගිය පෝ දින හික්කඩුවේ නෑමට යද්දී උදේ කෑමට ඉදිආප්ප ඕඩර් කළ කඩේ අසල දම්වැලෙන් බැදි තිරෝද රිය දුටු අපේ කස්ටිය කෑගැසුහ. ඒ අතරම කිටී පෙන්නුවේ ‘විකීමට ඇත‘ යන බෝඩ් එකය. වෑන් එකෙන් එලියට පැන පොටෝව ගත්තේ කිටියාගේ මලයා නොහොත් මස්සියාය. ඔහු අමු අමුවේ පොටෝව බුකි ගත කරද්දී ක්ෂණිකව එය වලකා දැමුවේ මෙවන් පොටෝ පෙරදී අමු අමුවේ බුකි ගත කොට උගත් පාඩම් නිසාය. කැමරාකරු වූ අකලංකයාට (අලකලංචියාට) තුති !

Written by sAm_10:05pm_02/09/2012

92 comments:

  1. මේක කාගේවත් විහිළුවක් ද බං...

    මම දැකල තියෙනවා කුඩ්ඩන්ගෙන් බේර ගන්න ඉස්තෝප්පුවේ පුටු දම්වැල් වලින් ගැට ගහල, බල්බ් හෝල්ඩර් කම්බි කුඩු අස්සේ හයි කරපු ගෙදරක් නම්.

    ReplyDelete
  2. දම්වැල් දාලා හරි හොරුන්ගෙන් බේරගෙන විකුන ගන්න කරන පොඩි උත්සාහයක් වෙන්න ඇති සැමෝ...ලඟින් ගියත් ඇහැක් නැති ලංකාවනේ මේ...

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි පාරක් ලග තිබ්බ ගෙයක් නිසා වැඩේ සාධාරනයි. නැත්තම් හොරු තල්ලු කරන් හරි යනවානේ

      ස්තුති ...

      Delete
  3. මෙහෙම ගියෝත් ගෙවල් වලටත් දම්වැල් දාලා වහන්නයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. අත්තිවාරම් තියල ගෙවල් ගලවන් යන්නේ :)

      ස්තුති ...

      Delete
  4. තව පොඩ්ඩෙන් සෑමා ඉවරයි!

    ReplyDelete
    Replies
    1. අපිත් ගියේ මෙල්ල කරන්න බලාගෙන තමා !

      Delete
  5. මගේ අම්මෝ .... මාත් හිතුවා අඩු ගානේ අලුත් රෝබෝ කෙනෙක් ගැනවත්ද කියලා...... නෑවා නෑවා... ෂික්....

    ඒ පැත්තේ ඉන්න කට්ටිය ගේ මොල ගැන හිතාගත්තෑකි වැඩ දෙකෙන්ම.....

    ReplyDelete
    Replies
    1. අපොයි නෑවාද? හොදයි කාලෙකින්නේ..

      මේ අපේ පැත්තෙ නෙවේ හිරු ! අපේ පැත්තෙ නැහැනේ හොරු !

      ස්තුති ...

      Delete
    2. ෂික්.. ඔයත් ඒක දන්නවද.... ආයිත් නාන්න වෙනවා.... හි හි..

      Delete
  6. දම්වැලෙන් බැඳලා තිබ්බ නිසා හොඳයි. නැත්තම් සෑමා මෙලහකට විකලාංග වාට්ටුවෙ.

    ReplyDelete
    Replies
    1. පිස්සු හැදෙයි අපිට අහු වුනා නම් සතා විනාසයි !


      ස්තුති ...

      Delete
  7. අම්මපා මාත් හිතුවෙ තඩි බල්ලෙක් වත් ඉදියි කියලා

    ReplyDelete
    Replies
    1. බල්ලො හොදයි මුට අහු වුනා නම් විනාසයි.

      ස්තුති ...

      Delete
  8. මම හිතුවේ ඩයිනෝසරයෙක් ඇවිත් කියලා ..

    ReplyDelete
    Replies
    1. මේ නම් ර්‍තී වීල් නෝසරයෙක්..

      ස්තුති ...

      Delete
  9. උබල ඇහුවෙ නැද්ද මොකද මේ දම්වැල් වලින් බැඳල කියලා.... ටාසන් හින්දි ෆිල්ම් එකේ වගේ මේ ත්‍රීවීල් එකත් රෑට මිනී මරණවද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං බල්ලො ඇති කරනව වගේ ත්‍රීවිල් ඇති කරනවද දන්නෙ නැහැ

      ස්තුති ...

      Delete
  10. hafoi..... Anthima wenakal monawa kiyawanawada kiyala therune ne ne.hebetama den mokak balannada giye?

    ReplyDelete
    Replies
    1. මේවගේ ඒව තියෙන්නේ ඔයාලගෙ පැත්තෙ තමා.. ඔයාලගෙ ගෙවල් පැත්තෙ :)

      ස්තුති ...

      Delete
    2. ඈ... කොහෙ ගැනද නිසූ මෙයා මේ කියන්නේ.... ?

      Delete
  11. ලියන්නේ සැමා නිසා මේ වගේ උත්තරයක් ලැබෙන බව දන සිටියෙමි. ඌ පැන පැන මිනිසුන්ව කෑවේ කොහොමද බං ?

    ReplyDelete
    Replies
    1. ගියර් එකේ තියෙද්දි ස්ටාර්ට් කරපං කෝ... පනිනවා නේද? :)

      ස්තුති ...

      Delete
  12. රෝද තුන තියෙන ඉසව්වෙ ඉන්නෙ බෝධිසත්වයන් බදු වැසියන් පිරිසක් බව මගේ අක්මාව මට සන් කරයි...

    ReplyDelete
    Replies
    1. හූ... අපේ පැත්තෙ නෙවේ..

      ස්තුති ...

      Delete
  13. Replies
    1. සල්ලි වලට තමා බොල ...


      ස්තුති ...

      Delete
  14. ගෙටගහලා තියෙන දම්වැල හයිය මදි වගේ තව ලොකු එකක් දාන්නවෙයි වගේ ...

    ReplyDelete
    Replies
    1. ඔය ඇති බං. බෝඩ් එක නිසා හොරු ලගට එන එකක් නැහැ !

      ස්තුති ...

      Delete
  15. අර හොල්මන් කාර් එකක් තියන හින්දි ෆිල්ම් එක මතක් උනා ෆොටෝ එක දැක්කාම...:)

    ReplyDelete
    Replies
    1. ටාර්සන් නේද?

      ස්තුති ...

      Delete
  16. ත්‍රීවීල් කතා විකන කතා අමතක කරපංකෝ...... අර බුකියෙ ගිය "රහස්" පිංතූර දෙක තුන ගැන කතාකරමු! ☺

    ReplyDelete
    Replies
    1. ඔන්න රාජ් බුකියෙ ඒව මෙහෙ ගෙනෙල්ලා.. ඕව ඔට්ටු නැහැ අරිය?

      ස්තුති ...

      Delete
  17. හි හී... මිනිස්සු ගිලින විකණ තිරිවිල් එකක්... හැමදාම හොරර් බලන්න ආවත් ඉවර වෙන්නේ කොමඩියකින්නෙ අප්පා...

    ReplyDelete
    Replies
    1. කෝමද තිරිවිල් එකේ ත්‍රිල් එක? මෙහෙ හෙරර් නැහැ බොලර්.. ත්රිල් විතරයි..

      ස්තුති ...

      Delete
  18. හෙන භයානක සතෙක් නෙව.... හොඳ වෙලාවට ගැට ගහලා ඉන්නේ...
    ගැට ගහලා තිබ්බට හරි යන්නේ නෑ.. බැරි වෙලාවකවත් ගැටේ ඇල උනොත් !!!!!

    ReplyDelete
    Replies
    1. ගැටේ ඇලවුනොත්... ඒකටත් දානවා දම්වැලක්..


      ස්තුති ...

      Delete
  19. ත්‍රී වීල් එකේ හැන්ඩ්ල් එක ලොක් කලේ නැත්තම් ගේමක් නැතුව තල්ලු කරලා යන්න පුළුවන්නේ. අපේ ගමේ එකෙක් වීල් එකක් අරන් ගෙදරට ගේට්ටුවක් හෙමත් දැම්ම..දවසක් මිනිහා උදේම නැගිටලා වීල් එක ස්ටාර්ට් කරනකොට ස්ටාර්ට් වෙන්නේ නෑලු. පස්සේ බලනකොට පිටිපස්සේ දොර කපලා එන්ජිම භාගයක් ගලවාගෙන ගිහින්ලු. ඔන්න ඔහොමයි අද කාලේ හොරු. ඉතින් අර මිනිස්සු දම් වැල් දාන එක අහන්නත් දෙයක් ඈ.....!

    ReplyDelete
    Replies
    1. අපොයි ඇන්ජිම. සුවර් එකට ගැරේජ් කාරයෙක්ගේ වැඩක්...

      ස්තුති ...

      Delete
  20. අපෝ බලන්න එකාගේ කැත ඒ විතරක් නම් කමක් නෑ ඇස් දෙකම තැඹිලි පාටයි හරියට රාක්සයෙක්ගේ වගේමයි,ඒ මිනිස්සු ඕක විකුනනවා ඇත්තෙම ඕක නිසා වෙන්න ඇති ;)

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා.. ගමේ උන් කියන්න ඇති විකුනපං කියලා. ලමයින්ව එහෙම බය කරන නිසා. ඇත්තටම ඕව පාරට දාපු වෙලේ ඉදන් පාරේ ඉන්න අය බයේ ඉන්නේ .

      ස්තුති ...

      Delete
  21. හැබෑට හරි බයානක යකඩ සතෙක්නේ..ඌ ළඟින් ගියොත් ඇහැක් නැති බව රෝද හතරක් පදින සෑමා නම් දැන් දන්නවා ඇත..:)

    ReplyDelete
    Replies
    1. අපොයි මට උන් එපා වෙලා ඉන්නේ.

      සිග්නල් දැම්මම ඕෆ් කරන්නෙ නැහැ. වෙලාවකට දාන්නෙම නැහැ. එකපාරට නවත්තනවා. එකපාරට පාරට දානවා. වැඩ ගොඩයි. අස්සෙ රිංගනවා..

      මතක් කරන්න එපා රූ

      ස්තුති ...

      Delete
  22. විකීමට ඇත කිව්වේ ත්‍රීවීල් එක විකනවාද? නැත්තං ගෙදර ඈයෝ ත්‍රීවීල් එක විකන්ඩ ඉන්නවාද? හිතාදර පාඨකයෙකුගෙන් පැණයක්

    ReplyDelete
    Replies
    1. ගමේ උන්ව විකන්න හදනවලු පාරට දාපු වෙලේ ඉදන් :)

      ස්තුති ...

      Delete
  23. සෑමා කිසි දෙයක් දන්නැතුව පද හදන්න එපා ඈ...
    ඒ ත්‍රීරෝද රථය කෘතිම බුද්ධි වැඩසටහනකිං සන්නද්ධ වෙලාද කියලා කවුද දන්නේ?????
    මතක නැද්ද නයිට් රයිඩර් එකේ “කිට්“ ගෙ අයියා “කාර්“ව?????

    ReplyDelete
    Replies
    1. සිරාවට.. දැනුයි මට කම්පනා වුනේ. උබෙ මෙලේ තමා මොලේ.
      කොන්ඩෙ කැපුවද?


      ස්තුති ...

      Delete
  24. හික්ස්ස්... අන්තිමට යනකම් ඔය සතා මොකාද කියලා හිතාගන්න බැරිවුනානෙ.....

    ReplyDelete
    Replies
    1. පාරේ නිතර දකින දරුනුම සතෙක්..

      ස්තුති ...

      Delete
  25. අනේ මන්දා බං උඹලා ෆොටෝ එක ගන්නම ඕන හින්දා නේද දම්වැලක් දැම්මේ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං අයිතිකාරයන්ටත් හොරෙන් ගත්තේ !

      Delete
  26. මට නම් හිතුණා මොකක් හරි වාහනයක් ගැන කියල... ඒත් ඉතින් මෙච්චර හොඳ එකක් වේවි කියල හිතුනේ නම් නෑ...
    හැබැටම අර තැරිය කිව්වා වගේ මේක අර නයිට් රයිඩර් විල් එකක් වෙන්න බැරිද..?

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා .... මම නම් මෙහෙම වචන ලියද්දි හරියට පරිස්සම් වෙනව, වෙලාවට මල්ලිට හරියට ‘ත‘යන්න ලියවිල තියෙනව. කොහොමද ‘ත‘ යන්න ‘ක‘ යන්න මාරුවුණා නම්. :)

      Delete
    2. තරියාට ගැලපෙන අකුර හැලිලා බං :)

      ස්තුති ...

      Delete
  27. මම බය ........... වුණා.

    ReplyDelete
  28. මගේ යාළුවෙකුත් ඔය වැඩේම කරන නිසා ත්‍රී වීල් එක දම්වැලෙන් බැඳපු එක ගැන මටනම් පුදුමයක් නෑ.

    බොඩ්වල අකුරු වැරදීම හෝ වැරැද්දීම නිසාත් මිනිස්සු කරන තක්කඩි වැඩ නිසාත් වෙන අලකලංචිනම් සුළුවෙන් සලකන්න බෑ.
    මෙහේ තුංමංහන්දියක බෝඩ් එකක් තියෙනවා, දම්මුල්ලට කි.මී 4යි-මිටිපොලට කි.මී.2යි කියලා. දෙපැත්තට ඊතල දෙකක් වචන දෙක මැද්දෙන් තියෙනවා. කවුරුහරි හාල්පාරුවෙක් එක ඊතලයක් උඩින් මරණ දැන්වීමක් අලවලා. ඉතින් පාර නොදන්න අය දම්මුල්ලට හරවන්න ඕන වාහනේ මිටිපොළට හරවනවා.
    මේ ඇලුමිනියම් තහඩුවක ඇඳලා තිබුන බෝඩ් එකක්...."තල්මසුන් විකිණිමට ඇත"
    මෙතන වෙලා තියෙන්නෙ බෝඩ් එකේ වම්පැත්තෙ ඉහල මුල්ල ඇතුළට නැවිලා, ඒක දිගහැරියාම "සුරතල් මසුන් විකිණිමට ඇත"

    ReplyDelete
    Replies
    1. :)

      මගින් අනාත වෙන එක නම් පව් !

      “සීත කළ කිරි ඇත“ කියල බෝඩ් එකක් තිබ්බලු කඩේක. ඒක වරද්දලා ලියල තිබිල මෙහෙම.

      “සිත කලකිරී ඇත“

      ස්තුති ...

      Delete
  29. හික්ස්, උඹ එහෙනම් හික්කඩුවෙත් ආවා :ප

    ReplyDelete
  30. අඩේ බල්බ් ගලෝන සීන් එක අහල තියෙනවා. ඒත් පුටු ගැට ගහන එක.. එපා වෙන වැඩක්නේ..

    වෙසක් කාලෙට බල්බ් ගැලවෙන වැඩ සැරටම වෙනවා..

    ස්තුති ...

    ReplyDelete
  31. ඔය අකුරු හරඹ තියෙනවා නේද ........

    ReplyDelete
  32. හී හී....නියමයි නියමයි :)

    ReplyDelete
  33. ඒකත් මරු වැඩේ.. පරෙස්සමට මුල් තැන දෙන්න එපැයි ඉතින්.. අර දම්වැල කපන්න බැරිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං ඒක කැපුවොත් අරූ විකනවා !

      ස්තුතී ....

      Delete
  34. පට්ටනෙ බන්...පින්තූරෙ නම් එඩිට් කරපු එක ලොකු දෙයක්..මතකෙනෙ එක පාරක්

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බං. උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම නිසා බේරුනා.. :)

      ස්තුතී ....

      Delete
  35. පන්සල ළඟ ගලවලා දාල යන සෙරෙප්පු දෙකටත් දම්වැලක් දාන්න වෙයි.. ඉතින් පුදුමයක්ද ඕකට දාන එක..

    ReplyDelete
    Replies
    1. පන්සලේ හොරකන් වෙද්දි ගෙදර තියෙන එකට කවර කතාද?

      ඇයි කෞතුකාගාරේ ???????


      ස්තුතී ....

      Delete
  36. ඒකෙන්ම හිතා ගත්තැකි පළාතෙ හැටි... ඔහොම කරන්න ඇත්තෙ මොන මොන දේවල් වෙලා ඇත්ද ඊට කලින්....

    ReplyDelete
    Replies
    1. අපොයි දෙයියනේ මේ කැලනියෙ සීන් එකක් නෙවේ හොදේ !

      ස්තුතී ....

      Delete
  37. උඹට කියන්න සැමා අයියේ...විස්වාස කරහන්..
    අපේ කැම්පස් එකේ එකෙක් එනවා හද්ද කබල් කාර් එකක. ඌ ස්ටියරින් වීල් එකට දම්වැලකුයි තඩි ඉබ්බෙකුයි දාලා තමා පාක් කරලා එන්නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරා බඩුවක්නේ ;0

      ස්ටියරින් එක හරහට දාන පොල්ලක් වගේ ලොක් එකක් තියෙනව උබ දැකල තියෙනවද? ඒකත් සිරා..

      ස්තුතී ....

      Delete
  38. හෆොයි අපේ පැත්තේ නම් ඔයිට වඩා සද්ධන්ත තඩි සත්තු ඉන්නවා.....

    ReplyDelete
  39. මදැයි ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක ප්‍රබන්ධයක් කියවන්න ආවා සැමාගේ... සුළු මොහොතකට හොල්මං වුනා මොකක්ද මේ කියලා විකීමේ සීන් එක දැක්කෙ පස්සෙනේ.... බෝඩ් එකේ හැටියට ණ යන්න දාන්න ඉඩ මදිනේ ඕක ඇවිල්ලා ජල විදුලිය ඉතුරු කරගන්න ලයිට් නිමං ඉන්නවා වගේ බුද්ධිමත් වැඩක් සැමයියෙ...

    ReplyDelete
    Replies
    1. බෝඩ් එකේ තරමට අකුරු අඩු කරල සින් එකක් තමා ගැමියෝ මටත් හිතුනේ. :)
      දැන් මොකෝ සද්ද වහලා... ??

      ස්තුතී ....

      Delete
  40. දවල් බලන් ගිහිං රෑට ඉස්සුවොත්. කාට කියන්නද

    ReplyDelete
    Replies
    1. රෑට ආවත් සතා විකනවා :)

      Delete
  41. අපරාදේ පොප් කොන් ෆැන්ට එහෙම අරන් ආවේ ට්‍රආසජනක මෙව්වා එක බලන්න. හක හක

    ReplyDelete
  42. පට්ටයි සෑමෝ.. මරු මස්සිනා පොඩ්ඩක් සෙට් වෙලා තියෙන්නේ... එල එල :)

    ReplyDelete
  43. මොකක්දෝ හින්දි ෆිල්ම් එකක වගේ වීල් එක තනියම යනවද දන්නේ නෑ,...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...