Sunday, June 17, 2012

විලි ලැජ්ජා නැතුව - ඇදුම් අස්සේ රිංගීම...




රැලි තලා නුඹ
විහිදිලා සිත
උණුසුමින් මා
මත්කළා ගත


හද දවා සුව
දුව දුවා ගත
මතින් නුඹ
උණුසුම් කළා


කලිසමේ මැද
තෙරපිලා නුඹ
දනන් ගේ හැඩ
වැඩි කළා


කෙලින් වී සිට
විඩා නිවාගෙන
සෙමින් ඇග උඩ
වැතිරුණා


තෙත් වුණා
කලිසම මැදින් අද
රත් වෙලා නුඹ
වියලුවා හිද


අතින් ගෙන
ඇගෙ තනපටක් මම
වැතිරුවා නුඹ
ඒ මතින්


තෙත් මතින් යුතු
ඇගේ තනපට
සුසුමකින් නුඹ
වියලුවා


හති දමාගෙන
රෙදි තෙමාගෙන
දිව ඇවිත් නුඹ
සතපවාගෙන


විදගමින් සුව
වපුරවාගෙන
උණුහුමක් ලග
දණ ගසාගෙන


ඇගේ තදවූ
ඇදුම් මත්තේ
රැගුම් රැගුවේ
සදාතනිකව


නුඹයි ‍මිතුරේ
වරම් ලද්දේ
විදින්නට සුව
ඇදුම් අස්සේ


මගේ සර‍මේ
උණුසුමක් නුඹ
කිසිම දිනයක
ලබා නැත්තේ


අදින්නට කිසිවක් නොමැති ඒ
වැස්ස දවසක නුඹේ ලග හිද
තෙමාගත් මා සරම නුඹ ලග
තබා වින්දා උනුසුමක් හද


ඇගේ සුරතේ
රැදී සිත්සේ
අපේ ලෝකේ
හිදින් මිතුරේ


**
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
***
*
*
*
‍‍‍\*/

\*/
\*/

රැලි තලමින්, මගෙ ලෝකෙ උණුසුම් කරපු උඹ, එහෙ මෙහෙ දුවමින් මගේ ලෝකෙ උණුසුම් කරපු උඹ, කලි‍සමේ මැද වුනත් ලැජ්ජ නැතුව තෙරපිලා මගෙ ලෝකය ලස්සන කරපු උඹ, මහන්සි වුනාම කෙලින් වෙලා විඩා නිවාගෙන ආයෙත් වැතිරුණ උඹ, මම කලිසම මැද වුනත් තෙමා ගත්තම ලගින් හිටපු උඹ, මගෙ කෙල්ලගෙ වුනත් යට ඇදුම් උඩ සෙල්ලම් දාපු උඹ, අපි දෙන්න තෙත් වෙලා ඉන්නකොට ලගන් හිටපු උඹ, කවුරු නැතත් මගෙ කෙල්ලගෙ ඇදුම් අස්සෙ රිංගන්න වරම් ලබපු උඹ, කවදාවත් උඹට වැතිරෙන්න නොදීපු මගෙ සරම උඩත් අදින්න ඇදුමක් නැතිව ඉන්නකොට වැස්ස දවසකම වැතිරුනු උඹ, මගෙ කෙල්ලගෙ අත් අස්සෙ පැටලිලා හැමදාමත් මගෙ ලෝකෙ ලස්සන කරගෙන හිටපං.




කැත හිත්වලට ලියු තවත් ලස්සන කවි...



97 comments:

  1. හොද වෙලාවට අන්තිම වෙනකන්ම කියෙව්වෙ.... මගේ හිතේ ඇත්තමයි කැත සිද්ධියක් මැවුනෙ... විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ......

    ReplyDelete
    Replies
    1. නිරෝගි හිතක් සි‍රෝ !

      Delete
  2. හෙහ් හෙහ් ... කැත හිත් වලට ලියල තියෙන්නෙ. අපිනං නෑ ඕවට.

    ReplyDelete
    Replies
    1. රාජ්ගේ හිත පිවිතුරුයිනේ !

      Delete
  3. මම හිතුවෙ රෙදි වැලක් ගැන කියන්නෙ කියලා.. බලද්දි මෙයා ගැනනෙ කියලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. රෙදි කෙසේ වෙතත් වැල ගැන නම් සෙන්නාට මතක් වනු නිසැකය.

      :)

      Delete
  4. අපි දන්නවනේ සැමාගේ දහං ගැට...
    අන්තිම රූපෙ බලලා කියෙව්වා..මොකද අපේ හිත් හරි කැතයිනේ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපෝ අන්තිම පිංතුරේ බලලා කියෙව්වාම ඒ රසය මැකෙනව නේ..

      Delete
  5. කට්ටිය අහුවුණා වගේ :D

    ReplyDelete
  6. බලාගෙන යනකොට මේ කතාවත් ඇත්ත තමයි..

    ReplyDelete
  7. හොඳ වෙලේට යටින් විස්තරේකුත් දැම්මෙ.. නැත්නම් තේරෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. අපොයි.. විස්තරේ නොදා ඉන්න හැදුවෙ මම.

      ඒක දාපු එක අප්සට් වගේ මට නම්.. :)

      Delete
  8. අප්පට සිරි ඉවරවෙනකම් හිතුවේ වෙන දෙයක් බං

    ReplyDelete
  9. හප්පේ හොඳ වෙලාවට අවසානෙට දාලා තියෙන පින්තූරේ දැක්කේ
    උඩ හරියට ගැලපෙන කොමෙන්ට් එකක් දිව අග තිබ්බේ

    ReplyDelete
    Replies
    1. අපරා‍දේ ඒ කමෙන්ට් එක දාමුකෝ බලන්න..

      Delete
  10. අපි අහුවෙයි ඕවට. මම දන්නවනේ සෑම් කුණුහරුප ලියන්නෑ කියල. අනික අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො, හරිය. මම නම් මුල ඉඳලම වැරදියට හිතන් කියෙව්වෙ නෑ, හරියට හිතාගෙන කියෙව්වෙ. ;)

    ReplyDelete
    Replies
    1. අම්මේ ම‍ගෙ චරිත සහතිකේ විදිහට ප්‍රින්ට් කර ගන්න හිතෙනව බං.

      Delete
  11. Replies
    1. එතකොට සැබෑ රස නැහැනේ :(

      Delete
  12. අපේ අප්පේ කියන කතා...... හාමේ.... මේකද

    ReplyDelete
  13. හූ හූ...හූ හූ....අදනම් අහුවුනේ නෑ...සැමා අයියා ගැන කියෝල තියන හින්දම පලවෙනි පද හතර කියෝනකොටම දැනගත්ත මොකක්ද කියලා.
    ෂික් ඒත බලන්න ආපු ඒවා නෙවෙයිනේ තිබුනේ...

    ReplyDelete
    Replies
    1. අප්පද බොල තරුවා දියුනු වෙලා නොවැ..

      එල එල.. සතුටුයි !

      Delete
  14. කලිසම ඇදන් ඉන්න වෙලාවට නම් මැද්දේ තෙරපන්න එපා

    ReplyDelete
    Replies
    1. මගුලයි.. රැලි ගැහෙයි !

      Delete
  15. අද නම් උඹෙ ගැටේට අහුඋනේ නෑ සැමෝ......අයන් එක කියලා හිතුනා :D

    ReplyDelete
    Replies
    1. තොපි නරක් වෙලා. රැවටෙන්න දන්නෙත් නැහැ :(

      Delete
  16. සතා කවුද කියලා දන්න හින්දා කැත හිතක් නැතුව බලා ගෙන ගියත් ටිකක් දුර යද්දි හිත කැත වුනා.ඒත් අපරාදේ අගට යනකොට ආයෙත් වෙනස්

    ReplyDelete
    Replies
    1. ටික දුරකදි හිත කැත වුනා.. හිනා යනව බං..

      Delete
  17. ලැබුනු පුංචි විවේකයකදී, කියවන්ට ආවේ. අනෙක් අයගේ හිත් පටලන්ට ලියපු කවි බව නම් හොඳටම තේරුනා.

    මම නැති උනාම කට්ටිය හෝ ගාලා පෝස්ට් ලියනවනේ.:)

    ReplyDelete
    Replies
    1. ඇයි ඔබ තුමියත් දාල තිබ්බෙ ?

      ඔයා හිටියම කට්ටියට ලියන්න වෙලාවක් නැහැනේ. ඔයා එක්ක සෙට් වෙලා චැට් නේ :පී

      Delete
  18. අදයි අප්සට් ගියා බං. කල්පනා කරලා කරලා පින්තුරේ බැලුවේ එතකං තේරුනේ නැහැ. යට විස්තරේ නැත්නම් ඒත් තේරෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මම උබ නිසාම තමා තොරනේ විස්තරේ දැම්මේ.

      මලක් නැත්තම් නොතේරෙන එව්වො ඉන්නව නේ :ඪී

      Delete
  19. යෙප්.. මම සත්තයි හිතුවා මේ අයන් එකක් ගැන කියලා..ප්‍රොමිස් අලේ..මම හරි..... :D

    ReplyDelete
    Replies
    1. ඔයා හිතුවේ Iron - යකඩ කියල නේද?

      ඒ‍හෙනම් වැරදි :))

      Delete
  20. හොද වෙලාවට මගේ හිත කැත නෑ... කැත හිත් වලටනේ කවි ලියලා තියෙන්නේ !!!
    හැබැයි ඉතින් අර අක්කෑ අයන් එක වෙන්ඩෑ ලෝකේ තියෙන දුක් විඳිනම අයන් එක !!! ඔන්න උනට තේරුනා නම් පහලින් කමෙන්ට් කරහන් !!!

    ReplyDelete
    Replies
    1. ඒක දුක නෙවේ බං.. සැප.. :)

      Delete
  21. මේකෙන් පේන්නෙ සෑම් ගෙ පැහැදිලි ඊරිසියාව...

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර අයන් එකක් ඇත. ඉරිසියාව කුමටද ?

      :)

      Delete
  22. මට අයන් එකක් මතක් වුනේ නෑනෙ...:( මුකුත්ම හිතුනෙ නෑ.. ප්‍රොමිස්!! ඇත්තමයි කියන්නෙ මම...

    ReplyDelete
    Replies
    1. අප්පේ දස අතේ දිවුරලා.. අහිංසක හිතුවක්කාර කෙල්ල.. :)

      Delete
  23. අනේ බන් මටත් අන්තිම එක වෙනකන් අල්ලගන්න බැරි උනා නේ :(
    කවිටික පස්ටා!!

    ReplyDelete
    Replies
    1. අල්ල ගන්න බැරි වුනා කිව්වේ ???

      Delete
  24. මම නම් දැන් සැමා ලියන හෙඩිමට බය වෙලා යන්නේ නෑ....එහෙම ගියේ ඉස්සර........

    ReplyDelete
    Replies
    1. නිර්භීත ලමයි දැන් මෙයාලා.. සෑමා යුධ පුහුනුවක් දෙනවද මන්දා :)

      Delete
  25. ඒකියන්නේ මේක අරවට කියපු කවි පෙලක්. මම කියැවුවේ කැත හිත් වලට.පට්ට ඈ...! ජය...!

    ReplyDelete
    Replies
    1. හිකිස් අරව මේව පටලගෙන නේ !

      Delete
  26. මල හලියෙඩිම ටේලුනා අයන් එකක් ගැන ටමයි කීල.......;)

    අපි ඩැන් උයාගෙ කවි සිස්ටොම් එක ඩන්නවනී..............^_^

    ReplyDelete
  27. මෙදා පාර නං යාංතමට වගේ හිතුනා ‍ඕක තමයි කියලා.. ඇති යාංතං.. හිකිස්..

    ReplyDelete
  28. එල එල.. අපේ ඉතින් කැත හිත් නෑ නොවැ... ගුඩ් තින්කින්.. මම කිවුවේ අයන් එක ගැන හිතුන එක..

    ReplyDelete
    Replies
    1. හරි ඉතිං අයන් එක ගැන තමා !

      Delete
  29. මල හතයි ඈ!ඔන්‍න‍ මං නම් කතා හිතෙන් තොරව අන්තිම වෙනකම් කියෙව්වා!

    ReplyDelete
    Replies
    1. මල හතයි ? මල් හතයි ?

      :ඩී

      ජය !

      Delete
  30. දැං සෑමගෙ හැටි දන්නව අපි... හි හි...

    ReplyDelete
    Replies
    1. දැන් වැඩේ නවත්තන්න වෙයි වගේ :(

      Delete
  31. මැදක් වෙන්ට කියවලා, කොයිල් වගේ හින්දා පල්ලෙහාට එක්ස්ප්‍රස් ආවා. මෙන්න බොලේ........

    ReplyDelete
  32. මම නම් මුලදිම දැනගත්තා.

    අන්තිමට දාපු අමතර විස්තරය නොතිබුණානම් හොදයි.

    //කෙලින් වී සිට
    විඩා නිවාගෙන//

    මෙතනදි රිදම් එක පොඩ්ඩක් අවුල් වෙනවා. විඩා නිවාගෙන වෙනුවට "ඉසිඹුවක් ගෙන" කියලා දැම්මානම් ගානට එනවා.
    කොහොම වුනත් විශිෂ්ට නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ඔය කියන පදය දාන්න කලින් මාත් හිතුවා. ඇත්තටම රයම් එක අවුල් ගියේ එතැන තමා. මාත් ඇබරුනා වචනයක් නැතුව. ඉසිඹුව හොදා තමා.

      "විඩ නිවාගෙන" දාන්නත් හදල මේ විදිහටම දැම්මා හිටියා.

      ජයෙන් ජය !

      Delete
  33. උඹේ හැටි දන්නා නිසාම හිතුවා අයන් එක ගැන වෙන්ට ඇති කියලා...
    පට්ට ඈ....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං අහුවුනාට පස්සෙ පච කෙලිනවා..

      Delete
  34. මටත් මුල ඉදන් හිතුනා අයන් එක කියලා.

    ReplyDelete
  35. පට්ට යකෙක්නෙ බොල...!
    හප්පොච්චියේ... තව පොඩ්ඩෙන් කෝච්චිය පීලි පනිනවා..!

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් නෙවේ.. පැනල ඉවරයි වගේ..

      Delete
  36. සැමා අයියගෙ කැත හිත් වලට ලියන කවි පට්ටනෙ.... මගේ හිත නම් කැත නෑ අලේ..උබල තමයි මේ අපිවත් නරක කරන්නෙ...
    ගොඩ කාලෙකින් මේ පැත්තට ආවෙ....මටත් මුලදී මීටර් උනේ නෑ මොකක්ද කියල මගදි නම් තේරුණා මොකාටද එන්නෙ කියල...

    ReplyDelete
    Replies
    1. කාලෙකින්ද පලවෙනි පාරද බං අවේ.. මට මීටර් නැහැ බොලාව ;)

      ජය !

      Delete
  37. සික් විතරක් . . මූ මේ අයන් එක ගැනනේ ලියලා තියෙන්නේ . . :D

    ReplyDelete
    Replies
    1. නැහැ මචං අයන් එක ගැන :ඩී

      Delete
  38. සැහ් ඉතරක් .. මූ ඇත්තත කුණු හබ්බයක් ලිව්වත් දැන් ඒක තේරෙන්නෙ නැතුව යනවා

    ReplyDelete
    Replies
    1. කුනු හබ්බ ??? එකක් දාල බලන්න ඕනේ ;)

      Delete
  39. උඹේ හිතට පහල වෙන අදහස් නම් කියල වැඩක් නෑ සෑමෝ. වෙලාවකට හිතෙනවා කුණුහරුප කියලා ජාතියක් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කුනු හරප නැහැ මචං.

      ඔය කුනු හරප කියන වචන කිහිපය නාම පද හා ක්‍රියා පද විතරයි. තමන් ලගම තියෙන නාම පද හා තමන් කරන ක්‍රියා පද

      ඒවා කුනු හරප නම් තමන් කුනු හබ්බයක් වෙනවනේ..

      Delete
  40. ආදරේ වැඩි කමටදෝ උඹ
    බදාගෙනම උන්නේ යට ඇඳුම ඇගේ
    බැරිම තැන ඇය වැරදමා ඇදි විට
    අතැර නොම සිටියානේ කොටසක්

    ReplyDelete
  41. අනේ සෑමෝ මමනම් සිරාවටම අහුඋනා බොරු කියන්නේ මොකටද මමනම් හිතුවේ මොකක් හරි වල් සීන් එකක් කියලා ....

    ReplyDelete
    Replies
    1. අන්න රොබින් නියම කොල්ලෙක් !

      Delete
  42. උබගෙ හැටි දන්න නිසාම වල් විදියට කියෙව්වෙ නෑ.ඒත් කරුමෙට වල් විදියටමයි හිතෙන්නෙ. ඇත්තටම නියම නිර්මානයක් කැත හිත්වලට.

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  43. පිස්සු කොර සෑමෝ!!!!

    ReplyDelete
  44. කැත හිත තියෙන අපි වගේ උන් සැමාගේ කවි කියවන්න පටන් ගන්නේ යට ඉදලා නිසා ගානක් නෑ. දැන් ඔය හොද හිත් තියෙන අයට මොන මොනවා හරි වෙන්න සිස්ටම් එක මාරු කලොත් හොදයි වගේ හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපෝ කැත වැඩ බං.. යට ඉදන් පටන් ගන්න එක :පී

      Delete
    2. කැත හිත තියෙන උන් යට ඉදන් තමයි බං පටන් ගන්නේ :P

      Delete
  45. කලිසම මැද තෙමුණ වෙලාවේ ඇඳන් ඉඳිද්දී ඕකෙන් වේලන්න ගිහින් සෑමාගේ ... මොකක්ද එකක් ගානට වඩා වේලී ගියයි කියන්නේ ඇත්තද ?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මැද්ද මැදලා රැලි තිබ්බ කියලද හිතේ..

      Delete
  46. හම්මේ ඇති යාන්තං මෙදා සැරේනම් ටිකක් කියවනකොට වැඩේ හරියටම තේරුනා

    ReplyDelete
    Replies
    1. කාව්‍යාත් බොරු කෙලින්න අරන් වගේ..

      Delete
  47. මීට පස්සෙ ඇඳුම් මදින ගානෙ මේක මතක් වෙයි.
    උඹ මේ අයන් ගැන දාපු දෙවෙනි එක... ඇයි ස්පයිඩර්මෑන්?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අහ් ඔව් නේද? අයන් ගැන දෙවෙනි එක තමා මචං..

      උඩින් එකෙක් දාල තිබ්බ 'අයන් මෑන්' කියල. අරක ස්පයිඩර් මෑන් මේක අයන් මෑන්.. :)

      Delete
  48. මුලින්ම ආපු ගමන් - අහ් මේ සැමාගේ කැත හිත් කවිනේ සෑහෙන කාලෙකින් ලියලා තියෙන්නේ...
    මුල් ටික කියවද්දි - අද නම් හරියටම හිතනවා මොකක් ගැනද කියලා හි හි
    ටිකක් මැදට යද්දි - හෑ මේ මොන කුණුහරුපයක්ද බොලේ "තනපටත් වැතුරුවාලු"
    මැද්දෙදි - අද සිරාවටම සීන් එකක් කියලා තොපි රැවටුණානේ කියලා කියයි හාපෝ මේකනම්..
    අන්තිමට ලඟයි - සරම අස්සෙත් ගිහිල්ලා(මාව නිල් වී ඇත)
    අන්තිම කවිය - අද නම් විනාසයි හාපෝ

    අන්තිම විස්තරේ - අහුවෙයන්කෝ තෝව..... මුගෙ අවලං වැඩ $ෑ$%උ&^*&(

    විස්තරේ නොතිබෙන්න ගැමියා කපෝතිය...
    පට්ටම පට්ටයිය මා ඇදගෙන නා බැහැලත් නෑවෙමි

    ReplyDelete
    Replies
    1. පියවර වශයෙන් කුතුහලිත හැගීම් විස්තර කිරිමේ ලා ගැමියා නම් සුපිරිය.

      ජය :ඩී

      Delete

Related Posts Plugin for WordPress, Blogger...