Tuesday, May 1, 2012

ඩිස්ප්ලේ ගිය ෆෝන් එකෙන් මැසේජ් කියවීම.. (දෝදු නැවතත්...)

සෑමා මෑතකදී දෝදුගේ පෝස්ටුවක් දැම්මේය. ඒ දෝදු ක්ලාස් අරන ආපු සී.ඩී.එම්.ඒ ෆෝන් එක ගැනය. ඒ පෝස්ටුව අවසානයේ සෑමා පොරොන්දු වූයේ දෝදුගේ ඩිස්ප්ලේ ගිය ෆෝන් එක ගැන කියනවා කියාය. එය මෙසේය.

දිනක් දෝදු, සෑම් සහ ඇඩ්ඩියා (සෑමාගේ සහ දෝදුගේ මිතුරෙක්) මල ගෙදරකදි සෙට් වීය. කලින් පෝස්ටුවක (ධර්මේ සහ කැරම් බෝඩ් එක) කී පරිදි සෑමා මගුල් ගෙවල් වලට වැඩිය මලගෙවල් වල යෑමට කැමතිය. ඒ කැරම් බෝඩ් සහ ඕමි කුට්ටම නිසාය. එහෙත් මගුල් ගෙවල් වල ඒවා නැත. මල ගෙවල් වල මෙන් ෂෝටක් ගසාගෙන යන්නට බැරිය. එසේම හෝල් එකට කොටු වී එක එකාගේ විගඩම් බලාගෙන සිටිය යුතුය. මල ගෙදර එසේ නැත්තේය. ටකරන් වහලක් යටට වී කැරමක් ගසන විට සැමන් හෝ බටර් ගෑ පාන් පෙති ලගටම ගෙනත් දෙන්නේය. මගුල් ගෙදර ලගට ගෙනත් දෙන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එක සහ කේක් කෑල්ල පමණක්ය. එහෙත් මල ගෙදර කන්නට ලගට ගෙනත් දී ඉගුරු දැමූ ප්ලේන්ටියක්ද ලගින් තබන්නේය. දැන් නම් නෙස්කැෆේ මැෂින් පවා ස්ථාන ගත කරන්නේ මලගෙවල් වලය.

එදා මලගෙදරදී ඇඩ්ඩියා ඕමි ගසමින් සිටියේ දෝදු සමගය. සෑමා පැත්තකට වී හිදගෙන සිටියේ ඇඩ්ඩියා සහ දෝදුවා මැදය. ඇඩ්ඩියාගේ ෆෝන් එකට ආවේ මැසේජ් එකක්ය. වේලාව රාත්‍රී 11 පසුව තිබුනේය.

"ඔන්න ඉතිං පටන් ගත්තා" ඇඩ්ඩියා සාක්කුවේ තිබි කැට කොල අස්සෙන් එලියට ඇද්දේ ‍ෆෝන් එකය.

"බලපං බං මල ගෙදරක පොඩ්ඩක් ෆන් එකක් ගන්න යන්න බැහැ මේ ගෑනි කරදර කනවා" නැවතත් ඇඩ්ඩියාය.

"අපෝ ඔව් බං. උන් නිදා ගන්නකොට මෙහෙ ඉන්න අපි නිදාගත්තේ නැත්තං ඇහැරිලා ඉන්නවා වද දිදී" ඒ තව අයෙක්ය.

"ඔයාට ඉක්මනට එන්න කිව්වා නේද මම.. අනික ඇයි නොකියා ගියේ" මැසේජ් එක සද්දෙට කියවුයේ ඇඩ්ඩියාය.

"හරි මගුලක්නේ බං මේක. සෑමා මේ ෆෝන් එක ගනින් දැන් ඉතිං දිගට හරහට රිප්ලයි කරන්න වෙයි. උඹ මැසේජ් එකක් ආවහම මට කියපං. මම කියන රිප්ලයි එක ටයිප් කරලා යවපං"

ඉස්සර ඉස්කෝලෙදී සමහර එවුන් කෙල්ලන්ට ලියුම් ලියා ගත්තේ සෑමාට කියාය. එසේම සමරු පොත් සහ ටීන් බුක් පවා පිරවූයේ සෑමාට කියාය. සෑමාට එය සිහිවිය. ඇඩ්ඩියාගේ කෑල්ල සමග මරා ගන්නට එදා එස්.එම්.එස් කෙටුවේ සෑමාය. තාක්ෂනයට පිහිටවන්නට අත් අකුරු වෙනස් වෙන්නේ නැතිය. පුද්ගලයා පමනක් වෙනස් වන්නේය.

"මම නම් මේ ටිකේ මැසේජ් යවන්න බැරිව බං ඉන්නේ..." ඒ අතර දෝදු කීවේය.

"ඇය උබට කී-පෑඩ් එකක් නැද්ද?" එවර දෝදුට ප්‍රශ්නයක් නැගුවේ ඇඩ්ඩියාය.

"නැහැ බං මගේ ඩිස්ප්ලේ එක ගිහිල්ලා. හරියකට පේන්නේ නැහැ. දවාලක නම් ඉර එලිය නිසා ඇල කරල බැලුවම පේනවා. රෑට ලයිට් එකක් ලග කරකවල බැලුවත් අමාරුවෙන් බලාගන්නේ." දෝදු සිදුවීම විස්තර කලේය.

"නැහැ බං මම හිතන්නේ ඩිස්ප්ලේ එක ගිහින් නෙවේ. ඩිස්ප්ලේ එක පිටිපස්සේ තියෙන බැක් ලයිට් එක ගිහින් නිසා තමා ඔය කේස් එක වෙන්න ඇත්තේ." සෑමා කීවේ බැක් ලයිට් සීන් එක අසා ඇති බැවිනි. අනික ඩිස්ප්ලේ එක ගියා නම් කොහොමවත් නොපෙනේ.

"ඉතිං බං උබ කෝමද කෝල් ගන්නේ ඕක පේන්නේ නැතිව." ඇඩ්ඩියා පිට පිට ප්‍රශ්න ඇසුවේ දෝදුගේ කතාව සත්‍යය බව තහවුරු කොට ගැනීමටය.

"නැහැ මචං නම්බර් මතක කෝල් ගන්න එක ගේමක් නැහැ. නිකං ඩයල් කරන්න තියෙන්නේ. අනික කන්ටැක්ට්ස් වල තියෙන නම්බර් ඩයල් කරන්න පොඩ්ඩක් දැගලුවම පුලුවන්. මැසේජ් තමා සීන් එක..." දෝදු විස්තර කලේය.

මලගෙදර කතන්දර එසේ අවසාන වූයේය. සතියකට පසුව මට මුණ ගැසුනේ ඇඩ්ඩියාය. ඒ අපේ ගෙවල් ලග සැලූන් එකේදීය.

"මචං පට්ට සීන් එක බං" ඒ ඇඩ්ඩියාය.

"ඇයි බං මොකද ?"

"බලපං දෝදු මාර ආතල් එකක් දුන්නනේ." ඇඩ්ඩියා හිනා නවතා ගත නොහැකිව ෆෝන් එක එලියට ඇද්දේය.

"ඇයි ඇයි මොකෑ සීන් එක." දෝදු ගැන උනන්දු සෑමා කලබලෙන් ඇසීය.

"උඹට මතකද දෝදු උගේ ෆෝන් එකේ මැසේජ් බලන්න බැරි කතාවක් කිව්වා.." ඇඩ්ඩියා ඇසුවේය.

"ඔව් බං එදා මලගෙදරදි කිව්වේ. මට මතකයි." ඒ සෑමාය.

"මට පෙරේදා දෝදුවා මැසේජ් එකක් ෆෝව(ර්)ඩ් කළා බං."

"ඉතිං ඌ කෝමද මැසේජ්  ෆෝව(ර්)ඩ් කරන්නේ ඩිස්ප්ලේ නැතිව. අනික කවුරු එවපු එකක්ද බං?? " සෑමාට ප්‍රශ්න වැලකි.

"ඇයි බං ඌ කිව්වේ රෑට අමාරුවෙන් වුනත් මැසේජ් බලන්න පුලුවන් ඒත් බුදු ගේමක් දෙන්න ඕනේ කියලා. දෝදුවට කෑල්ල එවපු මැසේජ් එකක් මගෙ හිතේ. පොර ඒක අමාරුවෙන් මට ෆෝව(ර්)ඩ් කරන්න ඇති. මගෙ නම්බර් එකත් මතක නිසා...." ඇඩ්ඩියා කියාගෙන ගියේය.

"ඉතිං..." ඒ සෑමාගේ ප්‍රශ්නයයි.

"ඉතිං කියන්නේ බං. මූ මැසේජ් එක මට ෆෝව(ර්)ඩ් කරලා අනිත් පැත්තට කෝල් එකක් ගත්තා. අරගෙන මට කිව්වා...."

"මොනාද කිව්වේ..." ඇඩ්ඩියාගේ ප්‍රමාදය සෑමාට බලා ඉන්නට බැරි විය.

"මචං මම උබට මැසේජ් එකක්  ෆෝව(ර්)ඩ් කළා, ඒක කියවලා ඒකෙ මොනවද තියෙන්නෙ කියලා මට මැසේජ් එකක් දාපං මචං..." කියලා දෝදු ෆෝන් එක තිබ්බා බං...



ඔබ ටියුබ් ලයිට් නම් කතාව රස නැත්තේය.

Written by sAm_11.42am_01.05.2012

92 comments:

  1. හැකැස්.....

    //"මචං මම උබට මැසේජ් එකක් ෆෝව(ර්)ඩ් කළා, ඒක කියවලා ඒකෙ මොනවද තියෙන්නෙ කියලා මට මැසේජ් එකක් දාපං මචං..."//

    ඒක කියවන්නෙ පොලිසියෙන්ද දන්නෙ නෑ.. :-)))

    ReplyDelete
  2. පට්ට සීන් එක තමා සෑමෝ..... ඇත්තටම වෙච්චි දෙයක්ද කියලත් හිතෙනවා... අයියෝ සල්ලි....

    ReplyDelete
    Replies
    1. බොරු නෙවේය. සත්‍යය සීන් එකකි. දොදු එහෙම තමා..

      Delete
  3. :P යකෝ ඇඩ්ඩියා එවන එක ෆෝවඩ් කරන්න වෙන්නේ සෑමට හිකිස්‌

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මට එව්වොත සොරි කියලා දන්නව නේ !

      ජය ශ්‍රී කිව්වා..

      Delete
  4. pissu kora doduwa awilla mister beenma tamai sirawata a ewana msg eka kiyawanne policiyenda dan daaa

    ReplyDelete
    Replies
    1. මොකෑ මේ භාසා අරුබුදය??

      ඇමරිකන් විරෝදී නෙවේද හිකිස්..

      Delete
  5. හිකිස්...
    :D
    ඒ එවපු msg 1ත් ආයෙම forward කරානම් හරි ඈඩ්ඩියට...

    ReplyDelete
    Replies
    1. අලි පටලැවිල්ලක් එතකොට !

      Delete
  6. උඹලගෙ දෝදුවත් සිරා ඩයල් එකක්නෙ බං. දැන් ඌට එන මැසේජ් එක කියවන්නෙ කොහොමෙයි....?

    ReplyDelete
  7. අරුගෙ කෙල්ල මොනවා එවලා තිබුනද දන්නේ නෑ.... හික්ස්ස් :D

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ නැද්ද බොල අනුන්ගේ ඒවා බලන්ට

      ජය ශ්‍රී කිව්වා..

      Delete
  8. සෑමටත් ඉන්නෙ එයාටම හරියන යාළුවෝ...!!

    ReplyDelete
  9. නයි කයිද රෝස්පාන් කිව්වලු !!! දෝදුවා උඹටම ගැලපෙන ඩයල් එකක් වගේ :)

    ReplyDelete
    Replies
    1. දෝදු වුනාට හිත හොද එකා බං..

      ජය ශ්‍රී කිව්වා..

      Delete
  10. හික්ස් මරු බන් අපෙත් එකෙක් ලගදි මළගෙදරක ගිහින් එන ගමන් කිව්වා .. "ඔය ටෝච් එක අල්ල්පං ෆෝන් එකට වෙලාව බලාගන්න" කියලා...!!

    ReplyDelete
    Replies
    1. අප්පද බොල පොරත් දෝදු වගේ..

      ජය ශ්‍රී කිව්වා..

      Delete
  11. මා ටියුබ් ලයිට් බව සැබැවය. එත් මේක කියවල ඉවර වෙනකොට සුටුස් ගාල මීටරේට වැටිලා බකස් ගාල හිනාවක් ගියා ඉන්න තැනත් අමතක වෙලා. දෝදු වගේ මොලේ තමයි මොලේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ බොලා ෆ්ලෑෂ් ලයිට් එකක් වෙලා..

      එහෙනම් ජය !

      Delete
  12. පට්ට පට පට! උඹ මේක සෑහෙන ආඩම්බර පෙන්නලා තමයි දැම්මෙ නේ?
    මමම් ඊයෙ රෑත් කියෙව්ව මේවගෙම අනුන්ට කියලා මෙසේජ් ගහගත්ත කතාවක් වෙන බ්ලොග් එකක.
    http://chami4u.blogspot.com/2012/04/normal-0-false-false-false-en-us-x-none.html
    අලුත් කොල්ලෙක්ගෙ අලුත් බ්ලොග් එකක්. පට්ට කතාව. මමත් හිනාවුනා කොර වෙන්න.

    මම අලුත් අධිශ්ඨානයක් ඇතිකරගෙන තියෙන්නෙ ඕනෙවට වැඩේය දිග කමෙන්ට් නොලියන්න උඹේ පෝස්ට් එකට. ඒක දැන් පුරුද්දකට ගිහින්. මම නෝට් කලා මම ලියලා තියෙන කමෙන්ට් උඹේ පෝස්ට් එකට වැඩිය පොඩ්ඩයි කොට. හුටා දන්නෙම නැතුව අදත් දිග කමෙන්ට් එකක් ලියලා නේද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. උපදේශයක් දෙන්නද? ස්වයං වාරණ දාගන්න එපා කොයි වෙලාවකවත්. හිතේ තියනදේ ලියන්න දිග උනත් කොට උනත් කමක් නෑ. දිග කොමෙන්වු වලින් තමයි පෝස්ට් ලස්සන වෙන්නෙ.

      Delete
    2. @ඩියුඩ් - ලින්ක් එකේ කතාව සුපිරි. මම ෆලෝ පාරක් දුන්නා බ්ලොගට. හොද අනාගතයක් තියෙයි වගේ.

      රාජ් මහත්තයා කිව්ව වගේ වාරණ හොද නැහැ හොදේ. අලුත් පෝස්ටුවට මම දැක්ක පොඩි කමෙන්ටුවක් දාල තියෙනවා :ඩී

      Delete
    3. උඹලා දෙන්නම කමෙන්ට් එකේ දිග ගැන මම කිව්ව කතාව සිරා අරගෙන. මම විහිලුවට බොලව් කිව්වෙ.
      henryblogwalker the Dude

      Delete
    4. අම්මද බොල.. විහිලුවක් කොරල තියෙන්නේ.. :)

      Delete
  13. හිකිස්...හපොයි ඩෙයියනේ....එටකොට ඒක කියෙව්වෙ කෝමට ඩෝඩුව.....:P

    ReplyDelete
    Replies
    1. කියවන්ට කලින් ඇඩ්ඩියා කුනු හබ්බයක් දෙසන්ට ඇති..

      Delete
  14. මම දාන්න ගිය කොමෙන්ට් එක 'අඩවි රජා' දාල.....!
    සෑම් ටම ගැළපෙන යාලුවො...:D:D

    ReplyDelete
  15. හනේ මෙහෙමත් එවුන්.. පිස්සු හැදෙනවා...

    ReplyDelete
    Replies
    1. පිස්සු පීකුදු කිව්වලු !

      Delete
  16. ඌ කියන්ඩ ඇත්තෙ ඊ-මේල් එකක් එවන්ඩ කියලා වෙන්ඩැති බොල.

    ඒක නෙමේ, මට කියලා දීපන්කො බන් දෙන්නෙක් ඕමි ගහන විදිහ.

    ReplyDelete
    Replies
    1. ඇයි හුන්ගාත් එක්ක..

      Delete
    2. ඈ බොල සෙන්නෝ.. ඕමි ගහන්ට 4ක් ඕනේ තමා. දොදු සහ ඇඩ්ඩියා එකම පැත්තේ සෙල්ලම් කරපු නිසා උන් දෙන්න ගැන විතරයි බොල දැම්මේ..

      අම්බෝ... උබලා..සෑමව කන්න බලන් ඉන්නේ..

      Delete
    3. අඩේ අහිතකින් කිව්වා නෙමේ බොල ඇත්තටම මට හිතුනා, මම නොදන්න මොකක් හරි කෙරමයක් තියනවත්දෝ කියලා.. උන් දෙන්නා ඕමි ගහනවා, උඹ මැද්දෙ කිව්වම මම හිතුවා උබලා තුන්දෙනා විතරමයි කියලා. විශ්වාස කරපන් දෙපාරක් කියවලා ඕක ඇහුවේ..

      Delete
    4. අසර්, මොකක්ද බන් හුන්ගගෙ කතාව ?

      Delete
    5. ඇයි බං ක්‍රිකට් සෙල්ලම් කරද්දී ඒක පිලකට එක්කෙනෙක් අඩු වුනොත් අතිරේක ක්‍රීඩකයෙක් ගන්නවා.ඒ කියන්නේ ඒ පිලේ ඉන්න හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කෙනා දෙසැරයක් බැට්‌ කරනවා. "ICC සුපර් සබ්" හඳුන්වා දෙන්න කලින් අපි ඒ තියරිය අනුගමනය කලේ.ටිකක් ලඟින් යනවා නේ.

      Delete
    6. සෙන්නා හුංගා දන්නෙ නැහනේ බොල.. හයියෝ...

      @සෙන්නා - තුන්දෙනෙක් ඕමි නෙවේ හත් වාසි කියලා ක්‍රිඩාවක් කොරනවා දන්නවැයි..

      බොලා එදා දානවා කිව්වට මට මේල් එද දාල නැහැනේ !!

      Delete
  17. හොඳ යාලුවො. කීයක් හරි දාලා ෆෝන් එකක් අරන් දුන්නනම් මොකද

    ReplyDelete
    Replies
    1. අන්න විසදුම.. ඒත් සල්ලි ගස්වලින් කඩනවැයි :ඩී

      Delete
  18. අන්න මොලේ තියෙන කොල්ලෙක්... ඇඩ්ඩියා වගේ යාළුවෙක්ට ගිය නිසා හොඳා. සෑමට ආවනම් එහෙම බ්ලොග් එකෙත් දාවි... හික්ස්... අපරාදේ සෑමෝ. මීට පස්සේ උඹේ නම්බරේ පාඩම් කරවපං...

    සිරා කතාව මචං...

    ReplyDelete
    Replies
    1. අම්මේ මගෙ නම්බරේ අමතක තරමට හොදා. අන්තිම අංකේ එ‍හා මෙහා වුනොත් මගේ පවුලට කතාකරයි දෝදුවා.. හිකිස් !!

      Delete
  19. මාත් කැමතිම ඔය මළ ගෙවල් වල ගම්නට තමා බං සිරා ආතල් උබ්ලා දන්නවා ඇතිනේ මළ ගෙවල් මල මාරයා නොහොත් සෙවනගල ගැන එහෙමත්?

    ReplyDelete
    Replies
    1. කනියෝ බොලගේ කමෙන්ටුව ස්පැම් වෙලා තිබ්බ. දැන් එලියට දැම්මේ...

      ‍ෙසවනගල සින් එක දන්නෙ නැහැ බොලව් මම නම් :((

      Delete
  20. මරු කතාව​... ආයි කට්ටිය සෙට් උනහම තමා දෝදුවාට තරු පේන්නේ,,,,

    ReplyDelete
    Replies
    1. අපෝ ‍ඊට පසසේ සෙට් වෙලා කොල්ලව විනාස කලා අපිම..

      Delete
  21. :D හයියෝ.... අන්න යාළුවෝ.. :D :D :D

    ReplyDelete
  22. හනේ අපොයි...යාළුවගේ මොලේ නම මරු...P හැබැයි ඉතින් සැමාගේම යාලුවනේ..;) එයාටම ගැලපෙන්න එපයි කරණ වැඩත්..:D

    ReplyDelete
    Replies
    1. අනේ මේ... යකා අවුස්ස ගන්නව නෙවේ හරිය..

      ;)

      ජය වේවා !

      Delete
  23. මම නම් ටියුබ් ලයිට් :(

    ReplyDelete
  24. අපොය් ඒ මැසේජ් එකෙ මොනවා තිබුනාද දන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අහන්න එපා අනිත් අයගේ මැසේජ්.. :))

      Delete
  25. දෝදුවා අරු එවපු මැසේජ් එක කියෙවුවේ උඹට ෆෝර්වර්ඩ් කරලද?

    ReplyDelete
  26. පික්ශු හැදෙනවා !!!!
    අඩේ දෝදුවාට නම් ඇත්තටම දෝදු !!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි හරි නම දැම්මේ !

      Delete
  27. ම්මත් නිකන් ටියුබ් ලයිට් වගේ...:(

    //ඉස්සර ඉස්කෝලෙදී සමහර එවුන් කෙල්ලන්ට ලියුම් ලියා ගත්තේ සෑමාට කියාය. එසේම සමරු පොත් සහ ටීන් බුක් පවා පිරවූයේ සෑමාට කියාය.//

    හික්ස්ස්.. මේකනම් නිකන් අප්සට් හෆ්ෆා.. වෙන එකෙක් හිටියෙම නැද්ද දන්නෙ නෑ ලියුම් ලියවගන්න..;)

    ReplyDelete
    Replies
    1. අලේ මේ යනවා.. අපේ කොල්ලො දන්නවා හැකියාවට තැන දෙන්න. ;)

      ජය !

      Delete
  28. පට්ට සීන් එක නේද.....

    ReplyDelete
  29. සෑමා, විහිලුවක් කරලා මේකයි විහිලුව කියලා විස්තර කරලා දෙන එක මාර ආතල් නේ!!!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සිරාවටම.. ඒ වෙලාවට එන තරහ නම් මට කියන්න තේරෙන්නේ නැහැ..

      විහිලුවේ කික් එකත් යනවා..

      Delete
  30. මිනිහෙක් ගහකට නැගල ගහෙන් බහින්න විදියක් නැතුව ඉද්දි කල්පනා වුනාලු ගහෙන් බැහැල ගිහිල්ල ගෙදර තියෙන ඉනිමග ගෙන්න.මේකත් ඒ වගේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඒකත් ගැලපෙනවා නේද අසර්...

      බොට කොහෙන් එන ඒවද මන්දා..

      Delete
  31. නියම කතාවක්නේ සැම්....දොදුවත් මාර පොරක්නේ..හිකිස්‌...සමහර විට ඇඩ්ඩියා එවන ඒවා උට දිවැසින් වගේ පේනවද දන්නේ නැහැ...



    Dude මගේ බ්ලොග් එක ගැන දැම්මට හොඩක් ස්තුතිය මචං..

    ___චමී _____

    ReplyDelete
    Replies
    1. මම ඒ පැත්තේ ගියා. මරු පෝස්ටුව.

      නැවත එමි..

      ජය පතමි..

      Delete
  32. ඔය තියරියේ ගොඩක් දේවල් තියනව, මෙන්න බලන්න
    සදාසල යන්තරේ.
    විචල්‍ය ගනනට වඩා එකක් අඩු සමගාමී සමීකරණ.

    තව තියනව මතක් වෙන්නෙ නෑ. ඔය කිව්ව ඔක්කොම එකම තියරියෙන් වැඩ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. අ‍නේ මන්ද සමගාමි සමීකරන දන්නවා.

      කමෙන්ටුව තේරුනේ නැහැ..

      රාජ් සැර වෙලාද මන්දා දරුනු කමෙන්ට් දාන්නේ..

      Delete
    2. ඒ කිව්වෙ සෑමෝ වටේ ගියත් ප්‍රශ්නෙ ආයිත් මුලටම එන ඒව. සදාසල යන්තරේ කියන්නෙ වාහනයක් කියල හිතමු. ඒකට තල්ලුවක් දාල ඒ බලයෙන් රෝද කරකවල රෝදවල ශක්තියෙන් කරන්ට් එක නිපදවල ධාවනය කරනඑකට. ප්‍රායෝගිකව මේක කරන්න බෑනේ.

      විචල්‍ය 2 සමගාමී සමීකරණයක් තියනව. එක සමීකරනයයි තියෙන්නෙ. මට මතකයි මම මේවගේ සමීකරණයක් අරගෙන ඒකම තව තැනක ලියල 1,2 කියල නම්කරල විසදන්න දරපු උත්සාහය.
      මේ හැම තැනකදිම වෙන්නෙ ආයෙත් ප්‍රශ්නයේ මුලට එන එකයි. යන්තම් ගෑවිලා යන්න කොමෙන්ටුව දැම්මෙ ටියුබ් ලයිට් උනොත් ආයෙ පැහැදිලි කරන්න බලාගෙන.

      Delete
    3. දැන් පට්ට පැහැදිලියි..

      මම ටියුබ් ලයිට් බව රාජ් ලෝකෙට පෙන්නුවද මන්ද..

      Delete
  33. Mage starter1 koitaram awul unath, me kathaawa nm 1paarin theruna aap... :D
    Niyamai.... :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ගොඩ.. දැන් දියුනු වෙලා ඔයා.. :)

      Delete
  34. හරි ශෝක් මොලයක් නේ ඌට තිබිලා තියෙන්නේ ....... හි හි

    ReplyDelete
  35. හෙහ් හෙහ් දොදුවට කියවන්න බැරි උගේ පවුල එවන මැසේජ් විතරයි මං හිතන්නේ. අනිත් ඒව්වා කියවන්න පුළුවන් ඇති ...:))

    ReplyDelete
    Replies
    1. අපොයි ඒවා කියවන්න දෙයක් නැහැ පොරට දැනෙනවා.. ,))

      Delete
  36. දෝදුවට පැටලුනාද දන්නෙ නෑ මැසෙජ් එකයි කෝල් එකයි.....

    ReplyDelete
    Replies
    1. ඉතිං බං එහෙනම් ෆෝන් එක කට් නොකර අහගෙන හිටිය නම් ඉවරනේ..

      Delete
  37. මැසේජ් කොන්ත්‍රාත් 1ත් කුලේටම බාරදුන්නනම් ඉවරයි ;)

    ReplyDelete
    Replies
    1. කුලේ.. අපොයි පවුල් කැඩෙන වැඩ.. කුලේ දන්නේ කුනු හබ්බ පමනයි..

      Delete
  38. උම්බලය් සෙට් 1 කේ කොල්ලෝ තමය් කොල්ලෝ :D

    මේක කියෙව්වම ලංකාදීප පත්තරේ තිබ්බ කතාවක් මතක උනා, වචන නම් හරියටම මතක නෑ
    (දොස්තර මහතෙක හා රේගියෙකුගේ කතා බහක්,ඔබ ටියුබ් ලයිට් නම් කතාව රස නැත්තේය. )

    දොස්තර :- අන්දයොන්ට ඇස් පෙන්නේ නැති උනාට එකට හරියන්ට ඒගොල්ලන්ගේ කන් හොඳට ඇහෙනවා, ස්වාභාදහම එහෙම නිර්මාණය කරලා තියෙනවා.

    රෝගියා:- ඒක නම් ඇත්ත දොස්තර මහත්තයෝ, අපේ මාමා කෙනෙකුත් ඉන්නව එයාගේ ඒක කකුලක් කොටය් එකට හරියන්න අනිත් කකුල දිගය්

    ReplyDelete
    Replies
    1. අඩෝ.. පස්ට සුපිරි.. මේ මහ රෑ මම තනියම හිනාවෙනවා..

      වෙලාවට ගෙදර අය නිදි..

      ටැංකූ වේවා !

      Delete
  39. මේක 100ලුනේ... ඔන්න සුභ පැතුම් සෑමෝ.. උබේ බ්ලොග මගේ බ්ලොග් රෝලේ පෙන්නන් නැති නිසා උබේ පොස්ට් මට අහුවෙන්නේ ටිකක් පරක්කු වෙලා..

    ජ‍ය වේවා බං...!

    ReplyDelete
    Replies
    1. ඇයි අපි රෝලට නොවැටෙන්න තරම් කලුද ?

      ස්තුති සහෝ..

      Delete
  40. අයියෝ මේ දෝදුනම් මාර එක්කෙනෙක්.මටත් මුල්ම කොමෙන්ටුව දකිනකල් ඒ ගැන ගානක් උනේ නැහැ...මොකක්ද ලයිට් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අපොයි මෙයත් බට ලයිට්ය..

      :))

      Delete
  41. හොඳ වෙලාවට යට රූපයක් නැති පොස්ටුවක්...පට්ට ආතල් පොරක් නෙ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...