Monday, April 2, 2012

ගුරුවරුන්ට පාඩම් උගන්නපු ‍අපේ කොල්ලෝ.....


ඉස්කෝලෙ යන කාලේ ගුරුවරුන් ලමයි යහමගට ගන්නට ට්‍රයි කරති. වරදක් කලොත් දඩුවම් කරන්නේ ඒ නිසාමය. ඒත් අපේ එවුන් දඩුවමක් ලැබෙන කොට ඒ සමගාමිව ගුරුවරුන්ටද ටොපියක් සෙට් කරති. නිව්ටන් නියමය සත්‍යය වන්නේ එවිටය.

ජෙල් ගෑම තහනම්.

ඉස්සර ජෙල් ගෑම තහනම්ය. පොල් ජෙල් ගෑම වරදක් නැත. සෑමා පොඩි කාලේ ඔලුවේ මුකුත් ගෑවේ නැත. එහෙත් ලොකු වෙද්දී සුවද තෙල් වර්ගයක් ගෑවේය. ඒ නමය වසරදීය. ඒත් කාලය සමග ජෙල් භාවිතයට කොල්ලෝ කුරුට්ටෝ පෙලබෙද්දී සෑමාට ජෙල් ගා කොණ්ඩය ඉහලට එසවීය. ජෙල් වැඩිපුර ගෑවාම සුවද එන නිසා ගෙදරට මාට්ටු වෙනවාය. එනිසා කොල්ලො බහුතරයක් කලේ ජෙල් පැකට් සාක්කුවේ දාගෙන ඉස්කෝලෙ ඒමය. ටොයිලට් එකට ඇතුල්ව ජෙල් ගෑම ජයටම සිදුවිය. සමහරු පොල් ජෙල් ගෑහ. පොල් තෙල් ගා ජලය මිශ්‍ර කළ විට පොල් ජෙල්ය. එසේම බේබි ඔයිල් ගෑමද සිරිතක්ව තිබිණ. දැන් නම් සෑමාට පට්ට තෙලක් ලැබී ඇත. එය ඔලිව් මිශ්‍ර උකු දියරයකි. ගෑවාම ජෙල් වගේමය.

ජෙල් වසංගතය ඒමත් සමග පාසලේ නීති රීති වලට අලුතෙන් ආවේ ජෙල් තහනම් කිරීමේ රෙගුලාසියයි. ජෙල් ගෑම තහනම් සේම පාසලට ඇතුල් වෙන තැනදී ඔලුව අතගා ජෙල් ගාලා නම් හිස සේදිමද සිදුවිය. එය සිදු කලේ බොහෝ විට ශිෂ්‍යය නායකයින්ය. සමහරක් වෙලාවට ප්‍රින්සිපල් උතුමාද තම සුරතින්ම වැඩේ දෙන්නේය. දවසක් අපේ ‍එකෙක්ගේ කොණ්ඩය වැඩි කියා අල්ල‍ගෙන ගොස් තිබ්බේ ප්‍රින්ස්මය. එසේ පිරිසක් ගෙන ගොස් කතුරකින් කොන්ඩය කපා පන්තියට එවා තිබ්බේය. තවද කොණ්ඩය කපන්නට සල්ලි නැහැ කියන එවුන්ට සර් සල්ලි දීමද සිදු කලේය. අපේ ‍ගොඩක් එවුන් ඒ ක්‍රමයට කැමතිය.

දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙක්ව සිටින කාලයේ සෑමා ප්‍රින්සිපල්ට වැන්ද මොහොතක එතුමා හිස අතගා සෑමාගෙන් ඇසුවේ..

"ආ පුතා කොන්ඩේ 'ජෙලි' නේද ගාලා තියෙන්නේ.." කියාය.

"ඔව් සර්.." සෑමා ඇත්තම කීවේය.

"මොකක්ද ඔය 'ජෙලි' එක"

"මේක 'මෝතා' ජෙලි එක.." සෑමා එසේ පිලිතුරු දුන්නේ තමා ඔලුවේ ගාන්නේ 'ජෙලි' නොව 'ජෙල්' නිසාය.

එකොලහ වසරදී අපේ පන්තියේ සිටි දසුන් ගේ කොණ්ඩය සෝදා තිබ්බේ ජෙල් වලට මාට්ටු වීමෙනි. එසේම එය සිදු කර තිබ්බේද ප්‍රින්ස් අතිනි. දස්සා එදා පන්තියට ආවහම පන්තියේ ටීචර් පවා ඔහුව බයිට් කලේය. වතුර බේරි බේරි කොල්ලා පන්තියට එද්දී සියල්ලෝම බලා සිටියහ. ඊට පසු දිනද උදේම දස්සා පන්තියට ඇදගෙන ආවේ ප්‍රින්ස් තුමා අතිනි.

සර්ගේ අත්දිග කමිසය ‍හොදටම තෙත් වී තිබිණ. එලෙසම දස්සාගේ උරසිසෙන් උඩ හොදටම තෙමී වතුර බේරෙන දසුනක් සැමට පෙනිණ.

"ටීචර් බලන්න මූව හදන්න බැරි එකෙක්.." ප්‍රින්ස් කෑගෑවේය.

"ඇයි සර් මොකද මූ කරල තියෙන්නේ.." ටීචර් ඇසු‍වේ පුටුවෙන් නැගිටිමිනි.

"මූ ඊයෙ ජෙල් ගාගෙන ඇවිත් මගෙ අතින්මයි මම හේදුවේ.." ප්‍රින්ස් උතුමා කීය.

"ඔව් සර්. මම දැක්ක. පන්තියට ආවහමත් මම බැන්න හොදටම" පන්තියේ ලමයෙක්ට බනිනවා කියන්නේ ටීචර්ටත් එච්චර හොද නැතිය. ඒ නිසා ටීචර්ද දස්සාට බැන්නාය.

"ඉතිං සර් අද මොකද ? මේක අදත් ගාගෙන ඇවිත්ද ?"

"නැහැ ටීචර් මූ මහ බලු වැඩක් කරල තියෙන්නේ.. ඊයෙ වගේම අදත් මට ‍මූ අහුවුණා ජෙල් පිටින්. මම ඊයෙ දඩුවමින් හැදුනෙ නැති එකානෙ කියල අදත් හේදුවා.."

දස්සා සද්ද නැතිව සියල්ල අසා සිටී..

"මම වතුර දාලා අතුල්ලන්න අතුල්ලන්න පෙණ එන්න ගත්තා.. මම දිගටම වතුරු දදා ඇතිල්ලුවා.. බාල්දියම ඉවරවෙනකල් පෙන ආවා.. මේ යකා අද ජෙල් ගාන්නෙ නැතිව ෂැම්පු අතුල්ලං ඇවිත් මට පාඩම් උගන්නන්න..."

දස්සා ජෙල් වෙනුවට අමුවෙන් ෂැම්පූ ගාගෙන විත් ඇත. එවිට වතුර සමග පෙන නගින නිසා සර්ට මල පැනීම සාධාරණය.

ඩෙස්ක් බංකු වල ලිවීම තහනම්

මේ සීන් එක වුනේ ඒ ලෙවල් කාලයේය. ඒ වසරේ බයෝ පන්තියට තිබ්බේ හොද අලුත් ඩෙස්ක්ය. විභාගයක් දවසක් නිසා පන්ති වල ඩෙස්ක් හදා තිබ්බේ විභාගයකට උචිත ආකාරයකටය. අපිට වාඩි කරවන්නේත් තැන් තැන් වලය. අපේ එකෙක්ට එදා සෙට් වුනේ බයෝ පන්තියේ ඩෙස්ක් එකක්ය. විභාගයේ ලියන්නට දෙයක් නැති කළ පොර ඩෙස්ක් එකේ තම නම ලියා තිබුනේය. ෂෙක්ෂන් හෙඩ්ට එය අතේ මාට්ටුය.

"තමුසේ මොනාද මේ කරල තියෙන්නේ... තීන්තවත් ගාල නැති ඩෙස් වල ලියල තියෙන්නේ.."සුපුරුදු ගොත ගැහිල්ලෙන් ඇසුවේ ෂෙක්ෂන් හෙඩ් නොහොත් 'ගනේපොල සර්'ය.

"මම හිතුවෙ නැහැ සර්.. නිකං ලියවුණා" අපේ මිතුරාට කියා ගන්නට දෙයක් නැත.

"කොහොම හරි කමක් නැහැ තමුසෙ ඩෙස්ක් එක හූරන්නෙ නැති ලියපුවා මකනවා.." සර් එසේ කියා යන්නට ගියේය.

හූරන්නේ නැතිව මෑකීම කරන්නට නොහැක. මකන කෑල්ලකින් මැකුවත් පෑන් ඉර් යන්නේ නැත. අපේ මිතුරා කලේ ලියපු අකුරු දිගේම "ටිපෙක්ට්ස්" එකකින් ඇදීමය. මිතුරා කලේ සර් කියපු විදිහටය.

"කෝ තමුසෙ මැකුවද අරක??" සර් ආවේ ටික වෙලාවකිනි.

"ඔව් සර්.." කියමින් මිතුරා අත දික් කලේ ඩෙස්ක් එකටයි..

"තමුසෙ මාර මනුස්සයෙක් නේ ඕයි. දැන් කලින් තිබ්බට වැඩිය මේක පේනවනේ.. මෙහෙම බැහැ තමුසෙ මේක කොහොම හරි මකනවා.. "

ඉන් පසු අ‍පේ මිතුරා කලේ වීදුරු කැබැල්ලකින් සීරීමයි. එවිට සර් එහෙම හොද යැයි පිළිගත්තේය.

සත්තු වත්තේ කබරයා


ඒලෙවල් බයෝ පන්තියේ සිටි අපේ කබරයා සිරා ඩයල් එකකි. පොර පන්තියටම ටොෆි ගේනවාය. එවා කාලා සෙට් එක පන්තියේ හිටියට ඇත්තටම ඉන්නේ හදේය. දවසක් බයෝ ටීචර් උගන්වමින් සිට ඇත. කබරයා ටොෆියෙන් හදේ සිට තනියෙන් සිනා සෙමින් සිටියදී ටීචර් අසා ඇත්තේ ලමයි ඔයාලට පාඩම තේරුනාද කියාය.

පන්තියම පාඩම නොතේරී බිරන් තට්ටු වී සිටියදී, කබරයා සිනා සෙමින් සිටින නිසා ටීචර් කබරයා ලගට ඇවිත් ඇත.

"මේ ලමයා නම් හරි සිරියාවන්තයි. පාඩම නොතේරුනත් හිනා වෙලා ලස්සනට ඉන්නවා.." කියා ටීචර් කබරයාගේ හිස අත ගා ඇත.

කබරයා දැන් වැඩ කරන්නේ සත්තු වත්තේය. පොරට නියම තැන වැඩ සෙට් වුණා කියලා කියන්නේ අපේ මිත්‍රයෝය. ඒක ඇත්තය. කබරයා සිටිය යුත්තේ සත්තු වත්තේය.

දිනක් සත්තු වත්තේ මොකක්දෝ සෙමිනා එකක් තබා ඇත. එයට නන් දෙසින් තොරාගත් පාසල් කීපයකින් පැමිණ ඇත්තේ උසස් පෙල ගුරුවරුන්ය. ගනේපොල මහතාගේ කරුමෙකට මෙන් එතුමාද එදින සමුළුවට ගොස් ඇත. එදා සමුළුව මෙහෙයවා ඇත්තේ අපේ කබරයාය. මේ ඔහු මට කතාව කියූ හැටිය. (ආදරේට ගනේපොල = පොලා)

"මාර ෆන් එක මචං.. පොලා එදා සෙමිනා එකට ඇවිත් තිබ්බා, මම හිනා වුණෘට පොර මාව දන්නේ නැහැ වගේ හිටිය බං.." කබරේ කීය.

"බලපං ඉතිං අපි එහෙම නම් සතුටු වෙනවා නේද අපේ එකෙක් සෙමිනා එකක් කරනව කිව්වම. මාර ගුරුවරු එතනට ඇවිල්ලත් උබව දන්නේ නැහැ වගේ හිටියද ?" සාධාරණ කේන්තියෙන් ඇසුවේ සෑමාය.

"ඔව් බං මොනා කරන්නද? පොරට මදි කමක් වගේ වෙන්න ඇති මගෙ සෙමිනා එකේ මගෙන් ලෙක්චර් ගන්න.. "

සෑමා හිනා වෙද්දී කබරේ කතාව දිගටම කීවේය.

"මට තිබ්බ බං ‍සර්පයෝ ආපු කට්ටියට හදුන්වල දෙන්න. ඉතිං මම සර්පයෝ අතට අරන් ගියා තැනින් තැනට. මම ගියා පොලගෙක් අතින් අරන් ගනේ පොලා ලගට..."

"ඉතිං.. ඉතිං.." සෑමා නොවිසිලිමත් වුයේය.

"මම පොලා ලගට ගිහින් පොලගව එක පාරට මූනට දික්කලා තරහටත් එක්ක.. පොර නැගිට්ටුනා බං පුටුවෙන්.."

කබරේ කිවේ සතුටිනි. මොනවා වුණත් සෑමාටත් වරදක් නොපෙනුනි.

පලි - තම ශිෂ්‍යයෙක් තැනක සිටිනවා දකින්නට අකැමැති ගුරුවරු සිටින්නේ අතලොස්සකි. ඒ අතර පොලා සිටියේ යැයි නොකියමි. එහෙත් කබරයා වන් චරිතයක් පොලාට තියා පොලිසියටවත් අමතක නොවන බැව් නිසැකය.

**පොලාව සිර කළ සැටි සහ ගැටයාව ලොක් කළ සැටි වෙනත් පෝස්ටුවකින් බලාපොරොත්තු වන්න.**

93 comments:

  1. උඹලනං ටොප් බං! :D

    ReplyDelete
    Replies
    1. අපි විතරක් නෙවේ මචං.. හැම එකාම එකයි.. :)

      Delete
  2. මේ තියෙන්නේ කතා සෙට් එකක්ම ඒක සැරේම මොකද වුනේ.පාසැල් කතා ලියන ඒක අඩු කලානේ.උඹේ ඉස්කෝලේ ඉඳල තියෙන්නේ පිස්සුම ආතල් සෙට් එකක්.

    ReplyDelete
    Replies
    1. පොඩි පොඩි කතා දැම්මම බැනුම් බං.. පෝස්ට් 3ක කතා එකට දැම්මා..

      පාසැල් කතා සෙට් එකක් මතක් වුනා.. මලගෙවල්, බණ ගෙවල්, දානෙ ගෙවල්, වෙඩින්, වල ගියාම මතක්‍ වෙනව නොවැ.. :))

      Delete
  3. පට්ට සීන්නෙ වෙන්නෙ

    ReplyDelete
  4. උබලා නම් සිරා පොරවල් තමා :D :D දැන් මේකට අඩන්නද හිනා වෙන්නද ඕන?

    ReplyDelete
    Replies
    1. කදුලු පෙරාගෙන අඩපං කොලු‍වෝ..

      Delete
  5. සෑමා නිසා මට මාගේ පාසල් අත්දැකීම් ලිවීමට නොහැක....
    පරම්පරා දෙකක උවද සෑමා අකුරක් නෑර අප පාසල් යන විටදී සිදු කල දෑද ලියයි....
    එල ඈ...

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන්නෙ සෑමා ලොම් හැලිච්ච නාකියෙක් කියලද .. ?

      Delete
    2. නැත්තං...
      හි හි...

      Delete
    3. අප්පේ.. මඩ ගොඩක් බං ‍මේක.. :))

      බොලාගෙ කතන්දර අහන්න මමත් බ්ලොග් ලියන්න ආව නොවැ..

      අඩේ ලොම් හැලිච්ච වැලහින්නක් ඉන්නවා සිරිමෙවන් ලග සෙට් කරන්නද ?

      Delete
  6. ඊලිසියාවෙ බෑ අප්ප මෙව්ව කියෝනකොත...:/

    ReplyDelete
    Replies
    1. ඇයි හත් දෙයියනේ ඉලිතියා.. ඔයාලත් ඉක්කෝලෙ ගිහිං කොලේ නැද්ද මේවා..

      Delete
  7. මෙවන් ළමුන්ට ඉගැන්වූ ගුරුවරුන් හට මල් තියා වැඳිය යුතු යැයි සිතේ..ඒ වෙන මොනවාටවත් නොව ඔවුන්ට ඇති අසීමිත ඉවසීමේ ශක්තිය නිසාය..

    ReplyDelete
    Replies
    1. ඒ ගුරුවරුත් ඉක්කෝලෙ යන කාලේ මෙහෙම වෙන්ට ඇති.. නැත්තං ඔහොම දරාගන්ට බැහැ නොවැ.. :))

      Delete
  8. මම දවසකුත් කිව්වා.. උඹලෑ ඉස්කෝලෙ සත්තු වත්තක්...ලෝකෙ ඉන්න සත්තු ඔක්කොම එතන. එවුන් ඔක්කොම සෑමගෙ යාළුවො..

    ReplyDelete
    Replies
    1. මොකෝ මට අමතක තොගෙ ඒ කුප්ප කතාව.. :))

      ඇත්තට 'බල්ල' කියල කොල්ලෙකුත් හිටිය බං.. පුදුමෙ කියන්නේ උන්ට තරහ යන්නෙ නැහැ ඒ නම් වලට..

      Delete
  9. එකනෙ පාසැල් කාලය ඔච්චර සුන්දර ....

    ReplyDelete
  10. ෂැම්පු ගාන එක පට්ට අයිටම් එක අපේ එකෙක්ටවත් බැරිවුනානේ ඔහොම වැඩක් කරන්න ෂිහ්.... මම නම් එදා ඉඳන්ම කොණ්ඩේ ජෙල් තියා තෙල් ගාන්නවත් කැමති නෑ ඉස්කෝලේ යන්නෙත් කොණ්ඩේ අවුල් කරගෙන නිදාගෙන නැගිට්ට ගමන් තියෙන කොණ්ඩෙනේ...

    මම ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටිය නිසා මාව ප්‍රිෆෙක්ට්ලා අල්ලන්නෙත් නෑනේ කොණ්ඩේ පීරන්න කියන්න... ඒත් දවසක් අපේ බමුණා සර්ට මාට්ටු උණා සර් ඉතින් සර්ගේ චුට්ටන් පනාවෙන් මගේ කොණ්ඩේ පීරන්න ගිහිල්ලා මගේ බෙල්ලත් ගලෝනවා තව ඩිංගෙන්...පීරන්න ගත්තා විතරයි පනාව පඹ ගාලක පැටලුණා වගේ හිට්ටා උපන්තේකට පීරලා නැති කොන්ඩේ එයා කොහේ පීරන්නද හි හි තාමත් එහෙම්මයි.හැබැයි තෙල් නොගෑව හින්දද මන්දා කොණ්ඩේ සුදුයි ඕං අවුරුදු උත්සවේට ඇවිල්ලා මට එක එක ඒවා කියනවා එහෙම නෙමෙයි හොඳේ....

    සෑමා අයියගේ පහුගිය ඉස්කෝල කතා සේරම මම කියෙව්වා ආයේ සුපිරිම කතා සෙට් එක...නයිට් රයිඩර් සර්කිට් එක පට්ට... ආයේත් ඒ කතා දාන එක ගැනත් සංතෝසයි

    ReplyDelete
    Replies
    1. ඉතිං මචං කොන්ඩෙ නොපීරන එක දැන් ඉට්ටයිල් එක නොවැ..උබ ඒ කාලෙම ඒක කොරලා..

      අප්පේ ඔය සර්ල ලග තියෙන්නේ උකුනො පීරන ටයිප් එකේ සුට්ටං පනා. උබේ කොන්ඩේ ගැට ගැහිල නිසා බෙල්ල කැඩෙන් නැතිව බේරුනා ඇති. ඇල්බට් අයින්ස්ටයින් මාමගෙත් ඒ වගේ කොන්ඩේ. අපේ ඥානදාස සර් ගෙත් ඒ වගේ කොන්ඩේ..

      නයිට් රයිඩර් කිව්වේ කොත්තගේ කතාව නේද :))

      තව ඉක්කෝලෙ කතා තියෙනවා මලයා.. දාමු දාමු.. :))

      ටැංකූ !

      Delete
  11. monada ban alutin gana jel eka..apitath kiyapanko name eka..jel gala dan kondeth idenna patan aragena..sirawatama name eka dapan

    ReplyDelete
    Replies
    1. ruoshan series olive styling gel කියලා ගූගල් පොටෝ පාරක් සර්ච් කොරපං.. ඒක තමා භාන්ඩේ.. අපේ හන්දියෙ කඩේට කොහෙන් ආවද මන්ද..

      Delete
  12. අර ෂැම්පු ගාන් ආපු සීන් එකනෙම් නියමයි බං.. ඔය කොණ්ඩේ හෝදන වැඩේ කාලයක් මටත් කරන්න උනානේ.. හැබැයි මගේ නෙමෙයි අනුන්ගේ..

    ReplyDelete
    Replies
    1. අහ් ඒ කියන්නේ වැදගත් තිත්ත නායකයෙක් වෙන්ට ඇති..

      අප්පිරිය නැද්ද බං නාන්නෙ නැති එකාලගෙ කොන්ඩ හෝදන්ට..

      Delete
  13. උඹලගේ සෙට් එක නං මාරම සෙට් එකක් නේ..අරූ ෂැම්පූ ගාගෙන ආපු සීන් එක නං මරු...බලමු බලමු පොලාට දීපු අනිත් ටොපිත්...

    ReplyDelete
    Replies
    1. ෂැම්පු අයිඩියාව පොරට කෝම ආවද මන්දා.. මගදි වැස්සනම් පොර නාලා එන්නේ..

      පොලාගේ කතන්දර තව ඇත. පොරගේ පොටෝවක් දාන්ටද ?

      Delete
    2. පිංතූරය එක්ක දාමුකෝ කථා සෙට් එකම....ඌට පාරේ බැහැලා යන්න බැරිවෙයිද....

      Delete
    3. ඒක තමා මචං.. බලමු මොනා හරි කරල දාන්නම්.. පෙරගෙ ‍මූඩ් එක දැක්කම හිනා කෝටියයි..

      කලිසමට බෙල්ට් නැත
      කමිසයට යටින් බැනියම් නැත
      කටහඩ මරුය - කලබල වූ විට ගොතය
      නිතර නහය අග කසයි

      නොකී දෑද ඇත !

      Delete
  14. අපිනං එච්චර බරපතල යමක් කලේ නෑ . . . ටීචර්ලව බකට් කලා ඇරෙන්න.

    ඒ ලෙවල් කරල ඉස්කෝලෙන් අයිංවෙනදා ටීචර්ලට වදිද්දි එක ගුරුතුමියක් මගෙ ඔලුව අතගාල ඇඩුව . . . "උඹල කරපු වැඩ වගේ ආතල් වැඩ කරන්න එවුං ආයෙ එන්නෙ නෑ" කියල. ඒ ටීචගෙ නම කියන්න බැරි එතුමිය අදටත් කොළඹ ඉස්කෝලෙක උගන්නනව සහ ඒ ඉස්කෝලෙ විනය භාර සිටීම. ටීච කෑගැහුවට ඒවගෙං ආතල් ගත්ත කියල දැනගත්තොත් දැං ඉන්න ඉස්කෝලෙ එකියො උන්දැව කයි

    ReplyDelete
    Replies
    1. බකට් කිරීම බරපතල් නැහැ වගේ ඕනයාගෙ කතාව. :))

      ඒත් මචං අද වුනත් කොහෙ හරි දැක්කම උබලව අපිව හොදට නෝට් නේද ටීචර්ලට.. :)

      Delete
  15. සත්තු වත්තෙ ජොබ් එකකට යන්න මම මාර ආශාවකින් උන්නෙ..කොහෙද මේ ගෙදර අය යන්න දෙනවයැ..

    ReplyDelete
    Replies
    1. දෙහිවල නං කූඩුවේ දාලා තියන්නේ...ට්‍රයි එකක් දෙන්න අළුතෙන් පින්නවල එකක් හදනවා එළිමහන් සූ එකක්....

      Delete
    2. පින්නවල පැත්තෙ සත්තු හොඳද? නපුරුද? දරුණුද?

      Delete
    3. මචං මෙයාව කිරිල්ලියෝ කූඩුවකටද දාන්නේ නැත්තං.. සිරිමෙවන් වැලහින්නව දාන්න ඉන්න කූඩුවටද???

      Delete
    4. සිරිමෙවනා දැන් පොල් කඩන්න පුරුදුවෙලා නිසා එළිමහන් එකට දාමු නේද.....

      Delete
    5. හිකිස්... එලියේ සිටීම ආරක්ෂාවට හොදයි !

      Delete
  16. අපොයි මෙහෙමත් බයානක සිසු කැලක්! අපිත් අපේ පිංසිබල්ට කීවේ ප්රින්ස් කියලා

    ReplyDelete
    Replies
    1. හිකිස් අපි ප්‍රින්ස් නොකීවෙමු.. කියපු ඒවා..මෙතන දාන්ට බැරි නිසා එහෙම ලිව්වේ..

      :))

      Delete
  17. මරු බ්න් , අයෙමත් එ පෑත්තෙ ගිහින් එන්න හිතෙනවා..!!, එ කාලෙ කොච්ච්‍ර ආතල් ද ..??

    ReplyDelete
    Replies
    1. සිරාවට පොඩ්ඩෝ..

      උබේ නම දැක්කම මට මතක් වෙන්නේ දගයා පොඩ්ඩෝ ගාල කතා කරන විදිහ..

      (අපේ ඉස්කෝලෙ දගයා නෙවේ.. සිරස ටීවි එකේ දගයාය.)

      Delete
  18. //පොර පන්තියටම ටොෆි ගේනවාය. එවා කාලා සෙට් එක පන්තියේ හිටියට ඇත්තටම ඉන්නේ හදේය.//
    ටොෆි කාපුවාම හඳට යන්ට පුලුවන්ද? :)

    ReplyDelete
    Replies
    1. අප්පේ නැතුව.. තව තව ඒව තියේ.. ඒවත් හදේය..

      අපරාදේ ආම්ස්ට්‍රෝන් හදට ගියේ... :)

      Delete
    2. ඒ ටොපියෙ ගාන ටිකක් වැඩියිනෙ මෙයා . . . හදට ටිකට් එක ගනං

      Delete
    3. ඒක හරි බයානකයි නොවැ.. රොකට් එක හදට නැතිව ඉරට ගියා නම් ටොපිය සෙට් එවනවා ආම්ස්ට්‍රෝන් අයියට !

      :))

      Delete
  19. මරේ මරු සෑමෝ.. පට්ටයි.. මටත් මතකයි අපිත් උ.පෙළ ඉන්නකොට අපේ කොමර්ස් එකේ එකෙක්ගේ සීඩී එකක් අහුවෙලා පන්තියේ ළමයිගේ දෙමව්පියොත් ගෙනල්ල පෙන්නන්න සෙට් උනා..(ඒ කාලේ පාසලට සී.ඩී ගෙනඒම තහනම්.. දන්න විදිහට අදටත් එහෙමයි) පන්තියට ටීවී එකකුයි, වී.සී.ඩී ප්ලේයරයයි ගෙනහිල්ල හයිකරල ඉවර වෙද්දිම මුළු සෙක්ෂන් එකේම උන්ටික පන්තියෙන් එලියෙ සෙට්වෙලා සී.ඩී එක බලන්න.. හිතාගන්න සී.ඩී එකේ මොනාද තියෙන්න ඇත්තෙ කියල.. කොහොම හරි අන්තිමේ ළමයින්ටවත් දෙමව්පියන්ටවත් මොකුත් බලා ගන්න උනේ නම් නෑ...

    ඒවා මේවා මොනා උනත් උඹල තරම් පිස්සුකෙල නොමැති බව නම් පැවසිය යුත්තේමය...
    එල!!!

    ReplyDelete
    Replies
    1. ඇයි දෙයියනේ ඔය සීන් එකම අපේ එකෙක්ට වුණා.. බඩුත් එක්ක හොරු කියලා මගෙ පෝස්ටුවක් ඇති..

      (http://samindikasrimantha.blogspot.com/2011/11/blog-post_18.html)

      බලපං ඔය සීන් එකමයි.. කස්ටිය අම්මල එක්කම බැලුව වීඩියෝ පීස්..

      ඒකෙත් හැටි කියන්නේ හැම එකාලම කරල තියෙන්නේ එකම අසික්කිත වැඩ.. :))

      Delete
    2. හිකිස්!! අනිවා අනිවා.. අපේ නම් ඉස්කෝලෙ යනකම්ම කව්රුත් ‍වීඑච්එස් ගෙනල්ල නම් නෑ.. කවදාවත් ආරංචි වෙලා වත් නෑ.. තවත් දවසක පන්ති සෝදිසි කරල රුපියල් ලක්ෂ තුනක විතර ජංගම දුරකථන අහුවුන එක නම් හොඳට මතකයි..

      Delete
    3. බොලාල ඉතිං සල්ලි කාරයො නොවැ..

      අපේ එකාල 7 වසරෙ ඉන්න කොට මොන සී.ඩී ද?

      :))

      Delete
  20. එල කතන්දර ටිකක්නේ...

    ReplyDelete
    Replies
    1. රජ් මහත්තයත් පිස්සු ඩයල් එකක් අල්ලලා කතා සෙට් එකක්ම දැම්ම නොවැ..

      මාත් පිස්සුවෙන් වගේ වැලට ලිව්වා.. :)

      Delete
  21. හික්ස්ස්.. මොන ටොෆි කෑවාමද හෆ්ෆා හදේ යන්නෙ?? o_O මෝතා ජෙලි කොණ්ඩෙ ගාගෙන ආවා කිව්වාම මරුවට තියෙන්න ඇති..හික්ස්ස්.. මේ කොල්ලොනම් මරු හෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් ‍ටොපිය 5/- දැන් නම් ඩොලර් නිසා ගණන් ගිහින් ඇති..

      හිකිස්.. මෝතා නේන් නම් 'ජෙලි' මගෙන් ‍'ජෙල්' ගැන ඇහුව නම් මම ඇත්ත කියනවා..

      Delete
    2. දැං හතලිස් පහක්, පනහක් විතර වෙනව ටොපි

      Delete
    3. ගාන කීය උනත් තාමත් කියන්නේ මුල් නමින්මයි.. (පහේ ..) ඒක සන්තෝසයට කරුණක්..

      Delete
    4. අම්මේ බං එච්චර ගණන් ද?

      ඉස්සර අපේ එකෙක් 5/- ගානෙ එකතු කරන් යනවා බ්‍රහස්පතින්දට, සිකුරාද ටොපි ගේනවා කියලා. පොර ගෙනාපු ටොපියක් නැහැ. බ්‍රහස්පතින්දට රුපියල් 50ක් වත් පොර එකතු කර ගන්නවා..

      ඇත්තටම *පහේ* කියන කොටස නැති වුනොත් ඒකෙ අගේ නැතිවෙනව බොල..

      Delete
  22. සැමාගෙ පාසල් කාලය කියවන කිසිවෙක් හීනෙන්වත් ගුරුවරයකු වීමට නොපතනවා ඇත..

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ.. අපි නිසා තමයි ගුරුවරු සම්මතයෙන් පිට හිතන්න ගත්තේ.. :))

      Delete
  23. අපේ පන්තියේ හිටියා පොල් කට්ටා කියලා කොල්ලෙක්. ඌත් ජෙල් ගානවා ඔලුවෙ. එක දවසක් ඉස්කෝලෙ වාර අවසාන දවසක පන්ති භාර මැඩම්ට වඳින්න ගිහින් මැඩම් ඔලුව අතගාපුවාම මුගෙ ඔලුව පොල් කට්ටක් වගේ කියලා ජෙල් හින්දා. එදා ඉඳන් ඌ පොල් කට්ටා.

    මම කොහෙද දැක්කා ඉස්කෝලෙ ළමයි නොමිලේ හඳේ යන්න අර කොරෙක්ස් ඩී වලට අමතරව ජෙලුත් කනවා කියලා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. අපේ හිටියා ඉස්සරහ 'ඉදලක්' වගේ කොන්ඩෙ හදපු එකෙක්.. පොර 'ඉදලා' වුණා

      ඊක්කා ඇත්ත තමා.. මම දැක්ක එකෙක් කඩේ ඉස්සරහ හිටගෙනම කටේ හලා ගන්නවා ජෙල්.. මහ මොක්කුද මන්දා.. මැරෙන්න හදනවා අමුතු අසහනයකින්..

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. සෑමාත් සෑමාගේ යාලුවනුත් පිස්සු කෝච්චි සෙට් එකක් බව පෙනේ...:D

    ReplyDelete
    Replies
    1. අප්පේ කෝච්ච් එකක් නම් කම් නැත... සෙට් එකක් වුනාම මාර දිගයි නොවැ..

      Delete
  26. එල එල මචන්. උඹල තරං නම් අපි පිස්සු කෙල්ල නෑ. මෙව්වා කියවනකොට ආඑයේ යන්න හිතෙනවා ඉස්කෝලේ

    ReplyDelete
    Replies
    1. අප්පේ ආයෙ යන්න හිතෙන්නේ අපි තරම් පිස්සු කෙලලා නැති නිසා.. ඇරියස් කවර් කරලා ඉස්කෝලෙ දෙක කරන්නද ??

      Delete
  27. උඹලා අපිට වඩා පරිණාමය වෙලා..

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ ලොකු වෙලා.. ??

      Delete
  28. හොඳ වෙලාවට උඹලා මගෙ ගෝලයො නොවුනෙ. හෙයා ජෙල් ෂැම්පූ ගැන මෙන්න මේක කියවලා තියෙනවද සෑමා?
    http://matahithenahatty.wordpress.com/2011/08/05/%E0%B6%B4%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-4-%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%8F-%E0%B6%A2%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-3/

    henryblogwalker the Dude

    ReplyDelete
  29. ඔය කරලා තියෙන්නේ එල වැඩ ටිකක් ....... පොඩි ආතල් එකකටත් එක්ක හොඳයි ....

    ReplyDelete
    Replies
    1. හොද පොඩි ආතල්.. හිකිස්...

      Delete
  30. මම උදේ දාපු කොමෙන්ට් එක හැලිලනෙ සෑම්. මම කිව්වෙ හොඳ වෙලාවට මට උඹලට උගන්නන්න හේතු වාසනා නොවුනෙ කියලා. එහෙනම් මම මෙලහට ඉල්ලලා පෙන්ෂන් ගිහින්.

    හෙයාජෙල් ගැන මෙන්න මේ කතාව කියෙව්වෙ නැත්ද?

    http://matahithenahatty.wordpress.com/2011/08/05/%E0%B6%B4%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%A9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-4-%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%8F-%E0%B6%A2%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-3/

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනේ ‍සොරි.. ස්පෑම් වෙලා ඇති.. මම බලන්නම්..

      අපෝ එහෙම කිව්වට අපේ වයලට් ටීචර් පෙන්ෂන් ගිහින් ඉල්ල ගෙනත් ඉගැන්නුවා.. අපේ එවුන් බැන්නේ මෙයා යන්නෙ නැහැ හරි වදේ කියලා. :))

      උබ හිටියත් අපි නිසා ඉස්කෝලෙ එයි ආසාවෙන්..

      කතාව බලන්නම්.!

      Delete
  31. ඇයි සෑම් අයියෙ ඉනෙන් හැලෙන කලිසම් වලට ඔය වගේ ආතල් වැඩ වුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මොකෑ නැත්තේ..

      අපේ ඉක්කෝලෙට ඒ*ලෙවල් වලට අලුතෙන් ආවා එකෙක්. පොර උනෙන් හිටියෙ. අනික කලිසමත් බස්සලා. අපේ එකාල රැග් කලා ලනු දෙකක් උරහිසින් දාල ගැටගහලා.. තව කලිසං සීන් තිබ්බා.. පාඩුවේ මතක් කරන්නෝනනි..

      :))

      තුති !

      Delete
  32. හරි අවබෝධයෙන් ඉන්න ගුරුවරු මේ වයසෙ ලමයින්ගෙන් ඔය වගේ ඒවා බලාපොරොත්තු වෙනවා..ඒව ඒ අයට සාමාන්‍ය දේවල් මන් හිතන්නෙ..නියම ෆන් වැඩනෙ කරලා තියෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. සිරාවට මචං.. ගුරුවරු දන්නවා ලමයින්ගේ හැටි..

      එහෙමටත් තේරුම් ගන්න බැරු ගුරුවරු තමා පිස්සු කෙලින්නේ.. ලමයි වුනත් ගණන් ගන්නෙ නැත්තෙ එහෙම අයව..

      ජය !

      Delete
  33. මාරම සෙට් එකක්...මේ අර ටොෆි එකේ නම මොකක්ද අනේ?

    ReplyDelete
    Replies
    1. නමක් නැහැ මචං.. පහේ ටොෆි කිව්වොත් කස්ටිය දන්නව නොවැ..

      Delete
  34. කොන්ඩෙට ගෑවේ මෝතා ජෙලි කීවම ප්‍රින්ස් මොකද කීවේ...
    :D

    ReplyDelete
    Replies
    1. පොර දන්නේ නැහැ.. පොරට තේරුනේ නැද්ද මන්දා..

      :))

      Delete
  35. මාර ෆන් නේද ඉස්කෝලෙ ගිය කාලේ... ඔයාලත් මාර වැඩ තමා කරලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. කරපු වැඩ වල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක්...

      මට සිගිති ඉන්ෂුවරන්ස් එකක් තිබ්බ නිසා හොදා !

      Delete
  36. අඩෝ ‍‍‍‍ජෙල් කේස් එකනම් ෆට්ටම ආතල්..
    මම ස්කෝලෙට ජෙල් ගාන්න පටන් ගත්තේ AL කාලේ.. එක නිසා මට නම් අවුලක් වුනේ නෑ.. මොකද ෆිර්ෆෙට්ලට හිටියේ අපේ පංතිවලම බුවාලා නිසා..

    ReplyDelete
    Replies
    1. සිරාවට.. ඒලෙවල් කාලේ අවුලක් නැහැ ප්‍රිෆෙක්ට් මිතුරෝ නිසා..

      අපේ යාලුව මාට්ටු වුනේ 11 වසරේ. අනික ඒකාලේ 13 හෙඩ් ප්‍රිෆෙක්ට අපේ එවුන් ගහල උන් තරහින් හිටියේ.

      Delete
  37. අඩෝව් ..කාලෙකින් ආවේ..අපිත් මාර ඉස්කෝලෙකනෙ ඉඳලා තියෙන්නෙ..
    බයි ද වේ මොකක්ද මේ අලුගුත්තේරු කතාව ---->පොලාව සිර කළ සැටි සහ ගැටයාව ලොක් කළ සැටි වෙනත් පෝස්ටුවකින් බලාපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි බොල තොට මතක නැද්ද තොගෙ කලිසමට ලොක් එකක් දැම්ම බව.. :)
      පොලාව රෑම් එකේ ලොක් කරපු හැටි අමතකද ?

      Delete
  38. උබලගේ සෙට් එකනම් පට්ටම සිරා බන් හිකිස්, මවත් ඔය කොන්ඩෙ ජෙල් ගල වවල ඉදල අහුවෙලා කොරිඩෝ එකක අර කෙලවරේ ඉදන් මේ කෙලවරට කනේ පාරවල් කකා ඇවිත් තියෙනවා අපේ පිනා බ්‍රදර්ගෙන් :D

    ReplyDelete
    Replies
    1. අම්මෝ බං කොරිඩෝ එක ඉවර වෙනකල්.. උබට අන්තිමට කලන්තේ දැම්මේ නැද්ද ?

      :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...