Monday, February 13, 2012

වැලන්ටයින් දිනයේ උපත සෑමාගේ විග්‍රහය (වැල-ඉන්-ටයිම්)

වැලන්ටයින් යනු කුමක්ද ? අපේ රටේ සිටිනා පෙම්වතුන්ද තේරුමක් නැතිව මේ දිනය සමරණ බව සැබෑය. සමරන්නට පෙර මෙය කුමක්ද කියා සිතූ පිරිසක් සිටිත්ද? අරුතක් නොදැන ගන්නා පංචශීලය වැඩක් නැත්තේමය. එසේම අරුතක් නොදැන සමරණ වැලන්ටයිනයේ වැඩක් තිබේද ?

සියල්ලට කලින් මගේ මිත්‍රයකු වැලන්ටයින් සැමරූ ආකරයකින් මතකය අවදි කරන්නම්.

අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් අපවත් වී අප කොඩි වැල් ඇදීමට ෆුල් නයිටක් ගසමින් සි‍ටියෙමු. ඒ අතර සිටියේ අපේ ගමේ කටුගම්පල (කට්ටා) නම් අයියා කෙනෙකි. පාන් රාත්තල් පිටින්, ප්ලේන්-ටී කේතල් පිටින් අපි වැඩ කරන ස්ථානයට ගලා එද්දී කට්ටා මුසපත්ව තම කියවීම ඇරඹීය. අපේ ගමේ මල ගෙවල් වල කෑම සම්බන්ධ වාර්ථාව තිබ්බේ කට්ටා සතුවය. එහෙත් එය බිද දැම්මේ මගේ මිතුරා වන දෝදුවා (‍දෝදුගේ සිහිනය මතකනේ) අතිනි. එදා දෝදු රෙකෝඩ් එක තැබූ පසුවද අළු කෙසෙල් ඇවරියක් සමග පාන් රාත්තල් කිහිපයක්ම ගිල ඇත. අළු කෙසෙල් කාපු නිසාදෝ අදටත් කොල්ලා කිසි කලබලයක් නැත.

එදිනද කට්ටා මාරි බිස්කට් 25ක් පස් වතාවක් පමණක් කට ඇරීමෙන් කා අවසන් කර පෙන්වීය. කට්ටා තම කතාව ඇරඹුවේ එකී කෑමත් සමග මුසපත්වය.

"මචං එදා අපේ ඉස්කෝලෙ පොළක් තිබ්බා.. ඒකෙ මුදලාලිලට හිටියේ ඉස්කෝලෙම ලමයි. ඉතිං ඕකෙ හැම ජාතියෙම එළවලු, පලතුරු, මල්, පොත්පත් වගේ ගොඩක් ඒවා අඩුවට තිබ්බා.." ලෙස කට්ටා කතාව ඇරඹීය.

කට්ටාට ඒ කාලේ ඉස්කෝලේ කෙල්ලෙක් සිට ඇත. පොර ඇය සෙට් කරගෙන තිබ්බේද මහා ගේම් සමුදායකට පසුවය. ඒත් කට්ටාගේ නොසන්ඩාල වැඩ සහ සීමා රහිත කියවීම නිසා ‍ආදරය බිදී නැවත ඉපදුන වාර අනන්තය.

"එදා හරියටම වැලන්ටයින් දවසක් බං. අපේ එවුන්ට රජ මගුල්. ඉස්කෝලෙ පොලේම තිබ්බා මල්. අපේ එවුන් රෝස මල් නැතිවුනත් පාට පාට මල් අරන් ගිහින් දෙනවා කෙල්ලන්ට. කෙල්ලෝ ෆුල් හැපී. මටත් හිතුනා බං මලක් දෙන්න. ඒත් හැම එකාම දෙන එකේ මාත් දුන්නම අගයක් නැහැනේ. අනික කොපි කළා කියල හිතයි"

වාර විභාගයත් කොපි කළ කට්ටා මේ වගේ වැඩ වලට කොපි කිරීමට අකැමතිය. ඒ නිසාම පොර වෙන වැදගත් වැඩක් සිදුකර ඇත්තේය. කොඩි වැල් ඇදීම පැත්තකින් තබා අපි ඇස් කටේ දාගෙන දෙසවන් නමාගෙන සිටියේ කට්ටාගේ පැත්තටය.

"කල්පනා කරනකොට මට ටිකිරි මොලේ පහල වුණා මචං. කෙල්ල ටිකක් සැර නිසා මම කල්පනා කරල මේකිට ගෙනිහිං දුන්නා බං කොහිල මිටියක්. අපේ අම්ම මම පොඩි කාලේ ඉස්කෝලෙ නොයන කොට ඉලපතෙන් ගහනව වගේ මේකි මට එලව එලව කකුල් දෙකට කොහිල කටු ඇනෙන කල් ගැහුව බං"
මේකි මට එලව එලව කකුල් දෙකට කොහිල කටු ඇනෙන කල් ගැහුව බං

එදා වැලන්ටයින් සමරපු අපේ කට්ටාවත් නොදැන සිටි වැලන්ටයින් උපත මෙසේය.

ඉංගිරීසි මේ රට පාලනය කරන කාලේ අපේ රටේ රෙද්ද හැට්ට ඇදපු දැරිවියක් සුද්දෙක් එක්ක සෙට් වීය.  රෙද්ද හැට්ට ඇදපු කෙල්ලන්ට සුද්දෝ බොහොමයක් කැමතිය. ඒ ස්ත්‍රියගේ අංගෝපාංග සියල්ල මොනවට  එලියට පෙනෙන නිසාය. ආදරය අන්ධ සේම භාෂා ප්‍රශ්නයද එතරම් අදාල වන්නේ නැත්තේමය. දෙදෙනාට ප්‍රශ්න ඇති විය හැකි නිසා ලොවට හොරෙන් තේ වතු අතර දෙදෙනා මුණ ගැසුනාහ. අද කාලේ නම් දෙදෙනා දේශද්‍රෝහීන් වනු නිසැකය.

මේ අවධියේම සුද්දන් විසින් ලංකාව හැර යන්නට තීරණය කළහ. එවිට සුද්දා සහ ඔහුගේ ආදරවන්තියට කරන්නට දෙයක් නැති විය. ‍ඇය හැඩූ කදුලින් පසුවෙද්දී මේ අතර සුද්දා කැළයට ගොස් වැලක් කඩා ගෙන විත් ඇය ඉදිරියේම ගෙල වැල ලා ගැනීමට සූදානම් වීය. ඇය කිසිත් කර කියා ගන්නට නොහැකිව බලා සිටියාය. ලංකාවේ වැල් ගැන නොදන්නා සුද්දා එල්ලී මිය යාමට සැරසෙද්දී වැල කඩාගෙන බිම පත බෑවිණ.  ඉනික්බිති ඔහු දණහිසේ වැලි කැට පිසලමින් නැගිට ඇත්තේ.

"වැල ඉන් ටයිම් වැටුනේ නැහැ නොවැ..." කියාගෙනය. වැල හරියට නොවැටීම නිසා ඔහු දිවි බේරා ගැනීම පිළිබද අපේ කාන්තාව සතුටු වූණාය.

ඉන්පසු දිනම සුද්දෝ ලංකාව හැර යද්දි මේ ආදරණිය සුද්දා කැළේ සැගවී සිට ඇත්තේ තම ආදරිය හැර යාමට නොහැකි නිසාමය. අනෙක් සුද්දෝ මොහු පිළිබද විපරම් කළද කිසිදු තොරතුරක් නොමැති නිසා ඔවුන් අප රට මෙන්ම ඔහුවද අතැර රටින් පිටවිය.

ඉන්පසු විවාපත්ව ඇති මේ යුවල බ්ලැක් - ඇන්ඩ් වයිට් දරුවන් හදමින් සතුටින් වසර 5ක් පමණ දිවි ගෙවුහ. සුද්දා ලද උද්දාමයෙන් හා ඔහුගේ මුදලින් උද්දච්ච බවින් ඔද වැඩුනු මේ ස්ත්‍රිය පසු කලෙක සුද්දා අතැර ගමේම සිටි මිනිසෙකු සෙට් කරගත්තාය. ගමේ කොස්, අල, බතල වල හයිය ඇයට දැනෙන්නට ඇත්තේ ඉන් පසුවය. අනුන්ගේ රටක නොහදුනන ජනතාවක් සිටියදී සුද්දාට ආගිය අතක් නැතිවිය. සුද්දාට වපල කාන්තාවගේ හැටි තේරුම් ගියේ මෙවිටය.

උමතුවට පත් සුද්දා ගමේ හැම තැනම කැඩුණු සිංහලෙන් කිය කිය ඇවිද්දේ "වැල ඉන් ටයිම් වැටුණේ නැත" කියාය. එදා වැල හරියට වැටී තමා මිය ගියේ නම් හොදයි යයි සුද්දාට සිතෙන්නට ඇත.
වැල ඉන් ටයිම් වැටුණේ නැත
අපේ මිනිස්සු ඉංගිරිසි සහ සුද්දාගේ සිංහල නොදන්න කමට සුද්දාට "වැලන්ටයින්" යන නම භාවිත කරන්නට වූහ. පසු කලෙක මේ සුද්දා අන්ත අසරණව වැවක් ලග ගුරුපාරක් අයිනේ වැටී මිය ගියේ පෙරවාරි 14 වනදා දිනකය. එසේම සුද්දා බෙල්ලේ වැල දාගන්නට ට්‍රයි කර ඇත්තේත් එවන් දිනකම වීම විශේෂය.

මේ සුද්දාව වැව ලගම මිහිදන් කළ අපේ මුතුන් මිත්තෝ අර ස්ත්‍රියගේ චපලකම හා සුද්දාගේ අවංකාදරය සිහිගන්වනු වස් සෑම පෙබරවාරි 14වනදාකම කිරි ගවයෙක් නිදහස් කිරීම, ගසක්, පැළයක් සිටවීම වැනි කරුණු කාරණා සිදු කළහ. එසේම එදිනට කැවුම්, කොකිස්, මුං අළුවා, වැනි විශේෂ කැවිලිද සාදා බෙදා හදාගෙන කෑහ.

මේ ඉතිහාසය නොදත් පරගැති ලාංකික ආදරවන්තයෝ මෙය ජාතික දිනයක් සේ උසස් කොට සලකති.

සෑමාගේ අවවාදය - 

මව්වරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ලෙස විශේෂ දින යොදාගෙන එදිනට පමණක් ඔවුනට සලකන මෙවන් යුගයක වැල-ඉන්-ටයිම් අරුමයක් නොවේමය. 
"ආදරය කරන්නන්ට සෑම දිනයක්ම එක සමානය, ආදරයට විශේෂ දින නැත්තේමය."

පලි - සෑමාගේ විග්‍රහයක් පමණකි. ඉස්කෝලේදී ටීචර් ප්‍රශ්න කළ විට පිළිතුරු ලෙස මෙය ඉදිරිපත් කර ලැබෙන දඩුවම් පිළිබද සෑමා වග කියනු නොලැබේ.

වැල ඉන් ටයිම් වැටේ නම් පෙම්වතුන්ට කරදර නැත්තේමය.

86 comments:

  1. අම්මප සෑම් අයියටත් හිතෙන දේවල්........:D

    ReplyDelete
    Replies
    1. හිතෙන දේවල් නෙවේ මල්ලී මේවා අතීත මුතුන් මිත්තෝ සෙල් ලිපි වල ලියපුවා..

      මම දෙකද එතකොට :)

      Delete
    2. කොහොමත් එක එක කියලා කෑගැහුවාට... එක පෝස්ටුව ලියපු එකානේ :D

      Delete
  2. අම්මපා මෙච්චර කාලයක් ඔය සිං කෝන් එක දැනගන හිටියේ නෑනේ. එතකොට වැලන්ටයින් හැදිලා තියෙන්නේ වැල ඉන් ටයිම් නොවැටුන නිසා.පෙරේමවන්තයන්ට ආදර්ශමත් කතාවක් වගේ

    ReplyDelete
    Replies
    1. නැතිව එදා වැල ඉන් ටයිම් වැටුන නම් මෙදා මෙහෙම වදයක් නැහැ නොවැ

      Delete
  3. වැල ඉන් ටයම් වැ‍ටුනෙ නැති එකෙන් බලපන් ඒ සුද්දට වඩා අමාරුවෙ වැටිල තියෙන්නෙ අපේ කොල්ලොනෙ ;)

    ReplyDelete
    Replies
    1. සිරාවට අපේ එවුන්ට සුද්ද දුන්නොත් ඒඩ්ස් වුණත් ගන්නව නොවැ

      Delete
  4. ඒ ගොන් සුද්ද එල්ලිලා තියෙන්නේ මදු වැලක.නියගල වැලක එල්ලුනනම් වල නැතත් අලයක් කාල හරි මැරෙන්න තිබ්බා.

    ඒ දෙන්නට ලැබුණු බ්ලැක් ඇන්ඩ් වයිට් බබලටද බං සීබ්‍රා කියන්නේ.?

    සමාජෙට ලොකු පණිවිඩයක් දෙන්නේ.හන්දියක් හන්දියක් ගානේ මේක බෙදන්න ඕනේ.නැත්නම් විජයිතික බල වේග වලට අපේ පෙන්වතුන් අහුවෙනවා.

    ReplyDelete
    Replies
    1. කනේරු ඇටවත් තියෙන්ට නැතිව ඇති මචං.

      හිකිස්... සිබ්‍රා සීන් එක කලින් මතක් වුනා නම් ඒකත් දානවා ඔතනට

      සිරාවට ‍විජාතික බලවේග නිසා ආදරය කාමය වෙලා. සිතූ කුසූ කතාවෙ වුනා වගේ

      Delete
  5. සෑමා තමා හරියටම වැලන්ටයින් හැදුන හැටි කිව්වේ !!!
    එල ටික් සෑමෝ !!!
    එහෙනම් හෙට දවස හොදින් සමරන්ට !!!

    ReplyDelete
    Replies
    1. හෙට විතලක් නෙවේ මාමේ. අපි ඇමදාම සලමනවා.. :)

      Delete
    2. මාත් මේ ටිකේ වැලක් හොයනවා !!!!
      නැද්ද දිග වැලක් හොයා ගන්ඩ ???

      Delete
    3. මොකද වැලක්වත් අදින්නාද?

      Delete
    4. මධුරංගයා වැලේ වැල් නැති කොරගන්න හදන්නේ :)

      Delete
  6. ඔන්‍න‍ ඔහොම තමයි එතකොට සින් එක වෙලා තියෙන්නේ..බොටත් හිතෙන දේවල්..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. මම හිතපු දෙයක් නෙවේ බං. ඇත්ත සීන් එක ;)

      Delete
  7. Replies
    1. කම්පනාව යසනම් ටැංකූ !

      Delete
  8. හ්ම්ම්ම්ම්..... මෙච්චර කල් දැනගෙන උන්නෙ නෑ නොවැ. සෑමත් දන්න දේවල් !!! ටැංකු ඈ කියල දුන්නට.... :)

    ReplyDelete
    Replies
    1. අහ් මෙයත් ඇවිල්ල නොවැ. ස්තුතී ආවට.. ;)

      Delete
    2. ඇයි අෆ්ෆා එහෙම කියන්නේ... අපි එන්න එපාද???? නොදන්න දෙයක් දැනගන්නනේ ආවෙ...:(

      Delete
    3. හොදා හොදා මම හිතුව එන එකක් නැහැ කියලා ;)

      Delete
  9. මල කෙලියයි මොනාට කෙල නොවුනත් විජාතික බලවේග සැමා අයියගේ රත්තරන් කතාවට කෙලින්න ඉඩ තියෙනවා හි හි කොහෙන් පාත් වෙනවද මන්දා මේ අදහස් එහෙනම් හෙට දිනයේ වැල ඉන් ටයිම් වැටේවා සියළු දෝෂ දුරුවේවා කියලා එක හිතින් ප්‍රාර්ථනා කලා ඕං...ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතී ගැමී.. එසේම වේවා..

      ගැමීගෙ කමෙන්ට් දකින කොට අර ඩිලීට් කරපු එකමයි බොල මතක් වෙන්නේ..

      Delete
    2. හ්ම් හ්ම් ඒ ගැන මතක් නොකර ඉන්න පුළුවන්නම් ලොකු දෙයක්.....

      Delete
    3. හලි හිල ඔන්න අමතක කොලා $$$

      Delete
  10. නෝටියට වැල ඉන් ටයිම් ගැටලුව කෙසේ වෙතත් අළු කෙසෙල් අවරියක් එක්ක පාන් ගිලපු දෝදු ගැන...!!
    හයියෝ..?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. සිරා.. දැන් පොර කලබලයක් නැහැ..

      ඇත්තටම අළු කෙසෙල් වලට මොනාද බං වෙන්නේ ?

      Delete
  11. දැන් නොවැ තොරණෙ විස්තරේ දැනගත්තෙ..
    මේ ලිපිය ඉතා වැදගත් හරබර ලිපියක් බව එක හෙලා ප්‍රකාශ කරමි..

    ReplyDelete
    Replies
    1. එක හෙලා එය ස්ථිර කරන අතර ස්තුති කරමි.. !

      Delete
  12. හප්පේ උඹටමයි නේ මේවා හිතෙන්නේ සැමෝ...එළ වදන් ටික ඈ.....

    ReplyDelete
    Replies
    1. ටැංකු වේවා.. ලබන වැලන්ටයින් එකටත් ගේමක් දෙමු !

      Delete
  13. හිකිස්.........ඔයා මරු අනේ.......

    ReplyDelete
    Replies
    1. අනේ යන්න අනේ යන්න ...සෑමට ලජ්ජා හිතෙයි.

      Delete
    2. විලි ලැජ්ජාවේ බැහැ අෆ්පෝ !

      Delete
  14. හොද වෙලාවට සෑමා වගේ බුද්ධිමතෙක් හිටියේ.. නැත්නම් අපිත් මේ ගැන දැන ගන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ, සෑමට ලැජ්ජයි බොල..

      Delete
  15. හැපි හැපි වැලන්ටයින් සෑම්.......කටුගම්පල?..හ්ම්..අපිත් ඒ පැත්තෙ තමා......

    ReplyDelete
    Replies
    1. අපොයි මේ කැලණිය පැත්තේ කටුගම්පල කෙනෙක් නොවැ.. හැබැයි ඔහෙලට සම්බන්ධනම් කොහිල දීපු එක සාධාරන ඇති නොවැ.. ;)

      Delete
  16. වෙලාවට අපි ඕක අමුතුවෙන් සමරන්න යන්නේ නැත්තේ... නැත්නම් සැමා වගේ දන්න කියන අය ඉස්සරහ අපේ පටි රෝල් නේ...

    අඩේ තැන්කු කිවා..

    හැපි ඔය කිව ඩේ හොදේ

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඔය කිව්වට දේව කොලුවා හොරෙන් සමරන්ට ඇති.. අපි නොදන්න දේවා.. :)

      Delete
  17. මාත් කල්පනා කරන්නෙ දෙන්නෙ මොකද්ද කියල. මධුරංග මලය නං කියල තිබුන මදුරු නාශක බැට් එකක් දෙන්න කියල. කොහිල දෙනඑක නං බත් කාඩ්එක කපාගන්න වැඩක්.

    ReplyDelete
    Replies
    1. මධුරංග කොලුව ෆිස්සු කතා කොරනව. මදුරු බැට් දීලා Hi-voltage එකෙන් පවුලගෙන් කන්න වෙන්නෙ. ඒ වගේද ස්භාවික කොහිල කටු ?

      රාජ මහත්තයා...බත් කාඩ් එක කොහොමත් ඉතින් සතියකට වරක් වත් ස්ට්‍රයික් ඇති නේ.. ;)

      Delete
  18. වැලන්ටයින් නෙමේ බං දැන් පඩි වැඩි කරගැනිමේ මහා සටනට සැරසෙවු

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඇයි මචෝ මේ ලගදිත් 15%ක් රාජ්්‍යය සේවකයින්ගේ වැඩි කලේ.

      20% බස් ගාස්තුත් වැඩි කලේ මදිද ?

      :))

      Delete
  19. දුක්බර ප්‍රේම කතාවක් නොවැ..එහෙනම් ඕක සමරල බැහැ..දානයක් දීල සුද්ද වෙනුවෙන් පිනක් දහමක් කරමු..:D

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි දානයක් දෙන එක නම් නියමයි.. අපි සෙට් වෙනවා අනිවා..

      Delete
  20. අඩේ...කවුරු හරි ඇත්තම කතාවත් කියනවාම්ම් හොදයි...

    ReplyDelete
    Replies
    1. මේක අවාසනාවට ඇත්ත කතාවක් නිසු :)

      Delete
  21. සිරාවටම අද තමයි වැලන්ටයින් ඇත්ත කථාව දැනගත්තේ.. සුද්දට වැලේ වැල් නැතා වෙන්න ඇති අන්තිමේ.. හොහ් හොහ්..

    ReplyDelete
    Replies
    1. සුද්දට විතරක් නෙවේ අපේ රටේ බොහොමයකට පෙබ. 14 වෙනිදට වැලේ වැල් නැහැ :)

      Delete
  22. හප්පටසිලි!! සෑම් අයියා දන්න දේවල්!!! මමත් අදයි දැනගත්තෙ.. ජය වේවා අයියේ!!!

    ReplyDelete
    Replies
    1. හප්පට සිලි ගජ කිව්වලු.. ජයම වේවා නංගෝ..

      Delete
  23. උඹ දන්න දේවල්....
    ඒත් ආදරේ කියන එක එක දවසකට සීම කරන එක අනුමත කරනන් බෑ

    ReplyDelete
    Replies
    1. //ආදරේ කියන එක එක දවසකට සීම කරන එක අනුමත කරනන් බෑ//

      සිරා මචං...

      ස්තුති කිව්වා !

      Delete
  24. එහෙමද උනා කියන්නේ..එහෙනම් කමක් නෑ..මම මේ හිතන් හිටියේ මේක මේ පිටරටින් ආපු වසංගතයක් කියලනෙ..එහෙනම් බලන් යනකොට වැලන්ටයින් කියන්නේ දේශීය නිශ්පාදනයක්..
    අනේ සෑම් ඔයාට තෑන්ක්ස් මේක කියලා දුන්නට..දැන් ඉතින් හිතේ හැටියට සමරන්න බැරියැට කට්ටියට ..සිය රට දේ සිරි සැප් දේ...

    ReplyDelete
    Replies
    1. හිකිස්.. කාට හරි බත් පැකට් එකක් කන්න දීලා අර අහිංසක සුද්දයියව මතක් කොරලා සෙලබිරේට් කොරන්ට් !

      Delete
  25. අඩේ උඹ කියනකල් හේතුව දැනං හිටියේ නෑනෙ බං.. ෆට්ටයි ඈ. උඹ වගේ එවුන් තව ඕනෙ.

    ReplyDelete
    Replies
    1. හෆ්පේ මම වගේ තව එකෙක් හිටිය නම් ලංකාවටම ඇති.. :)

      Delete
  26. ඔන්න අදයි දැනගත්තේ මේ විස්තරේ....
    මේ ඒක නෙමෙයි සෑම් මොකෝ මේ ගෑනු චපල වෙන කතාම කියන්නේ? :PP

    ReplyDelete
    Replies
    1. අපොයි.. සෑම විතරක් නෙවේ බොල.. මුලු ඉතිහාසෙම කියන්නේ ඔය ටික තමා..

      සරල උදාහරනයක් විදියට අර ටයිටැනික් නැවේ රෝසි කෙල්ල බලන්න අර අහිංසක ජැකාව වතුරේ තියල ලෑලි කෑල්ලක් උඩ ඉදල බේරුන අපූරුව.. ;)

      Delete
  27. ෂෙහ්... අදනෙ වැලන්ටයින් සීන් එක හරියටම දැනගත්තෙ....
    අර වැලන්ටයින් ඩේ එකට කොහිල මිටියක් දීපු කතාව නම් මරු... ඇති උන්ද කතාව කියන්න ඉතුරු උනා... හික්ස්....

    ReplyDelete
    Replies
    1. පොර යහතින් ඉන්නවා.. ලගදි තව මොන අටමගලයක් කරයිද දන්නෙ නැහැ. පොර දැන් ගොවි ජන නිලධාරියෙක් නොවැ. ඒත් එළවලු එක්කමයි ඉන්නේ :))

      Delete
  28. සෑම් එදා නොහිටින්න නව විශය නිර්දේශයට අද මෙච්චර බරපතල උත්තර ලියන්න වෙන්නෙ නෑනෙ.. :D

    අපූරුයි නෙවැ විස්තරය.. :D

    ReplyDelete
    Replies
    1. හප්පද බොල මාව උසස් අද්දියාපන ඇමති කොරයිද??

      ස්තුති නන්දු !

      Delete
  29. මාර විග්‍රහයක් නෙව...හි හි...සෙන්නගෙන් පාර අහගෙන තමා ආවේ..නියමයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුති සයුරි...

      මම ඒ පැත්තේ එනව නොවැ.. ඔයා බ්ලොග් රෝලෙත් ඉන්නේ :)

      සොරි ලේට් රිප්ලයි නොවැ..

      Delete
  30. බොරු ඕන නෑ.. මමත් අදමයි ඔය කතාව දැනගත්තෙ.....
    සිරා....
    අපි අපිවම ගොනාට අන්ඳගන්නව වගේ වැඩක් නෙ...

    මේ දවස ගැන මගෙ පෝස්ට් එක මෙන්න - http://mathakawasthuwa.blogspot.com/2012/02/blog-post_13.html?showComment=1329387623666#c8710372492314620491

    ReplyDelete
    Replies
    1. ස්තුති පවනි...

      බලමු මෙයාගේ කතාවත්.. :)
      සොරි ලේට් රිප්ලයි නොවැ..

      Delete
  31. කට්ටිය එකතු වෙලා සුද්දව සිහි කරල දානයක් දෙමුද ?

    ReplyDelete
    Replies
    1. ඒකත් පිනක් හැබැයි නේද ?

      Delete
  32. පව් සුද්දා....

    ReplyDelete
    Replies
    1. අපෙ උන් ඊට වැඩිය පව් බොල !

      Delete
  33. සුද්දා පව්.. සුද්ද විතරක් නෙමෙයි අපිත් පව්..

    හැබැයි ගිය අවුරුද්දේ පෝස්ට් මේ අවුරුද්දෙත් දාන එකනම් කුජීතයි ඈ

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දෙවත් බොලාලා දැනුවත් වෙලා නැති එකේ ශෝකයට මේක දැම්මෙ :ඩී

      Delete
  34. අයියෝ එතකොට අර වැලන්ටයින් සාමි කතාවට මොකද වෙන්නේ? කොහොම වුනත් හොඳ විදිහට ගොතපු අපේ කතාවක් :P

    ReplyDelete
    Replies
    1. මේක තමා ඇත්ත කතාව බං !

      Delete
  35. ඕවා විජාතික බලවේග වල කුමන්ත්‍රන සෑම්...

    ReplyDelete
  36. යකඩෝ, අපි මෙච්චර කාලයක් සමරලා තියෙන්නේ, වැල-in-time සෙට් වෙච්ච නැති සුද්දා'ස්, "ආදරේ වේදනා දැරිය හැකි නොවේ - මේ කාගේ කරුමේ දෝ?" කතාවද?

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. දැන්වත් කට්ටිය දැනුවත් වුනා නොවැ !

      Delete
  37. අනේ අපිටවත් වැල-ඉන්-ටයිම් වැටෙනවානම් නේද බං!

    ReplyDelete
    Replies
    1. හයියෝ විනාස වෙන්න හදන හැටි !

      Delete

Related Posts Plugin for WordPress, Blogger...