Wednesday, February 1, 2012

උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද



හවස් වෙනකොට
සතපමින් නුඹ
මගේ සයනේ
පුරා හනිකේ


හැගුම් සපුරා
මාව වටලා
නුඹේ උණුසුම
විදිමි වපුරා


රෑට නුඹගේ
රෙද්ද උස්සා
හෙමින් රිංගමි
දෙඅත් පටලා


ඇදේ කිරි කිරිය
නුඹට වද දෙත්ද
නුබේ හිල් රෙද්ද
නොම ඉස්සෙන්ට
දග නොකර ඉන්ට
තද කරමි කොට්ට


නුඔ අස්සෙ ඉද්දි
රස්නෙයිද බොහොම
එත් උණුසුමට
මනාපයි බොහොම


මගේ දැගලිල්ල
ඇදේ ඇති රෙද්ද
ඔබ - මා පටලන්නෙ
හැමදාම කකුල


රෙද්ද උස්සා
රෑට රිංගා
උදේ යලි උස්සා
මම එලියෙ නංගා


ලේ පාට ගෑවුනේ
ඔබේ ඔය රෙද්දේ
මදුරුවෝ තලලනේ
කවුරු පිලිගන්නේ


උඹ උඩින් ඉද්දි
මම යටින් ඉන්නෙ
ඇදට උඹ දැම්මෙ
පලල් කරලානේ


නුඹ ලගින් ඉද්දි
මදුරුවො නැහැනේ
රෙද්ද උස්සද්දි
ලැජ්ජ තොට නැහැනේ


එක පාර දෙන්නෙක්ට
දාන්න පුළුවන්නෙ
ඒත් මට මොකට
(මට) ඩබල් බෙඩ් නැහැනේ




Written by sAm_07.15am_31.01.'12

62 comments:

  1. වලත්තයා.කියන වලත්ත සින්දු.චීක්..

    ReplyDelete
    Replies
    1. වල් කොහෙද බොල.. ඩෙංගු මාරාන්තිකයි !

      Delete
  2. මටනං හොඳට තේරුණා ලස්සන දැල... (මලමගුලයි කවුරුහරි මට හිතිච්චි දේ දැනගත්තොත්)

    ReplyDelete
    Replies
    1. නරකයා... මොන දැලද මචං :)

      Delete
  3. වැඩි කල් නොගිනින්ම ඩබල් බෙඩ් එකක් ගන්න ලැබේවා....

    ReplyDelete
  4. ඉන්ට(නෙට්) එක දාන්න

    ReplyDelete
    Replies
    1. මෙහෙ නෙට් ස්ලෝ බං.. වෙලා යයි..

      Delete
    2. ඉන්ටකෝස් නෙට් එක දා ගත්තොත් මක් වෙයිද ?

      Delete
    3. සිරා අදහස ඔබා මාමා :)

      Delete
  5. රෙද්දේ ලේ ගෑවුනේ මදුරුවෝ තලලද?.නෙට් එක දාලාත් මදුරුවෝ රිංගලානේ :D

    ReplyDelete
    Replies
    1. ඔව් මචං. මගේ නෙට් එකේ හිල්.. මදුරුවෝ නෙවේ අලි කොටිත් රිංගයි..

      අම්මද බොල නිකමගේ බ්ලොගත් නිකමට වගේ බැලුව සිරා..

      Delete
  6. චීය . . . වල් . . . !!

    ReplyDelete
    Replies
    1. වල් කොයිද?.. මදුරුවො කනවට දාන්නේ.

      Delete
  7. හික් හික් හික්
    රෙද්ද උස්සද්දී
    ලැජ්ජ තොට නැනේ.

    ඉක්මනටම ගනින් ඩබල් බෙද එකක්. එතකොට රෙද්ද උස්සනකොට ලැජ්ජ හිතෙයි

    ReplyDelete
    Replies
    1. චීයා.. ඒකට නම් ලැජ්ජ ඉතුනා..

      Delete
  8. අම්මපා. මේ පද පෙරලිය....මක්කෙටැයි

    ReplyDelete
    Replies
    1. කස්ටිය මේව ඉල්ලලා තමා කරදොර කොරන්නේ..

      Delete
  9. රෙද්ද උස්සල පලල් කරල දැම්මම ආතල්ද? දන්නෙ නැති නිසා අහන්නෙ

    ReplyDelete
    Replies
    1. නැතුව. මදුරුවො නොකන නින්ද සුපිරි..

      Delete
  10. ගෝඩ් බ්ලේස් යූ ෆෝ මයි ඩර්ටි මයින්ඩ් !!!!
    හික්ස් :)
    මේ කියලා තියෙන්නේ මදුරු දැලක් ගැන නේ.

    ReplyDelete
    Replies
    1. වෙලාවට දැන් මදුරු කොයිල් මාකට් නැත්තේ.. !

      Delete
  11. ටිකක් කියවගෙන යද්දි මීටර් වුනා මේ පාරනම්... දන්නවානෙ ඔයා කියන කවි වල හැටි...

    ReplyDelete
    Replies
    1. දැන් නම් වැඩේ චාටර් වේගෙන යන්නේ.. බලමුකෝ.. :-(

      Delete
  12. උඹ මාතෘකාවට තුන් තේරවිලි පදයක්නේ දාල තියෙන්නේ...
    ඒකනේ එක පාරට එව්වා මෙව්වා හිතෙන්නේ
    ඒත් ඉතින් පද පෙළ කියෝගෙන යද්දී තේරෙනවා, සිද්ධිය මොකක්ද කියලා

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා දැන් දක්ෂයා නොවැ පොඩ්ඩ ඇත්නම් තේරෙනවා.. :)

      Delete
  13. උඹේ අර කකුල් දෙක අස්සෙ හිරකරන් ගහන බෙරේට පස්සෙ අපි හොඳ පරිස්සම්... හැබැයි ඉතිං අන්තිම හරියට එනකම්ම මීටර් වුනේ නම් නෑ...

    ReplyDelete
    Replies
    1. අපොයි කස්ටිය දැන් දන්නව කේස් එක.

      Delete
  14. කුනුහබ්බයක්ම කියලමයි හිතුනේ උඩ පිංතූරෙත් එක්ක....

    ReplyDelete
    Replies
    1. නැහැ බොල ඩෙංගු මාරාන්තිකයි !

      Delete
  15. හෆ්ෆටසිරි.... මදුරුදැලකට ගිය කල.... හිකිස්‌ හිකිස්‌..:. :

    ReplyDelete
    Replies
    1. නිදි මරණ අයට මදුරු දැල් වැඩක් නැහැ හැබැයි :ඩී

      Delete
  16. මේවට තමා හොඳම සිංහල කියන්නෙ.............

    ReplyDelete
    Replies
    1. ඔව් වින්වැට්කිරිල්ලියේ සුද්ධ සිංහල ;)

      Delete
  17. කුණුහර්පයක් නෙවේ කියල නං දන්නව. සෑම මේවගේ රැවටීම් කලිනුත් කලානෙ. මේක ඩෙංගු මර්ධන ඒකකයට යවමු. තේමා ගීතයට ගෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් දැන් කස්ටිය සීන් එක දන්නවා... ඒනිසා පරිස්සමෙන් කියවන්නේ..

      හොද අදසහක් ‍තේමා ගීතයට සෘතිය අවුල් වෙයි නේද ?

      Delete
  18. හ්ම්ම් මදුරු දැලක් ගැන කවියක් නේද... මම දැන් දන්නවා උඹ කව්ද කියලා.. ඒක හින්දා ඉස්සෙල්ලම යටම තියන පින්තූරේ බලලා ඊට පස්සේ කවිය කියෝනවා.. එතකොට කාටවත් කරදරයක් නැහැ.. උබටත් දෝසයක් නැහැ..

    ReplyDelete
    Replies
    1. අපොයි.. කැත වැඩ කොරන්ට එපා බං. එහෙම කලොත් මට දුකයි..

      එහෙනම් මම යට පින්තූරේ උඩට දාල ලියනවා .. :ඩි

      Delete
    2. මම උබට අදහසක් දෙන්නම්...

      උබ ඔය යටින් දාන පින්තූරේ ඊලඟ කැත හිත්වලට කියන කවියේ උඩින් දාපන්.. ඒක එනකම් කට්ටියට ගෙස් කරන්ඩ කියපන්...

      කොහොමද වැඩේ හොඳයි නේද.. ? ඔය වගේ ශ්‍රේෂ්ඨ උපදෙස් වලට අයකරනවා.. උබට හින්දා නිකන් දෙන්නම්...

      Delete
    3. පින්තූර මාරැ කරලා දැම්මොත් කෝමද බං සෑමා බ්ලොග ලියාගෙන ජීවත් වෙන්නේ.. පව් නැද්ද ?

      Delete
  19. අහ් මදුරු දැලක් නේ.. :P :P

    (මේ බ්ලොගේ ඇතුළුව තවත් බ්ලොග්ස් කීපයක් බ්ලොග් රෝල් එකට දාගන්න විදියක් නැතුවයි උන්නේ. සේව් වෙන්නේ නැති ලෙඩක් තිබුණා. ඔන්න දැන් ගැජට් එක රිමූව් කරලා අයෙත් ඇඩ් කරලා හදාගත්තා. මීට පස්සේ නම් නොවරදවාම හැම පෝස්ටුවක්ම බලන්න එන්න පුළුවන්.. :D )

    ReplyDelete
    Replies
    1. ICE ඉන්නේ මගෙ ගූගල් රීඩරේ.. අපිත් එහෙ එනව නොවැ.. :)

      Delete
  20. මේ..මේ.. යට ඒවයෙ පින්තුර නං දාන්න එපා හරිද, අපි නොදන්නවට අර මේජර් ඇනෝ කිව්ව වගේ පොඩි ළමයිනුත් මේ බ්ලොග් කියෝනව විතරක් නෙමේ, කියෝල අනං මනං ඉගෙනත් ගන්නව.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඔබා මාමා කීව කතාව ඇත්ත නොවැ. මීට පස්සේ නොදා ඉමු.. ;)

      Delete
  21. බොලේ අන්තිමට පින්තූරේ දකිනකන් මම හිතුවේ මේ කියන්නේ පොරවන රෙද්ද ගැන කියලා ෂිහ් තාම බැරිවුනානේ මුල් පදයෙන් පස්සේ හරි දේ හරියටම හිතාගන්න හිටියටත් වඩා දැන් වල් වෙලාද මන්දා

    ReplyDelete
    Replies
    1. සතුටුයි ගැමියවත් පොඩ්ඩක් හරි රැවටුනා කියලා.... ;)

      අපොයි ගැමියත් වල්වෙලාද.. චීයා...

      Delete
  22. හෆ්ෆටසිලි!!!! මදුරු දැලක්නෙ බොලේ...:D හිකිස්ස්..

    ReplyDelete
    Replies
    1. නැතුව.. මොනවද හිතුවේ.. චීයා;;

      Delete
  23. යකෝ මාර කතාව! මං අද තමයි ඉස්සෙල්ලම මේ පැත්තෙ ආවේ! දිගටම බලමු! එළ! එළ!

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ... කියවනව නම් ලියන්නම් අෆ්පා..


      සොරි ලේට් රිප්ලයි නොවැ..

      Delete
  24. සැමි අය්යා ෆට්ට ඩයල් එකක් නේ බලාගෙන ගියාම....බ්ලොග් එක දාලා යන්න හිතෙන්නේ නැ බලන්න ගත්තම...

    ReplyDelete
    Replies
    1. ස්තුති කිව්වා..

      මටත් යන්න බැහැ බොල.. උබල ඉන්න නිසා.. ලියන්නම්..

      සොරි ලේට් රිප්ලයි නොවැ..

      Delete
  25. ලෙසටම ලියලා තියෙන්නෙ..........................

    ReplyDelete
  26. හෑ ... අපෙ කැත හිත ,.. විලි ලැජ්ජවෙ බෑ .......... :O

    ReplyDelete
  27. Wa...Waw.....maxsa..! ඔයා ඔයකිව්වට රෑප මාරැකරන්න යන්න එපා...! එතකොට ලිපියේ තියෙන ආකර්ශනීය බව අඩු වෙනවා....

    ReplyDelete
  28. එල එල අද තමා ආවේ නියම්යි බොල... ආතල් කෝටියයි තව එකයි..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...