Friday, January 20, 2012

සුදු වෑන් සංකල්පය මෙරටට ආ හැටි - සෑම් ගේ හෙලිදරව්ව

‍අපේ අප්පුවා ඉස්කෝලේ ආවේ කෝච්චියේය. කොහොම හරි දෙක වෙන්නට කලින් පොර ඉස්කෝලෙට එන්ටර් වේ. පොත් දෙක කිහිල්ලේ ගසා, ඊටත් වඩා ලොකු රතු කැකුලු බත් පාර්සලයක් උඩින් තබාගෙන දත් කැකුලු පාලා අප්පුවා ඉස්කෝලෙට එන්නේ සුරතල් සිනා දීලාය. විටෙක බොලද බස් දෙසාබායි. කොච්චර ප්‍රමාද වී ආවත් පොර දවල් වෙන්නට පෙර ආයෙත් ගෙදර යන්නේ බත් එකත් අපි සමග කාලාය. පොර බය නැතිව ගෙදර යන්නේ ගෙදර කවුරුත් නැති නිසා කලින් ගෙදර ගියා කියලා ප්‍රශ්න අහන්න කෙනෙක් නැති නිසාය. සමහර දවස් වලට පොර ස්ටේෂන් එක ලගදීම හැරී ගෙදර යයි. එක පාරක් අපි ඉස්කෝලෙන් කලින් පැන්නේ අප්පුවා වයින් බෝතල් දෙකක් හදලා තියෙනවා කී නිසාය. හෙන ගේමක් දීලා අප්පුගේ ගෙදර ගොස් බිව්වේ පොර හදපු සීනි වතුරය. පොඩ්ඩක් වත් වදින්නේත් නැත. උක් ගහක් එක්ක ප්ලේන්ටි බීවා වගේය.
‍මේ අපේ අප්පුවාගේ මෑතක ගත් ෆොටෝ එකකි. (මුහුණ හදුනාගත නොහැකි ලෙස වෙනස් කලෙමි.)
ඒලෙවල් කාලේ අපේ එවුන් ඉස්කෝලෙන් පනින්නේ පනින්න බැරි එවුන්ව පජාත කරමිනි. සමහරු 8ට විතර ඉස්කොලේ ඇවිත් 9.30 වෙන්නට පෙර ආපසූ හැරේන් කියා ගෙදර යති. ඒ කියන්නේ උන් ඉස්කෝලේ ආවේ උදේ පන්සිල් ගැනීමට පමණි. මම කීවේ මචං ගෙවල් ලග තියෙන පංසලට පලයන් නිකං මෙච්චර දුර එන්නේ නැතිව කියාය. ඒත් පනින්න පුළුවං එවුන්ටත් පනින්න බැරි දවස් එලබෙන්නේ හවස ක්ලාස් තිබෙන නිසාය. එදාට ගෙදර ගොස් ආයෙත් ක්ලාස් යාම කම්මැලිය. ඒ නිසා උන් ඉස්කෝලේම රැදෙති. එදාට පනින එවුන් පනින්නේ පනින්න බැරි එවුන්ට කිංඩි දමමිනි.

අපේ එවුන් පනින ක්‍රම ‍බොහොමයක් තිබින. එය ප්‍රධාන කොටස් දෙකකි. 
  1. ඇතුලට එන්න - ප්‍රමාද වී ඉස්කෝලෙට ආවොත් ඇතුලට ගන්නේ නැත. එවිට කොහෙන් හෝ ඇතුලට ඒමට පැනිල්ලක් අවශ්‍යය. 
  2. එළියට යන්න - වේලාසන ගෙදර යාමට එලියට පැනීමට පැනිල්ලක් අවශ්‍යය.
ඇතුලට ඒමට පනින ආකාර කීපයක් තිබිණ. පිට්ටනිය පැත්තෙන් පැනීම. පොත් ටික තාප්පෙන් ඇතුලට දමා වෙනත් වැඩකට එලියට ගියා සේ අත් දෙක වන වනා ප්‍රධාන ගේට්ටුවෙන් ම ඇතුලට ඒම. කසිප්පුවා කියා කෑ ගැසූ අංකල්ගේ වත්ත පැත්තෙන් පැනිල්ල. තව එක එකාට ආවේනික එවලෙට හිතිච්ච විදියට කරන ආකාරද කිහිපයකි.

එලියට පැනීමට අනුගමනය කරන ආකාරද කිහිපයකි. මුර අංකල්ව බුලත් විටකින් රවටා පනින පැනිල්ල, ෆොටෝ කොපි ගසන්න එලියට යනවා කියා ප්‍රධාන ගේට්ටුවෙන් එලියට ගොස් තවකෙකුලවා පොත් ටික තාප්පෙන් එලියට දමා ගැනීම හෝ පොත්ටික ඉස්කෝලේම තබා පැනීම. පිට්ටනිය පැත්තෙන් පැනිල්ල, නැති නම් ඇඩ්වාන්ස් ලෙවල් කරපු කාලේ ඇඩ්වාන්ස් විදිහට පැනපු පැනිල්ල.
අපේ සෙට් එකක් මුර අංකල් එක්ක ගත් ඡායා රෑපයක් - (වටේ බොද කලෙමි)
ඇඩ්වාන්ස් පැනිල්ල මෙසේය. (මේකට ඇති නියම කතාව පස්සේ දමමි.) අපේ ෆිසික්ස් (phy-sicks) ලැබ් එක තිබ්බේ තාප්පය කිට්ටුවට වන්නට උඩ තට්ටුවේය. පැනීමට අවශ්‍යය පුද්ගලයා ගේට්ටුවෙන් නීත්‍යානු කූලව අත් දෙක වන වනා යන අතර, ඔහු පාර දිගේ ‍ෆිසික්ස් ලැබ් එක ලගට ආ විට උඩින් ඔහුගේ බෑග් එක පාරට විසි කිරීමට තවකෙකු ලැබ් එක ලග රැදී සිටිය යුතුය. මේ ක්‍රමය අති සාර්ථක වූවත් කබරයාගේ (මතුවට ලියමි) සීන් එක නිසා නෝන්ඩි විය.

මෙන්න මැප් එක :)

මේ මොන විදිහට එලියට පැන්නත් පාර දිගේ අවිදගෙන යාම නොකර අතුරු විකල්ප මාර්ග භාවිතය ඇගට හුරු බැව් කවුරුත් දනිති. නැත්නම් එලියට ගියාට වැඩිය ඉක්මනට ඇතුලට එන්නට සිදුවේ. බොහෝ අය බොහෝ විට භාවිත කලේ ස්ටේෂන් එක පැත්තේ තිබු කැලෑ පාරයි.

එදා එහා පන්තියේ හිටපු කිහිප දෙනෙක් ගෙදර යන්නට සූදානම් වූයේ උදෑසන දහයට විතරය. පනින්නට බැරි එවුන්ට කිංඩි දමා කස්ටිය එලියට බැස්සේ බලන්නට ඇති හැම නිමිත්තක්ම බලාය. බෑග් එකක් නැතිව පොත් ටික විතරක් ගේන නිසා ගේමක් නැතිව පැන්න හැකිය. අපේ එවුන්ගේ සපෝට් එක මැද්දේ තුන් හතර දෙනෙක් විතර එදා පිටත් ‍කලෙමු.

එදා ඉන්ටර්වල් එක ඉවර වී අපි පන්තියට එමින් සිටියේ ඔ‍ෆීසිය තියෙන බිල්ඩිම ලගින්ය. එවිටම අපේ ප්‍රින්සිපල්තුමාගේ සුදු පාට වෑන් එක කඩාගෙන විත් බ්‍රාස්... ගා නැවැත්තුවේ ඔෆිස් එක ලගින්ය. ප්‍රින්සිපල්ම ගොස් පිටුපස දොර ඇරියේ ඇතුලේ සිටි අමුත්තන්ට එලියට බැසීමටය.
සුදු පාට වෑන් එක කඩාගෙන විත් බ්‍රාස්... ගා නැවැත්තුවේ ඔෆිස් එක ලගින්ය

එලියට බැස්සේ අපි පැයකට විතර පෙර පැන්නවූ තුන් හතර දෙනාය. අපිට හිතා ගන්නට බැරි විය. ෆට්ට ආතල්ය ගිය එවුන් ටික සර් උස්සගෙන විත් ඇත්තේය. ඒ කාලේ සුදු වෑන් කේස් නැතිය. තිබ්බා නම් අරුන් තුන් හතර දෙනා තවත් බයිට්ය.

හාෆ් ෂීට් පිරෙන්න තම වරද ලිඛිතව ලියා පසුවදා ගෙදරින් දෙමව්පියන් එක්කගෙන ආ තුන් කට්ටුව ආයෙත් විහිළුවට වත් දොට්ට පිලට යන්නටවත් එලියට නොබැස්සාහ.

සාමාන්‍යයෙන් ප්‍රින්සිපල් උතුමා තම පෞද්ගලික සුදු වෑන් රියෙන් රාජකාරී කටයුතු සදහා පාසල් වෙලාවේ ගමන් කරන අතර පසු විපරමකදී අපට දැනගන්නට ලැබුනේ විකල්ප මාර්ග භාවිත නොකර ප්‍රධාන පාර දිගේ ගමන් කරද්දී ප්‍රන්සිපල් උතුමා තම වාහනය රිවස් කරගෙන විත් කස්ටිය කුදලාගෙන ආ බවයි. එහිදී එකෙක් පැන ගොස් ඇතත් පුද්ගලයා ප්‍රින්සිපල්ට තවම වාර්ථා වී නැත.

අද රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන සුදු වෑන් සංකල්පයට වගකිව යුත්තේ කවුද ? සෑම්ගේ හෙලිදරව්ව දැක දැකත් - බලධාරීහු නින්දේ පසුවෙති...

Written by sAm_8.25pm_18.01.'12

පලි- නිදහස් අදහස් ප්‍රකාශ කිරී‍මේ අයිතිය මා තර්ජන හමුවේ වුවද භුක්ති විදිමි. සෑමා නැති වුව හොත් කම්පා නොවනු. ලියන්නට ඇති ඇත්ත ලීවෙමි.

52 comments:

  1. කතාව හොදයි. හැබැයි ගොයියෝ "රැ" "රු" හදාගත්තෙ නැත්තං සුදුවෑන් තමයි ලගදිම.

    ReplyDelete
    Replies
    1. සොරි රාජ් මහත්තයා... ඕක ඩ්‍රාෆ්ට් කරපු එකක්.. රී-චෙක් කරමි.. ස්තුතී :)

      සුදු වෑන් වලින් බේරුණත් අ‍නේ මන්දා මුන්ගෙන් බේ-රෙන්ට බැහැ නොවැ.. :)

      Delete
    2. Crtl + F ගසා සියළු 'රැ' සොයා නිවැරදි කලෙමි.

      ස්තුතී මචෝ... :*

      Delete
  2. අරුන් 4 දෙනා උපදෙස් පිළිපැදල නැහැ නේ.මං වැඩිය ඉස්කෝලෙන් පැනල නැහැ.ඉස්කෝලේ ඇතුලේ ඉන්න එක මාරම ආතල් ලොකු පන්තිවලදිත් පැන්නේම නැහැ.පොඩිවුන්ට ආදර්ශයක් වෙන්න හැදෙන්න කියල ප්‍රින්සිපල් නිතරම අපිට කිවුවා.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ ඇතුලෙ ඉන්න එක ආතල් කීවම මතක් වුනේ...

      අපිට ඒලෙවල් කාලේ මොකක් හරි ජඩ වැඩකට සතියක් නිවාඩු දුන්නා. ඒත් ඒ සතියම අපි ඉස්කෝලේ ගියා. ගෙදරින් දන්නෙත් නැහැ පන්ති තහනම් කියලා. සර්ලට කරගන්න දෙයක් නැහැ .

      Delete
  3. මළකෙලි හතයි එහෙනම් මේකයි මේ කේස් එක. දැන් දන්නවා සුදු වෑන් ඉතිහාසය. ඔලුව කැක්කුම හැදී සිටි මට දැන්නම් මේ පෝස්ට් එකට පිංසිදු වෙන්න ඒකත් නැති වුනා හිනා වෙලාම. අප්පේ අපේත් ඔහොම කථා ගොන්නක්ම තියනවා. ලියන්න ඕනෙ වෙලාවක අමතක වෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල. වෙද මහත්තයාට බේත් දුන්නද සෑම් ??

      ස්තූතියි කීවා.. අපිත් බලන් ඉන්නවා වෙදමහත්තයාගේ ස්ටෝරි ටික එනකල්... :)

      Delete
  4. අඩේ එතකොට එහෙමයි සීන් එක වෙලා තියෙන්නේ නේද.. ? කොහෙන් ගියත් සෑමත් හැම බැරෑරුම් දේකටම ගෑවිලා ඉන්නවා නේද...

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ... මම හැම කේස් එකටම ගෑවිලාද ??

      Delete
  5. මගෙ අප්පේ... මම හැම කේස් එකටම ගෑවිලාද ??

    ReplyDelete
  6. මමත් කීයට හරි ඉස්කෝලෙ ඇවිත් ඉවර වෙනකල්ම ඉන්නවා කොහොම හරි
    ඒ ලෙවල් කරද්දී මම ගෙදරින් එන්නේ 08:20 බස් එකේ, යන්තම් 09:15 වෙද්දී ඉස්කෝලෙ
    හැබැයි ගොඩ වෙලාවට පන්තියේනම් නවෙයි හිටියේ, වෙන වෙන තැන්වල
    කොහේ හරි බුලක්‌ ගහන්න යන්න හිතුනොත්නම් සෙට් එකම ඉස්කෝලෙන් පනිනවා මිසක් ලේසියෙන් අපි ඉස්කෝලෙන් පනින්නේ නැහැ
    උඹ කිව්වා වගේ 08:00 ට ඇවිත් 09:00 වෙද්දී පැනල යන උන් ටිකකුත් හිටියා අපේ පන්තිවලත්
    මම ගොඩක් දවස් වලට උන්ගේ මුනවත් දකින්නේ නැහැ
    මම එද්දී උන් ගිහිං..:))

    ReplyDelete
    Replies
    1. //08:00 ට ඇවිත් 09:00 වෙද්දී පැනල යන උන් ටිකකුත් හිටියා අපේ පන්තිවලත්
      මම ගොඩක් දවස් වලට උන්ගේ මුනවත් දකින්නේ නැහැ
      මම එද්දී උන් ගිහිං..:))//

      සිරා කතාව බොල. මම අප්පුවගෙ වයින් බොන්න පැනපු පැනිල්ල විතරයි. ඒත් අප්පුවා ඔය කියන ජාතියේ. සමහර දවස්වලට ස්ටේෂන් එකට ඇවිත් ගෙදර යනවලු :)

      Delete
  7. බොළ අද තමා මෙහෙට සම්ප්‍රාප්ත උනේ.
    උඹලගේ පිනාද එතකොට හුදු වෑන් සංකල්පේ ගෙනාවේ.අම්මපා සෑමෝ උඹත් පරෙස්සම් වෙයන් මොකෝ ඕක උඹ එළිදරව් කළා කියල ආරංචි උනොත් උඹවත් උස්සන් යන්න හුදු වෑන් කෙසේ වෙතත් ගොන් කරත්තයක් හරි එවාවි.හික්

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ.. අනේ බොල පුට් සයිකොලයක් එව්ව නම් මම ඩබල් දාලා යනවා :)

      ශානු ගේ බ්ලොගක් නැතෙයි. මම එන්න කියලා හෙව්වා ඒත් නැහැනේ.. ස්තුතී කීවා !

      Delete
    2. ඔක්කොම ලියන්න ගියොත් කියවන්න එවුන් නැතිවෙනවනේ බොළ ... හික්
      බලමු අනාගතේ ...

      Delete
    3. බය වෙන්ට එපා බොල.. ලියන අපිම අනින් එවුන්ට සපෝට් එකට කියවනවා බොල.. ජය !

      Delete
    4. ඕක ඉතින් අත්තමට කුඹුරු හානවා වගේ වැඩක් තමා.. එහෙම නැත්නම් එකිනෙකාගෙ පිට කහ ගන්නවා වගේ කියන්ඩත් පුලුවන්... හිහ් හිහ්..

      මොනව උනත්.. කට්ටිය හමෝගෙම ඒවා කියවලා දිරිමත් කරලා, අඩු පාඩු පෙන්නල ඉස්සරහට තල්ලු කරන් යනවා හරිම සහයෝගෙන්.. ඒකයි වැදගත්..

      Delete
    5. සිරා මචං ඇත්ත තමා !

      Delete
  8. එළ එළ මුලින්ම උඩින්ම තියෙන චක්‍රය නං එළය....මරු කථාව..උඹගේ බ්ලොගය හැමදා කියවන්නේ එක හුස්මට...එතකොට උඹලගේ පිනා සර් තමා මේ ඔක්කොටම මුල....කබරයගේ සීන් එකත් ලියපංකෝ බලන්න......

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ.. කබරයගේ සීන් එක ෆට්ට ආතල්, කබා තමා සර් කෙනෙක්ට මූනට ගේම ඉල්ලපු එකම කොල්ලා.. ලොල්

      Delete
  9. හි හී... ලෙසටම ලියා ඇත.. අර හැමතැනම පස්සේ ලියනවා කියන පෝස්ටුත් ඉක්මනටම දාන්න ඕනා... :)

    ReplyDelete
    Replies
    1. කිසිම හානියක් නැහැ ශානි මම දාන්නම් :)

      Delete
  10. අපේ ඉස්කෝලෙනම් ඔය කරදරේ තිබුනේ නෑ..මොකෝ තාප්ප තිබුනේ නෑනේ.. ඒවා මම පසුවට කියන්නම්..

    මේකට රිප්ලයි එක හෙට වැටුනොත් සෑමා කුදලං යන්න සුදු වෑන් එකක් ආවේ නෑ කියා සිතමි..

    ReplyDelete
    Replies
    1. හිකිස්.. වෑන් එකක් ආවේ නැහැ බොල.. මම යහතින් සිටිමි...

      එක පාරක් අපේ තාප්පේ උස මදි කියල ආයෙත් පාරක් අඩි 3ක් විතර ඉස්සුවා. අපේ එවුන්ට පනින්ට අමාරැ වෙන්ට. ඒක දැකලා අපේ එකෙක් කියපි "මචං පනිනව නම් දැන්ම පැන ගනින් මේක ඉස්සුවට පස්සේ පනින්න වෙන්නේ නැහැ" කියලා.. හිකිස්:)

      Delete
  11. හපොයි බුදුඅම්මේ සෑම්....සුදු වෑන් කියනකොට මෙන්න මාව වෙව්ලනවා...කියන්න බැරි කතාවක්..ටිකක් කියන්නම්...මාවත් ඔය සුදුවෑන් කාරයෙක් උස්සන් යන්න හැදුවනෙ........

    ReplyDelete
    Replies
    1. ඇහ්?????? ඔයාව අහවල් එකටද? කලින් යාළු වෙලා හිටපු ආදරවන්තයෙක්ද වෑන් එකේ ආවේ..??

      ;)

      Delete
    2. හෆොයි නෑ අනේ....රෑපානෙ ලංකාවෙ මූදු වෙරලක කෙල්ලො කට්ටියක් එක්ක ඉන්නකොට කොහෙන්දෝ ආව වල් කොල්ලො රැලක්....අම්මලා අයියලත් උන්න ඊට ටිකක් එහායින්....මගෙන් ගුටි කෑවා ඒකා බඩ පිරෙන්න...

      කලින් යාලුවෙච්ච එකෙක් නැහැ අනේ...එහෙම උන්න නම් ඉතින් සුදු වෑන් මොකටද?මම ප්ලේන් ටිකට් එකක් අරන් පියාඹනවනෙ එයාගෙ කැදැල්ලට...!!

      Delete
    3. වින්වැට් දරුණුයි නොවැ.. හික්ස්..

      Delete
  12. පාසල් වලින් කෙරෙන එක කාර්යභාරයක් තමයි ඔය තාප්ප ගහලා, ගේට්ටු හදලා, මුරකාරයො දමලා ළමයින්ව නිර්මාණශීලි විදියට පැනලා යාමේ කුසලතාවය වැඩි දියුනු කරන එක !!!

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හේ.. වෙනියා ඒක නම් සිරා කතාව.. නිර්මාණශීලී කුසලතාවලින් පිරි දරැ පරපුරක් නිර්මාණය කිරීමේ කීර්තිය එයාලට හිමි වෙන්‍ට ඕනේ ;)))))

      Delete
    2. ඒක නිසා නේ තාප්ප නැති ඉස්කෝලවල නිර්මාණශීලි අදහස් අඩු..

      Delete
  13. මාත් එක පාරක් උස තාප්පෙකින් පැන්නා. පැන්නට පස්සේ නිකන් මඤ්ඤං උනා.(ඒ මඤ්ඤම ද දන්නේ නෑ තාමත් තියෙන්නේ.)

    පස්සේ අපේ ශිෂ්‍ය නායක සෙට් එක කිව්වා තාප්පෙන් පනින්න ඕන් නෑ ගේට්ටුවෙන් යන්ඩ කියලා. මුරකාරයා අවුලක් නෑ කියලා. :)

    ReplyDelete
    Replies
    1. අෆොයි අත පය කඩාගන්නවට ශිෂ්‍යය නායකයෝ අකැමති ඇති.. ඇත්තට නීත්‍යානු කූල පැනිල්ලක් :)

      Delete
  14. අපෝ පොඩි කාලේ ඉදලම හොර හිත

    ReplyDelete
    Replies
    1. අනේ.. හොර හිත නෙවේ.. අපි විමුක්තිකාමී ජනතාව :)

      Delete
  15. අම්මහ්.....
    මට හොඳ හැටි මතකයි ඔය වගේ බිල්ඩිමක්....
    අර කැළණිය ඉස්ටේසමෙන් බැහැල....අර දැන් කෙහෙල් පඳුරු ද කොහෙද හිටෝල තියෙන කැලෑව අස්සෙන් යන ගොඩ වෙච්ච රේල් පාර දිගේ ගිහින් ද කොහෙද ඔතනට ගියා..
    ;)

    ReplyDelete
    Replies
    1. මගුලයි... පවනි කොහේ රිංගනවද මංදා...

      Delete
  16. ඔන්න මමත් මේ පැත්තේ ආවා.....නියම කතාව...අනේ අපිට කොයිද ඔහොම චාන්ස්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ.. සිතුවිල නිහඩ කොර ගන්ට එපා ! :)

      Delete
  17. මල මගුලයි. මේක විකිපීඩියාවට දාන්න වටින එකක්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හිකිස්.. විකියට දාමු බොල..

      Delete
  18. පැනීම ගැන වටිනා වැදගත් විද්‍යාත්මක ලිපියක් වගේම බලධාරීන් කියවිය යුතුම වර්ගයේ වැදගත් කරුණු අඩංගු බව පෙනේ..නිසි බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමුවෙත්වා..!!

    ReplyDelete
    Replies
    1. අපොයි බලධාරින් බැලුවොත පනින එකෙක්ටවත් පනින්ට බැහැනේ :)

      Delete
  19. මම නම් ඉස්කෝලේ ලඟමයි ඇහැරුණු වෙලාවට තමයි ඉස්කෝලෙට යන්නේ කොහොම ගියත් මතක ඇති කාලෙක පන්සිල් ගන්නකොට ඉස්කෝලේ ඉඳලා නෑ පාසල් ගීය කියද්දිනම් සමහර වෙලාවට ඇතුලට ඇවිත් කුණු ඇහිඳිනවා ඒකත් උ/පෙ කරන්න ආවට පස්සේ නැවතුනා ඒ කාලේ ඉස්කෝලෙට ආවේ මුල් පීරියඩ් එකත් පටන් ගත්තාම හි හි දවසක් සපත්තු දෙක නැතුව නිකන්මත් ගියා ඉස්කෝලෙට....ආයේ එද්දිත් එහෙම තමයි හැබැයි ගමන බිමන ප්‍රධාන ගේට්ටුවෙන් ශිෂ්‍ය නායක බැජ් එකත් සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා හි හි ආං නායකයෝ...හැබැයි ඒ පුරුදු නිසා අදටත් මට වෙලාවට වැඩක් කරගන්න බෑ අන්න ඒකයි වැරැද්ද...මරු අයියේ කතාව මට මගේ පැරණි මතක ආයේම අළුත් වුනා හි හි

    ReplyDelete
    Replies
    1. අපොයි බොලා සිස්ස නායකයෙක්ද? හරිම ආදරුස මත් බොලා... හික්ස්

      Delete
  20. එහෙනං එහෙමයි මේ සුදු වෑන් සෙල්ලම පටන් ගත්තෙ...ඈ...

    ReplyDelete
    Replies
    1. මේවයේ ඉතිහාසය කවුරුත් දන්නේ නැහැ ඔබා... මාත් බය නැතිව ලිව්වා ! :)

      Delete
  21. අපිනම් ඉස්කෝලෙ ගිය හැමදාම වගේ ගෙදර අවා. ඉස්කෝලෙ ගාව ඉඳන් අපේ ගෙදරට එන්න පැය 1 1/2 විතර යනව. 7.30 ඉස්කෝලෙ පටන් ගන්නවා. 9.00 වෙනකොට අපි ගෙදර..

    ReplyDelete
    Replies
    1. අපරාදේ ගෙදර ඉන්නම තිබ්බේ :)

      Delete
    2. 80% හදා ගන්න ගියේ. අන්තිමට 70% නැතුව ඒ ලෙවල් ලිව්වේ..

      Delete
    3. හිකිස්.. එහෙමද? අපේ ඉස්සර දෙපාරක් නම් ලකුනු කරන්න ගත්තා උදේ , සවස, හැබැයි ටික දවසයි :)

      Delete
    4. එහෙම කරානම් අපි හැමෝම අනාඨයි..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...