Tuesday, January 17, 2012

සියළු හිමිකම් ඇවිරිණි ද? ඇහිරිණි ද? (සෑමා සහ බුද්ධිමය දේපල)


මේ ෆොටෝ එක ඊ-මේල් එකක් විදිහට හෝ වෙන කිසියම් වෙබ් අඩවියක දැක තියෙනව නම් දිගටම කියවන්න. නැතිනම් ඒත් කියවන්න.


එදා මම වැඩ ඇරී අප ආයතනයේම ට්‍රාන්ස්පෝට් එකෙන් කඩුවෙලට ගියේ මගේ පෞද්ගලික වැඩකටය. එහිදී කඩුවෙල හන්දියේ දී දුටු දර්ශනයක් එකල මාගේ nokia 3120 ක්ලැසික් දුරකතනයෙන් හසුකර ගැනීමට හැකි විය. මෙය ගත්තේ බස් රථයේ හිදගෙන සිටියදීමය.

මේ පින්තූරය මට මාස කිහිපයක ඉහතදි "Picture of the year" ටයිට්ල් එක යටතේ ලැබුනේ ඊ-මේල් එකක් මගිනි. ඒ මගේ අතිජාත මිතුරෙකුගෙනි. අනිත් පැත්තට මම කලේ රිප්ලයි‍ මේල් එකක් දමා ලැබුන තැන පිලිබද වත ගොත ඇසීමය. ඔහු කීවේ "මචං මේක මට එව්වේ යාළුවෙක්" නැවත මා ඇසුවේ යාළුවාට ෆොටෝ එක හමුවූ තැනයි. "පොර මේක අරන් තියෙන්නේ ප්‍රසිද්ධ සයිට් එකකින් බං..ඇයි සෑමා මොකද සීන් එක??" දැන් මගේ පිළිතුරැ දීමේ වාරය නිසා මම අපේ මිතුරාට රිප්ලයි කලෙමි.

"නැහැ බං කේස් එකක් නෙවේ. ඔය ෆොටෝ එක ගත්තේ මම. මම ඒක ෆේස් බුක් දැම්මා. ෆේස් බුක් එකේ මේ ලින්ක් එක බලපං. සයිට් එකට දාලා තියෙන්නේ මගේ ඊ-මේල් ඇඩ්රස් එක, ෆොටෝ එක ගත්ත තැන, ඒ විස්තර ඔක්කොම අයින් කරලා..."

ෆේස් බුකි‍යේ ෂෙයාර් කළ ෆොටෝ එක මෙන්න... එයට තවමත් තියෙන්නේ කමෙන්ට් දෙකක් සහ ලයික් 5ක් පමණි. නමුත් එහි යට භාගය කපා ෂෙයාර් කරන බොහෝ පිරිසකට ඊට වඩා කමෙන්ට්ස්ය.

මම යැවූ රිප්ලයි එකට මගේ මිතුරා ක්ෂණිකව මගේ දුරකතනයට කතා කොට මාව ඇගයීමට අමතක නොකලේය.


යට ගිය කතාව යලි එලියට ආවේ 2010 වසරේ දෙසැම්බර් 8වෙනිදාය. ඒ මට ලැබුණ තවත් ඊ-මේලයකිනි.  එහි එකී ෆොටෝ එකද අමුණා තිබිණ. එය මෙසේය,

Dear Samindika,
I just saw this brilliant picture.  I am currently the editor of '*****'.  I would greatly appreciate if you could give me your number so I can talk to you regarding using your photographs.
Thanks 
 ******

ඒ කිසිවෙකුත් නොව ප්‍රකට පුවත්පත් මාධ්‍යය ආයතනයක ප්‍රධාන කතෘතුමාය. මම ඔහුට මගේ විස්තර සහිත රිප්ලයි එකක් දැමීමි. එය පහත පරිදිය.
Dear ****,
I am so delighted to read your mail. its really midnight now, 12.11am :)
there is a huge story behind this pic.
contact me on my moblie- **********
Thank You,
Best Regards,
Samindika
Web : www.samindikasrimantha.blogspot.com
පසුදිනම සවස 5ට පමණ මට ඇමතුමක් දුන් කතෘතුමා කීවේ මාධ්‍යය වේදියෙකු ලෙස තම ආයතනය ‍සමග සම්බන්ධවන ලෙසත් තමා හමුවීමට එන ලෙසත්ය. ඔහු වැඩිදුර යමක් ඇසුවේය.
"කවුද එතකොට 'සෑම්' කියන්නේ?"
ඒත් මමම තමා. ඔබතුමා කොහොමද ඒ නම දැන ගත්තේ?
"ඔයාගේ රිප්ලයි මේල් එකේ සිග්නේචර් එකේ තිබ්බා බ්ලොග් එකක ඇඩ්රස් එකක්. ඒකේ තමා තිබ්බේ. ඔයාට හොදට ලියන්නත් පුළුවන් නේද? ජ(ර්)නලිසම් කරමුද?"

එකී කතුවරයා ඔහු හමුවට එන ලෙසත් දැන්වූ නිසා සෑමා ඔහු මුණ ගැසින. එම ආයතනය සමග කටයුතු කිරීමේ අවස්ථාවක් සලසා දුන් අතර කිසියම් හේතු කිහිපයක් නිසා (ආයතනය සම්බන්ධ වරදක් නිසා නොව) සෑමා ඊට සම්බන්ධ වූයේ නැත.

අනුන්ගේ නිර්මාණ තමන්ගේ ලෙස ඉදිරිපත් කරන සමාජයක එවන් ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රධාන කතුවරයා සෑමා වන් කුඩා මිනිසෙකුට කල ඇගයීම හා සිහි කරනු වස් මෙම පෝස්ටුව දැමීමි. තවද සෑමාගේ බ්ලොගය ආරම්භ වූ මුල් කාලයේ සිදුවූ සිදු වීමක් මතක් කිරිමට කැ‍මැත්තෙමි. ඒ සිදුවීම පිළිබදව මාගේ බ්ලොගයට ‍යනෙන පිරිස නොදන්නවා ඇත.

මට දිනක් මිතුරෙකුගෙන් ඊ-මේල් එකක් ලැබිණ. එහි නවීන බයික් ආදිය පිළිබද අපූරැ පද වැලක් වීය ("ශේන් පදිනවා තවුසන්ඩ් කවසාකී" කියා පදයක් එහි තිබ්බා මතකය). එය සෑමාගේ බ්ලොගේ යනෙන පිරිසට දැන ගැනීම වස් පෝස්ට් කලේ අනුන්ගේ නිර්මාණයකින් හිට් වීමේ පහත් අරමුණින් නොවේ. (අනුන්ගේ ඒවා දානවාට වඩා සෑමාට ලියන්නට දේ ඇත) නිර්මාණය ලැබුනේ ඊ-මේල් එකකින් නිසාත්, කතුවරයා සදහන් නැති නිසාත්, ඊ-මේල් එකකින් ලද නිර්මාණයක් බව සටහන් කරමින් පෝස්ට් කලේ නිවැරදි කතුවරයා සොයා ගත නොහැකි බැවිනි. නමුත් පෝස්ටුව වැටී සුළු මොහොතකින් අයිතිකරැවෝ සහ ඔහුගේ මිතුරන් සෑමාට පහර දෙන්නට වූයේ (ඒ පෝස්ට් එකෙන් හිට් වීමේ පහත් අරමුණක් නොතිබුණු මට) පහත් ආරකටය.

පසුව කමෙන්ට් වලින් ලද ලින්ක් එකකින් මට සොයගන්නට ලැබුනේ නියම කතුවරයා බ්ලොග් කරැවෙකු බවයි. ඉන්පසු සෑමා එම පෝස්ටුව මකා දැම්මේ ඔහුට අසාධාරණයක් වන බැවිනි. ඇත්තටම ඔහු නියම නිර්මාණකරැවෙකි. නමුත් එදා සෑමාට එරෙහිව කමෙන්ට් කල පිරිස ඉන් පසු සෑමාගේ නිර්මාණ බැලීමට ආවේ නැත. (ඔවුන් සිටින්නේ බ්ලොග ලියන්නෙකුට පහර දීමට පමණක් විය හැක) ඔවුන්ගේ බ්ලොග් වලට ගිය සෑමාටද බලන්නට දෙයක් නොවීය. බොහොමයක් බ්ලොග් වල ඔවුන් තවමත් කමෙන්ට් කරති.

මෙවන් පසුබිමක ප්‍රසිද්ධ පුවත් පත් මාධ්‍යයක ප්‍රධාන කතුවරයෙකුගෙන් ලද ඇගයීම මා වැනි පුංචි මිනිසෙකුට මහමෙරක් බදුය.

මේ සියල්ල ලීවේ පොර වීමට නොව, මා සමග හිදි සියල්ල සමග, සෑමා ලද සතුට බෙදා ගැනීමටය.

ෆොටෝ එකේ අයිතිය පිළිබද ගැටළු වේ නම් ඔරිජිනලය සෑමා සතුය. මේ ගැන ලිවීමට කිසිම බලාපොරොත්තුවක් නොතිබිණ.
සියළු හිමිකම් ඇවිරිණි ද? ඇහිරිණි ද? (සෑමා සහ බුද්ධිමය දේපල)

Written by sAm_11.15am_17.01.'12

69 comments:

  1. සෑමාගේ ෆොටෝඑක නියමයි. ක්ෂණිකව ඔයවගේ පිංතූරයක් ගන්න ලේසියෙන් බැහැනේ ඒකයි ඒකෙ තියන වටිනාකම. ඒවගේම පත්තර කතෘතුමා කරපු ඇගයීම ගැනත් සතුටුයි.
    (මම මුලදිම කිව්වෙ උඹට ලියන්න පුළුවන් කියල. මංතුමා එහෙම කිව්ව කියන්නෙ අරවගේ කෙනෙක් උඹේ හොද කියනවමයි බොල. බි.පෙ.සි.)

    ඒවගේම ඊමේල් වලින් එන අනං මනං කෑලි මම නං මගේ බ්ලොගේ දානඑක නවත්තල. මොකද ඕවට අයිතිකාරයෙක් කොහේහරි කොනක ඉන්නවනේ.(උඹේඑකටත් උනේ ඒකමයි). දැං ඒව ගැන කතාකරල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. අර කියපු ඊමේල් කවි සෙට් එකේ කේස් එක රජ් තුමාට මතකයි මම හිතන්නේ. :)

      //මම මුලදිම කිව්වෙ උඹට ලියන්න පුළුවන් කියල. මංතුමා එහෙම කිව්ව කියන්නෙ අරවගේ කෙනෙක් උඹේ හොද කියනවමයි බොල. බි.පෙ.සි.//

      ඒක නම් ඇත්ත මයෙ හිතේ. රාජ් කිවොත් තක්කෙට හරි...
      කලිනුත් මම ඇහුවා මේ "බි.පෙ.සි" කියන එකේ තේරැම. දැන්වත් කියහල්ලකෝ...

      Delete
    2. බිම පෙරළෙමින් සිනා

      Delete
    3. "බි.පෙ.සි" = බිම පෙරළෙමින් සිනා

      Delete
    4. අෆ්ෆේ ඒකද ස්තුතී ඇනෝ. උදව් කරන ඇනෝ කෙනෙක් දැක්කමයි බොල.. :)

      "ROFL" කියලා සිංහලෙන් කීවනම් දන්නවනේ සිරා සිරා..

      Delete
  2. බුදු අම්මේ ඕක උඹ ගත්තු එකක්ද ? ඕක ඊ-මේල් වට දෙක තුනක්ම ගියා මට මතක හැටියට...

    මචන් හැකියාව තියන එකේ ජනමාධ්‍ය කලාවට බැස්සොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. මගේ විකුණපු ෆෝන් එකයි, මගේ ලග තියෙන ඔරිජිනල් ෆොටෝ එකයි පල්ල සෑමා තමා ගත්තේ :)

      බලමු ඉස්සරහට මොනව හරි වාසි ටිකට් එකක් ඇදුනොත්..
      ස්තුතී Senna

      Delete
  3. මාත් මේ ෆොටෝ එක දැකල තියෙනවා.කවුද දන්නේ උඹ මෙච්චර වැඩ කරුවෙක් කියල.ඒත් අපරාදේ බං චාන්ස් එක මිස් කරගත්තේ.

    ඉස්සරහට බලමු .වැඩ කරුවොන්ට වරදින්නේ නැ.ජයෙන් ජය.!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ !

      මගේ බොල වැරැද්ද, ෆේස් බුකි දාන්ට කලින් ෆොටෝ එක හරි මැදින් නම ගැහුවනම් කිසි අවුලක් නැහැ. :)

      තාමත් කැමරාව අමොරගෙන බොල ඉන්නේ.. බලමුකෝ.. :)

      Delete
    2. මටත් හිතෙන්නෙ අපරාදෙ මිස්වුනා කියල. ඒත් කමක් නෑ දක්ෂයට ඉස්සරහට චෑන්ස් තියනවනේ. හැබැයි පුතෝ ඔය පිංතූරෙට අදාල "අවස්ථාව" උඹට ලැබිල තියෙන්නෙ හදිසියෙන්/අහම්බෙන්. ඒවගේ අවස්තාවල් සමහර විට ජීවිත කාලෙටම නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා "අවස්ථා" සොයාගෙන යන්න ඕන සෑමෝ.

      තවත් එකක් "රු" යන්න ටයිප් කරන්නෙ R අකුරයි Q අකුරයි දෙකෙන්. ඒත් උඹ හැමදාම ටයිප් කරන්නෙ R සහ E වලින්. කන්වර්ටර් එකක් නං පාවිච්චි කරන්නෙ RU ගහපන්. ඕං කිව්ව දැංවත් මේක හදාගනිං.

      Delete
    3. මගේ කරැමෙකටද මන්දා ඔය වගේ සීන් මට හරියට පේනවා රාජ් තුමෝ. මේ තරම් වටිනා‍ නොවුනත් තව ‍ෆොටෝ 2ක් තියෙනවා. මැතිවරණ කාලේ එකකුයි තව කඩේක සීන් එකකුයි. බලමු මොනව හරි වෙයි (එක්කෝ උස්සයි‍නේ) ;)

      අඩේ බ්ලොග් එකට ආපු "ඇනෝ සර්" කෙනකුත් ඕක කීව. ඒත් පැහැදිලිව කිවේ නැහැ. දැනුයි මම බටොං දෙක දන්නේ. රාජ් මුල ඉදලම හිටපු එවුන්ගෙන් එකෙක්. ජය සිරි කීවා.

      "රෑට - රුපියලක් කමු" දැන් අලි වගේ.. :)

      Delete
  4. පහුවෙලා හරි තමන්ගේ නිමාණශීලීත්වයට ඇගැයීමක් ලැබුනු එක අපේ රටේ විදිහට බොහෝම සතුටු වෙන්න පුලුවන් දෙයක්.

    ඔය වගේ ඒවා ආයිත් දැක්කොත් ගනින් ඈ සෑමෝ දෙපාරක් නොහිතා . .

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඔහුට මම ගරැ කරනවා. කතා කරපු ටිකට හරි. ඇත්තට ඔහු අපේ වචනයෙන් "සිරා" පොරක්. මුණ ගැසිලා කතා කලෙත් හොද මිත්‍රත්වයකින්.

      හරි.. හරි. අනිවා ගන්නවා අපේ එකාලට බලන්ට..

      Delete
    2. අනේ නරිය. තෝ මෙතනත් 'රැ' 'රු' මාරු කරගෙන නෙ. තෝව හම ගහන්න එපායැ

      Delete
  5. හොඳ පොටො එකක්.....Well done!...
    තාමත් හොඳ නිහතමානී පත්තර කර්තෘලා ඉන්නවා ....අහන්නත් සංතෝසයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතී..
      ඇත්තටම, මටත් සතුටුයි ඒ ගැන. ටිකක් පරක්කු වෙලා හරි පෝස්ට් එකක් දැම්මේ ඒකයි.

      Delete
  6. මේක ලංකාවෙ විතරක් නෙමේ, ලෝකෙ පුරා රවුම් ගහපු පින්තුරයක්, කව්ද බොලේ දන්නෙ සැමාගේ කියල

    ReplyDelete
    Replies
    1. අඩේ ඔබා මාමා දැක්ක නම් මට 'අලි තතුටුයි'

      සිරාවට ඔහෙත් ආවද? යටින් මගේ ඊමේල් එක තිබ්බේ නැද්ද?

      Delete
    2. ඊමේල් ලිපිනය තිබුනද , එව්වෙ කව්ද කියන විස්තර නං අමතකයි දැන්. ඒ වුනාට එක පාරකට වඩා ඊමේල් මගින් ආව බව නං මතකයි.

      Delete
  7. මෙම ඡායාරූපය මමද දැක තිබෙනවා. ඉතාම වැරදි වැඩක්. කෙනෙක් යමක් කරන්නෙ ඔහුගේ හැකියාව නිසා. එයිට වඩා දෙයක් කරනවා විනා වෙන් කෙනෙකුගේ අදහසක් සොරා ගැනීම. ඇත්තටම බ්ලොග් කරුවන් කියන්නේ යම් මාධ්‍ය මෙහෙවරක යෙදෙන්නන්. මම සිතනවා මේ කලාව තව දියුනු වෙනවා කාලෙකදි. යම් දිනයක් එයි රටේ වැඩි දෙනෙක් කියවන බලන භාවිතා කරන බහුලම මාධ්‍ය මේක බවට පත් වෙන. එදාට අපි ජීවත් වුනත් නැතත් අපේ සටහන් කොතැනකින් හෝ කියවිය හැකි වෙයි. ඒ නිසා ඔබ දිගටම ලියන්න. ඔබට ඉතාම හොද හැකියාවක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී. සිංහල වෛද්‍යය විද්‍යාව පිලිබද ලියන ඔබේ ලිපි ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. ඒවා සංරක්ෂණය කලා වගේ ඔබේ බ්ලොගේ ඉතුරැ වේවි.. !

      ජය ශ්‍රී !

      Delete
  8. අබුද්දස්ස කාලේ නොවැ..බං..ඔව්වායේ හැටි ඔහොමතමා..ඔය සයිබර් පරපුටුවො නොවැ..බොලං...හැබැ අර කතෘතුමා ට මගේත් ප්‍රනාමය

    ReplyDelete
    Replies
    1. ස්තූති ඔහුට ස්තුති කරන්න සෑමා සමග එකතු වුණාට.

      ආඩම්බරයි, මගේ බ්ලොගේ (සිංහල-ඉංග්‍රීසි) රාජ්ලා දෙන්නෙක්. ;)

      Delete
  9. ම්..අපිටත් ආඩම්බරයි නොවැ මෙහෙම මනුස්සයෙක්ගෙ බ්ලොග් එක කියවන්න ලැබුනු එක ගැන..
    ඔහොම යං ඔහොම යං මලේ..

    ReplyDelete
    Replies
    1. මට ලැජ්ජයි අනේ... ;)

      ස්තූති සහෝ !

      Delete
  10. ඔය පොටෝ එක නොදැකපු නෙට් යූසර් කෙනෙක් නැතිව ඇති. ඒ තරමට ජනප්‍රියයි. එක අතකට ජෝතිට ප්‍රියාට වඩා උන්ගෙ සින්දු කියන කපුටො හම්බුකරන රටක උඹ්ට ඔය පිතූරෙ ගැන පත්තරෙන් කතා කරපු එක ලොකු දෙයක්. ඕකෙ තව පැත්තක් තීනව. ඉන්ටර්නෙට් එකේ ෂෙයා කරන උන්ට නඩු දාන්න බැරි උනාට පත්තරේ උඹෙන් අවසර නැතිව දාල උඹ නඩු දැම්මොත් උන්ට නෝන්ඩියි. ඒ නිසා අහල දාන්න බැලුවද දන්නෙත් නෑ.
    මොනා උනත් හැකියාව තීන එකේ දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ම‍ට නොතේරෙන නොපෙනෙන දෙයක් ඇති. මම ඒ ගැන හිතුවේ නැහැ. කමෙන්ට් එකෙන් තමා හිතුනේ.

      ස්තුතී සහෝ අදහසට. ලිව්වේ මොහොකටවත් නෙවේ බං උඹලා කියවන නිසා සතුටට. ඒක අත අරින‍්නේ නැහැ.

      මේ පැත්තේ ආව ගියාට ගොඩක් ස්තුති !

      Delete
  11. ගනං ගන්න එපා කියන්න බෑ.අපි මහන්සියෙන් ගන්න පිතූරයක් එහොම කපල කොටල කරන්න තියන හැම දේම එකට කරල ආපහු අපේ අතටම ආවම කොච්චර දුක හිතෙනවද?මේවගේ සිද්ධි කිහිපයක් ම මට සෙට් වෙලා තියනව.මම දන්න කෙනෙක් ගත්ත පින්තූරයක් එයාගෙ අවසරේ නැතුව ලංකාවෙ ප්‍රසිද්ධ පත්තරෙක මුල් පිටුවෙ පලවෙලා තිබුන.මේවට නීතිමය පියවර ගන්න පුලුවන්.අතාරින්න එපා මචන්.

    ReplyDelete
    Replies
    1. ස්තුති කස්සා..

      යාළුවට වෙලා තියෙන දේ අපරාධයක්. මට එහෙම අසාධාරණයක් වුනේ නැහැ. එතුමා කතා කරලා ඒ ආයතනයට එකතු වෙන්න කියපු එක පවා මට ශක්තියක්.

      ස්තුතී නැවතත් මේ පැත්තට ආවට...!

      Delete
  12. මේ ෆොටෝ එක මම දැංනේ දැක්කේ.. ඒ කාලේ ඉතින් මම හිටියේ නෑනේ.. කොහොම උනත් හරි වෙලාවේ ගත්ත පින්තූරයක්.. මේ අන්තර්ජාලේ අපි දාන දේවලට අපි නොදැනුවත්ව මොනතරම් දේවල් වෙනවා ඇත්ද...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ අදහස් වලට..

      ජය !

      Delete
  13. මගෙත් පෝස්ට් අනන්ත දැකලා තියනවා අනිත් අයගේ නම් වලින් පල වෙනවා..කරන්න පුලුවන් දෙයක් නෑ ඉතින් ඒ ගැන.ඔවට අයිතිය කිය කිය යන්න තරම් වෙලාවකුත් නැහැ නෙ!

    ReplyDelete
    Replies
    1. ඔව් උපුටා ගන්න පුද්ගලයා මත තමා ඒ දේ තීරණය වෙන්නේ..

      ස්තුතී !

      Delete
  14. අඩේ ඔය ෆොටෝ කෑල්ල මටත් මේල් එකකින් ආවා.
    කවුදෑ දන්නේ මේක ගත්තේ සෑමා ය කියලා.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. දැන් දන්නවනේ බොල..

      මීට පස්සේ නම කපලා අයින් කරන්න බැරි විදිහට දාන්නම් :)

      Delete
  15. කියවගෙන යද්දි මට හිතුනෙම අයියා කතුවරයෙක්දෝ කියලා හැබැයි එහෙම ලිව්වට නම් වරදක් නෑ අනික කරන වැඩේ හරියට කරද්දි වරදින්නේ නෑලුනේ මේ ෆොටෝ එකනම් මාර ගති හොඳ ඇහැකුයි හොඳ කැමරාවකුයි තියෙන්න ඕනේ මෙහෙම වැඩකට හි හි...

    අර සිතු-කසූ කතාවට vote කරන්න තව ඔප්ෂන් එකක් ඕනේ ඒක තමයි කතාව ඉවරවෙනකන් ලියන්න නවත්තන්නේ නැතිව ඒක ලියන විදිය මාර ගති හරියට තරුණයා පත්තරේ "එදිරිගේ සාටරේ" වගේ...

    තව දෙයක් මම බ්ලොග් එකට දාන්නේ ගූගල් එකෙනුයි මගේ ලඟ තියෙන පින්තූරයි ගූගල් එකෙන් ගත්තොත් මම ඒකේ ලින්ක් එක දානවා ඒත් ලඟ තිබුනොත් දාන්නේ නෑ...සමහර වෙලාවට ෆොටෝ දෙක තුනක් edit කරලත් දානවා...දැං මට තියෙන ප්‍රස්නේ ඒක සාධාරණද අසාධාරණද....???

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ..

      කතාව එක දිගට ලීවොත් අගේ නැති වෙයි බොල.. මම අහලා තියෙනවා එදිරිගේ සාටරේට ප්‍රතිචාර කියලා. ඒත් වැඩිය කියවන්ට ලැබිලා නැහැ.

      ගූගල් ‍ෆොටෝ ගැටලුව මටත් තියෙනවා. මම දැකලා තියෙනවා සමහර ‍බ්ලොග් වල සයිට් එක ඇතුලත් කරනවා. මටත් අදහසක් නැහැ ඒ ගැන. සෑමාත් අසරණයි බොල. මොකද මාත් ගූගල් ෆොටෝ ගන්නවා.

      Delete
    2. මමත් ගුගුල් ෆොටෝ ගන්නවා, ගොඩක් වෙලාවට දිය සලකුණු නොදාපු ඒවා තමයි ගන්න බලන්නේ
      ඒත් ඒක වැරදි වෙන්නත් පුළුවන්
      අනේ මන්ද බං... නොගෙනත් බැහැනේ

      Delete
    3. මාත් ඔය කියන දිය සලකුන බලනවා.

      බලමු අපිට මොනව හරි උත්තරයක් ලැබෙයි.. ස්තුති සහෝ..

      Delete
  16. මමනම් හිතන්නේ දිය සලකුණක් නොයොදා තමන්ගේ හොඳ වටිනා ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීම එතරම් බුද්ධිමත් නොවන බවයි. එමෙන්ම මාධ්‍ය ඡායාරූප කලාවේ විශිෂ්ඨ සම්මාන ලැබී තිබෙන්නේ අහම්බෙන් හෝ හදිසියෙන් ගන්න ලද ඡායාරූප වලටයි.

    ReplyDelete
    Replies
    1. අහබු පින්තූර වලට ගොඩක් දුරට සම්මාන ලැබෙනවා තමා. වෝටර් මාක් දාන්ට ගියේ නැහැනේ මම. ඒක නිසා තමා එහෙම වුනේ. ඒත් මට සතුටුයි..


      ස්තුතී මේ පැත්තේ ආවට.. ජය !

      Delete
  17. මමත් පින්තුරේ දැකලා තිබුනා මිට කලින්

    ReplyDelete
    Replies
    1. සෑම් ගැන දැනං හිටියද :)

      Delete
    2. සැමා ගැන දැනගන්න ඕනෙනම් කැලණියේ ග්‍රාමසේවක ගෙන් හරි පෑලියගොඩ පොලිසියෙන් හරි අහන්න.

      Delete
    3. ග්‍රාම සේවකට ඉන්නේ තරැණ අක්කා කෙනෙකි... ඇය දනී, පෑලියගොඩට වඩා කැළණිය පොලිසිය දනී :)

      Delete
  18. වතාවක් මමත් බොහොම අහම්බෙන් දැකල ගත්තු වැදගත් පින්තුරයක් ෆේස් බුක් එකේ දැම්මා
    ඒක අරගත්තු ජපුරේ මැනේජ්මන්ට් එකේ ඉගෙන ගන්න ගෑනු ළමයෙක් ඉරිදා ප්‍රසිද්ධ ඉංග්‍රීසි පත්තරේකට ලිපියක් ලියල තිබුනා මම ගත්තු ෆොටෝ එක අමුනලා
    මම ඒ ළමයගේ නම FB එකේ හොයල බලල එයාට මැසේජ් එකක් දැම්මා ලිපියත් හොඳයි ඒකෙ තිබ්බ ෆොටෝ එකත් හොඳයි කියලා
    එයා සද්ද නැහැ :))
    ඔව්ව ඔහොම තමයි බං,

    මොනවා උනත් අර කතුවරයා හොඳ මනුස්සයෙක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ..

      මාර ගෑනු ලමයෙක්නේ. එයා දන්නවද ෆොටෝ එක ගත්තේ උඹ කියලා. හැබැයි දාපු මැසේජ් එක නම් ෆට්ට. විලි ලැජ්ජා‍වේ ඉන්න බැරිව යන්න ඇති... :)

      Delete
    2. මගේ මුණු පොතට ඇවිත් බැලුවනම් අනිවා දැනගන්න ඇති මම තමයි මේක ගත්තේ කියලා
      මම මැසේජ් එකක් යවපු නිසා එයා අනිවාර්යයෙන්ම බලන්න ඇති :)

      Delete
  19. බස් එකේ යද්දි මේ තරම් හොඳට photo එකක් ගන්නව කියන්නෙ ඔයා මාර දක්ෂයෙකෙනෙ.. පත්තර කතෘතුමා අගය කිරීම ගැන ගොඩක් සතුටුයි..දැන් බලන්නකො ඔයාගෙ බ්ලොග් එකේම කී දෙනෙක් photo එක අගය කලාද..කාටද ආඩම්බර..

    (ආ කියන්නම හිටිය දේ අමතක වුනානෙ..ඇත්තටම අපේ සීයගෙ නම සෑම්..තරහ ගන්නෙපා ඇත්තටම කිව්වෙ හොඳේ.. :-)

    ReplyDelete
    Replies
    1. සීයා සෑම්ද බොල?? මට ආදරේට තමා සෑම් කියන්නේ... සීයාට ආදරේට කීව වගේ සෑමාටත් ආදරෙන් සෑම් කියන්ට.. :)

      ස්තුතී !

      Delete
  20. ම්ම්.. මාත් කියන්නෙ ඒකයි..බස් එකේ යද්දි ගත්ත ඒ පින්තූරෙනම් නියමයි.....

    අදමයි මෙහාට ආවෙ.. කතාවනම් කියෙව්වෙ නෑ..කියවලම එන්නම්කො

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරකම ඉහ වහ ගිහින් වගේ... කතා කියවන් නැතිව කමෙන්ට් කරන්නේ..

      :))

      ස්තුතී !

      Delete
  21. ඔන්න මම නම් කතාවත් කියවලා කමෙන්ට් ඔක්කොමත් කියවලයි ආවෙ. එහෙනම් අපේ සෑමාට ජය ශ්‍රී - සෑම් ශ්‍රී කිව්වා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ... ස්තුතී ශා..නී..

      Delete
  22. බස් එකේ යද්දි ගත්ත කියන්නෙ...අයියට මාරම ඇහැක් තියෙන්නෙ...ඉස්සරහටත් ඔය වගේ 4to අරගන්න හැකියාව ලැබේවා කියල පළමු කොමෙන්ටුවෙන්ම සුබ පතනව...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී !
      ඒ පැත්තේ ගිහින් බැලුවා.. දුලීකා ගෙන් ඉවර නොවී ලියන්න.. ජය පතමි..

      Delete
    2. ආපහු පාරක් ස්තූතියි ඒ පැත්තෙ ආවට...දුලීකට එහා යනව අනිවා..

      Delete
    3. දුලීකට එහා ගිහිල්ල නේද දැන් උබ.. ජයෙන් ජය !

      Delete
  23. මේ ඇවිල්ලා ලංකාවනේ.. ලංකාවේ ගොඩක් අයට වෙන්නේ ඕක තමයි..

    අද තමයි මුලින්ම ආවේ.. ෆට්ට බ්ලොග් 1ක්.. ගොඩක් දේවල් තියනව තව කියවන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතී සහෝ.. අපි නම් ඒ පැත්ත සුද්ද කලා.. අලුත් ඒවා දැම්මොත් එනවා :)

      Delete
  24. අඩේ සැමා මේක මටත් ආවා බං මේල් එකකින්..කව්ද දන්නේ මේක උබේ කියලා...එළ ඈ...

    ReplyDelete
    Replies
    1. අෆොයි ඒමද? මීට පස්සේ පට්ට වෝටර් මාක් එකක් දාලා දානවා මගෙ බ්ලොගේ.. ඔන්න උබලා සාක්කි :)

      Delete
    2. අඩේ එහෙම කරපං මීට පස්සේ....

      Delete
  25. අනුන්න්ගේ දේවල් හොරෙන් අර ගත්තම එක අයිති කෙනාට මොන තරම් හිත් වේදනාවක් එනවද කියලා මිනිස්සුන්ට නොතේරන හැටි.තමන්ට ඒ වගේ දෙයක් කරන්න දක්ෂ කමක් නැත්නම් කරන්න ඕනේ එක අයිති කෙනාට කියල ගන්න එක නේ .ප. ලි. අදමයි මේ පැත්තට ආවේ ...කියවන්න දේවල් ගොඩක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. පුංඤි කුමාරිහාමිනේ.. එපා වලව්වෙන් එලියට එන්නට.. අහ් වැරදිලා සිංදුවක් කිව්වේ..

      ස්තුතී අපිත් ගියා ඒ පැත්තේ :)

      Delete
  26. ඔවා ඔහොම තමා සෑමෝ.. දැන් බලහන් සමහරු රෑ දවල් මහන්සිවෙලා හදන වදන ළමයිට. වෙන එවුන් කටපුරා පුතේ කියන්නේ..

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකත් පට්ට කතාව බොල !

      Delete
  27. ආයෙ ඔහොම එන චාන්ස් අතාරින්න එපා සෑම්!

    උඹෙ නිර්මාණශීලී බව බ්ලොග්කරණයෙනුත් එහාට ගෙනියන්න. හිස් අහසේ සඳරු කළා වගේ.

    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුති විසිතුරු.. ජයෙන් ජයම වේවා ඔබටත්..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...