Thursday, December 29, 2011

"සෑම් ටියුන්ස්" වෙතින් ලක්ෂ තුනක අපේක්ෂකයින් කැමති ගීතය....


මේ දිනවල....

කාලකන්නි කලාමැදිරියා "මට ආලෝකෙ ගෙන දේවි" ගීතයටත්,
මැටි ගිලපු කිඹුලා "හින හෙන්නේ මං" ගීතයටත්,
ගස් ගෙම්බා "සිලි සිලි සීතල ඇල්ලේ" ගීතයටත්,
ගල් ඉබ්බා "ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ" ගීතයටත්, 
කැමතිය.

අපි හැමෝටම අපේ කැමතිම සිංදුවක් තියෙනවා. කෝල් කරන අයට ඇහෙන්න තමන් කැමතිම සිංදුව "සෑම් ටියුන්ස්" වෙතින් දාගන්න හතේ හතේ හත අමතන්න.

සෑම් ටියුන්ස් හදුන්වා දෙන ලක්ෂ තුනක අපේක්ෂකයින් කැමති අලුත්ම ගීතය දා ගන්න හතේ හතේ හත අමතන්න.

සමකෝණී ත්‍රිකෝණයකි ග්‍රෙරැ, බන්දු, මාත් තිදෙන
සමකෝණී ත්‍රිකෝණයකි ග්‍රෙරැ, බන්දු, මාත් තිදෙන

මම එක මුල්ලක සිටියා - උන් තව මුලු වල සිටියා.. //
තුන් ලක්ෂෙක පහස ලබා ලොක්ක ලගින් මම සිටියා..

සමකෝණී ත්‍රිකෝණයකි....

බන්දු මගේ පිහිට පතයි - ග්‍රේරැ මගේ පිහිට පතයි..//
දෙදෙනාටම දෙවි පිහිටයි මම ලොක්කගෙ පිහිට පතයි..

සමකෝණී ත්‍රිකෝණයකි....

සමජ්ජේදනය කරලා දෙන්නෙමි ප්‍රථිඑල බෙදලා...//
ජ්‍යාමිතිකව ගණන් බලා ඉමු ලෝකෙට පදිරි වෙලා..

යුගයක් සැනසූ ඔරිජිනල් ගීය මෙතනින්....

Written by sAm_6.30am_29.12.11
උදේ නැගිට්ටා විතරයි මේක බොල ලිව්වේ..

ප.ලි - පාලි භාෂාවේදී සුත්ත්‍රයට කීවේ "සුත්ත" කියාය. එසේ නම් මෙය පාලියෙන් "ජ්‍යාමිතික සුත්ත" වේ

59 comments:

  1. අම්මපා උබටත් ඉඳල ඉඳල ආවනේ රියල් අයිඩියා එකක්..තනිකරම කලා හිතක් බං...සිංදුව චොයි...අඩේ පොඩි පොස්ටර් පාරකුත් ගහමුද ඔය සින්දුව දාලා තාප්ප ඇලවෙන්ඩ...හික්

    ReplyDelete
  2. මෙන්න ඊලග පහ මගෙන්! අම්මපල්ල මේක නියම අදහස. ජ්‍යාමිතික සූත්‍රයකින්ලුනෙ z ස්කෝර්එක හැදුවෙ.

    ReplyDelete
  3. ග්‍රේරැ නෙවෙයි යකෝ ග්‍රේරෝ. දැන් බ්ලොග් ලියන අගල් ..කන්නෝ හුඟ දෙනෙක් සිංහල ටයිප් කරන්ඩ දන්නෙම නැති තල කොස්සෝ ජාතියක්. එකෙක්වත් දන්නේ නැහැ රැ සහ රු අකුරු දෙක නිවැරදිව යොදන්ඩ.

    ReplyDelete
  4. Ano,

    "යොදන්ඩ." නෙමෙයි බං යොදන්න...යොදන්න...

    ReplyDelete
  5. 'පාලි භාෂාවේදී සුත්ත්‍රයට කීවේ "සුත්ත" කියාය'

    ඇත්තෝ කති බොති, සුකති ....
    නැත්තෝ සුත්ත පට ඇරලා බලති...

    ReplyDelete
  6. Raj - පෝස්ටරේ ප්‍රින්ට් කලා මචෝ තාප්ප වල ගහන්න අන්තරේ කස්ටියට දීලා තියෙන්නේ :)

    ReplyDelete
  7. රාජ් - ඔව් බොල මොකක්ද වෘත්තයක් ගහගෙන ඉන්වලු ඕං...
    ජ්‍යාමිතික සුත්ත පල්ලා... ස්තුතියි :)

    ReplyDelete
  8. Ishara - ටැංකූ බොල

    ලහිරු - පට්ට පට පටස්..චටස්.. පටස්.. ගාලා සෑමාව උස්සයිද දන්නේ නැහැ

    ReplyDelete
  9. Anonymous - ඊලග පාර සිංහල පේපර් එක බලන්ට සෙට් කොරල දෙන්නම්. ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  10. ඉන්දික උපශාන්ත - ගණන් ගන්ට එපා බොල, හරියට යොදල නැති නිසා තමා ඔහෙම වෙන්නේ මම හිතන්නේ. අකුරැත් එහෙන් මෙහෙන් වරදිනවා තමා ඉතින්තත ;)

    ReplyDelete
  11. Observer - හ‍ෆොයි... ලැජ්ජයි වගේ..

    ReplyDelete
  12. මොකද මල්ලි ආණ්ඩුව වට්ටන්න කුමන්ත්රණ කරනවද..සුදු වැන් ගැන අහල ඇති නේද

    @Anoo මොකදබන් උඹට උනේ උඹේ කොමෙන්ට් එකත වැරදි නේද ලැජ්ජාවේ බැ..

    ReplyDelete
  13. අසරණයා - කුමන්ත්‍රන නැහැ බොලා.. අපි සිංදු ලියනවා.. :)
    සෑමාගේ සීයා සුදු වෑන් එකක ඉස්කූල් සර්විස් එකක් කරනවා කියා නම් දනිමි.. ලොහ් ලොහ්..

    @Anoo - මම එයාව ලබන පාර පේපර් මාර්කිං දානවා බොල..

    ReplyDelete
  14. සිංදුව නම් මරු. මේක කියලා මට සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න බැරි නෑ. ගීත රචක සෑමා සමග ගායනයෙන් මද්දු !!!!

    ReplyDelete
  15. මධුරංග - අපිටත් බැරියෑ ඇස් ඇම් ඇස් ගහන්ට.. තැනකට ආවොත් අපිටත් සලකනව හොදයි..

    ReplyDelete
  16. Matath puluwan paper mark maranna

    ReplyDelete
  17. @ ඉන්දික උපශාන්ත:- ඕක තමයි කියන්නේ උඹලා ලංකාවේ ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයන්හි වෙනස්කම් හඳුනන්නෙවත් නැති, නිකන් ගොබ්බයො. එන්න, යන්න, කන්න, බොන්න, එන්ඩ, යන්ඩ, කන්ඩ, බොන්ඩ, එන්ට, යන්ට, කන්ට, බොන්ට, යනුවෙන් වහරන ප්‍රාදේශීය ව්‍යවහාරයන් තියෙන්නේ කොහෙද කියලා හොයලා බලපන් නිකන් පුස්සෙක් වගේ උම්බෑ ගාන්නේ නැතුව.



    @ ඔබ්සර්වර් :- ඇත්තෝ කති බොති 'සුකති' නෙවෙයි 'සුඛති' එයයි නිවැරදි පාලි පෙළ. සුකති කිව්වොත් සංසර්ග ක්‍රියාව. සුඛති කිව්වොත් සුඛ විහරණය කිරීම. ඉස්කෝලේ පාඩම් පොතෙන් විතරක් සිංහල ඉගෙනගෙන, කිසිදු බාහිර කියවීමක් ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනයක් නැතිවීමයි හේතුව.



    @ ඇඩ්මින්:- සිංහල පේපරේ බලන්ඩ මට අලුතෙන් සෙට් කරන්ඩ ඕනේ නැහැ. ඒවගේ ඔයාලා වැනි ළමයි ලියලා තියන දේවල් දැක්කම අපිට දැඩි වේදනාවක් ඇතිවෙනවා, අනේ අපේ අනාගත පරපුරද මේ කියලා.

    ReplyDelete
  18. @ Anonymous,
    'සුකති කිව්වොත් සංසර්ග ක්‍රියාව'
    මං කථා කලෙත් එම ක්‍රියාව පිළිබඳව මිස, ඔබ කථා කරන 'සුඛ විහරණය'
    ගැන නොවේ.

    'කිසිදු බාහිර කියවීමක් ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනයක් නැතිවීමයි හේතුව'
    පොත් පත් නං කියෝනව, ඒවායේ අන්තර්ගතය ගැන මිසක් කවදාවත් භාසාව ගැන සැලකිල්ලක් දැක්කුවේ නං නෑ.
    අපේ ගෙවල් ගාව තියෙන පුස්තකාල තුනේම තියෙන, හිතට අල්ලන ඉංග්‍රීසි නවකතා, ඔක්කොම වගේ කියවල තියෙනව.
    ඔබීයි, මායි, ගාව වරින් වර ලංකාවට ආපු වෙලාවට මෙහෙට අරන් ආපු සිංහල නවකතා දෙසීයකට වඩා තියෙනව, අපි අනිත් ලංකාවෙ අයටත් දෙනව ඒව කියවන්න.

    ශාස්ත්‍රීය පොත් කියවන්න නං කිසිම උනන්දුවක් මගේ නෑ, වයස 58 ක් වෙන මට ඉතුරු ටික කාලෙදි එහෙම උනන්දුවක් ඇති වෙයි කියල හිතන්නත් බෑ. ඒ හින්ද මට බණ කියල කාලයවත්, ශ්‍රමය වත්, නාස්ති කොර ගන්න එපා. අනෝගේ වැඩක් ඇනෝ බලාගන්න, මගේ වැඩක් මං බලා ගන්නං.

    මම මේ තරං වත් සිංහලෙන් වැඩ කටයුතු කොර ගන්න එක මට හොඳටම ඇති. මොකද මං පාසල් වියේ සෑහෙන කාලයක් ගත කලේ ඉංග්‍රීසියට තැන දුන්න ඉස්කෝලයක. මම එස්.එස්.සී. විබාගේ කොලේ 1968 අවුරුද්දෙ. ඉංග්‍රීසියි, සිංහලයි, විෂයන් දෙකටම ලිව්වෙ,එක භාසාවක් හරියට බැරි එවුන්, ඒ කාලෙ ලිව්ව 'බී' සිලබස් ප්‍රශ්න පත්තර වලට. ඉංග්‍රීසි වලට විශිෂ්ට සමාර්තෙකුත්, සිංහල වලට සාමාන්‍ය සමාර්තෙකුත් මට තියෙන්නෙ.

    මම ඉංග්‍රීසි කථා කරන රටක දැන් අවුරුදු විස්සකට වැඩි කාලයක් ජීවත් වුනා. වයස 5 සහ 10 කාලෙදි මෙහාට සංක්‍රමනේ වෙච්ච, මගේ ළමයි දෙන්නටත්, වයස 57 ක් වෙච්ච මගේ බිරිඳටත් තාම හොඳට සිංහල කථා කොරන්න පුළුවන්. එක දරුවෙක් දැනට ආපහු ලංකාවට ගිහින් වග කිව යුතු රැකියාවකුත් කොරනවා, අගේට සිංහලෙන් කථා කරමින්. එයා ලංකාවෙ විශ්ව විද්‍යාලයක 'විසිටින් ලෙක්චරර්' කෙනෙක් හැටියටත් පඩියක් නොගෙනම [වොලන්ටරි බේසිස්] වැඩ කොරනව.

    මගේ පවුලේ අයත්, මමත් දන්න සිංහල අපිට ජීවත් වෙන්න හොඳටම සෑහෙනව. ඒ හින්ද මගේ සිංහල දැනුම ගැන වැඩිය වොරි වෙන්න එපා, දන්න සිංහලෙන් [ඉංග්‍රීසිත් කළවන් කොරගෙන] කියපු ටික තේරුං ගන්න ඇතැයි හිතනවා.

    ReplyDelete
  19. 'ග්‍රේරැ නෙවෙයි යකෝ ග්‍රේරෝ'
    'අගල් ..කන්නෝ'
    'තල කොස්සෝ'
    'නිකන් ගොබ්බයො'
    'පුස්සෙක් වගේ උම්බෑ ගාන්නේ නැතුව'

    පාවිච්චි කොරල තියෙන වචන වලින් පේනව 'ඇනෝ' සිංහල බාසාව පිලිබඳ ලොකු කැක්කුමක් තියෙන 'පොරක්' කියල, හිතේ ලොකු ක්‍රෝදයක් තියෙනව කියලත් හිතෙනව

    ReplyDelete
  20. Observer - මට මගේ පුරැදු හින්දි කියමන ආයෙත් මතක් වෙනවා..
    "බව්වා බූරා හේ කන්දා පාතා නහී හේ" 'ඇනෝ'ට මේක තේරෙන එකක් නැහැ ඔබා, ඒත් ඔබාට තේරෙයි "ඇනෝ" බව්වා පැටියෙක් කකුල උස්සලා මුත්තරා කලාට, කදු ශිඛර දියවෙන්නේ නැහැ කියලා.

    ඔබා අපි ඔබ සමගයි..

    @ඇනෝ- බ්ලොග් එකක් පිරෙන්න ලියන්න අදහස් නැති එවුන්, බ්ලොග් ලියන එවුන්ගේ ඇදුවුණු අකුරැ කෙලින් කරන්න හදනවා. වැඩ්ඩෙක් නම් ලියපං බ්ලොග් එකක් පිරෙන්න. එතකොට ඔය තියෙන ක්‍රෝදෙත් තුරන් වෙලා තමන්ටම තේරෙයි එක දිගට පොඩි කමෙන්ට් ටයිප් කරනවට වඩා, බ්ලොග් එකක් පිරෙන්න ටයිප් කරනකොට අඩු පාඩු‍ වෙනවා කියලා.

    ReplyDelete
  21. @ඔබා අයියා... ඇනෝ කියන්නේ.අඩු අද්‍යාපනය හා මන්ද මනිසිකත්වයෙන් පෙලෙන අසනීප කාරයෙක්.ඔය වගේ කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම උත්තරය ඔයා දීල තියෙනවා.ලැජ්ජාවක් තියෙනවනම් අයෙත් මේ වගේ නපුර්සක ආතල් ගන්න එකක් නැහැ.හැමෝගෙම බ්ලොග් වලට ගිහිල්ල ගඳ ගස්සල නේද එන්නේ වැඩ නැති ඇනෝල.මට කියන්න තියෙන්නේ "උඹ පවු" කියලා විතරයි.පොස්ට් කියන එකා දන්නවා අපි අදහස් කලේ මොකක් ගැනද කියල.ඉතින් අවජාතකයෙක් විදියට ඇවිල්ල කොමෙන්ට් කරලා ආතල් ගන්න එපා..


    අහ්හ්..ඔයාට දැන් 58 ද හිතාගන්නත් බැ කොල්ලවගේ ඈ.හික් හික්..

    ReplyDelete
  22. ඇනෝට ලජ්ජා තියේ නම් ආයේ මේ වගේ කියන්නේ නෑ, ඔබා අයියා දුන්න රිප්ලයි එක නම් ඇඩෙනවා. සෑමා මම එක දෙයකට නම් කැමතියි උ.පෙළ ප්‍රතිපල ඉක්මනින් දෙනවා නම්. හැබැයි මේ වගේ නා ගන්නේ නැතුව.

    ReplyDelete
  23. සිකුරාද දිනය මෙහි සති අන්තයයි. නිවාඩුව දරුවන් හා බිරිඳ සමඟ ගතකරණු රිසින් එදිනට අන්තර්ජාලයේ සැරිනොසරන්නෙන් වාදයේ උච්ච අවස්ථාව මඟ හැරුණාදෝයි සිතේ!
    කෙසේ වෙතත් මා සුහද ලෙස පෙන්වාදුන් කලද දොස දොසක් ලෙස පිළිගැනීමට නිහතමානී නොවන භූතයා එයට එරෙහිව බොළඳ තර්ක ගෙනහැර පාමින් හා තම රෝෂය එළි දක්වමින් නටන නැටුමට නැඟෙන සිනා කෙසේ සඟවම්ද?

    ලියන බසෙහි දොස් වහරන බසින් ලිවීමට වඩා බස නැසීමක් තවත් වෙද්ද?

    ගරු භූතය, මා ප්‍රාදේශීය බස හා යෙදුම් පිළිබඳ ප්‍රමාණවත් දැණුමින් යුතු වෙමි. එහෙත් එවන් දොස් දැක්වීමකට ප්‍රරාදේශීය බසක යෙදුම් භාවිතය අවියත්යැ. නිවැරදි නොවන්නේමයැ.

    අනෙකකුගේ බසෙහි දොස් දෙසන්නා තම ලියැවිල්ල ගැන සැලකිලිමත් නොවීම මහා විසුළුවකි. එහෙයින් පළමු තම ඇසෙහි ඇති පරාළය ඉවත් කොට අන් තැන්හි කෙඳි ගැලවීමට වන්නේ නම් ඔබ දැකුම සහ දැක්ම වඩා නිරවුල් වන්නට තිබිණි!

    බ්ලොග් අවකාශයේ බොහෝමයක් තම නැණ පමණින් පුදගලික ප්‍රහර්ශය තකාම ලියන්නෝ මිස ශාස්ත්‍රීය ලේඛකයින් හෝ බසෙහි විශාරදයන් නොවෙති. දොස් දකිනා කල එය සද් සිතින් පෙන්වීම අගය කල යුතු වේ මැයි. එහෙත් යමෙකෙගුගෙ දොසක් ද්වේෂයෙන් යුතුව හෙලාදැකීම කෙතරම් දැණමුත්තකුට උව නොතරම් වන්නේමය. සැබැවින්ම එය බාලයකුගෙ මිස පණ්ඩිතයන්ගේ ක්‍රියාවක් නම් නොවන්නේමය.

    එබැවින් අනුන්ගෙ හෙළුව ගැන දෙසන්නට ගොස් තම සෙළුව නොදක්වන්නේනම් කා හටත් අපුලක් නැතිවම ඔබ අදහස් විඳින්නට හැකිවනු ඇත!

    විරිදුන් මඳවරද - කියනුයේ දකිනට තමන් දොස්
    කිසි කලෙකත් දුතත් - කෙසඟ විතරක් නොවේ. දෙලොවින්

    ලෝකෝපකාරය.

    ReplyDelete
  24. @ සිංහයා,
    මං දැනන් හිටියෙ නෑනෙ බොට මෙච්චර හොඳට හෙළුවෙන් වනන්න පුළුවන් කියල.....හෙහ්..හෙහ්...

    හිප් හිප් හුරේ...!!!
    හිප් හිප් හුරේ...!!!
    හිප් හිප් හුරේ...!!!
    ත්‍රී හාටි චියර්ස් ෆො සිංහයා.

    ReplyDelete
  25. J B L නොහොත් ජයේ , ඉන්දික උපශාන්ත, Observer -

    හදිස්සියේ සිටුවේෂන් එක බලන්න ලොග් වුනේ.. අපි මේ කවියෙන් ඇනෝට පහර ගහලා සමුදෙමු.. අලුත් අවුරද්දක් එනවනේ බොල පොර ලබව වසරේවත් හැදෙයි..

    නොමෙන් ලොව සියළු දේ දක්නා ඇසට
    තමන් සැටි මදක් වත් නොපෙනෙන ලෙසට
    අනුන් දොස් දකිති අනුවන දන කපට
    ‍එමෙන් සිය නුගුණ පෙන්වයි නියම කොට

    (ඇනෝ ප්ලීස් මේ කවියේ අකුරැ වැරදි ඇති. අදහස තේරැම් ගනින් ලබන අවුරැද්දෙවත් හැදියං)

    ReplyDelete
  26. මගේ පරමාර්ථය ඉෂ්ඨ වුනා ඔබගෙන් වැඩි දෙනෙක් සිංහල දන්නා එහෙත් එය නිවැරදිව පාවිච්චි නොකරන අය බව පෙනෙනවා. පාසල් යන ළමයින්ගේ භාෂා විලාශය ගැනවත් හිතලා (ඒ ළමයි මේවා බලන වනේ ) ඔය පිළිතුරු දීල තියන හොඳ සිංහලෙන් ලියන්න. ( Mr Observer, I've born on 27th Feb 1954 and did my SSC in 1968. I have a number of qualifications in both Sinhala & English but I think those are not relevent with this. However my present employment strongly preveting me about my identity. That's why I remain anonimously) ඇඩ්මින් පුතේ, ඔයා කියන හින්දි අපි කිව්වේ 1960 ගණන් වල "තුම්හරා මේ ගානා හම් තුම්හරා හම ගානා" (උඹ මෙහෙ ආවොත් මම උඹව හම ගහනවා) අපි හින්දි ඉගෙනගත්තේ යුද හමුදා කනිෂ්ඨ අනදෙන්නන් ගේ පාඨමාලාව සඳහා ඉන්දියාවට ගිය විටයි. 1995 දී. ඒ නිසා "මෙයින් හින්දී ජාන්තා හූන්" "තුම් ජූටේ හින්දී ලික්තේ හූන්" සමජ්ගයා?

    ReplyDelete
  27. If you can publish with your identification it would be highly appreciated, otherwise we do not want to spoil/waste our time with making reply comments.

    From your end you may be highly educated (with SSC :p ) but we do not care on those, because most of our readers understand & appreciate what we write & what we try to say, If we can fulfill what they expect it is our pleasure,

    If you can please commence your own blog & show off your own writing style, then we will also share ideas on your writings with comments.

    මේ පෝස්ට් එකෙන් 'ඇනෝ'ගේ ඔළුවට ගියේ ""ග්‍රේරැ නෙවෙයි යකෝ ග්‍රේරෝ"" කියන එක විතර වුණාට මේකේ ඇතුලාන්තය දැක්ක ගොඩක් දෙනෙක්ට ස්තුතියි.

    විවිධ මාධ්‍යය අපමණ බුල් කෙලිනකොට, සීමිත පිරිසක් අතරේ බෙදිල යන ‍බ්ලොග් එකක වචනයක් ඔබට හිසරදයක් වගේ දැනෙනව ඇති. ඒ ඔබේ උගත්කම.

    ඔවා දෙනු පරහට
    තමා සම්මතෙහි පිහිටා සිට
    දුසිරිත් දනන් දෙන
    ඔවා වැද්දන් කියන බන වැන

    ** සිංහල භාෂාව හා සාහිත්‍යයට, දහම්පාසල් අවසාන ශ්‍රේණි විභාගයට, ධර්මාචාර්්‍යය විභාගයට, සහ දහම් පාසල් ගුරැ විභාගය ලියපු මගේ රිසල්ට් ෂීට් පෝස්ට් කරන්නට මට වුවමනා නැත. ඔබ කියූ ඔබේ එස්.එස්.සී ප්‍රථිඑල ඔබට වටිනා බව දනිමි.**

    ReplyDelete
  28. චී... චී...... චී..... ගුරැ විභාගය නෙවෙයි ගුරු විභාගය. ප්‍රථිඵල නෙවෙයි ප්‍රතිඵල.ධර්මාචාර්ය කියල ලියනකොට ර යන්නට යංශයක් යෙදෙන්නේ නැත.

    ReplyDelete
  29. @ Ano,

    //I've born//

    //I have a number of qualifications//

    //preveting//

    //preveting me about my identity. That's why I remain anonimously//

    ඇනෝ බොරු කයිය ගැහුවට සිංහල විතරක් නෙමේ ඉංග්‍රීසිත් බෑ වගේ. අනුන්ගෙ අකුරක දෙකක [රු සහ රැ] වැරදි හොයන ඔබට, ඔබේ සිංහල වැරදි කීපයක් ඉන්දික පෙන්නල දීල තියෙනව, මං පෙන්නුවෙ ඉංග්‍රීසිය වරද්ද ගත්ත තැන්. බ්ලොග් කියවන ළමෝ ලපටි කියවන්නෙ භාසාවල් ඉගෙන ගන්න නෙමේ කියලවත් තේරුං ගන්න බැරි ඔහෙත් එක්ක වාද කොරල වැඩක් නං නෑ.

    //මගේ පරමාර්ථය ඉෂ්ඨ වුනා//
    දවල් හීන බලනව කියෙලයි හිතෙන්නෙ.

    // අනදෙන්නන් //
    L.O.L.

    ආ.. තව එකක් මතක් වුනා, 'ෆාස්ට් බෝලර්'ල ගැනයි 'ආමි ඔෆිසර්'ල ගැනයි, එයාලගෙ මානසිකත්වය ගැන... එක්කො ඒව ඕනෙ නෑ.

    1954 ඉපදිලත්, 95 වෙනකොටත් කනිෂ්ඨ නිලධාරියෙක් නං, තවත් කියන්න ඕනෙ නැහැනෙ. [පුද්ගලිකව මඩ ගහනව කියල නං බැරි වෙලාවත් හිතන්න එපා]

    මගේ කසින් මල්ලි කෙනෙක් ඉන්නවා 60 ඉපදිලා, 98 වෙනකොට ලෙෆ්ටිනන් කර්නල් කෙනෙක්. අයින් වෙලා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කොරන කොට කොළඹ ආරක්ෂාව ඉන්චාර්ජ් හිටියෙ පොර, කව්ද කියල ඔහෙට මං නොකිව්වට, හිතාගන්න පුළුවන් ඇති, තවත් කිව්වොත් එයා තමයි ඊට ඉස්සෙල්ල යාපනේ මිලිටරි පොලිසිය ඉන්චාර්ජ් ඉඳල, SSC වගේ විබාකෙට ගිය දෙමල ගෑනු ලමෙක්ව බන්කරේකට ඇදල අරං රේප් කරල මරපු සෝල්ජර්ස්ලව අල්ලල යුද්ධාධිකරනෙට ඉදිරිපත් කොලේ.

    ReplyDelete
  30. @ sAm sRi,
    ඔය පීචන් [පීචන් කියන වචනෙ තේරුම ඔයි යකා අහලවත් නැතුව ඇති] ඇනෝට ජීවිතයක් කියල එකක් තියෙනවද දන්නෙ නෑ...

    ReplyDelete
  31. @ sAm sRi,
    This 'Ano' is someone who doesn't have a life.

    I'll pop in tomorrow & see whether if he /her has to say anything about my last comment, looks like it's a 'she'male.

    ReplyDelete
  32. @Observer - sAm has only one thing to say..

    "ඇනෝ-කනෝ"

    ReplyDelete
  33. මිස්ටර් ඔබ්සර්වර් කනිෂ්ට අණදෙන්නන්ගේ පාඨමාලාව කියන්නේ මේජර්ලා පවා යන එකක්. 'කනිෂ්ට අණදෙන්නන්' කියන්නේ ඒ පාඨමාලාව හමුදාවේ හඳුන්වන ආකාරයයි. යුද හමුදා පොලීසිය වගේ නෙවෙයි අපි සටන් ඒකකනේ (infantry) මල්ලිට 'පොර' කියන අයියා මොකාද? තමන්ගේ අධ්‍යාපනය, පවුල් පසුබිම ගැන කයිය නොගහා මාතෘකාව දිගේ යන්. මගේ අධ්‍යාපන සුදුසුකම්, ඇඩ්මින් හිතන්නේ එස් එස් සී විතරයි කියලා. අනේ පවු.

    ReplyDelete
  34. අපි නං 'කනිෂ්ඨ' කියන්නේ 'ජූනියර්' වගේ තේරුමක් තියෙන වචනෙකට, ඇනෝ සිංහල ඉගෙනගත්තෙ ආමි එකෙන් වෙන්නැති, ඒ සිංහල වෙන්නැති බ්ලොග් ලියන කෂ්ටියට උගන්නන්න හදන්නෙත් හෙහ්..හෙහ්..

    අනික, අපි 'පොර' කියන්නේ, බුවා, අරූ, මූ, කියනව වගේ. ඔයාල වගේ සිංහල ආමි එකෙන් ඉගෙන ගත්ත 'පොර'වල් පොර කියන්නෙ, මේජර් ලට හෙම වෙන්නැති. අපිට පොරක් කියන්නෙ, තවත් බුවෙක් විතරයි.

    ඔච්චර දැනුන් තේරුං තියෙන ඇනෝ හැබැයි තමං අතින් සිද්ධ වෙලා තියෙන සිංහල/ඉංග්‍රීසි වැරදි තවමත් පිළිඅරං නං නෑ. ඒව ගැන මොකද කියන්නෙ. මගෙ දැනුම නං 'බී' සිලබස් කියල මුලදිම කිව්වනෙ.

    ReplyDelete
  35. මිස්ටර් ඔබ්සර්වර්, ඔයාගේ කමෙන්ට් එකේ තියනවා 'සොල්ජර්ස්ලව අල්ලලා යුද්ධාධිකරණයට ඉදිරිපත් කොලේ' කියලා' එතන කොලේ කියන්නේ කොස් කොලේද? දෙල් කොලේද? පුස් කොලේද? කඩදාසි කොලේද? පත්තර කොලේද? වැසිකිලි ගිහින් පස්ස පිහදාලා විසි කරන කොලේද?

    ReplyDelete
  36. මේ ඇනෝ කවුද කියල කට්ටිය දන්නවා ඇති නේ :) :)

    ReplyDelete
  37. ඇනෝ මහත්මයෝ මා නම් ඔබේ බට කැලේට ගිනි තිවූ ආකාරයේ අදහස් වලට කැමතියි.අනිකුත් බ්ලොග් වලටත් ඇවිත් අදහස් දක්වන්න.එත් එක්කම ඔබ මේජර් පාගොඩද කියල අහන්න කැමතියි

    ReplyDelete
  38. "කනිෂ්ට අණදෙන්නන්ගේ පාඨමාලාව කියන්නේ"

    "අපි හින්දි ඉගෙනගත්තේ යුද හමුදා"

    "කනිෂ්ඨ අනදෙන්නන් ගේ පාඨමාලාව"

    "අපි සටන් ඒකකනේ"

    ඇනෝ හිතවත, මේවාහි ඇති වැරදි ඔබට නොපෙනේද?

    ReplyDelete
  39. //ඉදිරිපත් කොලේ//
    අපි ගොඩක් වෙලාවට කමෙන්ට් දානකොට කතා කරන භාෂාවෙන් තමා ලියන්නේ.. ඒවා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම හිතන්නේ. මොකද අදහස තේරෙනව නම් එච්චරයි.. මාත් ‍ගොඩක් වෙලාවට "මක්කෙයි කොලේ,කොරේ," වගේ යොදනවා. කාටවත් කරදරයක් වෙලා නැහැ මම හිතන්නේ ඒකෙන්..

    @මහිම මදුරංග - දන්නේ නැහැ බොල උඹ දන්නවද?

    @Anonymous 2 -
    මගෙ අප්පේ ඔයා කොහොමද ඇනෝ මේජර් කෙනෙක් කියලා දන්නේ??

    ReplyDelete
  40. ඉන්දික උපශාන්ත - ඇත්ත තමයි බං, තමන්ගේ පරාලේ පේන්නේ නැහැ.. අනුන්ගේ පොල් කෙන්ද පේනවා.. :)

    අනුන් දොස් දකිති අනුවන දන කපට..
    එමෙන් සිය නුගුණ පෙන්වයි නියම කොට..

    ReplyDelete
  41. @ ඔබා මාමා
    කියන්න දෙයක් නෑ.ලෙසටම ඇනොවට කියලා තියනවා.කිවුවත් වගේ ඔබා මාමේ ඇනොවා රජා මරල හිටගෙන.

    ඔන්න සෑමෝ නොටියගෙනුත් 5ක්.
    මේකයි මචෝ සීන් එක. මේ අදහස් දක්වල තියන ඇනෝ සිංහල පර තෙරටම ඉගෙනගත්ත බුවෙක් වෙන්න ඇති.(හැබැයි ඉතින් අප්රුෂ්ට වංශික)ඒ වගේම ඒකා දන්නේ නැතුව ඇති බ්ලොග් ලියන්නේ භාසාවල් ඉගෙන ගන්න නෙමේ කියල.
    අනේ මන්ද...
    මම නම් බ්ලොග් ලියන්නේ කියවන්නේ ආසාවට... රස විදින්න... කවද හරි දවසක සතුටු වෙන්න ඒ ලියපුවා බලලා...

    මචෝ ඇනෝ... ලියන දෙයක් ලියපන් තමන්ගේ අයිඩෙන්ටිෆිකේෂන් එකෙන්.එතකොට කවද හරී උබට සතුටු වෙන්න පුළුවන් වේවි අඩුම තරමේ උබ කොන්දක් ඇතිව දෙයක් කලා කියලා හරි.

    ReplyDelete
  42. @සැමා මෙන්න මේක බලන්නකෝ

    http://jangun.wordpress.com/2011/12/31/%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA-%E0%B7%84/

    ReplyDelete
  43. සෑම් මිත්‍රයාගේ ලියවිල්ලේ රහක් මෙන්ම ගුණක් ද ඇති බව මුලින්ම කිව යුතුමය. එය බොහෝ සෙයින් උපහාස ශෛලියෙන් ලියැවී ඇති නිසා අකුරු විනිසෙහි සුළු දොස් ඒ හැටි නොතැකිය යුතුයැයි හඟිමි.

    සයිබරයේ බොහෝ බ්ලොග් වල බස හැසිරවීමේ අඩු පාඩු මෙන්ම අකුරු විනිසෙහි බොහෝ අඩු පාඩු ඇති බැවු පිළිගත යුතුය. මා අතින් ලියැවුණු බොහෝ ලිපි වලද එම වරද සුලභ ව සිදුව ඇති බැවු පහතට හෙළූ හිසින් යුතුව පිළිගනිමි. බස නැසීම උදම් ඇනීමට කරුණක් නොව ලැජ්ජා වීමට කරුණකි.

    එහෙත් යම් බ්ලොගයක ලිපියක් ගැන විචාරයක් කරන විට අකුරු විනිසෙහි ඇති දොස් පමණක් සැලකීම රචකයාට කරන අසාධාරණයකි.

    ReplyDelete
  44. මහිම මදුරංග - උඹ CID එකේද බොල.. මටත් හිතෙන්නේ පොර වෙන්න ඇති. ඒත් ඇයි බ්ලොග් ID එකෙන් ආවේ නැත්තේ..??

    ReplyDelete
  45. Chathura Wijekoon|චතුර විජේකෝන් - ස්තුතියි සරලව නියම පැහැදිලි කිරීමක් කරලා..

    ඒත් පොදුවේ ගත්තොත් ගොඩක් බ්ලොග් රචකයන්ට සිංහල බැරි කම නෙවේ තියෙන්නේ "ටයිප්" කරන්න කී බොඩ් එක නොදන්න කම. තවමත් මම දන්නේ නැහැ රැ සහ රු අකුරු දෙක ටයිප් කරන්න. ඒක සිංහල බැරි කම නෙවේ. යුනිකෝඩ් බැරිකම ඇනෝට ඕව තේරෙන්නේ නැහැ..

    ReplyDelete
  46. කවුද බන් දන්නේ?
    සමහර විට පොරට බ්ලොගර් id එකක් නැතිව ඇති

    ReplyDelete
  47. ඒත් මෙජෙර් කෙනෙක් කියන්නේ එඩිතර පුද්ගලයෙක් ඉතින් ඇයි ඇනෝ කෙනෙක් විදියට කෝමෙන්ට් කරන්නේ..

    ReplyDelete
  48. @සෑම්..: මං පාවිච්චි කරන්නේ මධුර රියල්ටයිම් යුනිකෝඩ් කන්වර්ටරය..

    ඒකෙ නම්
    රෑ -- rA ලෙසත්
    රූ -- rU ලෙසත්
    රැ -- rae ලෙසත් තමයි ටයිප් කරන්නේ..

    ReplyDelete
  49. මහිම මදුරංග - නැහැ බං මේ දවස්වල ගොඩක් බ්ලොග් වලට ඔය කියන "ඇනෝ" ඔළුව දාලා තියෙනවා මම දැක්කා. පොරගේ පැත්තෙන් සාධාරණ ව්‍යාපාරයක් ගෙනියනවා. ඒත් මම හිතන්නේ බ්ලොග් රචකයෝ ගොඩක් අසරණයි යුනිකෝඩි නිසා, එහෙමත් ටයිප් කරපුවා අයෙත් බලන්න වෙලාව නැති නිසා..

    ReplyDelete
  50. අසරණයා - ඇනෝගේ කමෙන්ට් වලත් අක්ෂර වැරදී.. අනේ මන්දා මොන ආතල් එකක්ද කියල.. හැබැයි පොර උත්සහ ගන්න විදියට මේ අක්ෂර වැරදි හැදුනොත් ගොඩ.. අපේ අකැමැත්තක් නැහැ.. :)

    ReplyDelete
  51. Chathura Wijekoon|චතුර විජේකෝන් - ස්තුතියි මචෝ..
    මම යුනිකෝඩ් කන්වර්ටර් පාවිච්චි කලේ නැහැ මෙච්චර දවස්. මොකද සිංහල/ඉංග්‍රීසි යතුරැ පුවරැව මට අවම විනාඩියකට වචන 30 වේගෙන් ගහන්න පුළුවං. ඉතිං මම කම්මැලියා කන්වර්ට්ර් පාවිච්චි කරන්න.. :)

    දවසක චතුරයා කියන විදියත් ට්‍රයි කොරන්ට ඕනේ.. ටැංකූ මචෝ..

    @ඇනෝ-
    අපි සීමිත කාලයක් ඇතුලත තමා මේ හැම දේම කරන්නේ. සමහරක් කරන්නේ අමාරැවෙන් ටයිප් කරලා දාන එකේ අකුරැ හොය හොය ඉන්නවා එයාලට වැඩක් නැති නිසා. කරන්න දෙයක් නැහැ ඒකට. විවිධ මිනිස්සු ඉන්නවා. එයාලගේ ආතල් එයාල ගන්නවා.

    ReplyDelete
  52. අඩේහ්!!! මාර ගින්නක්නෙ ඇවිලිලා තියෙන්නේ...ඇයි බොල මට මේක මිස් උනේ?

    ReplyDelete
  53. මේ ආමි ඇනෝ නම් මාර ඇනයක්.....බ්ලොග් වල ආතල් එකත් කනවා...පටන් ගනින්කෝ තමන්ටම බ්ලොග් එකක් අනුන්ගේ බ්ලොග් වල අඩුපාඩු ලියන්න. මේ ඇනෝ ලියන්නේ කිසිම වැදගැම්මකට නැති දේවල්. කාට හරි පුක දෙන එකෙක් වෙන්නැති....මේ වගේ එවුන්ට ඇනෝ ඇවිත් තමයි උත්තර දෙන්න ඕන.

    ReplyDelete
  54. මේක නම් පරන කථාවක් තමා.... බ්ලොග් ලියන්නේ අපි නම් සින්හල ඉගන ගන්න නෙමේ.. මේකෙත් අකුරු අඩුපාඩු ඈත.. එනමුත් ඒ යුනිකොඩ් බල මහිමයි..

    අපි සින්හල පන්ති ගොස් සින්හල ඉගන ගමු... බ්ලොග් එක ආතල් එකට ලියමු

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...