Wednesday, October 26, 2011

ගම ගාල්ලේ පුka ලෑල්ලේ...

‍ඉස්සර ඉදන්ම අපේ එවුන් ආරිය සිංහල කොල්ලෝය. ඒක නිසා අපේ එවුන්ට ඉංගිරීසි දිරවන්නේ නැහැ. මතකනේ අට වසරෙදී ඉංගිරීසි සර්ට අපේ එවුන් දීපු ආතල් (ඒක බලන්න මෙතන කොටන්න) නවය වසරෙදි ඉතින් අපිට හිටියේ ටීචර් කෙනෙක්. අපේ එවුන් ඉතින් ටීචර්ලට පණට පණ. මට මතකයි අපි පොඩිම කාලේ ඒ කියන්නේ අපි 5 වසර වගේ ඉන්නකොට (ඒ කාලේ ඉතින් අපි ටීචර්ලට එච්චර ආදරේ නැහැ, දැන්නේ ලස්සන පේන්න ගත්තේ) කෙල්ලෝ හරි ආසයි ටීචර් ලගින් යනකොට ටීචර්ගේ සාරි පොට අතගාන්න. ඒත් අපි නොතේරණ කාලේ ඒ වගේ විකාර වැඩ කලේ නැහැ. 8, 9 වසර වලින් පස්සේ තමා පටන් ගත්තේ. 

ඔය හැම දේටම අපේ එවුන් මුල් පෙත් තැබුවේ 9 වසර සෞඛ්‍යය පොතෙන්. අපේ සමහර එවුන්  9 වසර සෞඛ්‍යය පොත අම්මට අහුවෙයි කියලා ගෙදර ගෙනියන්නත් බයයි. ඇයි ඒකේ අරවා මේවා ප්‍රින්ට් කරලා ඒ මදිවට ඒවා ලකුණු කරලත් තියෙනවා. ඉතින් අපේ එවුන් සෞඛ්‍යය පොත හැංගුවේ, බැලුවේ වැල පත්තරයක් පරිහරනය කරනවා වගේ.


ඉංග්‍රීසි ටීචර්ට නම ලැබුණ හැටි

ඉතින් අපි නමය වසරෙ ඉන්නකොට තමා ඉංග්‍රීසි ටීචර් මුලින්ම අපේ ඉස්කෝලෙට ආවේ. ටීචර් ටිකක් ස්ලිම් (ඒ කියන්නේ කෙට්ටුයි). අනික ටීචර්ගේ පෂ්චාත් බාගය ඇත්තෙම නැහැ වගේ. අපේ එවුන් දැක්ක හැටියෙම කීවේ පපුව හතර පැත්තෙන් වලවල් 4ක් හාරලා කැරම් බෝඩ් 1ක් හදමු කියලා. තව එවුන් කීවේ "කෙට්ටු පු..ට මොන වෙට්ටුද කියාය". ආපු පළවෙනි දවසෙම ටීචර් සිංහලෙන් දීපු ඉන්ට්‍රොඩියුස් එක නිසා අපි ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් දොට්ට බහිනකල්ම ටීචර්ට නමක් රෙජිස්ටාර් වුණා.

ටීචර් ටිකක් ස්ලිම් (ඒ කියන්නේ කෙට්ටුයි). අනික ටීචර්ගේ පෂ්චාත් බාගය ඇත්තෙම නැහැ වගේ.

"ළමයි ‍මගේ නම.... මම ආවේ ගාල්ලේ ඉදලා, ඒ කියන්නේ මගේ ගම ගාල්ලේ...." ඉන්ට්‍රොඩියුස් එකට පහුවෙනිදා ඉදන්ම ටීචර් "ගම ගාල්ලේ පුka ලෑල්ලේ" වුණා. ටික කලක් ගිහින් ඉතින් ඕක ටීචර්ට මීටර් වුණා ඒක නිසා අපේ එවුන් "ගාල්ලේ" කියලා ෂෝට් ෆෝම් එක යුස් කරන්න පටන් ගත්තා.


ගම ගාල්ලේ වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්ත හැටි

කලින් කීව වගේ අපේ එවුන් ආරිය සිංහල කොල්ලෝ. ඒ නිසා ටීචර් පන්තියට එනවට කැමතිත් නැහැ. මොනව උනත් අපේ එවුන් ඒක ටීචර්ට ඇගෙව්වේ අමුතු විදිහට. අනික පත්වීම ලැබුණ අළුත නිසා වෙන්න ඇති එයා බෙල් එක ගැහුවත් පන්තියෙන් යන්නේ නැහැ. දවසක් පීරියඩ් එක ඉවර වෙන බෙල් එක ගහලා ටීචර් යන්නේම නැහැ. ඊලග පීරියඩ් එකේ තිබ්බේ පීටී. දන්නවනේ පීටියා පන්තියට එන්නේ නැහැනේ. අපේ එවුන්ට හිතුණා මෙයා යන්නේම නැතිවෙයි කියලා.

"කසුන් ඔයා යන්නකෝ" ජාගොඩ ගාල්ලේට ඇහෙන්නට (කසුන්ට) අස්පයාට කෑගැසීය.

"ඇයි ජාගොඩ කෑගහන්නේ" ගාල්ලේ ඇසීය. යන්න කියන්නේ ටීචර්ටම බව ඇයට නොතේරිණ. ඒත් අපේ එවුන් සීන් එක දනී.

"මෙයාට වෙලාවට වැඩ කරන්න තේරෙන්නේ නැහැ ටීචර්" ජා' කීය. ටීචර් ඒ කියපු එකවත් නොතේරුණ නිසා පාඩම කන්ටිනියු කළාය.

"සාලිය ඔයා යන්නකෝ" තවකෙක් කෑගැසීය.

"දැන් මොකද ඔතන ප්‍රශ්නේ?" අනිත් පැත්තෙනුත් කෑගසන නිසා ටීචර් ඇසීය.

"සාලියට වෙලාවට වැඩ කරන්න තේරෙන්නේ නැහැ ටීචර්" දැන් ගාල්ලේට වැඩේ ටික ටික මීටර් වේ.

ටික වෙලාවකින් පන්තියම තැනින් තැන එක එකාට "යන්නකෝ", "යන්නකෝ" ගාන්න වූ නිසා ටීචර්ට අප්සට්ය. බැරිම තැන ගාල්ලේ ජාතිය ඇමතීය.

"තමුසෙලට ඉගෙන ගන්න උවමනාවක් නැත්තම් කියනවා. මම යන්නම්" එදායින් පසු ගාල්ලේ ඔරලෝසුවට වැඩ කරන්නට පටන් ගත්තාය.


පලි- හොද ප්‍රතිචාර තියෙනකොට ලග ලග පෝස්ට් ගොඩක් දාන්න හිතෙනවා. ඒක නිසා මේ ටිකේ පෝස්ට් ටිකක් උනන්දුවෙන් දැම්මා. මැසේජ්, කොල් දීලා ස්ටෝරි මතක් කරන කස්ටියට ටැංකූවේවා.


ඊලග පෝස්ට් එකෙන් "ගාල්ලේව පන්තියේ පැත්තකට කොටු කළ හැටි" බලාපොරොත්තුවන්න


Written by sAm_11.52pm_25.10.'11


** මොනව වුණත් ගාල්ලේ මාව ඉංග්ලිෂ් ඩේ එකට බලෙන් යැවිවා ක්‍රියේටිව් රයිටිං වලට.. මම ඒකේ ඉස්කෝලෙන්ම 3 වෙනියා වුණා.. ටීචර් යැව්වේ නැත්තම් මට ඒ චාන්ස් එක එන්නේ නැහැ..

14 comments:

  1. ඇත්තටම මට අදයි තේරැනේ අපේ ඉස්කෝලේ එවුන් ගාල්ලේට කොච්චර කැමතිද කියලා...

    ReplyDelete
  2. galle okkamala ekai..oya bentara palamen ehaa pattane..:D

    ReplyDelete
  3. අම්මෝ බෙන්තර ගගෙන් එගොඩින් ආවොත් සොරි තමා... හිකිස්...

    ReplyDelete
    Replies
    1. ගාල්ලෙ කොහොමත් පොරවල් තමයි ඉන්නෙ.ඕකටකියන්නෙ හීන මානය කියලා....

      Delete
  4. ඕකට කියන්නෙ ගුරු භක්තිය කියලා.

    ReplyDelete
  5. ගල්ලේට තිබ්බ Aස්ස් එකත් පේන්නේ නෑ ඒයා ඇන්දෙ kandyan නිසා ... ලොල් ... :දිව දොට්ට

    ReplyDelete
  6. රාජ් - ඔව් කොල්ලා අපේ එවුන්ගේ භක්තිය උතුරන්න තිබ්බා.
    කස්සා - සිරා කථාව බං, ඒකිට එච්චර තේරැණේ නැහැනේ පු.. තියෙනවා වගේ පේන්න අදින්න ...

    ReplyDelete
  7. මතන් "ගාල්ලෙ" මගෙ පේස්බුක් ප්‍රෙන්ඩ් මේකෙ ලින්ක් එක යවන්ටද ?

    ReplyDelete
  8. අඩෝ සිරාවට ගාල්ලේ ඉන්නවද? මට සජෙස්ට් පාරක් දාපංකෝ...

    ReplyDelete
  9. මොනව වුණත් ගාල්ලේ මාව ඉංග්ලිෂ් ඩේ එකට බලෙන් යැවිවා ක්‍රියේටිව් රයිටිං වලට.. මම ඒකේ ඉස්කෝලෙන්ම 3 වෙනියා වුණා.. ටීචර් යැව්වේ නැත්තම් මට ඒ චාන්ස් එක එන්නේ නැහැ..

    ReplyDelete
  10. මොනව උනත් හොඳ සිරා කෑලිත් ගාල්ලෙ ඉන්නවා. ලෝකෙ කොහේ ගියත් හැම ජාතියකම අය ඉන්නව නොවෑ..

    ReplyDelete
  11. සමනල් පැටියා- නැතුව නැතුව, ඔය කියන ඇත්තිගේ ලැල්ල නොවුනනම් සිරා තමා..
    සමනල පැටියාගේ කවුරැ හරි ගාල්ලේ ඉන්නව වගේ.. :)

    ReplyDelete
  12. අහ්.. නියම කථාව.. අපේ ස්කෝලෙත් ඔහොම සීන් 1ක් තිබ්බා.. ඒ ටීචර් නම් තාම ඉන්වා.. ‍අපේ සෙටි 1ක හොදටම ආතල් ගත්තා.. මතක් වෙන කොටත් හිනා යනවා...

    ReplyDelete
    Replies
    1. හිකිස් දාමු එහෙනම් ඒ කතා සෙට් එක හැමෝටම බලන්ට :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...