Friday, October 28, 2011

ගාල්ලේ ගේ තහනම් කලාපය..

කලින් ‍පෝස්ට් එකෙන් කස්ටිය කියවන්න ඇති අපේ එවුන් ගාල්ලේට වෙලාවට වැඩ කරන්න උගන්නපු හැටි. මේ ස්ටෝරියත් ඒ පෝස්ට් එකටම දාන්න හිතුවට ස්ටෝරිය දිග වැ‍ඩිවෙන නිසා වෙනම ලියන්න හිතුවා.

අපේ එවුන් ගාල්ලෙව වෙලාවට පන්තියෙන් එළවන සිස්ටම් එක හොයා ගත්ත නිසා හිටියේ ෆුල් ෆන් එකේ. ඊට පස්සේ ගාල්ලේ ටිකක් දරුණු වුණා. පන්තියේ එවුන් එක්ක වැඩි භජනෙට ගියේ නැහැ. මොකද ඒ වෙන කොට තමන්ට දාපු කාඩ් එකත් ගාල්ලෙට ආරංචිවෙලා තිබ්බේ. ඊට පස්සේ ගාල්ලේ අපේ එවුන් ගෙදර වැඩ කරනවද කියලා හොදටම චෙක් කරන්න ගත්තා. හැමදාම ගෙදර වැඩ දෙන්නත් ගත්තා. ඒ හැම දේම කලේ අපේ එවුන්ව මට්ටු කරන්න. අනික පොත් බලන්න සැරින් සැරේ ලගට එන්න ගත්තා. ඒක නිසා අපේ එවුන්ට ගාල්ලේ පන්තිය පුරා ඇවිදින එකට පිලියමක් හොදන්න සිද්ධ වුණා.

අපේ පන්තිය ඩෙස්ක් පේලි 3 ගානේ තමා දාලා තිබ්බේ. ඒ කියන්නේ පන්තිය කොටස් තුනකට බෙදිලා ඒ මැද්දෙන් ටීචර්ලට යන්න පුළුවං. ඒක ගාල්ලේට පහසුවක් උනා. ගාල්ලේ ඩෙස් අස්සෙන් රිංගන එක නවත්තන්න අපේ එවුන් සමහර දවස්වලට ඩෙස්ක් ලං කරලා යන්න බැ‍රිවෙන විදහට හදනවා. ඒත් වැඩක් නැහැ. ගාල්ලේ ඉඩ ඉල්ලනවා යන්න බැහැ කියලා.

ඔන්න දවසක් ගාල්ලේ එහා පැත්තෙන් රිංගුවා කොල්ලන්ගේ පොත් බලන්න. මේක හැමදාම කරන්න බැරි වැඩක් නිසා එහා පැත්තේ සෙට් එකේ එකෙක් කරපු වැඩේ ටීචර් ලගට එනකොට "ගදා...යි" කියලා නහය වහගෙන. ගාල්ලේත් හිතුවා කවුරු හරි එකෙක් අදෝ වාතයක් ඇරලා තමයි කියලා සද්ද නැතුව සාරි පොටෙන් නහය වහගෙන පොත් චෙක් කරනවා. ඒත් ඇත්තටම කාටවත් ගදක් ආවේ නැහැ. ගාල්ලේටත් වැඩේ මීටර් නැහැ. ගාල්ලේ ‍වටේම ඉන්න සෙට් එකම නහය වහගෙන. ගාල්ලේත් සාරි පොටෙන් නහය වහගෙන. 

පොත් ටික චෙක් කරලා ගාල්ලේ අපේ පැත්තට සේන්දු වුණා. ගාල්ලේ එනකොටම අපේ පැත්තේ සෙට් එකම නහය ව‍හගෙන. පව් වැඩේ ගාල්ලේත් මේක දැකලා නහය සාරි පොටෙන් වහ ගත්තා. ඒ මදිවට අපේ එකෙක් කෑගැහුවා "ගදා..යි" කියලා. ඒ පාර නම් ගාල්ලේට වැඩේ මීටර් වුණා එයාට තමා මේ ගදායි ගදායි කියන්නේ කියලා.

"මොකද තමුසෙලා අද පන්තියේ ජරා කළාද ගදායි ගදායි ගාන්නේ" ගාල්ලේට මලය.
"නැහැ ටීචර් බලු බෙටි ගදක් එනවා ඒකායි" කී විට ගාල්ලේට සීන් එක ඇත්ත බව සිතිණ.
"දැන් මේ යන්නේ 3වෙන් පීරියඩ් එක, ඇයි උදේ ආවේ නැද්ද ගද?" ගාල්ලේ නඩුව ඇරඹීය.
"නැහැ ටීචර් කවුරු හරි ජරාවක් පාගලා, ඒකයි ගද..."
"ඉතින් මම විතරනේ පන්තියට ආවේ..." කියමින් ගාල්ලේ සපත්තු චෙක් කරන්නට විය. අපේ එවුන්ට පට්ට ආතල්ය. "නැහැ ඔන්න මම නම් පාගලා නැහැ" ගාල්ලේ නඩුව ෆයිනලයිස් කළාය.

එතැනින් නොවැතී අපේ එවුන් ගාල්ලේ එන හැමදාම "ගදායි, ගදායි" කියන්නට වූ නිසා ගාල්ලේට පන්තිය පුරා ඇවිදීම එපා විය. එමෙන්ම ඇයට තහනම් කළාපයක් ප්‍රකාශයට පත්වු නිසාම ඇගේ පොත් චෙක් කිරීම අහවර විය.

අපේ එවුන් ඉන්ටර්වල් එකෙත් ගාල්ලේ දැක්කොත් කොහේ හරි හැංගී "ගම ගාල්ලේ" කියා ආදරණීයව ආමන්ත්‍රනය කරයි. ගාල්ලේ ගොඩක් ආදරේ කළේ ජාගොඩටය. ගාල්ලේට ජා' නයාට මොනවාද මෙනි. එහෙම සීන් එකකින් දවසක් මට ටොෆිය සෙට් වුණේ ජාගොඩ නිසාය. 

දවසක් ජා, මාත් එක්ක වතුර බොන ටැ‍ප් එක ලග ඉන්නකොට ඈතින් ගාල්ලේ එනු දුටු ජා "ගම ගාල්ලේ....." යැයි කෑ ගසා අස්ථානගත විය. ජා නිසා මට ‍ටොෆිය සෙට් විය.

ජා "ගම ගාල්ලේ" යැයි කෑ ගසා අස්ථානගත විය.

මම ගාල්ලේ දැක්කේ මගේ ලගට ආවාට පසුය.

"ඇයි මොකද සමින්දික මාව දැකලද කෑගහන්නේ?? " 
ඇසුවේ මගේ කනකින් අදිමිනි. මට කර කියාගන්නට දෙයක් නැත. ජා' පාවා දිය නොහැක. 

"ඇයි ටීචර් මොකද සීන් එක?"
"මොකක්ද සීන් එක? දැන් තමුසෙත් ජාගොඩ වගේ හැදෙන්නද යන්නේ" 

ටීචර් කීවේ එපමණකි. මටද අවුලක් නැත. කෑගැහුවේ ජා'ය. ටීචර් මට බැන්නේ ජා' මතක් කරමිනි. සිතමින් මා හිත හදා ගතිමි.

Written by sAm_9.01am_26.10.'11


***මොනව වුණත් ගාල්ලේ මාව ඉංග්ලිෂ් ඩේ එකට බලෙන් යැවිවා ක්‍රියේටිව් රයිටිං වලට.. මම ඒකේ ඉස්කෝලෙන්ම 3 වෙනියා වුණා.. ටීචර් යැව්වේ නැත්තම් මට ඒ චාන්ස් එක එන්නේ නැහැ..***

2 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මොනව වුණත් ගාල්ලේ මාව ඉංග්ලිෂ් ඩේ එකට බලෙන් යැවිවා ක්‍රියේටිව් රයිටිං වලට.. මම ඒකේ ඉස්කෝලෙන්ම 3 වෙනියා වුණා.. ටීචර් යැව්වේ නැත්තම් මට ඒ චාන්ස් එක එන්නේ නැහැ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...