Tuesday, October 25, 2011

පෙම් හසුන....

පීටියා සම්බන්ධ කථාවට පස්සේ පොර ගැන රසික ප්‍රතිචාර වැඩි වුණා. ඒක නිසා පීටියා සම්බන්ධ තවත් කථාවක් අමාරුවෙන් මතක් කරලා ලියන්න තීරණය කළා. පීටියාගේ තියෙන්නෙ ප්‍රසිද්ධ මාධ්‍යයක පළකරන්න බැරි, මාධ්‍යය සදාචාරයට පටහැනි වචන නිසා ඉතින් පොඩ්ඩක් වෙනස් කරලා තමා ලියන්න වෙන්නේ. අනික මේ සීන් එකට සම්බන්ධ චරිත දෙක (ස්ත්‍රී හා පුරුෂ) ප්‍රසිද්ධ කොරන්ට හොද නැති නිසා නම් ගම් නොදා ලියන්නම්. ඒත් දන්න කස්ටිය දන්නවා මේ කවුරු ගැනද කියන්නේ කියලා.

කලින් ලියපු ස්ටෝරි කියවපු අය බලන්න ඇති යකෝ මුන්ගේ ඉස්කෝලේ හිටපු එවුන් ලවු කරපු නැති එවුන්ද කියලා. මොකද ඔක්කෝම කතන්දර කාටහරි ගේමක් දීපුවා, නැත්තම් මඩ නාන සීන්. ඒත් හත්දෙයියනේ එකා දෙතුන් දෙනෙක් එක්ක යාළු වෙච්ච සීන් මේවයේ දාන එක හරි නැති නිසා මම ඒවා දාන්න  ගියේ නැහැ. නැත්තම් ‍මගේ කීර්ති නාමයටත් කැලලක්.

9 වසරේ ඉන්නකොට අපේ පන්තියේ එකෙක් ඉතින් ලවු කළා කෙල්ලෙක්ට. (නැත්තම් එල්ටන් ජෝන වගේ කොල්ලෙක්ට ලවු කරන්නයැ??) ඉතින් කොල්ලා දහ දුක් විදලා කෙල්ලට තමන් ට්‍රයි කියලා ඇගෙව්වා. ඒ කාලේ ලවු කිරිල්ල තමා පට්ට ආතල්. ෆෝන්, ෆේස් බුක්, ස්කයිප්, ගූගල් ටෝක්, යාහූ මැසෙන්ජර්, එම් එස් එන් මැසෙන්ජර්, ටුවීටර් නැහැනේ. ඒකාලේ ඉතින් වෙසක් කාඩ් එකක් දෙන්නෙත් "අතේ තැපැල් කටේ ඇපල්" නැත්තම් "මුද්දරය හුලගේ ගියා, අල්ල ගන්න බැරිව ගියා" කියලා. දැන් ඒකට, කෙලින්ම ෆේස් බුක් වොල් පෝස්ට් එකක් දැම්මම කෙල්ලේ දුසිමක් කමෙන්ට් කරනවා. (මේ තත්වය පිළිබද මගේ මිත්‍රයෙක් පට්ට පෝස්ට් එකක් දාලා තිබ්බා ඒක කියවන්න මෙතන ක්ලික් කරන්න)

ඔන්න ඔහොම අදුරු යුගයක තමා අපේ යාළුවා කෙල්ලෙක්ට ටෝක් කලේ. ඉතින් පොර කෙල්ලට පේන්න හොරෙන් බලං ඉදලා, ඇස් ගහලා, පෑන් පැන්සල් පොත් එහෙම මාරු කරගෙන, ක්ලාස් යද්දි මග රැකගෙන ඉදලා ‍කෙල්‍ලට තමන් ට්‍රයි කියලා සිග්නල් එක දුන්නා. ඒ කාලේ කොහෙමත් කෙල්ලන්ට අපි හැරෙනකොට තේරෙනවා. එත් බබාලන්තේ බේබිලා වගේ අපි අහනකන්ම කන දික් කරගෙන ඉන්නවා. මෝඩ හැත්ත. ඒකට දැන් සහශ්‍රකේ ලමයි හරි ඇඩ්වාන්ස්. 

ඉතින් අපේ එකාට කස්ටිය එකතු වෙලා ලියලා දුන්නා පෙම් හසුනක්. හැබැයි කටුවට. ඒක පොර ගෙදරදී සුවද දාලා, බෝල අකුරු දාලා ලියාගෙන ආවා. හැබැයි අපිට රී කරෙක්ෂන් දාන්න බැරිවෙන්න පොර මේක සීල් කරලා.

"අඩෝ උඔ ඇයි මේක අලවලා ගෙනාවේ?"

"ලේසිනේ මචං දැන් ඉතින් මගේ ප්‍රේම සංදේශය පූජා කරන්න විතරයි තියෙන්නේ" කොල්ලා කීය.

"හරි හරි දැන් උඔ ඕක කොයි වෙලේද පෝට් කරන්නේ?"

"මේක අපි ඉන්ටර්වල් එකේ ඒකිගේ අතටම දෙමු."

පෙම්වතාගේම ප්ලෑන් එක අනුව අපි ඉන්ටර්වල් එකේ මිෂන් එක‍ට සෙට් වුණෙමු. ඒ කාලේ ඒ වගේ වැඩ ලේසි නැත. වටේ ඉන්න කෙල්ලෝම ටීචර්ලට කේලම් කියන නිසා පරිස්සමට කළ යුතුය. ඉතින් අපේ එවුන්ට ඉන්ටර්වල් එකේ කොහොම හරි මිෂන් එක අමතක වුණා. කොහෙම හරි ඉන්ටර්වල් එකේ සෙල්ලම් කරලා අපේ එවුන් පන්තියට එන්ටර් වුණා. එදා ඉන්ටර්වල් එකෙන් පස්සේ පීරියඩ් එක තිබ්බෙත් පීටියට නිසා අපිට ෂුවර් පොර එන්න ලේට් වෙනවා කියලා.

කස්ටියම පන්තියට එන්ටර් වෙලා ටික වෙලාවකින් අපිට දැනුනා අපේ පෙම්වතා මිසිං කියලා. ටික වෙලාවකින් තේරුණා පෙම්වතිත් මිසිං කියලා. මාර කේස් එක අපි නැති වෙලාවේ සුදු වෑන් එකක්වත් ඇවිත්ද? කස්ටිය පරීක්ෂණ ඇරඹීය.

"පිස්සු කෙලින්න එපා බං උන් දෙන්නා එයි. අනික දැන් පීටීයාගේ පීරියඩ් එක. ආවෙත් සෙට් එකටම කන්න වෙයි ඉදගෙන හිටපල්ලා"

"එහෙම කොහෙමද අපේ සහෝදරයෙක් අස්ථාන ගත වෙලා අපි කොහොමද නිහඩ වෙන්නේ.‍ මේක ‍විදේශීය කුමන්ත්‍රනයක ප්‍රථිඑලයක්"

සියළු සීන් මැද පන්තියට පැන්නේ පීටියා, පෙම්වතුන් සහ පිනාය. කස්ටියට සීන් එක මීටර් වෙන්නට විය. අපේ කොල්ලා ලෙටර් එක දෙනකොට, පෙම්වතී ලෙටර් එක අරගෙන ඇත. මේ ආදරයට ‍‍එරෙහි වුණ දුෂ්ඨ කතක් සීන් එක පිනාට කම්ප්ලේන් කර දෙදෙනා චෙක් කර ඇත. දැන් ‍වැඩේ චොරය.

"ආ මේකද තමුසෙලාගේ පන්තිය, හැමෝටම දැනගන්න මම මේ කථාව කියන්නේ" කියමින් පන්තිය අමතා පිනා වෝර්නිං දීම ඇරඹින.

"තමුසෙලා දැනගන්නවා මේක ඉස්කෝලයක්. මෙතන තමුසෙලට ඕන විදියට ලව් කරන්න බැහැ. බලනවා ඉගෙන ගන්නේ නැතිව කරන වැඩ. මේ මිනිහා මේ ලමයට ලිවුමක් දීලා. මේව මේ කාලේ කරන්න ඕන වැඩද? කට්ටියම අහගන්නවා මිනිහගේ ලිවුම..." පිනා කොල්ලාව චාටර් කරයි. අනික ලිවුම පන්තියටම ඇහෙන්න කියවන එක කැත වැඩකි. අවංක නොයිදුල් ආදරයකට අකුල් හෙලනවා සේම මානව හිමිකම් උල්ලංගනය කිරීමකි. මෙන්න පිනාගේ කියවිල්ල...

"සද ඇති පහන් රැයක....ආදරණිය ... ලියමි.." කියා පටන් ගෙන අවසාන කලේ... "මම ඔයාට අදරෙයි...." කියා පිනාගේ කථාව ස්ටක් විය.


"මම ඔයාට අද-රෙයි"


"අදරෙයි??? යකෝ තොට අද රෙන්න බැරිනම් හෙට රීපං, මේ වගේ වැඩ ඉස්කෝලේ කරලා අහුවෙන්න එපා" පිනා කීවේ එපමණකි.

Written by sAm_11.32am_24.10."11

8 comments:

  1. පව් බන් කෙල්ලට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇති.

    ReplyDelete
  2. නෑ බං උන් දෙන්නගේ ආ‍දරේ වැඩිවුණා සීන් එකෙන් පස්සේ. 11 වසර විතර වෙනකල් ලව් එක තිබ්බා.. දන්නවනේ කවුද ජෝඩුව කියලා... හෙහ්..හේ....

    ReplyDelete
  3. අදරෙයි ද ? මොකද උ කෝපි බීලද ඉන්නේ

    ReplyDelete
  4. කෝපි බීවා නම් සතියකටවත් බැරිය. :)

    ReplyDelete
  5. අම්මගෙන් නම් පුස්නයක් නැහැ. අයියා තමා ලොඩේ දාන්නේ. මොන පුස්න ආවත් මම ඔයාව බුදින එක බුදිනවාමයි කියලා ලියුම ලියපු පොඩි එකාව මතක් වුනා :D

    ReplyDelete
  6. අපොයි කිව්වොත් කියන්නෙ මෙහෙම එකක්ම තමයි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිද්ධියක් අෆ්පා.. කිව්වම මොකද ?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...