Monday, July 14, 2014

ඇතුලේ හිරවීම්... - Can't Get it OUT??


හිරවීම් හෝ සිරවීම් ගැන ඇසුවාම පපුව හිරවෙනා තත්වයක් බොහෝ දෙනෙක්ට ඇත්තේය. පොළොව හාරාගෙන යද්දී පතල් අස්සේ සිරවීම් ගැන ඇසුවාම හුස්ම හිරවෙන්නේ ඉබේටම වාගේය. එවැන් සිද්ධියකදී හිරවුණු අයට හුස්ම හිරවන්නා සේම අපේත් හුස්ම හිරවන්නේය. එසේම වැඩි සතුටකදී හෝ වැඩි දුකකදී පපුව හිරවෙනා තත්වයක් බොහෝ අයට ඇත්තේය. එය කෙළවර වන්නේ පපුවේ අමාරුවකින් හෙවත් හාර්ට් ඇටෑක් එකකින්ය. ඒ සියල්ල මැද්දේ හිරවීමට හොඳම උදාහරණය දිය හැක්කේ බලු කතාවකින්ය. බලු කතා කිහිපයක් ලියූ සෑමා හිරවීමේ උදාහරණය බල්ලා කොට ගෙන ලියන්නට යන්නේ ATM කාඩ් එක සිරවීමක් ගැනය. 

බලු කතාව මට කීවේ මිතුරෙක්ය. තමන්ගේ ගම් පැත්තේ සිටිනා බල්ලෝ සැට් වලට විවිධ අනන්‍ය වූ හැසිරීම් සහ පිහිටීම් ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය. බල්ලාට ඇති වැඩකුත් නැහැ හෙමින් ගමනකුත් නැහැ කියූවද උන්ගේ හැසිරීම සහ දින චර්යාවේ සමානකමක් ඔවුන් අධ්‍යයනය කිරීමෙන් උගත හැකිය. එවැනි වාහාන පසුපස පන්නන බල්ලෙකු සහ ත්‍රීවීල් හයර් දුවන බල්ලෙකු ගැන සෑමා අතීතයේ සටහන් කළේය. අපේ මිතුරාගේ පැත්තේ බල්ලෝ සැට් එක සිට ඇත්තේය. උන්ගේ තඩි පොෂ් ලුක් එකක් තිබූ බල්ලා ඒ පැත්තේ රජෙකු මෙන් සිටියේය. එසේම ඌට ලයින් දෙන, ක්‍රෂ් එක, සිකුමාල පිරිසිදු බැල්ලක් ඒ අවටම සැරිසරා ඇත්තේය. වටේට සිටි බලු රැල නොයෙක් වර්ගයේ වල් බල්ලෝ වූවෝය. ඒ අතර සිටි ‘පූලා‘ නම්  (ඔහු මීට වඩා අපූරු නමක් කියූ නමුදු නම මතක නැත) වූ නකුටු බල්ලා බලු සැට් එකේ කොන් වී සිටි අයෙක්ය. රජා, සුකුමාල රැජිණ සමඟ සංවාසයේ යෙදුනද අනෙක් උන්ට කිසිම සැපතක් නොමැති වූයේය. එසේම රැජිණ ලෙස සිටි සිකුමාල බැල්ල රජුට හැරෙන්නට වෙන එකෙක්ටවත් තම කරේ නගින්නට ඉඩ නොදුන්නේය.

තත්වය එසේ තිබියදී රජු හා රැජිණ සැපෙන් කල් ගෙවද්දී අනෙක් බලු සැට් එක රැජිණට ගහ මරා ගන්නෝය. එහෙත් රැජිණද තම පතිවත රැකගෙන පුදදෙන්නේ මහ රජුට පමණක්ම වූයේය. ඒ අතර හැමදාම වලිය. මහ බල්ලාද බලු සැට් එක සමඟ පොර බැද බැල්ලට ලං වන්නේය. අනෙක් උන් පොර  බැද්දට වැඩක් නැත්තේ සටනින් ජය ගත්තද අවසන් තීරණය ඇත්තේ බැල්ලීගේ මනාපය පරිදි බැවින්ය. ඇය කවුරුන් සටන ජය ගත්තද කරේ නගින්නට දෙන්නේ මහ බල්ලාට පමණක්ම විය. එකී අසාධාරණ සමාජ ක්‍රමය හමුවේ සටන් පවා දිනපතා ජය ගත්තේ මහ බල්ලාය. අනෙක් උන් සටන අතරමැද අතැර යන්නෝය, විටක ජයගෙන පැත්තකට වන්නෝය. මේ සියල්ල මැදහත් සිතින් පැත්තකට වී බලා සිටියේ නකුටු පූලාය. විටක සටන් ජයගෙන පැමිණෙන උන්, බැල්ලගේ පහස නොමැති වූ තැන නගින්නේ පූලාගේ කරේය. එහෙත් පූලාට කරන්නට දෙයක් නැත්තේය. ඌ පිරිමි සහ ගැහැණු අතර මැදහත් සිතින් කොන්ද නමාගෙන සිටින්නේ තිබෙන්නාවූ නෝන්ජල්කමටය. එසේම කරකියාගත දෙයක් නොමැති අසරණකමින්ය.

දිනක් බලු සැට් එකම පාර දිගේ වලියක්ය. මහා සටන එළැඹී තිබුණේ එදින යැයි කිව හැකිය. මන්ද සියළු බලු සැට් එකම මහ බල්ලාව වට කොටගන ඌව සපා කන්නට වූයේ කලින් කතිකා කරගත් ආකාරයටය. ඌ බේරෙන්නට පාර පුරා දුවමින් දඟලන්නට වූයේය. ඒ අතර බැල්ලීද පැත්තකට වී නොසිට සැට් එක මැද්දට පැන බල්ලා වෙනුවෙන් සටන් කරන්නට වූවාය. තත්වය ක්‍රමයෙන් දරුණු වන බව පැත්තකට වී බලා සිටියේ පූලාය. එසේම ක්‍රමයෙන් උත්සන්න වන සටන් ජවනිකාවේ අවසන සිතා ගත නොහැකිව බැල්ලද පැත්තකට වූවාය. පූලා අවස්ථාවාදී වූවේය. පැත්තකට වී සීන් එක බලා සිටිනා බැල්ලගේ පිටට පැනීමට තරම් ශක්තියක් පූලාගේ සිතේ ඇති වූයේය. “මලත් කම් නැත එකක් ගසලා“ යන අති උතුම් වූ චේතනාවෙන් පූලා බල්ටික් ගසා පැන්නේ බැල්ලගේ පිට මතටය. බැල්ල තම ස්වාමියා වෙනුවෙන් වෙන්කොට තිබූ කෑම වට්ටෝරුව වෙන කෙකුට නොදී ඉන්නට වග බලා ගත යුතු යැයි සිතා ක්ෂණිකව පූලාගෙන් බේරෙන්නට තැත් කළාය. එහෙත් සිදුවූයේ අනෙකක්ය, පූලා ඇතුලේ සිටියදී දොර ලොක් වූයේය. ඉක්මනින් වෙන් නොවන බලු බැදීමකින් පූලා බැල්ල සමඟ කරේ යද්දී, අනෙක් බලු සැට් එකම සටන් විරාමක් තබා සිද්ධිය දෙස නෙත් යොමන්නට වූවෝය. 

පූලාට කරකියා ගන්නට දෙයක් නැති වූයේ මහ බල්ලා සමඟ අනෙක් බලු සැට් එකම පූලාගේ කරේ නැඟ පහර දෙන්නට වූ නිසාය. බැල්ල පහත මාලයේද, ඊට උඩ මහළේ පූලාද, සිටියදී බලු සැට් එකම පුලාව වට කොට කන්නට වූයේ ඇල්.ටී.ටී.ඊ. එකෙන් පැමිණ දෙමහල් ගොඩනැගිල්ලකට කුරුම්බැට්ටි ප්‍රහාරයක් එළ්ල කරන ආකාරයෙන්ය. ලොක්, අන් ලොක් වෙන තුරුම, ප්‍රහාරයන්ට මුහුණ දුන් පූලා “ලෙඩා මලත් බඩ සුද්දයිනේ..“ සිතා පණ බේරාගෙන දුවද්දී, බැල්ල ඉතා ලැජ්ජා සහගතව බලු රැල අතරේ කොන් වූවාය. මහ බල්ලාට කර කියා ගත දෙයක් නොමැතිව සිටියේ රාජ සභාවට පැන අග බිසවට එකෙක් කෙලියා නේදෝ යන කඩා වැටිච්ච සිතින්ය.

බලු කතාන්දරය දුර දිග ගිය නිසාම, බල්ලෝ කෝම හිර කර ගත්තද, ATM කාඩ්/සල්ලි එකේ හිර නොවන ආකාරයට කටයුතු කරනා සැටි සාකච්ඡා කිරීමට නැවත ලිපියක් ලියන්නට වන්නේය. සල්ලි හිරවීමෙන් සෑමාට වූ සිද්ධිය මතක් වෙද්දී විටක සිතෙන්නේ අපේ ATM මැෂින් බැල්ලිගේ අහවල් එකට වඩා අන්ත බවක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_7:12am_14/07/14

51 comments:

  1. "මලත් කම් නැත එකක් ගසාලා " මේක උඹට හිතිච්ච එකක් එහෙම නෙවෙයි නේ :P

    ReplyDelete
    Replies
    1. ++++++ අවංකවම මටත් හිතුනෙ ඕකමයි. :)

      Delete
    2. සුවර් ඕක ඕකාටම හිතුන දෙයක්.........! නෑ කියහන් බලන්න

      Delete
    3. ඉවාන් - මට හිතුනත් ඇයි වැරදිද බෙල?? ඒම තමා අභියෝගවලට මූන දෙන්නේ...

      ප්‍රියා- සත්තයි කියපං..

      නිමෝ- නෑ... කියන්න බෑ ඕයි...
      (බොලා අරහෙ ඉන්නව මේහෙ ඉන්නව කියනවා කෝ තාම දැක්කෙ නැහැනේ..)

      Delete
    4. ඒම තමා... අපිව හම්බෙන්න එපොයිමන්ට් දාන්න ඕනේ.......!
      (සෙට් වෙමු වෙලාවක)

      Delete
  2. හම්මේ... සෑමත් ලියන කතා...
    මලත් කම් නැත එකක් ගසාලා////
    සුවර්ද සෑමො.....

    ReplyDelete
  3. බලු කතාව නං එළ..

    ReplyDelete
    Replies
    1. එළ කියන්නෙ හරක් කතා වලට බං :(

      Delete
  4. පුලාටත් චාන්ස් එකක් ලැබිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කාටත් චෑන්ස් එකක් එනවා මචං.. එදාට දාගන්න තියෙන්නෙ.. මලත් මොකෑ...

      Delete
  5. එක්කෝ යතුර හිරකර ගන්නවා දැන් කාඞ් එක, හා..හා.. ඉක්මනට ලියපිය පදුරැ තලන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. අපට වෙන්නෙ හිර වෙන සීන්ම තමා අයියා..

      Delete
  6. එල එල ඕක මිනිස් සමාජෙ උනානම් ඉවරෙටම ඉවරයි...මොකෝ කියන්නෙ අනිව සමුහ දුෂනයක්

    ReplyDelete
    Replies
    1. එහෙම වෙච්ච එකක් අසරණයා ලිව්වා.. වීඩියෝ එක්කම..

      http://asaranaya.blogspot.com/2012/06/african-back-magic.html

      Delete
  7. ATM මැෂින් ගැන මහචාර්ය මාතලන් විසින් කළකට පෙරැ ළියු ළිපියක්. ඔබේ පහන් සංවේගය උදෙසා...

    http://maathalan.blogspot.com/2011/06/atm-atm-machine.html

    ReplyDelete
  8. හතර විලිලැජ්ජාව. නම්බුව කෑවා!
    ATM කතා මමත් ලියලා තියෙනවා. මම මේ දවස් වල ගණුදෙනු කරන අපේ ගේ ලඟ ATM එකේ කාඩ් හිරවෙන්නේ නෑ. ඒකේ බ්‍රෑන්ඩ් එක DIEBOLD' කාඩ් එක අතේ තියාගෙන ස්ලොට් එකට තියලා (ස්වයිප් වගේ) ආපහු අරගෙන පර්ස් එකට දානකල් පාස්වර්ඩ් එක ගහන්නත් බෑ. අන්න ඒ මැෂීන් හයි කලා නම් කාඩ් හිරවීමක් කවදාවත් නෑ.

    ReplyDelete
    Replies
    1. කාඩ්නැතුව සල්ලි ගන්න ක්‍රමයක් සම්පත් බෑන්ක් එක දාල තියෙනවා. ඒකත් සාර්ථක වෙයි මගෙ හිතේ...

      හෙන්රියා ඔය කියන මැසිම ලංකාවට එද්දි අපි වයසට ගිහින් ඉදි බොල..

      Delete
    2. සම්පත් බැංකුවේ වැඩේ දැනට සාර්ථකයි සෑමා. මම දැන් සල්ලි ගන්නේ එහෙම

      Delete
  9. පූලා වැඩ කාරයා.

    කොහොම හරි රජා බිසවව ඩිවෝස් කරලා දැම්මද දන්නෑ. බල්ලෙක් උනත් රජෙක්නෙ බං. ;)

    ReplyDelete
    Replies
    1. පව් මචං.. විලිලැජ්ජාවේ බෑ...

      බැල්ලි එල්ලිලා මලාලු...

      Delete
  10. අනේ බන් බොටත් සෙට්වෙන දේවල්....!
    දැන් බලු සංගමේ තත්වේ මොකද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කෝමද දන්නෙ නැහැ බං..
      රාජ සභාව විසිරුවද දන්නෙ නැහැ !

      Delete
  11. සැමත් හිරකරගනද මන්දා? තාම අලුතනේ.....

    ReplyDelete
    Replies
    1. නැවුම් කලේ වතුර රසයි නොවැ.. ;)

      Delete
  12. හපොයි මම බලාන හිටියේ ATM card එක ගැන කියනකල්...:(

    ReplyDelete
  13. පුලාට වූ විපත කිසි බල්ලෙකුට කිසිදා අත්නොම වේවා....:(

    ReplyDelete
    Replies
    1. පුලාට විපතක් වුනා කියන්න බැහැ බං. අර බැල්ලිට තමා විපත වුනේ..
      පුලා මලත් කමක් නැහැකියලා එකක් ගැහුව නොවැ...

      Delete
  14. පූලට හම්බුනේ එකම චාන්ස් එකයි, බලපන් ඒකත් පෝස්ට් එකකට වැටිල.

    ReplyDelete
    Replies
    1. අගය කරන්න එපෑ මචං.. දිවි පරදුවට තියල පොරක් ගහද්දි !

      Delete
  15. චඃ.............කොහොමද කොටු පනින එකෙක් ඔහොම හිරවුනා නං.

    හමුදාවේ ප්‍රයෝජනයට එන පුටු වර්ගයක් තියනවා. මේවා යකඩ බට රාමුවක පොලිෂ් කරපු රීප්ප පටි වගේ ලී පටි ගහලා හදලා තියෙන්නේ. ඊට උඩින් පුටු කොට්ට දාලා වාඩිවෙන්නේ. වරැන්ඩා පුටු කියලා සාමාන්‍යයෙන් කිව්වට මේ පුටුවේ නම වෙනස් කරන්න දවසක් වවුනියාවේ කඳවුරක හිටිය බල්ලෙකුට පුළුවන් වුනා. බල්ලෝ නිදාගනියි කියලා කඳවුරේ වරැන්ඩා වල තියන මේ පුටුවල කොට්ට රෑට අයින් කරනවා. බල්ලෙක් මේ පුටුවක නිදාගත්තා. උගේ යමක් අර පුටුවේ රීප්ප දෙකක් අතරින් ඇතුලට වැටුණු බව ඌ දන්නේ නැහැ. කඳවුරේ සෙබලෙක් රෑ මුරය මාරුවෙන්න යද්දී බල්ලා කලබල වෙලා පුටුවෙන් පනින්න හැදුවා. අර යම්කිසි දේ ලී පටි දෙකක් මැද්දේ හිරවුනා. ඒ තරම් දඩෝරි බල්ලෙක් මේකා. බල්ලා මරන්න හදනවා වගේ මර ලතෝනි තියන්න පටන්ගත්තා. කීපදෙනෙක් දුවගෙන ආවා මොකද කියලා බලන්න. බොහොම අමාරුවෙන් බල්ලව නිදහස් කළා. එදා ඉඳන් ඒ පුටු වර්ගයේ නම 'වරැන්ඩා පුටු බලු ඇට හිරවෙන'.

    ReplyDelete
    Replies
    1. අඩේ පව් යකූ... උගෙ අහවල් එක කුඩු වුණාද දන්නෑ...

      Delete
    2. අපි අතරින් වියෝ උනු ඔබා මාමත් මේ වගේම සීන් එකක් ලියලා තිබ්බා
      http://observer-nireekshaka-observer.blogspot.com/2011/09/blog-post.html

      Delete
    3. ලියන්නා ලියලත් තිබ්බේ බයිසිකලේ ලගේජ් එකට ෆැමිලි ජුවෙල්ස් අහුවෙච්චි කතාවක්..

      Delete
    4. >>>>> ෆැමිලි ජුවෙල්ස් <<<<<<
      හේ....... හේ...... හේ......

      Delete
  16. ආ මොකො හිරකර ගත්තයි

    ReplyDelete
  17. සුබ ගමන් පූලා..

    ReplyDelete
    Replies
    1. පුලා මලේ නැහැ බෙලාව්...

      Delete
  18. පුලා මරු භාණ්ඩයක් නොවෑ ,රාජ සභාවල ඔහොම දේවල් වෙනවද දන්නෙ නෑ...අර අන්දරේට ඔරු පැද්දා වගේ
    අර වැකිය එල /

    ReplyDelete
    Replies
    1. අන්දරේත් ඒ කාලෙ ගේම් කාරයෙක් වෙන්නැති මගේ හිතේ...

      Delete
  19. මලත් මොකෝ කියලා ගහනන් තමා තිබ්බේ..

    ReplyDelete
  20. යකො බැල්ලි මක් කොරන්ටද ATM එක හිරවුනාට මේ මැක්කාගේ අනික් කතාව වාගේ එකක්යැ

    ReplyDelete
  21. මේ සීන් එක රස කර ලියා ඇති ආකාරය අනුව සෑමා වෙන වැඩ සියල්ල නවත්තලා මේ ජවනිකාව දෙස බලා සිටි ආකාරය මොනවට ගම්‍ය වෙයි.

    //මලත් කම් නැත එකක් ගසලා// ඇඩෙනවා....

    ReplyDelete
  22. ඇත්තට ඔය විදිහට බල්ලෝ ඇමිණෙන එකේ විද්‍යාත්මක පසුබිම මොකක්ද දන්නෑ.පොඩ්ඩක් හොයා බලන්ඩ හිතුනා

    ReplyDelete
  23. "ක්ෂණිකව පූලාගෙන් බේරෙන්නට තැත් කළාය. එහෙත් සිදුවූයේ අනෙකක්ය, පූලා ඇතුලේ සිටියදී දොර ලොක් වූයේය."
    එතකොට මුන්දෙන්නගෙන් කාටද බන් ක්ෂණික මොචනේ ?????????

    ReplyDelete
  24. මදැයි ඔයින් ගියා කිව්වලු.. මේකේ යටි අරුත තේරුම් ගන්න ටිකක් අමාරු එකයි වැඩේ..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...