Thursday, July 10, 2014

අපි නොදන්න රැකියා.. - Hidden Jobs !!!


සෑමාගේ සීයා මෙලොව ඇතැර ගොස් දැනට වසර විසිපහක් වන්නේය. මාළු වැස්සේ සිටි ආච්චී ගේ ආදරණීය සැමියා වූ අපේ සීයා නොහොත් තාත්තාගේ තාත්තා මිය ගියේ සෑමා පොඩි කාලයේය. ඒ කාලයේ මල ගෙදර පොටෝ කැබලි වල සෑමා අත දරුවෙකුව සිටියේය. මාතලන් මෑතකදී ලියු මලගෙවල් ස්ටෝරියේ පොටෝ කැබලි ඇල්ලීම ගැන සදහන් වූයේය. එහෙත් ඒ කාලයේ මලගෙවල් වල පොටෝ ගැසීම රජටම වූයේය. නමුත් මෑත භාගයේ සිට මල ගෙවල් වල පොටෝ කැබලි ගැසීම එතරම් දක්නට නොමැති බව කිව හැකිය. අපේ අම්මාගේ අම්මා හෙවත් කුංකාච්චී මිය ගිය මොහොතේ පවා පොටෝ කැබලි ගසන්නට කිසිවෙකුවත් පෙළබුනේ නැතිය. එදා අම්මා ලියා තිබූ කවි පන්තියක් සෑමා පෝස්ට් එකක් ලෙස දැම්මා මතකය.

කෙසේ හෝ වේවා මල ගෙවල් ගැන ලියන්නට හදනවා නොව මේ ලියන්නට යන්නේ අපි නොදන්නා ජොබක් ගැනය. අපේ තාත්තාගේ අම්මා (ආච්චී) පෙරටු කොටගෙන අපි සීයා සිහිපත් කොට දානමය පිංකමක් කරන්නට කතිකා කර ගත්තේ මාසයකට එපිටදීය. එතැන් සිට දානය දෙන්නට තැනක් තෝරා ගැනීම, දානය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීම පවා කළේ අපේ මහප්පාය. මහප්පා තෝරාගත්තේ රාජගිරිය වික්ටෝරියා නිවාසයය. එහි සිටිනා අබාධිත අයට දානයක් දිය යුතුය යන්න මහප්පාගේ තේරීම වූයේය. එතැන බැලීමට මහප්පා මා සමඟ එහි ගියේය. ගොස් ඔවුනට අඩුපාඩු ඇත්තේ කුමක්දැයි  සොයා බලන්නට අපි සිදුවූයේය. එමඟින් අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුගත කොට අප දිනයක් වෙන් කර ගත්තේ මහප්පාගේ මුලිකත්වයෙන්ය. යම්තාක් දුරට ආධාර ලැබෙන තැනක් වූ නිසා සෑමා කීවේ එතැන එතරම් අහේනියක් නැති තැනක් කියාය. එහෙත් දීම හෙවත් දානය අපේ පැත්තෙන් කළ යුතු වැඩක් නිසා ඒ සඳහා කටයුතු කරන්නට අප කතිකා කර ගත්තෙමු.

ගමේ පන්සලේ (අපේ ගමේ පන්සල් තුනක්ය.) මූලික කරගෙන අප පිටත් වූයේ වික්ටෝරියා නිවස බලාය. දැන් ඉන්නා තරුණ පිරිස් සහ තාක්ෂණය පිළිබඳ කතිකාවකදී තාක්ෂණය නිසා දරුවන් නොමඟ යාම පිළිබඳ කතාවක් ඇඳී ආවේය. එහෙත් සමාජ වෙබ් අඩවි ආධාරයෙන් බොහෝ තරුණ පිරිස් සමාජ සත්කාර අදියට යොමුව ඇති බවට සිතුවිල්ලක් හාමුදුරුවන්ගේ මනසේ නිර්මාණය කරන්නට හැකි වීම ගැන සෑමාට සතුටක් ආවේය. එසේම අබාධිත මනස විකල් වූ අය පිළිබඳව කතා වෙද්දී හාමුදුරුවෝ අපූරු කතාවක් කීවෝය.

“ඒ මිනිස්සු උපතින්ම සිහි විකල් වෙලා ඉන්නෙ.. ඒත් හොඳ සිහිය තියෙන අපේ මිනිස්සු ගුලිද මොනවද කාල සිහිය විකල් කර ගන්නෙ විහින් නේ...“

“අපොයි ඒක නම් ඇත්ත හාමුදුරුවනේ..“

“අපේ පැත්තේ සිරිසෝමයා මරු වැඩක් කළානේ.. පෙරහැර දවසේ...“ (සිරිසෝම යනු මන: කල්පිත නමක්ය.)

“ඒ මොකක්ද හාමුදුරුවනේ..“

“මිනිහා පෙරහැර යද්දි මාත් එක්ක කියව කියව ආව.. බෝක්කුව ලඟ වෙල ලඟ පාරෙදි..“

“ඉතිං..“

“මිනිහා වෙලෙන් පැනලා ගෙදර යන්න බලාගෙන හිටියෙ.. අනික සිහිවිකල් වෙලා හිටියෙ... වෙල ලඟදි මිනිහා කියපි.. හාමුදුරුවෝ පාරෙන් යන්න මම එහෙනම් වෙලන් වඩින්නම් කියලා....“

එදා සිරිසෝමයා වෙලන් වඩිද්දී හාමුදුරුවෝ පෙරහැරෙන් පන්සලට ගොස් තිබුණේය. හාමුදුරුවෝ ගුලි කෑමේදී සිදුවන මානසික විකෘතිය විග්‍රහ කළේ ඒ අයුරින්ය.

එලෙස වික්ටෝරියා නිවසට ගොස් දානමය කටයුතු නිමා කොට, සීයාට පින් අනුමෝදම් කොට, අවට අබාධිත, අසරණ වූ අය බලද්දී මහප්පා කීවේ දැන් Disabled හෙවත් ආබාධිත කියන වචනය භාවිතා නොවන බවක්ය. ඒ වෙනුවට කිසියම් හෝ හැකියාවක් ඇති බව කියවෙන differently abled කියා නම් කෙරෙන බව කියා සිටියේය. ඇත්තටම ඔවුනට සම්පූර්නයෙන් නොහැකියාවක් නැත්තේය. එනම් සම්පූර්නව ආබාධිත අය නොවූයේය. සමහරුන් සුභ පැතුම් පත් සාදා ඒවා තමන්ගේ ඇද අද්දර තබාගෙන විකුණන්නෝය. සමහරු අතේ බඳිනා බෑන්ඩ් ගොතා ඒවා විකුණන්නෝය. එවැනි සයිඩ් බිස්නස් කරන්නට තරම් හැකියාවක් ඔවුනට තිබුනේ Disabled නොවී differently Abled වූ නිසාය.

සියල්ල අවසන් වී එළිය පැමිණ විට අයෙක් රෝද පුටුවකට වී පාර දෙස බලාගෙන කුමක්ද සටහන් කරනු දක්නට ලැබුණේය. විටක ඔහු පාර දෙස බලාගෙන කවි ලියනවා විය යුතුය. දවස පුරා කිසිම වැඩක් නැතුව රෝද පුටුවට වි සිටියදී වෙන කරන්නට දෙයක් නැතුවා විය හැකිය. එක්කෝ පාර දෙස බලාගෙන පාරේ යන වාහන ගණිනවා විය හැකිය. එවැනි සිතුවිලි සිතට එද්දී අප කළේ ඔහු ලඟට කිට්ටු වී කරනා දේ කුමක්දැයි විමසීමය. ඔහු කනේ ඉයර් ෆෝන් එකක් ගසාගෙන, ෆෝන් එකකින් සිංදු අසනු අපට දක්නට ලැබුනේය. තම රෝද පුටුව මත තබා ඇති ලී කැබැල්ලේ පොතක් තබා ඇත්තේය. පැත්තක ලෑල්ලේම ඔරලෝසුවක් අලවා ඇත්තේය.

“ඔයා මොකද මෙතන කරන්නේ??“

“අහ්.. මම වැඩසටහනක් ලියනවා..“

අම්මට හුඩු කලාකාරයෝ මෙතනත් ඉන්නව නොවැ.. කියා සිතා ගත් මම තවත් ප්‍රශ්න නැගුවේ සියල්ල දැන ගැනීමටය. 1988 වසරේදී තමා ඔබ්රෝයි (අද සිනමන්) හෝටලේ වැඩ අහවර වී පාන්දර පාරට බැස්ස මොහොතේදී වෑන් රථයක් පැමිණ තමාව හප්පාගෙන ගිය බවත්, පසුවදා උදේ පිරිසක් පැමිණ තමාව කානුවකින් ගොඩ ගෙන රෝහලට රැගෙන ගිය බවත්, සිදුවූ ප්‍රමාදය නිසා තමන්ට දෙපා වාරු නැති වූ බවත් හෙතෙම කීවේය.

“හරි දැන් මේ වැඩසටහන මොනව ගැනද??“

“නැහැ.. මම කරන්නේ හවස 4 ඉදන් හවස 5 වෙනකල් එෆ් එම් නාලිකාවක යන වෙළඳ දැන්වීම් ලියනවා...“

“එතකොට..“

“ඒගොල්ලෝ ඇවිත් මේ කොළේ අරන් යනවා.. මාසෙ අන්තිමට අපිට ගාණක් දෙනවා..“

“අඩේ.. මාරයි නේ.. එයාල මොනාද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..“

“එයාලට ඒ පැය ඇතුලත් වෙළඳ දැන්වීම් මිස් වුණාද කියල චෙක් කරනවා..“

කෙසේ හෝ වේවා, තනිවී අතරමං වී, සමාජයෙන් දුරස්ථව නිවාසයක රැදී සිටින ඔවුනට එවැනි කාර්යයක් පැවරීම නම් අගය කළ යුතුය. ඔහුට එම කුඩා රැකියාවෙන් මාසය අන්තිමට යම්කිසි මුදලක් අතට ලැබෙන බව හෙතෙම කීවේය. එවිට සෑමාට කල්පනා වූයේ අප නොදන්නා රැකියා කීයක් නම් මෙලොව ඇත්තේද යන්නයි...

Written_by_sAm_ශ්‍රී_Perera_12.01am_10/07/14

62 comments:

  1. මුල ටික දකිනකොට ටිකක් බය හිතුණා තවත් මල ගෙදරක පෝස්ට් එකක් කියලා...දැන් මේ දවස්වල ඔක්කොමලා කතා කරන්නේ ඒ ගැන...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මගෙ අප්පේ මුන් මලගෙයක් වෙනකල්ම ඉන්නෙ බිස්කට් කාලා.. බාර්ලි බොන්නද?

      Delete
  2. ඒ FM එකෙන් කරපු වැඩේ නං හරි ෂෝක් බං.. ๬!!

    ReplyDelete
    Replies
    1. වයසට යද්දි එහෙම මුකුත් රාජකාරියක් කරන්න නැත්තං ඒ වයසක උදවියට පිස්සු හැදෙනවා.. අවපීඩනයක්... තනිවූ බවක් එනවා මම අහල තියෙනවා. එහෙව් එකේ මෙහෙම තනිවෙච්ච උදවියට දැනෙන කාන්සිය නැති වෙන්න මොකක් හරි රාජකාරියක් / වගකීමක් දුන්නම ඒ මිනිස්සුන්ට වටිනාකමක් ලැබෙනවා. ඒකෙන් සිතට ලැබෙන සහනය අපමණයි..

      Delete
  3. මම හිතුවේ මළගෙවල් ඉවර කරලා දැන් දාන දෙන්න යනවා කියලා
    මමත් ඔය වගේ මෙහෙ ආපු අලුත කරා ජොබක් KFC එකෙන් එවනවා වව්චරයක් කෑම වේලක් නිකන් ගිහින් කන්න පුළුවන් ඊට පස්සේ උන් එවන පස්න 20 කට විතර හෑල්ලක් වගේ උත්තර ලියලා යවන්න ඕනා එතකොට ඊළඟ සතියේ තව වව්චරයක්... ටික කලකින් මගේ උත්තර ටෙම්ප්ලේට් උන්ට මාට්ටු වෙලාද කොහෙද වව්චර එවන එක නැවැත්තුවා

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ

      Delete
    2. සික්.. හරකා.. බොට ටෙම්ප්ලෝට් 50ක් හදා ගන්න බැරි වුනාද?? අවුරුද්දක් පුරාවට නොමිලේ කන්න තිබ්බා බොලව්...

      Delete
    3. හරක් කුකුල්මස් කනවද බන්

      Delete
  4. අපේ පැත්තේ ඇන්ටි කෙනෙක් ශ්‍රදධාව වැඞිවෙලා හමුදුරැවන්ට කිව්වලු හාමුදුරැවනේ ඔහේන් එන්න බස් එක මෙහෙන් වඞිනවා කියලා.
    අපේ කම්පැනයේ ගැන් ළමය දෙන්නෙක් ඉන්නවා එයාලට තියෙන්නේ අලුත් බ්‍රා පෑන්ටි ඇදගෙන ඉන්න අඞුම පැය 3 ක් ඊට පස්සේ වර්ථාවක් දෙන්න ඒවා කස්ටමර්ට අපහසුද නැද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. වාර්තාව එකතු කරන්නේ උඹද?

      Delete
    2. චෙක් කරන්න පුළුවන් ඒක සයිස් එකනෙ බං.

      Delete
    3. අම්මද බොල මෙන්ඩියා අන්න ජොබ...

      බ්‍රා පෑන්ටි හරියට ඇඳලද කියල චෙක් කරල බලන්න එකෙක් නැද්ද?
      අයැදුම් පතක් දාන්ටද?

      Delete
    4. ඉවාන්, fit on බලන්න මටත් authorized තියනවා මචං.
      හැලපේ අයියන්ඞි ඉතින් බලන්නේ sample size එකනේ.
      සෑමා, පලවෙනි දවස්ටිකට විතරයි මචං ඔය උනන්දුව, උන්ටත් ගානක් නෑ බැලුවා කියලා.

      Delete
  5. ඔව් බං සෑමෝ.. මතක් වෙන්නෙත් නැති තරම් ඒ වගේ ජොබ්.. හරියට සිමෙන්ති නොදාපු පොඩි කාමර වල මිලියන් ගණන් බිසිනස් වෙනවා අපිට තේරෙන්නෑ. උඹ දන්නවද ස්ක්‍රින් ප්‍රින්ටින් කියන්නෙත් ඒ වගේම නොපෙනන හොදම ජොබ් එකක්..

    ReplyDelete
    Replies
    1. ඇඟලුම් සම්බන්ධ ස්ක්‍රීන් ප්‍රින්ටින් ආයතනයක වැඩ කටයුතු කළ කාලයේ ඒ ගැන හොද අවබෝධයක් ගත්තා බං. ඒ වගේම ලැබෙන ලාබය දැක්කම පිස්සු හැදෙනවා බං...

      මේ වගේ හැංගිච්ච තව ජොබ් කොච්චර ඇත්ද?

      Delete
  6. ඇත්තටම අපි හිතන්නෙවත් නැති තැන් වල හිතන්නෙ වත් නැති රස්සා කොයි තරම් තියෙනවද?

    අර FM එක නම් ඇත්තටම වෙනස් විදිහට හිතන මිනිස්සු ඉන්න තැනක්.

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ එෆ් එම් දෙක තුනකින් කරනවලු.

      ඔවුන් සඳහන් කළා සිරස සහ සිටි ගැන..

      Delete
  7. ඇත්තටම හුගක් එළියට එන්නෙ නැති ජොබ් තියනව...
    සමහර ඒව සමහර අය අහලත් නෑ... ඒ වැඩ කරන අය ඉන්නව කීවට විස්වාස කරන්නෙත් නෑ...
    කෝම වුණත් ඒ වගේ අයට තමන් තනි වෙලා නෑ කියල දැනෙන්න දෙයක් කරන්න දෙන එක නං කියන්න බැරි පිං අතේ වැඩක්

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ කිසියම් රාජකාරියක් කරවීම මගින් ඔවුනට වටිනාකමක් ලබා දෙනවා..

      Delete
  8. මමත් දන්නා තැනක (කම්පනියක්) ටීවී චැනල් වල යන ඔක්කොම වැඩසටහන් රෙකෝඩ් කරනවා. සතිය අගට ඒ ටීවී චැනල් වලින් ඇවිත් ඒවා ගෙනියනවා මෙයාලට සල්ලි දීල. හේතුවත් ඕකමයි. එයාලගේ ඇඩ් වලින් කොතරම් ආදායම ලැබෙන්න තියෙනවද බලාගන්න. මම ඕක ඇහුවේ මිට අවුරුදු 10 කටවත් කලින්, මමත් පුදුම උනා එහෙම කරනවද කියල.

    දැන් නම් මම හිතන්නේ ඒ වැඩේ කරන්නේ නැහැ. හේතුව දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්න තවත් ඒ වගේම වැඩක්.. මම මේ කේස් එක දැනගත්තේ නම් මෑතකදී..

      Delete
  9. බ්ලොග් එකක් කියවන පාඨකයින් දාන ප්‍රතිචාරවලට උත්තර බඳින ජොබ් එකක් තියෙනවා මා ලඟ.

    ReplyDelete
    Replies
    1. ගෙවීම් කොහොමද?

      Delete
    2. කකා,
      ඒක ඇනෝලට දීල නේද තියෙන්නෙ?

      Delete
    3. එතකොට බ්ලොග් එකේ ඇනෝ ප්‍රතිචාර දාන අයට ගෙවීම් එහෙමත් කරනවාද?(ඇනෝ ප්‍රතිචාර බොහොම තියෙන්න නිසා අහන්නේ)

      Delete
    4. අන්න බොල නියම රස්සාවක්...

      කොහොමද ප්‍රතිචාරයේ තත්වය මනින්නේ.. ජොබ් එක භාර ගන්න එකා නිකරුනේ කමෙන්ට් කලොත්...

      උදා-

      :)
      +++
      එලස්
      ජය !

      Delete
  10. අර කයිය ගහපු වෙලාවෙ අසරණයාට කීයක් නං වැඩ සටහන් අතපසුවෙන්න ඇත්ද සෑම් ? හාමුදුරුවන්ට බාසාව ඉගැන්නුවෙත් සෑම් වගේ !

    ReplyDelete
    Replies
    1. සරත් අයියා.. මම බුවාගෙන ඇහුවා දැන් කතාකරද්දි ඇඩ් මිස් වෙන්නෙ නැද්ද කියල..

      පොර කියපි.. අවුලක් නැහැ දැන් යන්නේ සිංදුවක්... කියලා :)

      Delete
  11. සෑම්.....ඔය වගේ අමුතු ජොබ්ස් තියෙනවා මේ රටේත්. කීයක් හරි ලැබෙන නිසා ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා එහෙම කරනවා.

    සෑම් ඒ ඔබරෝයි එකේ වැඩ කරපු කෙනාගේ නම එහෙම උඹ දන්නවාද....

    ReplyDelete
    Replies
    1. අරු දන්නවද ඔබරෝයි හිටිය මන්චි එතකොට බ්‍රයන් කර්ක්ඕවන් එහෙම..

      Delete
    2. නලීන්......මම බ්‍රයන් කර්කෝවන් ඉන්න කාලෙමයි හිටියේ. බ්‍රයන් නියම ජෙන්ටා නලීන්. හරිම නිවිච්ච බුවා. හොඳ කොලිටි පොරක්. පොර හොටෙල් ට්‍රේඩ් එකෙන් අයින්වෙලා ෆැෂන් ඩිසයිනින් මොනවා හරි කරා.

      Delete
    3. ඔව් දැන් ෆැෂන් ඩිසයිනින් තමා කරන්නේ. මගේ බොක්කේ යාලුවෙක්නේ. ඔන්නං අංකය එවන්නං. මංචි කිව්වේ නලිනි මංචනායක හවුස් කීපින් හෙඩි හිටියේ මං දන්න කාලේ. බ්‍රයන් ලොබි මැනේජර් ලෙස හිටියේ.

      Delete
    4. මම බුවාගෙ නම නම් ඇහුවෙ නැහැ අරූ... මතක හැටියට වත්තල පැත්තේ...

      Delete
  12. මරු ජොබ්එක බං.

    ReplyDelete
    Replies
    1. සුළු ගතමන්ට් එකක් ලැබෙනවා ඇති මචං

      Delete
  13. හැබැයි අර උඹ කරපු පරණ වැකුම් ක්ලීනර් හදන ජොබ් එකට වඩා හොඳයිනේ :P (අටමෝ බේරගනියෝ )

    ReplyDelete
    Replies
    1. උඹ අටමට මඩක් ගහලා.. දැන් බේර්ගනියෝ කියන්න එපා මචං..

      Delete
  14. ඒ ජොබ් එකත් මරු ඊට වඩා නියමයි වෙලෙන් වැඩිය ඒක !

    ReplyDelete
  15. සිරාවටම එක නියම ජොබ් එකක් . හැමෝම වගේ කියන්නේ ඔය කතාව තමා . හැකියාව තියෙනවනම් රැකියා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඔහුම කිව්වා මට අකුරු ලියන්න පුලුවන් නිසයි මේ ජොබ් එක දුන්නෙ කියලත්....

      Delete
  16. ආබාධිත අයට වැඩ බැහැ කියනවා නම් එක සම්පුර්ණ බොරුවක් සෑමා.මගේ තාත්තා පෝලියෝ රෝගියෙක්,හැබැයි එයා කරන දේවල් වලින් දශමයක් වත් කකුල් දෙකම හොඳට තියෙන මටවත් තාම කරන්න බැහැ.අපේ තාත්තාගේ කකුල් දෙක කෙලින් තියලා හිට ගන්න එයාට බැරි වුණත් එයාට පුළුවන් වුණා අපිව දෙපයින් නැගිට්ටවන්න.ඉතින් ආබාධිත අයට වැඩ බැහැ කියන්නේ බොරුවක්.

    ReplyDelete
    Replies
    1. අන්න නියම උදාහරණ මචං. ගොඩාක් උන් ලොකු ලොකු ප්‍රසිද්ධ චරිත බලාගෙන ඒ විදිහට හැදෙන්න හදනවා..

      ඒත් ගෙදර ඉන්න ප්‍රධාන ආදර්ශවත් චරිත දෙක අමතක කරලා...

      ජය වේවා මචං !!!

      Delete
  17. රේඩියෝ චැනල් එකෙං කරන වැඩේනං ඇත්තටම හොඳයි..ඒ වගේම ඒ ජොබ් එක ගැන ඇහුවෙත් අදමයි.. සමහරවි ඒ වගේ ආබාධිත අයට මුදලක් හොයා ගන්නම ඒ වැඩේ කරනව ඇති..

    ReplyDelete
    Replies
    1. මට හිතුනෙත් එහෙමයි.. මොකද බං මෙච්චර තාක්සනයක් තියෙද්දි....

      Delete
  18. අපේ නංගාටත් කාළයක් ඔය වගේ සමීක්සෝනේකින් හොඳ ගානක් ලැබුනා.

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ කියන්නෙ මාතලන් දැනන් හිටියේ ජොබ ගැන..

      Delete
  19. ඒ ජොබ් එක නම් ඒ වගේ කෙනෙක්ට බොහොම වටිනවා.

    ReplyDelete
  20. සෑම් ඔය කැටගරියේ ජොබ් වලට කියන්නේ සමීක්ෂණ කියලා. මගේ යාලුවෝ සෙට් එකක් කැම්පස් කාලෙදී ඔහොම ඒවා කළා. උන් මංසන්දි වලට වෙලා යන වාහන ගණන් කරපු එක තමයි කලේ.

    ReplyDelete
    Replies
    1. මෑතකදි මම දැක්කා බේස් ලයින් පාරෙත් දෙන්නෙක් වාහන ගණිනවා..

      Delete
  21. බස් එක වඩින්න හදන්නේ හාමුදුරුවෝ දුවලා එන්න කිව්වලුනේ එක උපාසකම්මා කෙනෙක්.

    අනේ අර මනුස්සයාට මොනතරම් ඉවසීමක් තියෙන්න ඕනෙද මේ දහජරා වෙළඳ දැන්වීම් අහගෙන ඉන්න.

    ReplyDelete
  22. අඩේ බලාගෙන යද්දී අපි නොදන්න ජොබ්ස් සෑහෙන්න තියෙනවනේ..

    ReplyDelete
  23. දන්නවද මචං බ්ලෝ-ජොබ් :)

    ReplyDelete
  24. මම දැක්ක ජාලෙ තියෙන ඇඩ් ඇතුලට ගිහින් එනවට සල්ලි දෙන කතාවක් පහුගිය දවස්වල තිබුන

    ReplyDelete
  25. එලම ඩයල් එකක්.... බැරි බරියාව කියාගෙන එන එවුන්ට පෙන්නන්න වටිනා ඩයල් එකක්.

    ReplyDelete
  26. “මිනිහා වෙලෙන් පැනලා ගෙදර යන්න බලාගෙන හිටියෙ.. අනික සිහිවිකල් වෙලා හිටියෙ... වෙල ලඟදි මිනිහා කියපි.. හාමුදුරුවෝ පාරෙන් යන්න මම එහෙනම් වෙලන් වඩින්නම් කියලා....“

    හික්ස්.... "හාමුදුරුවෝ එහෙනම් ගෙදර යන්න මම පන්සලට වඩින්නම්" නොකීවේ වෙලාවට.

    අර වගේ ජොබ් එකක් මටත් සෙට් කරලා දියන්කෝ බං...

    ReplyDelete
  27. හාන්දුරුවො වෙලෙන් වඩින්න මං පෙරහැරේ පන්සලට යන්නං කිව්වනම් තවත් මරු.

    කාලයක් මොරටුව අයි.ටී ෆැකල්ටියෙ කැන්ටිමේ බල්ලො එලවන රස්සාවක් තිවුන කියල අපේ ලොකු මස්සිනා කිව්ව. තනතුර පල කරල තිවුනෙ "පීඨයේ බල්ලන් එලවන්නා" කියලලු. බස්සිව අන්දන්න බොරුවට කිව්වද මන්දා ඉතින්.

    ReplyDelete
  28. දානයක නියම ආනිසංස ලැබෙන්නෙ එය අවශ්‍යම කෙනෙක්ට ලැබුනාම කියලයි මම හිතන්නෙ. උඹලගෙ වෑයම බොහොම ඉහළින් අගය කරනවා සෑමො.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...