Tuesday, December 31, 2013

හැරී බලන්න.. - Turn Back & Think !!




එක එකාට ලේසි වෙන්න
කරගන්නට වැඩේ
හෙමි හෙමීට කතිරෙ ගසන්
ගියාද ඔබ කඩේ..??


ඔබ්ජෙක්ෂන් දාපු එවුන්
වුණත් එකම ගමේ
කපල දාල දැඟලුවාද..?
වෙඩිල්ල කොට පඩේ


ගමේ එකා අතෑරලා
කිහිල්ලෙ ගහන් කුඩේ
දිනෙව්වාට ගිහින් කඩේ
මොකක්ද ඇති වැඩේ..??


හදිස්සියට හිත හිරවී
හුස්ම දිගට ඇඳී
පපුව ඇවිත් මිරිකුව නේ
හැදුන විටදි ලෙඩේ..


මංත්‍රිතුමා අවෙ නැද්ද
සිප ගන්නට අනේ
ඒ එද්දිත් ගෙනත් නැද්ද
බොට කන්නට වඩේ..??


තුන්සිය හැට පස් දවසක්
හැපුව බුලත් විටේ
මෙලෝ රහක් නැහැ දැන්වත්
විසිකරපං ලඩේ


අමතක කර නොහොබින දේ
අලුත් කැලැන්ඩෙරේ
ලස්සන වෙන්නට පතනෙමු
එකතු කරන් නඩේ..


හෙටින් උදාවන හැම දිනයක්ම..
සුභ අලුත් දවසක් වේවා.. !!
ජය වේවා !!


Written by sAm_ශ්‍රී_Perera_7:12am_31/12/13

33 comments:

  1. ඔන්න එහෙනම් සෑමා ට කිරි - පැණි* ඉතිරෙන සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  2. සියලු පැතුම් සඵල සුබ අලුත් අවුරුද්දක් ඔබට සමග ප්‍රීතිමත් යුගදිවියක් ඔබට සැමට.

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  4. පින්තුරේ දැක්කම නං බුලත් කොළේට ඡන්දේ දාන්න දාන්නමයි හිතෙන්නේ.. හැක්.. ඔබ ඩබලට සුනවවේ..!!!

    ReplyDelete
  5. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ….
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  6. බත, බුලතින් සරු නොවේවා...!!!

    ReplyDelete
  7. කොච්චර කිව්වත් අපෙ අය
    යනවාමයි කඩේ...

    සෑමාටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  8. ඔන්න එහෙනම් සෑමෝ උබටත් එසේම වේවා... ආ තව එකක්... ලමයෙක් අඩන අවුරුද්දක් වේවා....

    ReplyDelete
  9. සුබ නව වසරක් ඔබ දෙපොලට!!!

    ReplyDelete
  10. වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  11. කාර්යබහුල වුනත් රසවත් පෝස්ටු බෙදාගන්නට ලැබෙන
    හිතන්නට වටිනා දෙයක් හැමෝටම බෙදාගන්නට ලැබෙන

    සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සෑම්ටත් කිටීටත්..

    ReplyDelete
  12. විසිකෙරුවට හපකරවූ කටෙ තියන ලඩේ
    …කියපං මට උඹ දෙනවද අඩු ගානේ වඩේ
    …චන්දෙ කරන උන් කවදත් යනවා ගොඩෙන් ගොඩේ
    කාටත් නොගිහින් අපි ඉමු මේපාරත් කඩේ

    …සැමා ඇතුලු සැමාගේ බ්ලොග් රසික රසිකාවියන්ට සුබ නවවසරක් වේවා
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  13. මේකනෙ සෑමෝ...

    නෙළුම් පිපෙන්නෙ මඩේ
    මැණික් තියෙන්නෙ මඩේ
    ලෙඩේ තියෙන්නෙ බඩේ
    වඩේ තියෙන්නෙ කඩේ

    සුභ අලුත් දවසක් වේවා.. !!
    ජය වේවා !!

    ReplyDelete
  14. නව යුවලට සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  15. සුබ නව වසරක් වේවා සෑමා. අනිකි පැත්තට ගහපු උනුත් මේ පැත්තට ආව එකනේ වැඩේ..

    ReplyDelete
  16. සැමාටත් අලුත් මනමාළි පොඩ්ඩටත් සුබම සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  17. උඹ නොකියා කියන්නෙ 2014දී පෙරලමු කියලද ?

    දෙන්නටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා !!

    ReplyDelete
  18. Harry බෑලුවද ඉතින්?
    වෙරි happy නව වසරක්!

    ReplyDelete
  19. උඩ කොමෙන්වල තියෙන සෑම ප්‍රර්ථනාවක්ම ඉටුවේවා

    ReplyDelete
  20. දෙක තුන වෙන්නට සුභ පැතුම්!

    ReplyDelete
  21. සිත තුටින් බරවෙන පැතු පැතුම් ඉටුවෙන උබ තාත්ත කෙනෙක් වෙන නව වසරක් වේවා අයියේ :D

    ReplyDelete
  22. නව යුවලට සුභ නව වසරක් වේවා ! සතුට සමාදානය නිරතුරු වැඩිවේවා

    ReplyDelete
  23. මැලේ රාළට යටින් තියෙන කමෙන්ට් වල සියලු පැතුමන් ඉටුවේවා...දුසිමක් පමණ දරුවන් ලැබේවා....2014 එහි ආරම්භය වේවා !

    ReplyDelete
    Replies
    1. අපොයි අර අහිංසක ගෑණි..! තාම පැණිහඳ කෑව විතරයි..!

      Delete
  24. ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  25. ඔබ දෙපොළට සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  26. දහසකුත් සුපෙම් පැතුමන්
    සිතුම් පව්රෙන් වට වෙනා
    සිමින් සැලෙනා සොදුරු හදවත්
    යුගල මල් පිපිදෙනා.............
    කටු කොහොල් මත තබන පියවර
    මල් පොකුරු වී තිබෙවා
    අහසෙ බබලන සදක් මෙන් නොව
    අමවක දිනකද තුටු සිනා කැන්
    මුව තිබෙවා......................
    නෙතග දිදුලන කදුලු කැට
    මිනි මුතු සෙ පෙනෙවා
    වැටෙන වරකුදු යලි නැගීමට
    සිතෙ සවි බල තව ලැබෙවා..........
    දැනෙන තනිකම වසින්නට තව
    ඇසනි වරුශා වි වැටෙවා.....
    වසන්තය මෙන් ජිවිතෙ මග
    පිපිදෙනා එකලු තරුවක් සෙ
    දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
    ෴෴සචි෴෴
    වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....

    ReplyDelete
  27. 2014 ඉවර වෙන්න කලින් සෑමා තාත්තා කෙනෙක් වෙන ආරංචිය අපිට අහන්නට ලැබේවා.. එක පාරම සිවුනිවුන් වගේ ගහන්නම ලැබේවා..


    සුහ නව වසරක් වේවා..

    ReplyDelete
  28. ඔබ දෙපලට ලැබුවාවූ නව වසර සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.

    ReplyDelete
  29. ඔකෙක්කොන් ඔමදිතෝ ගොසයිමසු (විවාහයට සුභ පැතුම්..!)
    අකෙමස්තේ ඔමදිතෝ ගොසයිමසු (සුභ නව වසරක් වේවා...!)
    ඩබලටම හරිය.

    ReplyDelete
  30. සුභ 2014ක් වේවා!

    ReplyDelete
  31. සුභ නව වසරක් සෑමා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...