Thursday, December 12, 2013

ජපන් කොඩිය දමා දින පහක ටෙස්ට් මැච් එකක් - Test Match Under Japan Flag !!!


ආදී ජපන්නු තම රට වෙනුවෙන් ජාතික නිර්මාණය කිරීමට වෙහෙසුනෝය. කොඩියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පිරිමින්ට වඩා එදා තිබුනේ ගැහැණුන්ටය. ඔවුන් කීවේ තම රට වෙනුවෙන් යම් නිර්මාණයක් කිරීමේ අයිතිය ඇත්තේ කාන්තාවන්ට බවය. ලොවට දරුවන් දායාද කරන්නා සේම, තම රට වෙනුවෙන් කොඩිය නිර්මාණය කිරීමේ වගකීමද ඇත්තේ කාන්තාවන්ට බව පිරිමින් සිතා ගත්තෝය. එසේම දරුවන් බිහි කිරීමේ කාර්යයේ නියැලෙන්නා සේම, නිවැරදි ලිංගික දිවි පෙවතක් ඇති කර ගැනීමේ වගකීම ඇත්තේද ජපන් කාන්තාවට බව පිරිමින් විශ්වාස කළෝය. මහ සයුරේ නැව් ගියද මාර්ගය කොහේවත් සටහන් නොවන්නා සේම, පිරිමින් ගිය පාරවල් කොහේවත් සටහන් නොවන්නේය. කාන්තාවන් ගමන් කළ මාර්ග ගල පිට ඇදි ඉරක්සේ සටහන් වන්නේය. පිරිමින් ගිය මාර්ග වැල්ලේ ඇඳි සටහන් සේ රැල්ලට මැකී යන්නේය. එලෙසම ජපන් කොඩිය නිර්මාණය කිරීමේ වගකීම කාන්තාවන්ට පැවරෙන්නේ කුඩා සමයේ සිටය. තමන් යහපත් දිවියක් ගෙවන්නේ නම්, මල නොතලා බඹරුන්ට රොන් ගන්නට දී ඇත්තේ නම්, ජපන් කොඩිය නොමිලේම නිර්මාණය වන්නේය.

ජපන් කොඩිය නිර්මාණය කිරීමේ ලා සිද්ධියේදී එරට කාන්තාවෝ විවිධ අදහස් ඉදිරිපත් කළෝය. සමහරෙක් කිව්වේ සතෙකුගේ රුවක් යොදා ගත යුතු බවක්ය. ජපන්නු කුඩා මිනිසුන් නිසා තඩි මීයෙකුගේ රූපයක් යෙදීම සුදුසු යැයි කාන්තාවෝ කීවෝය. එහෙත් එදා මීයා නම් කරදර කාරී සතෙක් වුවද අද කාලේ කොම්පීතරයකට ගසන මීයා මිනිසාගේ මිතුරෙකු ලෙස සෑම අතකටම හසු වී මිරිකෙන නිසා එය රටට කරන අපකීර්තියක් ලෙස සිතා මීයා ඉවත් කළෝය. ඉන්පසුව ඉදිරපත් වන අදහස් වැඩි නිසා එරට කාන්තා සංවිධාන ඉදිරිපත් වී ජපන් කොඩිය නිර්මාණය කිරීමට වෙනම කමිටුවක් පත් කළෝය. ඒ සඳහා යොදා ගත්තේ අවිවාහක තරුණියන් පස් දෙනෙක්ය. පස් දෙනාටම පැවරුණු රාජකාරිය නම් ඉදිරි සතිය ඇතුලත විවාපත් වී, විවාහ දිවිය මාසයක් පමණ ගත කොට එයින ලැබෙන ආභාෂයෙන් කාන්තාව, මිනිසා, අනෝන්‍ය අවබෝධය, සුරක්ෂිතතාවය, පිරිසිදුභාවය යන කරුණු කැටි වූ කොඩියක් නිර්මාණය කිරීමය. ඒ අනුව පස් දෙනාම එකම දිනයකදී විවාපත් වූවෝය.

විවාපත් වූ අවිවාහක තරුණියන් පස් දෙනාගේම අදහස් මාසයක් අවසන එකම මේසයක් මතට ගෙන එන ලදී එහිදී එකම එක කාන්තාවක් පමණක් සුදු කඩදහියක් මැද රතුපාටින් වෘත්තයක් ඇඳගෙන ඇවිත් සිටියායා. අනිත් අය නොයෙකුත් යෝජනාවන් ලියාගෙන පැමිණ සිටියෝය. ඒ අතරින් සුදු කඩදහිය මැද රතු වෘත්තය සටහන් කරගෙන ආ කාන්තාවගෙන් ඇසූ ප්‍රශ්නවලදී ඇය කියා සිටියේ තමන් පළමු රැයේදී දුටු එකම සිද්ධිය මෙය බවයි. එය කාන්තාවන් වෙනුවෙන් තමන් ජපන් කොඩියට ආදේශ කිරීමට කැමති බව ඇය කියා සිටියාය. එහෙත් අනිත් කාන්තාවෝ හතර දෙනාම එම සංකේතයට විරුද්ධ නොවූයේ පළමු කාන්තාව කියූ අදහසට කැමැත්ත පළ කරමින්ය. ඉතිරි කාන්තාවන් දෙදෙනෙකු උක්ත කාර්යයේ මීට පෙර යෙදී නැති වුවත්, ඔවුනට එය සංකේතයක් ලෙස යොදා ගන්නට අමතක වී තිබුනේය. එය උපතින්ම හෝ යම් කිසි ක්‍රමයකින් තමන්ට අත හැරී තිබුණේය. අනිත් කාන්තාවන් දෙදෙනා පෙර සිටම ජපන් කොඩිය දමා තිබුණෝය.

කොඩිය තිබුණත් නැතත් මැච් එකක් ඕගනයිස් කළේ නම් එය ගැසිය යුතුමය. නැතිනම් ප්‍රේක්ෂකයෝ ගල් ගසන බව සැබෑය. මැච් එකට එන ප්‍රේක්ෂකයෝ සිටින්නේ උන්මාදයෙන්ය. එහි එන්නේ මැච් එකේ උණුසුම විදින්නටය. ෂොට් එකක් දමා චියර් කරන්නටය. කවමදාකවත් ජපානය කිරිකොට් ගසනවා මා දැක නැතිය. එහෙත් මෙතැන් සිට ජපානය සමඟ කිරිකොට් මැච් එකක් ගසන්නට සෑමා පිටියට පිවිසෙන්නේය. කොඩිය නම් ෂුවර්ය. පිටියේ පන්දුව දෝලනය වේදැයි, සැක සහිතය. අනික දින පහක් තිස්සේ ඉනිම් දෙකක් ක්‍රීඩා කළ යුතු නිසා සෙමින් ලකුණු රැස් කිරීම නුවනට හුරුය.

ඉස්සර සනා සහ කළුවා ග්‍රවුන්ඩ් එකට එද්දී අපි ටීවී එක දෙස ඇස් උලුක් කොටගෙන බලා සිටින්නෝය. ඒ උන් දෙන්නා අවුට් වේදැයි, හොදට සෙල්ලම් කරයිදැයි බියෙන්ය. විටෙක උන් හයේ ඒවා ගසද්දීද අපි කෑ ගසන්නේ වැඩිය ගහන්නට ගොස් අවුට් වන්නට එපා කියාය. කළුවා කෙසේ වෙතත් සනා නම් තවමත් නොට්අවුට් ගසන්නේය. පැල් බැඳගෙන ගසන්නේය. චියර් එකට එන්නේ කාන්තාවෝ පමණක්ය. එසේ නම් සෑමා අද පිටියට බසින්නේය. චියර් එකට වැඩි සද්දෙට කෑ ගැසිය යුතු නැත්තේය. ටෙස්ට් මැච් එකක් නිසා සුද්දෝ කිරිකොට් මැච් බලන්නාක් මෙන් දැහැමෙන් සෙමින් විඳිය යුතුය.

අපි ගියෝ...

Written by sAm_ශ්‍රී_Perera_9:51am_11/12/13

45 comments:

  1. එකෙන්ම...දිගටම ටෙස්ට් මැච් එකක් ගහපං මචං....සුන්දර විවාහ දිවියකට සුබ පැතුම්...උඹ මේක කලින් පොස්ට් වෙන්න දාන්නතිනේ...එහෙම නෙවෙයිනම් කියන්න තියෙන්නේ යකෝ....අදවත් මේ කොම්පීටරේ අතැරලා කෙල්ලව බදාගනින් කියලයි...

    ReplyDelete
  2. කතාව තේරුම් ගන්න ටිකක් වෙලා ගියා....පට්ටයි....:v

    ReplyDelete
  3. මූ වෙඩිමට වැඩිය මහන්සි වෙලා තියෙන්නෙ මේ පෝස්ට් ටිකටද කොහෙද...

    තමන්ගෙ වෙඩිම දවසෙ විස්තර විචාරය දාන්නත් කලින්ම මතක් වෙච්ච පළවෙනි බ්ලොග් කාරයා සැමා වෙන්නැති... හි හි

    කොහොමහරි කමක් නෑ.. මතක තියා ගනිං දවස් පහේ මැච් එක ආරම්භය විතරයි.. ජීවිත කාලෙමත් ඔය මැච් එක දිගටම ඇඳගෙන යන්න ඕනෙ.. ජය පරාජය කොහෙම උනත්... දෙන්නටම කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. //තමන්ගෙ වෙඩිම දවසෙ විස්තර විචාරය දාන්නත් කලින්ම මතක් වෙච්ච පළවෙනි බ්ලොග් කාරයා සැමා වෙන්නැති//

      මාත් කියන්න ගියේ ඔයටික .තමා

      Delete
    2. ඔව් මට උදේ msg එවලා තිබ්බම පුදුම හිතුණා වෙඩිම දවසේ රෑ ... හි හි උණුසුම් සුබ පැතුම් සැමෝ

      Delete
    3. මේවා මේ සෑමා වේලාසන ලියලා ගබඩා කරලා ගිය ඒවා..

      ජපන් කොඩියෙ මැද්දෙ තියෙන රතු රවුමෙන් සංඛේතවත් වෙන්නෙ සූර්යයා...

      Delete
  4. බුහහහා... සෑමත් සදාසොත්ති උනා එහෙනං ඈ..! අනේ වාසනාවන්... :D :D

    ඔටෝ පබ්ලිශ් කරන එක හොය හොය හිටියේ මේකට තමා හිපාටුවා! :P

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මූ හෙට මොනා පබ්ලිශ් වෙන්න දාල තියනවද දන්නෑ බන් :D

      Delete
  5. සෑමත් ජපන් කොඩියක් අදිනව එහෙනම් අද ඈ,,, හැම මැච් එකක්ම නොදැවී ක්‍රීඩා කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියල මාත් එහෙනම් ඔන්න විශ්කලා :D

    ReplyDelete
  6. ජපන් කොඩිය සෑම ආරම්භක තරඟයකදීම එසවෙන්නේ නැති බවත් එසේ නො එසෙවෙන සෑම විටකම සතුරු ආක්‍රමණයක් ගැන සිතා ලත විය නොයුතු බවත් කිව යුතුය.සමහර අවස්ථාවලදී ස්වභාවික විපත් නිසා ජපන් කොඩිය එසවෙන්නේ නැත.එනිසා කොඩිය නොතිබූ පමණින් විචිකිච්ඡාව පෙරදැරි කරගෙන අනාගතය විනාශ කර ගතයුතු නැත.

    සුභ අනාගතයක්!!!

    අන්ත්‍රාවයි: මධුසමයේදී ගැබ් ගැනීමේ සම්භාවිතාව 25%කි.

    ජපං කොඩිය

    මේ මම මුල්ම කාලේ ලිව්ව එකක්

    ReplyDelete
    Replies
    1. දිනුක මල්ලි මතක් කරලා දුන්න එක හොදයි.
      සැමා තාම චුටි බබා...

      Delete
    2. හි හි දිනුක +++++++++++++++++++++++++++

      Delete
  7. යකෝ, මේවා දදා ඉන්නේ නැතුව හරියට බැට් කරපං ගිහින්.. උඹ එක්ක චැට් කරපුවා මතක් වෙද්දිත් හිනා යනවා.. ටෙස් මැච් එක ගහලා වරකෝ..

    සුභ හනිමූන් එකක් වේවා!!

    ReplyDelete
  8. ජපන් කොඩිය තුර්කි කොඩියක් නොවේවා !!! සුභ මධුසමයක් වේවා !!!

    ReplyDelete
  9. හහ් උබ හිතන්නේ SSC,ඛෙත්තරාමේ වගේ අලුතින් ඔපන් කරපු සූරියවැව,පල්ලෙකැලේ ග්‍රවුන්ඩ්වල ගහන්න ලෙසියි කියලද??
    අලුත් ග්‍රවුන්ඩ්වල සෙල්ලම් කරන්න අමරුයි බොල....
    ඉක්මනට අවුට් වෙනවා,ස්පින් වෙනවා වැඩියි...බොලෙට හරියට බැට් එක දාගන්න අමරුයි...
    ශෙප් එකේ බැට් කොරපන්........
    හැබැයි ඉතින් ග්‍රවුන්ඩ් එක පදම් උනාට පස්සේ හිටු කියලා නෙලන්න පුලුවන්....

    ReplyDelete
  10. සෑමාගේ පළමු තරගයට අපෙන් උණුසුම් සුබ පැතුම්..සනා කොල්ල වගේ දිගටම බැට් කරන්න හැකිවෙන්න ඕනෙ..

    ReplyDelete
  11. මැච් එක ජිවිත කාලෙම අවුට් නොවී ගහගෙන යන්නට ශක්තිය දහිර්යය ලැබේවා ..!!! :)

    ජයවේවා ..!!!

    ReplyDelete
  12. අභිනවයෙන් ටෙස්ට් වරම් ලෑබු සෑමා සහෝදරයාගේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වීමට සුබ පතමි.

    ReplyDelete
  13. ඉස්සල්ලාම ටෙස්ට් මැච් ගහල ඉස්සර රොෂාන් මහානාම වගේ වැටිල ඉදියිද දන්නෑ? ජීවිතය පුරා තුන් ඉරියවු දක්ෂතා දැක්වීමට සැමාට හැකිවේවා!!!!!!! !!!!!!

    ReplyDelete
    Replies
    1. ඌ දක්ෂතා පෙන්නලා තමයි බං සිලෙක්ට් වෙලා තියෙන්නේ ...හික්

      Delete
  14. ටෙස්ට් වරම් ලැබීම පිලිඹද අපේ සුබ පැතුම්, නොදැවී 8888 ගහන්න ලැබේවා ..(8888 තේරුම කෙන්ජයියාගෙන් අසා දැනගනු මැනවි)

    ReplyDelete
  15. කොහොමහරි කමන් නෑ... වැඩි වෙලාවක් බැට් කරලා ලකුණු ටිකක් රැස් කරලා තියාගන් ! :)

    ReplyDelete
  16. අන්නිතමට ටැස්ට් මැඩ් එක ඉවර වෙන කොට ජපන් කොඩියේ රතු රවුමත් නැති වෙයිද කියලයි මට බය.. සෙන්චරියක් දාහං බං...

    ReplyDelete
  17. ඔය ජපන් කොඩිය. තව ටික කාලෙකින් අම්මට සිරි ලංකාවේ කොඩිය වගේ තේරුම් ගන්න බැරි මහා සංකීර්ණ කොඩියක් වෙනවා. ජපන් කොඩිය වගේ බොහම සරළව හැමදාම වනන්න පුළුවන්නම්, සචින්ලගේ, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ලගේ රැකෝඩ් කඩන එක නතින්ග්..

    ReplyDelete
  18. බුදුන්ගේ අමා ධර්මේ
    නොතේරී ධනා මේ
    වේලිලා බැඳී ප්‍රේමේ
    විනාසේ උනාමේ

    වැරදි සින්දුවක්ද මන්දා ලිව්වේ

    ReplyDelete
  19. පළමු පැය තීරණාත්මකයි සැමෝ,උඹට ක්‍රීඩා කරන්නට වෙන්නෙ මදක් තෙත සහිත තණ තීරුවකයි.ප්‍රවේසමෙන් ආරම්භය ලබාගත්තොත් ඊට පස්සෙ හිතේ හැටියට නෙලන්නට පුළුවනි.
    නොදැවී ක්‍රීඩා කරන්නට සුබ පැතුම්.

    ReplyDelete
  20. සෑමා හපනා :D

    සුභ මංගලම්!!

    ReplyDelete
  21. අනේ අයියෝ ....කට කියන්නද මේ දුක...මේ හොදට තනිකඩව...අනුන්ගෙ වෙඩිමකට පැනලා හරි කාලා ජීවත් වෙච්ච සෑමා නේද දෙයියනේ මේ අමාරුවෙ වැටිලා ඇද උඩ ඩිප්ස් ගහන්නෙ හැති දාගෙන....

    ReplyDelete
  22. ගිය ගමන් හයේ ඒවා ගහන්නත් එපා......හිට් විකට් වෙන්නත් එපා...

    දිගු ගමනකට හදවතින්ම ආසිරි!!!

    ReplyDelete
  23. ඔය ජපන් කොඩිය ඒ වගේම රවුමට එන්නෙ නැහැ බොල.අනික ඔය වෙලාවෙ ඔය ජපන් කොඩි උස්සලද බලාන්න අපිට පිස්සුය.අපිට දැන උගත් කන් කියා දුන්න පන්ඩිතයො කියල දුන්නෙ ආව වැඩේ කොරල අනිත් එව්ව බලාපියව් කියල.හෙහ් හෙහ් හෙහ් . . .

    ReplyDelete
  24. අපෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  25. සැමො ඉක්මනට ගහන්න යන්න එප.පිටිය හොදට තෙරෙනකම් හිමිහිට සෙල්ලම් කරපන්.උබ ඉක්මනට අවුට් වුනොත් ටීම් එකෙන් විසිවෙන්න බැරි නැ.
    සුභ මන්ගලම් හොදේ

    ReplyDelete
  26. සුබ මංගලම් ! ජය මංගලම් !

    ReplyDelete
  27. පලවෙනි දවසෙ වන් ඩේ ද..?....20/20 ද..???

    ReplyDelete
  28. අළුත් ජීවිතයට සුබපැතුම් සැමාට.

    ReplyDelete
  29. අනේ වාසනාවන් රටේ වාසනාවක් සෑමා පැටියෙක් හැදුනොත්..Jr. Sam ගෙ බොගත් අකුරැ කියෝන දවසෙම පබ්ලිෂ් කරපන්..සුභ ටෙස්ට් මැච් රකක්..

    ReplyDelete
  30. Oh My God...Wish you all the best for a wonderful match....
    Congratulations!!!!! කියල මම නම් සුබ පතනවා....

    ReplyDelete
  31. එදත් අදත් ජපානයට විරුද්ධ මම, ජපන් කොඩියටත් එසේම විරුද්ධය... එකක් ජපන් කොඩිය ට්‍රැඩිෂනල් වැඩිය... මම කැමති බෞද්ධ කොඩි වගේ පාට පාට ඒවාටය. පාට කොහෙන්ද කියලා අහන්න එපා... පාට තැවරෙන්නේ රෙද්දකම වීම අවශ්‍ය නැත...

    බෞද්ධ කොඩි දිදුලන, දැහැමෙන් සෙමෙන් ක්‍රීඩා කරන... දිගු ඉනිමකට සුභ පැතුම්...

    ReplyDelete
  32. බොහොම සංකීර්ණ සොයාගැනිමක්. ඇත්තටම මේක දැක්කොත් ජපන්නුත් පුදුම වෙයි.

    ReplyDelete
  33. ඔය ජපන් කොඩිය ගැන සැලකිලිමත් වෙනවා වගේම, කොඩිය උස්සන නූල ගැනත් කෙල්ලෝ කල්පනා කළොත් ලංකාවේ ජනගහණයේ සීඝ්‍ර පහල යෑමක් වාර්තා වෙනවා... නැද්ද මං අහන්නේ...

    (තාම බැටින් ද සැමා?)

    ReplyDelete
  34. It's a mental game too!
    සුභ පැතුම්...

    ReplyDelete
  35. Welcome to the club.
    දෙපොලට මගේ සුභ පැතුම්!

    ReplyDelete
  36. ගෙට ආ කල ටිකිරිලියා
    නුඹ වේවිලු කබරගොයා
    ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවි
    දල ගලවා අතේ තියා -නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණු දණ්ඩ දණ්ඩන නීති

    ලිඳට වැටුණු එකා යකා
    ලින්දටම ඇද ගනු මිසකා
    ළිඳෙන් ගොඩට එන්නට ඇත දෙන්නට කැමති
    නෑදෑ හිතවතෙකු නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
    කසාදෙනම් කසාය හරි තිත්ත බේතකි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...