Thursday, December 12, 2013

කොල්ලන්ගේ සිම්පල් ප්ලෑන් - Simple Guyz !!!


කොල්ලා නික්ම යන විට නොහඬන ඈයෝ කෙල්ලෙක් නික්ම යන්නේ නම් හඬා වැටෙන්නෝය. එතනත් ඇත්තේ ස්ත්‍රී අධිපත්‍යය. කෙල්ලෙක් වසර ගණනාවක් ගෙදර හැදී වැඩී තවත් නිවෙසක පුත් කුමරුවෙකුගේ භාර්යාවක් වී පිටත් වන්නේ නම් ඒ ගෙදර අය හඬා වැලපෙන්නෝය. නව දිවියකට පා තබන විට හඬන්නේ මන්දැයි විටෙක සෑමාට සිතෙන්නේය. එහෙත් කරුණු කාරණා සොයා බලනා විට හඬා වැලපෙන්නට ඕනෑ කොල්ලාගේ පැත්තේ සෙට් එකය. කුරුල්ලෙකු මෙන් අඩියක් පුඩියක් ගසමින්, කෙල්ලන්ට විහිළු කරමින් ආතල් එකේ සිටි කොල්ලෙක් කූඩු කොර සිර වෙන සීන් එකක් දැක දැකත් කොල්ලාගේ පැත්තේ උන් නාඩන්නේ මන්දැයි සෑමාට තවමත් අප්සට්ය. එක අතකට කෙල්ලගෙ පැත්තේ අය හඬන්නේ කොල්ලාට වෙන විපත දැක ඉන් නැගෙන ශෝකය නිසා විය යුතුය. කෙසේ හෝ කුමක් අරඹයා හෝ එවන් මොහොතක හඬන එක නම් හොඳ නැතිය. එසේම පෝරුවේ කටයුතු කරන ගොයියන් තම වැඩේ සාර්ථක යැයි සිතා ගන්නා මිනුම් දණ්ඩ වන්නේද පෝරුවේ සිටින දෙපළ හඬන කඳුළු කැට ගණන මැන බැලීමෙන්ය.

වෙඩින් එකට සෙල්ලම් කරන බෑන්ඩ් එක හෝ ඩීජේ අයියලා පවා, මික්ස් කරලා හෝ එදිනට ප්ලේ කරන්නේ ගල් කණු වලට පවා කඳුළු නැංවෙන සිංදුය. මංගල නැකතේ, කැදැල්ලෙ ඇති වූ, පුංචි දවස් වල, වැනි නම්බර්ස් ගසා ජනතාව කඳුලින් පිනවන්නේ ඔවුන්ගේ සාර්ථකත්වය මැනීමේ මිනුම් දණ්ඩක් ලෙසය. මේ කිසිවක් නැතුව ඩෝප් වූවන් සෙම පෙරාගෙන හඬන්නේ තම තමන්ගේ දරුවන් දැරිවියන් විවාපත් වූ දවසක් ලෙසය. ඒ තරම් ආතල් එකක් ලොවෙත් නැතිය.

සාමාන්‍ය දිනවලදී කෙල්ලෝ වැඩට යන්නේද නියමිත වේලාවට පැයක් පමණ කලින් අවදි වීමෙන්ය. එලෙස අවදි වෙන ඔවුන් දත් මැද, මූණ සෝදා, කියුටෙක්ස්, ලිප්ස්ටික් ගා, අවසන් වන විට ඒ පැයත් මදිය. එහෙත් අපේ එවුන් උදේ 7ට ගෙදරින් පිටත් විය යුතු නම් නැගිටින්නේ 6.30 පමණය. එලෙස අවදිව සියළු කටයුතු කරගෙන 7 වෙද්දී නිවසින් පිටත් වන්නේ සියළු කටයුතු සාර්ථකව සිදු කරමින්ය. නමුත් බැරි වීමකින් හෝ 6.45ට අවදි වූ දිනවල සිද්ධ වන්නේ අමුතු දෙයක් නොව. වෙනදා මෙන්ම පැය කාලක් ඇතුලත කොල්ලා වෙනදාටත් වඩා හොඳන් ලක ලෑස්ති වීමය. මේ සංසිද්ධිය සුපුරුදු ලෙසම වෙඩින් දවසට උදේට සිදු වන්නේය. එනම් කොල්ලෝ සැට් එක පැයක් ඇතුලත ලෑස්තිවෙන අතර, කෙල්ලෝ සැට් එක කලින් දින රාත්‍රී 11 සිට ඇඳුම් හැඳ ගැනීමට පටන් ගැනීමය. එලෙස හැඳගෙනත් වෙඩින් එක අස්සේද එය නිමක් නැතුව වැරදි නිවැරදි කළ යුතුය. එහෙත් කොල්ලෝ නම් ආතක් පාතක් නැතුව හැඳගත් එකම ඇඳගෙනම ඔහේ සිටින්නෝය.

දිනක් අපේ මහප්පාගේ පුතාගේ වෙඩින් එකට යන්නට ගොස් අපේ ගෙදර ගිණි විජ්ජුම්බරයක් වූයේ මහප්පාගේ දුව නිසාය. එදා සෑමා සිටියේ මාතරය. ඒ මනමාලයා හෙවත් අපේ මහප්පාගේ පුතා සමඟය. බෙස්ට් මෑන්ලාට සිටියේ අප නිසා අපි කලින් දවසේම ඒ පැත්තේ නැවතුනෙමු. එහෙත් පහුවදා හෙවත් වෙඩින් දා අපේ ගෙදරින් කස්ටිය මාතර බලා පිටත් වෙන දිනය ඉතා අබ්ලික් වූයේ අපේ මහප්පාගේ දුවගේ මේකප් සීන් නිසාය. ඇය පාන්දර 3ට පමණ මේකප් දමාගෙන, හැඳ පැලඳ ගන්නට සැලූන් ගත වී තිබුණු අතර අනෙක් පිරිස් උදෑසන 5ට නැගිට, 6 වෙනකොටත් සූදානම් වී අවසන්ව තිබුණේය. උන් වාහනයට නැගී ඇය එනතුරු පැයක් පමණ බලාගෙන සිට ඇත්තේය. එදායින් පසු වෙඩින් නම්, ඇය එන්නේ නම්, අපේ කස්ටිය ඇයට පිටත් වෙන වේලාව කියන්නේ නියමිත වේලාවට පැයකට හෝ ඊට වැඩි ගණනකට කලින්ය. ඒ වෙඩින් වලට නියමිත වේලාවට පිටත් විය යුතු නිසාය.

අද කිටියා පාන්දර 2ට අවදි වන බවක් කීවාය. ඇය කීවේ නම් නොනිදා සිට පාන්දර දෙකේ සිට සූදානම් වන බවක්ය. එතැන් සිට තවත් බ්‍රයිඩ් මේට්ස් ලා තිදෙනෙක්ද, පොඩි ඇචිචි ෆලවර් ගර්ල්ස් ලා 4ක්ද සූදානම් වන බව ආරංචිය. අපි නම් අවදි වන්නේ උදෑසන 4ටය. ඒ උදේ 5ට පිටත් විය යුතු නිසාය. මේ කාල සටහන මැද්දේ ආතල්ම සිද්ධිය නම්, අපේ මහප්පාගේ දුව උදෑසන 3ට අවදිව, සැලූන් ගත වී මෙහෙන් පිටත් වන්නේ උදෑසන හයට වීමය. ඒ කියන්නේ ඇය මනමාලිය සූදානම් වීම ආරම්භ කොට පැයකට පසුව ෙසිටම සූදානම් වීමය. එහෙත් මනමාල සැට් එක ඊටත් පැයකට පසුව අවදිව සූදානම් වීම තවත් ආතල් එකක්ය. ඉන් හුදෙක් පෙන්වන්නේ කොල්ලෝ නම් සිම්පල් ප්ලෑන් ඇත්තෝ බවය. කොල්ලෝ බැන්දාට පසුව කෙසේ වේදැයි පසුව ලියන්නට හැකිය. ඒ නම් අත් දැකීමෙන්ය.

දිනය නම් මරුය. දොලහයි, දොලහයි, දහතුන, මතක තබා ගැනීම පහසුය. මෙය දොලහ ඉලක්කම් තුනක්ම වුණා නම් මරුය. ඒ නම් දැන් දරු මල්ලොත් ලැබිලාය. තනිකඩ කොල්ලෝ හැම දිනකම උදෑසන එළියට බහින්නේ අද කෙසේ හෝ දඩයමක් කර ගන්නවා යැයි අරමුණින්ය. කෙසේ හෝ කෙල්ලෙක්ට ප්ලග් වීමේ උවමනාවෙන් එළියට බසිනා තනිකඩ කොල්ලේ අනන්තය. පාසල් සමයේ මා හට කෙල්ලන් සැට් නොවුනේ වාසනාවට කියා විටෙක සිතෙන්නේය. එහෙත් එහෙම සෙට් නොවුණා කියා අපි කැම්පස් යන්නට තරම් උදාරතර මට්ටමෙන් ඉගෙන ගෙනත් නැති බව විටක හැගෙන්නේය. එහෙත් එදා කෙල්ලෙක් සැට් නොවී, කැම්පස්ද නොගියේ, වෙලාව හොඳ කමකට යැයි තවත් විටෙක සිතෙන්නේය. කෙසේ හෝ දඩයම් කිරීමේ අරමුණින් එළියට බැස්ස කාලේ අහවරය. දැන් ඇත්තේ දඩයම් කළ දෑ නිවැසෙට ඔසවාගෙන ඒමය. මට ප්‍රමාද විය නොහැකිය. දැන් මා යා යුතුය.

මා උදෑසන පහට පිටත් විය යුතුය. හයේ සිට පොටෝ ගසා, උදෑසන අටට පල්ලියට යා යුතුය.

එහෙනම් 8ට පල්ලියේදී හමුවෙමු...

Written_by_sAm_ශ්‍රී_Perera_10:48pm_10/12/13

21 comments:

  1. ජයෙව්වා.... Welcome to the club කිව්වලු... :D

    ReplyDelete
  2. මා සිතන්නේ වෙඩින් වලට ඇදන් ඉන්න ඇදුමින් යන එක තමයි හොද. තව දෙන්නෙක් ලිංගිකව එක් වුනාම අපිට තියෙන අමුතු සන්තෝසෙ මොකද්ද කියලා මට නම ්හිතාගන්න අමාරුයි..

    ReplyDelete
  3. සුභ මංගලම් සෑම්........!

    ReplyDelete
  4. හහ් හහ් හා...... අන්තිමට දවස ආව එහෙනං. සුභ මංගලම් සෑමෝ. පරක්කු නොවී පලයං. නැත්තං දඩයම ‍වෙන එකෙක් ගෙනියයි.

    ReplyDelete
  5. සුබ මංගලම් සෑම්..21 එද්දි වෙඩින් කේක් ගේන්න ;)

    ReplyDelete
  6. එහෙම නං සෑම් අයියා බඳිනව ලු. සුභ මංගලම්!

    ReplyDelete
  7. මු හොරාටම මගුලුත් කනවද අද... හරි ෂෝක්... මදෑ මාත් බලං හිටිය කාඩ් ඕඩරයක් එනකං.. හි හි... ( විහිළුවට ඈ)

    එහෙනං ඉතිං සාදරයෙන් පිළිගන්නවා ජීවිතේ ලොකුම මෝඩකම, පෙරුම් පුරලා පුරුම් පුරලා, අතින් වියදම් කරලා, හිනාවෙවී සන්තෝසෙන් කරගත්ත කට්ටියගෙ ගොඩට... හි හි..

    සෑම්ට සහ කිටීට සුබ මංගලම්....!!!

    ReplyDelete
  8. ඉතුරු වෙච්ච කොට තියේනං කියන්ඩ ඈ !!!!

    ReplyDelete
    Replies
    1. මාත් එනවා කොට අදින්න !

      Delete
  9. හා එහෙනං පල්ලියේදි සෙට් වෙමු....

    ReplyDelete
  10. ෂා....මරු මරු....ජයවේවා......!!!!

    ReplyDelete
  11. මේ කියවන්නෙ තුන්වෙනි පොට් එක අද .. මං එනකොට අනික් දෙක අප්ඩේට් වෙලා.. හනිමූන් එක , පෝරුව, අන්තිමට පිටත්වීම .. පිළිවෙලටම කියෙව්වා :D

    අතට සමුදෙන්න දවසක් ආව එහෙනං :D

    ReplyDelete
  12. සුභ මංගලං දෙපලටම! මේකා මගුල් දවසෙත් පෝස්ට් ලියලනෙ බොලව්... :)

    ReplyDelete
  13. ජයසිරි මංගලම්!!!

    ReplyDelete
  14. සුභ මංගලම් සෑම්ට හා කිටීට..සුවෙන් සතුටින් ජීවත් වීමට සුභ පැතුම්..

    ReplyDelete
  15. Happy මන්ගලම් Sama..!! :)

    ReplyDelete
  16. මගෙනුත් සුබ පැතුම් සැම් අය්යේ...........

    ReplyDelete
  17. යකූ මූ මේක දාලනේ බැදලා තියේනනේ....
    වෙනදා වගේ ෂෙයා කරන්න වෙලා තිබිලා නෑ...
    මේ ගෙට් එකට නැතත් ඊලග ගෙට් එකට එනවලු පොඩි සෑම් කෙනෙක් අරන් :D

    ReplyDelete
  18. Last samirai kiyala hitagena yaman. Suba mangalam.

    ReplyDelete
  19. Last samirai kiyala hitagena yaman. Suba mangalam.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...