Thursday, December 5, 2013

ලිංගික අප්‍රාණික පොලිස් මස් වැද්දා.... - The Police Butcher !!!


ඔහු පොලිස් කාරයෙක්ය. තඩි බඩ, මෝඩ මොලය, සහ නොගැලපෙන කතන්දර ඔහු මස් වැද්දෙක් ලෙසට මා හට පෙනෙන්නට සැලැස්සුවේ ඔහුගේම ක්‍රියා කළාපයන් නිසාය. කිරිබත්ගොඩ නගරය මැදින් නුවර පාර දිගේ ගමන් කරන කලෙක ඔබ ඔහු දැක ඇතිවාට සැක නැතිය. මන්ද ඔහු ට්‍රැෆික් පොලිස් කරුවෙක් නිසාය. ඔහු වරක් දුටු අයෙකුට ඔහුව මතකයේ තබා ගැනීමට අපහසුවක් නැත්තේ පැත්තක් බරවූ තරාදියක් මෙන් ඔහුගේ පුක පැත්තට බරවී ඇති නිසාය. ජරාව කන ඌරෙකු මෙන් තඩි වූද, නොසේදූ පඩික්කමක් මෙන් කහට පැතිරූ දත් සැට් එකද ඔහුව මස් වැද්දෙක් ලෙසටම මා ඉදිරියේ මැවී පෙනෙන්නේය.

වරෙක මා මිතුරෙකුගේ වාහනයක් කිරිබත්ගොඩ තොරණ නිර්මාණය වන ස්ථානයේ ඇති රථ ගාලේදී තවත් වාහනයක් විසින් හප්පාගෙන ගොස් තිබුණේ එහි ගාල් කොට තිබියදීය. එය හප්පාගෙන ගිය වෑන් රථයේ අංකයද සහිතව අපට එදා පොලිස් පැමිණිල්ලක් දමා ගැනීමට හැකි වූයේ එතැන සිටි අයෙක් වාහනයේ නොම්මරය සටහන් කරගෙන තිබූ නිසාය. එදා ඔහු සමග, මාත්, අපේ දිලාත්, පොලිසියට ගියේ සාධාරණ හේතුවක් මත මිස මවා පෑමක් කිරීමේ අරමුණින් නොවේය. එහිදී එහි සිටි නවක පොලිස් මහතා අපගේ පැමිණිල්ල සටහන් කොට ගෙන පොලිස් වාර්ථාවක් පවා සකසා දුන්නේ අනතුර වූ ස්ථානය පරීක්ෂා කිරීමෙන්ද අනතුරුවය. ඒ අවස්ථාවේද උක්ත මස් වැද්දා පුටුවක ඉඳගෙන සිටියේය.

ඉන් මාස 6කට පමණ පසු දිලාගේ වාහනය රාගම ගුවන් පාලම යට ගාල් කොට තිබියදී කිසියම් වාහනයක් මගින් සූරාගෙන ගොස් තිබුණේ බොනට් එක කොටස පමණක්ය. බෆර් එකට කිසිත් සිදු නොවී තිබූ නිසා සිදු වී ඇත්තේ කුමක්ද අපට සිතා ගත නොහැකි වූයේය. එම අවස්ථාවේ දිලා ඒ පිළිබද රක්ෂණ ආයතනයට දන්වා නොතිබූ නිසාත් ඊට වන්දි ලබා ගත යුතු නිසාත් දිලා, මා සමග කථිකා කොට ගත්තේ කිරිබත්ගොඩ රථ ගාලේම තිබියදී රක්ෂණායතනය දැනුවත් කොට වන්දි ලබා ගැනීමටය. කතා කරගත් පරිදි සියල්ල රක්ෂණ නිලධාරියාට පවසා, ඔහු වන්දි ලබා ගැනීමේ කොළය දුන් පසුව අප පොලිස් පැමිණිල්ලක් දමා පොලිස් වාර්ථාවක් ලබා ගැනීමට සඳහා ගියේ පොලිසියටය.

අප යන විට මස් වැද්දා පුටුවක දපනෙ දමාගෙන නිදිය. මට හිකිස් ගා සිනා ගියේ ඔහු සිටි ආකාරයට. ඉන් පසු ඔහු ඇස් අඩවන් කෙට ගෙන ඇසුවේ අප ආ හේතුවය. සියල්ල පැහැදිලි කළ පසු පොර, පොර ටෝක්ස් දෙන්නට වූයේය.

“හැමෝම එන්නෙ ඔහොම කියාගෙන තමා.. ඉන්ෂුවරන්ස් කාරයින්ට අපිනේ උත්තර බඳින්න ඕනෙ..“

අරකද මේකද ලොරි ටෝක්ස් ගොඩක් දී, සිද්ධිය වූ තැනටද ගොස්, එතැන වටේ සිටි අයගෙන්ද විස්තර අසාගෙන පොර හැරුණේ සෑමා දෙසටය.

“ඔයා මීට කලින් දවසකුත් ආව නේද මෙතැනදිම වාහනයක් හැප්පුනා කියල..“

“ඔව් මම ආව..“

“ඒකනේ මම කිව්වෙ.. අපිව තම්බන්න බැහැ.. කොහොමද මගෙ මීටරේ..“

“ඔව් එදා අපිව හප්පපු වාහනේ නම්බර් එකත් දීල ඇන්ට්‍රි එක දැම්මෙ.. ඒත් තාම වාහනේ හොයගෙන නම් නැද්ද කොහෙද..“

මස් වැද්දාගේ කට පුක විය. ඉන්පසුව අපි නැවත එන්ටැර් වූනේ පොලිසිය ඇතුලටය. ලොකු ටෝක්ස් දෙද්දී අපි කට පුක පියාගෙන සිටියේ අප කරන්නේද රඟ පෑමක් නිසාය. පොරද ලොරි ටෝක්ස් දී අවසන පැමිණිල්ල සටහන් කර ගැනීම ආරම්භ කළේය.

නම, ගම, විස්තර අසමින් දිලාගේ වයස කියූ විට, “ඔයාලට බැහැ අපිව තම්බන්න.. ඔයාල ඉපදෙද්දිත් මම පොලිසියෙ..“ කියමින් බල්ටි ගසන්නට වූයේ තමන් වසර 26ක් තිස්සේ පොලිසියේ බව කියමින්ය. පොරගේ වසර විසි හයක සේවා කාලයේ තරම දැනුනේ දිලාගේ රැකියාව සටහන් කර ගැනීමට ගිය අවස්ථාවේය.

“තමාගෙ රැකියාව ??“

“ඖෂධ අලෙවි ප්‍රවර්ධක..“

“ඇහ්..“ කියූ පොරගේ කට නැවතත් පුක විය. දිලාගේ ලයිසම අතට ගෙන නැවත එය මේසය මත තබමින් මස් වැද්දා හඬ අවදි කළේය.

“ඖෂධ කියල ලියන්න එන්නෙ මොන ‘ෂ‘ යන්නද??“ පැත්තක සිටි සෑමාට උගේ මොලය කන්නට සිතුනේය. වසර ගණනාවක් පොලිස් සේවයේ සිටියායැයි, තමන්ව තම්බන්නට එපා යැයි කයිවාරු ගැසූ හෙතෙම පාසලේ කොපමණ කාලයක් ඉගෙන ගත්තේදැයි ගැටළු සහගත තත්වයක් සිතේ ඇති වෙද්දී සෑමාගේ දත් සැට් එකම එළියට පැන්නේ සිනහව නවත්වා ගත නොහැකිවය.

“මේ ‘ෂ‘ යන්න..“ යැයි දිලා ඔහුට ලියා පෙන්නුවේය.

විලි ලැජ්ජා නැති කම ට්‍රැෆික් පොලිස් කමටත් වඩා ලොකු යැයි යන සංකල්පය තහවුරු කරමින් පොර නැවතත් ලොකු ටෝක්ස් දෙන්නට වූයේය. අප හට ඔහු කියා සිටියේ මෙය වෙනත් වාහනයකින් හප්පාගෙන ගිය එකක් නොව, අප විසින්ම ගොස් හප්පාගෙන පැමිණ රක්ෂණ වන්දි ලබා ගැනීමට කරන්නාවූ මවා පෑමක් බවය. සිදු වූ ස්ථානය පිළිබඳව මවා පෑමක් කළද, අප කියූ පරිදි සිද්ධිය සත්‍යයක්ය. එහෙත් මස් වැද්දා කල්පනා කළේ අපේ කීයක් හෝ කඩා ගන්නට බව නම් පැහැදිලිය. ඒ නිසා අපිද ඔහුට සර්, බර් යැයි නොකියා, කතා කළේ කිසිම පැහැදීමක් ඔහු වෙත ඇති නොවූ නිසාමය.

පැමිණිල්ල සියල්ල ලියා අවසන් කළ මස් වැද්දා අවසන කීවේ “මේකෙ දැන් මට පොඩි වචන දෙකයි ලියන්න ඕනෙ..“ කියාය. අපි ඇසුවේ ඒ කුමක්ද කියායා. “පිළිගත නොහැක“ කියල ලිව්වා නම් හරි යැයි කියූ මස් වැද්දා සිනාසුනේය. “එහෙම කරන්න එපා“ යැයි පමණක් කියූ දිලා සිනාසුනේය.

“හරි මට සපෝට් එකක් දීල රිපෝට් එක අරගන්න..“

“අපි ලඟ ඉතිං තියෙන්නෙ බෙහෙත් තමා..“

“මෙනවද තියෙන බෙහෙත්..“

“Piles වලට ගන්න ඒවා, Lidocaine, තව ketoconazole එකක් තියෙනවා, tadalafil එකක් තියෙනවා..“

ඹෟෂධ කියා ලියා ගන්නට බැරි මස් වැද්දා ඇස් නලලේ තියාගෙන දිලා දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. දිලා නැවත ඔහුට තේරෙන භාෂාවට වචන මාලාව හැරෙව්වේය.

“අර්ශස් වලට ගන්න ඒවා, හිරිවට්ටන්න ගන්න ඒවා, අළුහම් වලට වගේ ගන්න ඒවා, තව තියෙනවා කියුපිඩ් වගේ අහවල් ඒවට ගන්න එකකුත්...“

මස් වැද්දාගේ ඉහෙන් කනින් දළු ලා මල් පිපෙන්නට වූයේ අවසන් වචන කිහිපයටය.

“ඔය මොනවත් වැඩක් නැහැ.. අර අන්තිම බේත මට දෙන්න..“

මෙතෙක් වෙලා වැඩ දැමූ හෙතෙමෙ මස් වැද්දෙක් පමණක් නොව ලිංගික අප්‍රාණිකයෙක් බවටත් තහවුරු වුණේය.

Written by sAm_ශ්‍රී_Perera_12:14pm_05/12/13

63 comments:

  1. ෙහහ් ෙහහ් ෙහහ් පව් බං. ලිංගික අප්‍රාණිකෙයාන්ට ඔයවෙග් වැඩ ෙවනව. ෙකාෙහාමත් ෙපාලිසියට ගියාම අප්‍රාණික ෙවනව

    ReplyDelete
    Replies
    1. you pakayage linge helenna behethak denna one.
      Keri police. Hene gahanna oya ballanta.

      Delete
    2. you pakayage linge helenna behethak denna one.
      Keri police. Hene gahanna oya ballanta.

      Delete
    3. ඌ මහ කාලකන්නියෙක් බං!

      Delete
  2. නැහැ ලිංගික උත්තේජනය වැඩි කරගන්න ඕන වෙලා වෙන්ට ඇති.. මචං සැමා. පොලිස් කාරයගේ නෙමෙයි වැරැද්ද.. මොකද උඹල අවුරුද්දකට එක දවසක් පොලීසි යාවි. ඒත් උන්ට පැයකට හැටහුටාමාරක් එනවා ඔය වගේ. උං තෙම්පරාදු වෙලා ඉන්නේ. අනික ප්‍රමාණවත් අධ්‍යාපනයක් හෝ පුහුණුවක් මේ හාදයොන්ට නැහැ. කියන ඕන මගුලක් කරන්න ඕන. රාජකාරියේ තෘප්තිමත් බාවයක් නැහැ. ඔන්න ඔය වගේ හේතු නිසා මම නං උන්ට අනුකම්පා කරනවා ඒක උන්ගේ වැරුද්ද නෙමෙයි සිස්ටොන් එකේ වැරුද්ද.. හොද ඈයොත් ඉන්නවා. උම දන්නවද පැමිණිල්ල දාපු රිසව් එකේ එකාට අනිත් එකා නාවොත් ඒ පුටුවේ දවස් ගානක්ම අර විදියට රැ දවල් නැතිව පැමිණිලි ලියන්න වෙන වග....

    ReplyDelete
    Replies
    1. දේශක තුමා කාලෙකිං! දකින්නත් ආසයි!! හැකිවිටක සඳුන්සෙවනට පිවිසෙන්න. මම බොහොමයක් කවි කෙලින් කොලා...

      Delete
    2. කෙලින් උනාද ඉතිං... හා හා එන්නංකෝ

      Delete
    3. @දේශකයා - ඇත්ත තමා බං. උන් කන කට්ට හැටියට උන්ට මනුස්සකම් හිතේ නැහැ..

      Delete
  3. අනේ මන්දා බන්.. මම මේ අද ඔෆිස් එකේ එකෙක් එක්ක කතා කර කර හිටියෙත් කස්ටම් කාරයො ගැන. එන එන එකා නරක් වෙනවනෙ. දැන් අලුතෙන් සෙට් එකක් ඇවිත් ඉන්නවා උන් පරණ උන්ට හපන්. ජරා පප්පලා. ඉන්න උන්ව ඔක්කොම අයින් කරලා ඔක්කොම අලුතෙන් ගත්තොත් විතරයි ඕක හදන්න පුලුවන් කියන එක තමා අපේ අන්තිම නිගමනය වුනේ. ඇයි පරණ එවුන් අලුත් එවුන්ව නරක් කරනවා. පොලිසියත් එමම තමා.. බහුතරයක් ඔය වගේ ජරා පප්පලා.

    දැන් ඉන්සුරන්ස් එකෙන් කොලේ දුන්නට පස්සෙ පොලිසි යන්නත් ඕනද ?

    ReplyDelete
    Replies
    1. හිට් ඇන්ඩ් රන් වගේ සීන් වලට පොලිස් වාර්ථා ඕනෙ බං. එතකොට තමා පොලිස් කාරයෝ ගණන් උස්සන්නෙ..

      Delete
  4. ඕකුන් කරන කාලකන්නි වැඩ වලට ලිංගික අප්‍රාණික නෙමේ බන් අහවල් එක කුණුවෙලාම යන්ඩ ඕන...

    ReplyDelete
    Replies
    1. දියවෙලා වැටෙන්නෝනි බං..

      Delete
  5. මටනම් පෙන්නම බැරි එවුන් ටිකක් තමා ඔය පොලිසිය කියන්නෙ.මට කරපු වරදක්නම් නෑ.එත් ඉතින් මට පොලිස් අරහන්.

    ReplyDelete
  6. මාත් කියන්නේ පොලීසියේ වැරද්දක් නෑ.. පොලීසිය ගැන නොදන්න එකයි වැරද්ද.. :)

    ReplyDelete
    Replies
    1. අපිට වුණේ ඒකද මන්දා..

      Delete
  7. අපෝ සැමා සිලන්කා පොලෝසියේ රෙද්ද ගලෝලා මදිවට ඇතුලේ තිබ්බ ඒවත් කඩන් කාලනේ

    ReplyDelete
    Replies
    1. මල පැනල බං එදා ගෙදර ආවෙ..

      Delete
  8. අපේ සෑම් මලයට සෑහෙන චිත්ත පීඩාවක් හා කේන්තියක් ඇවිත් ඇති හැඩයි. ඔවැනි මස් වැද්දන් සිටීම මුළු පොලිස් සේවයටම නින්දාවක්.හොඳ නිලධාරීන්ටද(සිටීනම්) අවනම්බුවක්...

    ReplyDelete
    Replies
    1. හොඳ එවුන් සුළුතරය විනාස වෙන්නෙ මේ කාලකන්නි නිසා තමයි අයියා..

      Delete
  9. සෑමා වනාහී අයුක්තිය අසාධාරණත්වය හමුවේ නැගී සිටින්නාවූ සිංහ පෝතකයෙක් වග නැවතත් මොනවට පෙන්නුම් කරන ලදී

    ReplyDelete
  10. YOU PAKAYA KIYANNE, SAMATADA

    ReplyDelete
    Replies
    1. ගෙදර කාගෙන් හරි අහල බලපං..

      Delete
  11. පවු අසරණ මනුස්සයා. උඹලා හොර වැඩේ කරන්න ආව බව තේරිලා. ගොඩක් පොලිස් කාරයොන්ට ඉව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොරු තමා. උගෙ සල්ලි වලින් වන්දි ගන්නව වගේ නෙ බං ඌ රගන්න ගත්තේ..

      Delete
  12. පොලිසියේ මහත්තැන් කෙනෙක් කිව්ව කතාවක් මතක් උනා. ට්‍රැෆික් එකට දාන්නේ අලුතෙන් පාස් අවුට් උන බැච් එකේ අන්තිමට ඉන්න උන්ලු. මීටර් තියෙන උන් තමයිලු ඉන්ටෙලිජන්ස් වගේ හයි ස්කිල්ස් අවශ්‍ය ඩිවිෂන්ස් වලට ගන්නේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඒ වගේම මහ තක්කඩි ගතිත් තියෙනවා බං..

      Delete
  13. දැන් මෙතන උබල ඇත්තටම බොරුවක් නෙ කරල තියෙන්නෙ.ඉතින් ඌ විතරක් වැරදි වෙන්නෙ කොහොමද.

    ReplyDelete
    Replies
    1. බොරුවක් කළා තමා බං. ඒත් ඌට පස්සෙ ඒක කිව්වමත් මූ කියන්න ගත්තනේ අපිම ගිහින් පිටිපස්සෙන් හප්පල කියල. ඒක කලින් වෙන වාහනයක් හප්පල ගිය සීන් එකක් තියෙන්නෙ. අරූ කියන එක අහන්නෙම නැහැ ගඩ්ඩා..

      Delete
  14. මටත් බහුතරයක් පොලිස් කාරයෝ පේන්න බෑ.දාන ලොකු ලයින් වලට හොම්බ ගලවන්න හිතෙනවා...

    ReplyDelete
  15. උන් ඔහොම්මමයි බං! මේ ලඟදි අපි පිත් වගයක් අරගෙන යද්දී මහකනදරාවේ ඉස්කෝලෙකට බෙදන්න තැනකින් නවත්තලා ලොරියේ තිබිච්ච පොත් පාර්සලයක් අරගත්තනේ බං අපිටත් ළමයි ඉන්නවා කියලා!

    ReplyDelete
    Replies
    1. ඒක නම් අමු කාලකන්නි වැඩක්..

      Delete
    2. ඒවා හරිම කැත වැඩ බන්...

      Delete
  16. මට ලංකාව (රටක් විදියට නෙවි ඉන්න උන් ගැන) එපා වෙන්න එකම හේතුව තමයි ලංකාවේ ඔන්න ඔය ආණ්ඩුවේ වැඩ කරන මිනිස්සු, පොලිසියත් ඊට බෙහෙවින් අදාලයි, කොච්චර සමාජයේ වැදගත් විදියට ඉන්න හැදුවත්, හැමතිස්සෙම ඉන්න වෙන්නේ බයෙන් එක එක දෙක පාස් නැති උන්ට වැඳගෙන, මිනිහෙක්ට අසාදාරනයක් උනාම යන්න තියෙන්නේ පොලොසියයි උසාවියයි, ඒ තැන දෙකට මනුස්සයෙක්ට යන්න පුළුවන් වෙන්න ඕන බයක් නැතුව සදරනයක් ඉෂ්ට වෙයි කියන හැංගීම ඇතුව, ඒ දේ ලංකාවේ නැ, උදාහරණයකට අපේ වහනයක් පාරේ යන බස් එකක් ඇවිල්ල හප්පුවොත්, ඉස්සෙල්ලම බලන්න වෙන්නේ බ්බස් එකේ ගහල තියෙන දේශපාලකයාගේ පින්තුරේ, එක අනුව එක්කෝ පොලිසි යන්න පුළුවන් නැත්නම් කටයි පු..යි වහගෙන ගෙදර යන්න පුළුවන්, පොලිසි ගියත් එතන ඉන්න උන්ට වැඳගෙන ඉන්න ඕන, එහෙම උනත් උන් වැඩ කරන්නේ උන්ට ඕන විදියට වෙලාවට, වෙන ඕනෑම ආණ්ඩුවේ කන්තෝරුවක් එහෙමයි. කොච්චර කැ ගැහුවත් ශ්‍රේෂ්ට ජාතියක් කියල ඉන්නෙම හීන මානෙන් අනික් එක්ව කරදරේ දන්නමයි. මන්නම් හිතන්නේ නැ ලංකාව කියන්න බුදු දහමින් පෝෂණය උණු රටක් කියල, එහෙම නම් මිනිස්සු මෙහෙම වෙන්න බැ.

    වෙන රටවල මිනිස්සු (gov office) වල වැඩ කරන මිනිස්සු ඒ අයගෙන් සේවාවක් ලබා ගන්න එන මිනිසුන්ට කොච්චාර කරුණාවෙන් ඉක්මනින් සලකනවද කියල තේරෙන්නේ එහෙට ගියාම, ඒ මිනිසුන්ට ඔය කියන බුදු දහමෙන් පෝෂණය උන ඉතිහාසයක් නැති උනාට, උන් දන්නවා අනික් මිනිසුන්ට සලකන්න. උදාහරණයකට එක පාරක් මට documents වගයක් සහතික කර ගන්න ඕන උන, ඒ වෙලාවේ මන් හිටියේ ඒ state එකේ තියෙන දරුණුම මිනිස්සු ඉන්න පැත්තක (දරුණු කියන්නේ කුඩු business, brothels), මන් ගිය එතන පොලිසියට, එදා ඉරිදා දවසක්, ගිය ගමන් officer කෙනෙක් අව මොකක්ද sir වෙන් ඕන ඇහුව මන් කිව්වා විස්තරේ, දෙන්න documents ටික කිව්වා එතන තිබ්බ documents 20 වත්, විනාඩි 5න ඔක්කොම certify කරලා ලංකාවේ cricket team එකත් ගැන අහල දුන්න, ඒ වෙනකන් එහෙ ඉන්න මගේ සිංහල යාලුවෝ පොලිසියට ගිහින් නැ ඔය documents certify කරන්න මොකද ලංකාවේ පොලිසි ගැන තියෙන හැංගීම හින්ද. පොලිසි විතරක් නෙවි banks අනික gov office, hospital වලත් එහෙමයි. වැඩක් නැ ඉතින් ඕව කතා කරලා

    ReplyDelete
    Replies
    1. අපේ රජයේ සේවකයන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරි, කාගෙ හරි තල්ලුවක උඩට ආපු නිසා මිස, උන්ගෙ හිත යටින් හරි වැරැද්ද නොදන්න නිසා නොවේ..

      ස්තුති අදහසට..

      Delete
  17. හෙහ්..හෙහ්... කියුපිඩ්...ඉන්දියන් එකක් නේද?

    ReplyDelete
  18. කිරිබත්ගොඩ පොලීසියේ Traffic Section එක ගැන නම් මං මුකුත් තියන්නේ නෑ...

    Crime Division එකේ නම් හොඳ බුවෙක් හිටියා... මගේ Phone එක නැති වෙච්ච වෙලේ සති 2ක් ඇතුළත අල්ලලා දීලා, නඩුත් දාලා දුන්නා... මං කළේ උන්දැත් එක්ක බෝතලේකින් සප්පායම් වුණ එක විතරයි... හිහ් හිහ්...

    ReplyDelete
    Replies
    1. අඩේ මම කිරිබත්ගොඩ පොලිසිය ගැන නෙවේ නෙ කිව්වේ.. ;))

      ඒ කියන්නේ...පොලිස් මහත්වරුත් ඉන්නව නේද බං ??

      Delete
  19. පොලිසියේ උන් ගැන කතා කරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. කතා කරල වැඩක් නැති නිසා මම ලිව්ව බං..

      Delete
  20. මේ අර කියුපිඩ් කියන එක මොනවට බොන එකක්ද බං..., අර උබ නිතරම පර්ස් එකේ දාගෙන ඉන්න ටැබ්ලට් පැකට් එකේ තිබුනෙත් කියුපිඩ් වගේ නමක් ..

    ReplyDelete
    Replies
    1. සැමා තාම බැදලත් නැතුව ඕව බොනවද අෆ්ෆා...
      ඕව බොන්න හොද නැහැ යකුනේ..
      ලේ ගමනෙ ස්පීඩ් එක වැඩි වෙලා බඩ උඩම කූරිය ගහන්න තියෙන ඉඩ වැඩියි.

      Delete
    2. මාත් දැක්ක කොහෙද කියල මතක නෑ පවර් වැඩිවෙන්ඩ කියල එකෙක් ටැබ්ලට් 3ක්ම ගහල එතනම අවසන් ගමනත් ගිහිල්ල :D

      Delete
    3. වෙරළ තිරේ අපේ කොල්ලො සුස්තියයි,ඔය පෙතියි ගහල සුද්දියන්ට සැප දෙන්න ගිහිල්ල කි දෙනෙක් මැරිලා තියෙනවද?ඒවා වාර්තා නොවන නිහඩ මරණ.

      Delete
    4. ලෝ බ්ලඩ් ප්‍රෙෂර් රෝගින්ට ලේ ගමනා ගමනය වැඩි කරන්න තමා ඔය ඩැඩලෆිල් වර්ගයේ බේත් දෙන්නේ. අපේ හැත්ත ඒකට එන සයිඩ් ඉෆෙක්ට් එකෙන් ගන්න ප්‍රෙයා්ජනය තමා අහවල් එක..

      මැරෙන සීන් ඇත්ත තමා..

      Delete
    5. යකෝ කියුපිඩ් කියන්නෙ ඉස්සර කෙල්ලො පුරෝල තිබ්බ රත්මලානෙ හොඳ ගාමන්ට් එකක්. ඒ කාලෙ නොදන්නව උනාට පස්සෙ දැනගත්තෙ කෙල්ලො ඉන්න ගාමන්ට් එහෙකට කියුපිඩ් මොන තම ගැලපෙනවද කියල. ලස්සනම වැඩේ ඒ ගාමට් එකේ උන් මොරටුව පිටකොටුව බස් දෙකතුනකුත් දාල තිබ්බ cupid tours කියල.

      Delete
    6. අම්ම ගහයි ඉන්දික අයියා.. හැම ගාමන්ට් එකක්ම කියුපිඩ් තමා දැන් කාලෙ..

      Delete
  21. අම්බෝ බොරු කියන්න එපා. අපේ පොලිස් මාමිල එහෙම නෝටි නෑ.

    ReplyDelete
  22. පොලිස් මාමලාගේ අම්මලා පවු ....හැමෝම මතක් කරනවනේ . (කිරිබත්ගොඩ පොලිසිය හොදයි, සපුගස්කන්ද පොලිසිය හොදයියියියියියියියියියියියියියියියියියි................................)

    පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව ගැනත් ගැන මෙහෙමත් කියලා තිබුනා ,,,,,,,,,,,,,,,,,,,,,,
    අපේ පොලිස් රාලහාමි ඈත අතීතයේ පටන්ම නිර්භීත හා අවංක රාජ්‍ය නිලධාරියෙකි. ඔහු දඬු දිග චීනා’ඩිකාරයා ඉදිරියේ පස්ස බිම ඇන ගත්තේ නැත. හිසින් ගසා අයිස් කුට්ටි කඩන කරාටේ ශූරයන් ඉදිරියේ වෙව්ලා සිටියේද නැත. මල්ලවපොරකාරයා, බොක්සිංකාරයා, යන කව්රුත් රාලහාමිට එකය. ගණනට වැඩි නම් ඕනෑම ගුස්තිකාරයකුගේ කන් ගැටයට දෙකක් දී ඔහු ලකප් කිරීමට අපේ රාලහාමි සමත් විය. කඩු - කිනිසි, පොලු - මුගුරු, පිස්තෝල අත්බෝම්බ යන කිසිවකටවත් රාලහාමි යටත් නැත. සල්ලිකාර, සෙල්ලක්කාර, කුපාඩි රාලහාමි ඉදිරියේ හා පැටවුන් සේ මෙල්ල වූහ. අදටත් අහිංසක දුප්පත්, නීතිගරුක මිනිසාට ඇති එකම පිළිසරණ රාලහාමි ය
    (http://www.dinamina.lk/2012/10/05/_art.asp?fn=e121005)

    ReplyDelete
    Replies
    1. දිනමින පත්තරෙන් දාපු එකක් නිසා ඇත්තම වෙන්න පුලුවන් :))

      Delete
  23. මටනම් සෑමෝ ඕකුන් පෙන්නන්න බැහැ..දකිනකොටත් ඇගේ ලේ ටික වතුර වෙනව.

    ReplyDelete
  24. ඕකුන් ඔහොම්මම තමයි :/

    ReplyDelete
  25. ලිව්ව වගේ නෙමෙයි සෑමෝ...ආය පාරෙ යන්නත් එපායැ...ටිකක් පරිස්සමෙන්...ඕකුන්ට ඉව තියෙනව

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. අනේ පවු බන්...මට උන් ගැන දුක හිතුනා...ඒ නිසා මමත් පෝස්ටුවක් ලියන්නම්...

    ReplyDelete
  28. ඔය ලිංගික ප්‍රශ්න තියෙන මිනිස්සු ඔය වගේ අනිත් මිනිස්සු යට කරන් ඉන්න ගොඩක් කැමතියි කියලා පොතක තිබුණා.
    හිට්ලර් ට තිබුණේ එක වෘෂණයයි ලු.
    නැපෝලියන් බොනපාට් ටත් මොකක්දෝ අවුලක් තිබුණලු...

    ReplyDelete
  29. මට සෑහෙන වේදනාවක් දැනුනා. මමත් ලියනවා ඕකුන් ගැන. අපේ ගමෙත් ඉන්නවා හතරක් පහක් ඕකුන්.. සිවිල් පිට යන්නෙත් හරි උඩින්. අපරාදේ කියන්න බැහැ මටනම් තවම මුකුත් කියල නැහැ. හැබැයි ලඟදිම කෙළවෙන පොටක් තියෙන්නේ.
    ලොකු ලයින් වලින් ඉන්නේ.. ජරාව කන්න හරි හපන්නු. නොදකින්
    ඇත්ත තමයි ඔය ලිංගික උත්තේජනය දෙන බෙහෙත් වලට මැරෙනවා හරිය. අපේ පැත්තේ හමුදාවේ ඩයල් එකක් මේ මාසෙකට විතර උඩදී කූරියා ගැහුවා :D


    |මම| = බොර දියක ඉඳුවර

    ReplyDelete
  30. අනේ මන්දා සැම් මොනවා කියන්නද කියලා කරුමේ තමයි.....මේ ෆොටෝ එක බලපන්....මේ වැඳුම් ගන්න එකා සහ බලන් ඉන්න එවුන් මොන පොන්නයෝද කියලා...වඳින එකා මොන වැරැද්දක් කරත්.....

    පොලිසිය ගල් යුගයේ....රටත් ගල් යුගයේ... http://www.lankaenews.com/Sinhala/news.php?id=23825

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...