Thursday, December 12, 2013

පල්ලියේ මංගල්‍යය - Church Wedding !!!




ඉස්කෝලෙ යන කාලයේ මම අකැමැතිම දේවල් කිහිපයක් තිබුණේය. ඒ මා පොඩි කාලේ යැයි සිතිය හැකිය. දැන් වුවත් මහා ලොකුවක් නැතිය. ඒත් ඒ කාලයේ මා දෙමළ පුවත් විකාශය වීම අසා සිටීමට අප්පිරියාවකින් යුක්ත වූවෙක්ය. ඒ කාලේ බෝම්බයක් පුපුරන විට ටීවී එක දාගෙන දෙමල, ඉංගිරිසි සහ සිංහල පුවත් හැම එකම බැලීම සිරිතක්ය. රූපවාහිනී නාලිකාව ආරම්භවන කූං සද්දය සහ ඒ රූප සටහන මට තාමත් මතකය. එදා දෙමළ පුවත් ඇසෙන විට මට කේන්ති යන්නේය. එසේම වමනය හෝ ඔක්කාරයට හෝ එන්නේ කුමන හේතුවක් නිසාදැයි මා නොදන්නේය. එසේම ඒ කාලයේ මට පල්ලි පේන්නට බැරිය. පල්ලි දුටු විටක සිතට නැගෙන්නේ අමුතුම ගුප්ත හැගීමක්ය. හොල්මන් ෆිල්ම් එකක් ඇතුලේ සිටින්නෙකු මෙන් මා සිත බියෙන් වෙලෙන්නේ පල්ලි, කෝවිල්, ආදිය දුටු විටය. එසේම මහත කෙල්ලන් පවා මට පාසල් සමයේ පෙන්නන්නට බැරිය. ට්‍රේලර් බයික් ස්ටාර්ට් කරන හඬ, පවා මා අසා සිටීමට අකැමැතිය. ඒවා සියල්ල ගුප්තය. බිය උපදවන සුළුය. තව දුරටත් මතක් කරන විට මා හට වියන් ඇඳන් පවා දුටු විට සිහිවන්නේ සිංහල හොල්මන් නාට්‍යයන්ය.

එදා මා අකැමැති වූ පල්ලියක අද විවාපත් වන්නේය. සෑම ආගමකින්ම උගන්වන්නේ හැදිච්ච කමක් බව මට හැගෙන්නේය. බුද්ධ ධර්මයේ ඇති නිරවද්‍ය බව, ගැඹුරු බව, සදාතනික ප්‍රායෝගික බව, දහම් අධ්‍යාපනයෙන් උගත් මට පල්ලිය යනු තවත් ගරු කළ යුතු ආගමික ස්ථානයක්ය. කතෝලිකයන් තම ධර්මයට අනුව යම් කිසි නිවැරදි මඟකට එන්නේ නම් එය සමාජයට හොඳක් මිස නරකක් නොවේය. සෑම ආගමක්ම අනුව මිනිසුන් ධාර්මික වන්නේ නම්, ආගම වැඩක් නැතිය. සමාජයට අවශ්‍ය එවන් අධ්‍යාත්මික හැගීමක් ඇති මිනිසුන්ය. 

විවාහයට පෙර කතෝලික පල්ලියෙන් ලබා දෙන පෝය පන්තිය, හෙවත් විවාපත් වන්නට ඉන්නවුන්ට ලබා දෙන ලෞකික දැනුම ඉතා අගනා බව මට හැඟුනේ එම පන්තියට සහභාගී වූ නිසාය. ලිංගික ජීවිතය, කෘතිම උපත් පාලන ක්‍රම අවම කොට, ස්භාවික උපත් පාලන ක්‍රම භාවිතය, ගබ්සාව හෙළා දැකීම, පවුල් ප්‍රශ්න, එකිනෙකා අවබෝධ කර ගැනීම සහ නැන්දම්මා ලේලි ගැටළු නිරාකරණය වැනි වටිනා කරුණු රැසක් මේ අතර වූයේය. ඒ සියල්ල මා අදහන බෞද්ධ ධර්මය අනුව සිතට ගෙන, ජීවිතයට කරුණු එක් කර ගැනීමට වඩාත් රුකුලක් වූයේය. මේ සියළු කරුණු වඩාත් වටිනා බව තහවුරු කරන්නට අපේ මාමාගේ පුතා මා හට එක් සාක්ෂියක් වූයේය. එදා අප ජෝෂප් විද්‍යාලයට ගියේ එහි සිටින පූජකතුමා හමුව ඔහුට පල්ලියේ පූජාව සඳහා ආරාධනා කිරීමටය. මා මීට පෙර හමූ වී ඇති නිසාත්, කලින් සිට හඳුනන නිසාත් අපට එදා අමුතු දිනයක් නොවුනේය. නමුත් අප සමඟ ගිය මාගේ මාමාගේ පුතාට නම් එදින පවුල් ජීවිතයට අදාල කරුණු පූජකතුමා කතා කරද්දී එහි වැඳගත්කම වැටහී තිබුණේය. එළියට පැමිණ ඔහු කීවේ “ඇයි බං අපේ පන්සලෙන් මෙහෙම දේවල් කියල දෙන්නෙ නැත්තේ..“ කියාය. කතාව ඇත්තය එහෙත් බුද්ධ ධර්මයේ සඳහන්ව ඇති සැමියාගේ යුතුකම්, දරුවන්ගේ යුතුකම්, බිරිඳගේ යුතුකම්, අසල්වැසියන්ගේ යුතුකම්, පිළිබඳව කියවා බැලීමෙන් ලෝකෝත්තර ජීවිතයට මෙන්ම ලෞකික ජීවිතයටද බුදුරජානන්වහන්සේ ධර්ම දේශනා කොට ඇති බවට වැටහෙන්නේය. එකම වරද නම් ඒවා අද සමාජයට ඉස්මතු කොට පෙන්වා දීමට තරම් ශාසනික සේවාවක් නොකෙරෙන එකය.

පල්ලියේ විවාහය සහ පූජාව පවත්වන්නට ගිය විට එහි සිට ප්‍රධාන පූජක තෙමේ කියූ වචන කිහිපය මා ඔහු කෙරේ සහ කතෝලික ආගම කෙරේ අප්‍රියතාවයක් ඇති කරවන්නට සමත් වූයේය. එහෙත් ඒ සියල්ල අමතක කරන්නට මා ධාර්මික වුණෙමි. පල්ලිය ඇති පරිසරයක, කතෝලික ආගමනුකූලව හැදී වැඩුණු ඇයට පල්ලියේ විවාහය ගැනීම එකම ආශාව වූයේය. බෞද්ධ කාන්තා පාසලක සිප් හැදෑරුවද, උප්පැන්න සහතිකයට සහ කුඩා කළ සිට ලද ආභාෂය අනුව ඇය කතෝලිකය. පල්ලිය වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීම් කොට පූජක තෙමේ ඇසූ එක ප්‍රශ්නයකට මා ‘ඇත්ත‘ කියූ නිසා හෙතෙම පල්ලියේ විවාහය ගැනීම අවලංගු කරන්නට තැත් කළේය. විවාහයෙන් පසු ලැබෙන දරුවන් කතෝලික කරනවා දැයි ඇසූ විට මා “නැත“ කීවේ අප මුල සිටම කතා කරගත්, එකඟ කරගත් ආකරයෙන්ය. එසේ ඇත්ත කීම නිසා පූජක තෙමේ කීවේ දරුවන් ආගමට නොදෙන්නේ නම් කතෝලික විවාහයට පල්ලියේ අවසරයක් නොමැති බවය. මා කියා සිටියේ මෙයා පල්ලිය වෙනුවෙන් වැඩ කළේ මෙහෙම උත්තරයක් බලාපොරෙත්තුවෙන් නොවන බවය. පූජක තෙමේ කියා සිටියේ “පුතා ඔයාලට බුද්ධාගමේ අය ගොඩක් ඉන්නවා, අපිට අපේ ගොඩ අඩුවෙන එකයි වෙන්නේ“ කියාය. මට එවිට ඇති වූයේ මහත් පිළිකුලක්ය. ගොඩ වැඩි කර ගන්නවාට වඩා, සමාජයට කොයි ආගමකින් හෝ නිවැරදි වැඩ දායී මිනිසෙකු බිහි වීම ප්‍රමාණවත් බව සිතන්නට තරම් ආගමික පූජකවරු අන්ධ වීම, පක්ෂ දේශපාලනයෙන් ඇස් අන්ධ වීමට වඩා දරුණු රෝගයක් බව මට වැටහුණේ එවිටය.

සිදුවූ සියල්ල අමතක කොට නැවත ගොස් පූජකවරයාගෙන් අවසර ගන්නට තරම් සෑමා කටයුතු කළේ ඇය පල්ලියෙන් ලැබිය යුතු දේ ඇයට ලබා දීමටය. නැතිනම් නැවත වරක් ඒ වචන පෙළ අසා ගන්නට බලාපොරොත්තුවෙන් මා ඔහු අසලට යන්නේ නැත. එහිදී මා උගත් තවත් දෙයක් නම් ඔවුන් තරුණ සමිති, සංවිධාන පවා සංවිධානය කරන්නේ අන්‍යාගමීකයන් සමඟ විවාපත් වීම සීමා කිරීමටය. එය පූජකතුමන්ගේ මුවින්ම පිට වූයේය. එවන් සංගමයන් නිසා එහි සිටින කෙල්ලන්, කොල්ලන් විවාපත් වූ හැටිද ඔහු මතක් කර සිටියේ ඉතා සතුටින්ය. මා දහම් පාසල් යන කාලයේ  අප තරුණ සමිති මඟින් සිදු කළ ප්‍රජා සේවා, සහ අප එයින් ලැබූ පන්නරයන්, කැපවී කටයුතු කිරීම් ආදිය අසලකින්වත් එහෙව් හැගීමක් අප තුල නොතිබුණේය. එහෙම දර්ශනයක් අපට දීමට වත් අපට ඉහලින් සිටි හිමිවරු, ගුරුවරු කටයුතු නොකළ බව මට මතකය. එහෙම වූවා නම් අද මා මේ පල්ලියේ විවාපත් නොවන්නේය. ඒ අතින් බලන විට ඇයද මා සමඟ නොඑනවා ඇත. අද කෙටි පූජාවක් වෙනුවට දිගු පූජාවක් ඇය වෙනුවෙන් පල්ලියේ පැවැත්වෙනවා ඇත. එහෙත් එදා පුජකයන් කියා සිටියේ ඔවුන් තරුණ සමිතිය පිහිටුවන්නට පෙර ඇය මා සමඟ හාද වී සිටි බවක්ය.

ඒ සියල්ල මිහිරි හා අමිහිරි බව එක්වූ මතකයන්ය. ඇගේ අම්මාගේ නංගී හෙවත් පුංචී සහ බාප්පාද මිශ්‍ර විවාහයක් සහිත අයය. බාප්පා බෞද්ධ වන අතර පුංචී කතෝලිකය. එදා පල්ලියෙන් අවසර නොදුන් අවස්ථාවේ බාප්පා මට කියා සිටියේ “පුතා මටත් වුණා ඔහොම දෙයක්, මම ෆාදර්ට කියල දීල ආවේ.. “ කියාය. නැවත අවසර ගැන්මට පල්ලියට ගිය අවස්ථාවේ මම පූජකතුමාට කියා සිටියේ දරුවන් ආගමට දෙනවා යැයි බොරු කියා, එසේ නොකර සිටීමට වඩා එක වර ඇත්ත කීම ඔබතුමාට වටින්නේ නැද්ද කියාය. ඔහු එය අගය කරන බව කීවේය.

එදා මා ගුප්ත යැයි සිතූ, යටි සිතට බියක් රැදවූ පල්ලිය පිළිබඳව යහපත් සිතුවිල්ලක් මවා, මා මෙහි රැගෙන ඒමෙන්, ආදරයට කළ නොහැකි දේ නොමැති බව මා අද වටහා ගත්තෙමි. එදා පෝය පන්තියේදී කියා දුන්නේද දෙදෙනෙකු යාළු වූ අළුත වෙනදා නොකරන දේද කරනා බවක්ය. වෙනදා නොකෑ කෑම ඇය වෙනුවෙන් කන්නේය. බැන්දාට පසුව පිස්සුද හලෝ මේව කවුද කන්නේ කියා අසන්නේය. ඒ ආදරය වෙනුවෙන් කරන දෑ පමණක්ය. නොවෙනස්ව ආදරය තිබෙන්නේ නම් සදාතනිකව එකම විදිහට රැදෙන්නේය. එදා ප්‍රගීත් පියතුමා කියා සිටියේ ආච්චිගේ බිබික්කම් කතාවක්ය. ආච්චි සීයා සමඟ යාළු වූ අලුත සීයාට බිබික්කමක් දී ඇත්තේය. එය ගෙදර තිබූ එකක්ය. සීයා එය කෑමෙන් පසු ආච්චීට කියා ඇත්තේ අනේ මම ආසම කෑමක් කියාය. ඉන්පසු බොහෝ කළක් ගොස් මුණුබුරා සීයාගෙන් අසන්නේ දෙදෙනාගේ ආදරය තවමත් නොසැලී තිබෙන්නේ කෙසේද කියාය. සීයා එය තම ආච්චීගෙන් අසන ලෙස මුණුබුරාට කියන්නේය. ආච්චී කියන්නේ “අනේ මන්ද පුතේ සීය සෙට් වුණ මුල්ම දවසෙ මම ගෙදර තිබ්බ බිබික්කමක් දුන්න. සීය හිතුවෙ මම හදපු එකක් කියල. එදා ඉඳල මගෙන් බිබික්කම් ඉල්ලගෙන මෙහෙ ආව. මට මෙලෝ හසරක් කරලවත් හදන්න බැරි බිබික්කම් මම සීයාට අමාරුවෙන් හදල දුන්න බං..“ කියාය. මුණුබුරා සීයා ලඟට ගොස් සිද්ධිය කියූ පසු සීයා ඉතිරිය සම්පූර්ණ කරන්නේය. “ඔන්න ඔය කියන බිබික්කම් මම කන්න අකැමැතිම ජාතියෙ කෑමක් බං. ආච්චිව යාලු කරගන්න ඕනවට මම ආසයි කියපු කෑම මම තාම අමාරුවෙන් කනව බං..“ කියමින් සීයා මුණුබුරාට කියා දුන්නේ ආදරය වෙනුවෙන් කැප කිරීම් කළ යුතු බවය.

හරි දැන් ඉතින් වැඳගනිල්ලා අන්න ෆාදර් එනවා.. 
සාදූ.. සාදූ... සාදූ.... !!

10:27ට, පෝරුවට නැග්ගම සැට් වෙමු ආ.. !!

Written_by_sAm_ශ්‍රී_Perera_12:02pm_11/12/13

35 comments:

  1. බොරු කියනවාට වඩා ඇත්තම කීම අගය කළ යුතුය.

    ReplyDelete
  2. //විවාහයට පෙර කතෝලික පල්ලියෙන් ලබා දෙන පෝය පන්තිය, හෙවත් විවාපත් වන්නට ඉන්නවුන්ට ලබා දෙන ලෞකික දැනුම ඉතා අගනා බව මට හැඟුනේ එම පන්තියට සහභාගී වූ නිසාය//

    අඩේ උබ පෝය පංති ගියාද මමත් ගියා බං, ඒකනම් මාරම වැදගත් , හිතාගෙන ගියේ මෙලෝ රහක් නැතුව ඇති කියලා ..එත් හිතුවට වඩා ගොඩාක් වැදගත් වැඩක් ඒක, අනිත් ආගම් වලත් ඔය ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා ..

    ReplyDelete
  3. හෘද සාක්ෂිය මේසේ උඩ තියල කතා කරන එකට මං කැමතියි..

    ReplyDelete
  4. මට හිතා ගන්න බෑ බන්.. මමත් ඔය වගේම දේකට පටලිලා බන් තියෙන්නෙ.... මොනා කරන්නද කියල හිතා ගන්න බෑ....

    ReplyDelete
  5. මටත් පුංචිම කාලෙ ඉදන් දෙමළ භාෂාව වගේම පල්ලිත් පෙන්නන්න බෑ.අද මට දෙමළ ඉගෙන ගන්න වෙලා රජේ සේවකයෙක් විදියට.ඉගෙන ගන්න කොට මට ඒ ගැන ආසාවක් ඇති වුනා.ඒ වගේම ගබ්සාව හා වෙනත් සදාචාරාත්මක කරුණු ගැන පල්ලිය කතා කරනකොට මට ඒ අය ගැන ගෞරවයක් ඇතිවුනා.විශේෂයෙන් අපේ අය ගවයන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කරද්දි මෙතුමන්ලා මොන තරම් ඉදිරියෙන්ද කියල හිතුන.

    ReplyDelete
  6. වහෙන් ඔරා නොකිය කෙලින්ම බැට් කරපු එක අගය කරනව සෑමෝ..

    ReplyDelete
  7. කොහොම කරත් ළමයින්ට හැදෙන්න ස්වාධීනව යහපත් හැගීම් එක්ක හැදෙන්න වැදෙන්න බුද්දාගම තරම් ප්‍රයෝගික ආගමක් නෑ.... මොකද සාමා කියලා තියෙනවා වගේ කවදාවත් කිසිම සැගවුන න්‍යාය පත්‍ර නතුවැව ක්‍රියාත්මක වන ඕනෑම ළමා හා තරුණ සමිති වැඩ කෙරුවේ
    එහෙනම් සෑමා ටත් ජය සිරි මංගලම් වේවා !!!!

    ReplyDelete
  8. කොළුවා Live Update ද? හොඳයි හොඳයි...

    ReplyDelete
  9. හෑ!!! ෆාදර් එද්දිත් සාදු කියනවද බන් :D
    බය වැඩිකමට සැමාට ටැපලිලා :D

    ReplyDelete
  10. සැමො මුලින්ම උබට ජයසිරි මන්ගලම් කියා සුභ පතෙන්නෙමු.
    (නෙමු කිවුවෙ මමයි බිරින්දැයි දෙන්නම නිසා )
    ඔයවගෙ පටු ආකල්ප තියෙන ෆදර්ල වගෙම හාමුදුරුවොත් ඉන්නව.එයාල තමයි තම තමන්ගෙ ආගම් පිරිහෙනවැඩ කරන්නෙ.
    ඔය මිශ්‍රවිම ඉතාම හොද දෙයක් සැමො.එකෙන් සාමන්යෙන් සරු ජනිතයො බිහි වෙනව.එ කියන්නෙ අති දක්ශයො.
    ලොකෙ ගොඩාක් දක්ශ මිනිස්සු බිහිවෙලා තියෙන්නෙ දමව්පියන් මිශ්‍ර විමෙන්.ජාතින් දෙකක් මිශ්‍ර විම මිටත් වඩා හොදයි.

    අන්තිමට උබට අවවාදයක් දෙන්නම්.ඔය කසාද බැදිල්ල නිකන් අමු අඹ කනව වගෙ සීන් එකක්.
    බලාගෙන ඉන්න මිනිහට කෙල ඉනුවට කන කොට තමයි ඇඹුල දැනෙන්නෙ.දැන් ඉතින් කොහොමහරි ඔක්කොම කාපන්.පටන් ගත්තනේ

    ReplyDelete
    Replies
    1. මිශ්‍රණය තුලින් සරු ජනිතයන් බිහිවෙනවා.කතාව ඇත්ත

      Delete
    2. ආගම නං ඔතනට අදාළම නෑ නේද.... මට මතක විදියට ඒක ජානමය තත්වයන් සඳහා වලංගු කතාවක්.. රටවල් දෙකක් අතර වගේ.. භාෂා සම්බන්ධයෙනුත් පොඩ්ඩක් තියෙනව.. ඒත් ආගම නං මං හිතන්නෙ නෑ ඔය මිශුණය තුළින් සරු ජනිතයන් බිහිවෙනව කියන එකට අදාළයි කියල.... අපේ උප්පැන්නෙ හැටියට ආගම කියන කොලම් එක නිකම් තියන්න බෑ.. කෙනෙක්ට තමන්ගෙ ආගම තෝරගන්න බැරි කාලෙම ඒක ලේබල් කරන එක මහ වැරැද්දක් කියල මම හිතන්නෙ.

      හැබැයි ගෙදරදි මිශ්‍ර ආගමික පරිසරයක හැදෙද්දි ළමයෙක්ට හොඳ සහ නරක දෙකම තියෙනව... මගේ නංගි කෙනෙක්ට ඔය ප්‍රශ්නෙ ආවා.. අම්ම බුද්දාගමේ, තාත්ත කතෝලික... අවුරුදු 15දි විතර එයාට මහ පැටලැවිල්ලක් උනා එයා අයිති මොන ආගමටද කියල.. උප්පැන්නෙ බුද්ධාකම තිබ්බ උනාට එයාගෙ ඔලුව ඇතුලෙ අම්මගෙ ආගම තාත්තගෙ ආගම කියන දෙකම තිබ්බ.. එතනදි උනේ එයා හැදුනෙ බෞද්ධ පරිසරයක නිසා බෞද්ධ විදියට නිදහස්ව හිතන්න ගිහින්.... . මම හිතන්නෙ ආගම කියන එකට සමාන්‍ය ප්‍රමාණයටත් වඩා විවෘත මානසික පරිසරයක් තියෙන්නෙ ඕනෙ මිශ්‍ර විවාහයක් තුළදි... නැත්තං සමාජයෙදි ළමයි අවුල් වෙනව... අම්මගෙ ආගමේද තාත්තගෙ ආගමේද.. ඇයි අම්මගෙ ආගමට ගියෙ.. ඇයි තාත්තගෙ එකට නොගියෙ.. ඔයා අදහන්නෙ මොන ආගමද... ඔය වගේ...

      Delete
  11. මුළු කතාවම පැහැදිලි ඇත්ත සැමා අපේ පුංචි අම්මත් කතෝලික කෙනෙක් බැන්දේ ,, එයාලත් ඔයවගේ අත්දැකීම් ලැබුවා පල්ලියේදී,, ///පුතා ඔයාලට බුද්ධාගමේ අය ගොඩක් ඉන්නවා, අපිට අපේ ගොඩ අඩුවෙන එකයි වෙන්නේ“ කියාය. මට එවිට ඇති වූයේ මහත් පිළිකුලක්ය. ගොඩ වැඩි කර ගන්නවාට වඩා, සමාජයට කොයි ආගමකින් හෝ නිවැරදි වැඩ දායී මිනිසෙකු බිහි වීම ප්‍රමාණවත් බව සිතන්නට තරම් ආගමික පූජකවරු අන්ධ වීම,///// මේ කොටස ඇහුවම මටත් පිළිකුලක් දැනුනා,,,

    ආච්චිගේ කතාව හරිම අපුරුයි .. ආදරේ එහෙමයි නේද :)

    ReplyDelete
  12. සුබ මංගලම්....!!!

    දැන් ඉතින් බෙරේ බැදගත්තනම් ගහන එකයි තියෙන්නේ උඩ පැන පැන..

    ReplyDelete
  13. මම අපේ රටේ පල්ලිවල විවාහයන් නම් දැකලා තියෙන්නෙ දෙපාරයි.. එකපාරක් මම දෙවනි මනමාලිට හිටිය.. ඒකෙදි නං ඇත්තටම මට ලොකු පැහැදීමක් ඇති උනා ඒ පූජකවරු දුන්න උපදෙස් ගැන.. විශේෂයෙන් අර කියන වචන ටික... හරි සාමාන්‍ය වචන ටිකක් උනාට ඒ වෙලාවෙ හැටියට මාර විදියට හිතට වදිනව.. හැබැයි ඒක සිස්ටම් එක බුද්ධාගමට ගෙනල්ල පන්සලේ මඟුල් කන්න යන එක නං මට අනුව මහ විකාරයක්...

    මුළු ජීවිත කාලෙම අපි බලාපොරොත්තු වෙන්නෙ සතුටින් ඉන්න ජීවිතයක්... අපි ජීවිතේ මුළ කාලෙදි ඉගෙන ගන්නෙ ඒ ජීවිතය ලබාගන්න හැටි.. ආගමෙන්, අධ්‍යාපනයෙන්, සමාජයෙන්, අත්දැකීම් වලින්... හොඳ පවුල් ජීවිතයක් කියන්නෙත් සතුට තියෙන තැනක්.. ඒකෙදි කැපකිරීම් කරන්නම වෙනව... ඒ කරන කැපකිරීම් සතුටින් කරන්න වගේම, සතුටින් බාරගන්නත් පුලුවන් දෙන්නෙක්ට පවුල් ජීවිතේ කියන්නෙ සතුටුදායක බැඳීමක්... ඔය ටික තේරුම් ගන්න ආගම් අවශ්‍යම නෑ... නමුත් ආගම කියන්නෙ ජීවිතේ හොයාගෙන යන්න තියෙන පාරක් ... ඒ පාර කියලා දෙන්නෙ පූජකවරු, හාමුදුරුවරු... එහෙම ගිහින් මඟ නවතිනවද, අවසානයට යනවද, එහෙමත් නැත්තං නොයාම ඉන්නවද කියලා තීරණය කිරීම අපේ වැඩක්... පාරෙ ඒ පැත්තෙ ඉන්න කෙනාගෙන් ඇහනවද, මේ පැත්තෙ ඉන්න කෙනාගෙන් අහනවද කියලා තීරණය කරන්නෙ අපි.. නැතුව උප්පැන්නෙ නෙවෙයි.. දෙන්නම කියන්නෙ එකම පාර නං එතන ප්‍රශ්නයක් නෑනේ... හැබැයි එයාලට බෑ අපිව බලෙන් ඇදගෙන යන්න... කනට ගහලා වත්, නීති දාලා වත්.. මොකද එයාලා පොලිසියක් නෙවෙයි... දැං වෙලා තියෙන්නෙ පාර කියලා දෙන්න සල්ලි අයකරන එකයි... එතනයි ඔය සැමා කියන අවුල ඇති වෙන්නෙ..

    ReplyDelete
  14. අප්ඩේට් දෙන විදියට නං හවස් වෙද්දි හොඳ හොඳ සෙල්ලං බලන්න පුළුවන් වෙයි වගේ! මේ අඩවිය ක්ලෝස් නොකර ඉන්න ඕන.

    ReplyDelete
  15. ජය මංගලම් කිව්ව !!

    ReplyDelete
  16. මමත් ඔය ටොපිය කෑව බං ..
    වයිෆ් කතෝලික නිසා පල්ලියයි පෝරුවයි දෙකම ගත්තා.. නමුත් අර පල්ලියෙ දවස් දෙකක් දෙන ලෙක්චර් එකට ආපු සර් ල නං හෙන සොමියක් දීල ගියා..මං පිටිපස්සෙම පේලියෙ වාඩි වෙලා සිංදු ඇහුවා.ඒකට යන්න උනේ ඒකෙන් දෙන රෝස පාට කොලේ නැතුව අල්තාර් එක වෙඩිමට දෙන්න බෑ කීවනෙ බං.

    ඒකට නං අපේ මාමන්ඩියට මල පැනල කිව්ව රිදෙන්නම !!
    උඹ කියන්නෙ මාර ඒවනෙ බං පල්ලියෙන් ඉල්ලන්නෙ :-):-)

    ReplyDelete
  17. ජයසිරි මංගලම් සෑමෝ.ආගම් ගැන කතා කරලා තේරුමක් නෑ බං.මොනවා උනත් ඔය උඹලට කියලා දීපු ස්වභාවික උපත් පාලනේ කියන එකනං එච්චර සාර්ථක දෙයක් නෙමෙයි.ඒක හින්දා දොස්තර කෙනෙක් හම්බ වෙලා නියම විදිහේ උපත් පාලන ක්‍රමයක් පටං ගනිං.

    එහෙනං සුභ අනාගතයක්!!!

    ReplyDelete
  18. හැම ආගමකම අරමුණ යහපත් මිනිසුන් බිහිකිරීම වෙනවානම් කොචචර හොඳද?

    ReplyDelete
  19. සුබ මංගලම් සෑමෝ !

    ReplyDelete
  20. සිරි සුබ මංගලම් සෑමෝ,ඉතිරි හරියත් අප්ඩේට් කරපං

    ReplyDelete
  21. wish u a happy wedding. clash of two cultures! (I too am married to a buddhist.)

    ReplyDelete
  22. වේවා සිරි සුභ මංගලම් !!! අදින් පසුව තනිකඩ සෑමා ගේ කතා නිමි වන අතර නාස් ලනුව දැමෙන් පසු කතාව ඉදිරියට එනු ඇත.,, තවද අද රෑ යාමයේ පවත්වන සෑමා ගේ ජාතිය ගොඩ නැගීමේ මහෝත්සවය ට ද බොක්කෙන්ම සුබ පතමු !!!

    ReplyDelete
  23. හේහ්....එහෙනම් සැමාත් නාස් ලනුව දගත්තා ඇ......
    ජය මන්ගලම් කිවුවා එහෙනම්...........

    ReplyDelete
  24. ජය සිරි මංගලම් සෑමා !! උඹලා දෙන්නට වාසනාවන්ත අනාගතයක් පතනවා ! සෑම් පැටවු දුසිමක්වත් පතමි !

    (පල්ලියේ මංගල්‍යය කියලා වෙනම එකක් තියනවා බන්. හරියගෙ බ්ලොග් එකේ බලහන්. හා හා දැන් නෙමේ යකෝ පස්සෙ පස්සෙ.. දැන් කොච්චර වැඩ තියනවද ඊට වඩා.. :D )

    ReplyDelete
  25. පොලිශ් කර්ස්පු ආයුද වලින් වැඩගන්න තියෙන්නෙ . දැන් ඇති බ්ලොග් පැනි හැලිය කන්න පල

    ReplyDelete
  26. බ්ලොග් අවකාශයේ මගේ බොක්ක වන සෑමාට සුභ මංගලම් යනුවෙන් මුලින්ම කියමි. උඹේ ඔය අත්දැකීමටම මගේ අතිජාත මිතුරෙකුද මුහුණ දුන්නේය. මේ කියන යුවල විශ්ව විද්‍යාල අධ්‍යාපනය පවා ලැබූ අය වුවද දැරිවියගෙන් කැමැත්ත ගැනීමට අපේ එකාට අවුරුදු ගනනාවක් කට්ට කන්නට වූයේ බොලා ඔය කියූ ආගමික ගැටලුව නිසාය. අවසානයේ උන් ජය ගෙන දැන් දරු සුරතල්ද බලයි. ෆාදර්ගේ කථාවේ ඇත්තක් නැත්තේද නැත..කතෝලික ආගම අදහන පිරිස දිනෙන් දින අඩුවෙයි.

    සෑමාගේ මංගල සභාවේ...මේ ගීතය ගායනා කරන ආකාරය චිත්තරූපයකට නගා ගනිමි.

    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පව්ලේ උපන්ලෙසේ
    කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුබ වේවිලු කඹරගොයා
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
    දත ගලවා අතේ තියා
    නුබ නටවයි ඒ ලමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්දන නීතී

    වලට වැටුනු එකා යකා
    ව‍ලටම ඇදගනු නිසකා
    වලෙන් උඩට එන්නට
    අත දෙන්නට කැමතී
    නෑදෑහිතෙක්වතෙක් නැතී
    ඒගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නම් කසාය හරි තිත්ත බේතකි


    බොට ජයම වේවා ! දරුවන් දුසිමක් පමණ ලැබේවා !

    ReplyDelete
    Replies
    1. පස්සෙ දැක්කෙ...සෙන්නත් උඩින් දුසිමෙ කථාව කියලා....ඒ නිසා මගේ ප්‍රාර්ථනාව මොඩ් කරමි....විනිසුරුවන් දෙදෙනාද ඇතුලුව ක්‍රිකට් කණ්ඩායමකට දරුවන් ලැබේවා....වදවීගෙන යනවා කියන සිංහල ජාතිය රැකගන්නට සෑමාට ගෙදරින්ම ආදර්ශයක් දෙන්නට සිත් පහල වේවා ! අවසානයේ අපිට ජය වේවා !

      Delete
  27. Samo, umabata ochchrama umbe mahaloku bouddakama watinawanam , lamainuth boudda kara ganna ona nam mona magulakatada Catholic kenek badinne.. bandapanko boudda kenekwama ... umbata umbe mahaloku boudda kama raka gannath puluwan .. apitath sana seeme innapuluwan ...anika umbata palli pennath BaanE..ehew ekekwa bandahama ithin kohomath ganita lamainta palliya paththe pas paaganna dena ekak naane ...

    ReplyDelete
  28. කොන්ද පන ඇතුව කතා කල එකම මදෑ.. :) සුභ මංගලම්!!

    ReplyDelete
  29. මේ අපිටත් වෙච්ච සිද්ධියක් සැමා. මං නං දැනං හිටිය ලමයි ආගමට දෙන්නෑ කිව්වොත් පූජාවක් ලැබෙන්නෙ නෑ කියල. ඉතිං මං මහත්තයව ෆාදර් ගාවට එක්කං යද්දි උගන්නල ගෙනිච්ච ලමයි ආගමට දෙනව කියල කියන්න කියල. මොකද මේ ලෝකෙ මිනිස්සු දෙන පොරොන්දු හැම එකක්ම නොබිදි තියෙන්නෙ නෑනෙ. ලමයි හම්බුනාම මොකෝ ෆාදර් ඇවිත් බලෙන් ක්‍රිස්තියානි කරන්නයැ... අපි දෙන්න අතර තියන ආදරේ පොරොන්දුව විතරක් නොබිදි තිබුනම ඇතිනෙ..
    ඔය තරුණ සමිතිවල වෙන වැඩ ගැන දන්න හින්ද අපේ අම්මයි තාත්තයි නං කවදාවත් අපිව ඒවට යැව්වෙ නෑ. අපිට යන්න උවමනාවක් තිබුනෙත් නෑ. ඒ වැඩේ නිසා හැබැයි අපේ නෑදැයින්ගෙන් නං අපේ අම්මල හරියට අනං මනං කතා ඇහුව. පල්ලියෙ වැඩවලට ලමයි යවන්නෙ නෑ කියල. ඒ වුනත් එයාල අපිව හැදුවෙ එයාලට ඕන විදියට. ඒ වගේමයි අපි දෙන්න අපේ ලමයි හදන්නෙත් අපිට හොදයි හිතෙන විදියට තමා.
    ඔය විදියටම සැමාටත් ජය වේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...