Monday, December 9, 2013

ලිංගික අප්‍රාණිකයාගේ දෙක !!


දෙක කිව්වේ දෙවෙනි කොටස කියාය. නැතුව කලින් ලියූ ලිපියේ හිටිය පොලිස් කාරයාගේ අහවල් එක නොවන බව කරුණාවෙන් සලකන්න. උක්ත කතාවේ පොලිස් කාරයා අපිව කන්නට ගොස් ඌ ඌවම කා ගත්තේය. ඉස්සර පොඩි කාලේ අපිට ප්‍රශ්නයක් තිබුණේය. ඒ නයෙක්, පොළඟෙක් හෝ කිසියම් සර්පයෙක් පිළිබඳ ප්‍රශ්නයක්ය. ප්‍රශ්නය නම් නයා දෙකට නැවී තමාගේ නැට්ට පැත්තෙන්ම පටන් ගෙන ගිලින්නට පටන් ගත්තොත් ඉතිරි වන්නේ කුමන කොටසද කියාය. අන්තිමට කට පමණක් ඉතුරු විය හැකිය. එලෙසම පොලිස් ගැට්ටා සත්තම දමා අන්තිමේදී ඉතිරි කළේ තමන් ලිංගික අප්‍රාණිකයෙකු බව කියවෙන පදය පමණක්ය. සියල්ල එදා එසේ අහවර වී සෙනසුරාදා දින දිලා සෑමා සමඟ චැටක් දැම්මේ උක්ත සිද්ධිය පිළිබඳවමය. චැට් එක අතර මැද තනියෙම සිනාසීමෙන් ගෙදර අය සිතුවේ සෑමාගේ මොලය ඔල්මාදය වැඩි වී ඇති බවක්ය. සිද්ධිය සැකෙවින් මෙසේය.

දිලා - මචං අද ඔපීසි ගියෙත් බස් එකේ බං. මේ දවස් වල පට්ට රිම් එකෙන් යන්නෙ.

සෑම් - මාත් එහෙමයි බං. පුක් වෙලා ඉන්නෙ..

දිලා - පාරට යන බස් එකත් මිස් වුනා බං. මම ත්‍රීවිල් කාරයෙක්ට අද දාල වීල් එකට ඇතුලට පැන ගත්තා.

සෑම් - දන්න එකෙක්ද?

දිලා - නැහැ බං. මායි ඌයි පොලිස්කාරයින්ට බැන බැන, උන්ගෙ පළු ඇර ඇර ගියා.

සෑම් - ඔව් උඹ මේ දවස් වල කෝමත් පොලිසිය එක්ක අවුලෙන් නේ ඉන්නෙ.

දිලා - ඔව් මචං. මම ඌට මගෙ ඉන්ෂුවරන්ස් සීන් එක කිව්වා. ඌත් හද්ද කුණු හරපෙන් බං අරූට බැන්නෙ. මට මාර ආතල්.

සෑම් - ඌටත් පොලිස්කාරයෙක් ගේම දෙන්න ඇති බං.

දිලා - අනේ මන්ද බං. ඌ කිව්වා අහවල් පොලිසියේ හොඳ මහත්තයෙක් ඉන්නවා. ඕනෙ දෙයක් තිබ්බොත් කියන්න පොර කරල දෙයි කියලත්. වීර පුතාගෙ යාළුවෙක් කියන්නත් කිව්ව බං.

සෑම් - අපි ගිය පොලිසියම නේද බං? උගෙන් වැඩක් ගමු. අනික වීර පුතානේ..

දිලා - හිටපංකො කියන කල්.. මම අර පොලිස් බයියගෙ නම ඇහුව. ඌ ගත් කටටම අරූගෙ නම කියපි. මගෙ කට වැහුණ බං. මම හිනාව තද කරගෙන හිටිය බං. 



Written_by_sAm_ශ්‍රී_Perera_9:13pm_09/12/13

15 comments:

  1. කෝ බං කතාවක්,කියවන්න ගත්ත ගමන්ම ඉවරනෙ.

    ReplyDelete
  2. හැබැට හැලපයියා කිව්ව වගේ කෝ බං මොකක්ද දැං කියවන්න තියෙන්නේ

    ReplyDelete
  3. මේ දවස් වල මොකද මේ ක්ශනික නූල්ඩස් ?

    ReplyDelete
  4. ඉතිං ඊට පස්සෙ...

    ReplyDelete
  5. අයාලේ යන සිංහල බ්ලොග් කලාව ට කිසියම් විනිශ්චයක් අවශ්‍ය බව පෙනී ගිය නිසා බ්ලොග් වලට අත දීමටත් ඒවා සාධාරණ විචාරයකට ලක් කිරීමටත් අදහස් කළෙමු.එහිදී වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙනුයේ වැඩි සමාජ අවධානයක් දිනා ගන්නා ලිපියි.
    http://blogvichara.blogspot.com/

    ReplyDelete
  6. මොකද්ද බොල මේ ලියල තියෙන්නෙ.. මට මෙලෝ හසරක් තේරුනේ නෑ....

    ReplyDelete
  7. එකනෙ බොල කියන්නෙ මිනිහ හොද පොරක්.බොලා තමයි නාක ලමයි

    ReplyDelete
  8. කෝ බං සෑම් කොළුවෝ කථාව? ඔච්චරයිද?

    ReplyDelete
  9. :O සිරාවටම විකාර උනා -_-

    ReplyDelete
  10. පොලිස් බයියන්ගේ සීන් ලියන්න මේ බ්ලොග් ලෝකෙම ඉඩ මදි වෙනවා සෑමෝ.

    කෝරලේ මහත්තයා

    ReplyDelete
  11. දැන් ඉතින් ඉදිආප්ප තම්බන්න ළග නිසා මෙයා පොඩියට දාල යනවා නේ...

    ReplyDelete
  12. හොඳ වෙලාවට නම නොකියා බනින්ට පටන් ගත්තේ..නැත්තං ත්‍රී විල් කාරයා මග දාලා යනවා :-)

    ReplyDelete
  13. දිලයි උඹයි කොල්ලො ගහන ඩයල් දෙකක්ද ?

    ReplyDelete
  14. එක නේ උ හොද එකෙක් නේ බන්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...