Thursday, August 1, 2013

ස්පයිඩර් මෑන් ආච්චී.. !! - The Spider Grand Ma,, !!


සෙට් වෙන්නට තැනක් සොයා ගැනීම තරම් අපහසු දෙයක් කොල්ලන්ට නැත්තේය. දිනපතා සෙට් වන තැන් වගේ නොව, හිදිසියේ සැට් වීමට තැනක් සෙවීම අපහසු වන්නේය. ඒ තැනේ කොලිටිය ගැන සැක සංකා ඇති වන නිසාය. කොල්ලන්ට එසේ වුවත් බැන්ද උන්ට නම් ගෙදර ඇත්තේය. ඒත් ගෙදර ගෑණිගේ අවුලක් නැතිනම් හැමදාම සෙට් වීම්ය. එහෙමත් නැත්තං සමහරුන්ට ඔකේෂනලි සෙට් වීම්ය. ඒ අතර පවුල නැති දවස් වල සැට් වීම බහුලය. එදාට යාළු මිත්‍රාදීන් පිරිවරාගෙන නිවැසට එන්නේ තමන්ගේ පවර්ස් පෙන්වීමටය. වෙනදා ඔළුව පාත් කරගෙන ඉන්නා බුවා එදාට රජෙක් වැනිය. හැමදාම ගෙදර පාටි දානවා සේ කස්ටියගේ මන දොල සපුරන්නේය.

සමහරෙක් පවුල ඉන්නා විටදී පවා ඉදහිට පාටි දමන්නෝය. හෙමීට සෙට් වී තම යාලුවන්ට පෙන්වන්නේ පවුල තමා බිව්වාට අවුලක් දාන්නේ නැහැ කියාය. ඒ කියන්නේ බොරේ අදින්නේ නැහැ කියාය. ඉන්පසුව යාලුවෝ කබරයා දමමින් ගෙදර විනාස කරමින් බයිලා ගසා මධ්‍යම රාත්තිරියේ පිටත් වන්නෝය. එතැන් සිට ගෙදර එකාගේ වෙරි හිදෙන තුරු පවුල කන පුරවන්නීය. අදෝනාව බහුලය. ආයේ බොන එක එපා වෙනතුරු යාලු මිත්‍රාදීන්ගේ ගුණ වයමින් අස්පස් කරන්නීය. බුවා පහුවදා යාලුවන්ට කියන්නේද පවුල දීපු සපෝට් එක ගැනය. කිසි අවුලක් නැති ගානට කතා කරන්නේ විලි ලැජ්ජාවේ බැරි නිසාය.

එක එකාට බීම සම්බන්ධව නිවසින් ලැබෙන ප්‍රතිචාර විවිධය. ඒ අතර අපේ එකෙක් දිනක් සැට් වෙන්නට කතා කළේය. ඒ අපේ අමිලයාය. අපේ උන් දන්නේ කුරේ කිව්වාමය. ඒ උගෙ වාසගමය. කොල්ලා ඔන්ද ස්පොට් සෙට් වෙන ඩයල් එකක්ය. හැබැයි මොනවා වුනත් ඒ වෙලාවට මතක් වෙන්නේ අපිවය. එහෙව් වෙලාවක අපිට කොල්ලා ඇමතුවේය. දෝදුවා සහ සෑමා අමිලගේ නිවසට ගියේ සැට් වීමටය. සෑමා ගෙදරට කිව්වේ අමිලයා ගෙවල් මාරු කළ නිසා ගෙදර බඩු අදින්නට ලොරියකින් නව නිවසට යන බවක්ය.

“මචං අමිලයා අවුලක් නැහැ නේද?“

“මොන අවුලක්ද බං.. තාත්ත ගෙදර නැහැ. මල්ලිත් එන එකක් නැහැ බං. ආවත් අවුලක් නැහැ..“

“එහෙනම් කොත්තුවක් රයිස් එකක් දාගෙනම යමු..“

සියල්ල පොදි ගසාගෙන, බලාපොරොත්තු පොදි බැදගෙන ගොස් අපි අමිලයාගේ ගෙදර ගේට්ටුව ඇරියෙමු. වාහනය ඇතුලට ඔබාගෙන පුටු තුනක් දොරකඩ තැබුවෙමු. මිදුලේ බයිසිකලයක් තිබුනේය. දොර ඇරගෙන ඇතුලට ගොස් විපරම් කළ විට සිටියේ අමිලගේ තාත්තාය. මල්ලීද කොහෙදෝ සිට ආවේය.

“උබ මාර හු*(^ක් නේ බං... මේ ඉන්නෙ සිය පවුලම..“

“අවුලක් නැහැ බං බෝතලේ කඩල.. පලවෙනි ෂොට් එක දෙමු එයාට.. එතකොට අවුලක් නැහැ..“

එම පියවර අනුගමනය කළ විට අවුලක් නොවීය. ඒත් වෙරි හිදුනු විට අංකල්ගේ මූන බලන්නට බැරිය. අංකල් ගෙදර නැති හැමදාම මුං බේබද්දෝ වගේ බොනවා යැයි අංකල් හිතනවා ෂුවර්ය.

අපේ මුරලියාද බෙබාය. වැඩිය බොන්නේ නැතිය. ඒත් බොන වේලාවට ජෝන් ප්ලේයර් සමගද එක් වන්නේය. පොර මැජික් ද පෙන්වන්නේය. සෙට් වුන වේලාවට එවන් ආතල් දෙන උන් මරුය. මුරලියා දෙමල කොල්ලෙක්ය. දරු පවුල් කාරයාය. ඌ සිංහලෙන් කතා කරන විදිහ තවත් ආතල්ය. බුවා දිනක් තම මිත්‍රෙයකුගේ ගෙදර සැට් වෙන්නට ගොස් ඇත්තේය. කොල්ලාගේ පවුල සහ දරුවෝ කොහේ හෝ ගොස් ඇත්තේය. ඒ අතර තුර මුරේට ඇමතුම ලැබී ඇත්තේ “මචං කවුරුත් ගෙදර නැහැ සෙට් වෙමු කියාය.“ මුරේත් එක පයින් කොල්ලාගේ ගෙදර ගොස් ඇත්තේය.

“ෂුවර්ද බං ගෙදර අය දැන්ම එන එකක් නැහැ කියලා??“

“ඔව් මචං කිසි අවුලක් නැහැ. අපෙ වෙලාවට අද ආච්චිත් නැහැ මචං..“

“ආච්චිත් ගියාද පවුල එක්කම?“

“නැහැ බං.. ඔය කොහෙද ගියා.. හැබැයි අපෙ පවුලට හපං මචං..“

“ඉතිං යකෝ ආච්චි ආවොත්??“

“පිස්සුද බං.. මේ ගේට්ටුව වහල තියෙන්නෙ ආච්චි කොහෙ එන්නද?“

දෙන්නා එක දෙක තුන කියමින් ෂොට් හලා ගන්නට වූවෝය. ඒ සෙට් වෙලා තිබුනේද මිදුලේය. ගේට් එක නිසාත්, කොට බිත්ති සහිත තාප්පය නිසාත් දෙදෙනාට පාරේ යන උන්ගෙන් කිසිම බාධාවක් නොවීය. ඒ අතර තාප්පය දෙස බලා සිටි මුරේ මිතුරාට තමා දැක්ක දේ පෙන්වන්නට වූයේය.

මුලින්ම තාප්පය උඩින් සෙරෙප්පු දෙකක් වත්ත පැත්තට වැටුනේය. ඉන්පසු එක අතක් තබා තව අතක්ද තබමින් කිසිවෙකු තාප්පයෙන් ඉහලට එසවුනේය. අත් දෙකට බර දී වත්ත පැත්තට පැන්නේ ආච්චී කෙනෙක්ය.

“අප්පට හඩු ආච්චී..“ කොල්ලා පුටුවෙන් නැගිට්ට වී ඇත්තේය.

“ආච්චි?? කවුද බං මේ ස්පයිඩර් මෑන්ගෙ ආච්චිද??“

“නැහැ බං අපෙ ආච්චි.. ආච්චි කිව්වට හොද ගෑණි බං..“

“මේ මොකද මේ.. තමුසෙල මෙතන බොනව නේද? මතක තියා ගන්නවා.. මීට පස්සෙ එක කැ^&^% යෙක් වත් බොන්න හිතාගෙන මෙහෙ පස් පාගනවා නෙවේ....“

මුරේ කිසිත් කියා ගත නොහැකිව බාගෙට හිස් කළ බෝතලයද අමතක කර ගෙදර ගොස් ඇත්තේය. එදායින් පසු මිතුරා බීමට කිසිවෙකුටත් ආරාධනා කළ බවක් ආරංචි නොවූ  බව මුරේ පැවසුවේය.

පලි - ඔබ බීමට තැනක් සොයනවා නම් ඊට සුදුසුම තැන බීමට අකැමැති වුන් පේන මානයේ හෝ නැති තැන බව සිහියේ තබා ගන්න.

31 comments:

  1. ඇයි යකෝ තොපේ පැත්තේ සොහොන් පිට්ටනි, පරණ ඉස්කෝල, බාගෙට හදමින් තියන ගෙවල් එහෙම නැද්ද ?.

    ReplyDelete
    Replies
    1. අඩෝ මම අද එකද ?

      Delete
    2. බොන සීන් එකක් නේ.. උබ එක වෙලා :)

      සික් එහෙම අහුමුලු වල බොන්න පුලුවන්ද බං?

      Delete
  2. බිම අනුමත නොකරමි... නමුත් බොන්න ඕනෙමනම් තැන තැන චා නොවී ගෙදරට වෙලා ශේප් එකේ .... ;)

    ReplyDelete
  3. කැහි ආච්චි කෙනෙක් නේ ඩෝ....

    ReplyDelete
  4. ඇයි යකෝ පෙරෙතකං නොකර පලවුකෝ රෙස්ටුරන්ට් එකකට

    ReplyDelete
  5. අඩුමගානෙ සොහොං පිට්ටනියක්වත් නැද්ද බං බොලාගෙ පැත්තෙ.

    ReplyDelete
  6. අනේ අපොයි.... වස විලි ලැජ්ජ නැති හැටි....

    ReplyDelete
  7. අච්චිනේ ඩයල් එක......
    මල පැන්නේ ආච්චි සෙට් කරගත්තේ නැති නිසා වෙන්න ඇති......

    ReplyDelete
  8. අඩෙ අච්චිනම් කිවුවත් වගෙ ස්පයිඩර් මෑන්ගෙ වෙන්න ඈති තමයි.මටත් අහන්න තියෙන්නෙ අර අටම අහපු එකම තමයි.

    ReplyDelete
  9. ඈ බොල ගෙදර බොන යක්කු ඉන්නෝ ද ඈ.. භයේ ගැහි ගැහි කුමන ආතල්ද ?

    අපිත් දාසක් ඔහොමම බොන්ඩ සෙට් උණා. වැඩේ කියන්නේ බොන්ඩ සෙට් උනාට පස්සේ බොන්න බාර් එකෙන් ගන්න එකෙක් නැහැ නොවෑ.. කස්ටිය පස්සෙන් පස්සට යනෝ. පස්සේ අපේ කොල්ලෙක් පැනලා ගත්තා ගිණි වතුර බෝතල් දෙකක්.
    පස්සේ කස්ටිය සෙට් උනේ පාලමක් යට. හෙක්.. රෑට සරාස් බරාස් ගානවා. මේකෙනම් ආච්චියෙක් එකේ කිඹුල්ලු දිවි මුගටියෝ නොවෑ.. හැබැයි ඔහොම ආතල් සීන් නැතුවත් බොන එකේ ආතල් එහෙකුත් නෑ නේ..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  10. ගෙවල් වල බොන එකනම් අනතුරු සහිතයි බං , ඒ නැතත් ගෑනුන්ගේ රෙස්පට් බලන්න වෙන එකනේ ඉවසන්න බැරි.. ආයේ බොද්දි රෙස්ටුරන්ට් එකක බ්පන් , නැත්නම් අටමාලාගේ වගේ ගෙදරකත් අවුලක් නැහැ ..:D

    ReplyDelete
  11. මොනා වුනත් මාර අච්චිකෙනෙක් බං.

    ReplyDelete
  12. ආච්චි හයි ජම්පින් මෙඩ්ල් එහෙම හුඟක් අරං ඇති නේද ...හැක්

    ReplyDelete
  13. මම දැන් බොන්න් නැහැ හරිය.... ^_^

    ReplyDelete
  14. අපොයි නියම ආච්චියෙක්නෙ :v

    ReplyDelete
  15. ෂුවර් එකටම ඔය ගෙදර තියෙන්න ඇත්තෙ බොරැල්ල වනාතෙ.
    ඔහොම @#රි ආච්චිල ඉන්නෙ එහෙ තමා.
    මොකද එයා දැන් ලොකු ළමයෙක් වෙන්න ඉස්සර ඉදන්ම ඔය නාකිච්චියො පැනල ඉන්නෙ සියලු කඩුලු .
    එහෙම එකීලට වයසට ගියත් ඔය කෙටි තාප්ප නතිං.

    ReplyDelete
  16. අච්චි නියමයිනේ යකෝ ^_^

    ReplyDelete
  17. බාගෙට හිස් කල බෝතලයට කැහි ආච්චි සෙට් වුන බව ආරංචිය.

    ReplyDelete
  18. ඔන්න ආච්චිල

    ReplyDelete
  19. සිරා ආච්චියෙක්නෙ බං

    ReplyDelete
  20. ආච්චි මාර ෆිට් ආච්චියෙක්නේ..

    ReplyDelete
  21. බොන්න තැනක් හොයාගන්න ඔච්චර අමාරුද බොලව්? එක දවසක් අපි බිව්වා කැළණි ග‍ඟේ ගැට ගහලා තියෙන වැලි පාරුවක ඉඳං, උණගස් හෙවනේ.

    ReplyDelete
  22. මචන් ආච්චිගේ වයස කිය ද ??? මොන උනත් එළකිරි අච්චියෙක් බන් . මන් නං දැනුත් හීනියට සෙට් වෙන ගමන් බන් ඉන්නේ. හැබැයි බය වෙන්න දෙයක් නැහැ අපේ ආච්චිලා දෙන්නම දැන් නැහැ බන් ..

    ReplyDelete
  23. යකාගෙ ආච්චියෙක් නෙ බං. ආච්චි ඔහොම නම් සීය කොහොමට ඉන්න ඇද්ද.. :D

    ReplyDelete
  24. අප්පතසිලි ආච්චිඅම්මා :O

    ReplyDelete
  25. ඒ ආච්චි ඉංග්‍රීසිත් දන්නවා එහෙනම්.

    ReplyDelete
  26. ආච්චිත් එලියට ගිහින් ෂොට් එකක් දාගෙනද දන්නේ නෑ ආවේ ?

    ReplyDelete
  27. ඔය සුවැර් එකට ආච්චී මලක් ගහලා පාවෙමින් ආපු ගමනක් බව මගේ ටිකිරි මොළයට වැටහී යයි.

    ReplyDelete
  28. “නැහැ බං අපෙ ආච්චි.. ආච්චි කිව්වට හොද ගෑණි බං..“ ela ela saamo...:D

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...