Sunday, August 11, 2013

මල් ගහේ කොළ කන්නට වෙයිද මන්දා... - Seems We Will Have Leaves for Lunch !!


වත්තේ පැල කරපු පැල ගැන දන්නේ සෑමාගේ අම්මා හෝ තාත්තාය. බොහෝ විට මල් පැල නම් ඒවා හිටවා ඇත්තේ අම්මා විය යුතුය. ගෙඩි එන ඒවා නම් තාත්තා හිටවපුවා විය යුතුය. එසේම බෙහෙත් පැල නම් අම්මා හිටවපුවා විය යුතුය. ගමේ හැම එකාම බෙහෙත් පැලෑටි හොයාගෙන එන්නේ අපේ ගෙදරය. අපේ ගෙදර නැති පැලයක් නම් අපෙ අම්මා ඒ පැලය සොයා ගත හැකි තැනක් තක්කෙටම කියන්නීය. ඒ අතින් අපෙ අම්මා නම් දේශීය ඩොක්ටර් කෙනෙක්ය. ඒ මදිවාට පොතක් තියාගෙන මොනවා හරි කොටලා දෙන්නේ අසනීප වූ වෙලාවල්වලටය. 

අද අපේ මාමා කෙනෙක් ආවේය. ඒ උක් දඩු කෑල්ලක් හොයා ගන්නටය. අපේ ගෙදර ඇති උක් දණ්ඩක් නැත්තේය. තිබ්බා නම් ඒවා කාලා අහවරය. අපේ අම්මා පොරට ඒවා සොයාගත හැකි වෙනත් නැතක් කීවේය. මේකා තැන හොයාගෙන යන්නට සෑමාවත් බයික් එකට නග්ගා ගත්තේය.

“හෙල්මට් එක දාගෙන වරෙං..“

“අහවල් එකටද හෙල්මට්.. මේ ලගට නේ යන්නේ..“

“දාගෙන වරෙන්.. හැම තැනම පොලිසිය..“

“ඕනෙ නැහැ.. මමනෙ එන්නෙ..“

“මොකටද හෙල්මට්??“ ඒ සෑමා ගෙවල් ලග බුවෙක්ය.

“පොලිසියෙන් ඇල්ලුවොත්..?“ ඒ අර මාමාය.

“මොන පොලිසියද? මම රට වටේම යන්නෙ හෙල්මට් නැතුව..“

“පිස්සු හැදෙයි..“

“නැතුව.. හිටපු ගමන් ලංකට් එක නැතුවත් යනවා..“

ඒ වචනය ඇසුනු පසු මාමා කික් එක ගැසුවේ නොසිතු වේගයෙන්ය. උක් ගස් ඇති ගෙදරට පියෑබුවේ කතාවට සිනා සෙමින්ය. ආච්චි කෙනෙක් පැමිණ උක් ගස් ඇතැයි කීවාය. ගේ පිටි පස්සේ ඇති බවක් කියා ඇය කපාගෙන එන්නම් කියා ගියාය. ඇය මොහොතකින් ආවාය. ඒ ආවේ දුම් දාන අඩියක පමණ දිග උක් දණ්ඩක් අතැතිවය. එහි අග්ගිස්සේ තිබූ මුල් කැබැල්ල පෙන්වා කීවේ “පුතා මේක ගිහින් හිටවන්න පැළයක් ගන්න පුලුවන්“ කියාය. දණ්ඩ අතට ගත් සෑමා සූස්.. ගාමින් දැගලුවේය. හරි මගුලක්ය. ආච්චී මේ දැන් වත්තෙන් කැපූ උක් දණ්ඩ පට්ට සීතලය. දුම් දාන්නේය. ශීතකරණයේ සතියක් පමණ තිබුණු එකක්ය. නැත්තං ආච්චීගේ වත්ත අයිස් ලන්තය වාගේ පැත්තක් විය යුතුය. ඒ මදිවට මුල හිටවන්න කියූ නිසා මාමාට සහ සෑමාට අහවල් එකෙන් හිනාය. අවසන කරක් ගසා උක් ගසක් සොයා ගැනීමට අපට හැකි වූයේය.

ඒ බෙහෙත් හොයන්නට ගියාම වෙන දේවල්ය. ඉස්සර අපි වත්ත සුද්ද කරන්නට හැදුවොත් අපෙ අම්මා එයට ඉඩ නොදෙන්නීය. නැතිනම් ඇය අප සමග වැඩේට හවුල් වන්නීය. අපි තනියම සුද්ද කළා නම් ගස්, පැල ගැන තිබෙන්නා වූ දැනුම වැඩි කමට අපෙ වත්තේ බෙහෙත් පැලයක් තියා පොල් පැලයක් වත් ඉතුරු වෙන්නේ නැතිය. බොහෝ කළකට පෙර දිනක් සෑමා පැලයක් සිටෙව්වේය. ඒ ඇසළ පැලයක්ය. ඒ සෑමාගේ උපන් දිනයක දවසේය. පන්සලෙන් ලැබුණු පැලයක් හිටෙව්වේ කට කපපු බූලියකය. ඒ පැළය හොදින් වැඩුනේය. වසර ගණනාවක් ගොස් ඒ පැලය බූලියෙන් ඉවත් කොට බිම සිටවිය යුතු යැයි සිතා ගත් සෑමා පැලෑටියේ කදෙන් අල්ලා ඇද්දේය. ඒ පැලයේ මුලත් සමගම ගලවා ගැනීමටය. එහෙත් මුල භාජනයේ තිබියදී කද අතට ආවේය. එදා සිට පැත්තක තිබූ මුල සහිත කදෙන් ඇසල පැලය හොදින් වැඩුනේය. එක පැලය දෙකක් වී භාජනයේ පැල දෙකක් තිබුනේය. ඉන් එකක් අක්කාටත්, අනික අපේ ගෙදරටත් තබා ගැනීමට අම්මාට හැකි වූයේ සෑමාගේ දක්ෂතාවය නිසාය.

මේ සියල්ල මැද අපේ වත්තේ නාදුනනා පැලයක් තිබුණේය. එහි නම අම්මා දන්නේද නැතිය. හිටවූයේ කවුද කියාවත් නොදන්නා මුත් එය හැදී තිබුනේ පෝච්චියකය. සමහර විටක අපේ පැත්තේ මල් විකුණන බණ්ඩාරයා අම්මා රවටා රෝස පැලයක් කියා දුන් පැලයක් විය හැකිය. පොර ඒ තරම් බඩ්ඩක්ය. මල් පැලය ගන්නා දවසේ තිබෙන මල ආයේ කවදාවක වත් පිපෙන්නේ නැතිය. එක්කෝ ඌ මල අලවා විකුණනවා විය යුතුය. පොර මල් ගේන්නේ ලොරි භාගයකය. ඒ පැල හැමදාම තියෙන්නේ ලොරිය ඇතුලේය. ඉර එලියක් වැටෙනවා දැයි සැක සහිතය. කුමක් කෙසේ වුවද අපේ ගෙදර අද මල යුද්ධයක්ය. අම්මා අඩේ මලක් පිපිලා කියා කීවාය. මම ඇසුවේ මල් ගහේ නම මොකක්ද කියාය. අම්මා කීවේ නම් නම මොක වුනාම මොකද බං? මලක් ඇවිත්නේ කියාය. අනේ මලක් නේ කියා සෑමාද ගොස් පොටෝ කෑල්ලක් අල්ලා ගත්තේය.

මලේ කතාව සවස් ජාමේ වියැකී ගියේය. රාත්තිරිය උදාවෙන විට අම්මා කීවේ අඩේ මල් සුවදක් එනවා කියාය. මගෙ අප්පේ මලේ යුද්දේ ආයේ නැගී ආවේය. ටෝර්ච් එකක් අතට ගත් අම්මා පහළට ගියාය. අඩේ මල හොදටම පිපිලාය. තඩි සයිස්ය. ලොකු අම්මලාගේ ගෙදර සැට් එකද, අපෙ තාත්තාද, සෙට් එකම එළියට බැස්සෝය. සෑමා ගෙදරටම වී සිටියේය. එහෙත් වටෙන් පිටෙන් කස්ටිය පොටෝ ගන්නා ෆ්ලෑෂර් එළියද දුටු නිසා සෑමාද පොටෝ කෑල්ලක් අල්ලා ගැනීමට පහළට බැස්සේය. ඒ සමගම අම්මා ගෙදරට ආවාය. තාත්තා, සෑමා සහ ලොකු අම්මාගේ ගෙදර සැට් එක මල වටේ ඉතුරු වූවෝය.


“අඩේ මේක මාර මලක්නේ...“

“කවුද බං මේකෙ නම දන්නේ??“

“අනේ මන්දා අම්ම හිටවපු එකක් වෙන්න ඇති..“

“එයත් නම දන්නෙ නැද්ද බං??“

“හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..“ ඒ තාත්තාය.

“මොකක්ද??“ ඒ සෑමාය..

“හෙට අනිද්දට අපිට මේකෙ රසත් දැනෙයි..“

“ඒ කෝමද?“

“අර මල් ගහෙන් කොල දෙක තුනක් කඩල මම කලවං මැල්ලුමට දැම්මා.. පොඩ්ඩක් බලන්න හොදයිද කියලා.. අපිට මැල්ලුමක් හදල දෙයි..“

සෑමා වට පිට බැලුවේ අම්මා අහල පහල ඉන්නවාද කියාය. ඇය පේන්නට සිටියේ නැති නිසා කස්ටිය නිදහසේ සිනාසුනෝය. නැත්තං මල කන්නට වෙනවා සුවර්ය.

පලි - මලේ නම හොයලා දීපල්ලා..

Written by sAm_10:22pm_11/08/13

83 comments:

  1. මොකද කවුරුවත් තාම මලේ නම කියල නැත්තෙ ?

    මම මිගාර

    ReplyDelete
  2. Replies
    1. හිකිස්... මගුල ලියන්න ලැජ්ජද බං ?

      Delete
  3. මෙවැනි මලක් මේ දැක්කාමය...

    කඩෙන් ගන්න පැල වල මල් පිපෙන්නේ නැති එක නම් හොයන්න වටින සීන් එකක් සමහර විට ඒ පැලේ හදන කෙනාට තියෙන අසීමිත ආදරේ නිසා මල මල් පුප්පවන එක වර්ජනය කරනවා වෙන්නැති... අපේ අම්මත් ඉස්සර මලක් දැක්කොත් පැලයක් අරන් එනවා ඒත් පිපිච්ච එකක් නම් තාම මතක නෑ...

    ඒ මල පිපෙනවාමයි කියමුකෝ ඒත් වත්ත සුද්ද කරන දාක අනිවාර්යෙන් මල් වලට හරි.ආයේ තියෙන කම්මැලිකමටම අහල තියෙන ඕන එකයි එපා එකයි සුන් කරලා දාන එක තමා පුරුද්ද...

    //“නැතුව.. හිටපු ගමන් ලංකට් එක නැතුවත් යනවා..“//

    මේකනං අතිශය බයානකයි සැමයියේ... ඔහොම ගියත් මගදි හම්බුවෙන එකෙක්ටවත් නොකියන තරමට ඇඟට ගුණයි...

    මොකක්දෝ ගේන්න කඩේකට ගිය දවසක මාව අහුවුනා යාළුවො සෙට් එකට මුං සෙල්ලම් කරන්න පිට්ටනියට යන ගමන්... බෑ කියන්න සෑහෙන්න උවමනාවක් තිබ්බ නිසා මං කිව්වා මචං මං සිවිල් පිට ඉන්නේ ගෙදර ගිහින් එන්නං කියලා... මුං කියාපි අපිත් එහෙම තමයි වර යන්න කියලා...

    කෝමහරි මැච් එක පටන් අරන් මං දෙයියනේ කියලා පිත්ත අතට අරන් බැට් කරන්න ගයා විතරයි කොහෙන්දෝ ආපු හාල්පාරුවෙක් ඇද්දා කලිසම දනිස් දෙක ගාවටම.. එතකොටම බෝලෙත් දැම්මා කොච්චර කලබල උනාද කිව්වොත් විකට් එකත් පෙරලගෙන ඇදගෙන වැටුනා... කලිසම උස්සන් ඒ අමන වැඩේ කරපු එකාට නෙලන්න හොයද්දි තමා මතක් වුනේ අඩේ එතන තියෙන බිල්ඩිමක ක්ලාස් එකක් තියෙනවය.. එතන ඉස්සර කෙල්ලෝ අපි සෙල්ලම් කරන දිහා බලන් ඉන්නවයි කියන එක... අකුණක් ගැහුවා වගේ ඒ පැත්ත බැලුවාම එකෙක්වත් නෑ මට තේරුනා මොකක් හරි අවුලක් කියලා...

    තාම ඒ ක්ලාස් එක එතන තියෙනවා හැබැයි දැන් කාටවත් ඔළුව දාන්න බැරිවෙන්න ග්‍රිල් එකක් ගහලා කළු වීදුරුත් දාලා තියෙන්නේ...

    එදා මෙන්ම අදටත් රසවත්යැ
    ජය වේවා සැමයියේ

    ReplyDelete
    Replies
    1. හැම අම්මම එහෙම වෙන්න ඇති බං. මල් පැල ගලවන් එන්න රුසියෝ.. සමහරු ගලවං ආවට හිටවන්නෙත් නැහැ. පෙරේත කමටද මන්දා අරන් එනවා..

      බොගෙ කලිසම ගලවන්න නෙවෙ තිබ්බෙ.. හරියටම බෝල් ගාඩ් එකට බෝලයක් එවන්න...

      ජයම වේවා.. ස්තුති !

      Delete
  4. මේකෙ නම මල *ත්ත

    ReplyDelete
  5. සෑමෝ ඔය බන්ඩාරයගේ මල් විකිණිල්ල ඇහුවාම මට මතක් වුනේ අපේ තාත්තා අපේ පැත්තට ආපු වෑන් එකකින් ගත්තු පොල් පැලයක්.ඒක උන් කිව්වේ අවුරුද්දෙන් පීදෙන,බිම ඉඳන් කඩන්න පුලුවන් ජාතියක්ය කියල.පොර කිව්වා වගේ වැඩිය උස ගියේ නම් නෑ.හැබැයි හිටවලා අවුරුදු 7ක් විතර වෙනවා තාම එක පොල් ගෙඩියක්වත් හැදුනේ නෑ.

    පුලුවන් වෙලාවක ඇවිල්ල පලයන්:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
    Replies
    1. අපෝ ඌ අවුරුදු හතටම ආයෙ එන්න නැතුව ඇති නේ බං? ඒත් අපෙ බණ්ඩාරයා ලැජ්ජ නැතුව එන එකනෙ බං දුක !

      Delete
  6. අපේ ගෙදරත් මල් පැළ වලට ඔය සන්තෑසිය තමයි මටයි මල්ලිටයි අහු උනොත්... කොස් පැලේ හරි ගලෝලා විසි කරනවා... හැබැයි ඉතිං එහෙමටම කියලා මල් පැලවත් බේත් පැල වත් තිබ්බේ නැති නිසා ගානක් නෑ.. කොහොමත් අපේ අම්මා ගොඩ වෙදකමට වඩා ඉස්පිරිතාලේ වෙදකම ගැන විශ්වාසය තියපු කෙනෙක්.. ඒකට අපේ නැන්දම්මයි මාමණ්ඩියි.. කැඳද, කසායද, තුවාල බේත්ද ඕනේ එකක්... මොකක් හරි වෙච්ච ගමන් කොහෙන් හරි හොයලා දෙනවා... ( මං ඔය එයාගේ කුණු ගොඩ ගැහිල්ලට බැන්නට ඒ කුණු ගොඩ අස්සෙ තියෙන පරම්පරාගත සිංහල බේත් ජාති එකතුවට නං එයාට පිං දෙනවා.. )

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හිරු ගොඩක් වෙලාවට ඒ වෙදකම් සාර්ථක වෙනවා.

      ගස් ගැන මගෙ දැනුමත් නිල් බං !

      Delete
    2. meyageth mala wage dan huththa

      Delete
  7. මේ කෙකටපුලියා මලක්නෙ ඉන්ගිරිසියෙන් කියන්නෙ එකපුලියාස් ..

    ReplyDelete
    Replies
    1. කෙකටපුලියා කෙකටියා වර්ගයක් නෙබං.. එකපුලියාස් වෙන්න පුලුවන්.. හැබැයි සීතලට නුවර එළිය පැත්තෙ !

      Delete
    2. කෙකටපුලිය කියන්නෙ පු*ට කෙලියනෙ

      Delete
  8. අලෙ දන්නේ naha අයියා.. ඔන්න බේබි රෝස නම් දැක්ක ගමන් දන්නවා. එච්චාර තමයි දන්නේ. මම ශාක ගැන දන්නා දැනුම ගොඩාරියක් අඩුයි. මලනම් ලස්සනයි. ගෙදර ඉන්නේ පරිසර වේදියෝ නේද.. ?

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. පරිසර වේදියෝද මන්ද බං... වෙලාවකට කොයිල් වගේ..

      Delete
  9. අනේ අපොයි... උබලට එහෙම හරි වත්තක් තිඔයෙනව මල් වවන්න... අපිට කොයින්ද වතු....වටේටම කොන්ක්‍රීට්....

    ReplyDelete
    Replies
    1. කොන්කිරීට් වල වුනත් පෝච්චියක් තියල හිටවපං යකෝ !

      Delete
  10. අපි වත්ත සුද්ද කරන්න ගියාමත් ඔහොම තමයි බං. ඕන එකයි එපා එකයි හැම එකම කපල දානව.
    බොලාගෙ තාත්තනං මාර ඉස්පෙරිමන්ට් නෙ කරන්නෙ. තාම ඒ මැල්ලුම කාපු කට්ටිය යහතිං ඉන්නවද. :D

    ReplyDelete
    Replies
    1. කෝප්ප කොළ මැල්ලුම, කලවං මැල්ලුම එහෙම සිරා බං. අපි දන්නෙ නැහැ තණ කොලත් දානවද මන්දා !

      Delete
  11. මමත් දැකලා තියෙනවා සෑම් සෑම් ඔය මල නම නම් දන්නේ නැහැ. සුවඳයිත් තමා.

    කන්නේ නම් නැහැ දන්නේ හැටියට :v

    ReplyDelete
    Replies
    1. මල් කනවද බං? ගහනව මිසක්කා :ඩී

      Delete
    2. නොදකින් මේකාගේ කට. මේ අසණන කොලුවාට මල් ගහන්ට පුරුදු කොරන්ට එනවා. ;)

      Delete
  12. මලේ නම දන්නේ නෑ බං.

    අර උක් ගහ ෆ්‍රිජ් එකේ තිබ්බට මම නම් හිතන්නේ හිටෙව්වොත් පැළවෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒක අවුලක් නැහැ පැළවෙයි කියල කවුරුත් කිව්වා. ඒත් බං ආච්චි දැන් කපං ආපු එකක් කියලනේ බං දුන්නෙ..

      Delete
  13. මේ ජාතියේ ගහක් අපේ ගෙදරත් තියෙනවා. මල් පිපෙන්නේ රෑට. මාර ම සුවඳ යි! අපේ අම්මා කොහෙන් ද මන්දා ගෙනාපු එකක්. කවුරුත් නම දන්නේ නෑ. හැබැයි මලේ හැඩේ නිසා අම්මා ම නමක් දාගෙන ඉන්නවා, "ට්‍රම්පට් මල" කියලා!

    ReplyDelete
    Replies
    1. අපිත් ඒක කියමු :)

      Delete
    2. අපේ කස්ටිය නමක් දාගෙන “ග්‍රැමර් ෆෝන් මල“ කියලා :)

      Delete
    3. ඉතින් ඕකට සිංහල නමක් දාගත්තොත් නරකද ? :p

      Delete
    4. ට්‍රම්පට් කියල සිංහලෙන් කියන්නේ කොහොමද බන්

      Delete
  14. Okata kiyanne ban "gim haanee...guu naadee" kiyala.. Sorry wenta oni engirisiyen sinhala type kalaata hobde.. :-(

    ReplyDelete
    Replies
    1. ගිම්හානී ගූනදී..

      එච්චර ගද මලක් නෙවෙ බං ;)

      Delete
  15. යකෝ ජොකා නැතුව බයික් එකේ යන්න එපා කියහන්. වලවල් වල වැටෙද්දි ලබ්බ බහී.. :))

    නමක් දා ගනින් බං ඔය මොකක් හරි..
    කවලම් මැල්ලුමට ගත්තා???? යකෝ මරුනේ... රහද දන්නෑ..?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලබ්බ බහී නෙවේ බං කටස් කටස් ගාල හරි වැටෙයි..

      තාම ගත්තෙ නැහැ බං. මැල්ලුම සැට් වුනාම කියන්නම් !

      බඩ වේවා.. දරු සම්පත් ලැබේවා !

      Delete
  16. දාපන් අටපට්ටමට. දඩිබිඩිසා ඇවිත් දෙයි නමක්, බොගෙ මූනත් දායි ලොන්ඩ්‍රි චැනල් එකේ.

    //....මාමාට සහ සෑමාට අහවල් එකෙන් හිනාය//

    මල යකාට ගියද්දෙන්, උඹ අහවල් එකෙන් හිනාවුන හැටි කියාපන්කො බං.

    ReplyDelete
    Replies
    1. අනේ හසන්ත මාත්තියෝ.. මේක ආශ්චර්යමත් මලක්..

      අහවල් එකෙන් හිනා වෙද්දි පට්ට ගදයි බං !!

      Delete
  17. Moon Flower -

    http://www.unp.me/f44/lovely-flowers-which-bloom-only-at-night-112184/

    http://www.youtube.com/watch?v=JUkEfkzMlrM

    උඹලගෙ ගෙදර තියෙන්නේ රතු පාට මලක්... Google ට ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. අම්මද බොල.. මේ තියෙන්නෙ මල.. හැබැයි සුදු පාටයි නේ බං..

      අම්මට පෙන්නන්නෝනි..

      Moon flower = සද මල ද? බං?

      මේකට තමා අර සිංදුව කියන්නේ..

      කුසුම් - පිපී මල් සුවද හමද්දී..
      සද තනියට චන්ද්‍රයා ඇවිත්..

      Delete
    2. රෝස මල්, රෝස පාටට විතරක් නෙමෙයිනේ බං තියෙන්නේ.... මේකත් එහෙම වෙන්නැති... හිහ් හිහ්...

      Delete
  18. මේ "නකයවමජවනටවමසකටි" මලනේ! ඕකවත් දන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. රෙද්දයි මේ ඒ මලද බං ??

      අදුරන්න බැරි වුනානේ..

      Delete
  19. මල් සින්දු කියන් උන්ගෙන් අහලා බලපන්...

    ReplyDelete
  20. නම දන්නෙ නෑ අප්පා

    ReplyDelete
  21. අයියෝ ඔකේ නම වත් දන්නේ නැද්ද ඕකට කියන්නේ අර නමනේ ... මට තාමත් පුදුමයි මෙතන එකෙක්වත් දන්නේ නෑ කිව්වම මේ මලේ නම. අපිනම් ඔකේ නම දන්නේ පොඩිකාලේ ඉඩන්මය් ඔව් ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං.. මටත් පුදුම එකෙක් වත් දන්නෙ නැති එක ගැන.. පව් අප්පා..

      Delete
  22. යකෝ ඕක වවන්න තහනම්. ගහේ පිපෙන මල් ගානට හිරේ දානවා. ගංජා වලට හපන් ලු. ඉදපිය බැටේ දෙන්න

    ReplyDelete
    Replies
    1. මගුලයි ගහ කපනවා දැන්ම !

      මල් තුනයි. වසර තුනයි ද බං?

      Delete
    2. ඕව ගැහුවම ගහන එකා ඉන්නේ හඳේ ලු , එකයි මේ මල් වලට moon flower කියන්නේ ,

      Delete
  23. අඩේ අපේ අම්මත් හෙනට මල් වවනව. හදිස්සියට බයිසිකල් එකක් නවත්තන්නවත් බෑ හැමතැනම මල්. ඒත් මේක පෙන්නපුගමන් මේ මොකද්ද කියල ඇහුව ඕයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හොයල කියන්න කියපං.. පැලයක් එවන්නම්.. :)

      Delete
  24. ඔය මලට කියන්නෙ "ජපන් රෝස" මල කියල.
    මට කියන්නෙත් එහෙමද කියල හිතෙනව වටේ ගැවසෙන ගැටිස්සියෝ දැක්කම.

    ReplyDelete
  25. ඇත්තටම මැල්ලුම් කෑවද බං..??

    රෑ මනමාලිය මලක් වගේ පිපුනම ඒත්..ඒව සුදුපාටයිනෙ.

    ReplyDelete
    Replies
    1. තාම කෑවෙ නැහැ බං. හම්බෙයි ඉස්සරහට..

      ඒකෙ රතු වර්ෂන් එක වෙන්නැති නේ ද බං/

      Delete
  26. දන්නෙ නෑ යකො.අම්මට කියල කුප්පමෙනියා කෑදක් හදාගෙන බිපන්.

    ReplyDelete
    Replies
    1. කුප්පමේනියා දෙන්නෙ බඩේ අමාරුව හැදුන පූසන්ට නේද බං?

      Delete
    2. poosa asaneepa wechcha kellange kollantath denawa

      Delete
    3. කොල්ලන්ට පුසෝ ඉන්නවද බන් ,, මටනම් ඉන්නේ තඩි මීයෙක්

      Delete
  27. මචන් ඔය මල සිනි ඉදද මර සුවදක් නේද ......

    ReplyDelete
    Replies
    1. සීනි ඉද්ද ද? මම අම්මට කියල බලන්නම්.. හැබැයි සුවදයි පැලෙන්න.

      උඩ ලින්ක් එකේ දාල තියෙන මූන් ෆලවර් එකම තමා බං..

      Delete
  28. සැමෝ....
    මේ මලට අපි කියන්නේ " අත්තන " මල් කියලා..........
    නුවරඑළිය ,වැලිමඩ පැත්තේ මේ ගස් කැලේට වැවෙන්නේ ...
    සුදු , රතු , කහ වගේ පාට වර්ග තියනවා ....

    ReplyDelete
    Replies
    1. අත්තන නෙවෙ කියල අපෙ අම්ම කිව්වා බං.. අත්තන වගේලු. ඒත් අත්තන නෙවේලු කියන්නෙ :ඩී

      Delete
  29. Saamo..,keedaram pelayak hitoganin,,suwandai ahala gam 7kata.. :P

    ReplyDelete
    Replies
    1. කිඩාරම් මලේ.. පවා.. සුවද දිග හැරේ...

      නේ??

      Delete
  30. moon flower තමා බං. මාත් දැනගත්තෙ උඩ කමෙන්ට් එකෙන්ම තමා හැබැයි. සිරා ලස්සනයිනෙ බං. දෙන්ඩ බැරිද අත්තක්?

    ReplyDelete
    Replies
    1. සිංහල නමක් දාපල්ලකෝ...

      අත්තක් දෙන්නම් සිරාවට.. අපෙ අම්ම ගමටම බෙදන්න යන්නේ :)

      Delete
    2. සිරාවටම මං එනවා උඹලෑ දිහෑ, සෙනසුරාදා ඉන්නවද?

      Delete
  31. ඕකට සමාන මලක් තිබ්බා ලිලී ජාතියක් අපි ඒකට කිව්වේ ස්පීකර් මල කියලා . . කැමතිනම් මේකටත් ඒකම දාපන් . .

    ReplyDelete
  32. මල වදයක් යකෝ මේ මල

    ReplyDelete
  33. අම්මට සිරි පකමා .


    සූස්ථි ගුනෙ තොගෙ පයිය උරන්න ආසයි බල්ලො . තොගෙ අම්මට මගෙ බල්ලා කටට දෙනව බලන්න ආසයි.


    අනෙ පලයන් වලත්ත හුත්ති තොට අපිට තමයි දෙන්න බෑරි වේසි


    සෙන්නා පොන්නා

    දෙෂක පකයො ආගමත අපහාස කරන්න එපා හුථ්ථූ..


    පකයො අමරු නම් හෑමිනියන් වේසවාඅ ආගමත පුකෙ අරින්නෙ නතුව...කොහොමත් ථොපෙ පොන්න අගම ඔහොමයි.


    කෑරි වෑපා තොගෙ අම්මගෙ කිම්බ දීපන් ලෙව කන්න. බ්ලොග් ලොකෙ කාපු තිරිසනාඅ

    ජපන් කිම්බක් හොයලා දීපන් හුකන්නෝ.

    අම්මත සිරි කෑරි රාජ් . තෝ පොඩ් හුත්තවල් වලත දිව දානවා නෙද . තොගෙ පයිය නිසා කී දෙනෙක් ගාඑබ් බර උනාද ?


    අනෙ පලයන් පොන්න හෙන්‍රියො යන්නා.තොගෙ පොන්න වෑඩ ගෑන සිරා දවසක් කිව්වා. තොගෙ දුවව විකුනන් කනව කියන්නෙ අත්තද?

    මාතලන්ට නම් මුක්ත් කියන්නෙ නෑහෑ. මූ මට දෙවියෙක් වගේ

    තොගෙ සූම් එක ගහගන් පකයා පුකෙ. තොගෙ ගෑනිව සූම් කරලා දෙන්නම් ඔනෙ නම් .


    තොපිට මීට පස්සෙ මගෙන් අවසර ගන්න වෙනවා බ්ලොග් කරන්න. මෙ පොන්නයට ගිය කලක් මෙකිට තියෙන්නෙ පුදුමපුකෙ අමරුවක් මෙ සුදීක පොන්නයට දෙන්න ඔනෙ පුක පෑලෙන්න.මොනවද හුත්තො මෙ පොස්ට් . තොගෙ බයික් එක පෙන්නන්න හදන පොන්න පර්ට් නේද මේ.

    හලපයො තොගෙ ගෑනිව දීපන් පකෝ හුකන්න මට

    යකො ගාමිණී තොගෙ ගෑනිව එවපන් මට් හුකන්න

    හුත්ත්තිගෙ පුතා

    ඔයලට කොහොමද ? මම අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා. මට ඔයලගෙ සහයොගය ඔනෙ ගොඩක්.

    මාරයො තො අහු වෙයන් මට අරිනව තොට පුකෙ

    මෙකෙ මුර පදය
    විෂෙෂ 47687545

    ReplyDelete
    Replies
    1. මොකාද යකෝ මේ චාමිගෙ නම හොරකං කරන පඩත්තල වේසිගෙ පුතා? මූ හැමතැනම වන වන යන්නේ ඔය එකම ලබ්බ නේද? තොට ප්‍රොෆයිල් එක වහගන්න ඕනෙද ඉක්මනටම?

      Delete
    2. මේ මොකද බන් මේ ,, මුගේත් පුසා මැරිලද??

      Delete
  34. sAm...මමත් මේ දවස් වල මල් වවනවා..අම්මගෙන් පැලයක් ඉල්ලා ගන්න පුලුවන්ද දන්නේ නැහැ..නේද..?
    ඒ මල නම් මාරම ලස්සනයි..
    නමක් නැත්නම්..කට්ටියම එකතු වෙලා දාමුද නමක්...

    ReplyDelete
  35. machan SAM,

    oya male nama "Datura". me thiyena link ekata gihilla balapan.

    http://en.wikipedia.org/wiki/Datura

    akilashanaka@gmail.com

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...