Wednesday, August 28, 2013

මර්ලින් බැලීම... How to Watch Merlin.. !!


පසුගිය මාසයේ අපේ කඩ පෙල ඉදිරිපිට වහලයක් ගැසුවේ සෑමාගේම මිතුරෙක්ය. පොර යකඩ සමග හැප්පෙන එකෙක් නිසාත් වැඩ හොද නිසාත් වරු දෙකකින් වැඩේ අහවර වූයේය. ඇත්තටම බැලුවොත් අමානෝ තහඩු දමා වහලය යකඩයෙන්ම ගැසීමට අපේ මිතුරාට ගතවූයේ පැය 6ක් පමණ විය යුතුය. මන්ද බුවා වැඩ කලේද සවස 5-8 අතර කාලය තුලය. එසේ දින දෙකක් මිතුරා වැඩ කළේය. එම කාර්යය සදහා අපේ ගමේ අංකල් කෙනෙකුට කතා කළ විට ඔහුට කුලිය ලෙස රුපියල් දොලොස් දහසක් ඉල්ලූ නිසාත්, බඩු සප්ලයි කොට එවන් මුදලක් ඉල්ලීම ඉතා කැත නිසාත් වැඩේ පැවරුනේ මගේ මිතුරාටය. මිතුරාත් බිසීය. ඒත් අපේ අම්මාගේ වචනය අහක දමන්නට බැරි නිසා වැඩේ පොරට පැවරුනේය.

පළමු දින යකඩ තහඩු නොදමා වැඩේ අහවර වූයේය. දෙවෙනි දින වැඩේ සම්පුර්ණව අහවර කරන්නට තිබියදී ආවේ ඔහුගේ තවත් මිතුරෙක්ය. ඔහුද සෑමා අදුනන පොරක්ය. වැඩේ අහවර වූ තැන සිට සෑමාගේ අම්මා කස්ටියට ආප්ප සමග තේ පැන් සංග්‍රහයක් ලබා දෙන්නට සැරසී සිටියේය. ඒත් අනිත් එකා ආපු තැන සිට මුන් දෙන්නාටම එකවර කුලප්පුවක් සැදුනේය. සෑමාද අන්දුන් කුන්දුං වී සිටියේ මුන් දෙන්නා යන්නට දගලන්නේ ඇයිද කියාය. යකෝ මෙච්චර ආප්ප තියෙනවා, තොපි මේකත් මිස් කරගෙන යන්නද කල්පනාව කියා අසද්දීද උන් කීවේ ආප්ප කොයි වෙලේ කන්න බැරිද බං යන්න ඕනේ කියාය. අන්තිමට වැඩේට ඇන්ටර් වුණ සෑමාගේ අම්මා ආප්ප රැගෙන පහල තට්ටුවට ආවේ මුන් දෙන්නා පනින්න හදන නිසාය. කෙසේ හෝ මුන් දෙන්නා අම්මාට කිව්වේ මර්ලින් බලන්න යන්න ඕනේ කියාය.

මොකද අද දෙන්නගේ හදිස්සිය. මම තේ වතුරත් වක් කළා. කියමින් සෑමාගේ අම්මා පහලට ආවාය. අනෙ ඇන්ටි අපිට මර්ලින් බලන්න ඕනෙ ඒකයි මේ කළබල කළේ. ඒ අපේ මිතුරන් දෙදෙනාය. සෑමාට එකවරම මතක් වූයේ මීට පෙර දවසකද කවුරුන් හෝ මර්ලින් බලන්න ඕනෑ කියමින් දුවපු ආකාරයය. අඩේ මටත් මතකයි මචං.. තව කවුද ඔහොම දිව්වා මර්ලින් බලන්න ඕනෙ කියලා.. කියමින් සෑමා මතක් කළේය. එවිට අපේ උන් කියා සිටියේ ඔව් බං මර්ලින් බලන්න කොල්ලො ආසයි කියාය. ඒත් වැඩක් නැහැ බං ඒකට එච්චර පුදුම හිතෙන්නෙ නැහැනෙ කියමින් සෑමා කීවේය. පිස්සුද යකෝ මරු.. මේ වෙලාවට මර්ලින් බලලා හොදට කාලා නිදා ගත්තම ආයෙ පහුවෙනිදට කික් එකේ වැඩ කරන්න පුලුවන්.

එදා වැඩේ අහවර වූයේය. ඊයේ අපේ ආච්චීගේ බණ පිංකම පැවැත්වුණේය. හදිසියේම එදිනට පෙර දා අපේ වහලේ වැඩේට ඇන්ටර් වූ මිත්‍රයා කෝල් කළේය. මචං මම උබලගෙ බණ ගෙදර ඉස්සරහ ඉන්නෙ උඩහට වරෙන්. සෑමා එවලේ සිටියේ කස්ටිය සමග බෝංචි නූල් කඩමින්ය. මිත්‍රයා පැමිණ ඇති බවක් කියු නිසා ක්ෂණිකවම සෑමා උඩහට ගියේය. විනාඩි 15ක් පමණ පාර ලගට වී සිටියද බුවා නැති නිසා සෑමා පහලට බැස්සේ දවස් ගාණක් තිස්සේ එකී කන්ද නැග බැස කකුල් දෙකේ විඩාව නිසා මිතුරාට සිතින් බැන වදිමින්ය. නැවත සෑමා බෝංචි නූල් අරින වැඩේට ඇන්ටර් වූයේය. ආයෙත් මිතුරාගෙන් කෝල් එකක්ය. මචං මම ඇවිත් ඉන්නේ වරෙන්. සෑමා ක්ෂණික උඩට නැග්ගේය. “නැගපං බයික් එකට..“ කියමින් මිතුරා සෑමාව බයික් එකේ නග්ගා ගත්තේය.

“කොහෙද බං යන්නෙ??“

“යන තැන වැඩක් නැහැනෙ උබ ඉදගෙන හිටපං..“

“යකෝ මම බෝංචි නූල් ඇර ඇර හිටියෙ... අපෙ ගෙවල් වල උන් මාව හොයයි..“

“අඩේ.. බෝංචි නූල් අරින්න හොද බේතක් තියෙනවා වරෙන් යන්න..“

බයික් එක නැවතුනේ රහස් ස්පොට් එකකය. එතැන සිටියේ එදා වහලය ගහන දවසේ ආ අපේ මිතුරාගේ මිතුරාය. 

“අඩෝ උබත් මෙතනද??“

“ඔව් බං.. කෝ අර කොලේ ගනින්..“

“මෙතන කීයකද??“

“300ක බං..“

“ඇහ්.. 300ක KG කිව්වට තියෙන්නෙ මිලි ග්රෑම් වලින්නේ බං..“

“ඔව් බං ගනින් ඔය කොලේ තියල ඔතන්න..“

“වතුර තියෙනවද??“

“පොඩ්ඩක් දෙපැත්තෙන් තෙමපං. නැත්තං ඉක්මනට ඉවර වෙයි..“

“හරි මචං.. මේ තියෙන්නෙ..“

“ආ ගනින්..“

“මචං මේක හැමදාම සිද්ධ වෙනවද?“

“නැහැ සෑමා අපි මර්ලින් බලන්න ඕන වුණාම විතරයි මේ පැත්තට එන්නෙ...“

පලි - අපේ එවුන් මර්ලින් බලන්නේ ඔහොමය. සෑමාද මර්ලින් බලන්න යන බුවෙක් යැයි සිතිය යුත්තේ නැතිය. එදා ගියේ මුන් මර්ලින් බලන හැටි සෑමාට වටහා දීමට විය යුතුය.

54 comments:

  1. ෂික් ! හොර යක්කු. මර්ලින් දන්නව නම් එල්ලෙනවා යකෝ, උගේ නම විකුණල කොරන වැඩවලට. හෙහ් හෙහ් හෙහ් ....


    මම නම් ඔය කතාව බලන්නෑ බං, ටීවී බැලිල්ලකුත් නැති නිසා. අපේ ගෙදර අය නම් හැමදාම වීක්එන්ඩ් එකේ ඕක බලනවා. මමත් ඔය සාලෙන් යන එනගමනට දකිනවා පොඩ්ඩක්. මටත් දැන් හිතිල තියෙන්නෙ ඕකේ සීරීස් ටික ඔක්කොම බාගෙන බලන්න. මේ දවස්වල මේ හාර්ඩ් පොජ්ජක් ගන්න කියල හිත හිත අත කහ කහ ඉන්නව, දැන් තියෙන එකේ ඉඩ නෑ. වැඩේ කරාගත්ත ගමන් බාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මලගෙදර කැරම් ගහද්දි අපෙ අමිලයා අහනවා.. මර්ලින් බලනවද කියල වටේ ඉන්න පොඩි උන්ගෙන්.. ඔව් කියන උන්ට මූ කියනවා ඩීවීඩී හතක් තියෙනවලු.. සීරිස් එකම.. 500ක් දෙන්නලු..

      එකෙක් ඉල්ලුවා කොපි කර ගන්න බැරිද කියල?

      අමිලය කියපි.. පුලුවන්.. හැබැයි 500 කෝමත් ගන්නව කියල..

      Delete
  2. පව් යකෝ මර්ලින්...
    දැං මර්ලින් බලන එවුංව පොලීසියෙං කුදලං යනවා කොයි වෙලාවක හරි...

    ReplyDelete
    Replies
    1. ඇයි බං මැජික් නොවැ කරන්නෙ.. පොලිසියෙ තමා ලගින්න ඕනැ ඒකා..

      Delete
  3. එතකොට උඹ මර්ලින් බැලුවේ නැ

    ReplyDelete
  4. මමත් බලල තියෙනව මර්ලින් මරු

    ReplyDelete
  5. මාත් 1998 දි විතර මර්ලින් බලල තියෙනවා. මගෙ හිතේ ඇති හොඳම මතක සටහන් තමා ඒවා.

    ReplyDelete
    Replies
    1. මර්ලින්... ඒ කාලෙ ලාබෙට බලන්න ඇති නේ?

      Delete
    2. රුපියල් විස්සයි තනමල්විල මර්ලින්

      Delete
  6. බොරුවක් කියන්න ඕනේ නෑ.. ඔක්කොම දහබද්දුරා වැඩ කොලා "මර්ලින්" බලන්න බැරි උණා නෙව.
    එක්කෝ කලාද මන්දා..

    අපේ එකෙක්ගේ ආච්චි කෙනෙක් නැති උණා මට මතක විදියට ඕ ලෙවල් කාලේ. අපේ සෙට් එකේ උන්නා 12ක් විතර. අපි හැමදේම කලේ එකට. අපේ උන්ගේ නසරාණි වැඩ කල බුවාලා උන්නා. මමත් ඔය රෝත්තේ එක පුරුකක් තමයි. :D
    අපි 7 ඩේ වෙනකම් ගැහුවා නයිට් පාරවල්. ඔය හැම නයිටෙම අපේ එකෙක් කලවන් :මර්ලින්: ගෙනාව. අපි පල්ලැහැ පඳුරු පොජ්ජක් අස්සේ බැලුවා මතකයි. වැඩක් නෑ.. දැනෙන්නේ වත් නෑ.. :D

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ මර්ලින්ව අදුරන තවත් කොල්ලෝ...

      Delete
    2. ආයේ මක්කැයි.. වෙන වැඩ කොරගන්න පණ නැති උනාට පව්කාරකමට උන්දෑලෑ හොඳට අඳුරනවා :/

      Delete
  7. මදෑ මාත් මර්ලින් බලන හැටි කියන්න කියලා ලෑස්ති වෙලා ආව.. දැන් ඉතිං කොහොමද ඒකත් කියන්නෙ.. අනේ අම්මපා අපිට ශිෂ්ඨ විදියට කියන්න එක වචනයක්වත් ඉතුරු කරන්න එපා උඹලා එකතුවෙලා.. ෂීක්... හි හි...

    ReplyDelete
    Replies
    1. හිරු මර්ලින් බලන්න එපා හොදේ.. කාන්තාවන්ට කැප නැහැ.. ට්‍රයි කළාට අවුලක් නැහැ..

      Delete
  8. මීටරේ අවුල්... මර්ලින් ජොයින්ට් ගැනද කියන්නෙ ??

    ReplyDelete
    Replies
    1. අනුවර්ථ නාමයක් සමාජ ගත කලා බොල !

      Delete
  9. මං බැලුවා මේ මර්ලින් අලුත් සීසන් එකක් වත් ඇවිල්ල ද කියල ... :ඩී

    ReplyDelete
    Replies
    1. අලුත්ම සිරිසොන් එක තමා බොල ;)

      Delete
  10. ඔය කියන සමහර ඒවා තියෙන බව දන්නෙත් උඹලා පෝස්ට් වල දැම්මාමයි.

    ReplyDelete
    Replies
    1. මර්ලින් තියෙනව කියලද බොලා නොදන්නේ?
      නැත්තං කේ.ජි තියෙනව කියලද නොදන්නේ?

      යකෝ සර් කෙනෙක්ද? ශිෂ්‍යෙයක්ද මේකා ???

      Delete
  11. අපේ පොඩි එකත් කුඩු ගැහුවා වගේ තමයි. මට නම් ඒ කාළේ ඉඳලා ඔය වගේ ඒවා දිරවන්නේ නෑ. රොබින් හුඩ් නම් ආශාවෙන් බැලුවා. කෙල්ලටත් වඩා කොල්ලා ලස්සන නිසා..

    ReplyDelete
    Replies
    1. අපි ඕෂන් ගර්ල් බැලුව වගේ තමා බං ;)

      මේ මර්ලින් බැලිල්ල කියන්නෙ වෙන සීන් එකක් බොල..

      Delete
    2. මු දැන් මර්ලින් බලනවලුනේ හොඳටම ඇති ඒක .රොබින් හුඩ් බලන්නත් ගත්තොත් විනාසයි ,

      Delete
    3. ඇයි වටේටම විදියිද?

      Delete
  12. අඩෝව්... සෑමා. මර්ලින් ගොයියාට බනින්ට එපා හරිද? :p

    මමත් කලින්ම බාගෙන බලලා ඉවර කලා. අපේ ගෙදර සෙට් එකත් එක්ක TV එකේ යද්දී බලන්ට අමාරුයි බන්. අනික සති අන්තයේ තමා හැමෝම වගේ එකට එකතු වෙන්නේ. ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් ෆන් එකේ ඉන්නවා. වැඩියෙන්ම කරදරේ අම්මා ගෙන්. අම්මා එතන එක එකා ගැන විස්තර අහද්දී තමා එපා වෙන්නේ. ඒක නිසා මම කලින්ම බලලා අහවර කරලා, දැන් ආතල් එකේ ඉන්නවා.

    මර්ලින් එක්තරා ආකාරය‍කින් කාලේ කන්න මරු සෑම්. :D

    ReplyDelete
    Replies
    1. මට මර්ලින් කතාව නම් එච්චර කික් නැහැ බං... හරියට බලන්නෙ නැති නිසාද මන්දා..

      Delete
  13. අඩෝ මමත් ට්‍රයියක් දාන්න ඕන ඔය විදියට බලන්න.....


    එතකොට මර්ලින් 1ක 2 වෙලා පෙනේවිද දන්නෙ නෑ නෙ... සෑමෝ ඒකත් පොඩ්ඩක් අසා දැන ගනින්කො....

    ReplyDelete
    Replies
    1. පළවෙනි සීරිස් එක බලනකොට දෙවෙනි සීරිස් එක පෙනෙයි බං.. :ඩී

      Delete
  14. මදැයි! මර්ලින් බලන්න ආවා :D

    ReplyDelete
  15. සෑම මර්ලින් බැලුවනං බෝංචි වල නූල් ඉතුරුවෙන එකක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. බලල එද්දි බෝංචි නූල් අයින් කරල ඉවරයි බං ;0)

      Delete
  16. Yako මර්ලින් balana okkoma ohoma newe..

    ReplyDelete
    Replies
    1. කවුද බං ඔක්කොම එහෙමයි කිව්වේ ?

      Delete
  17. මම තාමත් ඉඳලා හිටලා මර්ලින් බලනවා.මර්ලින්ට පස්සේ ආපු සීරිස් නම් කාළකන්නිංට පමනයි ලේබලයේ තමයි වඩාත් සුදුසු.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ගෙදර අය දකී යකෝ උබත් මර්ලින් බලන එකෙක් කියලා..

      Delete
  18. මර්ලින් නං මටත් ඇල්ලුවේ නෑ බං.මම කිව්වේ ටීවී සීරීස් එක ඈ.අනිත් එකත් එහෙමම තමයි.ඈ බං අරුං මර්ලින් බලද්දි උඹට ගඳවත් ආවේ නැද්ද ඈ??

    ReplyDelete
    Replies
    1. එහෙමට කියල ගදක් ආවෙ නැහැ බං..

      Delete
  19. අපේ පැත්තේ නම් කියන්නේ වෙන නමක්... ;)

    ReplyDelete
    Replies
    1. අපෙ පැත්තෙත් බොහෝ නම් බං... මේ අලුත දාපු නම.. මම දැම්මෙ ;;))

      Delete
  20. මං නං මර්ලින් කවදාවත් බලලත් නෑ දැං නං බලන්න හිතෙන්නෙත් නෑ :D

    ReplyDelete
    Replies
    1. අතෑරල වගේ.. නරක පුරුදු !!

      Delete
  21. මමත් දවසක් දෙකක් බැලුව මෙයිට අවුරුදු හත අටකට ඉස්සෙල්ලා.. එයින්ම මර්ලින් ආතල් එක එපා උනා එයින් පස්සේ බැලුවෙම නැහැ.. බලන්නෙත් නැහැ..

    ReplyDelete
    Replies
    1. අම්මද බොල ඒමද? මර්ලින් නම් ආාාාතල් බං !! :)

      Delete
  22. අපිත් මර්ලින් බැලුවා :3 හැබැයි KG නෙවෙයි SG :3

    ReplyDelete
    Replies
    1. ඇස් ජී කියන්නෙ මොනවද බං ?

      කොහෙ ඒවද?

      Delete
  23. කාලෙන් කාලෙට මේකට කියන නම වෙනස්වෙනවා වගේ..!!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. දැන් කස්ටිය මේක භාවිත කොරයි නේ?

      Delete
  24. අපේ අම්මට Android Tab එකක් අරන් දෙන්න ඕනෙ මේ blog එකට shortcut එකක් දාලා..

    ReplyDelete
    Replies
    1. අන්න පොඩි එකාත් ඇවිල්ල මර්ලින් ඉල්ලුවා. මම කිව්ව අමිල මාමාගෙන් ඉල්ල ගන්න කියල

      Delete

Related Posts Plugin for WordPress, Blogger...