Monday, August 19, 2013

ගුරාගේ කාඩ් ගැහිල්ල.. - How Gura Played with Cards !!


ගුරුන්ටත් අකුරු වරදින්නේය. එහෙම කීවේ ඉස්සරය. දැන් සග, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයටම අකුරු වරදින්නේය. කතිරය වැරදුන තැන සිට හැම එකම වරදින්නේය. ඒවා වැඩක් නැතිය. මේ කියන්නට යන්නේ අපේ එකෙක් ගැනය. ඌටත් වැරදුනේය. බුවාගේ නම අපි කියන්නේ ගුරා කියාය. හරි නම ලියැවුනේ නැතත් ගුරා කීවාම උගෙ නම කියවී හමාරය. ඇග පත ඉන්විසිබල් හල්ක් වගේ වුණාට වයසින් පොඩි එකාය. හැම එකාටම කතා කරන්නේ “අයියා..“ කියාය. ගුරා හොද එකාය. මෑතකදී ඔපීසියේ වැඩක් ගුරාගේ කරමත වැටුනේය. ඒ අපේ සැට් එකටම විසිටින් කාඩ් ගහන වැඩක්ය. ගුරාගේ නම සහ බැංකු ගිණුම් අංකය අපේ හැම එකා අතටම දුන්නේ ගුරාගේ ගිණුමට මුදල් බැර කිරීමටය. ඒ සමගම අපේ නම්, දුරකථන අංක, ආදී සියළු විස්තර ගුරාගේ දුරකථනයට කෙටි පණිවිඩ මගින් දැනුම් දීම සිදු කෙරුනේ වැඩේ අකුරටම සිද්ධ කර ගැනීම සදහාය. අපේ මැනේජර්ලාගේද නම් අදී විස්තර ගුරාට ලබා දුන්නේ ඔවුනටද විසිටින් කාඩ් ගසා ගැනීමේ පරමාර්ථයෙන්ය. ඒ අතර එක මැනේජර් කෙනෙකු ගුරාට ඔහුගේ පරණ විසිටින් කාඩ් එක ලබා දී තිබුණේය. ඒ මැනේජර් පට්ටමට උසස් වීම ලබන්නට පෙර සාදන ලද එකක්ය.

සති කිහිපයකින් අපට විසිටින් කාඩ් ලැබුණේය. කිසිම අවුලක් නැතිය. කාඩ් එකේ මෙටීරියල් එක ටිකක් අවුල් වුණාට සෑමාගේ කාඩ් එකේ විස්තර නිවැරදිව තිබුණේය. සෑමා තමන්ගේ නම එතරම් සුලභ නොවන නමක් නිසා ඉන් බැට කා ඇති වාර අනන්තය. ඉංගිරිසියෙන් සමින්දික කියා ලියුවොත් සමහර ටීචර්ලා කතා කලේ ක“ යන්න වෙනුවට කා“ යන්න දමා ස්ත්‍රී ලිංග කරලාය. එහෙමත් නැතිනම් කවුරුන් හෝ නම ඇහුවොත් දහ දොලොස් පාරක් නම කියන්නට වෙන දඩුවම විද ඇති නිසාය. වෙනත් අයෙකු සෑමාගේ නම ලියුවොත් එය ලියන්නේද වැරදියටය. ස“ යන්න වෙනුවට චමින්දික කියා ලියූ අවස්ථාද බහුලය. එවන් දඩුවම් විද ඇති නිසා සෑමා කාඩ් එක ගත් හැටියේම නම කියවා බැලුවේය. අනේ කිසිම අවුලක් නැතිව නම හරිය. හිත සතුටින් කාඩ් එකක් කියවා බලා සෑමා එය උඩ සාක්කුවේ ඔබා ගත්තේ අමතක වීමකින්ය. ඉතිරි කාඩ් මිටියම සෑමා කැබිහෝල් එකේ බැස්සුවේ මග තොටදී නංගිලාට දෙන පරමාර්ථයෙන් නොව, රාජකාරී කටයුතු සදහාමය.

කාඩ් සිද්ධියෙන් පසු අපේ සැට් එකම නැවත එකම වේදිකාව හමුවූයේ මල ගෙදරකදීය. අප මිතුරෙකුගේ පියා නැතිවීමේ සොවින් අප එහි රැස්ව සිටියදී අපේ එවුන්ට කාඩ් සීන් එක ඇදී ආවේය. කාඩ් එකේ හොද නරක පිළිබද ප්‍රශ්න මතු වෙද්දී සෑමාට සිහි වූයේ එදා උඩ සාක්කුවේ දමා ගත් කාඩ් එක පැය දෙකකට විතර පසු එළියට ගනිද්දී තෙත් වී තිබි අයුරුය. ඒ තරමට මෙටීරියල් එක සිරාය. ඒ අතර අපේ මුරේ තම අදහස් දැක්වූයේය. මුරේ කීවේ ස්පයිඩර් මෑන් ආච්චී දුටු එකාය.

“ගුරා මගෙ කාඩ් එකට තමයි බං මරුම ආතල් එක දුන්නේ..“

“ඇයි බං මොකද සීන් එක?“

“මූ නම දෙකට කඩල ගහල බං.. මේ තියෙන්නෙ කාඩ් එක..“ 

මුරේ කාඩ් එක දිගු කළේය. මුරේගේ නම MURALI SRINIVASAN ය. එය කාඩ් එකේ ගසා තිබුණේ තනිකරම කැපිටල් අකුරෙන්ය. එහෙත් SRINIVASAN වචනයේ අකුරු අතර පරතරයක් තිබුණේය. එහි එය සටහන්ව තිබුණේ SRINIV ASAN ලෙස වී සහ ඒ අකුරු අතර පරතරයකින්ය.

“ඉතිං මේක උබ ගුරාට කිව්වෙ නැද්ද බං“ අපේ එකෙක් අතුරු ප්‍රශ්නයක් නැගුවේය.

“කිව්ව බං ඌ ඒකටත් මාර explanation එකක් බං දුන්නේ..“ මුරේ කීවේ උගේම වචනයෙන්ය.

“මොකද බං කිව්වෙ?“

“මචං ඌ කියනවා V අකුර පොඩ්ඩක් ස්ලෝප් එක තියෙන අකුරක්ලු. A අකුරෙත් පොඩි ස්ලෝප් එකක් තියෙනවනේ. ඒක නිසා ඒ දෙක එකට ලං කරල ලියන්න බැහැලු.“

ගුරාගේ පැහැදිලි කිරීමට අපට හිනා ගියේ අප සිටින්නේ අවමගුල් ගෙදරක බව අමතක කරමින්ය. සැප කනේය.

“ඉතිං බලපං ඌ කියල තියෙන දේත් ඇත්ත නේ බං..“ එකෙක් හිනා වෙමින් කීවේය.

“මාත් සිරා ගත්ත බං. ඒක නිසා මම සද්ද නැතුව හිටිය ආ ඇත්ත නේද කියල..“ මුරේ කිවේය.

“උබත් අමු මෝඩයෙක්නේ බං..“

“හිටපං කෝ කියන්න. ඊට පස්සෙ මට ටීක් වුනේ අපෙ තිවාගේ කාඩ් එක දැක්කම.“

තිවාද අපේ එකෙක්ය. උගෙ නම තිවාගරන්ය. උගෙ නම ලිව්වාමද V A අකුරු දෙකක් එක ලගට වැටෙන්නේය. ඒත් උගෙ කාඩ් එකේ එහෙම අවුලක් නැතිය. V අකුරේ ස්ලෝප් එක් A අකුරට බලපා නැතිය. මුරේ මෙය දැක නැවත ගුරාට අමතා ස්ලෝප් එක ගැන උගන්වා ඇත්තේය.

“ඉතිං උබ ඌට පෙන්නුවෙ නැද්ද තිවාගෙ කාඩ් එක“

“මම ඌට කෝල් කරල කියල දුන්න මචං. සෙට් වුනෙ නැහැ තවම. සෙට් වුනාම පෙන්නලම කියල දෙන්න ඉන්නෙ...“

“පව් බං ගුරා.. ඌ හොද එකා..“

“එහෙම අවුලක් නැහැ බං. ඌට බයිටක් දාමු..“

“ඇයි උබල දන්නවද අනිත් සීන් එක??“ මුරේ නැවත හඩ අවදි කළේය.

“මොකක්ද බං ඒ?“

“අපේ මැනේජර් මූට කාඩ් එකක් දීල එකෙන් බලාගෙන නම දාල අලුත් කාඩ් එක ගහන්න කියල. මූ කරල තියෙන්නෙ designation එක මැනේජර් කියල දාන්නෙ නැතුව, පරණ විදිහටම ගහලා. කාඩ් සෙට් එකම අපරාදෙ බං..“

සැප කනේය. ගුරා ආයෙත් මෙහෙම වැඩ බාර නොගන්නා බවට ප්‍රකාශයක් කර ඇති බවට ආරංචි ලැබෙන්නේය. ඒ අතර අද සවස සෑමාට මාර ආතල් එකක් වූයේය. එයත් ගුරාගේ කාඩ් සෙල්ලමේ ප්‍රතිඵලයක්ය. එය සෑමාට ලැබුණ කෝල් එකක්ය.

“හොලෝ... සෑම් නේද කතා කරන්නේ..“

“ඔව් කියන්න..“

“මල්ලි මම මේ අද මැක් ඩොනල්ඩ් එක ලගදි හම්බුණ එක්කෙනා කතා කරන්නෙ. අර ඩොක්ටර් ඔයාට කෝල් එකක් දෙයි..“

“ඈැැැ... මොන ඩොක්ටර්ද?“

“මේ සෑම් නේද?“

“ඔව්.. සෑම් තමා.. ඒත් මම කාටවත් මගෙ කාඩ් එක අද දුන්නෙ නැහැනෙ..“

“මේ නම්බර් එක තමා. මේ දවල් නේද මට කාඩ් එක දුන්නෙ. නමත් මේකම නේද? මට රාගමදි අද හම්බුනේ..“

“ඔව් අයයේ. හැබැයි ඔයා හොයන්නෙ සම්පත්ද දන්නෙ නැහැ. එයා අද රාගම. ඉන්න මම කෝල් එකක් ගන්න කියන්නම්..“

සෑමාට හිතුනේ සෑම්/සම්පත් යන නම් දෙක පටලවා ගිය විසිටින් කාඩ් එකක් නිසා සිද්ධ වෙච්ච දෙයක් කියාය. ඒ නිසා සම්පා අමතා ඌව කන්ටැක්ට් කළේය. එහෙත් පසුව සම්පාද කීවේ එවැනි අයෙක් හමුවූයේ නැත කියාය. පැය කිහිපයක පසු ලකියා කෝල් කළේය.

“මාර සීන් එක බං..“

“ඇයි බං..“

“මගෙ කාඩ් මිටිය අස්සෙ උබෙ කාඩ් එකක් තිබිල. මම දවල් එකක් ඇදල එකෙක්ට දුන්නා. ඌ මාව දැන් හම්බවෙලා බැන්න බං.“

“ඔව් මට එකෙක් කෝල් කරල කතා කළා බං.. මම හිතුවෙ සම්පව හොයනව කියල.“

“කැත සීන් එක බං. ඌ කියනව මොනවද බං අනිත් උන්ගෙ කාඩ් බෙදන්නෙ කියල. මම දැන් ඌව හම්බවෙන්න ඇවිල්ල ඉන්නෙ..“

“හරි හරි.. උබ වැඩේ කර ගනින්...“

“ඔව් බං. කෙල්ලෙක්ට කාඩ් එකක් දෙන්නත් බයයි බං.. මම දෙන කාඩ් වලින් උබලට කෑලි සෙට් වෙයි.. අපරාදෙ...“

Written by sAm_ශ්‍රී_Perera_7:23pm_17/08/13

46 comments:

  1. හෆොයි !

    ඇයි බං ඌට වැඩේ බාර දුන්නට ප්‍රින්ට් කරන්න කලින් කට්ටියටම එකතු වෙල පෲප් එකක් එහෙම බලල හිටින්න තිබුනනේ. එහෙනම් ඔය අවුල නෑනේ. අනෙක කාඩ් මිටිය අස්සෙ අනුන්ගෙ ඒව තියෙන එක නම් ගුරාගෙ වැරැද්දක් වෙන්න බෑ, ඒක එහෙමම වෙන්කරල දෙන්නෙ ප්‍රෙස් එකෙන්මනේද?

    ReplyDelete
    Replies
    1. ගුරා පව් බං. මට හිතෙන්නෙ බහුතරයක් වැරදි ප්‍රෙස් එකේ එකාගෙ. අනිත් එක උබ කිව්ව වගේ කස්ටිය එක තැනකට සෙට් වෙලා මේක ඉවරයක් නොකරපු එක. අපේ අනුරාධපුර, කුරුනැගල, ගාල්ල වගේ ෆිල්ඩ් එකේ උන් එක තැනකට අරන් කාඩ් ගහන්න ගියොත් ඒකට මුං ටික කොළඹ එන්න පෙට්ට්‍රල් වියදම දැම්මම ලොක්කගෙ ඇස් නිලංකාර වෙයි බං..

      Delete
    2. ඒකටනේ බං ඊමේල් කියලා ජාතියක් තියෙන්නෙ.. මොකද්ද ඔය කොම්පැණිය....

      Delete
    3. ඔව්නේ, එහෙම අවුලක් තියෙන තැනක් නම් අනිවා හිරුවා කියනව වගේ මේල් කරල හරි වැඩේ කරන්න ඕන. පෲප් නොබල ප්‍රින්ට් කියන්නෙ ඉතිං....

      Delete
    4. //මොකද්ද ඔය කොම්පැණිය//

      ෆාමසි කාරයොන්ටයි දොස්තරලටයි තෙල බෙදන එක වෙන්න ඕන.

      Delete
    5. කොම්පැනියෙ අවුල නෙවෙ බං අපෙ ඉන්නෙ කන්ට්‍රි මැනේජර් මේල් එකක් දැම්මත් ලොග් වෙලා බලන්නැති හැත්තක්. ඌ මේල් එක දාල එස්.එම්.එස් එකක් දැම්මොත් මුන් සෙට් එක බලයිද කියලවත් ෂුවර් නැහැ. අනික කම්පැනි ඇඩ්‍රස් නෙවෙනෙ.

      මේල් සීන් අසාර්ථක නිසා එස්.ඇම්.එස් මගින් නම් ගම් එවන්න කිව්ව. මාත් යැව්වෙ එහෙම. අනිත් උන් මොනා කලාද මන්ද බොලව්..

      @ඩිඩිටී - තෙල බෙදිල්ලෙත් හොදම එක. වැඩි විස්තර නොකියන්නේ ජිවනෝපාය බැවිනි. ;)

      Delete
  2. මරු සිද්දි ටිම සෑමයියේ
    ඊලග කාඩ් සෙට් එකත් ගුරාටම කියල ප්‍රින්ට් කරවගන්ඩ ඈ
    එතකොට තවකතා ටිකක් ඇහුවකි

    ReplyDelete
    Replies
    1. ගුරාගෙ අන්තිම කාඩ් ගැහිල්ල තමා බං. උඋට එපා වෙලා ඉන්නෙ..

      Delete
  3. 'ක' 'කා' වීම අන්තිමට 'ක' අකුරක් තියෙන පිරිමි ළමයි කාටත් වෙන වැඩකි.
    'කාඩ් එකක්' නිසා කාඩ් එක නැතිකරගන්නවාදැයි සිතීම තමන්ගේ අයිතිවාසිකමකි. :D

    ReplyDelete
    Replies
    1. ඕකට අර ඉරි කෑලි පොජ්ජක් ගහනව නේද.

      Delete
    2. ඔව් බං, උච්ච, මන්ද්‍ර, ස්වර වගේ ඉරි කෑලි ගහනවා.

      Delete
    3. කෝමල ස්වර නෙවෙයිද බං.

      Delete
    4. @ මදුරු බේත්
      +++++++++++++++

      Delete
    5. ඔය මේ බෝ පැලයක් වගේ ඉන්න අහිංසක මට මුං කියන කතානේ බං.

      Delete
  4. ඉන්ක්‍රෙඩිබල් හල්ක් මිසක් ඉන්විසිබල් හල්ක් කෙනෙක් ගැන අපි නම් අහලා නැත ඕං... :)

    ReplyDelete
    Replies
    1. හුටස්.. මාත් අහල නැහැනේ.. කවුද එහෙම ලියල තියෙන්නේ ??

      Delete
  5. මගේ සීන් කෝන් එක කාඩ් එක ගැහුවොත් ප්‍රින්ට් එකෙන් එලිට එද්දී ජොබ් එක වෙනස් වෙලා මොකෝ පාට් ටයිම් නේ වැඩියෙන්ම කරන්නේ!!!

    ReplyDelete
    Replies
    1. එතකොට වරද කාගේද කියා සෙවිය යුතුය නේ ??

      Delete
  6. පිස්සු කේස් එකක්නෙ..!

    නම ලියනකොට වරද්දන කේස් එක මගේ නමෙත් තියෙනව බං..!

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන කේස් එකක් තමයි බං.

      Delete
  7. මටත් ඔය තැන කියහන්කෝ කාඩ් ටිකක ගස්සවාගන්න.

    ReplyDelete
    Replies
    1. ගුරාව කන්ටැක් කරවන්නම් කෝ ;)

      Delete
  8. උඹ කියද්දි මටත් හිතුනෙ මේ වගේ AV කේස් එකක් වෙන්න පුළුවන් කියල.

    ReplyDelete
    Replies
    1. AV කිව්වේ Audio / Video කේස් එකක්ද රාජ් ?

      :)

      Delete
  9. “ඔව් බං. කෙල්ලෙක්ට කාඩ් එකක් දෙන්නත් බයයි බං.. මම දෙන කාඩ් වලින් උබලට කෑලි සෙට් වෙයි.. අපරාදෙ...“
    වැදගත්ම කතාව මේකයි

    ReplyDelete
    Replies
    1. අපේ ඒව දුන්නට පව් සිද්ද වෙනවද මැලේ අයියා ?

      Delete
  10. //මචං ඌ කියනවා V අකුර පොඩ්ඩක් ස්ලෝප් එක තියෙන අකුරක්ලු. A අකුරෙත් පොඩි ස්ලෝප් එකක් තියෙනවනේ. ඒක නිසා ඒ දෙක එකට ලං කරල ලියන්න බැහැලු.“//
    පිස්සු හැදෙනවා බං මේක කියවලා.වැඩ කරන එවුනුත් අහනවා පිස්සුද කියලා තාම හිනාවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. :D :D

      ගුරාගෙ උත්තරේ තමා බං ආතල්. උබ කියන්න අපි මලගෙදර දෙක වෙන්න හිනා වුණා.

      Delete
  11. මාත් V A සහ VA ගහලම බැලුවා ඕං.

    ReplyDelete
    Replies
    1. ගහලම බලපු එක හොදයි හෙන්රි අයියා..

      Delete
  12. කමක් නෑ ඔන්නෙහේ කෑල්ලක්වත් සෙට් වෙන්නෙ නතෑ අර කිවුවා වගේ

    ReplyDelete
  13. ඔකට සෑමො නොසෑලකිල්ල කියන්න්ත් පුලුවන්.උගෙ ජොබ් එක උනත් නොවුනත් වෑඩෙ බාර ගත්තනම් මිට වඩා සෑලකිලිමත් වෙන්න තිබුන

    ReplyDelete
    Replies
    1. අපෙ ගුරාට එහෙම කියන්න එපා මචං ;)

      Delete
  14. උඹටත් සෙට් වෙන බයිට්....!

    ReplyDelete
  15. //ගුරුන්ටත් අකුරු වරදින්නේය. එහෙම කීවේ ඉස්සරය. දැන් සග, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගයටම අකුරු වරදින්නේය. කතිරය වැරදුන තැන සිට හැම එකම වරදින්නේය. //

    වැඩක් නැති වෙන්නේ කොහොමද බං මේක තමා මේ ලිපියේ වටිනාම වාක්‍ය ටික..

    ReplyDelete
    Replies
    1. ඔය කියන කතිර වැරැද්ද කවදාවත් හරි ගැස්සෙන එකක් නෙවෙ බං !

      Delete
  16. අප්පා ගුරා ගුරමියෙක්නේ

    ReplyDelete
    Replies
    1. අඩේ ගුරාමියා කිව්වනම් එල නේ..

      ස්තුති !

      Delete
  17. මම දෙන කාඩ් වලින් උඹලට... අන්න බලපන්. එකට ගොඩයන්න නොහිතන එකෙක්. මගෙත් විසිටිං කාඩ් එකක් ප්‍රින්ට් කරාට පස්සේ මැද කෑල්ල නිමේෂා කියා ප්‍රින්ටි වී තිබුනි. වෙලාවට වැඩිය ගැහුවේ නැහැ. පලවෙනි 50ක් වගේ සාම්පල් ගත්තේ. මගෙත් Himesh කෑල්ල නිසා ඔය දේ වෙනවා. :v

    ReplyDelete
    Replies
    1. ඒ පනහ අතින් ලියල දාල හරි වටේට බෙදපං. වැඩක් වෙයි ;)

      Delete
    2. හැපෝයි... නිමේෂා කියලා කොල්ලෝ කථා කලොත් මගේ අසරණ *කට කෙලවෙන්නේය. ඒ නිසා මේ ඉන්න විදිය හොඳයි :D

      Delete
  18. මගේ කාඩ්නං මං ලේසියකට එකෙක්ට දෙන්නැති නිසා අවුරුද්දකට කලිං ගහපු මිටියත් තව කාලෙකට පාවිච්චි කරන්න පුළුවං.....

    ReplyDelete
    Replies
    1. කාඩ් දෙන්න බැරි තරමට කුඩු වෙලා නේද බං?

      Delete

Related Posts Plugin for WordPress, Blogger...