Monday, July 15, 2013

පූගොඩ බඩා කරලියට... - "Pugoda Bada" Back to the Stage !!!



බඩා යනු සුපිරි බුලට් එකක්ය. පොර අපට සෙට් වුනේ කොළඹ කොම්පැනියක වැඩ කරද්දීය. එහි ගෙවුණු වසරක කාලය අපට ආතල් දුන්නේ බඩාය. එනම් කුෂාය. මලියා, සෑමා සහ බඩා ගෑවුණු තැන වටේ ඉන්නා උන්ට කේස්ය. නඩුවක් හෝ ආතල් එකක්ය. හැම විටම කේස් නැති වුනත් වටේ ඉන්න උන්ට ගින්දර දෙන වාර අනන්තය. සියල්ල සිදු වූයේ ආතල් එකට මිස කාටවත් විනාශයක් ලංකර දෙන්නට නෙවේය. මේ සියල්ල මැද එල්.ආර්.එස්. පෙරේරා (ඌගේ මුලකුරු සමග නම එසේය. කොල්ලා එහෙම කතා කරනවාට කැමතිය.) අප සමග සිටියේය. පොර අපි තුන්දෙනා සමග එකට සිට, වචනයක් වැරදුනොත් බයිට් වෙන ඩයල් එකක්ය. ඌ ඉරට හද කීවොත් අපි පිලගත යුතුමය. නාහෙට නාහන ඩයල් එකක්ය. ඒ නිසා බඩාගෙන් අනන්තවත් බයිට් වන්නේය. එහෙත් ඌට අවුල් යන්නේ සෑමා හෝ මලියා ඌව බයිට් කලොත් පමණක්ය. නැතිනම් බඩා කියන කිසිවකට අවුල් නොයන්නේය. දිනක් ලියුමක් කොටුවේ තැපැල් කන්තෝරුවක පෙට්ටියකට දාන්න ගොස් පොර බයිට් වුනේය. එය සෑමා කලින් දවසක් ලියූ බවක් මතකය. සිද්ධිය සැකෙවින් මෙසේය.
දිනක් මිතුරෙකුගේ ගෙදරට ට්‍රිප් එකක් ගොස් බඩා ගෙදරට ගොඩ වෙන්නට පෙර ගොඩ වූයේ ලැට් එකටය.
එල්.ආර්.එස්. පෙරේරාට තවත් මිතුරෙකු ලියුමක් දුන්නේ තැපැල් පෙට්ටියට දැමීමටය. කරන්න කිසි දෙයක් නැතිය. මුද්දර පවා අලවා තිබු නිසා ඇත්තේ තැපැල් පෙට්ටියට දැමීම පමණය. පොර තැපැල් කන්තෝරුවට ගියේ බඩා සහ සෑම සමගය. 

“මචං මේක අර පෙට්ටියට දැම්මම ඇතිනේද?“

“පිස්සුද බං.. ඔය මුද්දරේ උඩින් සීල් එක ගහ ගනින්..“ ඒ බඩාය.

“කොතනින්ද ගහ ගන්නේ..“

“අර ඇතුලෙ ඉන්න අංකල්ට දියන්.. “

බඩාගේ බඩා සහ පපුව වෙන් කර හදුනා ගන්න
කොල්ලා ලියුම රැගෙන බර වැඩක යෙදී සිටි අංකල් ලගට ගියේය. අංකල් හිස ඔසවන්නේ නැතුවම ඇයි ඇසුවේය. අපට පෙනුනේ එල්.ආර්.එස් ලියුම දික් කරනවා පමණක්ය. අංකල් මල පැන අතපය දිගු කරමින් මොනවාද කීවේය. මූන දෙකට කැඩී එලියට ආ මිත්‍රයා අප සමග කතා කළේ පසුවදාය.

බඩා දුන්නොත් ගිණි ගෙඩියක්ය. පසුව බඩ සොලවමින් නොනැවතී සිනා සෙන්නේය. ඒ කාලේ අපි වැඩ කළේ ෂිෆ්ට් එකක්ය. වැඩට ආ යුත්තේ උදේ 6.30ටය. 2ට වැඩ අහවරය. බඩා 7.30ට පමණ පැමිණ පැයක් පමණ හති අරින්නේය. අතේ අරන් එන්නේ A4 කොළයක පමණ දිග පලල ඇති බත් එකක් පමණය. කෑම වෙලාවට එය දිග අරින්නේ “බලපං අපෙ අම්ම කොච්චර කිව්වත අහන්නෙ නැහැ තඩි බත් එකක් ඔතනවානේ.. “ කියාය. අපිත් සමග කියවමින්ම බත් එකට දෙසා බාන බඩා.. “අද නම් අමාරුවෙන් කෑවා“ බං කියන්නේය. හැමදාම එකම වචන ටිකකය. එහෙත් බත් පොඩ්ඩක් ඉතුරු කල දවසක් නැත්තේය. සමහර දින වල 2ට වැඩ අහවර වී බඩා 5 වෙනතුරු ඕ.ටී කරන්නේය. අපිට ඕටී තියෙන දාට බඩා තනිවම අපි එනතුරු සිටින්නේය. ඒ 3ට ලැබෙන ටී බ්‍රේක් එක නිසාය. ටී එක නොමිලේය. කොල්ලා ටී එක බීමට කට්ට කාගෙන පැය 3ක් අප එනතුරු සිටින්නේය. විටෙක 2ට වැඩ අහවර කොට. 3ට ටී එක බී ගෙදර යන්නේය.

දිනක් ලන්ච් එක ඉවර වී අප සියල්ලෝම පඩි පෙලේ ලෑලි අත්වැලට හේත්තුවී චැට් එකක්ය. එකවරම ලෑලි කැබැල්ල දෙදරා ගියේය. බඩා ගානක් නැතුව සිටි නිසා හැම එකාම බැලුවේ බඩා දෙසය.

“මොකද බං වුනේ??“

“පොඩි වාතයක් ගියා බං..“

“පොඩි..? හොද පොඩි.. යකෝ පැත්තකට ගිහින් ඇරපං කෝ...“

“සද්ද ඒව ගද නැහැ බං.. පොඩ්ඩක් බඩ කුරු කුරු ගෑව. ඒකයි..“

“තොගෙ බඩේ අමාරුවට කොම්පැනි පලිද යකෝ.. ඔය ලෑලි දිරයි..“

කෑමට මෙන්ම බඩා බීමටත් දක්ෂයාය. අක්කර දෙකක විතර බඩක් බෝතල් 5ක් දැම්මත් පිරෙන්නේ නැතිය. එහෙව් බඩා බොන්න ගත්තාම නොනවත්වන්නේය. දැනෙන්නේ වත් නැතිය. දිනක් බඩා අම්බානක සැට් වී ගෙදර ගොස් ඇත්තේය. ඒ ස්ටෝරිය අපි දැන ගත්තේ බඩාගේම වචනයෙන්, පසුවදාය. බඩා ගෙට ගොඩවෙන විටම තාත්තා ඉදිරියට පැමිණ ඇත්තේය.

“බිව්වා නේද??“

“බිව්වා?? කවුද බිව්වෙ?? මම බිව්වෙ නැහැ..“

“බිව්වෙ නැත්තං ඔය වැනෙන්නේ???“

බඩා කකුල් දෙකට හයිය ගෙන, එක අතක් ඉනට තබා. අනිත් අත බිත්තියට තද කර ගත්තේය.

“වැනෙනවා.. කවුද වැනෙන්නේ??“

“හරි හරි.. ගිහින් නිදා ගන්නවා කියවන්නෙ නැතුව...“

එදායින් පසුවත් බඩාගේ බීම නොනැවතුනේය. දිනක් කොම්පැනියෙන් අවුටින් එකක් ගියේය. වාද්දූව පැත්තේ හොටෙල් එකක් බුක් කර සෙට් එකම එහෙ දක්කාගෙන ගියේ කම්පැනියේ මුදලින්ය. අපේ උන්ට බීම තහනම් කොට තිබුනේය. එදා උදේ සිටම මුහුණට හමුවෙන හැම එකාම අහන්නේ.. “මුකුත් නැද්ද මචං..“ කියාය. හැම එකාගේම මුහුණු මැලවී තිබුනේය. නොයෙක් වර්ගයේ ගේම් එහෙම සංවිධානය වී තිබුනේය. එහෙත් ගතියක් තිබ්බේ නැතිය. ඒ ඇල්කොහොල නැති නිසාය.

ඉන්පසු ඇදුම් මාරු කරනවා නම් අපට වෙන් කර තිබු කාමර පෙන්නුවේ මැනේජර් කෙනෙක්ය. බඩා පෙරමුණ ගෙන අපිව ඇදගෙන ගියේය. කස්ටිය එහාට මෙහාට වෙනතුරුම බඩා අපව එහි රදවා ගත්තේය. ඉන්පසු තම ෂර්ට් එක අස්සෙන් බෝතලයක් ඇදලා ගත්තේය. සුදුවා කාලේ බෝතලයක් බඩ අස්සේ ගසාගෙන උදේ සිටම සූදානමින් සිට ඇත්තේ බඩාය.

“මේක කොහෙමද බං ගහන්නේ??“ ඒ සෑමාය.

“කටේ තියං ගහපං.. ඇයි උබට කප් ඕනද?“

“නැහැ යකෝ.. අමුවෙන්?? අනික සුදුවා.. කෂියා ගහනවා වගෙ..“

“බැරි නම් හිටපං..“ බඩා කටේ තියාගෙන එක හුස්මට ගැසුවේය.

“ඊයා බං..“

“මෙහෙ වරෙන්.. මම දැන් කාලෙ බෝතලෙන් බාගයක් ඉවර කලා.. දැන් මේක පිරෙන්න සින්ක් එකෙන් වතුර පුරවලා ගහපං..“

“අහ්.. එතකොට ටිකක් ෂේප් වෙයි නේද බං..“

සෑමා පුරවා උගුරු දෙකක් පමණ ඇස් පියාගෙන ගැසුවේය. 

“මොකද මෙතන වෙන්නේ...??“ ඒ අපේ මැනේජර් කෙනෙක්ය.

“පොඩි ෂොට් එකක් දැම්ම අයියා..“ ඒ බඩාය.

“අයියෝ.. අමුවෙන්ද ගහන්න තියෙන්නෙ?? එහෙම හරි කමක් නැහැ.. මෙහෙ දෙනව බලන්න..“

එදා සිට බඩාට මැනා සැලකුවේ කෂියා මුදලාලි කෙනෙක්ට වාගේය. 

බඩාගේ කතා සෑමාට ෙකොනක ඉදන් මතක් ෙවන්නට වූයේ මෑතකදී ලැබුණු මිස් කෝල් එකක් නිසාය. සෑමාගේ පෝං එකේ ක්‍රෙඩිට් ලිමිට් එක ගැට්ටේ තිබුනු වෙලාවක ලෑන්ඩ් නම්බර් කෝල් එකක් ලැබුනේය. එවන් කෝල් එකක් ගත්තොත් ඩිස්කනෙක්ට් වෙනවා ෂුවර්ය. එහෙත් කවුරුන්ද නොදන්නා නිසා, ඔෆීෂියල් කේස්ද නොදන්නා නිසා හිත හදාගෙන සෑමා කතා කළේය. බලනකොට අපේ මිත්‍ර බඩාය. පොරගේ හිනාවෙන්ම සෑමා අඩෝ උබ බඩා නේද කියා ඇසුවේය. එම කතාව පැය කාලකට වඩා තිබුනේය.

“ඇයි බං මේ වෙන නම්බර් එකකින්... කෝ උබෙ පරණ නම්බර් එක..“ ඒ සෑමාය.

“අහ්.. මේක ඔෆීස් නම්බර් එක බං..“

“එහෙමද? මම බැලුව මචං මොකද කියලා.. ඇයි ඉතිං මේකෙන් ගත්තෙ..“

“මේකෙන් ගත්තම ලාභයි නේ බං.. පට්ට වාසී.. බිල යන්නෙ නැහැනෙ..“

“උබට විතරක් නෙවේ &^**$# උබලගෙ ඔෆීස් එකටත් වාසී..“

“ඇයි මචං සෑමා එහෙම කියන්නෙ..“

“ඇයි යකෝ මම මිස්ඩ් කෝල් එක දැකල ගත්තම, උබට විතරක් නෙවෙ තොපෙ ඔෆීස් එකටවත් බිල යන්නෙ නැහැ...“

“අඩේ මම ගන්නම් මචං..“

එසේ කියා කට් කළ බඩාගෙන්...තාමත් කෝල් එක නැතිය.

Written by sAm ශ්‍රී Perera_11:24pm_15/07/13

47 comments:

  1. Replies
    1. බොන එක හරි වැරදි බං !

      Delete
  2. අන්න ආස්සරේ කරනවනං මිනිස්සු.බඩාලා ඔක්කොම ඔය වගේද මන්දා.මාත් දන්න බඩාලා දෙතුන් දෙනෙක් ඉන්නවා ඔක්කොම ඔය වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් බඩාලා ඉන්නේ සතුටින් මචං. සිනාසී තර වෙන්න කියනව නොවැ !

      Delete
    2. ඔව් බං... බඩාලා සිරා ඩයල්! ^_^

      Delete
    3. අඹටත් පොඩි බඩක් තියනවා නේද

      Delete
  3. අම්මපා පවු හත්දෙයියනේ ඒ යකා....අහිංසක කොල්ලෙක්නේ

    ReplyDelete
    Replies
    1. අවිහිංසක කොල්ලෙක් තමා. අපේ බොක්ක අයියෝ.

      Delete
  4. බඩා බඩා කියල වැඩිය කියන්න යන්ඩ එපා. මේකෙ ඉන්නව හොද බඩ තියෙන පොරක්. ගෙදෙට්ටම ඇවිත් ගේමක් දීල යයි හොදේ.

    ReplyDelete
  5. pugoda bada renawa lat eke. sam ..ka renawa intarnet eke

    ReplyDelete
  6. මං මේ කල්පනා කළේ බඩාලා ඔක්කොම ඔය ජාතියෙද කියලා... හි හි

    ReplyDelete
  7. “ඇයි යකෝ මම මිස්ඩ් කෝල් එක දැකල ගත්තම, උබට විතරක් නෙවෙ තොපෙ ඔෆීස් එකටවත් බිල යන්නෙ නැහැ...“
    මේක තමයි පට්ට. :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේ බං.. මල පනිනනව නේ..

      Delete
  8. එළ කතන්දර ටිකක්. පිංතූර දැම්ම එකනං හරි වැරදියි.

    ReplyDelete
    Replies
    1. මූන පේන්නෙ නැහැනෙ බං. අදුරන්න බැහැ.

      Delete
  9. අඩේ බඩාලා සේරම මෙහෙමද මන්දා. මං දන්න උනුත් ඔය වගේමයි...

    ReplyDelete
  10. පට්ට යකෝ... ඌට ඔච්චර මඩ ගහන්න එපා යකෝ....

    ReplyDelete
    Replies
    1. මඩ නෙවෙ බං.. ඌ බැන්නත් හිනාවෙනවා.. අන්න කොල්ලෝ..

      Delete
  11. මං හිතන්නේ ඔය පත සයිස් එවුන් ඔක්කොම එකයි වගේ

    ReplyDelete
  12. බිත්තියට හේත්තු වෙන්න තරම් මීටර් එකෙන් ඉදලා තියනවනේ ඌ

    ReplyDelete
    Replies
    1. ඌ කසියා නෑවත් මීටරෙන් මචං ඉන්නෙ..

      Delete
  13. හි හි හි මිස් කෝල් ගහන එවුන් ගැනනම් කතා කරන්න එපා...........

    ReplyDelete
  14. හික්ස්......
    ලෑලි හෙල්ලෙන තරමට වාතයක් කියන්නේ... සෙල්ලන් නෑ නේ..

    ReplyDelete
    Replies
    1. උගෙ පුක බං අක්කරයක් විතර ඇති.. හිරෝෂිමාව වගේ..

      Delete
  15. Replies
    1. නිකන් රෙඩියො එක අහගෙන ඉන්නකොට ඈහුනෙ.මොකද අර රුකන්තයා උබ මන්චි ලෙමන් පෆ් ඉල්ලනව කිය කිය කෑ ගහන්නෙ(ඉල්ලයි සෑමා තව තව කියා)

      Delete
    2. නියම ලෙමන් ඇති පෆ් නිසා ‍;)

      හික්ස්.. මාවත් මතක් වෙලා රූකාට..

      Delete
  16. බුහහහහා...... බඩාලා ඔක්කොම ඔය බෝට්ටුවේ තමා බං.

    මේ ඉන්නේ අපේ බඩා --- මෙතනින්

    ReplyDelete
    Replies
    1. මේ බඩා ගැන කියෙව්වා නොවැ..

      නැද්ද බං කොටා ගැන (උබට නෙව කිව්වෙ හරිද?)

      Delete
  17. අඩේ බඩත් එක්ක බොක්කත් හොද වෙනවද බන්?

    ReplyDelete
    Replies
    1. බඩාලගෙ බොක්ක හොදා බං..

      ඒ වගෙම බලපං කටු වෙන්න කෙට්ටු කෙල්ලෝ පට්ට නපුරුයි !

      Delete
  18. මමත් දැකලා ඇති ඔය මහෝදරව එහෙනම්.

    ReplyDelete
    Replies
    1. මන්දා බං.. මොකද මූ ටිකක් ඇතුලට වෙන්න ඉන්නෙ..

      Delete
  19. උඹලගේ අත්වැල දිරල ඇත්තේ. බදාගෙ ප්‍රශ්නයක් නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. දිරල තියෙන්නෙ ඌ යවපු විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය නිසා බං

      Delete
  20. සිරාවටම පව් බන්........... බඩා. උබල වගේ සෙට් එකක් ආශ්‍රය කරන්න ඌ පරණ පවක් කරලා තියෙන්න ඇති......

    ReplyDelete
    Replies
    1. අහ් කාලෙකින් ඇවිත් තියෙන්නෙ අපෙ මිත්තරයා.. :)

      //උබල වගේ සෙට් එකක් ආශ්‍රය කරන්න ඌ පරණ පවක් කරලා තියෙන්න ඇති......//

      මට උබල වගේ නේද බං ?

      Delete
  21. ආයමත් කෝල් කරොත් මමත් බඩාව මතක් කරා කියපන්

    ReplyDelete
  22. හෙහ් හෙහ්...මොනා වුනත් සිරා බඩෙක්නෙ... :D

    ReplyDelete
  23. පව්. අහිංසකයා. ඕව ලියනව කියල දන්නව නං.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...