Friday, July 12, 2013

නංගිගේ එක මගේ කටේ... The Oral Treatment.. !!!




දවසට වරක් කරනව මම එය අනිවා
රෑ මැද ජාමෙ තනියම මම පිය මැන්නා

නංගී නිදයි දවසම දගලන හින්දා
ඈ ගොරවන නිසා සැක නැහැ එය මා දන්නා



අහිතක් නොවේ ආදරයෙන් අපි දෙන්නා
වෙනසක් නැතිව ඈගේ එක මගෙ වාගේ

කෙදි කෙදි වාගේ කෙලවර කිතියක් දෙන්නා
කළුවර අස්සෙ තොල් අග මා ගා ගත්තා



දිව උඩ දලමින් නටනා හැටි මාගේ
කොස්සෙන් මිදුල අතුගානා හැටි වාගේ

උස්සා බෙල්ල උගුරට දාලා සාරේ
අහවර කළා දවසට වරකුත් බාරේ



යහනින් නැගිටලා නංගා ගිය තාලේ
තාමත් මැවෙනවා මාගේ දෑස් තලේ

වේගෙන් ආව නැවතත් පැත්තෙන් සාලේ
නිදි හිරි කඩමින්ම මම ඇසුවා තොවිලේ



බ්‍රශ් දෙක එක නිසා මම කිව්වා නේද?
මාර්ක් එකක දමමුකෝ බුරුසුවෙ හනික

කනකට නොගෙන මාගේ කීමක් අනික
මැද්දා නේද? මගෙ බුරුසුවෙන් රෑක
*
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
**
*
*
*
*

Written by sAm_ශ්‍රී_Perera_8:43pm_12/07/13

55 comments:

  1. ලස්සනයි..දිගටම ලියන්න සැමෝ ..:P

    ReplyDelete
  2. හෙ හෙ.... හොද වෙලාවට බුරුසුව විතරයි මාරු වෙලා තියෙන්නෙ. (උඩ ඒව දැක්කෙ නැහැල්ලු)

    ReplyDelete
    Replies
    1. වෙන මුකුත් මාරු වෙලා නැහැ මචං :)

      Delete
  3. මමනම් අහු උන්නෑ ඔන්න.. හරියටම ගෙස් කළා දත් බුරුසුව ගැන තමා කියන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. අන්තිම පද සැට් එකෙන් මාට්ටු වෙනව තමා බං ;)

      ඒ ඇරත් උබ මේවට අහුවෙයිද බොල :ඩී

      Delete
  4. මම නං දැනගත්තා!! බුරුසුව කියලා!

    ReplyDelete
    Replies
    1. එහෙම නම් දවසට තුන් පාරක් මැදපං පුතා..

      Delete
  5. සිංහල ,ඉංග්‍රිසි බ්ලොග් ලියන කියවන හැමෝම එකතු වෙන්න ‍මෙම ‍‍‍‍‍‍ community එකත් එක්ක.
    https://plus.google.com/u/0/communities/100485433229782679269

    ReplyDelete
  6. අපි වගේ මෝඩයෝ ටක් ගාලා ඇන්දෙනවා. ඒත් ඉතින් කුනු හබ්බයක් නම් දාන්නෙ නෑ කියල දන්නවා මෙහෙම

    ReplyDelete
  7. මේ වගේ SMS පණිවිඩ වගයක් (කවි නොවෙයි ) ඒ කාළේ ආව මතක් වුනා කවි ටික දැක්කම

    ReplyDelete
    Replies
    1. කොපියක් නෙවේ ඕං.. :)

      Delete
    2. නැහැ , මේ බ්‍රෂ් කතාව ගැන නෙවි ඒ කීවේ මේ විදියට ලියවුනු පණිවිඩ තමයි ආවේ , ඒවත් මුලින් කියවගෙන යත්දි හිතේනනේ වෙන දෙයක් අන්තිමට බලත්දි වෙන දෙයක් ,  ඒ ගැනයි කීවේ , ඔබේ නිර්මාණාත්මක බව අගය කරනවා ඒ වගේම එය කොපියක් නොවන බවත් දැනෙනවා .
      සමාවන්න මුල් පිළිතුර , වෙනස් අදහසක් දුන්නා නම් .

      Delete
    3. එහෙම හිතල කිව්ව නෙවේ මහේෂ්. විහිළුවක් කලේ..

      ස්තුති.. :)

      Delete
  8. මගේ එක නංගිගේ කටේ කියලයි හෙඩිම එන්න තිබුණේ
    ගොඩ වදින්න සෙන්කෝලය පැත්තටත්

    ReplyDelete
  9. ඒ කාලේ සිට අප යහමින් දන්නා
    …සිරිතක් තමයි අපනම් පුරුදුව උන්නා
    …හරියට ඉගෙන ගෙන නෑ උබලා දෙන්නා
    …අපිනම් දෙවතාවක් දවසට කටතුල ඇන්නා

    ………මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. බදිනට පෙර ඉන්නා විට තනිකඩව
      ඇන්නේ උදේ විතරයි ඒ එක වරය
      බැන්දට පස්සෙ හිතුවේ දිව කට ගැනය
      වයසට යන්න පෙර හොද තුන්වර භාවිතය

      තනිකඩ අපේ කටවල් කවුද බං ඉබින්නේ.. එක පාරක් ඇති.. :)

      Delete
    2. ඒකියන්නෙ උඹ රෑටද දත්මදින්නෙ ?

      Delete
  10. ළොකු දෙයක් කලකින් මෙහෙම දෙයක් ලියපු එක.. මෑත කාලේ ගියපුවා මෙලෝ රහක් නෑ. මුල් කාලේ ඒවත් එක්ක බැලුවම..

    ReplyDelete
    Replies
    1. උඹ, අසරණයා, සෙන්නා තියපු දෝස් මුර වලට තරහට තමා බං මේක රසට ලිව්වෙ.

      මේ ටිකේ කරදර ටිකක් වුනා බං. ඒකයි හරියකට මුකුත් ලියනොවුනේ. මගෙ බ්ලොගෙන් මගේ හිත කියවන්න පුලුවන් උන් ටිකක් ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි මචං.

      ජය !

      Delete
  11. ඉංග්‍රීසි කෑල්ල දැක්කම හිතුන බුරුසුව ගැන තමයි කියල. ලස්සනයි.

    ReplyDelete
  12. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය තුන්වන ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙන් උපදෙස් ගනින් පුතා.. ලක්මාල්ට නම් අහුවෙන්න එපා..

      ඕකා මැෂින් එකෙන් මහයි උබෙ සරීර කෘත්‍ය කරන තැන..

      ඒ පැත්තෙ එන්නම්.. ජය වේවා...

      Delete
  13. උඹ දතුත් මදිනවා එහෙනං ඈ...

    ReplyDelete
    Replies
    1. ඔව් මචං දවසට එක පාරක්.. :)

      Delete
  14. Replies
    1. පව් බං උබ වගේ පුංචි වුන් බය වෙනවා :ඩී

      Delete
  15. හ හා... මරු මරු

    ReplyDelete
    Replies
    1. FB රික්වෙස්ටුවක් දාන්න ඇත්තෙ ඔබතුමා වෙන්න ඇති. ඕං ඇස්පෙට් කලා..

      Delete
  16. හිකිස්... කැත හිත් අල්ලන්ට සෑමා ඇරෙන්ට වෙන කවුද ඉතින්. ඕං මයේ නම් හිත කැත නැහැ. හරි හොදයි.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. උබ හොද එකා..

      Delete
  17. අදනං තේරුණා බං.

    ReplyDelete
    Replies
    1. රැවටුන තරම් ඔබ හිංදා මං. අහිතක් නෑ ඒත් ඉතිං.

      Delete
    2. හොඳ වෙලාවට මචන්

      Delete
  18. හෙඩිමේ The Oral Treatment.. ටික නොතිබුණා නම් ටික දුරක් වත් ඇඳගන යනවා සෑම් මලයා.

    ReplyDelete
    Replies
    1. අපෝ දැන් නම් හොඳටම ඇදිලා තියෙන්නේ බන්...

      Delete
  19. හෑක් හෑක් අපි අහුවෙයි ඔවට

    ReplyDelete
  20. කොහොමත් මම හිතුව බ්‍රෂ් එකක්ම තමයි කියල.
    අපේ වයසට නම් මුඛයෙ ගෑවෙන්නෙම ඝනකම් කෙදි නෙ.
    තරුණ කාලෙ නම් දත් සහ දිව මැද්දෙම soft බ්‍රෂ් වලින්ම තමා.
    hard/soft බ්‍රෂ් වල වෙනස තේරුම් ගන්න නම් වයසටම යන්න ඕන මෙයා.

    ReplyDelete
  21. හොදයි හොදයි කවි ටික....

    ReplyDelete
  22. මාත්තුරුකාව ළඟින්ම ෆොටෝවත් වැටිල තිබුන නිසා උඹේ බ්ලොගට එන්නත් කලින්ම උඹ ලියල තියෙන්නෙ මොකක් ගැනද කියල දැනගෙනමයි ආවෙ.

    අපේ හිත් කැත නැති නිසාම හොඳා. :)

    ReplyDelete
  23. හපෝ... මං නම් දවසට දෙපාරක්ම ඕක කොරනවා.......

    ReplyDelete
  24. ඉදකින්වත් පව් අර අසරනි

    ReplyDelete
  25. අනේ මන්දා අනිත් ඒවා නම් කියවලා ඉවර වෙනකංම හිතෙන්නේ නෑ මොකක් ගැනද කියන්නේ කියලා. මේකෙදී හිතුනා.

    ReplyDelete
  26. මැදදී මීටර් උනා ...අනික් එක .. මම පොටෝ එක දැක්කා ^_^ මුලින්..

    ReplyDelete
  27. ලෙඩ බෝවෙන්න මුල කොල්ලෝ !

    ReplyDelete
  28. කාලෙකින් කැත හිත් වලට!

    ReplyDelete
  29. එකම වර්ගයේ එකම පාටින් ගත්තාම ඔය වැරැද්ද වෙනවා.

    ReplyDelete
  30. කාලයක් තිස්සේ මේ පැත්තේ කරක් ගහන නිසා ඔක්කොට ම කලින් යටින් ම තිබුණ පොටෝ කෑල්ල බලලා හිටියා. අහු වෙනවා කියලා හැමදාම අහුවෙන්න පුළුවන් ද බං?

    ReplyDelete
  31. හූ හූ... අදනම් මුල හරියෙදිම මීටර් උනා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...