Wednesday, July 3, 2013

චූ බරට දොර ඇරීම.... Opening Zipper Before The Door.... !!




මේ කියන්න යන්නේ “දොරේ“ කියමින් කතා කරන දෙමල දොරේලා ගැන නෙවේය. දොරක් ගැනය. මලින්ද දොරේ මෑතකදී වත්තල මත්තල එකක් විවෘත කළේය. ඒ එයාර් පෝර්ට් එකක්ය. ෆලයිට් ගැන අපිට වැඩක් නැතිය. එහි යන එන ප්ලේන් ගැන කතා කර අහවරය. ඒවා අතීතයට එක්වී අහවරය. අනික අපේ වුන් ඒවා සති දෙකකට වඩා අදින්නට කැමති නැතිය. අලුත් එකක් අල්ලා ගන්නෝය. එහෙත් පෝට් එක ඕපන් කරන්න  පෙර සහ පසු නියම ඇඩ් එකක් ගියේය. මලින්ද මාමා කැමති ආකාරයේ පොඩි උන් රැසක් එහි රගපෑවෝය. උන් සැට් එක ෆලයිට් එක නග්ගන තැන සිට ලෑන්ඩ් කරන තැන දක්වා දක්ෂ අයුරින් රගපෑවෝය.

ෆලයිට් එක නග්ගන විටදී පොඩි එකෙක් කොඩියක් අත තියාගෙන වැනුවේය. ලස්සන කෙලි පැටික්කියෙක් ගුවන් සාත්තු සේවිකාවක ලෙස ලස්සනට කටයුතු කළාය. පයිලට් අයියා සිටියේ පට්ට වැඩ කාරයෙකු ලෙසය. කොල්ලා තඩි හෙඩ් සෙට් එකක් දමාගෙන පයිලට් ලෙස රගපෑවේය. වැඩේ ලස්සනට කෙරුනේය. ෆලයිට් එක උඩ ගියේය. බිම ඉන්නා තව පොඩි උන් උඩ බලාගෙන අත වැනුවෝය. පංකාදුය. පෝට් එක මගින්, ඇඩ් එක මගින් ජනතාව බඩ කට පුරවාගත්තෝය. පොඩි උන් වැඩේ ලස්සනට අරපරිස්සමට කළෝය. උන් පොඩි උන් වෙලත් උඩින් යන ප්ලේන් එකේ දොරවල් අරින්නට නොගියෝය. ඒ පොඩි උන් සම හරක් ඇමති පුතුන්ට වඩා බුද්ධිමත් නිසා විය යුතුය. ඒ කියන්නේ පොඩි උන්ගෙනුත් මහ එකාලගෙ තඩි දරුවන්ට ගන්නට දෙයක් ඇති බව පවසන්නක්ය.

ඉස්සර ජෝක් එකක් තිබුනේය. අපි හිතුවේ ඒවා සත්‍ය නොවන විහිළු බවක්ය. ඒ තරම් මෝඩ උන් මහ පොලව මත සිටිය නොහැකි නිසා අපි ඒවා විහිළු බවත්, මෝඩ මිනිසුන් මිස මොලේ සැන්ටිමීටරයක් වත් ඇති උන් නොකරන වැඩ බවත් සිතුවෝය. ඒත් ඒ විහිළුව අද සත්‍යයක් වන්නේය. විහිළුව නම් මෙසේය. දැන් ඒවාට හිනා යන්නේද නැත්තේය. මන්ද විහිළු කාරයන් විසින් ඒ මොට්ට වැඩ පවා කර පෙන්වන නිසාය.

මහ රෑ ජාමයේ වෙරි මර ගාතයේ සිටි එකෙක්ට ඇහැරුණේය. පොර බියර් බී සිටි නිසා හැම තිස්සේම වූ බර හැදෙන එක සාධාරණය. පොර ඒ සාධාරණ කරුණ මත චූ බරෙන් පෙලුනේය. නැගිට චූ කරන්නට තැනක් සෙව්වේය. සුපුරුදු බාත් රූම් එකට යන දොර සෙව්වේය. දොර පලුව අතට අසුවූයේය. දොරේ හැඩල් එකෙන් අල්ලා දොර හැර හිත වූ බර නිදහස් කළේය. විසිල් එකක් ගසමින් චූ කොට පොර නිදා ගත්තේය. පසුවදා උදේ වැඩට යන්නට ඇදුම් සොයන කළ ඇදුම් වලින් ආවේ මුත්තරා ගදක්ය. පොර වෙරි මර ගාතයේ චූ කර තිබ්බේ ඇදුම් අල්මාරියටය. 

ඒ කාලේ අපිට ඒවා විහිළුය. අනික මොට්ට වැඩය. එහෙත් අද කාලේ ඇමති පුතාලා කරන්නේද ඒවාය. ගුවනේ සිට ප්ලේන් වල දොරවල් අරින්නෝය. ආතල්ය. ඒවාගේ විනාස කාරී ආතල් ගත යුතුය. ඇමති පුතා එහෙම වැඩක් කළා නම් ලොක්කාගේ පුතා මොනවා නොකරයිදැයි මට විටක  සිතෙන්නේය. පොර අරින්නේ රොකට්ය. එක පාරක් චන්ද්‍රිකාවක්ද යැව්වේය. වෙන රටකින් අපේ නම ගසා යැවූ එක දිහා බලා සිට පොර සැනසුනේය. මහජනයා අහස දෙස බලාගෙන ආඩම්බරයෙන් කීවේ ආඩම්බරකාර තාත්තාගේ පුතා යැවූ නිසා අපට බඩට කන්නට දෙයක් ඕනේ නැහැ කියාය. ඒ අයියා රොකට් එකක දොරක් අරින්නට ගියොත් අපිට සැනසෙන්නට වෙන්නේය. මන්ද ඇමති පුතා කලාට වඩා දෙයක් ලොක්කගේ පුතා කළ යුතු නිසාය. නැත්තං අපිට ගතියක් නැත්තේය. ජාත්‍යන්තරයේද අප කොන් වන්නේය.

ඒ වාගේම විහිලුවක් සෑමාට මතක් වන්නේය. ඒවා ඉස්සර අපි හිතුවේ මොලේ තියෙන උන් නොකරන සැබෑ සමාජයේ විය නොහැකි ඒවා බවය. ඒත් දැන් වෙන්නේ එහෙම ඒවාය. කරන්නේ ලොක්කන්ගේ පුත්තුය. සැප කනේය. ඒ විහිළුවත් මෝඩය. කතාව මෙසේය.

දවසක් බීපු එකෙක් ගෙදර එන්නේ කන්න බලාගෙනය. කන්න දෙයක් නැත්තං ගෑනිව හෝ කන්න බලාගෙන එන්නේය. ගෙදර තියෙන්නේ මොනවදැයි පවුලගෙන් අසන්නේය. ඇය නිදි ඇදේ සිටම කියන්නේ අන්න මේසෙ උඩ කෑම ඇති කියාය. ඔහු මේසය උඩ කෑම වසන වට්ටිය හැර බලන්නේය. පොර මේසය උඩ ඇති පිගාන මත ඇති කෑම කන්නේය. පසුව පිගාන පිගන් රාක්කයේ නවා නිදා ගන්නේය. ඒ අතර පවුලට බනින්නේ මේ පොඩ්ඩ කාලා මගෙ බඩ පිරෙනවද යෝදියේ කියාය. ඇය නිදි මරගාතයේ බීපු මිනිහා කියන ඒවා ගනන් නොගන්නීය. පසුවදා උදේ බලන විට පිගන් රාක්කය දිගේ කූඹි පෝලිමක්ය. සිහියෙන් සිටින රෑ කෑම කාපු හස්බන්ඩාද බලන්නේ මේ මොකද කියාය. බලනකොට පොර පිගන් රාක්කයේ රොටිය නමා ඇත්තේය. පිගාන කියා රොටිය රාක්කයේ දමා පොර ලුණු මිරිස් ගුලිය ගිල ඇත්තේය.

මේවා විය නොහැකි දේවල්ය. එහෙත් දැන් සිද්ධ විය හැකිය. ඇමති පුතා ආතල් එකට ප්ලේන් එකේ දොර හරින්නේ පම්ප් එකක් දමන්නට ටොයිලැට් එකක් සොයා ගැනීමට බැරි නිසාය. එපා කියද්දීත් දෙතුන් වර දොර හරින්නට හදන්නේ හිර කරගෙන ඉන්නට ඇති අමාරුව නිසාය. ඒවාට මුකුත් කියන් එක වැරදිය. අපේ උන්ට නම් තාප්පයකට අල්ලා සැනසිය හැකිය. එහෙත් උන් නම් මොනවා කරන්නද? ලොකු වුනත් පොඩි වුනත් මුත්තරා බර මුත්තරා බරමය. අනුකම්පා කළ යුතුය. එහෙත්  ඡන්දය දෙද්දී මොලේ තිබිය යුතුය. උන්ට කොහොමත් නැති නිසා, මහජනයාට මොලේ තිබිය යුතුය.

Written by sAm_7:57pm_03/07/13

58 comments:

  1. දේශප්‍රේමියෙක්July 3, 2013 at 8:40 PM

    ඕක අනේ විනය ගැටළුවක් විතරයි. . ක්‍රිකට් පාලක මණ්ඩලේ තියෙන ගිවිසුමේ ඔය වගේ ගමන් වලදී මධ්‍යසාර පානය තහනම්ද නැද්ද කියන දේ විතරයි... ඒ ඇරෙන්න ඕකත් කේස් එකක්ද..? උඹලා අපි නොබිව්ව එවුන්ද බං..? බිව්වට පස්සේ අපි ඔයිට වඩා චාටර් වැඩ කරලා නැද්ද... කරුමෙට ඉතිං අපිට.. (අපිට කිව්වට මට ඈ) ඔහොම ප්ලේන් එහෙක බොන්න ලැබිලා නැහැ.. එහෙම නැත්තං ඉතිං ඔය ටිකම මාත් කරයිද කවුද දන්නේ...? වෙරි මරගාතේ බල්ලට මචං කියලා කරට අත දාං නිදාගන්න උන් ඉන්න රටේ දොරක් මාරු වීමත් සීන් එක්කයෑ..? කරුමේ උනේ ඌ කෙහෙළිය කාරයගේ පුතා වීම තමා... :ඪ්

    ක්‍රිකට් පාලක මණ්ඩලේට අනුව බීම වරදක්නං ඒක වසර කිහිපයකට හරි තරඟ තහනමක් වැනි දැඩි දඩුවමකට යටත් වීමනං වෙන්න ඒන දෙයක්.. නැත්තං ඉතිං දණ ගස්සලා තියන්නත් ඇහැකි.. :ඪ්

    ඒක නිසා උන් *කේ *රියත් මම ඡ්න්දෙ දෙනවා

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෝ සහ ඔවුන්ගේ පුත්තු මොනවා කලත් අපිට අවුලක් නෑ. ඒත් උන් කරන ජඩ වැඩ අනුමත කරන සට්ටඹි රාළලා ඇනො ඩිසේබල් කරගෙන, මුණු පොතේ මිතුරු ලැස්තුවේ උන්ට විතරක් පොර ටෝක් දැමීම නම් විළම්බීතයකි

      Delete
    2. ඒක නිසා උන් *කේ *රියත් මම ඡ්න්දෙ දෙනවා

      ඒ ටිකට තමා ගොඩක් දුක හිතුනෙ !

      Delete
    3. මූ කියන කතාව ඇත්ත බලන් ගියාම...

      Delete
    4. @ සහන්,

      ඔය බං මාරයයියා රාජ්ගෙ බ්ලොගේ හවස දාපු කමෙන්ට් එක. වෙලාවක් තියෙනම් ඒකත් පොඩ්ඩක් බලපං මචං.

      http://raj1st.blogspot.com/2013/07/blog-post_3.html

      Delete
    5. ඒකනේ ඒකනේ DDT මට තේරුණා මේක එසේ මෙසේ කමෙන්ට් එකක් වෙන්න බැරි විත්තිය..මාරයියා දුන්නොත් ඉතින් වෙනස හොයතැකි තනි ඇහැට...

      ස්තූතියි මේ ලින්ක් එක දුන්නට..එතනත් නියම සංවාදයක් ගිහින් නේද ...?

      Delete
  2. ක්‍රිකටර්ස්ලා ගැන දන්නවනම් මේක සාමාන්‍ය සිද්දියක් පමණයි. කරුමෙට මූ ඇමති පුතෙක් උනා..

    ReplyDelete
    Replies
    1. කරුමෙ තාත්තට පුතා හදන්න බැරුව රට හදන්න හදන එක !

      Delete
    2. හැබැයි ඉන්දියන් කාරයෝ තමයි පජාතම...කන්න තියෙන ඔක්කෝම කාල , --න්න තියෙන්න හැම තැනම රී- තමයි එන්නේ...

      Delete
    3. කොල්ලෝ ඔහොම තමයි බන්...

      Delete
    4. ටීම් එකට එන්නත් කලින්ම පුවත් මවනව වැඩියි වගේ හිතෙන්නෙ නැද්ද මාතලන්? :)

      Delete
  3. චිහ් මේකා අදත් අහිංසකයෙකුට මඩ ගහලා. කොටියම කාපිය.

    ReplyDelete
    Replies
    1. කොටිය කන්න ගිහින් අපිව බේර ගත්තෙ ඒ අංකල්ම තමා නේද බං අයියෙ ?

      Delete
  4. යකෝ ජනතාවට විනෝදය සපයන උන්ට ඔහොම අලුගුත්තේරු කතා කියන එක හරිද මං අහන්නේ.ෂිඃ ඇත්තට අපේ කරුමෙට දොර ඇරුනේ නෑනේ...එහෙනං පොරගේ මුත්තරා පාර හිරිපොද වැස්සක් වගේ වැටෙනකොට අපේ රටේ ඡන්දදායකයින්ට තෙමි තෙමි නටන්ඩ තිබ්බා....

    ReplyDelete
    Replies
    1. සිරිපොද වැස්ස වගේයා.. මූ චූ කලා වත්ත වටේයා..

      සිංදුව මතක් වුනා.. බං..

      Delete
  5. කතාව නම් වෙනදා මෙන් රස බරය. ......කියන්න උත්සහා කරපු සියල්ල සරලව තෙරුම් ගියේය
    "එහෙත් ඡන්දය දෙද්දී මොලේ තිබිය යුතුය. උන්ට කොහොමත් නැති නිසා, මහජනයාට මොලේ තිබිය යුතුය." මේ වගන්තිය නම් සහතික ඇත්තය.
    සෑමාට ජයෙන් ජය!

    ReplyDelete
  6. අපේ මාමා කෙනෙක් හදිසි චූ බරක් හැදී එකල ප්ලේන් එකේ දොර හැර දැම්මාය. එහෙත් තොපි එකෙක්වත් එය පිළිගත්තේ නැතහුය. එකල ඊට සිනාසුණි. දැන්වත් දෑස් අර බලපියව්! එකල නක්කලේට හිනාවුණු තොපට අතීතය පුනර්ජීවනය කර පෙන්වූ අසහාය ක්‍රීඩකයා දෙස.

    ReplyDelete
    Replies
    1. බලව් බලව්.. එලවව්... :)

      එලවව් කිව්වේ follow කරන්න කියල මිස ගහල එලවන්න කියලා නොවේය.

      Delete
  7. පුළුවන්නම් ඔය කියන ඇමති පුතාව හොයාගෙන, බීලා නැති වෙලාවක අහලා බලහන් අඩි 35000 ක් උඩදි දොර ඇරියම මොකද වෙන්නෙ කියලා.. ගිනි ශුවර් පොර කියයි කිසිදෙයක් වෙන්නෑ කියලා.. බීවා, නොබීවා කියලා ලොකු වෙනසක් නෑ..

    ReplyDelete
    Replies
    1. බිව්ව නොබිව කියල ඉතිං එකම මොලේම නොවැ භාවිත වෙන්නෙ..

      Delete
  8. අනේ ඒ පොඩි එකාට ඉන්න දියං බං...
    ඌ ඕක ඇරගෙන චූ කරන්න ගිහින් ජුන්ඩා හුලගට කඩන් වැටිලා මැරුනත් අපිට පාන්ද??? ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. //ඌ ඕක ඇරගෙන චූ කරන්න ගිහින් ජුන්ඩා හුලගට කඩන් වැටිලා මැරුනත් අපිට පාන්ද???//

      ඇයි යකෝ... රජෙක් කියන කතාද මේ.

      Delete
    2. ඒ බබා ඉදගෙන චූ කරන බුවෙක් නම්.. ෆුට් බෝඩ් එකේ ඉදගනී බං. මොන ජුන්ඩොද එතකොට?

      Delete
  9. ඇයි බං උනුත් බොන්න එපායැ..කරටි කැඩෙන්න..බොට ඊරිසියාව..!

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉරිසියයි අයියෝ !

      Delete
  10. API HARIYATAMA DANNE NEHENE MEYA DORA ARINNA HADUWE, CHOO BARATADA, JEE BARATADA, OKKARE DANNADA, JOKA GALAWILA HADAGANNADA KIYALA.

    ReplyDelete
    Replies
    1. කතන්දරකාරයගෙන් ඇහැව්වොත් කියයි නේද?

      Delete
    2. කැපිටල් මාමා නැවතත් ඇවිත් :)

      Delete
  11. මේක හරි කූර ලෝකයක් අෆ්ෆා. ඇමති පුතෙකුට නිදහසේ රෙ_න්න වත් නෑ, මුං ඒකත් පත්තරේ දානවා.

    ReplyDelete
    Replies
    1. අහසෙ ඉදන් රෙනව කියන්නෙ රෙකෝඩ් එකක් නෙ බංත;. වාර්ථාවක්නේ..

      Delete
  12. ඒක ඩෝප් සීන් නෙමේලු.පව් අහිංසකය පොඩි කාලේ ඉදලම නින්දෙන් ඇවිදිනවලු.

    ReplyDelete
    Replies
    1. තාත්තත් එහෙම ඇවිදිනවලු නේ බං ගම වටේ?

      Delete
  13. අපේ තාත්තාත් ඇමති උණා නම් සෑමා අද මම ගැනත් ලියනවනේ

    ReplyDelete
    Replies
    1. ඇයි උඹත් ප්ලේන් එහෙක දොරක් අරින්න ගියාද ?

      Delete
    2. එහෙනම් උබ මාව අරන් යන්න වෑන් එකක් එවලා.. :)

      Delete
  14. ඕක සාමාන්‍ය සිද්ධියක් කියල ගුවන් යානය අයිති සමාගමත් කියල තියෙද්දි මේ බ්ලොග් කාරයො මේකට අනවශ්‍ය ප්‍රචාරයක් දෙනව. :D

    ReplyDelete
    Replies
    1. ඇහ්.. කලින් වෙලා නැති දෙයක් උන්ට සාමාන්‍ය වුනෙ කෝමද බං ?

      Delete
  15. ඇත්තටම ලංකාවේ කොල්ලෙක් අඩි 35,000ක් ඉහල අහසේ ඉඳන් අත්ලාන්තික් සාගරේට මුත්‍රා කරලා ලෝක වාර්තාවක් තියන්න ගියාම ඔය ප්ලේන් එකේ හිටපු උන් ඒකට අකුල් හෙලුවනේ. මේවා තනිකරම අධිරාජ්‍යවාදී හස්තයන්ගේ කුමන්ත්‍රණ. උන් කැමති නෑ අපේ කොල්ලෝ දස්සකම් පෙන්නනවට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං. අපෙ උන්ට තැනකට එන්න දෙන්නෙම නැහැ.

      වෙලාවකට මේව ලියන අපිත් වැරදිද මන්දා..

      Delete
  16. ඇයි මෙයිට කලින් (දොර )අරිනවා දැකලා නැද්ද , වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න ..

    ReplyDelete
    Replies
    1. (දොර) අරිනවා දැක නැත !

      Delete
  17. කවුද කියන්නේ අහිංසක පොඩි කොල්ලා බීලා හිටියේ කියලා. පොඩි කාලේ ඉඳන් ඒ කොල්ලට හීනෙන් ඇවිදින රෝගයක් තියනවා. :

    ReplyDelete
    Replies
    1. අහල පහල ගෙවල් වලටද ඇවිදින්නෙ මචං?

      Delete
  18. හරි හරි පුතාට වගේම පියාණන්ට බැල්කනිය මාරු උනා මතකද ?

    ReplyDelete
    Replies
    1. පියා බැල්කනියෙන් පැන්න නොවැ. පුතා ෆලයිට් එකෙන් පනිනන් ගියෙ.

      Delete
    2. ප්ලේන් එකේ හිටපු එකේක් කියනවා ගුවන් මගින් කැගැවේ "අනේ ඕකට දොර ඇරලා දෙන්න බිමට පනින්න" කියලළු

      Delete
  19. මටත් නිකන් චූ බරයි වගේ

    ReplyDelete
  20. යකො උබල පල ඈතිරුකට ඉරිසියාවට ගල් ගහන්න එපා බන්.දෑන් බලපන් සොමෙ අයියත් කියන්නෙ මලිගාවක ඉපදිම දුකකි කියල.උබල කියන්නෙ අර අහින්සකයට චු බර හෑදෙන්න බෑ කියලද.උට එහෙම එකක් නෑ කියලද.චුටි වෑරද්දක් උනා තමයි.එ උනාට උ අහින්සකයනෙ බන්.මෙව තනිකරම අදිරාජ්ජවදින්ගෙ ජ්‍ය්ත්යන්තර කුමන්ත්‍රන.
    සමහර විට ප්ලෙන් එකෙ හිටපු NGO කරයෙක් මෙ අහිසකයව නොමග යෑවුව වෙන්නත් පුලුවන්

    ReplyDelete
    Replies
    1. අර බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මට සැකයි බං. එයා තමා සක්ෂි දුන්නෙත්.

      Delete
  21. බියර් පානය කර දුර ගමන් යන වාහන වලට නැගීම මහා අවදානම් එකක් වෙන්නේ ඔය හේතුව නිසා.. ආයෙ මොන බර ඉහිලුවත් ඔය බර නම් උහුලන්න බෑ මොන විදියෙන් හරි මුදාහැරීම සෞඛ්‍යට හොඳයි.

    ReplyDelete
    Replies
    1. හිස් ටින් එක ලග තබා ගැනිම වඩාත් සුදුසුය.

      Delete
  22. Geek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
    http://geek.lk/plugin/webgeek/bloggeek

    ReplyDelete
  23. ඇත්තනේ බං.. ප්ලේන් එකේ ජනේල් අරින්න පුළුවන් කම තිබ්බනම් ඌ දොර අරින්න යන්නේ නෑනේ.. බලපං ඉතින් වැරැද්ද කාගෙද කියලා..

    ReplyDelete
  24. කතා කරල වැඩක් නැහැ සැමෝ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...