Thursday, July 25, 2013

දයා රහස් පරීක්ෂකයෙකි...?? - Mr's. Daya Is a Detective ??



දයා යනු තනියෙක් හඩ නගපු එකාය. ඊයේ හදිසියේ එහා පැත්තට පැන්නේය. පනින තුරුම පනින්නේ නැති බව කීවේය. මෙය හදිසි තීරණයක් වන්නේ එනිසාය. කස්ටිය දයාට බනින එක නම් වැරදිය. මෙතන ඇත්තේ රහසිගත මෙහෙයුමක්ය. නැත්තං දයා අච්චර ගිරිය කඩාගෙන කෑ ගසා එහා පැත්තට යන්නෙ නැතිය. මේ පැත්තේ ඉන්නා තුරු දුමියාගේ, සිට කෘමියා දක්වාම ලොකු කුඩා සැමගේ රෙදි ගැලෙව්වේය. එහෙව් කොල්ලෙක් විපක්ෂයට ද්‍රෝහී නොවන්නේය. මේක පොඩි උඩුකුරුඤ්ඤං ප්ලෑන් එකක්ය. ඒක තේරුනේ සෑමාට පමණක්ය.

මීට වසර ගණනාවක ඈත අතීතයට සෑමාගේ මනස දිව යන්නේ මෙවන් අවස්ථාවකය. ඒ කාලේ චන්ද්‍රිකා කියා නැන්දෙක් සිටියාය. ඇයට ඇගේම කියා සහෝදරයෙක් සිටියේය. ඔහු තම පවුලේ පක්ෂය දමා විපක්ෂයට පැන්නේය. විපක්ෂය සිතුවේ කොල්ලා ආ නිසා පක්ෂය ගොඩ කියාය. එසේම චන්ද්‍රිකා නොහොත් අක්කා ඇනගන්නවා කියාය. ඒත් සිදු වූයේ අනෙකක්ය. කොල්ලා ගොඩ ගියේය. විපක්ෂය ගොඩ නොගියේය. ඒකත් දයාගේ ජාතියේ ප්ලෑනක්ය. අනුර කොල්ලා අක්කා අතැර පැන්නේ අක්කාගේ සතුරන් අතර මිතුරෙක් වන්නටය. විපක්ෂයේ ඒවා අක්කාගේ කනේ තියන්නටය. ඒවාට මල්ලීට අක්කා සැලකුවාය. විපක්ෂයද රැවටී මලයාට සැලකුවේය. කොල්ලා ගොඩ ගියේය. අවසන කිසිම ආතල් එකක් නැතුව රට හැර ගියේය. ආත්මයම අතැර ගියේ මුකුත්ම නැතුවමය.

ඉස්කෝලෙ යන කාලේද කොල්ලෝ කල්ලි ගැසෙන්නෝය. ඉගෙන ගන්න උන් වෙනම, පිස්සු කෙලින උන් වෙනම කල්ලි ගැසෙන්නෝය. ඒ අතර පිස්සු කෙලින උන් ගැන කේලාම් කියන්නේ ඉගෙන ගන්න උන්ය. උන් ගොස් පන්තිභාර ගුරුතුමියගේ සිට ප්‍රින්සිපල් දක්වා කේලාම් කියන්නෝය. එය වාවා ගත නොහැකි පිස්සු කෙලින උන් ප්ලෑන් ගසන්නෝය. එහි සාර්ථකම ක්‍රමය නම් ඩබල් ඒජන්ට් ක්‍රමයය. එනම් පිස්සු කෙලින එකෙක් උන්ගේ කණ්ඩායමෙන් මිදී ඉගෙන ගන්න උන්ගේ පැත්තට යන්නේය. ඒ යන්නේ නිකං නෙමේය. සමාජයටම දැනෙන පෙරලියක් කරමින්ය. එක්කෝ වලියක් දමාගෙන සෙක්ෂන් එකටම පේන්නට මරාගෙන තම කණ්ඩායම අත අරින්නේය. එතකොට ඉගෙන ගන්න උන්ට මෙන්ම බලන් ඉන්න උන්ටද අරූව ෂුවර්ය. ඌ සදහටම තම පිස්සු කෙලින කණ්ඩායම අත්හල බවට පත්‍රක්ෂය. 

ගේම පටන් ගන්නේ එතැන් සිටය. කොල්ලා අරුන්ට ප්ලග් වන්නේය. උන් සමග එකට සිට පිස්සු කෙලින උන් ගැන ඉගෙන ගන්න උන් කේලාම් කියන්නට යද්දී තමා කලින් සිටි කණ්ඩායමට ඔත්තුව දෙන්නේය. එතැන් සිට ඉගෙන ගන්න උන් අතර භේද බින්න ඇති වන්නේය. උන්ගේ කණ්ඩායම අතර සිට කිසිවෙකු ඔත්තු දෙන බවට සැක සිතී එක එක අතර සහයෝගය බිදෙන්නේය. අවංක බව පළුදු වන්නේය. ඉතිං පිස්සු කෙලින උන් ගොඩය. කේලාම් කියන උන්, තමන්ට බාධා කරන උන් විනාශ වන්නෝය. එහා පැත්තට ගිය එකාද සතුටු සිතින් නැවත මේ පැත්තට එන්නේය. එවිට අර කණ්ඩායම බිදී අවසන්ය.

දයාගේ- රනාගේ ප්ලෑනද එයමය. රනා සීතල යුද්ධ කාරයාය. මලින්ද මාමාට දයා ප්ලග් කලේ එලෙසය. දයා වැඩ දමාගෙන ගොස් මලින්දයාට සපෝට් වගේ සිට ඩබල් ගේමක් දෙන්නේය. එවිට මලින්ද මාමා සමග වටේ සිටින සෙට් එක කැඩෙන්නේය. මහ ඇමති සීට් එකට පවා කේස් එන්නේය. කොහෙන්වත් ආ දයාට දෙන එක වැරදිය. අපි එදා ඉදන් මේ පැත්තේය කියමින් උන් කෑ ගසන්නෝය. එවිට දයා යකෝ මම කලින් හිටියෙත් මේ පැත්තේ, නම හදාගන්න තමා ඒ පැත්තට ගියේ කියමින් සද්ද දාන්නේය. වැඩේ එවිට ගොඩය. රනාගේ - දයාගේ ප්ලෑන සාර්ථක වන්නේය. එසේම ඇමති සීට් වලටද ගේම ඇදෙන්නේය. කැබිනට් එකේ සිට මරා ගන්නේ එදාටය. එවිට විපක්ෂය ගොඩය. මලින්ද මාමා තම සෙට් එක භේද බින්න වී තැන තැන සී සීකඩව වී සිටිනු දැක අමන්දා නන්දයට පත් වන්නේය. එවිට විපක්ෂය ගොඩ යන්නේය.

සෑමාට කෑමක් විෂ වෙලා හෝ, අහවල් දෙයක් පෑගිලා කියා හෝ සිතෙන උන් මෙතැන් සිට බිහි වනවා ඇතිය. ඒත් මෙවැනි මැජික් ඇත්ත සමාජයේ වීමට බොහෝ ඉඩ ඇති බව සිතිය නොහැක්කේ මන්දැයි සෑමාටම සිතෙන්නේය. මොකද වෙඩි කාපු උන් කිසාම පැල්ලමක් වත් නැතුව නැවත රටට එන එක විශ්වාස කළ හැක්කක් නොවන්නේය. ගස් බැදපු උන් තමන්ම බැද ගත්තා යැයි කියන එක විශ්වාස කළ හැක්කක් නොවන්නේය. එහෙව් රටක මෙවන් සීන් එකක් විශ්වාස කළ හැක්කක් නොවන්නේ මන්දැයි සෑමා ප්‍රශ්න කරන්නේය.

පලි - මෙවන් සිහින මේ දින වල පෙනෙනවා නම්, මෙවන් දේ මේ කාලයේ සිතෙනවා නම්, ඔබ සිරි ලාංකික ආශ්චර්යට ලගා වී ඇත්තේය. එය විදිය යුතුය.

55 comments:

  1. ආශ්චර්ය අතමානයේය....
    මේ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න :v

    ReplyDelete
    Replies
    1. මගෙ සිහිනය මට දකින් ඉඩ හරින්න !

      :)

      Delete
  2. මේ දවස්වල ඔය පැත්තට රෑට රෑට වහිනවද බං. උඹ දැන් එන්න එන්නම හීන දකිනවා වැඩී කොල්ලො.

    ReplyDelete
    Replies
    1. මෙහෙ උදේ හවස වහිනව බං. පට්ට සීතලයි.. හීන ගොඩාාායි !

      Delete
  3. මමද ආශ්චර්යයේ සුළඟ විදින්නෙක්මි..

    ReplyDelete
    Replies
    1. කැළනි ගග අසබඩට එම සුවය වඩාත් දැනෙන්නේය.

      Delete
  4. පිස්සු දයා ඔහොම නැ මේ පැත්තේ අපි ගැන හිතලම තමා ඕක කලේ... අපේ ආසනේ මිනිහනේ බන්... ඉන්නකන් කියා කියා උන්නේ ආසනේ මිනිස්සුන්ට වැඩක් කරන්න බැ කියලා දැන් ඉතින් මහ ඇමති වෙලා වැඩ කරන්න පටන් ගත්තහම රටට කෙසේ වෙතත් වයබට නම් කිරි උතුරයි.

    ReplyDelete
    Replies
    1. වයඹට සිරි දයා සිරි නේ මෙයා :D

      Delete
    2. එතකොට රත්නපුරේට සිරි කවුද...

      Delete
    3. අප්පොට සිරි.

      Delete
    4. ඇයි වන් සොට් ඉන්නෙ රත්නපුරේට ?

      @කෙන්ජි- ඒකත් සිරා බං :))

      Delete
  5. ඔන්න ඉතිං සැමා ඒ අහිංසක මනුස්සයටත් එක එක කතාන්තර හදනවා. :/

    ReplyDelete
    Replies
    1. කතා හැදුවෙ නැහැ මචං. බලපං පොර ගේමක් දෙන්න එහා පැත්තට ගියෙ.

      Delete
  6. හෙක් හෙක් හෙක් හිතේ දුකට කවි පද කියව්යි නිතර ...

    ReplyDelete
    Replies
    1. කවි නෙවෙ බොල. ඉන්කල්ම සිංදු නොවැ කිව්වෙ. දැන් ගහයි සාටකේ වෙලී බයිලා.

      Delete
  7. ඇත්ත ඇත්ත සෑම් මල්ලි කියන්නේ ඇත්ත.. මේකනං එහෙම පැන්න පැනිල්ලක්ම තමයි... දැන් සෑම් මල්ලිලටත් මල්ලිලා වෙනුවෙන් අමාරු ගේමකට බැහැපු එකාට සප් එකක් දෙන්නයි... ආයේ ඉතිං ෂැකයි කියලෑ නේද..? දෙමු හොද තල්ලුවක්...

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මේවා මාර ටෝක්ස්.

      Delete
    2. දෙන්නෝනි මාරයියේ තල්ලුවක්.. සැට් එකම තල්ලු වෙලා යන්න..

      Delete
  8. :p පුන්සඳ පායන කාලයර එක එක විපර්යස වන බව මමද අසා තිබේ :) මෙයද එවැන්නකි.

    රටම කා පරම්පරාවටම පට්ටම් දී නමට දේවත්වයකුත් ආරුඩ කරගත් මලින්ද මාමා මෙවැනි ගමේ ගොයියන්න අසු වේද ? :D

    මොකක් කොහොම උනත් අපිත් මේ පාර canvass වල :p

    ReplyDelete
    Replies
    1. ගමේ බයියා ගෙන් වුනත් වැඩක් ගන්න මහයියා දන්නව බොලව් !

      කැනවසින් යනවද බොලත්? එහෙනම් ජයම වේවා පුතා.. :)

      Delete
  9. ලොක්ක ලග SB කාරය දාපු ගොන් හිනාවම මාවිල් ආරු හොරා ලග දාන ගොන් හිනාව චික්..!විතරක්.

    ReplyDelete
    Replies
    1. දියවන්නාව තරණය කරන්න එකම සුදුසුකම ඔය හිනාව මචං !

      Delete
  10. සමහර සිහින සැබෑ වෙන වෙලාවල් තියෙනව.
    විශේෂයෙන් සැමාගෙ වයසෙ කොල්ලො දකින සිහින.

    ReplyDelete
    Replies
    1. ඒ සිහින මචං.. නිදි ඇදේම සිතියම් වෙනවා.. :ඩී

      Delete
  11. වෙන්ට බැයිත් නැහැ සෑමෝ මේක නම්

    ReplyDelete
    Replies
    1. වුනේ ඒක තමා ලහිරුවෝ.

      Delete
  12. උබේ සිහිනේ සැබෑ වේවා !!!.... මගෙත් එකම පැතුම එයයි ..

    ReplyDelete
  13. දයාටත් රනාටත් වැඩිය මලින්ද මාමා බලමාලු සහ මාලු ඔළු කාපු එකාය. එයා තැම්බිල්ල ලෙහෙසි නැත. අවසානයේ ඇදුරාට කෙලීමට පැමිණි යකාට අත්වූ ඉරණම දයාටත් අත්වීම වැලැක්විය නොහැක්කේමය.

    ReplyDelete
    Replies
    1. බලමාලු කෑවානම් විදවපං බලලෝ කියා කතාවක් ඇත්තේය. කොච්චර වැඩ දැම්මත් නොදිරවන කාලයක් එන්නේය. එය කාටත් පොදුය. එතෙක් නොසෙල්වී සිටීම සුදු වාහන වලින් වන අනතුරු අවම කිරීමට හේතු වන්නේය.

      Delete
  14. සෑමෝ... සුදු වෑන් කැරකෙනවද බලපන් ගේ වටේට... උස්සගෙන ගිහාම ඒකත් බ්ලොග් එකේම දාපන්....

    ReplyDelete
    Replies
    1. සික්.. ඇයි බං එහෙම මර්ධනයක් මේ රටේ නැහැ. උබව උස්සයි ඔය වගේ අසික්කිත කතා කියල :)

      Delete
  15. මෙන්න අන්කල්ගෙ සිංදුවට හොදම උත්තරේ.

    ReplyDelete
  16. කවුද දයා...විපක්ෂෙද හිටියේ, මට මතක නෑනේ ?

    නින්දෙන් ඇවිදගෙනද දන්නේ නෑ ආණ්ඩුවට ගියේ :D

    ReplyDelete
    Replies
    1. හීන මදිවට, නින්දෙන් ඇවිදින සීනුත් තියෙනවා නේ බං.. මට දැන් මතක් වුනෙ.

      Delete
  17. මේ හීනයේ ඇති ලොකුම අවුල මහින්ද දයාගේ සහ රනිල්ගේ අප්පොච්චගෙත් අප්පොච්චා වීමය...

    අනෙක් අවුල ගැලරියට මොන ටෝක් දුන්නත් ඔය ලොකු ඇමැට්ටොත් කට පුරා අපේ අතිගරු ජනාධිපති තුමා කියමින් වැඳ වැටීමය... උන්දෑ කියන එකට පිටින් එකෙක්වත් යන්නෙ නැතිය...

    පලියත් කියෙව්වා ඈ.. ;) අපේ එකෙක් නම් කියන්නෙ ආශ්චර්යට එකපාර යන්න බෑනෙ යකෝ.. පියවරෙන් පියවර යන්න ඕන කියල...

    ReplyDelete
    Replies
    1. ලොක්ක දැක්කම කස්ටිය ආලෙන් වෙලෙනවලු බං.. වෙලාවට මම ඇස් දෙකට දැකලම නැහැ. ඇස් නිලංකාර වෙලා ඒ පැත්තට ඇවිද්දවෙනවලු.. විලි ලැජ්ජාවේ තං-තෝසේ බෑ..

      ආශ්චර්යට එක පාරට යැවෙන්නෙ නැද්ද බං එතකොට ?

      Delete
  18. නෑ... එහෙමයි... ඔහ්හ්.. හරි.. මොනවා... මේ අපේ දයා.. වෙන්න බෑ... plan උඹ බිලද මනුස්සයෝ.. නෑ.. ඔවු .. එකා පාන්නේ සිරාවටමයි... අඡ ..හරි හරි .. එහෙම කියමු...හරි..

    ReplyDelete
    Replies
    1. මොකැ බං මේ.. මට කොයි වගේ වුණා..

      Delete
  19. යකෝ නිකන්වත් මට හිතුනේ නැහනෙ මමත් ආන් ඒ මොකක්ද එකට ලං වෙලා කියලා උබ කියනකන්

    ReplyDelete
  20. හිතේ දුකට එතකොට කවි කියැවෙනවා...

    ReplyDelete
    Replies
    1. කවි නොව පොර කීවේ නම් සිංදුය. ඉදිරියට බයිලාය.

      Delete
  21. දුරුතු ලගයි හද මොරයි

    ReplyDelete
    Replies
    1. දුරුතු කියන්නෙ ජනවාරි නේ බං ?

      Delete
  22. අන්න අරෙහෙ අතුල ලොක්කාට මලපැනලා පත්තරේට ටෝක් එකක් දීලා එයා තමයි ලොක්කා කියලා...

    ReplyDelete
  23. මචං දැන් එතකොට කුරුණෑගල වැවට වරායක් දෙන්න නෙවෙද ඔය පැන්නේ අනිත් පැත්තට?

    ReplyDelete
  24. කොහොමත් ලංකාවෙ දේශපාලන සිදුවීම් මේ වගේ වෙනම ැත්තකින් දැකලා තමා තේරුම් ගන්න තියෙන්නෙ.

    ReplyDelete
  25. අනේ මන්ද බං. හරි කපටි නේ දයා.

    ReplyDelete
  26. ඔන්න දයා ගැන මාත් එකක් ලිව්වා අද.

    ReplyDelete
  27. පව් ඕයි ඌට කව්ද ලිංගික අචපරනයක්ද මොකක්ද කරන්න ඇවිල්ලානේ වයිෆ් ගෙදර නැති වෙලාවේ.

    ReplyDelete
  28. http://elawadakida.blogspot.com/

    http://blackcatmcg.blogspot.com/

    ReplyDelete
  29. දයා පනින කොට මටත් ඕක හිතුන ,,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...