Monday, July 29, 2013

කමියුනිකේෂන් එකේ නංගීව මඤ්ඤං කළෙමි.. ! - Confused Girl at Communication !!


ෆීල්ඩ් ජොබ් කරන උන් හරියටම වැඩ කරනවාදැයි මොනිටර් කිරීම අපහසුය. සමහරු ගෙදර සිටම ඔපීසියට කියන්නේ තමා ෆීල්ඩ් එකේ කියාය. මෙවන් ගැටළු නිසා කම්පැනි හිමියෝ වල්මත් වන්නෝය. ඒ නිසා නොයෙක් උපාය මාර්ග වලින් සේවකයෝ වැඩ කරනවාද කියා සොයන්නෝය. ඒ අතර පාත්ෆයින්ඩර් හෙවත් කම්පැනියෙන් ලබා දෙන සිම්පත මගින් සේවකයෝ ඉන්නා තැන් දැන ගන්නෝය. එවිට හොර කිරීමට නොහැකිය. තමා ඉන්නා තැන ඔපීසියේ ලොක්කන්ට පේන්නේය. එම ක්‍රමය අපේ කම්පැනියේ තවමත් යොදාගෙන නැත්තේය. මන්ද ඒ ක්‍රමයට අපේ සමහරක් මැනේජර්ලාද අකැමැති නිසාය. අපේ තියෙන්නේ නියම සිස්ටම් එකක්ය. උදේ නමය වන විට ෆීල්ඩ් එකට ගොස් එම ඒරියා ඒකේ ලෑන්ඩ් ෆෝන් එකකින් කෝල් කළ යුතුය. එය ගන්නේ මැනේජර්ගේ ෆෝන් එකටය. එවිට ඒරියා කෝඩ් එක මගින් තමන් ඉන්නා තැන සොයා ගත හැකිය.

මේ ක්‍රමයේ වාසි අවාසි ගැන කිව්වොත් ජොබ ගහලා යනවාය. ඒත් අපේ උන් මේ ක්‍රමයට ටිකක් මනාපය. හේතුව එය වඩාත් නරකම ක්‍රමයට වඩා තරමක් හොද බැවින්ය. ඒ අතර කමියුනිකේෂන්වල ඉන්නා කෙල්ලන් සැට් කොර ගැනීමට හැකි වීමය. ඒ නිසා ඒරියා එකේ තිබෙන හොදම කෑල්ල සිටින කමියුනිකේෂන් එකට දුවන්නේය. ඒ අතර සිද්ද වෙන අකරතැබ්බ බොහෝය. ඒ ඒවායේ ඉන්නා අමුතු ජාතියේ මඤ්ඤං කෙල්ලෝ නිසාය. උන් සැලුන් වල ඉන්නා කෑලි වලට හපන්ය. සැලුන් කෑලි ගැන ලිවීම පසුවට කල්දැමීම සුදුසුය.

එදා උදේක සෑමා ගියේ රාගම - කඩවත පාරේ කමියුනිකේෂන් එකකටය. කලින් දවසකදී එහි යද්දී කෑල්ලක් සිටි බව මතකය. එහෙත් මේ වතාවේ සිටියේ එම කැබැල්ල ආයතනය හැර ගිය නිසා ලගදී ආපු කෙල්ලෙක්ය. ඒකිව වටකරගෙන පාරිභෝගිකභවතුන් රැසක් සිටි නිසා සෑමා කෝල් එක ගන්නට පෙර පැත්තකට වී සිටියේ අලුත ආ දැරිවියන්ට උදව් කළ යුතු නිසාය. මන්ද කමියුනිකේෂන් ඇතුලේදී අපිට කිසිම කලබලයක් නැති නිසාය. ඇයට ෆොටෝ කොපියක් ගහන්නට වුවත් උපකාර කිරීමට අපට හැකිය. ඒ අපේ සමාජශීලීත්වයයි.

හරියටම වේලාව 9:15 පමණ වූයේය. සෙනග අඩු නොවන පාටක් තිබූ නිසා සෑමා බොක්ස් එකට රිංගුවේය. ඒ රිංගුවේද එතැන හරහට සිටි අංකල් කෙනෙක්ට තට්ටුවක් දමා අයින් කරමින්ය. අංකල් පැත්තකට වූයේය. සෑමා ඇතුලට රිංගා කෝල් එක ගත්තේය. විනාඩියක් පමණ කතා කළ සෑමා එළියට පැමිණ තවත් ටිකක් වෙලා බලා සිටියේය. ඒ අන්තිමට ඉතිරිව සිටි පාරිභෝගිකයා යනතුරුය. පොර රුපියල් සියයට රීලෝඩ් එකක් දමන්නට කියා රුපියල් සියයක් ඇයට දුන්නේය. ඇය එය ලාච්චුවට දමාගෙන වෙන වැඩක නිරත වූවාය.

“හරි නේද නංගි.... මේක දාන්න එහෙනම්...“ කියමින් ඔහු බලාසිටින්නට බැරි තැන ගියේය.

“නංගි ගාන කීයද?“ 

ඒ ඇසුවේ සෑමාය. එහි කෝල් එක ගත් වේලාව, මිල ආදිය වැටෙන දර්ශකයක් නොතිබුණ නිසා සෑමා ඇයට කතා කර විමසුවේය.

“අනෙ පොඩ්ඩක් ඉන්න අයියා..“ කියමින් ඇය වැඩක නිරතවූවාය. ඉන්පසු ඇය මා දෙස හැරුණාය.

“අර මනුස්සයට පිස්සුද මන්දා.. මෙතන නම්බර් එක ලියලා සල්ලි නොදී ගියා.. අපිට පිස්සු කියල හිතන්න ඇති..“

“කවුද අර රීලෝඩ් කරන්න කියපු පොරද?“

“ඔව් දැන් ගියෙ..“

“ඉතිං නංගි එයා සල්ලි දුන්නේ.. ඔයා රුපියල් සීයක් ලාච්චුවෙ දාගත්තෙ..“

“ඔයාට විකාරද.. සල්ලි දුන්නෙ නැහැ.. එනව අපිව රවට්ටන්න.. මාර මිනිස්සු..“

සෑමාට නංගීගේ මඤ්ඤං ගතිය තේරුණේය. ඒ නිසා ඇය සමග වාද කර වැඩක් නැතිය. ඇගේ පැත්තට කතා කළ යුතුය. නැත්තං අරූට බැන බැන ඉන්නවා මිසක යන්නට නොලැබෙන්නේය. එසේම ඇය පුහුණු අවධියේ නිසා පිස්සු කෙලිනවා ඇතිය. වැඩ වැඩි වූ විට කළබල වී ඔලුව අවුල් වෙන ගතියක්ද ඇත්තීය.

“අඩේ ඇත්තද නංගී.. මම දැක්කෙ සල්ලි දුන්න වගේ.. මාර මිනිස්සු නේද??“

“ඔව් අයියෙ.. කට්ටිය වැඩි වුනාම මාව අවුල් වෙනවා. ඊයෙත් එක්කෙනෙක් 250 රීලෝඩ් එකක් දාන්න නම්බර් එක ලියල සල්ලි දීල ගියා.. මම 450ක් දාලා.. අයියා මාව කන්න හදනවා..“

“අයියෝ.. ඔයා කට්ටිය ආවට කලබල වෙන්න එපා නංගි.. ඔයා කරන විදිහට පාඩුවෙ වැඩ ටික කරගෙන යන්න... වැඩ අල්ලගත්තට පස්සෙ අවුලක් නැහැ. එතකල් ෂේප් එකේ ඉන්න..“

“ඔව් අයියෙ.. ඒත් මිනිස්සු ඇවිත් කළබල කරනවනේ..“

“ගණන් ගන්න එපා අප්ප.. මගෙ ගාන කීයද කියන්න..“

“මොකේද අයියා..??“

“ඇයි සල්ලි එපාද? ගත්ත කෝල් එකේ ගාන කීයද??“

“අහ්.. නිකං කෝල් ගන්න දෙන්නෙ පෝයට.. ඉන්න බලන්න..“

ඇය කෝල් එකට ගතවූ කාලය පරික්ෂා කළේ ෆෝන් එකේම තිබු ඔප්ෂන් එකෙන්ය. එහි කලින් ගත් කෝල් වල කාලය සහ ගත් වේලාව වැටෙන්නේය. මෙය සාමාන්‍ය ගෙවල් වල පවා ඇති වර්ගයේ ෆෝන් එකක්ය.

“අයියෙ ඔයා විනාඩි 9යි තප්පර 15ක් කතා කරල තියෙනවා..“

වැඩ දමමින් අනුන්ගේ රීලෝඩ් පවා විනාශ කළ සෑමාට තරු පෙනුනේ එවිටය. කමියුනිකේෂන් එකේ අයියා මේකි නිසා හම්බ කරනවා ෂුවර්ය. හොද ආදායමක් එන නිසා ඒකිට පඩි පවා වැඩි කරනු ෂුවර්ය. සෑමා ඇග සීතල වී කතා කළේය.

“ඇහ්.. පිස්සුද.. මම විනාඩියක් වත් කතා කළේ නැහැ..“

“බොරු කියන්න එපා අයියේ.. මේ  තියෙන්නේ..“

“කෝ බලන්න..“

“පිස්සද.. නංගි මේ බලන්න කෝල් එක ගත්ත වෙලාව 9:15යි. කතාකරල තියෙන්නෙ තප්පර 56යි.“

“අනෙ මන්ද අයියෙ.. මගෙ ඔළුව අවුල් කරනව.. “

“මේ බලන්න මම ගත්ත නම්බර් එක.. එවලෙ මෙතන අංකල් කෙනෙක් හිටිය එයාවත් අයින් කරල මම කෝල් එක ගත්තෙ මෙතන බලාගෙන ඉදල.. ඔයා කැමති දෙයක් කරන්න.“

“හරි අයියා.. එහෙනම් විනාඩියට රුපියල් දහයක් දෙන්න..“

“මෙන්න නංගි මෙතන විස්සක් තියෙනවා.. අවුලක් වුනොත් කතා කරන්න මම නම්බර් එක දීල යන්නම්. අයියට කියල බලන්න..“

සැමා යහපත් චේතනාවෙන් නම්බර් එක දෙන්නට ගියේය. නංගී කොලයක් පෑනක් ගෙන සැරසුනාය. 

“අනේ මන්ද අයියේ.. හැමදාම එක එක්කෙනා නම්බර් දීල යනවා.. මට ඒව ලියාගෙනම එපාවෙලා..“

ඇය අතට ගත් කොළයේ නම්බර් තිහකට වඩා තිබුනේය. ඒ සියල්ල යටින් සෑමාගේ නම්බරය කොටු අකුරින් ලියැවුනේ ඇගේ අධ්‍යාපන මට්ටම පවා විදහා දක්වමින්ය.

Written by sAm ශ්‍රී Perera_10:53pm_28.07.13

73 comments:

  1. ඔව් ඔව් උබ සෑලුන් කෑලි ගෑන හොදට දන්නව නෙ.උබට හොදවෑඩෙ මෙකිත් ගෙදරටම වරො

    ReplyDelete
    Replies
    1. අඩේ දමියා.. සැලුන් කෑල්ල ආවෙ අපෙ ගෙදර නෙවෙ.. ලකියාගෙ ගෙදර :ඩී

      උබෙ මතකෙ තමා මතකේ...

      Delete
  2. "මට මොකටෙයි අයියෙ කාසි, අයියමනොවැ මහන්සි උනේ" කියන ජාතියෙ නංග කෙනෙක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සිරා උදාහරණෙ :))

      Delete
  3. උඹත් ඇවිල්ල මාලකයට ටිකක් වෙනස් ඩයල් එකක්.

    ReplyDelete
    Replies
    1. බඩු ලැබිලා කෙන්ජි

      Delete
    2. ඒ වගේ කිව්වෙ.. මමත් ඌ වගෙ ගුටි කන ඩයල් එකක්ද බං ?

      :)

      @නලින් - පොරට අමාරුයි කියන්නෙ ඇත්තද බොල?

      Delete
    3. ඌ නියම කොල්ලෙක් මචෝ. 12 කට විතර තනියෙන් නෙලලා. ගෙදරට ෆෝන් කරලා තමයි හොස්පිට්ල් ගිහින් තියෙන්නේ. අරුන් මාට්ටුන් උනොත් නම්. නිවන් ෂුවර්...

      Delete
    4. //පොරට අමාරුයි කියන්නෙ ඇත්තද බොල?//

      අනේ අර ඇමතිතුමා දැන් කිව්වෙ දරුවට වැඩිය අමාරුවක් නෑ කියල. පොරටත් කෝල් කරල තනියම නවලෝකෙට ගියාලු (මට ඇහුනෙ පරලෝකෙට කියල, ගෙදර අනිත් මිනිස්සු තමයි කිව්වෙ ඒ නවලෝකෙ කියල)

      බලාන්ටකෝ මෙහෙම රටක්. අහිංසක ඇමති පුතෙකුට තනියම පාරෙ බැහැල යන්න නෑ, මේ නොසන්ඩාලයො අල්ලගෙන කපල කොටල දානව. ෂික් ඉතරක් ... දැන් ඉස්සරහට මිනිහට විශේෂ ආරක්‍ෂාවක් දෙයි 100 ක 200 ක විතර.

      Delete
    5. ආ ... අර සමනල විප්ලවයෙ ලේඛකයා නම් කාලෙකට කලින් ලියල තිබුන සමාන්තර විශ්වයක මාලක ගුටි කන සීන් එකක් නම්.

      මාලක ගැන රෙහාන් විජේරත්න කියන කතාව


      මාලක සිල්වා හා රෙහාන් විජේරත්න මැරයන්ට නෙළුවෙමු

      Delete
    6. ෙම් ලිපිය අද මම අාෙයත් කිෙයව්ව බං..

      අරූට හිනා ෙවලා ෙමන්න මෙගත් ෙබා්ල වැෙටන්වා... :)

      Delete
    7. හොඳ වැඩේ බොට. හැබෑට උඹටත් කොහෙන්ද බං ඔය තරම් බෝල..

      (රීස්ටාර්ට් කරල ගනිං, එතකොට හරියනවා)

      Delete
    8. ඊයෙ රී ස්ටාර්ට් කොරල එද්දි අනිත් ඒවට කමෙන්ට් රිප්ලයි කරන්න කම්මැලි හිතුන බං. ඒකයි අද වැඩේට බැස්සෙ.. :)

      Delete
  4. සුවර් එකට ලබන සතිය විතර ගිහින් ඔය කොමිනිකේෂන් එක වහලද බලපන් ....!

    ReplyDelete
    Replies
    1. වැහෙන්නෙ නැහැ බං.. ඉන්න කෙල්ල මාරු වෙනවා විතරයි :)

      ජය වේවා..

      Delete
  5. පව් බං අහිංසක කෙල්ලෝ. නැති බැරි කමට රස්සාවකට ආවම උඹලා ගිහින් ආතල් ගන්නවා...

    ReplyDelete
    Replies
    1. ආතල් ගත්ත නෙවෙ බං.. කෝල් එකක් ගත්ත..

      Delete
  6. ෙකාමහරි ෙනාම්මරය දුන්නෙන් ....එ් මදැයි..........

    ReplyDelete
    Replies
    1. දුන්නට ඒ ලිස්ට් එක දැක්කම කෙල්ලට ආයෙ කාටවත් කෝල් කරන්න හිතෙන එකක් නැහැ බං...

      Delete
  7. සෑමා ඒකට නම් ඇත්තටම හිනා.පොඩි මඤ්ඤාඤ් ගතියක් නැතිවාම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අහ්.. නම වෙනස් කොරල නේ..

      ගයනි මංජුලා - ගු.මෝර්නින් වගේ..

      Delete
  8. ෙකාමහරි ෙනාම්මරය දුන්නෙන් ....එ් මදැයි..........

    ReplyDelete
    Replies
    1. මොකද බං මැලේ උඹ හැමදාම මේ බෝල බෝලත් එක්ක කමෙන්ට් කරන්නෙ.

      Delete
    2. මුගෙ සිස්ටම් අවුල් ගිහින් බං...

      හිනා යනව බං..

      Delete
  9. ඔය පාත්ෆයින්ඩර් සිස්ටම් එක ආව කාලේ මම හිටපු එක කොම්පැනියක හම්බන්තොට ඉන්න ඕන එකෙක් බලපිටියේ ඉදලා මාට්ටු වෙලා අනිත් හැමෝම ඔය පව ගෙව්වා මටත් මතකයි.
    මොකක්ද බං ඔය කියන පාරේ ඔය තරම් සුපිරි කෑල්ලක් ඉන්න කමිනිකේෂන් එක. ;)

    ReplyDelete
    Replies
    1. මේ පව අපිට ගෙවන්න වුනෙත් එහෙම සීන් එකක් නිසා තමා බං. මඩකලපු ඉන්න ඕන එකා ඔපිස් එකට ඇවිල්ලා :ඩී

      උබ නොදන්න රාගම කෑලි නේ බං???

      Delete
  10. ඒ අධ්‍යාපන මට්ටමත් කිවුවනම් තමා හොද නංගිගේ

    ReplyDelete
    Replies
    1. කතා කරල වැඩක් නැහැ බං. පව් ඉතිං..

      Delete
  11. නංගි කෙළින මඤ්ඤං ටික නිවී හැනහිල්ලෙ බලන් ඉඳල රටාව අවබෝධකරන් ඒකිගෙ බිලට විනාඩි 10 ක කෝල් එකකුත් අරගෙන උඹ මෙහෙම මඩ ගහල බ්ලොග් එකේ දැම්මා කියල ඒ අහිංසක සීදේවි කෙලි පොඩිත්ති දන්නව නම් .....

    උඹලගෙ කම්පැනි එකේ සීන් එක දැක්කම මටත් මතක් උනා සීන් එකක්. අර කොහේද රස්තියාදුවක ගියපු එකෙක් තාත්ත කෝල් කරාම අනේ තාත්තෙ මම මේ ළඟ ටවුන් එකේ ඉන්නෙ කිව්වළු. තාත්තත් ගත් කටටම කිව්වළු ‘ආ ... එහෙමද ඔය ළඟම තියෙන කොමියුනිකේෂන් එකකින් මට කෝල් එකක් ගනිං‘ කියල.

    ReplyDelete
    Replies
    1. හිකිස්... උගෙ තාත්ත හරියට අපේ මැනේජර්ල වගේ :ඩී

      Delete
  12. මේ රටෙත් මම දන්න හුඟක් ව්‍යාපාර වහන්න වෙන්නේ කවුන්ටර් එකේ ඉන්න කෙල්ල නිසා.

    ReplyDelete
    Replies
    1. සමහර කෙල්ලෝ මෝඩයි. සමහර කෙල්ලෝ කතා කරන්න දන්නෙ නැති හැත්ත..

      උබෙ කතාව හරියට හරි බං..

      Delete
  13. හික්ස්... මාර චරිතයක්.. ! මොලේ කොලොප්පං ද දල්ලේ ලෑ..
    කරන්නේ මොනාද කියලා වැටහීමක් නැති උදවිය මක්කට ඔව්වාට දානවා ද ඈ..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. එක අතකට පව් බං.. විහිළු කරන්න දැම්ම නෙවෙ. සිද්ධිය විතරයි ලිව්වේ..

      ජය !

      Delete
  14. අපේ මහත්තයගේ කම්පැණියෙත් ඔන්න ඔය පාත්ෆයිඩර් එක දාපු සිම් දීලා... දැන් ඉතිං අර ඉන්න අයිස් ලොක්කො දෙන්න තුන්දෙනාට දවසම ෆේස්බුක් එකේ මල් කඩන්න චාන්ස් එකත් වදී දිගට හරහට... උන් පුළුවන් තරම් පිස්සු වැඩ කරල කරල, මේ වැඩ කරන උන් පස්සේ වැරදි හොයන්න පන්නනවා...

    කමියුනිකේෂන් වල තියෙන එක ඇම්බැට්ට වැඩක් තමයි ඔය ස්කූල් අවුට් වෙච්ච ගමන් කෙල්ලො දාන එක... ලොකු පඩි දෙන්න ඕනෙත් නෑ... වැඩ කාලයක් ඉන්නෙත් නෑ... ටික දවසකින් කොල්ලෙක් සෙට් කරන් යනවනේ... කෙල්ල පිස්සු කෙලින තරමට ඔයාලා වගේ කස්ටමර්ලත් එනවනේ... හි හි...

    ReplyDelete
    Replies
    1. //උන් පුළුවන් තරම් පිස්සු වැඩ කරල කරල, මේ වැඩ කරන උන් පස්සේ වැරදි හොයන්න පන්නනවා... //

      මේක ඇත්ත හිරුවෝ..

      බොට කියන්න තියෙන්නෙ ආයෙ අපි ඒ කමියුනිකේෂන් එකට ගියොත් විකිනෙනවා බොල. ඒකි හිතෙන හිතෙන විදිහට සල්ලි ඉල්ලන්නෙ..

      Delete
  15. නංගි හොඳට තෙම්පරාදු වෙච්ච කෑල්ලක් වගේ..මඤ්ඤං පාට් එකදාලා ගාන කපනවාද කොහෙද !

    ReplyDelete
    Replies
    1. සිරාවට බං.. ආයෙ යන්නෙ නම් නැහැ කියල හිතා ගත්තෙ...

      Delete
  16. මේක තේරුනේ නෑ
    "කොටු අකුරින් ලියැවුනේ ඇගේ අධ්‍යාපන මට්ටම පවා විදහා දක්වමින්ය"

    ReplyDelete
    Replies
    1. ඒකිගෙ අකුරු දැක්කම තේරුනා වැස්සටවත් ඉක්කෝලෙ ගිහින් නැහැ කියල..

      Delete
  17. මූට අවුල් වගේ වැඩේට... ;)

    ReplyDelete
    Replies
    1. ඇයි බොල මං අවුල් යන්නෙ ?

      Delete
  18. අනේ සෑමෝ

    මේ පෝස්ට් එකට මම කැමති නැ

    ReplyDelete
    Replies
    1. ඇයි උඹේ කවුරුහරිද ඒ කොමියුනිකේෂන් එකේ ඉන්නෙ. :D

      Delete
    2. මටත් සැකයි බොල..

      Delete
  19. දැන්ම SIM එක මාරු කරන එක ඇඟට ගුණයි :D

    ReplyDelete
    Replies
    1. ඒකි එහෙම කතා කරන්න නැහැ බොල. කපටි කෙල්ලෙක්.

      Delete
  20. අර රී ලෝඩ් එක දාගන්න ආපු එකාගෙන් නංගි හොඳට අහගන්න ඇති ඊට පස්සෙ.

    අර විදියට වෙලාව බලපුවහම අනික් පැත්තෙන් ෆෝන් එක ආන්සර් කරන්න ඉස්සෙල්ල රිං වෙන වෙලාවත් එක්කම එකතුවෙනව නේද?

    ReplyDelete
    Replies
    1. ඒකිට හොද පෝරියල් එකක් සැට් වෙන්න ඇති බං. හොද වැඩේ මම කිව්වා සල්ලි දුන්න කියල. ඒකි පිලිගත්තෙ නැහැ.

      ඉතිං බං රින්ග්ස් යනව කියල විනාඩි අටක් රංග්ස් ගියා ඈ !

      Delete
  21. ආපෝ ඔය වගේ උන් එක්ක ගනුදෙනු කරනකොට අපිත් මඤ්ඤං වෙනවා බං , අපේ පැත්තේ කඩෙකත් හිටියා උබ ඔය කියන ජාතියේම කෙනෙක් ...

    උබ නම්බර් ඒක දුන්නේ වෙන අදහසකින් නේද ..හික්..හික්.., උබේ නම්බර් එකට රිලෝඩ් එකක් දායිද දන්නේ නැහැ සැමෝ,

    ReplyDelete
    Replies
    1. පිස්සු පීකුදු බං.. ඒකි දාන රීලෝඩ්.

      Delete
  22. "යහපත් චේතනාවෙන් නම්බර් එක දෙන්නට ගියේය" ඔය ඇත්තමද ?

    ReplyDelete
    Replies
    1. නැතුව මචං. මගේ කෝල් එකේ සල්ලි මදි නම් කෝල් කරල තව ඉල්ලන්නැතෑ කියල මම දුන්නෙ ;)

      Delete
  23. ඒ කෙල්ලට ඔක්කොටම කලින් වෙලාව බලන හැටි කියා දෙන්න වෙයි.
    සෑමට කලින් යහපත් චේතනා කාරයෝ තිහක් විතර නොම්බරේ දීලනේ.

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පෙ අපෙ මිනිස්සු කොච්චර යහපත්ද බලපං ඈ !

      Delete
  24. “අනේ මන්ද අයියේ.. හැමදාම එක එක්කෙනා නම්බර් දීල යනවා.. මට ඒව ලියාගෙනම එපාවෙලා..“
    හික්ස්... :D

    ReplyDelete
    Replies
    1. මේ නංගිටත් එහෙමැයි?

      Delete
  25. අනේ මන්දා....ඒ කෙල්ල අයියගෙනුත් බැනුම් අහනවා.උඹලගෙනුත් බැනුම් අහනවා.ඔන්න ඔය රස්සාවෙන් අස්වෙලා මෙහේ වරෙන් මම කන්න බොන්න දෙන්නම්.සිරාවට කිව්වොත් මෙහෙම ලමයි ඉන්නවා.පව් වැඩේ.මාසේ අන්තිමට වැරදි වලට කපාගත්තට පස්සේ බස් සල්ලිත් ඉතුරු නැහැ.

    ReplyDelete
    Replies
    1. උබෙ ලගට එනවට වඩා රස්සාව කරගෙන ඉන්නවා හොදා වගේ..

      Delete
  26. හැමෝගෙම නම්බර් වලට යටින් නම්බරේ ලියා ගත්තට තරහට ලියාපු පෝස්ටුවක් මේක :P

    ReplyDelete
    Replies
    1. නැතුව යකෝ අපිටත් මල පනිනවනේ..

      Delete
  27. මගෙන් ඒ අහවල් නඟාට යි මේ-
    "අනේ නඟේ. උඹ ඔබ පිස්සු කෙලින එක නවත්තලා වරෙන් අපේ අහ. තවත් කලක් ඔහෙ උන්නොත් උඹට කාසි වෙනුවට ගුටි කන්ඩත් වේවි. මං උඹව එක්කන් යන්නං අපේ ඉහත්තාවට. අපේ අම්මත් සතුටු වෙයි නෙව. වපුරන කාලෙට වී ටික ගොයම් පැල ටික කුරුල්ලන්ගෙන් බේරගෙන, කන්නෙ පහුවුනාම හේනක් කාරිය කොටාගෙන ඉන්ඩයි තියෙන්නේ.ඔය පිට රාජ්ජ වල රස්සා කොරන එක හරියන් නෑ උඹ වගේ ලද බොලඳ කෙල්ලෙක්ට.."

    පලි - ඇත්තට කෙල්ල මගෙ කමෙන්ට් එක කියවයිද මචෝ..

    ReplyDelete
    Replies
    1. මචං කෙල්ල මේ වගේ ඇමකට නම් අහුවෙයි වගේ :)

      Delete
  28. අඩේ... පාත් ෆයින්ඩර් සිස්ටම් එකක් ආවොත් අකමට බඩුම තමා....

    අද උදේ ගෙදරින් ගීයේ 7.25ට. 80KM විතර ඈතින් තියෙන කස්ටමර් සයිට් එකට ගියේ 7.45ට. හැබැයි පුතේ ඔය මොන සෙල්ලම දැම්මත් කස්ටත් ශේප් කරගෙන වැඩෙත් තිතට දීලා ඇති. :D
    හැබැයි ඉතිං ඔය වගේ වැඩ කරන්න ඉඳලා හිටලා සෙට් වෙන්නෙ. සෙට් වුණු දවසට නොකර ඉන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. යකෝ විනාඩි විස්සෙන කි.මි. 80 ගියෙ මොකේද?

      සොට් එකටම මූ වංගුවක් ගහලා..

      Delete
  29. මඤ්ඤං එකේ හොඳම එක.. දවල් දොලහට විතර ගිහින් ටිකක් වැඩිපුර වෙලා කතා කරන්න තියන කෝල් එකක් එහෙම ගත්තට පාඩු නෑ.. :)

    එක අතකට බලපූවාම... පව් ඉතින්..

    ReplyDelete
    Replies
    1. දොලහ පහුවෙලා එක දෙක සෙට් වෙද්දි ගොඩ නේ බං?

      පව් තමා බං. ඒත් සිද්දිය ලිව්වා ආතල් එකට.

      Delete
  30. යකෝ මම අහන්නේ මේකි වැඩට ගත්ත පිස්සා කවුද?

    ReplyDelete
  31. “අනේ මන්ද අයියේ.. හැමදාම එක එක්කෙනා නම්බර් දීල යනවා.. මට ඒව ලියාගෙනම එපාවෙලා..“ චාටර්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...