Tuesday, July 23, 2013

ලොක්කා අප සනසන්නට ඇවිත් ගියේය...


කන්න දෙයක් නැතිව කෙදිරි ගාන උන් හැම තැනමය. අවුරුදු කන්නට කස්ටිය ඒ.ටී.එම් පෝලිම් වල සිටියෝය. හැම සතේම එළියට ඇද්දෝය. ඒ අස්සේ රත්තරං බඩු උකසට තිබ්බෝය. අනේ දැන් නම් කාලා හමාරය. මහ එකා කුජීතය. කරන්නට දෙයක් නැතිය. ලබන පාර ගෙදර යවනවාය. කියමින් අපේ ගමේ උන්ද සිටියෝය. හැමදාම එහෙමය. හැබැයි මැතිවරණයේදී මහ එකා දිනුම්ය. ඇයි යකෝ විපක්ෂයේ හරි හමන් එකෙක් නැත්තං ඡන්දය නොදා ගෙදර හිටියත් මහ එකා පරාද විය යුතුය. ඒත් ඒකා දිනන්නේය. ඒ තරම් මැජික් එකක් ලොවෙත් නැතිය.

ඒත් ඒක මැජික් එකක් නොවන බව අද අපට හැගුනේය. අපේ ගම පුරා තොරණ් ගැසුණේය. පාරවල් වල තිබු සමහර තඩි වලවල් ගොඩ වූයේය. දෙපැත්තේ වල් වැදී තිබූ පාරවල් ඩෝසර් කොට පලල් වූයේය. මහ නස්පැත්තියක්ය. සතියකින් වැඩේ අහවරය. වෙනදාට හයියෙන් යන උන්ගේ වේගය අඩු කරන්නට තෙල් සංස්ථාව පැත්තේ දමා තිබූ ගැට්ට පවා කැඩුනේය. ඒ ගැට්ට කැඩුනේද මහ එකා එන නිසාය. සතියකින් මහා විපරියාසියක් වූයේ මහ එකා එන නිසාය. එක අතකට පොරව ගෙදර යවන එක වැරදිය. හැමදාම දිනවිය යුතුය. එසේ බලයේ තබාගෙන රටේ අහුමුලුවල පුංචි ගම් අස්සේ රිංගවිය යුතුය. එවිට සතියකින් වලවල් වැසෙන්නේය. ගැට්ට කැඩෙන්නේය. වල් පැල ඉගිල්ලෙන්නේය.

අල්ලපු ගමේ ජල පිරිපහදුවෙන් අපට මෙන්න මුලු කලාපයටම ජලය ලැබෙන්නට පටන් අරන් මාස ගණනාවක් වන්නේය. ඒ කියන්නේ කලින් ඕපන් වී තිබුණේය. අද ලොක්කා හදිසියේ පාරවල් සුද්ද කරමින් ආවේ නැවත ඕපන් කිරීමටය. වෙනදා මහ එකාට අම්මා මුත්තා නැතුව බනින උන් සුදු පිරුවට ඔතාගෙන කන්ද නැග්ගෝය. “අනේ මොනව වුනත් ටැප් එකෙන් එන වතුර ටිකට පාටක් තියෙනවද අයියෝ??“ කියමින් සැට් එක ලොක්කා පිළිගන්නට ගියෝය. වෙනදාට බඩේ ගින්දරේ දගලන උන් පාන්දර වැටුණු වැස්සට, ඉන්පසු ඇතිවුණ කූෂ්ඨක අව්වට ආලයෙන් වෙලෙමින් තනි රැක්කෝය. ලොක්කා සමග පෙමින් වෙලුනෝය. ආදරෙන් බලා සිටියෝය.

පෝය දවසේ භද්දිය හාමුදුරුවෝ සිරස නාලිකාවේ බණක් දෙසුවෝය. යම් පුද්ගලයෙකු දකින විට පුද්ගලයා ගේ ස්වරූපයෙන් බාහිර පෙනුමෙන් ඔහු පිලිබදව යම්තාක් දුරකට අදහසක් සිත තුල හට ගන්නේය. එය එම පුද්ගලයා සමග කතා බහ කරන්නට පෙර ඇති වන්නක්ය. ඒ අනුව සුදු ඇදගෙන එන අය පිළිබදව මිනිස් සිතේ යහපත් සිතුවිලි එන බව පැහැදිලිය. එසේම කෝට් එකට අපේ සමාජයේද එහෙම යහපත් සිතුවිලි එන්නේය. සක්විතිට අසීමිතව බිලි වූ පිරිස් කෝට් එක ගැන යහපත් හැගීමකින් උන් අයය. සුදු සරම, නැෂනල් කිට් එක, සාටකය අපේ උන්ගේ යහපත් හැගීම් පෙල ගස්වන්නේය. ඉතිං කොනක සිට හුරේ කියන්නේ ඒ පූර්ව ආකල්පය නිසාය. ගමේ උන්ටත් උනේ ඒ ටිකමය. පැත්ත පලාතක ආවේ නැති පළාත් සභා මන්තිරි තුමා ආයෙත් ගමට ආවොත් නෙලනවා කියපු උන් මීයාට පිම්බාක් මෙන් අම්බානක ලව් සික් එකේ සිටියෝය. වේදිකාව බදාගෙන උම්මා දෙන මට්ටමේ පට්ට කික් එකේ සිටියෝය. අනේ අප රජතුමාය. අප ආදරේ නොකළ හොත් ඔහුට ආදරේ කරන්නට වෙන උන් නැතිය. ඉතිං කස්ටිය පෙරමුණ ගත්තෝය.

ප්‍රාදේශීය සභා ඡන්දයට ගොස් පට්ට චාටර් වී උඩුකුරුඤ්ඤං වී සිටි බ්‍රියට්ටිස් අක්කාද අද කන්ද නැග්ගාය. බඩපොත්ත පිට කොන්දේ ඇලී තිබුණද සාරි පොඩිත්තක් දවටාගෙන ඇට මාලය ගැටගසාගෙන ඇය ශාන්තිය සොයා ඇදුණාය. එහෙත් ඇයට හම්බුණ ලොක්කෙක් නැතිය. උස මදි නිසාම කෙලවරක සිට ඇගිලිතුඩු වලින් එසවී ලොක්කාගේ සාටකය දක්වා උඩුකය බලාගෙන ඇය කන්ද බැස්සාය. ගමට පැමිණිය හැකි හැම මාර්ගයකම පාලම් තොරණ් වැදුනද ලොක්කා සුටුස් ගා ඉගිලී ගියේ භක්තියෙන් බලාසිටි එවුන්ට ලගට එන්නට බැරි පරිදිය. පාර දෙපැත්තේ වේලී වේලී සිටි පොලිස් බට්ටන්ට සහ හමුදා භටයන්ට කාරුණික වූයේ අහසේ වලාකුළු පමණක්ය. ඒවා හෝ නොතිබුණා නම් උන් අව්වේය. අපේ ගෙවල් ලග සිටි හමුදා භටයා ටී එකක් බොන්නට තරම් වාසනාවන්ත වුවත් එය බීවේද තිගැස්මෙන්ය. ඒ ඔහුගේ ලොක්කා දැක්කොත් සොරි නිසාය.

ලගදීම ලොක්කා පමණක් නොවේය. සොක්කෝද ගේමට එන්නෝය. ඒ සොක්කන්ට වඩා ලොක්කා හොද බව හිතෙන්නේ උන් දැක්කාමය. පොඩි කෙල්ලන් උස්සන උන්, කසිප්පු පෙරණ උන්, දණ ගස්වන උන්, රට හිනස්සන උන් එක පෙළේ එන්නෝය. මොකා ආවත් කරන්නට ඇත්තේ එක දෙයක්ය. විපක්ෂයේ හරි එකෙක් නැති නිසා යැයි කියමින්, ඡන්දය දී උන්ව ඇතුලට යවන එකය. ඊලගට උන්ට සාප කර කර ලුණු පොල් කට්ටේ උලාගෙන පාන් කන එකය.

38 comments:

  1. උඹ ඉතිං ඔය කොරන්න ඕන ටික කියල දීල තියෙන්නෙ. ඔන්න මේ පාර මාරපරාජයට වගකියන්න ඕන උඹ. අරී ....



    උඹට කියන්න බං ලොක්ක මෙහේ එනවට මමත් කැමතියි. අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවො අපවත්වෙලා උන්නැහැ ආවා ගහුරව කරල යන්න. තදියමට කට්ටිය වලවල්වලට ගල්දමල ද කොහෙද විතරයි. මෑන් දෙහි කපල ගියාලු. ඕන් අවුරුදුගානක් හැදිච්චි නැති පාර දැන් හැදිලා. අර ගෑල්ලමයිගෙ ඉස්කෝලෙකට ආවා. ඒ පැත්තෙම කාණු හිටන් ශුද්ධ උනා කියහන්කෝ. මගේ හිතේ කානු හැදුවට පස්සෙම එහෙම සුද්දයක් දෙන්න නැතුව ඇති. ලොක්ක මොකුත් නොකළත් කමක් නෑ, ලංකාව පුරා ඇවිද්ද නම් ඒකත් ඇති.

    ReplyDelete
    Replies
    1. අන්න හරි වීදි සංචාරය කොරන්නෝනි.. හැබැයි පුත්තු ගෙදර තියල ගියොත් හොදා.. එවුන් ටික වීදි සංචාර කලොත් කෙල්ලො හංගන්න වෙයි.. :)

      Delete
    2. ඔහේ ඔය කියන්නෙ සදාම් හුසේන් තව හොඳයි කියලනේ.

      Delete
  2. //එසේ බලයේ තබාගෙන රටේ අහුමුලුවල පුංචි ගම් අස්සේ රිංගවිය යුතුය.//

    අන්න කතාව. මෙහෙත් ඉස්කොලේ ගොඩනැගිල්ලක් විවෘත කරන්න ආවා. එච්චර කල් වාහන උඩ විසි වෙවී ගිය පාර, රෑත් එක්ක වැඩ කරල කාපට් කලා කිලෝමීටර් දෙකක් විතර.. අනේ වාසනාවන් :)

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ..

      උබ දන්නවද වලවල් කීයක් වැහුනද? ගන්න දෙයක් නැතුව තිබ්බ තෙල් එක ලග මුරපල ලග හරස් පාරක් හැදුනා..

      මම කියන්නේ ලොක්ක හැම තැනම වීදි සංචාර කොරන්නෝනි..

      Delete
  3. ආශ්චර්යය කියන්නේ බොරුවටද බොල

    ReplyDelete
  4. මේ යතාර්තය තේරුම් ගන්නෙ නැති තාක්කල් ඔය හැමෝටම ජීවිතය,විඳව,විඳව ඉන්නය් වෙන්නෙ.ජීවිතය.විඳින මිනිස්සු අතරෙ ඉඳල,ලන්කාවට ආවම අපිට ඒක හොඳට තේරෙනව.මේ වගේ රටවලට,උන හැදෙනව කියන්නෙ,ලන්කාව මරනාසන්නවෙනව, කියන එක කවුරුවත් තේරුම් අරගෙන නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. අෙප මිනිස්සු ඉතිං ෙවනස් ෙවන්න අකැමැති උන් ෙන් ෙබාල..

      Delete
  5. උඹේ වීරයත් සද්දයක් බද්දයක් නැතිව ලොක්කටම කඩේ යන කල. කාට පවසම් මේ අමාරුව...

    ආයිබෝ වේවා............
    මහ රජානනී..................!!!!
    එකොලහයි...

    ReplyDelete
    Replies
    1. අනෙ මන්දා බං.. :(

      එකොලහයි කිව්වෙ මොනාද මචං ??

      Delete
  6. ලංකාවෙ කොහෙද සැමා බඩගිනි කාරයො.
    දි .මු.ලොක්ක කියල තිබුනෙ.
    පොඩි දරුවො/තරුණියො විනාඩි 90ට එකා බැගින් දුෂණය වෙන්නෙ කොහොමද.
    මෝල් කෙලින් කරගත්ත උන් කරන වැඩවලින් තේරුම් යනවනෙ සංවර්ධනේ තරම.
    අර පෑලියගොඩ මාළු මාකට් එකේ ලක්ෂ 57ක් වියදම් කරල තීන්ත ගාල මාසයක් නැහැ,අද වෙද්දී පොතු ගැලවෙනව.

    ReplyDelete
    Replies
    1. ඇස්.බී මාමා කිව්වෙත් ඔහොම කතාවක්..

      ගමේ පාසල් වැහෙන එකෙන් කියවෙන්නෙ ලමයින්ගේ අධ්‍යාපන මට්ටමේ දියුණුවලු. ඒ කියන්නෙ මෙහෙ ඒවායින් ඉවත් වෙලා ලමයි කොළඹ පාසල් වලට යනවලු..

      මාරයි නේ? උබ කිව්ව වගේ අපෙ උන් බඩට නැතත් අතට, අහවල් එකට වැඩ කරගන්න සූරයෝ බං.

      Delete
  7. මොකද සෑම් මල්ලියේ බොහෝම හිතේ අමාරුවෙන් වගේ ලියලා තියෙන්නේ..? :D

    ReplyDelete
    Replies
    1. වාවන්නෙ නැහැ මාරයියා !

      Delete
  8. ඔයාට කියන්න සැම් මහත්තයෝ ....අස්චාර්ය

    ReplyDelete
    Replies
    1. දරා ගන්න බැරි තරම් අස්චාර්යක් ?

      Delete
  9. //මොකා ආවත් කරන්නට ඇත්තේ එක දෙයක්ය. විපක්ෂයේ හරි එකෙක් නැති නිසා යැයි කියමින්, ඡන්දය දී උන්ව ඇතුලට යවන එකය. ඊලගට උන්ට සාප කර කර ලුණු පොල් කට්ටේ උලාගෙන පාන් කන එකය.//

    පාන් කන්නත් බැරිවෙයි නේද බං. මේ යන විදිහට.

    ReplyDelete
    Replies
    1. පුලුවන් වෙයි මචං.. ! බහුතරයක් ජනතාව රට සක්තිමත් කරන දෑතට ආදරෙයි නේ !

      Delete
    2. අම්මෝ බන් එක දැන් මිඉටර් උනේ ,,,, පාන් කන්නේ කොහොමද බන් පාන් ගෙඩියක් රු 60 ක් නේ බන් .

      Delete
  10. oyath makolada. biratirs anty wat dannaeada. ehenam api set welath athi

    ReplyDelete
    Replies
    1. sarath keerthi ratnaya tamai land eka pawara gatte. uta invite kale nehe kiyala anty la duken hitiye

      Delete
    2. මම මාකොළ නොව බියගම පාරේ !

      සරා බියගම නේ? ඔහුව දනිම් !

      Delete
  11. ඩිඩිටි ය කියල තිබුන මට හිතෙන දේම

    ReplyDelete
  12. මචෝ උඹ කොහෙද ඉන්නෙ..අපේ ගෙවල් ලඟ වගෙ.
    මම මාබිම

    ReplyDelete
    Replies
    1. හුටස්.. ඔතන ඉදන් හෝල්ට් 5ක් විතර වරෙන් කොළඹ පැත්තට :)

      Delete
  13. ඕකට අපි කෑකොස්සන් ගැහුවට වැඩක් නෑ මලයා. රාජ යෝගේ තියන කොට ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. අන්න නියම කතාව දැන් තමා එලියට ආවෙ.

      Delete
    2. හික්..හික්..රාජ යෝගේ තමා ...

      Delete
  14. මේ වගේ සවුත්තු පාරවල් තියන අහුමුලු වල ලිස්ට් එකක් හදලා පිළිවෙලින් ගියා නම් පාරවල් හැදෙන එක සිකුරුයි..

    ReplyDelete
  15. ලොක්කා අපෑ ගමට ආව එක ගැන මමත් කාලෙකට කළිං ලිව්වා නෙව.ඇත්තට ලොක්කා එනකොට පට්ටයි ඈ...මේ පොඩ්ඩකට කළිං බැණ බැණ හිටපු උං නැට්ට වන වන යන්නේ ලොක්කා බලලා එන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඇයි බලන්න විතරක් , පොඩි එකාව ලොක්ක අතට දීල දයාදේ ලබාගන්න උනුත් ඉන්නවා බොලේ ...

      Delete
  16. අපි කට්ටිය වත් එකතුවෙලා විපක්සයක් ගොඩනගාගෙන ඡන්දෙ ඉල්ලමු බං..! ඔය යන විදියට විපක්ෂයක් අලුතින් පිහිටවන එක කජ්ජක් නොවේ..!!

    ReplyDelete
  17. මේක තමයි ආස්චර්ය ආයුබොවන්ඩ...... සිරිලංකාව නේ

    ReplyDelete
  18. අපේ පාර හදන්න ගියේ දවස් දෙකයි.ලොක්කා ආවෙ ගමේ පන්සලේ චෛත්‍යෙයේ කොත නිරාවරණය කරන්න. එන්න සතියකට කලින් ගමේ ගස්ගල් යට හැම තැනම ආමි එකෙන් ගාඩ් එක. 100 ක් හමාරක් හෙම නෙවෙයි,3000ක්....
    උත්සවයේ ඉස්සරහම පේලියේ යූ එන් පී යෙන් චන්දෙ ඉල්ලපු එවුනුත් හිටියා.(දැක්කෙ නිවුස් වලදි) දැන් උන් සද්දයක් නෑ.
    ලොක්ක එන්න කලින් දවසෙ “මට ඕකව පේන්න බෑ“ කියලා බුකියෙ චැට් කරපු එකා, දවස් දෙකකට පස්සෙ ලොක්කගේ පොටෝ ශෙයා කරනවා.

    මේක ඇවිල්ලා ඩීල් දේශපාලනයේම එක් පැතිකඩක්... දුරින් ඉඳලා මරංකන්න හැදුවත්, ළඟට ඒ “ජනාධිපති“ ගමට ආවෙ “මරා“ නෙවෙයි ජනාධිපති.

    ReplyDelete
  19. ඊළග දවසේ උඹවත් සුදු වැන් එකක ගෙන යයි ,

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...