Monday, June 10, 2013

මැනේජර් සහ මිස්ඩ් කෝල් එක... - Manager Struggled With Missed Call !!!




පිස්සුද මචං අද බොන්න බැහැ.

විකාර කියන්න එපා බං මම ගම්පහට එනවා. උබ දිලා එක්ක සෙට් වෙලා වරෙන්. ප්‍රභාත් එනව කිව්වා.

හරි හරි ඉස්සෙල්ලම වරෙල්ලකො. ඇවිත් කතා කරමු.

***

මුන්ට පිස්සු බං දිලා.... මේ වෙලාවෙ මොන බොනවද?

ඔව් සෑමා.. දමියා අවුලෙන් බං ඉන්නෙ අර සීන් එකට. ඒකයි ඔය බොන්න සෙට් වෙන්න හදන්නෙ.

බලමු බං. ප්‍රභාත් එනව කිව්වෙ. ඌට අවුලක් නැහැ ඌට ගෙදරට ලගයි නේ. අපි යද්දි පොලිසියෙන් ඇල්ලුවොත්.

හරි හරි බං. අපි බලමු කස්ටිය එකතු වුනාම කතා කරගමු.

හුටස්.. මේ මගුලෙ බැට්රි ලෝ.. හිටපං අනිත් පෝං කෑල්ලට සිම් එක දාගන්න. මැනාගෙ පෝං නම්බර් එකත් ගහ ගන්නෝනි. පොරට කෝල් එකක් දෙන්නත් තියෙනව බං.

හරි හරි බං මාරු කර ගනින්. බොන්න ගියාම ඕව මතක් වෙන්නෙ නැහැනෙ.

මැනාගෙ නම්බරේ නිකං ගහ ගත්ත බං.

***

මොකද කියන්නෙ අපි අද සෙට් වෙනවද?

අනෙ මන්ද බං ගෙදර යන්නෝනි..

හරි බං සෙට් වුනාට පස්සෙ ගෙවල් වලට තමා යවන්නෙ. තොපිව අපේ ගෙදර අරන් යන්නෙ නැහැ.

අනෙ මන්ද බං බෑ කියන්නත් බැහැනෙ...

***

මචං දැන් ඇති නේද? තව බෝතලයක් කඩනවද?

හතරකට එක බෝතලයක් සෑහේ මචං.. අනිත් දවසෙ ඉතුරු එක ගහමු..

එහෙනම් වේටර්ට කියපං ඒ බෝතලේ අරන් තියන්න කියල..

බිල ගේන්නත් කියපං..

සෑමා මගෙ කාඩ් එක තියෙන්නෙ ඒකෙන් ගෙවන්න පුලුවන් නේද?

බැරුව ඇති දිලා.. තෝ ඕක දාගනින් ඇතුලට.

පල යන්න, මෙතන කාඩ් පුලුවන් අර ගහලත් තියෙන්නෙ..

බැහැ බං.. ඊයා.. බලපං කාඩ් එකේ කැත ඕකෙන් ගෙවන්න බැහැ..

ඇත්තටම බැරිද බං..

පැත්තකට වෙලා හිටපං දිලා.. අපි ගෙවන්නෙ..

ඒක තමා දමියා..

***

හරි නේ මචං.. දැන් කස්ටිය ගොඩ වෙන්ඩෝ...

පොඩ්ඩක් හිටපං දමියා.. මට කෝල් එකක් එනවා..

සෑමා බලපං කවුද කියලා.. කාපු බීපු වෙලාවට වද දෙන හු***

පොඩ්ඩක් හිටපං දමියා.. මේක දන්නෙ නැති නම්බර් එකක්..

සෑමා - හෙලෝ...

එහා පැත්තෙන් - හෙලෝ කවුද මේ..

සෑමා - මොන හු** මට කතා කරල මම කවුද කියල අහන්න.. තමුසෙ කවුද??

එහා පැත්තෙන් - දන්නෙ නැහැ මට මිස් කෝල් එකක් තිබ්බ ඒකයි ගත්තෙ..

සෑමා -  මොන ප^ ^ ක්ද මම මොකටද තමුසෙට මිස් කෝල් ගහන්නෙ...

එහා පැත්තෙන් - හරි හරි.. මම හෙට කෝල් එකක් ගන්නම්..

සෑමා -  හෙට නෙවෙ හලෝ අදම මේ කතාව ඉවරයක් කරමු..

එහා පැත්තෙන් - බීප්.. බීප්..

කවුද බං සෑමා ඒ???

අනෙ මන්ද බං. මම ඌට මිස් කෝල් ගැහුව කියන්නෙ..

හිටපං මගෙ මොබිටෙල් එකෙන් ගහල බලන්න..

දමියා පොඩ්ඩක් හිටපං..

මෙන ඉන්නවද බං.. මම ගත්ත..

කට් කරපං යකෝ...

ඇයි බං..

මට දැන් බං මතක් වුනේ.. ඒ අපේ මැනා..

අප්පට.. හු**වා.. තෝ මාර බඩුවක් නෙ.

මොනව කරන්නද බං. දිලා එක්ක එද්දි නම්බරේ නිකං ගහ ගත්ත.. මිස් කෝල් එකක් ගිහින් වගේ..

දැන් ඉතිං නටපං..

***

පසුවදා උදේ...

ගුඩ් මෝර්නින් මිස්ටර් ***

අහ් සෑම්.. මට ඊයෙ රෑ කෝල් කළාද??

මාර සීන් එකනෙ වුනේ.. මම නම්බර් එක ඩයල් කලා බැට්රි ලෝ වුණ නිසා අනිත් පෝං එකෙන්. ඔයා දෙවෙනි පාර ගන්නකොට මට අමතක වුනා ඔයා කියල. ඒකයි සද්ද දැම්මෙ.

හරි.. එතකොට මොබිටෙල් එකකිනුත් ගත්තද?

ම්ම්... මගෙ මොබිටෙල් එකක් නැහැනෙ..

හරි මම බලන්නම් කවුද කියල..

Written by sAm_11:16pm_10/06/13

57 comments:

  1. හොඳට ලකුණු දාගෙන තියෙනවා.... සැමා ට ලබන අවුරුද්දෙ හොඳ Increment එකක් හම්බ වෙයි.....

    ReplyDelete
  2. හු_ සැමාට කතා කරලා කවුද කියල අහනවලු.

    ReplyDelete
  3. මොනා උනත් මැනා ගාවදි පූස නේ? :P

    ReplyDelete
  4. කාපු බීපු වෙලාවට - පුංචි විහිළුවක් කෙරුවට ....

    ReplyDelete
    Replies
    1. අනික හිතල කරපු එකක් නෙවෙ නෙ බං ;)

      Delete
  5. අඩේ මොකට බය වෙනවද? ඇරලා දාන්න තිබ්බේ තව ටිකක්

    ReplyDelete
    Replies
    1. දැනගෙන කලා නම් දෙන්න තිබ්බා ටිකක් වැඩියෙන :))

      Delete
  6. shak aparade manager hoda wedi wage.. sam aiyata punish karanna thibbe :P

    ReplyDelete
    Replies
    1. ෂික්.. මරු නංගිලා ඇහ්..

      Delete
  7. උබට තව දෙක තුනක් කියලා බනින්න තිබුනේ, එහෙනම් මැනා උබට තව සලකනවා ..

    ReplyDelete
    Replies
    1. කලින් ප්ලෑන් කරල කළා නම් දෙන්න තිබ්බ :පී

      Delete
  8. අද ගියාම මොකද වෙන්නේ සැමාට දෙවි පිහිටිය..

    ReplyDelete
    Replies
    1. මේක කලින් සීන් එකක් බං. දැන් මතකවත් නැතුව ඇති ;)

      Delete
  9. කමක් නෑ බිවුවහම ඔහොම තමා.... බට් මැනාට බැනපු එක හොද නෑ....

    ReplyDelete
  10. මදි මදි බැනල තියෙනව හොඳටම මදි.

    ReplyDelete
    Replies
    1. යකෝ හිතල බැන්න වගෙ නෙ මුං කතා කරන්නෙ

      Delete
  11. මේ වගේ බීපු වෙලාවට කරන දේවල්වලට දඬුවම් නොදෙන මැනේජරයාට මගේ බලවත් විරෝධය!!

    ReplyDelete
    Replies
    1. යකෝ මූන්ව නේද බොස් ලා කරන්න තිබ්බේ >.<

      Delete
  12. ෂැහ් ඔහොමද යකෝ බනින්නෙ, මැනා කියල මතක් උනා නම් තව කෝල් එකක් අරන් හරි බනින්න යුතුකමක් තිබුනා උඹට. කාපු බීපු වෙලාවනේ, ආයෙ ඔහොම චෑන්ස් නෑ කොල්ලො. පුළුවන් නම් ඊළඟ දවසෙ මැනාවත් ෂෙට් කරගනින්. එතකොට ෆෝන් ඕන නෑ බං, ‘මචං සර්, උඹ කැ-යා එදා මට මෙහෙම කිව්වා‘ කියල සාමීචි කතා පවත්වන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ලගදි කස්ටිය සැට් වෙන්ට ඉන්නෙ.. මේ කතාව ඇදෙයිද මන්දා..

      Delete
  13. අපේ ගම්පහ කවුද ඩෝ අපි නැති අතරෙ සද්ද දාන්නෙ ආ...නිකං මේ අනං මනං ටෝක් තියාගන්න එපා අරිද ?
    උඹලා කොහෙද එය සෙට් වෙන තැන...ඔය හැම තැනකම සෙට් වෙලා ක්‍රීම් සෝඩා බිව්ව කොල්ලෙක් ඩෝ මමත්...

    ReplyDelete
    Replies
    1. සෙට් වෙලා ක්‍රීම් සෝඩා බිව්වා නං එහෙම නැති වෙලාවට මොනව ද බිව්වේ?

      Delete
    2. ඇල් වතුරත් නිවලා, නංගි.

      Delete
    3. අඩෝ සිරා... ගුවන් පාලමෙන් ඇවිත් උබලගෙ ගෙවල් පැත්තට හැරෙන තැන වම් අත පැත්තෙ පොට් එක :)

      නම උඹ කියයි දැන් :))

      Delete
    4. @ධාරා

      මම බොහොම නිවුනා ලගදි ඉදන්...දැන් සියලු සත්වයන්ට මෛත්‍රී කරන ගමන් ඇලුවතුරත් නිවා දෙපාරක් පෙරලා බොන්නෙ...

      සෑමා ඔය කියන්නෙ තීන්ත කඩේ ලග තියෙන එක...ඕකෙ යක්කල ශාඛාවෙ ඩිසයින් වැඩ මම කලේ පෑලියගොඩ ඉන්න කාලෙ...රත්වුනු තාච්චිය තමයි ඒකෙ තේරුම...මම මෙහෙ එන්න දවසකට කලිනුත් එතනට ගියා...

      Delete
  14. හී හී :D ඉතින් ඊට පස්සේ . . .

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ කවදහරි දිනෙක සෑමාව දොට්ට දැම්මලු :))

      Delete
  15. Office land phone ekata call ekak awa.
    mama - "Hello katada kata karana ona?"
    Caller - "oya kaduda kata karana?"
    Mama - ubata mokada hut$^&$#$^&... karu kata karat..huk%&#$*&%#@ kiyanwada oya kauda kiyala?
    Caller - Mama company eky "Boss" kata karana
    mama - oya danawada katakarana mama kauda kiyala?
    Boss- "naha.. oya kauda kata karana?
    mama - "Ammo..hoda welawata oya mawa dana nata.
    Phone eka tiyala mama maru una.
    Jayawewa.

    ReplyDelete
  16. අපරාදේ බං.. බනින එකේ තව ටිකක් බනින්න තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. තොපි මාව ගෙදර යවන්නම හදන්නෙ !!

      Delete
  17. හොඳ වෙලාවට manager ට තරහ ගියෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අපෙ හැටි දන්නව නොව කෑවම බීවමට...

      Delete
  18. ඉතින් ඇයි එහෙම බිව්වම ඔයගොල්ලෝ වැදගත් විදියට කතා කරන්නේ.. ඒවල කුණුහබ්බ දියකරලා දාලා තියෙනවද...?

    ReplyDelete
  19. අප්පොච්චි තාත්තේ... 18+ කොරපිය මේක

    ReplyDelete
    Replies
    1. ඇයි බොල ඒ.. කැත කතාවක් නෙවෙ නෙ..

      Delete
    2. බලපන් සෑමො මේ නගාගෙ මූණෙන් තෙල් බේරෙනවා....මේ කුණුහරුප කියවලා...

      Delete
    3. සිරා අය්යා ගුටි කනෝ ඇ,
      සැමා අය්යණ්ඩි, ඇයි ඉතින් කැත වචන තීනෝ නේ.. :D :P

      Delete
  20. මේ ලගදි කොල්ලෙක් කතා කරලා මගෙන් අහනවා එයා කසාද බඳිනවා මාත් බඳිනවද කියලා. උගේ ආච්චි අම්මට. ඇයි යකෝ ඌ මං %^$# කාරයෙක් කියලා හිතන් කතා කලාද

    ReplyDelete
    Replies
    1. හුකෑස්.. මොකැද බං ඒ ??? :ඩී

      Delete
  21. ඒයි උයා..කාලක් බීලද කතාකලේ..මදි තව ටිකක් බීල කතාකරන්න තිබ්බෙ...! හැමදාම උඹ බැනුං අහන ඒවට පොලියටත් එක්ක.

    ReplyDelete
  22. උබ ඔය බිලා මහ රෑ මට ඔක උනෙ නොබි මහ දවලෙ එ මදිවට office time එකෙ

    ReplyDelete
  23. මගේ යාලුවෙකුගේ අම්මටත් වුනේ ඕකම තමයි බං.

    ReplyDelete
  24. බිව්වම භාෂා විපර්යාසයක් වෙනවා නේ.
    සිංහල 2 * :D

    ReplyDelete
  25. ඔයින් ගියා මදැයි....

    ReplyDelete
  26. ඩෝප් පිට සරුංගලයක් ගැන මනෝ පාර ගහං ඉන්නකොට ෆෝන් එක රිං වුනා, මල පනින්නැද්ද බං ඉතිං ?

    ReplyDelete
  27. අනේ සෑම් අයියේ..උඹට දැන් සේවා සහතික කීයක් විතර තියනවද??

    ReplyDelete
  28. අපේ අම්මට කතා කරන්න ඕන උනාම මාත් හිටපු ගමන් ජොක් එකට මිස් කෝල් 2 තුනක් ගහලා .කට හඩ වෙනස් කරලා කතා කරනවා, හප්පා හොදට බැනුම් අහගන්නවා

    ReplyDelete
  29. කලාතුරකින් එන චෑන්ස් එකක්නේ බොල තොට ලැබිලා තියෙන්නේ. ඔහොම හිතලා බනින්න ගියානම් කී පාරක් දිව පටලෙයිද දැන් අහුවෙයි දැන් අහුවෙයි කියලා.

    ReplyDelete
  30. "හරි මම බලන්නම් කවුද කියල.." :D

    Kalekata passe me paththe awe saamo...wede hondata yanawa..
    Jayawewa....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...